Katha Ahura

හොල්මන් බංගලාව-අටවෙනි කොටස ☠️ | හොල්මන් කතා

3.9/5 - (15 votes)

8වෙනි කොටස

ඔව් ඒ වෙන කවුරුත් නෙවේ ඒ 4ටෝ වල හිටියේ. මන් කලින් දැකපු හොල්මන…. ඔව් ඒයා තමා. කලින් දැකපු අවතාරෙ ඒත්  ඇයි ඒ. එයා මාත් එක්ක ඉන්නේ , මේ 4ටෝ කවදද  මන් ගත්තේ ,  ඔය වගේ දාහක් ප්‍රශ්න මගේ ඔලුවට එක දිගට ගලා ගෙන එද්දි … මන් දැකපු ඒ හීනේ ගැන මට බොද වී පෙනුනු සියලු සිතුවම්  ක්‍රමක්‍රමයෙන් මතකයට ලගා  වුනා . එවිට මාගේ ඔලුව දැඩි ලෙස වේදනාවක් ගෙන දුන් අතර අවට ඇති සියල්ලම අදුරු වෙමින් මා බිම ඇද වැටුනී.අවසාන වශයෙන් ශාලූ අයියා සූදූ සුදූ ලෙස ඇමතූ බව පමණක් මට ඇසුනේ සිහිනෙන් මෙනී.

——————————————————- අනේ සුදූ ඔයාට මොකද උනේ.? මොකද්ද ඇත්තටම මෙතන වෙන්නේ ? ඔයා අපිට මොනවද හංගන්නේ.අනේ ඇස් අරින්නකෝ.. දාහක් ප්‍රශ්න හිතේ තියාගෙන මා සුදූව ඔසවා ඇගේ කාමරය වෙත රැගෙන ගියේ මොනව නමුත් ලොකු රහසක් හෝටලය තුළ  සැගවී තියෙන බව දැනගෙනමය. එයට ලොකුම හේතුව වූනේ මා පෙරදින රාත්‍රියේ එළිමහනේ ඇවිදින්නට පැමිනි විට මා හට යමෙක් ඇවිදින හඩ…, සින්දු මුමුනන හඩ ……, පමනක් නොවෙයි ඔහුගේ රෑපය පවා ඒ මොහොතේ මා දුටු අතර ඔහුගේ ඉරියව් වලින් ඔහු යමක් කීමට උත්සාහ කරන අයුරු ගම්‍ය්මාන විය. ඔහු මනුෂ්යෙක් වීමට කිසිසේත්ම නොහැක .මන්ද ඔහුගේ කඩවසම් රෑපය එකවර වීරෑපී රූපයකට පෙරලෙන අතර බිය ගන්වන්නට හැකි ලෙස ක්ෂනික වෙනස් වෙයි.මාගේ සිතුවිලි ජාලාව එකවර නතර වූයේ සදූගේ පැනයෙනී .

“අයියේ මොකද්ද තරූට උනේ අනේ අයියේ මොකද්ද උනේ කියන්නකකෝ”

“නංගී සුදූව බලාගන්නකෝ. මන් පල්ලේහාට යනවා. ”

4ටෝ සියල්ලම මා ගත් අතර එවා දෙස බලා නැවත මා එය මාගේ ඇදුම් බෑගයට දාමා වැසුවේ එය නැවත ප්‍රයෝජනවත් වේ යන සිතුවිල්ලෙනී.

——————————————————- මා අවදි වන විට මාගේ අසල  මගේ මිතුරිය සිටි අතර ඇය මා දෙස බලා බොහෝ සෙනේහයෙන් මා බදා ගත්තේ ඇගේ බිය මුසු පෙනුම අවසන් වී සිනාවකින් මුව සරසා ගනිමිනි. කරදරයක් උනාම අපි වෙනුවෙන් දුක් වෙන යාලුවෝ ලබන්නත් අපි ගොඩාක් පින් කරන්න ඕනී. මොකද මට ඒක සදූගේ වදන් වලින් හැසිරීමෙන් වගේම සහොදරියක් වගේ හැමවෙලේම ලගින් ඉදන් උදව් කරද්දි හොදටම දැනුනා.

“මොක්ද්ද උනේ  තරූ ”

“මොකුත් නෑ සදූ .. කෝ නදීලායි අනිත් අයයී ”

“එයාලා පල්ලෙහා ඇතී”

“,ම්ම් ” මා ඉක්මනින්. නැගී සිට පහත මාලයට ගිය අතර හැමෝගේම අවදානය මා වෙත ගෙන ආවේ ක්ශනිකවය… ඔව් ඉතින් එහෙම නොවුනොත්නි පුදුමේ ඇයි ඉතින් උනු ප්‍රශ්නත් එක්ක. හැමෝටම දැනෙන කුතුහලය නැති කරන්න පුලුවන් වෙන්නෙත් මටම විතරයිනී.

“මොකෝ උනේ සුදූ ඔයාට දැන් අවුලක් නෑ නේද? ඩොක්ටර් කෙනෙක් ඉන්නවලූ මේ ළග පාත අමාරු නම් යන් ”

“නෑ රදීක අයියේ අවුලක් නෑ දැන් හොදයී”

මා ඉක්මනින්ම කොස් ගස අසලට ගියේ 4ටෝ ගැන මතක් ඌ නිසායි. නමුත් එතන කිසිවක් නොවූ අතර මා නැවත ආපසූ හෑරී ශාලු අයියා සොයා ගියේ ඔහු ගත්තාද කියා ඈසීමටයි. මොකද  ඒක ගැන දන්නේ ශාලු අයියායි මායි විතරයීනී.

“ශාලූ අයියේ ඔයා අර 4ටෝ ටික ගත්තද? ”

“ඔව් නංගී ” ඔයාට ඔනීද ”

“ඔව් දෙන්නකෝ.ඒක ගැන කාටවත් කියන්න එපා අයියේ බොරුවට අනිත් අය බය කරන්න ඕන්නෑනී”

“නංගී මට ඇත්ත කියන්න. ඔයා කොහොමද මේ 4ටෝ ඒ ගහ යට  තියෙනවා කියලා දන්නේ. අනික නංගී ඔයාට එදා රෑ මොකද උනේ .? ඔයා කලින් වගේ නෙවේ හැමවේලේම කල්පනා කරනවා හීනේන් බය වෙලා ඇහැරෙනවා .. මොකද්ද? ප්‍රශ්නේ…..

අයීයේ මන් ඔයාට ඔක්කොම කියන්නම්  මටත් මේක කාටහරී කියලා හිත නිදහස් කරගන්න ඕනී.  .බ්ලා….බ්ලා….. බ්ලා……….. ඔන්න ඔහොමයි උනේ …. ඉතින් මට තියෙන ප්‍රශ්නෙ තමයි මේතන තියන 4ටෝ වල මන් ඉන්නේ කොහොමද කියලා?  …. ඔහුගේ කුතුහලය මෙන්ම බියජනක මුහුනෙන් කතාව අසා සිටි අතර සීරීයස් පෙනුමෙන් මුව සරසා ගෙන ඔහු කතා කිරීමට පටන් ගත්තේ 4ටෝ දීහා නැවත බලමිනි.

“නංගී ඔය 4ටෝ වල ඉන්නේ ඔයා වගේම වෙන කෙනෙක් වෙන්න බැයිද ?  අනික මේ ගෙදර ඉන්න කෙනා ඔයාගෙන් එයාට මොකක් හරි උනු අසාධාරණයකට සාධාරනය බලාපොරොත්තු වෙන නිසා හිනේන් ඔය දෙවල් පෙන්නුවා වෙන්න බැයිද? නැත්තන් නංගී එයා හිතනවා ඇතී ඒ ඔයා කියලා. අපි අමනුශ්‍යන් ගැන දන්නෑනී හරියටම. කෝකටත් සුදූ පරිස්සම් වෙන්න. එයා දැන් මනුෂ්යෙක් නෙවෙනී. අනික අපි එයාගේ අරමුණු මොකද්ද කියලා හරියටම දන්නෙත් නෑ. කෝකටත් අපේ ආරක්ශා ව අපි සලස ගත්තනම් හොදයිනි”

“ඔව් අයියේ එහෙම  වෙන්නත් පුලුවන් . ඒත් අයියේ අපි කොහොමද ? මෙතන වෙච්ච    ඇත්තම ප්‍රශ්නෙ දැන ගන්නේ. අනික අපේ කට්ටිය දැන් යන්නම ලෑස්ති වෙනවා . අපිට මේක විසදන්න සම්බන්ද වෙන්න පුලුවන්ද?.  අනික අයියේ    අනිත් අය මේ වැඩේට කැමති වෙයිද?”

“ඔව්  නංගී ඒත්  වාහනේ යතුර හම්බුනා තාමා ඒත් යන්ඩ කියලා ලෑස්ති වෙනකොට ටයර් 4රෙම හුලං නෑ  ඉතින් කොහොම යන්නද? අනික මේ කෑලෑවෙන් බස් එකක යන්න කියලයෑ” ඒ වගේම  නංගී එයාට ප්‍රශ්නයක් තියේනම් ඒක ඔයා දැනගන්න ඔනී නිසා වෙන්නැති ඔයාට එයා ඒක කියන්න හදන්නේ ඒ කියන්නෙ යම් යම් ඉගි ලබා දෙන්නේ.. සමහර විට එයා තව එක එක දෙවල් කරලා ඔයාට කියන්න  try කරයී. ” සමහර විට ඔයා දැකපු හීන වලටත් එයාගේ සම්බන්දයක් ඇතී”

“හරී අයියේ අපි බලමුකෝ. මොකද්ද මාත් එක්ක තියෙන ඒ හොල්මනගේ සම්බන්දේ කියලා ”

මෙතන තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා මෙතන වැඩ කරන අයගෙන් අහලා බැලුවොත් මොනා හරී හෝඩුවාවක් හොයාගන්න පුලුවන් වෙයී.මේ පරිසරය මට වැඩි වැඩියෙන් හුරු පුරුදු බවක් දැනෙන්නේ හරියට මෙහෙ මන් කලින් ජිවත් උනා වගේ…… අනික එයා හොල්මනක් වෙලා මාගේ ජීවීතේට ලන් වෙලා එයා මට හීන පෙන්නුවා කියමූකෝ ඒත් ඒක ගැන මාගේ හිතේ බයක් ඇත්තෙම නෑ . ඇත්තටම මට එයා ගැන මුලින් තිබ්බ බය වෙනුවට දැන් තියෙන්නෙ වෙනමම හැගීමක්. මට දැනෙන්නේ එයා මගේම කෙනෙක් වගේ ….  

ජීවීතේ හරිම පුදුමාකාරයී. වීනෝද චාරීකාවක් යන්න ආවත් අන්තිමට මට අයිතිවත් නැති දන්නෙවත් නැති තැනක මගේ ජීවිතේ නතර වෙලා ඒකට මන් තනියෙන් හේතු හොයනවා. අනේ මන්දා නොයෙක් සිතිවිලි මැද අතරමන් වූ මා සිතිවිලී විසිරී ප්‍රකෘති මනසට පැමිනීයේ රදීක අයියාගේ ආමන්ත්‍රණයනී .

“මොනවද සුදූ හිතන්නේ ”

“මොකුත් නෑ මෙයා ”

“ඒ මේ තමුසේ නදී ගැන කිව්වෙ ඇත්තක්ද? ” දිල්ශාන් කියලා කොල්ලෙක් ගැන ”

” හික්ස් ඔයා තාම ඒක ගැන හිතනවද?   “අයියෝ……නෑ අයියෝ හික්ස් ඒක ටොම් පචයක් …. අයියෝ රදීක අයියේ ඔයාට අල ගෙඩියක් සයිස් ඔලුගෙඩියක්  තිබ්බට රටකජ්ජක්  සයිස්වත් මොළයක් නැද්ද? නදී ඔයාට love ඔයා ගිහින් හීමිට අහන්න…  ඒකවත් තේරෙන්නැද්ද? ඔය මැටි මෝලේට.”

ඔන්න ඉතින් ඒ ආදර කතාවටත් මල්සරා වැඩේ සෙට් කරලා වගේ. අපිට ලගදිම wedding cakeවත් කන්න බැරියෑ . Wedding cake ? නැතත් නදීගේ මමීගේන් ගුටි පූජාවක් නම් රදීක අයියට කන්න පුලුවන් වෙයී. නැව ගිලුනත් බෑන් චූන් කීවුවලූ. මාත්  මේ හොල්මන් බංගලාවක් ඇතුලේ ඉදන්  කේක් කන්න හීන මවනවා…..

එදා දවසත් කොහොමහරී බංගලාව ඇතුලේ ගෙවිලා ගියේ භානුක අයියා ඇතුලු කණ්ඩායම වාහනේ හදාගන්න ෆුල් සපෝට් එක දෙන ගමන්මයී. මොකද ඉතින් වහනේ රෝද 4රේ හුලං ගිය එකටත් වඩා ප්‍රශ්නෙ මේක උනේ කොහොමද කියලානී. අනික පැච් දෙකකුත් තියේ… එතකොට ඉතින් ඒ වැඩේ අහම්බෙන් උනා කියන්නත් බෑනී  .අනික හැමෝගේම හිතේ ප්‍රශ්නයක් මතු කලේ යතුර නැති වෙලා හම්බෙද්දි කොහොමද වාහනේ අයේ අප්සට් ගැහුවේ කියලා. මන් නම්හේතුව දැනගෙන හිටි‍යේ ඒත් ඉතින් ඕවා කියන්න ගිහින් විහිලුකරයෙක් වෙන්නත් බෑනී . ඇයී ඉතින් මෙයාලා විශ්වාශ කරයී කියන්නත් බෑනී.

එදා රෑ සදුනීයී  , නදීයී එක්ක මන් නින්දට ගියත් දවස පුරාම සිදු වූ සියලු සිදූ වීම් ගැන සිතේ තිබූ නොයෙක් සිතිවිලි නිසා නින්දා මා හට ලගා ඌයේ බොහෝ ප්‍රමාද වීය…..

——————————————————-

මැණීක මැණීක…. කියමින් මගේ අයියා මා හට කෑ ගසන හඩ ඇසුනු අතර ඒ හඩ ඔස්සෙ මා ගමන් කරන්නට විය.


මන් = සනූ.

කොහොමද යාලුවනේ කතාව.හොදයිද? ඇත්තටම අපේ තරූට මොකද්ද අනේ මේ වෙන්නේ … එයා සිහින මවන්නේ ඇත්තම එයාද නැත්තන් එය වගේ රෑපයෙන් සමාන කෙනෙක් ගැනද ? ඉස්සරහටත් කියවන්නකො එතකොට ඔයාලට තෙරෙයී. බුදුසරනයි … දෙවිපිහිටයි….පරිස්සමට ඉන්න….

 

 

3 thoughts on “හොල්මන් බංගලාව-අටවෙනි කොටස ☠️ | හොල්මන් කතා”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.