Katha Ahura

❤️නොපැතූ සෙනෙහෙ❤️ (දෙවන දිගහැරුම) | 38 වන කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක

5/5 - (1 vote)

❤️නොපැතූ සෙනෙහෙ❤️
(දෙවන දිගහැරුම)

-38 වන කොටස-

“කොහොම හරි අද අපි අංකල්ව මෙතනින් පන්න ගන්න ඕනි බං… නැත්තන් හෙට වෙද්දි තව කොහේ අරන් යයිද දන්නෙ නෑ…”

“ඔව් බං.. ඒකනම් ඇත්ත.. අරෙහෙන් අංකල්ව මෙහෙට ගෙනාවේ මොන රෙද්දකටද දන්නෙ නෑ…”

“ඒක දන්නෙ උන්ම තමා…”

“දැන්ම ඔතන්ට ගියොත් වැඩේ චොර වෙනවා මචං… අපි රෑට යමු… රෑට උන් බීගෙන වෙරි මරගාතේ ඉද්දි අපිට ලේසියි…”

“ඒක ඇත්ත බං.. එහෙනම් දැන් යමු… ගිහින් තව ටිකක් කලුවර උනාම එමු…”

“අනේ බං… කෑවෙත් නෑ.. කලා ඉමුකෝ… උඹලට බඩගින්නක් කියලා එකක්වත් නැද්ද යකූ…”

චනුකයා පටන් ගත්තා ඉතිං උගේ අඩෝවැඩියාව..

“හපෝ යමන් යමන්.. මූට කන්න නොදුන්නොත් අපිව මරාගෙන කයි..”

අපි සෙට් එක ගියේ කන්න බලාගෙන.. නොකිවුවට ඉතිං මටත් බඩගිනී…

“අඩෝ අර පෙට්ටි කඩේ නවත්තපන්.. ඕවගෙ කෑම පට්ට රහයි බං…”

චනුකයා බෙරිහන් දෙනවා.. ඌ කෑම ගැන expertනෙ… අපිත් ඉතිං බයික් ටික එතන නවත්තලා ඇතුලට ගියේ බඩට මොනාහරි දාගන්න..

උණු උණු රොටි එක්ක කූණිස්සෝ දාලා හදපු කට්ට සම්බෝලෙ දැක්කහම කටට කෙලත් උනනවා…

කට්ටියම රොටි කෑවේ.. කඩෙන් එලියට එද්දි නයි වගේ ඔක්කොමලා පිබිනවා… සම්බෝලේ power එක තමා…

“අඩෝ 6ත් වෙලා… උඹලා කීයටද ආයි අර ගෙදරට යන්න හිතාගෙන ඉන්නේ…”

“දැන්ම ගියාට වැඩක් නෑනේ… 9ට 10ට විතර එන්න ඕනි…”

“එහෙනම් දැන් ගෙදර යන එක හොදයි… තවත් රස්තියාදු නොවී යමන්ලා ගෙදර… ඕනි කරන ඒවා ලෑස්ති කරගන්නත් ඕනිනෙ…”

හැමෝම සලිතගේ කතාවට එකගවෙලා බයික් වලට නැගලා ගෙදර බලා පිටත් උනා..

ගෙදර ඇවිල්ලා හැමෝම wash එහෙම දාගෙන ලෑස්ති උනේ අද රෑ යන ගමනට ඕනි වෙයි කියලා හිතන බඩු ලෑස්ති කරගන්න…

කඹ,පිහි,ටෝච් වගේ ඕනිවෙයි කියලා හිතුන අනං මනං හැමදේම අපි බෑග් වලට දාගත්තා..

“බඩුත් රෙඩි මමත් රෙඩි…”

ඩෙවෝන් එයාගේ බෑග් එක වහලා පැත්තකින් තියන ගමන්ම කිවුවා..

“උඹ රෙඩි උනාට තව වෙලා තියෙනවා..”

“හරි හරි බං මිනුලයෝ.. මං දැන් යමු කිවුවෙ නෑනේ… රෙඩි කියලා කිවුවේ..”

මං අම්මට කතා කරලා එන්නම්… අද දවසටම ගන්න බැරි උනනේ… නොගත්තොත් බැනුම් කෝටියයි…

මං එහෙම කියාගෙනම phone එක අතට අරන් ගෙදර ලෑන් ලයින් එකට කෝල් කලා….

ආන්ස්වර් කලේ මල්ලි… අපි දෙන්නා සෙට් උනොත් වලිම තමා… ඒකට තැනක් නොතැනක් තියා phone එකෙන්ද කියලවත් අදාල නෑ..

දෙන්නත් එක්ක වලියෙ ඉද්දි අම්මා මල්ලිට බැන බැනම phone එක අරන මට කතා කරනවා මට ඇහුනා..

අම්මටත් කතා කරලා,තාත්තටත් කතා කරලා phone එක cut කරලා ඉලගට ගත්තෙ තෙනූට…

ඒ අනිත් බෝම්බේ.. අම්මෝ.. අම්මා හොදයි එයා එක්ක බලද්දි…දැන් ගත්ත ගමන්ම බැනුම් කෝටියයි… මොකද අද දවසටම කෝල් කරන්න බැරි උනානේ..

එහා පැත්තෙන් phone එක answer කරපු ගමන් ඇහුනෙ කණට මී පැණි වක්කරනවා වගේ වදන් පෙලක්… ඒ තරම් මිහිරි… Hikz..

මං සොරි කියලා කොහොමෙන් කොහොම හරි තෙනූව shape කරගත්තා… නැත්තන් කන් දෙක ඉවරයි..

“මල් කැඩුවා ඇති… වරෙන් යන්න..”

ඩෙවෝන් බෙරිහන් දෙනවා… මං වෙලාව බැලුවේ යන්න වෙලාව හරිද බලන්න… හම්මට… 9ටත් කිට්ටුයි… මං එහෙම්මම තෙනූටත් විස්තරේ කියලා phone එකත් සාක්කුවට දාගෙන අරුන් ටික ඉන්න තැනට ගියා…

“උඹටත් ඉතිං මල් කඩන්න තියෙනවනම් කරන්න ඕනි වැඩේ මතකත් නෑ…”

“මගෙන් මුකුත් නාහ ඉදහන්…”

“දැන් කොහොමත් මුකුත් අහන්න වෙලාවක් නෑ.. යමන්..”

චනුකයා තවත් මොනාද මන්දා කියෝ කියෝ ගියා…

කට්ටියම බයික් වලට නැගලා ගියේ ප්‍රගීත් අංකල්ගේ ගෙදරට…

ගිහින් වටේ පිටේ search පාරක් දැම්මේ වෙන මනුස්සයෙක් අපිව දැකලා හොරජම් කරන්න ආවා කියලවත් හිතුවොත් ඔක්කොම ඉවරනේ…

අපේ වෙලාවට කවුරුත් පෙන්න නෑ.. දැන් ඉතිං තාප්පෙට නැගලා ඇතුලේ එවුවෝ ගැන බලන්න තියෙන්නේ…

ඒ වැඩේ ඩෙවෝන්ට බාර කලේ ඉන්න උසම එකා ඌ නිසා…

ඩෙවෝන් අපි කලින් දවසකත් ඔය ගෙදරට ගිය තැනින්ම තාප්පෙය නැගලා ගහට මුවා වෙලා වට පිට බලපු එක…

අපි බලන් හිටියේ ඌ බැහැලා එනකන් විස්තරයක් දැනගන්න… ටිකකින් ඩෙවෝන් අපි ළගට ආවා..

“මොකද තත්ත්වෙ එතන…”

මගේ හිතේ තිබ්බ ප්‍රශ්නෙ මං ඩෙවෝන් ආපු ගමන්ම ඇහුවා…

“ටික දෙනෙක්නම් ගෙම්බා පොලවෙ ගහලා වගේ නොදි… තව එවුවෝ ටිකක්නම් ඇහැරගෙන ඉන්නවා…”

“මං කියන්නම්… අපෙන් එකෙක් ගිහින් අර බෝතලේ උන් එකෙන්ට දීලා වරෙන් කවුරු හරි දුන්නා කියලා..”

“බුවනෙකයව හොදයි.. ඌව අදුනගන්න බෑ වැඩිය වෙස්වලාගෙන ඉන්න විදිහට..”

“හරි එහෙනම් බුවනෙක උඹ ගිහින් දීලා වරෙන්.. වැඩේ චොරගන්න නම් එපා පුතෝ…”

කියන පරක්කුව විතරයි… ඌ බෝතලේ අරන් ගිහිනුත් ඉවරයි… අපි බලාගෙන හිටියේ බුවනෙකයා එනකන්… ඌ වැඩේ චොරගත්තොත් එහෙම ඔක්කොම ඉවරයිනේ…

ටික වෙලාවකට පස්සෙ බුවනෙක ඈතින් එනවා දැක්කහම තමා ලේ ටිකක් ඉනුවේ ඇගට..

“මොකෝ උනේ?”

බුවනෙක මෙතන්ට එන්නත් කලින් ඌ එහෙම අහගෙනම ඌ ළගට දිවුවා…

“මං එතන්ට ගිහින් ගේට් එකට තට්ටුවක් දැම්මා… ගේට් එක ඇරලා හොදට මං දිහා බැලුවා… මගේ අතේ තිබ්බ බෝතලේ දැක්ක පාර ඌ කට කපලා හිනා උනානේ මාත් එක්ක… ඉටපස්සෙ එතන හිටපු තව එකෙක්ට කතා කලා.. ඌ ඇවිත් මගෙ අතින් අතින් බෝතලේ අරගෙන මට සල්ලි දීලා ගේට් එක වැහුවා…”

“ඈ බං දේව්.. ඒ මොන හරුපයක්ද වෙලා තියෙන්නේ?”

ඩෙවෝන් ඇසුත් ලොකු කරගෙන මගෙන් ඇහුවා… ඌව දැකලා මට හිනා….

“උන් කාට හරි call කරලා කියන්නැති බෝතලයක් ගෙන්න කියලා.. බුවනෙකයා ගියහම හිතන්නැති ඒ අර call කරලා ගේන්න කියපු බෝතලේ කියලා… ඒකයි එහෙම උනේ…”

“දෙන දෙයියෝ උඩ පැන පැනම දෙනවා කියන්නෙ ඕකට තමා..”

“ඩෙවෝන් උඹ ගිහින් බලපන් උන් ඒක බොනවද කියලා..”

අපි ඒකට නිදි පෙති කලවම් කරලා දුන්නේ.. ඒකනිසා උන් අරක බිවුවාම ලස්සනට නිදාගනී…

“ඩෙවෝන් එනකන් අපු කට්ටිය කයියක් දාගෙන හිටියේ වෙන කරන්න දෙයක් නැති නිසා..”

එතකොටම 3 wheel එකක් ඇවිත් නතර කලා…

“මේ අර බෝතලේ වෙන්නැති බං… අරුන් කෝල් කරලා ගේන්න කියපු.. මූ ගියොත් වැඩේ චොරවෙයිද දන්නෙ නෑ.. මොකක් හරි කර්පන්..”

මිනුරයා හෝ ගාලා කියෝනවා… බීමු මිනිස්සුන්ට කොහෙද ඔහොම සිහියක්.. මේක දැක්ක පාර උන් මේජත් බොයි. ඒත් ඉතිං එහෙම නොවුනොත් තවත් මගුලක්නෙ… ඒක නිසා බුවනෙකයා අතේ තිබ්බ සල්ලි ටිකත් අරන් මං ඌ ලගට ගියා..

“අයියේ… අයියා ඔය ගෙනාවේ අපි අර ගේන්න කිවුව එක නේද..”

“ඔ..ඔව්.. ඒත් මට call කලේ වෙන කෙනෙක්නේ…”

“අහ්.. මේ.. ඔව් ඔව්… එයා තමා මට කිවුවේ ඔයා ඕක ගෙනාවම අරන් එන්න කියලා.. මෙන්න මේ සල්ලි ටිකත් දෙන්න කිවුවා..”

“අහ් එහෙනම් හරි… මං ගියා.. ඕක පරිස්සමට ගිහින් දියන් මල්ලි… නැත්තන් මාත් ඉවරයි…”

“අයියා පොඩ්ඩක්වත් බයවෙන්න එපා.. මං දෙන්නම්..”

මං ලොකූ හිනාවකුත් එක්ක එහෙම කිවුවාන ඌ යන්න ගියා.. මං අරුන් ටිල ළගට යද්දි ඩෙවෝනුත් ඇවිත්…

“උඹ ගානට වැඩේ කරලා වගේ… නියමයි මචං…”

මගේ පිටට තට්ටුවක් දානගමන් චනුකයා කිවුවා….

“ඒක නෙවෙයි… මොකෝ අතන තත්ත්වේ…”

“එතන වැඩෙත් හරි… උන් හොදට බොනවා…. තව ටිකකින් දොයි… දැනටමත් දොයිද දන්නෙ නෑ…”

“එහෙනම් guys අපි අපේ වැඩේ පටන්ගමු… ඔය බයික් ටික හංගලා අපි අර ගහට නැගලා උඩ තට්ටුවට පැනගමු..”

බයික් ටිකත් හන්ගලා අපි තාප්පෙට නැගලා අර ගහ ආධාරයෙන් උඩ තට්ටුවට නැග ගත්තා..

දොර ලොක් කරලා තිබ්බෙ නැති නිසා අපි ඇතුලට ලේසියෙන්ම ගියා…

“දැන් කට්ටියම බෙදිලා යන්.. මතක් කරලා phone ටික silent කරගන්න… අංකල්ව හම්බුන ගමන් msg එකක් දාපන්… ඒ වගේම පරිස්සමින් මචං… ඇතුලෙත් මැරයී ඉන්නවද දන්නෙ නෑනේ..”

මං රහසින් ඒ ටික කිවුවට පස්සෙ කට්ටියම හරි කියන්න ඔලුව වනලා බෙදිලා ගියා…

මායි ඩෙවෝනුයි,චනුකයි සලිතයි,මිනුරයි බුවනෙකයි විදිහට කට්ටිය බෙදිලා ගියා..

මායි ඩෙවෝනුයි උඩ තට්ටුවෙ බලන්න තීරණය කලා.. අනිත් හතර දෙනා පහලට ගියා..

❤️❤️❤️

මොකද හිතන්නෙ කට්ටිය.. අදවත් එයාලට ප්‍රගීත් අංකල්ව හොයාගන්න පුලුවන් වෙයිද?
ආනන්ද කියන කෙනාට මෙයාලව මාට්ටු වෙයිද?

ඒ ටික දැනගන්න හෙට වෙනකන් ඉන්න වෙනවා.. ඔයාලට හිතෙන දේවල් කියාගෙන යන්නකෝ…

බුදු සරණයි…

මං,
✴️Nawa✴️

2 thoughts on “❤️නොපැතූ සෙනෙහෙ❤️ (දෙවන දිගහැරුම) | 38 වන කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක”

  1. අනේ දැම්ම හම්බෙන්නැත්නං හොදයි වගේ…කතාව නං නියමයි අප්පා…හ්…හැමදාම හරියටම 3ටම කතාව දාන්න බැයිද අප්පා….

  2. Ranmali subasinghe

    එයාලට මොකුත්ම උනේ නැත්නම් හොදයි… ???

    හෙටත් දිගගගගගග කොටසක් දාන්න නවෝ… ???

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.