Katha Ahura

❤️නොපැතූ සෙනෙහෙ❤️ (දෙවන දිගහැරුම) | 24 වන කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක

කතාව කොහොමද?

❤️නොපැතූ සෙනෙහෙ❤️
(දෙවන දිගහැරුම)

-24 වන කොටස-

අරුන්ටිකගෙ අඩි සද්දෙ ළග ළගම ඇහෙනවා… ඒක නිසාම මං එතන තිබ්බ ළග පදුරකට රිංග ගත්තා…

මං හැංගිලා බලාගෙන හිටියෙ කවුද එන්නෙ කියලා… එතකොටම එතන්ට ආව කෙනා දැකලා මගෙ ඇස් අදහගන්නත් බැරි උනේ.. මං ඇස් දෙක ආයි හොදට පිහදාලා බැලුවේ මං මේ දකින්නේ හීනයක්වත්ද කියලා හිතුන නිසා…

එතන හිටියෙ වෙන කවුරුත් නෙවෙයි ප්‍රතාප් අංකල්.. ඒත් එයා මොකද මෙතන කරන්නේ.. අහ්.. අපිට එයාට කියලා එන්න අමතක උනානේ.. ඒක නිසා බලන්න ආවවත්ද..

ඒත් එයා මේ තැන දන්නෙ නෑ… තව පොඩ්ඩක් මෙහෙම ඉදලා මොකද වෙන්නෙ බලන්න ඕනි..

“බොස්.. කවුරු හරි මෙතනට ඇවිල්ලා තියෙනවා.. ගෙදරත් හැඩිවෙලා…”

“Waht?? එහෙම කොහොමද වෙන්නෙ.. කවුද ආවේ… ඉක්මනට හොයපල්ලා..”

“Okay බොස්..”

එක මනුස්සයෙක් ඇවිල්ලා අංකල්ට එහෙම කිවුවාම තමා අංකල් අරම බෙරිහන් දෙන්න ගත්තේ…

“බොස්… තාප්පෙන් උන් පැනලා ගිහින්.. මෙතන අඩිපාරවල් තියෙනවා…”

“මට කියව කියව ඉන්නෙ නැතුව හොයපන් මනුස්සයෝ මගෙන් මැරුම් නොකා..”

මේ මොනාද වෙන්නේ.. අංකල් මේ ඉන්න මිනිස්සු කවුද.. අංකල් අපි එක්ක ඉද්දි මේ මිනිස්සු එක්ක කතා කලේම නෑනේ.. මෙතන මොකක් හරි ලොකු රහසක් තියෙනවා.. ඉක්මනට මේක හොයාගන්න ඕනි…

“උඹ ඔතන මොකද කරන්නෙ වරෙන් මෙහෙට..”

දෙවියනේ.. මං නොහිතපු වෙලාවක මාව ඇවිත් අල්ල ගත්තේ අර අංකල් එක්ක කතා කරපු මනුස්සයා..

මාව දැක්ක ගමන් අංකල් උඹට ගහයි මාව අල්ල ගත්තා කියලා.. හහ්… ඔහොම හිටපන්කො…

මාත් ඉතිං ෆුල් ආතල් එකේ අර මිනිහා එක්ක ගියේ අංකල් මාව බේරගන්නවා කියලා දන්න නිසා..

“මෙන්න බොස් අරන් ආවා.. මූ තමා මේ සේරම කරලා තියෙන්නේ…”

එහෙම කියලා ඒ මනුස්සයා මාව තල්ලු කරලා දැම්මෙ අංකල් ගාවට… අපිට පිටුපාලා හිටිය අංකල් අපේ දිහාට හැරුනෙත් ඒ වෙලෙමයි…

මං ඉක්මනට නැගිටලා හිනාවක් දාගෙන අංකල් එක්ක කතා කලා..

“මේ මනුස්සයට කියන්න අංකල් අපි කොච්චර හොදට දන්නවද කියලා… අහ්.. ඒක නෙවෙයි… අංකල් මොකද මෙතන කරන්නේ?”

“ඇයි මං මගේ ගෙදරට එන්න උඹෙන් අවසර ගන්න ඕනිද..”

මේ මොනාද වෙන්නේ… අපිත් එක්ක හොදට හිටපු අංකල්ට එකපාරම මොකද උනේ… මං ඇස් දෙකත් ලොකු කරගෙන බැලුවෙ අංකල් දිහා..

ඒ මූණේ ඇදුනෙ සමච්චල් හිනාවක්… ඒත් අංකල් මෙච්චර ඉක්මනට වෙනස් උනේ කොහොමද..

“කරුණාකරලා මට කියන්න මෙතන මොකද්ද වෙන්නේ?”

මගේ ඔලුව යකාගෙ කම්මල වගේ වෙද්දි මං ඒක ඇහුවේ සද්දෙන්… ඇයි යකෝ… කාලගුනේ වගෙ වෙනස් වෙන මිනිස්සුනෙ ඉන්නේ…

“අහ්.. තාම පුතාට තේරුනේ නැද්ද… මං හිතුවේ ගෙට පැන්න පාරට ඔක්කොම තේරුම්ගෙන ඇති කියලා..”

“මට ඔය බයිලා වැඩක් නෑ… වෙන්නෙ මොනාද කියලා විතරක් කියන්න.. please tell me…”

“දැන්ම කරදර නොවී ඉන්න… වෙලාව ආවම හැමදේම දැනගන්න ලැබෙයි…”

එහෙම කියලා අංකල් එතනින් යන්න ගියා.. ඒත් එක්කම මාව අල්ලන් ආපු අර මනුස්සයා මගේ මූණ කලු රෙද්දකින් වහලා දැම්මා…

ඉටපස්සේ වාහනෙකටත් නග්ගගෙන කොහෙටද මන්දා අරන් ගියා.. මූණ වැහුව නිසා යන තැනක් හිතාගන්න බැරිඋනා..

ටික වෙලාවකට පස්සේ වාහනේ කොහෙදෝ නතර කලා.. පස්සෙ මාවත් එලියට අරන් එක්කන් ගිහින් කොහෙටදෝ මන්දා තල්ලු කරලා දැම්මා..

ටිකකින් මගෙ ළගින් ඇහුනෙ අඩි සද්දයක්… එකෙන් තේරුනා කවුරු හරි මගේ දිහාට එනවා කියලා…

අඩි සද්දේ නතර වෙනවත් එක්කම මගෙ මූණ වැහුව කළු රෙදිදත් ගැලෙවිලා ගියා.. ඇස් ඇරලා බලද්දි එතන හිටියෙ අංකල්…

“ඇ…ඇයි මාව මෙහෙට ගෙනාවේ… මං හැඩුවෙ ඔයාට උදව් කරන්න… ඒත් ඔයා මාව මෙතන හිර කරගෙන..”

“ඔව්.. ඔයාගේ උදව් ගන්නවා මං.. මට අනිවාර්යයෙන් ඔයාගෙ උදව් ඕනිමයි…”

“මං උදව් කරන්න් බෑ කිවුවෙ නෑනේ.. ඉතිං ඇයි මාව මේ හිරකරගෙන…”

“එහෙම නොකර ඉන්න තිබ්බා උඹ මගෙ ගෙදරට නොගියනම්… උඹට ඉක්මනටම හැමදේම තේරෙයි… උඹ මං කියන විදිහට හිටොයොත් මං සලකන්නම්.. හැබැයි මෙහෙන් පැනලා යන්න ට්‍රයි කලොත් අන්න එදාටයි උඹේ අවසානේ…”

“What’s the fuk..”

අර අංකල් කාරයා මාව room එකක හිර කරලා දොරත් ලොක් කරගෙන යන්න ගියා…

මේ වෙන කිසිම දෙයක් තේරුම් ගන්න බැරුව මං බිම ඉදගත්තේ අත් දෙකෙන් ඔලුව අල්ලන්… මං උත්සහා කලේ අද උන හැමදේම එකින් එක ආයිත් මතක් කරගෙන මේ වෙන දේවල් තේරුම් ගන්න…

ඒත් මට ඒවා හිතද්දි වෙන්නේ තවත් ප්‍රශ්න වැඩිවෙන එක විතරයි… ඒ එක ප්‍රශ්නෙකටවත් මං ළග උත්තර නෑ… ඉතිං කොහොමද මං මේ වෙන දේවල් තේරුම් ගන්නේ…

ආව කෙන්තියටම මං අත මිට මොලවලා පොලවට පහරක් ගැහුවා… ගැහුවට පස්සෙ තමා තේරුනේ ගහපු මෝඩකම… ඇදුම් කන අතත් අල්ලගෙන මං කල්පනා කරද්දි මතක් උනේ යාලුවන්ව.. උන් ටික පැනගත්තාද දන්නෙ නෑ… මේ ප්‍රශ්න විසදගන්න නම් මට එයාලගෙ උදව් ඕනි… ඒත් මං කොහොමද එයාලට කතා කරන්නෙවත්… එයාලට අංකල් මොනා කරයිද දන්නෙ නෑ..

ඔහ්.. මගෙ phone එක මං ළගනෙ ඇත්තෙ.. මං ඒක එලියට ගත්තෙවත් නෑනේ… මට මතක් උනේ එවලෙයි… මගෙ මූණේ හිනාවක් ඇදුනේ ඉබේටමයි… ඒ ක්ෂනිකවම මං සාක්කුවට ඇත දැම්මෙ phone එක ගන්න..

❤️❤️❤️

මේ මොනාද වෙන්නේ… හොදට හිටපු අංකල්ට මේ මොකද උනේ??
ඔන්න මං නම් මුකුත්ම කලේ නෑ.. මං මුකුත් දන්නෙත් නෑ..

අනේ ඉතිං කතාව කියෝලා පිට පාරෙන් නොයා comment කරලා rate කරලා යන්න… කතා ලියන අය දන්නවා අපිට comment එකක් කියෙවුවාම දැනෙබ සතුට… ඔයාලා වෙනුවෙන් අපි අපේ සමහර වැඩ පවා අතපසුකරගෙන කතාව ලියන්නෙ. එහෙම එකේ ඒකට පොඩිහරි වටිනාකමක් දෙන්න.. ඒවගේම හැමදාම මේ කතාව කියෝන,rate කරන comment කරන හැමෝටමත්,කතාව කියෝලා පිට පාරෙන්ම යන අයටත් ගොඩක් ස්තූති…

බුදු සරණයි!!!!

ඊළග කොටසින් හමුවෙමු…

මං,
✴️Nawanjana✴️

3 thoughts on “❤️නොපැතූ සෙනෙහෙ❤️ (දෙවන දිගහැරුම) | 24 වන කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක”

  1. Mokadda ane me une. Matanam mokuth hita ganna ba. Uncle hoda kenek newei wage. ???????
    Katawa godaaaak lassanai. Tawa tikak digata dannako plzzzźzzzz.????
    Good luck. ????????????????????????

  2. Ranmali subasinghe

    මරු අන්කල්… මටනම් හිතා ගන්න බෑ නවෝ… ????? මොකද මේ වෙන්න යන්නේ??? අනේ දිග කොටසක් දානවකෝ කෙල්ලෙ … ?????????

    දැන්නම් කතාව සුපිරි… ඊලඟ කොටස දානකල් ඉවසිල්ලක් නෑ…. ?????

    සුභ පැතුම්!!!! ?????

    1

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.