Katha Ahura

හොල්මන් බංගලාව | නවවෙනි කොටස ☠️ | හොල්මන් කතා

4.2/5 - (22 votes)

9වෙනි කොටස

අයියාගේ හඩ ඔස්සේ මා ගමන් කරේ සිහිනයත් සැබෑවත්  අතරය ලොවක මෙන්‍ ය. මන්ද එය සිහිනයක් වූයේ නම් නැත. එහෙත් සෑබෑවක් කියන්නට තරම් හේතු කාරනා තිබ්බේත් නැත . කේසේ නමුත් මා ඔහුට වශී වූවා සේ ඔහුගේ හඩ පසුපස ගමන් කලේය. එසේම ඔහූගේ හඩ පසුපසින් මා පැමින තිබුනේ  මුලින්ම මා හොල්මන දුටු වැව සමීපයටය….. එවිට මා ප්‍රකෘති තත්වයට පත් විය. මෙතෙක් මා ඇවිද පැමින සිටියේ නින්දෙන් සිහින තුලය. සිහිනෙන් අවදි වූ මා දුටුවේ මා සිහිනෙන් නිතරම දකින රුවයි.ඔව් මා සිහිනෙන් නිතරම දකින අයියාගෙ රුවයි. මාගේ හිතේ තිගැස්මක් මෙන්ම බියක් පැමිනි නමුත් ඔහුගේ රූපය හුරුපුරුදුකමක් දැනෙන්නට විය. එසේම ඒ සියලූ හුරුපුරුදුකම් පරයමින් නැවත නැවතත් හදවතට දැනෙන්නට ඌයේ මේ අමනුශ්‍ය ආත්මයක් බවයි . ජීවීතේ ලොකු බියක් මෙන්ම අසරනතාවයක් දැනෙන්නට විය.ඒසේම මාගේ ඇස් වලින් කදුලු ගාලා යන්නට වූයේ මුලු ඇගම මොහොතකට පණ නැති කරමිනි… මගේ සියලු හැගීම් මොහොතකට අවසන් කරමින් ඔහු හඩ අවදි කලේය.

“මැණික ඔයා දැන් ගොඩක් ලොකු වෙලා. මන් ඔයාව දකින්න අවුරුදු ගානක් බලාන හිටියා.අන්තිමට ඔයා අවා”

“ඔයා ක…..වු…..ක් ..ක්ක්ක්..කවුද?….”

“ඒක ගොඩක් දිග කතාවක් මැණික… ඔයා තාම මට බයයිද? මන් ඔයාට කරදරයක් කරන්නෑ. ඔයා මගේ මැණිකනී…. මගේ පළිය තියෙන්නෙ අර විජේසේකරයත් එක්ක.. ඌ තව ටික දවසක් වැජඹුනාවේ. ඌට ඉන්න තව වැඩි දවසක් නෑ.”කියමින් මෙතරම් වෙලා තිබු ඔහුගේ කඩවසම් පෙනුම එකවර අතුරුදහන් ඌයේ සිතන්නටත් ඉඩක් නොතිබෙමිනි. මාගේ සියොලග වෙව්ලන්නට වූ අතර මාගේ දෙපා අඩපණ වූ බැවින් මා බීම හිද ගතිමි. මා බිය වී සිටි බව දුටු නිසා ඔහු නැවත සාමන්‍ය් ලෙස මා සමග ඔහුගේ කඩවසම් පෙනුමින්  සිනාසෙමින්  කතා කරන්නට පටන් ගත්තේය………

“මැණික මේ සිදුවීම සිදුවෙලා දැන් අවුරුදු 20ක්ම ගෙවිලා ගිහින් තියෙන්නේ…. දැන් කාලේ ඇවිල්ලා තියෙන්නෙ වැරදීකාරයන්ට දඩුවම් දීලා මාගේ පොරොන්දුව ඉෂ්ට කරලා මේ ආත්මෙන් නිදහස් වෙන්න…. ” මා ඔහු දෙස කුතුහලයෙන් බලා සිටියේ කිසිවක් සිතා ගැනීමට නොහැකිවය. පාන්දර 1 පමණ වී ඇති මේ මොහොතේ වැව අසල පුරාම පහන් ආලොකය හොදින් වැටී එලිය විහිදුවන්නේ ඉතාමත් අලංකාර අයුරිනී. එසේම අවුරැදු 20කට කලින් සිදුවීමක් මට 19යිනී. එතකොට මේ කවුද? ඇයී මට මැණික කියන්නේ, එතකොට මොනාද මේ වෙන්නේ , අර 4ටෝ වල හිටියේ කවුද . ඔය වාගේ දාහක් ප්‍රශ්න වලින් මාගේ ඔලුව ඉක්මනින් පිරී ගියේ මොහුගෙන් පමනක් හිමිවන උත්තර මත මාගේ පැන විසදෙන බව දන්න නිසාය.

මාගේ හඩ මා අවදි කර …… ” ඔයා ක …..වු..ද.? .. ඔයා ඇයී මට මැණික කිය….න්..නේ….. “කියා ඇසුවේ බෝහෝ අමාරුවෙනී. මන්ද වචනයක් පැවසීමටත් නොහැකි ලෙස මාගේ සිත බියෙන් වෙලී තිබිණී…

“මැණික ඔයා දැන් මේ හැමදේම දැන ගන්න ඕනී.  මේ වෛරය දැන් අවසන් වෙන්න කාලේ හරී.  අවුරුදු 20කට කලින් ඔයා මගේ නංගී. ඔයාගේ තාත්තා වගේම අම්මා උනෙත් මම. ඔයා මේ ලොකේ වැඩියෙන්ම ආදරේ කරේ මට.”

” එතකොට ගියාත්මෙද?  එතකොට මිනිස්සුන්ට පෙර ආත්ම බවයක් තියෙනවද?  එතකොට අපිට මොකද උනේ”එතකොට අර 4ටෝ වල හිටියේ මන්ද? එතකොට මට හීනේන් පේන දෙවල් වල හිටියේ අපිද? , එතකොට ඒ දවස් වල ඔයා මගේ අයියද?

“ඔව් ඔයා හරී මැණික . කලින් ආත්මේ ඔයා තමයී ඒ ”

“එතකොට … එතකොට…. ඔයා කියන්නේ ඔයා…. කොහොමද හරියටම කියන්නේ… ඒ ….ඒ …මමමයී….කියල…..”

“මම මනුෂ්යෙක් නෙවෙයිනේ . මන් බූත ආත්මයක් …. අපිට ඒ දෙවල් හරියටම කියන්න පුලුවන්.”

“ඇත්තටම මොක්ද්ද උනේ . කවුද විජේසේකර. මට දැනගන්න ඕනී. මොකද්ද අපිට උනේ කියලා”

  1. .මීට අවුරුදු 20කට කලින් කතාව.

මගේ නම සාමීක මගේ ලෝකෙම උනේ සීයයී මගේ නංගීයී. අපි ගොඩාක් සතුටින් ජීවත් උනේ. නංගීට අවුරුදු 2කේදී අම්මයී තාත්තායී නැති උනේ …මට එතකොට අවුරුදු 12යි… ඉතින් මම නංගීට අම්මෙක් වගේම තාත්තෙක් උනා . එයාලා නැති උනේ කොහොමද කියලා මන් ලොකු වෙනකම් දැනගෙන හිටියේ නෑ . සීයා ඒක ගැන කිවුවෙත් නෑ.. ඒත් පස්සේ දැනගත්තා තාත්තාගේ හොදම යාලුවෙක්  බිස්නස් එක ගන්න ගහපු plan එකක් කියලා. කොහොම හරී සීයා බිස්නස් වැඩ එක්ක හිරවෙද්දි මන් නංගීව හදාගත්තා . ඒ හින්දමද කොහෙද නංගී ගොඩාක් ලන් උනේ මට… කාලයත් එක්ක අපී ගොඩාක් සතුටින් හිටියේ. නංගී හොදට ඉගෙනත් ගත්තා… ඒ වගේම මායි නංගීයී .. නතාලීයී.. ඕසදයී කට්ටිය තාමා හැමැතැනම ඇවිදින්නේ. ඕසද…., නංගී ගැන බලාපොරොත්තු තියාගෙන හිටියේ. මමත් ඒකට කැමැත්තෙන් හිටියේ. කොහොමහරී අපේ සතුට වැඩි කාලයක් තිබ්බෙ නෑ. අපේ වලව්ව මේ පැත්තේ ගොඩාක් ලස්සනට තිබ්බා.. ඒ වගේම වටපිටාව උනත් ගොඩාක් ලස්සනයී. මේ ලස්සන නිසාම ගොඩාක් අය මේ පැත්තට ආවේ හොටෙල් ගහන්න plan අරන්. ඒත් සීයාවත් මමවත් ඒ වැඩේට කැමතී උනේ නෑ . ඔහොම කාලට ගෙවිලා ගියා . කොහොමහරී අපේ ජීවිත කනපිට පෙරලෙන්න වැඩි කාලයක් ගීයෙත් නෑ. තාත්තට අයියාලා 3දෙනෙක් හිටියා. ඒ හිටිය අයගෙන් ලොකුම අයියා ගොඩාක් නපුරුයී. එයාට ඕනී උනා බංගලාව ගන්න. ඉතින් එයා දවසක් සීයව හම්බෙන්න අවා . ඇවිත් එයා කිවුවා.බංගලාව එයාගේ නමට ලියන්න කියලා. සීයා ඒකට කැමතී උනේ නෑ … සීයා කලින් එයාගෙ බිස්නස් ගොඩක් සීයගෙ ලොකු පුතාට ලියලා තිබ්බා එයා ඒ සේරම විකිනුවා… ඒකට සීයා ගොඩක් හිතේ අමාරුවෙන් හිටියේ. ඒ නිසාම සීයා එවා මගේ නමටයී නංගීගේ නමටයී ලිවුවා . නංගී දැනගෙන හිටියේ නෑ .නංගී ගොඩාක් පොඩී ඒ දවස් වල. . ඉටපස්සේ ඒ මනුස්සයා සීයා එක්ක රන්ඩු කරා…. සීයා හිතුවේ ඒ ප්‍රශ්නේ ඉක්මන්ට විසදෙයී කියලා. ඒත් එහෙම උනේ නෑ…………….

ම්ම්ම්ම්..ම්ම්හ්හ්.

උනේ අපි කවුරුත් හිතපු නැති දෙයක් ,,,,,,,,, කොහොමහරී අම්මයි තාත්තයි නැති උනු විදිහ ගැන සීයා කලින් කිවුවේ ස්බාවිකව සිද්ද වෙච්ච දෙයක් කියලා.. ඒත් මට ඒ දවස් වල ඒ  දේවල් තේරුනේ නෑ. කොහොමහරී. කාලයක් ගියාට පස්සෙ දවසක් අපේ තාත්තාගේ ලගින්ම හිටපු කමල් කියලා අන්කල් කෙනෙක් අවා එයා පාසල් කාලේ ඉදන් යාලුවෙක් . එයා ඇවිත් කිවුවා තාත්තා බිස්නස් කරපු හොදම යාලුවා උනු අජිත් කියන කෙනා තාත්තා ඕඩරයකට බඩු දීලා එතනින් තවත් කන්ටෑග් වගයක් සෙට් වෙලා .අජිත්ගේ බඩු කොලිටි මදී කියලා හරවලා එවලා තාත්තාගේ බඩු බාරගෙන ඔය වගේ පොඩි දේවල් ටිකක් හින්දා තාත්තායි .අජිතුයි අතර තිබ්බ සම්බන්දේ අඩු වෙලා… ඉටපස්සෙ අජිත් කියන කෙනාගේ බිස්නස් ගොඩක් පාඩුපිට දුවද්දී තාත්තාගෙ බිස්නස් නැගලා ගිහින් කොහොමහරී අපේ තාත්තා ඒ අජිත් කියන කෙනාට ගොඩාක් උදව් කරලා එත් එයා ගොඩාක් දුශ්ට මනුස්සයෙක්. එයායි තාත්තායි හවුලේ බිස්නස් කරලා තියෙන්නේ . ඒත් වෙන වෙනම ඕඩර් අරන් ඒවට බඩු යවලා තියේන්නෙ.. අනික ඒ බිස්නස් එකේ අයිතිකාරයා තාත්තාට පස්සෙ ඒ අජිත් කියන කේනාට වැටෙන විදිහට හදලා තිබිලා තියෙන්නේ.. තාත්තා ඒ මනුස්සයව ගොඩක් විශ්වාශ කලා.ඒත් බිස්නස් එකට තියෙන කෑදර කමට ඒ මනුස්සය  අපේ      තාත්තාව අක්සිඩන්ට් එකකින් නැතිකරේ අපේ තාත්තාගේ ලොකු අයියාගේ සහයෝගයත් අරන්… කොහොමහරී බිස්නස් එක අජිත්ට අයිති උනා බාගයක් සීයගේ ලොකු පුතා උනු විජේසේකරටත් අයිති උනේ උදව් කරපු නිසා… ඒ වාගේම මට මේ ගැන කියපු අන්කල් මට ඒ අජිත්ට විරුද්ධව සාක්ශි ගෙනත් දුන්නා. මන් ඒවා අරන් ගිහින් හොයලා බැලුවා. කොහොමහරී ඒක ගැන අජිතුයි  , විජේසේකරයි දැනගෙන හිටියේ.    කාලයක් ගියාට පස්සෙ ඒ බිස්නස් එක පාඩු වෙන්න පටන් ගත්තා ඉටපස්සේ විජේසේකරට අපේ බංගලාව ඔනි කලා හෝටලයක් හදන්න.. සීයා විරුද්ද උනාට පස්සේ එයා ගියා. ගිහින් අවුරුදු කීපයක් ආවේ නැ… ඉටපස්සෙ මගේ නංගී a/l ලියුවට පස්සේ එයා set එකක් එක්ක අවා .ඇවිත් කිව්වා දුන්නැත්තන් බලෙන් ගන්නවා කියලා… සීයා බැන්නා. බැන්නට පස්සේ කිවුවා ලබන මාසේ එද්දී යන්න තැනක් හොයාගන්න කියලා … එයා දැනගෙන හිටියේ නෑ සීයා මටයී නංගිටයි ලියලා තිබ්බෙ කියලා….. කොහොමහරී මගේ මැණිකගේ රිසල්ට් ආවා  . ඒ දවස් ටිකත් හරිම සතුටින් අපි ගත කලා… …. අනික මන් මාගේ දෙමාපියන් ගැන හොයනවා කියලා විජේසේකර දැනගෙන හිටිය නිසා එයාට ඔනී කරේ බංගලාව අරන් අපිව මරන්න. එදා හරිම මුසල දවසක් නංගී නාතාලීලාගේ ගෙදර ගිහින් හිටියේ…. මායී සීයයි නංගිට campus යන්න බඩු අරන් ඇවිත් ඒවා අස් කරන ගමන් හිටියේ. එදා කාර් එකක විජේසේකර අවා. ආවේ සෙට් එකක් එක්ක් .ඇවිත් සීයට කොලයක් දික් කරලා  කෑ ගැහුවා අත්සන් කරන්න කියලා… සීයා කිවුවා අත්සන් කරන්නෑ කියලා.. සීයට හොදටම ආපූ කට්ටිය ගැහුවා … ඉටපස්සෙ මන් කෑ ගැගුවා සීයා මට ලියලා තියෙන්නේ කියලා…. ඉටපස්සේ උන් මටත් ගැහුවා …. සීයා කෑගැහුවා ඒ කොල්ලට කරදර කරන්න එපා කියලා. මගේ චූටි කෙල්ල මේ කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ . ඔව් ඒ මගේ මැණික එයා ගොඩක් සතුටින් ගෙදර ආවේ විජේසේකර මහප්පේ කියාන. එයා විජේසේකර ට කැමැතීයී. චූටි දවස් වල නංගීව බලන්න. ඒ මනුස්සයා අවා… ඒ වෙන මොකටවත් නෙවෙයී . නංගීට බොරු ආදරේ පෙන්නලා එයාව නම්මගන්න. කොහොමහරී මගේ මැණික එද්දී සීයා ලේ පෙරාගෙන බිම වැටිලා හිටියා…. මටත් හොදටම ගහලා හිටියේ.. නංගී අපිව දැකලා මන් ලගට දුවගෙන අවා …..

“අනේ අයියේ මේ මොකද . අනේ මොකද උනේ”

” මේ ඉන්නෙ පොඩි එකී.මේකිටත් බාගයක් ලියලා ඇත්තේ . අත්සන් කරපිය මෙතන”

“මහප්පේ ඔයා මොනාද මේ කිය්න්නේ.අනේ සීයේ නැගිටින්න .අනේ අපි hospital යන්.අනේ මහප්පේ අපි යන්”

” තෝ හිතුවද උබේ කපටි වැඩ වලට මන් රැවටෙයි කියලා” එදා ඌ මගේ නංගිට අත ඉස්සුවා.. එදා මන් ඌට හොදටම ගැහුවා ගැහුවට පස්සේ උගේ ගෝලයේක් පිහියක් අරන් අවා මට ගහන්න. මගේ නංගී . ඔව් මගේ ලෝකේ…අන්….නේ…අ..නේ..මගේ මැණික එදා මැද්දට පැන්නා….ඔව්ව් මාගේ චූටී කෙල්ල මගේ ඇස් දෙක ඉස්සර මගේ අත් දෙක ලේ පෙරාගෙන වැටුනා … මන් හයියෙන් කෑ ගැහුවා.එදා හයියෙන් මන් කෑ ගහලා මන් උන්ට කිවුවා උබලගේ වැරදි ගැන ඔක්කොම සාක්ෂී මන් ලග තියෙනවා කියලා…. මන් වියරුවෙන් වගේ ඌට ගහගෙන ගහගෙන ගියා. ඌට ලේ එනකන් ගැහූවා. මාගේ ලෝකේම මගේ ඉස්සරහ කඩන් වැටුනා.මාගේ නංගීට සිහිය තිබ්බේ නෑ එයා අමාරැවෙන් හිටියේ . මන් උන්ට වැන්ද නැති ටික විතරයි හොස්පිටල් අරන් යන්න කියලා.      මගේ සීයා  හයියෙන් කෑ ගැහුවා. මගේ කෙල්ලව හොස්පිටල් අරන් යන්න කියලා . ඒත් උන් කිවුවා අත්සන් කරාම එක්ක යනවා කියලා මන් අත්සන් කරා. ඒත් උන් මාගේ නංගීව හොස්පිටල් අරන් ගියේ නෑ .. මගේ සීයාව කාමරේ බාල්කේ එල්ලුවා… එහෙම කරලා මගේ සීයව මරලා දැම්මා. මන් අමාරුවෙන් නංගී ලගට ගිහින් එයාව උස්සන් යන්න  හදද්දී නංගීට වෙඩි තිබ්බා. නංගී මගේ අත් දෙක උඩ සදහටම දෑස පියා ගත්තා .උන් මටත් වෙඩි  තිබ්බා. වෙඩි තියලා මාව  වැවට ඇදගෙන ගිහින් ගිල්ලලා මැරුවා…………

………………………………………………….ක්ක්ක්…ක්ක්…ක්ක්.අනෙ මොකද්ද අයියේ අපිට ඒ කරේ අනේ ……. අයි…යේ………. මෙච්චර …ලො….ක්……ලොකු…දු…ක…ක් …. කො….හො…මද….ඔ……යා….මෙ…ච්..ච….ර….ක…..ල්….හිතේ ..තියන්..හිටියේ…………….?…… අනේ අයියේ අපී එච්චර අවාසනාවන්ත උනාද?….????

——————————————————————මන්=සනූ

කතාව කොහොමද යාලුවනේ … ඔන්න ඉවර වෙන්න ලගයී. බුදුසරනයි….දෙවිපිහිටයි……පරිස්සමට ඉන්න…….?

 

3 thoughts on “හොල්මන් බංගලාව | නවවෙනි කොටස ☠️ | හොල්මන් කතා”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.