Katha Ahura

❤️නොපැතූ සෙනෙහෙ❤️ (දෙවන දිගහැරුම) | 39 වන කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක

කතාව කොහොමද?

❤️නොපැතූ සෙනෙහෙ❤️
(දෙවන දිගහැරුම)

-39 වන කොටස-

මායි ඩෙවෝනුයි,චනුකයි සලිතයි,මිනුරයි බුවනෙකයි විදිහට කට්ටිය බෙදිලා ගියා..

මායි ඩෙවෝනුයි උඩ තට්ටුවෙ බලන්න තීරණය කලා.. අනිත් හතර දෙනා පහලට ගියා

*******************************************

මායි ඩෙවෝනුයි උඩ තිබ්බ හැම කාමරයක්ම වෙන වෙනම ගිහින් බැලුවා… ඒත් අංකල්වනම් හම්බුනේ නෑ..

වැදගත් වෙයි කියලා හිතෙන කිසිම දෙයක් හම්බුනේ නෑ… එතකොටයි මගෙ phone එකට msg එකක් ආවේ…

“Ikmanata pahalata waren… uncle innawa..”

සලිතගේ msg එක දැක්කහම මට දැනුනේ පුදුම සතුටක්… හරියට හැමදේම විසදුනා වගේ…

“අඩෝ අංකල්ව හම්බවෙලා.. ඉක්මනට යමන්..”

මං ඩෙවෝන්වත් ඇදගෙන පහලට ගියා…

අපි දෙන්නා පහලට යද්දි සලිත අපිව එක්කන් ගියේ අංකල් හිටපු room එකට..

“අංකල් ඉක්මන් කරන්න.. අපි දැන්ම මෙතනින් යන්න ඕනි..”

මෙච්චර අමාරුවෙන් අංකල්ව හොයාගෙන ආයි miss කරගන්න බෑනේ… ආනන්ද කාරයවත් ආවොත් එහෙම ඔක්කොම ඉවරයිනෙ… ඒක නිසාමයි මං එතන්ට ගිහිපු ගමන් එහෙම කිවුවේ..

අංකල් අපිව දන්නෙත් නෑ.. ඒත් කතා කරපු ගමන් ආවා… අපි ගැන විශ්වාස ඇති…

අරුන්ටික හොදටම බීලා… නිදි පෙති දාපු නිසා සුපිරියටම නින්ද ගිහින්… ගෙම්බා පොලවෙ ගැහුවා වගේ නිදි.. ඒක නිසා අපිට ගේට් එකෙන්ම එලියට එන්න පුලුවන් උනා… සලිතයයි මිනුරයයි තමා කෙට්ටුම ඩයල් දෙක.. උන් දෙන්නා එක්ක බයික් එකේ අංකල්ට ය්න්න් කියලා අපිත් ඒ පස්සෙන්ම ගියා..

යන ගමන් අංකල්ට කෑම එකකුයි අරගෙන ගෙදරටම ගියා.. අංකල් නම් හ්ම්ම්ම් නෑ….

ගෙදරට ආවට පස්සෙත් ටිකක් වෙලා යනකන් මං මුකුත්ම ඇහුවෙ නැත්තෙ අංකල් වචනයක් හරි කතා කරලා අපෙන් මොනා හරි අහනකන්..

ඒත් මුකුත්ම කියන්නෙ නෑ.. ම්ගෙනාපු කෑම එකත් කන්න දීලා මං බලාගෙන හිටියේ අංකල් කාලා ඉවරවෙනකන්.. කෑවට පස්සෙ මං මට තියෙන ප්‍රශ්න කන්දරාව අහනවා කියලා හිතාගෙන..

විනාඩි 20කට විතර පස්සෙ අංකල් අපි ඉන්න තැනට ඇවිල්ලා ඉදගත්තා…

“අංකල්.. මට දැනගන්න ප්‍රශ්න ටිකක් තියෙනවා… හැබයි ඇත්තම කියන්න අංකල්… plz…”

“මොනාද පුතාට මගෙන් දැන ගන්න ඕනි..”

අංකල් අපිත් එක්ක කතා කරපු පලවෙනි වචන ටික.. මට මහා අමුත්තක් දැනුනා… ඒත් ඒ දේට වඩා මගේ හිතේ තියෙන්නේ ලොකූ ප්‍රශ්න කන්දරාවක්..

“මුලින්ම මට දැනගන්න ඕනි ඇයි ආනන්ද කියන කෙනා අංකල්ව හිර කරගෙන ඉන්නේ කියලා…”

“කියන්නම්.. ඒත් දරුවෝ… ඔයා මේ හැමදෙයක්ම අත ඇරලා දාලා දුරකට යන්න… ඔයා,මේකට පැටලෙන්න එපා..”

“නෑ අංකල්…මේ ගේම් එකට මගෙන් සම්බන්ධයක් තියෙනවා… ඒත් කොහොද කියන්න මං දන්නෙ නෑ.. ඒත් ඒක අංකල් දන්නවා…”

මං එහෙම කියද්දි අංකල් හොදටෝම බය උනා.. මං අංකල්ගෙ මූණෙක් හොදටම ඒක දැක්කා..

“අංකල් දැන් ඒ ගැන හිතන්න එපා… මට මුලින්ම දැනගන්න ඕනි මං මුලින්ම අහපු ප්‍රශ්නෙට උත්තරේ..”

අංකල් ලොකූ හුස්මක් පිට කලේ පපුවෙ තියෙන බර නිදහස් වෙන්න වගෙ…

“ආනන්ද ඔයාලව රැවැට්ටුවා පුතා.. ඒත් එයා කියපු ගොඩක් දේවල් ඇත්ත…”

“අංකල් කොහොමද ඒක දන්නේ…”

“මං හැමදේම දන්නවා පුතා.. ඌ ඔය දේවල් මට කියලා කලේ මාව රිද්දපු එක..”

“හරි.. දැන් අංකල් මුල ඉදන් හැමදේම කියන්නකෝ…”

“ඔයාලා දන්නවා ඇතිනේ… මං ප්‍රගීත් බණ්ඩාරනායක.. බණ්ඩාරනායක කිවුවාම නොදන්න කෙනෙක් නැති තරම්… මගේ තාත්තා තමා බණ්ඩාර නායක කියන්නේ… එයා නැති උනාට පස්සේ මට තමා ඒ හැම දේම අයිති උනේ.. මොකද මං පවුලේ එකම ළමයා නිසා… මං ටික කාලයක් තාත්තගෙ බිස්නස් තනියම කරගෙන ගියා… ඒ අතරෙ තමා මං ආනන්දව මගෙ බිස්නස් වලට ගත්තේ…

ආනන්ද කියන්නෙ මගෙ හොදම යාලුවා… ඌට බිස්නස් ගැන හොද දැනුමක් තිබ්බ නිසා මං ඌව joint කරගත්තා… ඌ මුල ටිකේ හොදටම වැඩ කලා… අපේ බිස්නස් තවත් ඉස්සරහට ගෙනියන්න පුලුවන් උනා මට… ඒත් එක කාලෙකෙදි අපේ බිස්නස් වැටෙන්න එන්න එන්න වැටෙන්න ගත්තා… එක පාරටම එහෙම වෙන්න හේතුවක් හිතාගන්න බැරි උනා…

පස්සෙ මං හොයලා බලද්දි මට ආරංචි උනේ මං කවදාවත් බලාපොරොත්තු උනෙ නැති දෙයක්… මේ හැමදේටම හේතුව ආනන්ද… මං ඌට සැලකුවේ මගේම සහෝදරයෙක්ට වගේ… ඒත් ඌ එහෙම නෑ… ඌ මගේ බිස්නස් වලින් පුදුම තරම් සල්ලි ගසා කාලා තිබ්බා… ඒකත් කාටවත්ම ලේසියෙන් හොයාග්න්න බැරිවිදිහට…”

අංකල් එහෙන කියලා ලොකූ හුස්මක් අරන් පිටකලා… ඒ හුස්මෙ බර හරියට මගේ පපුවටත් දැනුනා වගේ හැගීමක් මට දැනුනේ.. ටිකකින් අංකල් ආයි කතාව පටන් ගත්තා..

“මං මේ දේවල් දැනගත්තට පස්සේ මට ආනන්දව එපාම උනා.. මොකද ඌ මගෙ විශ්වාසේ කැඩුවා.. තවත් ඌව තියාගෙන හිටියොත් තියෙන ටිකත් නැතිවෙනවා කියලා හොදටම sure.. ඒක නිසා මං එයාට සල්ලිත් දීලා පිලුවන් තරම් හොදින්න කිවුවා..

කිවුවා වගේම ඌ ගියා. ඒත් එදා ඌ මට අමුතු හිනාවක් දාලා ගියේ… මට ඒක ඇල්ලුවේ නෑ.. ඒත් මං වැඩිය ගනන් ගත්තෙ නෑ..මාසයක් විතර කිසිම කරදරයක් නැතුව හැමදේම හොදින් සිද්ද උනා… එත් නොහිතපු විදිහට මට ආරංචි උනේ මගේ බිස්නස් ටික ආනන්ද උගේ නමට ලියාගන්නවා කියලා… ඒකට ඌට උදව් කරන කෙනෙක් ඉදලා තියෙනවා ඔෆිස් එකේ… ඒත් මට ඒක කිවුවේ ඔෆිස් එකේ වැඩකරන කෙනෙක්මයි…”

“ඔය ටිකනම් අර මනුස්සයා මටත් කිවුවා….”

“ඔව් පුතා ඌ කිවුව ගොඩක් දේවල් ඇත්ත…”

“ඉටපස්සේ මොකද්ද අංකල් උනේ?”

“මං ඒවා දැනගද්දි පරක්කු වැඩී… මං ඒ දේවල් දැනගත්තා කියලා දැනගෙන ඌ මට කලින් ඉස්සර උනා.. මං එදා ඔෆිස් එකේ ඉදන් ගෙදර ගියේ ආනන්දගේ මේ වැඩ වලට මොනා කරන්නද කියලා හිත හිත… මං එදා ගෙදර යද්දි ගොඩක් රෑ උනා… මට තිබ්බ ප්‍රශ්නත් එක්ක මං එදා බීලා තමා ගෙදර ගියේ… ඒක නිසාමයි රෑත් උනේ…

මං ගෙදර යද්දි ගෙවල් දොරවල් ඇරලා දාලා… මට ළමයි දෙන්නෙක් හිටියා.. ඒත් එක ළමෙක් හිටියේ මගේ ළග නෙවෙයි… අරූ කිවුවේ මට පොඩි ළමෙක් ඉන්නවා කියලනේ.. ඒත් ඒකනම් බොරුවක්.. මට හිටියේ ලොකු ළමයි දෙන්නෙක්…

මං ගෙදර හැම තැනම හෙවුවා ඒත් එයාලා නෑ.. මං පිස්සුවෙන් වගේ හෙවුවා.. මං හොයලා හොයලා බැරිම තැන ඔලුවට අත් දෙකත් ගහගෙන කල්පනා කලේ මොනා කරන්නද කියලා… එතකොටම මට ඇහුනේ හුරුපුරුදු හිනා හඩක්…”

“ඒ අර ආනන්ද කියන එකා වෙන්නැති..”

“ම්ම්ම්ම්.. ඔව්.. ඌ තමා.. ඌ මගේ ළමයවයි,wifeවයි අරන් ගිහින්… මං උගෙ බෙල්ලෙන් අල්ලගත්තෙ මරන්න තරම් කේන්තියෙන්… ඒත් ඌ මට video call එකලින් පෙන්නුවෙ මගේ wife වයි ළමයවයි පුටුවක තියලා ගැට ගහලා ඔලුවට ප්‍රිස්ටල් එකත් තියලා.. මට අරූගේ බෙල්ල අත ඇරුනෙව් ඉබේමයි…”

“හපොයි.. ඌ මර එකෙක්නේ… දෙවියනේ.. අපිත් ඌ එක්ක හිටියනේ…”

චනුකයා බයවෙලා වගේ කියෝනවා… ආයි අංකල් එයාගෙ කතාව පටන්ගත්තා..

“ඌ මට පේපර්ස් ටිකක් දිග් කරලා කිවුවා ඒ ටිකට sign නොකොලොත් ගෑණිවයි ළමයවයි මරනවා කියලා…

ඒත් මං මොකටද උට මගේ දේවල් දෙන්නේ.. මං කිවුවා මට සතියක් දෙන්න කියලා… ඌ ඒකට එකග උනා…

ඒ අතරෙ මං මගේ දේපල වල අයිතිය මගේ wife වගේම ළමයි දෙන්නටත් ලිවුවා.. ඒයාලගෙ පසු අයිතිය තියෙන්නේ මගේ අනිත් ළමයට.. මගේ නමට කිසිදෙයක් නෑ.. ඒක ආනන්ද දන්නෙ නෑ.. ඌ හිතුවෙ ඒ හැමදේම මගේ නමට තියෙන්නෙ කියලා.. මං අර පේපර්ස් වලට sign කලා… ඒත් වැඩක් නෑනේ.. ඌ wifeවයි,ළමයයි නිදහස් කලාට පස්සෙ මං එයාලවත් අරන් Australia වලට ගියා..

අපි කිසිම කරදරයක් නැතුව එහෙ අවුරුද්දක් විතර හිටියා.. ඒත් දවසක නොහිතපු විදිහට ආනන්ද කාරයා ආවේ මැරයෝටිකකුත් එක්කා.. මට හිතන්නවත් මොහොතක් නොහිතා ඌ මගෙ ගෑණිවයි ළමයවයි මරලා දැම්මේ කිසිම හිතක් පපුවක් නැති එකෙක් වගේ..

ඌ මටත් කුනුහරුපෙන් බැන බැන හොදටම ගැහුවා.. මං ඌව රැවැට්ටුවා කියලා…”

“එතකොට අංකල් අර අනිත් ළමයා… එයා ඇයි වෙනම ඉන්නේ… අනික එයාට කරදරයක් වෙයි කියලා හිතුනේ නැද්ද.. එයාව තනියම ලංකාවේ දාලා ආවේ..”

“නෑ.. එයා ආරක්ෂිතයි.. ඒත් දැන් එහෙම නෑ…. ආනන්ද මගේ ජීවිතේ හැමදේම දැනගෙන හිටියා.. මොකද මගෙ හොදම යාලුවා නිසා මං ඌට හැමදේම කිවුවා… ඒත් ඌ මගෙ අනිත් ළමයා හිටපු දිහාව දැනන් හිටියෙ නෑ.. ඒක නිසා ආරක්ෂිතයි.. ඒත් දැන් ඌ දන්නවා මගේ ළමයා ඉන්න දිහාව… ඌ කොහොමහරි ඒක හොයාගත්තා..

උන් මට ගහලා ගහලා මාව ආයිත් ලංකාවට එක්කන් ඇවිල්ලා හිරකරලා තිබ්බා… මට බය තිබ්බේ මං ගැන නෙවෙයි… මගෙ පුතා ගැන.. මොකද මට ජීවත් වෙන්න තිබ්බ එකම බලාපොරොත්තුව එයා විතරයි දැන්..”

❤️❤️❤️

ඔයාලගෙ ඔක්කොම ප්‍රශ්න දැන් විසදෙයි.. කතාවත් ඉවරවෙන්න ළගයි…

හෙට ටිකෙන් ඔයාලට ගොඩක් දේවල් පැහැදිලි වෙයි… අදට මං ගියෝ..

බුදු සරණයි..

මං,
✴Nawa️✴️

3 thoughts on “❤️නොපැතූ සෙනෙහෙ❤️ (දෙවන දිගහැරුම) | 39 වන කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක”

  1. Ranmali subasinghe

    මම කිව්වෙ ප්‍රගීත් අන්කල් දේව්ගේ තාත්තා කියලා.. මම හරි නේද ???

    දැන්නම් ප්‍රශ්න හුගක් විසදෙයි ඉක්මනටම…

    බුදුසරණයි !!!

    1
  2. ප්‍රගීත් අංකල්ගෙ පුතා දේව්.
    දේව්ට තමයි දේපල සේරම අයිති.
    ඒ නිසයි දේව්ව මේකට පැටලිලා තියෙන්නේ.
    හැමදාම වගේ කතාව ගොඩාක් ලස්සනයි .
    හරිම ආසාවෙන් කතාව කියවනවා .
    All the best.
    ???????

    2

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.