Katha Ahura

සසල අවතාර | 14 කොටස | හොල්මන් කතා |

4.1/5 - (18 votes)

සසල අවතාර 14

කුමකින් කුමක් සිදුවේදැයි නිශ්චය නැත.. නෙතුම්ගෙත්, ශෙනුකගෙත් මරණයන් සිදුවූයේ මගේ දෑස් ඉදිරියේම ය.. මම භීතියෙන් ම මියැදී වැළලෙන්නට පෙර හනික නැගිට සඳ එළියවත් ගස් අතු පතරින් වැටෙන තැනක් සොයා ඇවිදගෙන ගියෙමි.. කුමක් කරම්දැයි නිනව් නැත.. මේ යන විදියට මා සොයාගත යුත්තේ අභිෂේක් සහ සාහිල්ව ය..

ඔවුන් දෙදෙනා ජීවත් ව සිටින්නේදැයි කියාවත් මගේ සිතේ කිසිඳු විශ්වාසයක් නම් නැත.. වැඩි හඬක් නොනගා මම ඔවුන් දෙදෙනාගේ නම් කියමින් හඬ නගද්දී මා දුටුවේ ගසක් පාමුල වැටී සිටින අභිෂේක්ව ය..

“අභී.. අභී…”

“ආරෝ… අ..අනේ කෙල්ලෙ.. මගෙ ටාෂි..”

“අභී.. මේ අහන්න.. නෙතුම් මැරුණා..”

“ම..ම.. දැක්කා.. ක්..කොල්ලා ලේ පෙරාගෙන ගහක් මුල වැටිලා ඉන්නවා..”

“ඔයාට සාහිල්ව හම්බුණාද..?”

“නෑ ආරෝ.. මොනවද මේ වෙන්නෙ…?”

“අහන්න.. බංහලාවෙ හොල්මන් තියන එක ඇත්ත.. උඹයි මමයි මේ රෑ මැරෙයිද කියන්න මං දන්නෑ.. ඒත් උඹ මැරෙන්න කලින් මම දෙයක් කියන්න ඕන..”

“අපි නොදන්න මොනාහරි දෙයක් උඹ දන්නවා කියලා මට හිතුණා.. හැමදාම ප්‍රශ්නයක් වෙද්දි උඹලා දෙන්නා මාවයි රිෂියවයි ආයෙ යාළු කරන්න හැදුවා..”

“මේ කිසිදෙයක් ටාෂිගෙවත් රිෂිත්ගෙවත් වැරදි නෙමෙයි.. මං හිතන්නෙ ඒ දෙන්නගෙ ඇඟේ අපි නොදන්න ලොකු කතාවක් හිර කරගෙන මැරිලා ගිය ආත්ම දෙකක් ඉන්නවා..”

“මොකක්…?”

“ඔව් අභී.. හොල්මන් කියලා දෙයක් නෑ කියන්න හදන්නෙපා.. අඳුරු ආත්ම තියෙන්න පුළුවන් මං හිතන්නෙ.. මම හිතන්නෙ මේ ආත්ම උන් දෙන්නගෙ ඇඟට වැහෙන්නෙ අපි අතරින් දුර්වල උන් දෙන්නා නිසා.. ටාෂි ගොඩක් බයයිනෙ.. අනික රිෂිත්.. උඹ දන්නවනෙ ඕකා ආගමක් දහමක්වත් අදහන එකෙක් නෙමේ කියලා.. ඒත් මා හරියට දන්නෑ.. මම ගූගල් එකෙන් සර්ච් කරලා බැලුවා ඇයි එහෙම වෙන්න පුළුවන් කියලා.. එතකොට තමයි මම දැනගත්තෙ.. පන්සිල් පදයක් රකින්නැති, ආගමක් දහමක් ගැන විශ්වාසයක් නැති.. ජීවත් වෙන්නන් වාලෙ ජීවත් වෙන කාලකණ්ණි දුර්වල ආත්ම තියෙන මිනිස්සු ඉක්මණින් අද්භූත බලවේගෙකට නතු වෙන්න තියන ඉඩ වැඩියි.. අදෘෂ්‍යමාන බලවේගෙකට කරන්න පුළුවන් දේවල් ගැන අපි දන්නෙ නෑ.. උඹේ ජීවිතේ ගැනවත් මගේ ජීවිතේ ගැනවත් අපිට විශ්වාසයක් තියන්න බෑ අභී…”

“ම..ර.. න.. වා…”

“උ..ඹ..ලා.. එ..කි..න්.. එ..කා..”

එක්වරම අප වටා මහත් අඳෝනාවක් සමග ඝර්ජනාත්මක ගිගුරුමක් හඬ දෙන්නට විය.. අප පසුපසින් කොළ පොඩි වන හඬක් ඇසුණි.. කිසිවෙක් නොපෙණුනත් ඒ අඩි ශබ්දය ලඟ ලඟ ම ඇසුණි.. එය මදින් මද අපට ලං විණ.. අපි දෙදෙනා භීතියෙන් ම පස්සෙන් පස්සට ගොස් එක්වර ම වේගයෙන් දුවන්නට විය..

“ආරෝ.. දුවන්න.. දුවන්න..”

“අහ්.. අනේ.. හ්..”

මම පසුපසවත් නොබලා දුව එද්දී අප පසුපසින් පැමිණියේ ආලෝකමත් යම් බලවේගයකි.. එය අප පසුපස එළවාගෙන විත් හදිසියේ නතර වූ බව මට දැබුණේ වේගවත් සුළං පහර සහ මළ අඳෝනාව නතර වූ හෙයිනි…

“ආරෝ… ආරෝ..”

කෑ ගැසුවේ අභිෂේක් ය.. මම ඉක්මණින් පසුපස බැලීමි.. අභිෂේක්ගේ කකුලින් අල්ලාගෙන කිසිවෙක් වේගයෙන් පස්සට වූ හෙළ දෙසට ඇදගෙන යන බව මම දුටිමි..

“අභිෂේක්…”

ඔහු කෑ ගසන හඬ එක්වර ම නතර විය…. මම වේගයෙන් ඒ දෙසට දුව යද්දී මා දුටුවේ ඔහුව ඇදගෙන ගොස් ඇත්තේ විසකටු පඳුරු වැනි පොළව පුරා පැතිරුණ ඝනකම් කටි පඳුරු ගොල්ලක් මතින් බවයි.. මුණින් තලා හෙළ පල්ලට ඇද වැටුණු අභිෂේක් සිටි අසළට මට ලං විය නොහැක.. ඔහුගේ පපු පැත්තෙන් අවට ලේ ගලාගෙන යයි..

හඳ එළියෙන් මනාව දිස් වුණේ ඒ මුහුණ විරූපී වී විකෘති වී තිබෙනයුරු ය… බලන්නටත් භයානක ලෙස අභිෂේක්ගේ මුහුණ වෘකයන්ට හසු වූ මළ සිරුරක් සේ ලෙයින් නැහැවී ඇඳුම් ඉරී ගොස්, හම් කැබලි තැනින් තැන විසිරී ගොස් ය… මම හතිලමින් නැවත ආපස්සට දුවගෙන පැමිණියෙමි.. කොහේ යා යුතුදැයි සිහියක් නොමැත..

කෙසේ හෝ සාහිල් සොයාගත යුතු ය.. දෙවියනේ.. ඔහු ජීවතුන් අතර සිටිනවාදවත් මම නොදනිමි.. හැතැප්ම ගණනක් හතිලමින් ඇවිද මම දණහිසේ අත් දෙක ගසාගෙන මදක් හුස්ම පහත හෙළුවේ වේගයෙන් ගැහෙන හදවත මදක් යථා තත්වයට පත් කර ගැනීමට ය.. මම තවදුරටත් වනයේ කොහේ අතරමං වීද සොයාගත නොහැක..

“ආරෝ…”

“සාහිල්…”

මම එක්වර ම ප්‍රාණවත් වී ඉදිරිය බැලුවෙමි.. මම දකින්නේ ස්වප්නයක්ද…? සාහිල් මා ඉදිරියේ සිටගෙන සිටියි.. මම වේගයෙන් ඔහු වෙත ගොස් ඔහු බදාගද්දී ඒ සිතට සැනසුමක් දැනුණ බව මට දැනුණේ මදක් ඒ හදවත නිසසල වූ බැවිනි..

“ආරෝ… අපි මේ ඉන්නෙ එදා අර මිනිවල කපපු හරියෙ.. මේ තියෙන්නෙ ගස් පේළිය.. මම කොහෙන් මෙතනට ආවද දන්නෑ.. කවුරුහරි මං පස්සෙන් පන්නගෙන ආවා.. බයවෙලා ම මැරෙයි කියලා හිතුවෙ..”

“අ..අපි දෙන්නා.. වි..විතරයි ඉන්නෙ..”

“ඒ කිව්වෙ..? මට අභියවත් හම්බුණා.. ඒත් මගදි මග ඇරුණා දුවනකොට..”

“නෑ සාහිල්.. හ්..හැ.. මෝ.. ම.. හැ..මෝ…ම.. මැරුණා…”

“ආරෝ.. ම්..මොනා..ද.. ඔ..ඔයා.. මේ..?”

ඔහුට අසන්නට හැකි වූයේ එපමණකි.. අප දෙදෙනාගේ උරපතු මත ලේ බිඳු දෙක තුනක් වැටෙද්දී අප දෙදෙනා ඒ වේගයෙන් ම ඉහළ බැලුවෙමු..

“දෙයියනේ………”

බිහිසුණු අඳෝනා හෙටින් නිමවේවි…
——————————————–
අනේ මන්දා මොනා කියන්නද කියලා.. අඳුරු ආත්ම.. ඔයාලගෙ කාමරෙත් ඉන්න පුළුවන්.. නේද….

අනේ වචන දහයක් හරි කියලා යන්න කතාව ගැන.. හෙටින් කතාව ඉවරයි…

ආදරෙයි හැමෝටම..

✍️නොතෙල්ලා කෙල්ල

සියල්ල කතෘ සතුය…
උපුටා ගන්නා ලදී.

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.