Katha Ahura

❤️නොපැතූ සෙනෙහෙ❤️ (දෙවන දිගහැරුම) | 37 වන කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක

කතාව කොහොමද?

❤️නොපැතු සෙනෙහෙ❤️
(දෙවන දිගහැරුම)

-37 වන කොටස-

“අර කම්බිය ගනින්… ඇරලම බලමු…”

මායි ඩෙවෝනුයි හෙන ගේමක් දීලා
දොර ඇරියා.. ඒත් room එක ඇතුල දැක්කහමනම් දුක හිතුනා..

“අනේ බං.. මේකේ මොකෙක්වත් නෑනේ…”

ඔව් ඔව්.. දුක හිතුනේ කවුරුත් නැති නිසා තමා.. දමාගෙන,හෙන ගේමක් දීලා දොර ඇරියේ… මහන්සිය අපතෙනේ…

අපි දෙන්නා ඉතුරු උන දොරවල් ටිකත් ඇර ඇර බැලුවා.. මොන හොල්මනක්වත් නෑ…

“දැන් කොහෙන්ද බං එලියට යන්නේ?? ආපු තැනින්මද?”

“ඒ වගේ නේද.. මෙතන වෙන යන්න තැනක් නෑනේ…”

අපි ඉතිං ආයිත් කොහොමෙන් කොහොමෙන් හරි දෙවෙනියට හම්බුන සාලෙ වගේ තැනට ආවා.. ඒක වටේම ඉතිං දොරවල්නේ… අපි තවත් දොරක් ඇරලා බැලුවා… ඒකත් දැන් ටිකකට කලින් ගියා වගේ room ගොඩක් තිබ්බ තැනක්..

කලින් වගේම අපි දෙන්නා room ටික check කරන්න පටන් ගත්තා.. ඒත් නොහිතපු ඉදිහට මට 3 වෙනි දොරට අහු උනේ කලින් අපි lock එක කඩපු දොර…

“ඩෙවෝන්.. මේ දොර පොඩ්ඩක් බලහන්..”

මං ඩෙවෝන්ට කතා කරලා පෙන්නුවේ ඌ මොකද්ද කියන්නෙ බලන්න… මට හිතෙනම දේමද දන්නෙ නෑනේ ඌටත් හීතෙන්නේ…

“ඈ යකූ.. මේ අපි කලින් ඇරපු දොරනේ…”

“ඒ කියන්නේ මට වැරදිලා නෑ… මාත් ඉතිං දැක්ක ගමන් ඔහොම හිතුවා..”

“ඒ කියන්නේ අපිට දොරක් හොයාගන්න බැරි උනාට කලින් ය්න්න් දොරකුත් තිබිලා…”

“ඔව් ඩෙවෝන්… ඒත් පෙන්න දොරක් නෑනේ…”

“මං කියන්නම්.. උඹ ඔතනම් ඉදහන්.. මං ආයි කලින් තැනට මේ පැත්තෙන් ගිහින් දොර ඇරගෙන එන්නම්… උඹ බලහන් හරිද?”

“අහ්… ඒක හොදයි… එහෙනම් දැන්මම යමන්… ඉක්මනටම…”

මං කියපු ගමන් ඩෙවෝන් යන්න ගියා… මං බලාගෙන හිටියේ ඩෙවෝන් මතුවෙන්නේ කොහෙන්ද කියලා… මොකද ඉතිං පේන්න ඒ පැත්තෙන් බිත්තිය තියෙන්නේ… දොරක්නම් ඒ හරියක් නෑ… මැජික් වගේ අප්පා..

එක පාරම බිත්තිය නිකන් ගැලවෙනවා වගේ සීන් එකක් මං දැක්කේ… මට මුකුත් හිතාගන්න බැරිඋනා.. ඒත් ඉතිං ඒ අදරින් ඩෙවෝන්ගේ මූණ දකිද්දිනම් මගේ මූණේ ඇදුනේ පුදුමය මුසු හිනාවක්…

“අඩෝ දොර වහන්නෙ නැතුව ඔහොම්මම වරෙන්කෝ… බලහන්කෝ අපිට දොර හොයාගන්න බැරිඋනේ ඇයි කියලා.. ”

ඩෙවෝන් දොර වහන්නෙ නැතුවම බලන්න ගත්තා…ගේ හදපු එවුන්ගෙ කපටිකම කොච්චරක්ද කියනව්නම් මිනිස්සු හොදටම ඇන්දෙනවා…

මොකද දොරෙත් ගාලා තිබ්බේ බිත්තිවල තිබ්බ පාටමයි… අවුල කියන්නේ දොරේ handle එකක් එහෙම් තිබ්බේ එහා පැත්තේ විතරයි.. මේ පැත්තේ කිසිම දෙයක් තිබ්බේ නෑ.. අඩුම මේ පැත්තෙ ලොක් එකක්වත් නෑ…

“මේ දොර මේ පැත්තේ ඉදන් යන එකෙක් අරින්නේ remote එකකින් මං හිතන්නේ… වෙන් ඉතිං ක්‍රමයක් නෑනේ…”

“ඔව් බං.. එහෙම වෙන්නැති… ඒත් අපිර remote නෑනේ… ඒක නිසා මේ වගේ දොරක් ඇරගන්න පුලුවන් ක්‍රමයක් හොයාගන්න ඕනි…”

මං ඩෙවෝනුයි තරගෙට කල්පනාව..ඒ මේ දොර වැහුනාම අරින්නෙ කොහොමද කියලා… මේ පැත්තේ යතුර දාන්නවත් තැනක් තියා දොර අරින්න අගුලක්වත් නෑ…

එතකොටම වගේ මගේ මොලේට ideaවක් ආවා.. සාර්ථක වෙයිද කියන්න තමා දන්නෙ නැත්තේ…

“මචං… remote එකෙන්නම් අරින්නෙ මේ කොහෙ හරි electricity management system එකක් තියෙන්න ඕනි…”

“අඩේ ඔව්මනේ…”

“ඒක හොයාගෙන lock එක කඩලා system එක check කරානම් මේවගේ තියෙන ඔක්කොම දොරවල් ටික ඇරගන්න පුලුවන් බං…”

“ඒත් ඕකේ serious scene එකකුත් තියෙනවනෙ මච්ං..”

“ඔව් බං… waire ටික හොයාගෙ +,- check කරලා හරියට වැඩේ කරන්න ඕනි ඉතිං.. නැත්තන් security alarm එක වදිනවා.. එහෙම උනොත් ඔක්කොම ඉවරයි පුතෝ…”

“උඹගේ මොලේ නම් මරු..”

“එහෙම තමා අපි… excellent නෙ..”

“අහ් හා… යමන් යමන්.. දැන්..”

අපි දෙන්නා යන්න හදද්දිම මගෙ phone එක vibrate වෙනවා දැනුනා… අරන් බලද්දි සලිතයා..

“හෙලෝ සලිත… අංකල් හම්බුනාද…”

“නෑ මචං… දැන් ගෙදර ඉන්නේ අපි සෙට් එක විතරයි…”

“උඹ කොහොමද එහෙම කියන්නේ?”

“අංකල්වත් දාගෙන අරුන් ඔක්කොම වෑන් එකක යන්න ගියා බං… අපරාදේ… මෙච්චර කට්ටක් කාලාත් අපිට වැඩේ කරගන්න බැරි උනානේ..”

“ඔහ් ෂිට්… අපරදේ… ඉක්මනට යමන්… කොහෙද ගෙනියන්නේ කියලා බලාග්න්න ඕනි..”

“ඒ scen එක වෙද්දි අපිත් එක්ක චනුකයයි,මිනුරයයිත් හිටියා… උන් දෙන්නා ගියා follow කරන්න… ඉන්න තැන හොයාගෙන අපිට msg එක දෙයි…”

“අම්මෝ.. ඇති යන්තන්… වෙලාවට බං එහෙම ගියේ..”

“දැන් උඹලා වරෙන්කෝ ඉස්සරහට…”

“ඉස්සරහට එන්න පාර දන්නෙ නෑ යකූ… හිටහන්.. හොයාගෙන එන්න්ම්..”

“ඇයි මොකෝ වෙලා තියෙන්නේ?”

මං phone එක cut කරනවත් එක්කම ඩෙවෝන් මගෙන් ප්‍රශ්නාර්ත මුහුණකින් ඇහුවා…

“අරුන් ඔක්කොමලා ප්‍රගීත් අංකල්වත් දාගෙන වෑන් එකක ගිහින්…”

“හපොයි.. ඒ මොන මගුලක්ද උනේ… බලහන්.. අපි කට්ට කාගෙන ආවේ… උන් හෙන අසාධාරන වැඩ කරන්නේ…”

ඩෙවෝන් නහයෙන් අඩනවා කියෝ කියෝ.. මට නම් හිනා ඌ ඒ ටික ඇදලා පැදලා කියපු විදිහට…

“තෝ මොකටද හිනාවෙන්නේ… හිනා නොවී කියපන් දැන් කොහොමද අපි අංකල් ඉන්න තැන දැනගන්නෙ…”

“චනුකයයි,මිනුරයි බයික් එකේ ගිහින් උන් පස්සෙන්…”

“වෙලාවට උන් මොලේ කල්පනා කරලා වැඩක් කරලා… නැත්තන් ඉතිං මංනෙ මොලේ වෙහෙසලා ප්‍රගීත් අංකල් කොහේද කියලා හිතන්න.. උඹලා එකෙක්ගෙන්වත් වැඩක් නෑනේ… මං නැතුව මුකුත් කරගන්න බෑ බොලාලට..”

“ඒකනෙ මං උඹව එක්කන් ආවේ… දැන්වත් යන්ද ඔය කතාව නවත්තලා… තව මුකුත් කියලා මගෙන් මුකුත් අහගන්න එපා..”

“මුගෙ ගෑස්..”

ඩෙවෝන් මට එක එක ඒවා කියෝ කියෝ එනවා..

අපි අලුතෙන් හොයාගත්ත දොරෙන්ම එතන්ට ගිහින් අපි තවත් දොරක් ඇරලා බැලුවා… ඒකෙන් ටිකක් දුර ඉස්සරහට ගියහම අපිව වැටුනෙ ලොකූ සාලෙකට…

“අම්මෝ… මං නම් හිතුවෙ නෑ මෙච්චර ඉක්මනට මෙතන්ට එන්න පුලුවන් වෙයි කියලා…”

“මොකද්ද යකෝ මේ ගේ… පිස්සු හැදිලා ආයේ හැදෙනවා… මගෙ ඔලුවත් රිදෙනවා…”

“හරි හරි ඩෙවෝන්… දැන් ඉතිං එලියට ආවානේ… ඒ ගැන නොහිතා හිටහන්..”

“ඒක නෙවෙයි.. අපි එලියට ගිහින් කොහෙට හරි වෙලා ඉමු.. බැරිවෙලාවත් උන් ආයෙත් ආවොත් අපිත් මාට්ටුනේ…”

“ඔව් බුවනෙක… කට්ටියම යමු…”

අපි බයික් වලටත් නැගලා ටිකක් එහාට ගිහින් ඒ ටික නවත්තලා කාටවත් පේන්නෙ නැතිවෙන්න හිටියා..

පැය බාගයක් විතර බලන් හිටියාට පස්සෙ තමා කෝල් එකක් ආවේ…

“හෙලෝ මිනුර.. අරුන් ගිහිපු තැන හොයාගත්තද?”

“ඔව් බන්… දැන් මේ ඒ හරියේ ඉන්නෙ.. අර ප්‍රගීත් අංකල්ගෙ ගෙදර තියෙන්නේ… එහෙට තමා අරන් ගියේ..”

“අහ් හරි බං… අපි ඔතන්ට එන්නම්..”

“අර අපි මුලින්ම ගියේ තට්ටු දෙකේ ගෙදරකට සාක්ෂි හොයන්න කියලා.. අන්න එහෙට අරන් ගිහින් තොයෙන්නේ…”

මං phone එක සාක්කුවට දාගන්න ගමන්ම කිවුවා…

“ඒක ප්‍රගීත් අංකල්ගෙ ගේ නේද…”

“ඔව් බුවනෙක… දැන් අපි එතන්ට යන්.. අරුන් දෙන්නා ඒ හරියෙලු ඉන්නේ…”

ඒත් එක්කම අපි බයික් වල නැගලා විනාඩි 20කින් විතර අරුන් ඉන්න තැනට ගියා…

“උඹලා දැක්කෙ නැද්ද බං අංකල් ඒකේ ඇතුලේ ඉන්නවා…”

“ගෙදරදි දාගන්න් කොට දැක්කා.. ඉටපස්සෙනම් දැක්කෙ නෑ බං… මේ ගෙදර තාප්පෙ ගහලා නිසා පේන්නෙ නෑනේ ඉතිං…”

“කොහොම හරි අද අපි අංකල්ව මෙතනින් පන්න ගන්න ඕනි බං… නැත්තන් හෙට වෙද්දි තව කොහේ අරන් යයිද දන්නෙ නෑ…”

“ඔව් බං.. ඒකනම් ඇත්ත.. අරෙහෙන් අංකල්ව මෙහෙට ගෙනාවේ මොන රෙද්දකටද දන්නෙ නෑ…”

“ඒක දන්නෙ උන්ම තමා…”

❤️❤️❤️

අංකල්ව හොයාගෙන අරන් යන්න පුලුවන් වෙයිද මේ කට්ටියට…

හෙට එන්නම් ඉතුරු ටික අරන්…

බුදු සරණයි…

මං,
✴Nawa️✴️

3 thoughts on “❤️නොපැතූ සෙනෙහෙ❤️ (දෙවන දිගහැරුම) | 37 වන කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක”

  1. Chathu indeewaree

    අදත් ලස්සනම ලස්සන එපිසොඩ් එකක් දාලා නංගෝ ඔයා.. ඊළඟට වෙන දේ ඉතින් අපි හෙටම බලමුකෝ නේද? තෑන්ක්ස් කෙල්ලේ දැන් දිග එපිසොඩ් දානවට. පුළුවන්නම් තවත් දිගගගගගගගගගට දැම්මත් අපිටනම් කිසිම අවුලක් නෑ හොඳේ….?

  2. Ranmali subasinghe

    කට්ටියට ප්‍රගීත් අන්කල් හම්බ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා… ??

    කතාව ලස්සනයි? දැන් තමයි නියම හරිය යන්නේ ???

    බුදුසරණයි නවෝ ????????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.