Katha Ahura

❤️නොපැතූ සෙනෙහෙ❤️ (දෙවන දිගහැරුම) | 34 වන කොටස | ත්‍රාසජනක කතා |කතා අහුර රචක

කතාව කොහොමද?

❤️නොපැතූ සෙනෙහෙ❤️
(දෙවන දිගහැරුම)

-34 වන කොටස-

එතකොටම room එකට ආවේ තෙනූගෙ අම්මා.. බීම වීදුරුවකුයි,කේකුයි තියෙන ට්‍රේකකුත් අරගෙන ආවේ..

“පුතා පරක්කු නිසා මං room එකටම අරන් ආවා බීම එක..”

“කොහේද මේ ආන්ටිගෙ දුව මට එන්න දුන්නෙ නෑනේ…”

අම්මෝ.. එහෙම කිවුව පාර කෙල්ල මට දමාගෙන රවනවා…

ආන්ටිත් හිනාවෙවී room එකෙන් ගියා….

“ඇයි රවන්නේ… මං ඇත්තනේ කිවුවේ.. ඔයා තමා මට යන්න නොදුන්නේ..”

“හරි හරි මැට්ටෝ.. දැන් මේ බීම එක බොන්නකෝ..”

“කොච්චර කාලෙකින්ද අනේ මේ ඔයාව මීට් වෙන්න ආවේ… එහෙම එකේ ඔහොම සලකලනම් මදි හොදේ… කෝ මට පොවන්න.. අතත් තුවාල වෙලානෙ තියෙන්නේ..”

“කපටියා…”

එහෙම කිය කිය තෙනූ මට ඉතිං කේක් කව කව බීම පොවනවා..

“මේ… දැන්ම යන්නෙ නෑනේ.. කාලාම යන්න ඉන්වද..”

“අනේ මැණික.. වැඩ ගොඩයි… රෑ වෙන්න කලින් යන්නත් ඕනි…”

“බෑ බෑ.. ඔයා අද කාලාම තමා යන්න ඕනි… නැත්තන් ආයි තරහාවෙනවා හොදේ…”

“මේ.. අත තුවල වෙලානේ… අතින්නම් කන්න බෑ.. අතට රිදෙනවලු..”

“අර දැක්කද.. ඔයා තමා කපටියා.. කෝ ඔයා මට දැන් වෙච්ච හැමදේම එකක් නෑර කියන්න..”

“ම්ම්ම්ම්… කියන්නම්.. හැබැයි අඩන්න දොඩන්න ලෑස්තිවෙන්න එපා හොදේ… දැන් මං ඉන්නවනේ… ඇත්ත නොකිවුවට සොරි හොදද…”

“හරි හරි අනේ.. කෝ දැන් කියන්න ඉතිං…”

“මං Australia වල ඉන්න කාලේ දවසක් ඇවිදින්න ගියා.. එදා ඩෙවෝනුත් ගෙදර හිටියේ නෑ… ඉතිං මට කම්මැලි නිසා මං ඇවිදින්න ගියා.. ඩෙවෝන්ගේ ගේවල් පැත්තෙන් පයිනස් වත්තක් තියෙනවා.. මං ඉතිං ඒ පයිනස් වත්තේ ඇවිදින අතරෙ තමා මට මනුස්සයෙක් කෑ ගහනවා සද්දයක් ඇහුනේ… එතන ලී වලින් හදපු ලස්සන ගෙයකුත් තිබ්බා… ඒක ඇතුලෙන් තමා ඇහුනේ…

අන්න එදා මං එහෙම් නොගිහින් හිටියනම් මේ දේවල් වෙනස් වෙන්න තිබ්බා.. එදා මං ඒ ගමන ගිහිපු එකෙනුයි මේ හැමදේම… එදා මැරයෝ ටිකක් මනුස්සයෙක්ට වෙඩි තියලා ගේ ඇතුලෙම දාලා ගියා.. මං ඉටපස්සේ ගේ ඇතුලට ගිහින් බලද්දි තමා දැක්කේ ලේ විලක් මැද ඒ මනුස්සයා වැටිලා ඉන්නවා… මං ඉක්මනින් ඒ මනුස්සයව අරන් හොස්පිට්ල් එක්කන් ගියා… *******************************************************************************************************************************************************************”

එදා ඉදන් අදවෙනකන් වෙච්ච හැමදේම මං එකක් නෑර තෙනූට කිවුවා… ඒ ඇස් එක වෙලාවකට බෝල ගෙඩියක් වගේ ලොකු වෙනවා.. තවත් වෙලාවකට කදුලු පිරෙනවා.. මං ඒ හැමදේම කිවුවේ ඒ චූටි මූණ දිහාම බලාගෙන…

“දෙවියනේ… අර මනුස්සයා මට කිවුවේ ඔහොම් ඒවා නෙවෙයි… ඔයාට වෙන කෙල්ලෙක් ඉන්නව කිවුවා.. තව…තව ගිඩක් ඒ වගෙව් දේවල් කිවුවා… මට දුක හිතුනා… ඒකයි මං කතා නොකලේ…”

“ඒ මනුස්සයා මහ බොරුකාරයෙක්.. මටත් කලේ බොරුවනේ… ඌ ප්‍රගීත් අංකල්ගෙ චරිතේ එහෙම් පිටින්ම රගපෑවා..”

“අනේ රත්තරං… ඔයා… ඔයාට ඕක අත අරින්න බැරිද.. අනේ මට බයයි…”

“දැන් අත අරුන්න බෑ මැණික… මාත් කොහෙන් කොහෙන් හරි මේ වැඩේට සම්බන්ද වෙලා.. මේ ගේම් එක ඉවරවෙනකන් උන් මට සැනසීමේ ඉන්න දෙන එකක් නෑ…”

“ඒත් ඔයා කොහොමද මේකට සම්බන්ද වෙන්නේ?? ඔයා එයාලව ජීවිතේටවත් දැකලා නෑනේ…”

“ඒකනම් තාම අපි කාටවත් හිතාගන්න බැරුව ඉන්නෙ.. කොහොම හරි ප්‍රගීත් අංකල්ව හොයාගන්න ඕනි… එයා ලග තමා හැම උත්තරයක්ම තියෙන්නේ..”

“හ්ම්ම්ම්ම්.. කරන දෙයක් පරිස්සමින් රත්තරං.. හරිද…”

“අයියෝ.. මේ කෙල්ල හැම එකටම අඩනවනේ… කෝ හිනාවෙන්න… මං මේ හොදට ඉන්නේ??”

“ම්ම්ම්ම්ම්… දැන් යමු කන්න…”

“දැන්නම් මටත් බඩගිනී.. යමු යමු…”

අපි දෙන්නම සාලෙට ගියා… අරුන් ටික මහා පල් හිනාවක් දාගෙන අපි දෙන්නා දිහා බලාගෙන ඉන්නවා..

“ඇයි උඹලා ඔහොම බලන්නේ?”

“නෑ මේ අපි බැලුවේ උඹලා දෙන්නා මෙච්චර වෙලා මොනා කලාද කියලා… අර room එකක් ඇතුලේ..”

“මොනා කරන්නද කතා කර කර හිටියා මිසක්..”

“අපිට කියන්නෙ ඉතිං එහෙම තමා… කවුද දන්නෙ මොන මොනා කලාද කියලා..”

“අනේ මේ.. මගෙන් මුකුත් අහගන්නෙ නැතුව හිටපන්… උඹගෙ ඔයා හැකර කට පියාගෙන…”

“තෙනුෂි.. මුගෙන් පරිස්සම් වෙයන්… තනියම් හම්බුනොත් ඉතිං ඉවරයි…”

තෙනුෂි මූණත් බිමට හරෝගෙන කුස්සියට යන්න ගියේ මූණත් ජම්බු ගෙඩියක් වගේ රතු කරගෙන…

“මං තෝගැන කියන්නෙ නෑ.. මිනූට එන්න කියපන්කෝ මගේ උඹ ගැන කියන්න…”

“ඔය රන්ඩු උනා ඇති… කට්ටියම කන්න එන්න…”

තෙනුෂි මගේ ලගින් වාඩි වෙන ගමන්ම කිවුවා… චනුකට ඒක ඇහුනා විතරයි මෙන්න යන්න හදනවා කන්න..

“යකූ… ඔහොම හිටහන් අපි එනකන්… ෂිට්… උඹ එක්කනම් කොහෙවත් යන්න බෑ… අපිත් චා වෙනවා නිකන්..”

“අනේ මෙතන නිකන් රගපන්නෙ නැතුව හිටහන්… හිතන් ඉන්නේ posh peoples කියලා වෙන්නැති.. දැන් බොරුවට දොදොල් වෙනවා..”

“හපෝ.. ඔය හැකර කට වහගෙන වරෙන් යන්න කන්න..”

බුවනෙකයා චනුකවත් ඇදගෙන කෑම කන්න ගියේ තවත් ඔතන හිටියොත් බුවනෙකයට චනුකයගෙන් හොදට අහගන්න වෙන නිසා…

“කෝ ඔයත් යමු දේව් කන්න…”

“අහ්… ඒ ඩින්ගට අමතක උනාද… room එකෙන් එක්කන් ආවේ කවන්නම් කියලා නේද..”

“අහ්… ඔය යසට ඉන්නේ… ගිහින් කන එකයි ඇත්තේ…”

“අහ් එහෙමද… කැවුවෙ නැතොත් මෙතනම කිස් කරනවා හොදේ කලින් වගේ…”

“අනෙව්… ඒවා ඔට්ටු නෑ…”

මූණත් රතු කරගෙන මගෙ අතටත් ගහලා කෙල්ල හැදුවේ මාරු වෙන්න… මං එහෙම යන්න දෙයිද… හම්බුන chance එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනී…

මං එහෙම්මම කෙල්ලට යන්න නොදී අතකින් ඇද්ද පාරා කෙල්ලව ආයේ පුටුව උඩ ඉන්ද උනා… මං ඉතිං කිස් කරන් වගේ ලං හිමීට හිමීට ලං උනේ ඒ දෙතොල් වලට…

“ම.. මං ඉක්මනට බත් බෙදාගෙන එන්න හොදේ…”

කෙල්ල බය උන පාරට ගොත ගහා ගහා ඒක කියලා දිවුවා.. එතකොටම වගේ පල් හිනාවකුත් දාගෙන මතු උනේ චනුක්යව..

හපොයි… මූ කන්න යනවා ආයිත් ඇවිත්… දැන් ඉතිං වසලා හමරයි…

“අහ්.. උඹ මෙතන ඉදන් බරටම වැඩ වගේ… මං මේ කන්න ගිහින් ආයි උඹලා දෙන්නා තනියම කියලා මතක් උන නිසා ආවේ.. මං පරක්කු එහෙම නෑනේ නේද.. ගානට වෙලාවට ආවා…”

“මැරියන් තෝ… උඹනම්… හෝතබුවා…”

“ඔහොම ගියොත් උඹලා marry කරන්න කලින් ළමයි හදයි.. එතකොට මගේ අහිංසක බලාපොරොත්තුව සුනු විසුනු වෙලා යනවා..”

“මොකද්ද උඹේ බලාපොරොත්තුව?”

“ඇයි.. මං තමා ඉතිම් උඹගේ වෙඩිමේ දෙවන මළමාලයට ඉන්නේ…”

“ඈ යකූ… කවුද උඹට කිවුවේ එහෙම..”

“කවුරුත් කියන්න ඕනි නෑ..”

“අහ් හා.. යමන් කන්න… මෙතන හැමදේම වනසලා දැන් කියෝනවත් එක්ක…”

මායි චනුකයයි ගියේ කෑම කාමරේට.. අපි යද්දි අරුන් ටික කැත නැතුව් කනවා.. චනුකයත් දුවලා ගිහින් වාඩිවෙලා කන්න පටන්ගත්තා..

එතකොටම වගේ කන්දක් වගේ බත් එකක් බෙදාගෙන මතු උනේ තෙනූ… මාවත් ඇදගෙන ගියේ සාලේට… මාව පුටුවේ ඉන්දෝලා කවන්න ගත්තා..

අම්මෝ… පොල් ගෙඩි වගේ කටවල් කවනවා.. කටේ ඉඩත් නෑ එච්චර ලොකු කටවල් කන්න..

“පිස්සුද මැට්ටියේ.. මාව මරන්නද යන්නේ?? අම්මෝ… තව පොඩ්ඩෙන් හිරවෙලා මැරෙනවා..”

“අහ්.. නේ.. sorry රත්තරං… අහ් මේ සූටි කට කන්නකෝ..”

“කෝ ඔයාත් කන්නකෝ මට කවන ගමන්…”

ඔය විදිහට ඉතිං කට්ටියම කාලා එහෙම ටිකක් වෙලා ඉදලා එන්න හැදුවේ.. මොකද රෑ ඒ වෙලාවේ ආවේ නැතොත් ඉතිං මහා රෑ වෙනවනේ අරෙහෙට යද්දි…

“මං ගිහිම් එන්නම් මැණික.. පරිස්සමින් ඉන්න ඕනි හරිද… තනියම කොහෙවත් යන්න එපා… ආයිත් අර මනුස්සයා ආවොත් කතාවට එහෙම යනවා නෙවෙයි.. තාම ඌ ඔයා ඉන්න ගේ දන්නෙ නැති නිස අවුලක් නෑ.. ඒත් පරිස්සමින් හරිද…”

“හ්ම්ම්ම්ම්ම්…”

“අයියෝ… මොකෝ මේ ඇස් වල කදුලු…”

මං එහෙම ඇහුව විතරයි කෙල්ල එක පාරටම මාව බදාගෙන අඩන්න ගත්තා.. කෙල්ලගෙ උණු කදුලු වලින් මගෙ ෂර්ට් එක තෙත් වෙද්දී.. ඒ කදුලු වල රස්නේ හදවතටම දැනුනා… කෙල්ලට වගේම මටත් කෙල්ලව දාලා යන්න දුකයි…. ඒත් ඉතිං මොනා කරන්න්ද… යන්න වෙනවනෙ..

මං තෙනූට ටිකක් වෙලා එහෙම ඉන්න දුන්නේ අඩලා ටිකක් හරි දුක තුනී කරගන්නකන්..

“කෝ… මං දිහා බලන්න මැණික…”

ඒ ගමන කෙල්ල මූණ උස්සලා මං දිහා බැලුවා… තාමත් අඩනවා… ඒක දැකලා මගේ පපුවත් මොකද්දෝ වුනා..

මං අත්දෙකෙන්ම කෙල්ලගෙ මූණ අල්ලගෙන මගේ මාපට ඇගිල්ලෙන් ඒ කදුලු සේරම පිහදාලා දැම්මා.. ඒත් ඉතිං කදුලුනම් නතර වෙන පාටක් නෑ…

නහයත් උඩට ඇද ඇද අඩනවා… මටත් ඒක දැකලා ඇඩෙන්න වගේ… මං එහෙම්මම තව පාරක් හයියෙන් කෙල්ලව තුරුලු කරගෙන ඔලුව සිම්බේ ආදරේ තව තවත් වැඩිවෙද්දි..

“අඩන්න එපා මැණික.. එතකොට මටත් දුකයිනේ… ඔයා ආස මං දුකින් ඉන්නවටද…”

“හරි මං අඩන්නෙ නෑ… හැබයි ආයි ඉක්මනටම මාව බලලා යන්න එන්න ඕනි හරිද…”

“ඉක්මනටම එනවා මැණික..”

එහෙම කියන ගමන් මං බර උනේ ඒ දෙතොල් වලට… ටික වෙලාවකින් මං ඒ දෙතොල් මුදවගත්තේ තවත් එතන හිටියොත් මට යන්න හිතෙන එකා නැති නිසා…

ටිකක් වෙලා ඒ සුදු මූණ දිහා බලන් ඉදලා නලල මත කෙටි හාදුවක් තියලා මං room එකෙන් එලියට ආවා… ආන්ටිටයි,අංකල්ටයි වැදලා අපි සෙට් එකම වත්තල බලා පිටත් උනා…

❤️❤️❤️

අද නම් ඉතිං කුතුහලය ඉතුරු කලේ නෑ… හැමදාම එහෙම කරන එක පව්නේ ඉතිං…

35 අරගෙන හෙට එන්නම්…

ඒ වගේම rate,comment කරපු හැමෝටම තෑන්ක්ස්…

බුදු සරණයි…

මං,
✴️Nawa✴️

3 thoughts on “❤️නොපැතූ සෙනෙහෙ❤️ (දෙවන දිගහැරුම) | 34 වන කොටස | ත්‍රාසජනක කතා |කතා අහුර රචක”

  1. Chathu indeewaree

    තෑන්ක්ස් වස්තු දිග එපිසොඩ් එකක් දැම්මට..අදත් ලස්සනයි කතාව. හැමදාමත් එන්න අපිව බලන්න මේ වගේ ලස්සන එපිසොඩ් අරන්…හැම ගැටළුවකටම ඉක්මණින්ම උත්තරත් ඕන අපිට හොඳේ….? බුදු සරණයි නංගෝ…සතුටින් ඉන්න.

  2. Vibushani madu

    තෑන්ක්ස් අනේ දිග කොටසක් දැම්මට. කතාව ලස්සනයි අක්කියෝ මං හැමදාම ඔයාගෙ කතාව කියවනවා හෙටත් දිග කොටසක් දාන්න හොදේ. බු.ස අක්කියෝ

  3. Ranmali subasinghe

    තැනක් යූ පැට්ටෝ දිගගගගගග කොටසක් දැම්මට.. ???????

    අදත් හුගක්ම ලස්සනයි?… හෙටත් දිගගගගගග කොටසක් දාන්න… ???????

    බුදුසරණයි !!! ????????????????????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.