Katha Ahura

❤️නොපැතූ සෙනෙහෙ❤️ (දෙවන දිගහැරුම) | 35 වන කොටස | ත්‍රාසජනක කතා |කතා අහුර රචක

කතාව කොහොමද?

❤️නොපැතූ සෙනෙහෙ❤️
(දෙවන දිගහැරුම)

-35 වන කොටස-

වත්තල ගෙදරට එද්දි රෑ 10.20 විතර වෙලා තිබ්බා… එනගමන් කෑමත් අරන් ආපු නිසා කට්ටියත් එක්කම කාලා රෑ නින්දට ගියේ අද කරන්න දාගත්ත වැඩේ කරගන්න බැරි උන නිසා හෙට උදේම ඒ වැඩේට යන්න හිතාගෙන…

මගේ හිතත් ඉතිං අදනම් හැගීම් ගොඩකින් පිරිලා තිබුනේ.. මොකද මගෙ කෙල්ල ඉතිං දැන් මාත් එක්ක කලින් වගේම ඉන්නවනේ… ඒත් හිතේ කොනක පුංචි බයක් තියෙනවා කෙල්ලට කරදරයක්වත් වෙයිදෝ කියලා… අර මනුස්සයා ගේ දන්නෙ නැති නිසා දැනට ඉතිං පොඩි chance එකක් තියෙනවා කියලා හිතාගෙන මං හිත හදාගත්තා..

********************************************

පහුවදා උදේම කට්ටියම නැගිටලා ලෑස්ති උනා.. ලෑස්ති උනා කිවුවට ඉතිං වෙනදා පෙනුම… වෙස්වලා ගැනීමක් තමා කරගත්තේ..

“හැමෝම රෙඩි නේද… කට්ටියම මතක් කරලා ප්‍රිස්ටල් ටික ගන්න.. ඒ වගේම ඕනිවෙයි කියලා හිතන හැමදෙම බෑග් වලට දගන්න.. අද ගිහින් අපිට ඕනි දේ කොහොම හරි කරගෙන එන්න ඕනි… ඒකයි..”

කට්ටියම බෑග් ටික චෙක් කරන්න පටන් ගත්තා.. ඒ අතරේ මාත් බෑග් එක චෙක් කලා… මටත් මොනාම හරි අමතක වෙලාද දන්නෙ නෑනේ…

“අපි නම් හරි දේව්.. ඔක්කොම තියෙනවා.. උඹත් රෙඩිද..”

“මාත් ok.. එහෙනම් අපි දැන්ම යමු…”

ඉටපස්සෙ ඉතිං වත්තලා town එකට ගිහින් කඩේකින් උදේටත් කාලා එහෙම්මම අපි ගියේ 7 කණුවට…

අපේ මුල්ම plane එක තමා ප්‍රගීත් අංකල්ව හොයාගන්න එක… මොකද එයා නැතුව අපිට මේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න වෙන්නැති බව අපි දන්නවා…

මාත් මේ ගේම් එකට සම්බන්ධයි කියලා දැනගත්තේ එදා මාත් අර බිත්තියෙ ගහලා තිබ්බ photo අතර හිටපු නිසා… ඒත් කොහොම සම්බන්ද වෙනවද කියන්න තමා දන්නෙ නැත්තේ..

“අපි කොහොමද දැන් ඇතුල්ට යන්නේ… අරුන් හැම තැනම ඉන්නවනේ… මෙච්චර ඉතිං මුර කරන්නේ මේ ගේ ඇතුලේ වටිනා දෙයක් තියෙන නිසා වෙන්නැති නේ…”

“ඔව් මිනුර.. මට හොදටම sure මේ ගේ ඇතුලේ තමා ප්‍රගීත් අංකල්
ඇත්තේ…”

“ගිහින්ම බලමුකො සලිත… ඒක නෙවෙයි.. මං මේ ගේ වටේ පොඩි search පාරක් දාලා එන්නම්.. යන්න තැනක් තියෙයිද දන්නෙ නෑනේ.. උඹලත් ඇක්ටින් පාරක් හරි දාලා බලපන්කෝ…”

මං එහෙම කියාගෙනම ගියේ ගේ වටේ හොදින් බල බල.. ගේ වටේ කිවුවට ඉතිං තියෙන්නෙ දැවැන්ත තාප්පයක්… තාප්පෙන් වට් උනු ඒ ගේ තිබ්බේ රබර් කැලයක් මැද්දේ.. ගේ කියනවට වඩා බංකරයක් කිවුවනම් තමා ගැලපෙන්නේ..

මොකද ඉතිං ගේ ඇතුලට අඩියා තියලා ටිකක් දුර ගිහාම ආයි එලියට එන පාර හොයාගන්න බැරිතරම්… මොන පිස්සුවක් කෙලලා හදලද මන්දා..

තාප්පේ වටේම ගියා.. මොන ඇතුල් වෙන්න පුලුවන් තැනකට දැක්කෙ ඉතිං දඩාර ගේට්ටුවම විතරයි…

එවලේ ආපු ක්ෂනික සිතුවිල්ලක් නිසා මං ගෙදරින් එහාට ගිහින් රබර් වත්තෙ ඇවිද්දා.. ඒත් ඉතිං මුකුත්ම හොයාගන්න පුලුව්න් උනෙ නෑ…

මං ආයිත් අරුන් ටික ඉන්න දිහාට එන්න අපූ පාරෙන් නැතුව වෙන පාරෙකින් ආවේ එතන්ට ගේට් එක ළග නිසා..

ටික දුරක් එද්දි මට අඩිය තියපු ගමන් මගෙ කකුලට මොකක් හරි කැඩිලා යනුවා වගේ ඇහුනා.. මොකද්ද කියලා බලන්න උනෙත් නෑ කකුලත් මොකද්දෝ මන්දා එකක හිරවුනා..

බිම හැමතැනම රබර් කොල… බිම සර්පයෙක් හිටියත් හොයාගන්න බෑ.. ඒත් කකුල ඇතුලට ගිහිපු තැන කොල ටිකක් එහේට මෙහාට වෙලා තිබ්බ නිසා මට දැකගන්න පුලුවන් උනේ යකඩ කම්බි කූරු ටිකකින් හදපු දෙයක්.. ඒක දිරලා නිසයි මගේ කකුල ඇතුලට ගියේ..

මං කොල ටික හොදට පහදලා තව ටිකක් හොදට බැලුවෙ මොකටද කකුල අහු උනේ කියලා… එතකොටයි දැක්කේ යකඩ කම්බි වලින් හදපු රවුම් හැඩැති වැස්මක් කියලා… ෂේප්ප් එකේ කකුලත් උඩට අරගෙන මං අර වැස්මත් අයින් කරලා දාලා බැලුවේ මොකද්ද කියලා.. බැලූ බැල්මට ඒක නිකන් උමගක් වගේ..

මං දාන් හිටියේ බූට් දෙකක් වගේ ටිකක් උස shoes දෙකක් නිසා කකුලට හානියක් උනේ නෑ.. නැත්තන් ඉතිං මට පිටගැස්ම හැදිලා මැරෙනවා..

මං ඉක්මනින් ගියේ අරුන් ටික ඉන්න දිහාවට… එතකොට උන් ටිකත් මං වගේම ‍රබර් වත්තෙ ඇවිදිනවා වට පිට බල බල..

“අඩෝ.. ඔක්කොමලා මෙහෙට වරෙන්නකො දෙයක් පෙන්නන්න…”

මං කතා කරපු සද්දෙට ඔක්කොමලත් එක්ක බැලුවේ මගේ දිහා… ඉටපස්සේ කට්ටියම මං ළගට දුවගෙන ආවා..

“කොහෙද යකූ ගියේ.. අපි මෙහෙ දමාගෙන හොයනවා උඹව..”

“අහ් උඹලා මාවද හෙවුවෙ… මං ඒත් බැලුවා මොනාද උබලා අච්චර වටපිට බල බල හියන්නේ කියලා..”

“ඒක අත ඇරලා දාපන්කෝ.. දැන් පෙන්නන්න තියෙන මගුල පෙන්නල හිටහන්කෝ..”

මං ඉතිං කට්ටියවම අරන් ගියේ මට අහම්බෙන් හම්බවුන දේ පෙන්නන්න…

“මේ රබර් කෑල්ට අවුරුදු ගානකින් කවුරුත් ඇවිල්ලා නැති පාටයි.. කිරිවත් කපලා නෑනේ බං.. බලහල්ලකො…”

බුවනෙක උඩ බලාගෙන කියෝගෙන යනවා… තව පොඩ්ඩෙන් අන්ඩකුත් කඩාගන්නවා…

“ඔහොම නැවතියන් බුවනෙක… ”

ඌ බයවෙලා වගේ නැවතිලා මා දිහා බලාගෙන ඉන්නවා…

“ඔය.. ඔතන බිම බලපන්.. ඕක පෙන්නන්න තමා මං කතා කලේ..”

“අඩෝ.. ඒ මොකද්ද… උමගක්වත්ද..”

“මටත් හිතුනෙ එහෙම තමා… ඒක දැනගන්න ඉතිං ගිහිල්ලම බලන්න වෙයි..”

“මුලින්ම දෙන්නෙක් යමන්.. ඒ යන එක් වැටෙන්නෙ අපිට ඕනි තැනටනම් msg එකක් දාපන්.. ඉටපස්සෙ අපි එන්නම්.. එතකොට ශේප්නෙ…”

“මාත් එක්ක කවුද එන්නේ යන්න…”

“මං එන්නම්..”

කියලා කටගන්න උනේ නෑ ඩෙවෝන් එන්නම් කිවුවා…

“ටෝච් කීයක් ගෙනාවද?”

“තුනයි බං තොයෙන්නෙ.. ඉඹලා එකක් ගනින්.. අනිත් දෙක අපිට ඇති…”

“හරි එහෙනම්… අපි යනන්ම්.. අපෙන් msg එකක් එනකන්.. පොඩ්ඩක් වට පිට ගැන සෝදිසියෙන් ඉදපන් හරිද…”

“හරි හරි දේව්.. අපි ඒ ගැන නියමට බලාගන්නම්.. තවත් පරක්කු නොවී යමන්..”

මායි ඩෙවෝනුයි අර වල වගේ එක ඇතුලට බැහැලා ටිකක් දුර ඉස්සරහට ගියා… ඇතුලනම් ඉතිං හොදටම කලුවරයි… ටෝච් එක තිබ්බ නිසා බේරුනා…. අපි දෙන්නා ඉස්සරහට යද්දි වතුර පාරක සද්දෙකුත් ඇහෙනවා..

“ඇහ් දේව්.. ඒ මොකද්ද..”

“අනෙ මන්දා ගිහින්ම බලමුකෝ.. වතුර පාරක සද්දයක් ඇහෙන්නේ…”

මාත් එහෙම කියලා ඉස්සරහට ඇදුනා.. ඒත් නොහිතපු විදිහට තවත් ඉස්සරහට යන්න පාරක් තිබ්බෙ නෑ.. ගල් වලින් ඔක්කොම වැහිලා තිබ්බේ..

“දැන් මොකද කරන්නෙ දේව්..”

“ගල් ටික අරන් දාලා බලමුද…”

“වෙන විකල්පයක් නෑනේ… එහෙමවත් කරලා බලමු එහෙනම්..”

අපි දෙන්නත් එක්ක හෙන ගේමක් දීලා ගල් ටික අයින් කරන්නයි හැදුවේ.. ඒත් කරුමෙ කියන්නේ ඒවා හෙල්ලෙන්නෙවත් නෑ… අපි දෙන්න කොච්චර try කලත් වැඩක් උනේ නෑ…

“ඕනි මගුලක් කියලා අරුන්ටත් එන්න කියමු බං… අපි දෙන්නගෙ ශක්තිය මදි මේ ටික අයින් කරන්න…”

“ඔව්.. තව මෙතන ඉන්න වෙලාවත් යනවනේ.. ඉක්මනට msg එකක් දාපන් උන්ට එන්න කියලා…”

“මාර සීන් එකනේ… signal නෑනේ මෙතන්ට..”

“ඔහ් ෂිට්.. ඔක්කොම වෙන්නෙ අපිටායි… එහෙනම් උඹ මෙතන ඉදහන්.. මං ඉක්මනට අරුන්ව අඩගහගෙන එන්නම්… තව බලාගෙන ඉන්න ඉන්න අපිට time මදි වෙයි..”

“හරි බං.. ගිහින් එක්මනට වරෙන් එහෙනම්..”

මං දුවලා දුවලා ගියේ අරුන් ටිකව ඉක්මනට එක්කන් එන්න… ඒත් ටික දුරක් යද්දි මං දැක්කෙ වෙන දෙයක්… තවත් පාරක් තියෙනවා වෙන පැත්තකට…

මං එතන ඉදන්ම ඩෙවෝන්ගෙ නම් කියලා කෑගහා බැලුවේ ඌට ඇහෙනවනම් එන්න කියන්න.. එතකොට මට යන්න ඕනි නෑනේ ආයිත් ඌව එක්කන් එන්න…

“ඩෙවෝන්…”

මං උගෙ නම කියලා කෑගැහුව පාරට දෝංකාර දෙනවා.. ඒත් ප්‍රතිචාරයක් නෑ.. ආයිත් උගේ නම කියලා කෑ ගැහුවාම මට ඇහුනා ඌත් මගෙ නම කියනවා..

“ඔහොම්මම ඉස්සරහට වරෙන්.. ඉක්මනට..”

මං එහෙම කිවුවාන ඩෙවෝන් හා කිවුවා… ඒ කියන්නෙ ඉතිං ඌ එනවා ඇතිනේ.. මං එතන්ට වෙලා ඉදගෙන බලාගෙන හිටියෙ ඩෙවෝන් එනක.. ටිකලින් එතන්ට ඩෙවෝන් ආවා..

“මේ බලහන්කෝ.. තව පාරක් තියෙනවා.. අපි මේකෙත් ගිහින් බලමු.. ඒට්ග් ඉටකලින් අරුන්වත් එක්කන් එන්න ඕනි..”

“”ඔව්.. phone වලට signal නැති නිසා අපිට අයිත් එන්න වෙයි නැත්තන් උන්ව එක්කන් යන්න..”

“උඹ මෙතන ඉදහන්.. මං ඉක්මනට එන්නම්..”

මං එහෙම කියන ගමන් ගියේ අරුන්ව හොයාගෙන…. මං එතනට ගිහින් පහල ඉදන්ම කෑගැහුවා.. එතකොට ඔක්කොමලා එතන්ට ඇවිත් වට උනා..

“Msg දන්න signal නෑ බං.. ඉක්මනට වරෙන්.. ඔක්කොමලම යමන්.. නැත්තන් ආයි ඇවිත් කතා කරන්න බෑනේ…”

“හරි හරි.. එහෙනම් යමන්..”

කට්ටියත් එක්කම ඉටපස්සෙ ගියේ ඩෙවෝන් ඉන්න තැන්ට… ඒත් අපි යද්දි ඌ එතන නෑ..

“මං ඩෙවෝන්ට මෙතන ඉන්න කියලා ආවේ… ඌට මොකද උනේ… හයියො…”

❤️❤️❤️

ඩෙවෝන්ට මොකක් වෙන්නැද්ද… කට්ටියට හිතෙන දේවල් කියමු බලන්න…

36 අරගෙන හෙට එන්නම්..

බුදු සරණයි…

මං,
✴️Nawa✴️

3 thoughts on “❤️නොපැතූ සෙනෙහෙ❤️ (දෙවන දිගහැරුම) | 35 වන කොටස | ත්‍රාසජනක කතා |කතා අහුර රචක”

  1. Hashini Navanjana.

    අයීයෝ ඩෙවෝන් අහු වෙලා වත්ද.. ?????
    වෙනදා වගේම අදත් ලස්සනයී කතාව..
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    ?????????

  2. Vibushani madu

    Aiyo ou eyawa allagena wage ane paune. Matanm hithaganna ba mekata devge thiyana sambande mokdda kiyla aiyo kiynnako appa mt eka hithala hithala nikan pissu wage. Kathawa lassanai wenada wagema hetath digaaa kotasak danna hode bs.

  3. Ranmali subasinghe

    ඩෙවෝන්ව අල්ලගෙන නැත්නම් හොදයි මැරයො ටික… ???
    ලස්සනයි !!! ????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.