Katha Ahura

❤️නොපැතූ සෙනෙහෙ❤️ (දෙවන දිගහැරුම) | 36 වන කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක

කතාව කොහොමද?

❤️නොපැතූ සෙනෙහෙ❤️
(දෙවන දිගහැරුම)

-36 වන කොටස-

“ඇයි බං මොකද්ද scene එක?”

“මං ඩෙවෝන්ට මෙතන ඉන්න් කියලා තමා උඹලව එක්කන් එන්න ආවේ… ඒත් දැන් මූ මෙතන නෑ…”

“අඩෝ.. දැන් ඌව කොහෙන්ද හොයන්නේ..”

“අනේ මං සලිත… කෝකටත් අපි මේ පරෙන් ගිහින් බලමු… ඌ අපිව දාලා ගොයාද දන්නේ නෑනේ…”

මං එහෙම කියන ගමන් ඉස්සරවෙලා යන්න පටන්ගත්තා…

“මේ තව පාරක් තියෙන්නේ?”

“අහ් ඒකේ යන්න බෑ මිනුර.. කලින් මායි ඩෙවෝනුයි ගියේ ඔය පාරේ තමා… ඒත් ටිකක් දුර යද්දි පාර වැහිලා… ආයි එද්දි තමා මේ පාර දැක්කේ…”

ඉටපස්සෙ ඉතිං අපි වටේ search පාරක් දාගෙනම ගියා… ඒත් ඩෙවෝන්වනම් දැක්කේ… අපි ඉස්සරහට යන්න යන්න අපිට ඇහුනේ වතුර පාරක සද්දයක්..”

“මේක අස්සේ දියඇලිත් තියෙනවද බං…”

“අනේ මංදා.. බලමුකෝ තව ටිකක් ඉස්සරහටම ගිහින් ඒ මොකද්ද කියලා..”

අපි කට්ටිය හිමිට හිමිට ඉස්සරහට ඇදුනා… දැක්ක දෙයින් මට ඇතිවුනේ කේන්තියක්…

“ඩෙවෝන්… උඹට මං…”

මං දුවලා ගිහින් ඩෙවෝන්ට හොද පාරක් දෙන්න හැදුවේ.. ඇයි යකූ… පිටට නොපෙන්නුවට මං ඩෙවෝන්ගැන ගොඩක් බයෙන් හිටියේ…ඒත් මූ ආතල් එකේ ඉදගෙන ඉන්නවා… මට දැක්ක ගමන්ම ආවේ කේන්තියක්…

මොකද මංනෙ දන්නේ ඌ නිසා මගේ හිත කොච්චර කලබලවෙලාද තිබ්බේ කියලා… අනික මං කැමති නෑ මගේ යාලුවෝ එකෙක්ටවත් මොනවා හරි වෙනවට… ඒත් මූට ගානක් නෑ… ඉතිං කේන්ති නොගිහින් තියෙයිද…

ඒත් කොහෙද.. මට ඩෙවෝනට ගහන්න උනේ නෑ.. අනිත් එඋවො ටික ඇවිත් මාව අල්ලගත්තනේ..

“මං උඹට කිවුවා නේද අතන්ට වෙලා ඉන්න කියලා… මොන රෙද්දකටද තනියම මේක අස්සෙ රින්ගුවේ??”

“අයියෝ දේව්.. ඕකට ඔච්චර කේන්ති ගන්නෙ මොකටද…”

“අහන ලස්සන… උඹ හිතුනේ නැද්ද අපි උඹව හොයයි කියලවත්.. උඹ නැති උනාම කලබලවෙයි කියලා.. දෙන්න් හිතයි මට හොදට..”

” හ්ම්ම්ම්.. sorry දේව්… ආයි එහෙම වෙන්නෙ නෑ..”

“දැන්වත් යමන්..”

අපි තව ටිකක් ඉස්සරහට ඇදුනා… ටික දුරක් යද්දි අපි දැක්කේ ලොකු වතුර පාරක් ගලාගෙන යනවා…

“දැන් කොහොමද එහාපැත්තට යන්නේ??”

“වතුරෙන් බැහැල තමා යන්න වෙන්නෙ බං… වෙන කොහොම යන්නද…”

අපි කට්ටිය සපත්තුත් ගලෝලා ඒ ටික අතට අරගෙන වතුරට බැහැලා කොහොම හරි එහා පැත්තට ගියා…වතුර පාරේ ලොකුවට සැර කමක් තිබ්බෙ නැති නිසා අවුලක් නැතුව යාගන්න පුලුවන් උනා…

“අම්මෝ… පුදුම සීතලක්නේ තියෙන්නේ…”

පොලවෙන් යට ඉන්න නිසා අපිට කොහොමත් ලාවට වගේ සීතලක් තිබ්බ කලින් ඉදන්ම… ඒත් වතුරට බැහැලා ගොඩට ආවට පස්සේ ඒ සීතල වැඩි උනා.. කට කට ගාලා වෙවුලනවා අපිව…

සපත්තු ටිකත් දාගෙන අතුත් එකට මැද මැද අපි තවත් ඉස්සරහට ගියා…

ඒත් නොහිතපු විදිහට පාර ඉවරයි… අපි වටේටම ටෝච් අල්ලලා බැලුවේ යන්න වෙන තැනක් තියෙද කියලා… එතකොටම වගේ මං දැක්කේ උඩින් තිබ්බ යකඩ වැස්ම… හරියටම මට අර කලින් හම්බුන එක වගේ…

“අර තියෙන්නේ… එතනින් ගියොත් අපිට ඕනි තැනට යන්න පුලුවන් වෙයි…”

මං පෙන්නුව දිහා හැමෝම බැලුවා… ඒත් ප්‍රශ්නෙ කියන්නේ ඒක තිබ්බේ අපිට වඩා ටිකක් උඩින්…

“කොහොමද දැන් අපි ඕකෙන් යන්නේ…”

“යන්න කලින් අර රෙද්ද ගලවලා ඉන්න ඕනිනේ ඩෙවෝන්..”

“මෙතනින් උසම එකා ඩෙවෝන්නේ.. උගේ කරට කවුරු හරි නැගලා අරක ගලවන්න…”

“ඔය තියෙන්නේ වතුර වගේ ideas.. දේව් ඉන්නේ ඕවට තමා..”

“අනේ පලයන් බං… දැන්වත් කියවිල්ල නවත්තලා වැඩේ කරමු… කෝ කවුද ඩෙවෝන්ගේ කරට නගින්නේ…”

“මං නගින්නම්…”

එහෙම කියලා චනුකයා ඩෙවෝන්ගේ කරට නැගලා අර යකඩ වලින් හදපු වැස්ම ගලවන්න ට්‍රයි කරනවා.. ඒත් ඒක නෝ හෙල්ලුම්…

“අඩෝ මේක මොනා ගාලද මෙතන තියලා තියෙන්නේ… හෙල්ලෙන්නෙවත් නෑ මේ හු####”

“දැන් මොකද බං කරන්නේ…”

මටනම් මුකුත් idea එකක් තිබ්බේ… අපිගව පිල්ලක් හරි යකඩයක් හරි තිබ්බනම් ඇනලා හරි ඒක ගලෝගන්න තිබ්බා…

“චනුකයා.. මෙන්න මේ ගල්ගෙඩියෙන්වත් ගහලා බලපන්… ඕක කඩෙයිද කියලා…”

මිනුර ලොකු ගල් ගෙඩියක් චනුක අතට දීලා කිවුවා.. චනුකයා එකේන් අරකට තඩිබෑවා… ඒකනම් ටිකක් සාර්ථකයි වගේ… තව ඒකට ගහද්දී ඒක ගැලවිලා විසිඋනා..

“හම්මෝ… අතත් රිදෙනවා..”

“තොගෙ අත වගේද මගෙ කොන්ද… අම්මෝ.. මූ කෙට්ටුවට හිටියට පට්ට බරයිනේ…”

ඩෙවෝන් කොන්දයි,කරයි අත ගගා චනුකයට බනිනවා… අපිට ඉතිං ඒ ඇක්ෂන් ටික දැකලා බඩ පැලෙන්න හිනා..

“අහ් හා.. දැන් ඉතිං එකෙක් ඔලුව දාලා බලපන් වට පිට මොකෙක් හරි ඉන්නවද කියලා..”

ඒ පාර මිනිර ඩෙවොඉන්ගේ කරට නැගලා වටපිට බලනවා..

“නෑ නෑ මචං.. එක හැල හොල්මනක් නෑ..”

“එහෙනම් උඹ ඔහොම්මම උඩට පලයන්.. අනිත් එඋවොත් ඒ විදිහටම යන්න…”

එකින් එකා ඩෙවෝන්ගේ කරට නැගලා උඩට පැනගත්තා.. ඉටපස්සේ ඉතිං ඩෙවෝන් විතරයි පහළ ඉතුරු උනේ… අපි කට්ටියත් එක්ක අත දාලා ඩෙවෝන්ව උඩට ඇදලා ගත්තා කොහොමෙන් කොහොම හරි..

“අම්මෝ… දැන් අතගාපන් මගේ කොන්ද… ”

අයිත් කොන්ද අල්ල අල්ල ඩෙවෝන් කියෝනවා…

“මෙන්න මෙහෙ වරෙන් කට පියාගෙන…”

බුවනෙකයා ඩෙවෝන්වත් ඇදගෙන ඉස්සරහට ඇදුනා.. අපිත් ඒ පස්සෙන්ම ගියේ වට පිට බල බල… තාම හිතාගන්න බෑ කොහෙද මේ ඉන්නෙ කියලා…

අපි ඉස්සරහට ඉස්සරහට ඇවිදගෙන යද්දි දැක්කේ ගෙයක්..

“අර තියෙන්නේ මචං ගේ.. අම්මෝ… ඇති යන්තන්.. අපේ උත්සහය අපතේ ගියේ නෑ..”

ඩෙවෝන් පපුවට අතත් තියාගෙන් ඇස් දෙකත් පියාගෙන හෙන ඇක්ෂන් එකක් දාලා කියෝනවා.. ඌට සතුටු හිතෙන එක සාධාරණයි….ඇයි ඌනේ ලොකුම කට්ට කෑවේ…

කට්ටියම ප්‍රිස්ටල් ටිකත් අතට අරගෙන වටේ බල බල ඇවිදින්න ගත්තා… අපි ගේ ළගට ලගා උනත් කවුරුත්ම පේන්න හිටියේ නෑ… අපි ඇවිත් තිබ්බේ ගේ පිටිපස්සෙන්..

දොර ලොක් කරලා තිබ්බේ නැති නිසා ලේසියෙන්ම ඇතුලට යන්න පුලුවන් උනා අපිට..

ඇතුලට ගියාට යන්න පැත්තක් හිතාගන්න බෑ.. තුන් පැත්තකට පාරවල් තුනක් තිබ්බා…

“අපි බෙදිලා යමු… මායි ඩෙවෝනුයි මේ පැත්තට යනවා… චනුකයි මිනුරයි අර පැත්තට යන්න.. එතකොට සලිත,බුවනෙක.. උඹලා මේ පැත්තට…”

“හරි බං…”

“අහ් තව දෙයක්.. උඹලා කාටම හරි අංකල්ව හම්බුනොත් msg එකක් දාපන්.. ඒ වගේම අර මැරයන්ට අහුවෙන්නැතිවෙන්න යන්න බලන්න.. එහෙම අහුවුනොත් හයියෙන් කෑගහපන්.. නැත්තන් මේ බංකරේ ඇතුලේ උඹලව හොයාගන්න තියා වෙන සිග්නල් එකක්වත් දීගන්න බෑනේ..”

කට්ටිට කිවුව විදිහටම යන්න පටන් ගත්තා.. මායි ඩෙවෝනුයි ගියේ මැද තිබ්බ පාරෙන්.. ඒක පැසේජ් එකක්.. දෙපැත්තෙම බිත්ති… අපි කෙලින්ම ඉස්සරහට ගියා… ඉටපස්සෙ වැටුනෙ සලයක් වගේ එහෙකට… ඒත් වටේටම දොරවල්.. හරියට මං එදා අරුන්ගේ බේරිලා පැනගන්න කියලා room එකෙන් ආපු දවසෙත් මේ වගේම තැනකට මාත් ආවා.. ඒත් ඒ මේ තැනම නම් නෙවෙයි..

ඒකේ තේරුම මේ ගෙදර හැම තැනම හදලා තියෙන්නේ එකකට එකක් සමානව… එකෙන් අපේ ඔලු අවුල් වෙනවා.. එලියට පැනගන්න බෑ.. අපිට හිතෙන්නේ අපිව එකම තැනකට වැට්නවා කියලා කොහෙන් ගියත්..

“අපි ඒ කොහෙන්ද බං යන්නේ.. මටනම් හිතාගන්න බෑ…”

“අපි මෙන්න මේ දොරෙන් යමු… ඒ වගෙම අපි පොඩි මාර්ක් එකකුත් දාලා යමු… එතකොට අපිට ලේසිවෙයි…”

මං එහෙම කියනවත් එක්කම ඩෙවෝන් බිත්තියක මාර්ක් එකක් දැම්මා… ඉටපස්සෙ මං පෙන්නුව දිර ඇරගෙනම අපි ඉස්සරහට ගියා..

ඒකත් පොඩි පැසේජ් එකක්… ඒක දිගේ ගිහාම වැටුනේ කලින් හිටියා වගේම room එකකට… ඒකේ අපි කලින් දාපු මාර්ක් එක තිබ්බෙ නෑ.. ඒ කියන්නෙ ඒක වෙන තැනක්..

ඩෙවෝන් එතනත් මාර්ක් එකක් දැම්මා… අපි එතනිනුත් දොරක් ඇරගෙන ගියා.. එතන්දිනම් අපිට කලින් වගෙම තැනක් නෙවෙයි දකින්න පුලුවන් උනේ… ඒකේ බිත්තිය දෙපැත්තේ පෝලිමට දොරවල්.. අපි ඒ එක එක දොරවල් ඇරගෙන ඇතුල බැලුවා… ඒවා පොඩි room.. හරියට මාව එදා හිර කරලා තිබ්බ ඒවා වගේ.. ඒ එක room එකක්වත් lock කරලා තිබ්බෙ නෑ… මං දකුණෙ පැත්තෙ තිබ්බ rokm ටික check කරන අතරෙ ඩෙවෝන් වම් පැත්තෙ තිබ්බ ටික check කලා..

ඔහොම දිගටම යද්දි ඩෙවෝන්ගෙ බෙටිහන් දිල්ල නිසා මං ඌ ලගට ගියා…

“ඇයි යකූ මොකද උනේ??”

“මේ බලහන්.. මේ දොර ලොක් කරලා.. ඒ කියන්නේ මේකේ කවුරු හරි ඇති… ප්‍රගීත් අංකල්ද දන්නෙ නෑ…”

❤️❤️❤️

ඒකේ ප්‍රගීත් අංකල් ඉන්නවා ඇත්ද.. මොකද හිතන්නේ… කෝ කියන්න බලන්න..

හෙට ඉතුරු කොටස අරන් එන්නම්…

බුදු සරණයි…

මං,
✴️Nawa✴️

4 thoughts on “❤️නොපැතූ සෙනෙහෙ❤️ (දෙවන දිගහැරුම) | 36 වන කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක”

  1. Ranmali subasinghe

    මම හිතනවා රූම් එකේ අන්කල් ඇති කියලා… හෙටම බලමුකෝ…

    තව ටිකක් දිගගගගගගට දාන්න කෝ.. ?????

    බුදුසරණයි !!!

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.