Katha Ahura

❤️නොපැතූ සෙනෙහෙ❤️ (දෙවන දිගහැරුම) | 40 වන කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක

කතාව කොහොමද?

❤️නොපැතූ සෙනෙහෙ❤️
(දෙවන දිගහැරුම)

-40 වන කොටස-

උන් මට ගහලා ගහලා මාව ආයිත් ලංකාවට එක්කන් ඇවිල්ලා හිරකරලා තිබ්බා… මට බය තිබ්බේ මං ගැන නෙවෙයි… මගෙ පුතා ගැන.. මොකද මට ජීවත් වෙන්න තිබ්බ එකම බලාපොරොත්තුව එයා විතරයි දැන්..”

************************************************

“එත් ආනන්ද මං නොහිතපු විදිහට එයා ගැන හැම විස්තරයක්ම දැනගෙන තිබ්බා.. මගේ ළමයා ඉන්න තැන පවා ඌ හොයාගෙන තිබ්බා…

ඌ හැමදේම හොයාගෙන ඇවිල්ලා ඒ හැමදේම මගෙ ඉස්සරහට ඇවිත් කියනවා.. මොකද ඌ දන්නවා ඒකෙන් මට රිද්දන්න පුලුවන් කියලා…

ඔය සිද්දි ටික උන අතරෙ මගේ ළමයා ඉදලා තියෙන්නෙත් ඕස්ට්‍රේලියා වල… ඒක ඌ දැනගෙන ඉදලා තිබ්බා.. ඒ වගේම දැන් දේපල ටික අයිති ඔයාට කියලත් ඌ දැනගෙන තියෙනවා..”

ඒ ටික ඇහුනාමනම් මං උඩ ගියා… මේ දේපල ටික අයිති පුතාට කිවුවනේ… එහෙම තියෙද්දි මං දිහා බලලා ඔයාට කිවුවාම කවුද පුදුම නොවෙන්නේ… මං හිතුවේ අංකල් ඉන්න වයස නිසා අංකල්ට වැරදින්නැති කියලා.. අනික අංක්ල් ඉන්නේ ගොඩක් දුකින් කියලා අපි හැමෝටන තේරුනා.. මං ඒක නිසාම සද්ද නැතුව හිටියා.. අරුනුත් ඇස් ටික ජිල් බෝල සයිස් කරගෙන මා දිහයි අංකල් දිහයි බලනවා.. මං ඔලුව වනලා කිවුවේ මුකුත්ම කියන්න එපා කියන්න…

මට මේ හැමදේටම වඩා උවමනා උනේ මං මේකට සම්බන්ධ උනේ කොහොමද කියලා දැනගන්න..

“එතකොට කෝ අංකල්ගේ පුතා..”

අංකල් ටිකක් වෙලා මං දිහා බලන් ඉදලා බර හිස්මක් හෙලලා ඔලුව බිමට හරෝගෙන ටිකක් වෙලා හිටියා… උත්තරයක්නම් හම්බුනේ නෑ….

ඒ ළමයවත් අර මනුස්සයා මැරුවද දන්නෙ නෑ.. නෑ නෑ.. එහෙම වෙන්න විදිහක් නෑනේ…. දේපල අයිති ඒ ළමයටනම් තාම ඒ ළමයා ඉන්න ඕනී… ඒත් කෝ…

මගෙ හිතට මහ විකාර විකාර දේවල් ගලාගෙන එනවා… අංකල් ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්නෙත් නෑ…

“අංකල්..”

මං අංකල්ගෙ කර උඩින් එක අතක් තියලා කතා කලා..

“අංකල්ට මහන්සි ඇති බං… වෙලාව බලපන්.. 1ටත් කිට්ටුයි… දැන් ගිහින් නිදාගමු… හෙට උදේට හැමදේම දැනගමු..”

ඩෙවෝන් එහෙම කිවුවාම තමා මටත් මතක් උනේ මේ රෑ නේද කියලා… අංකල්ටත් නිදාගන්න තැනක් හදලා දීලා අපිත් නිදාගන්න ගියා..

ඒත් මටනම් නින්දගියේම නෑ… මෙතන මං නොදන්න ලොකූ දෙයක් මොකක් හරි තියෙනවා කියලනම් විශ්වාසයි… ඒත් එක්කම මට මතක් උනේ අංකල්ගෙන් එයාගෙ පුතා ගැන ඇහුවාම මුකුත් නොකියා හිටියා එක ගැන… ඒක මගෙ හිතට එච්චරටම දැනුනෙ ඇයි කියන්න මංවත් දන්නෙ නෑ…

කොහොමෙන් කොහොමෙන් හරි මට පස්සෙ දන්නෙම නැතුව නින්දගිහින් තිබ්බා… මං ඇහැරුනේ phone එක බෙරිහන් දෙන්න ගත්ත නිසා…

Phone එක අරගෙන බලද්දි call එකක් ඇවිල්ලා තිබ්බා අදුනන්නෙ නැති එකකින්… මං එහෙම්මම ආයිත් අනිත් පැත්ත හැරිලා නිදාගත්තා.. මට තිබ්බේ පුදුම නිදිමතක්.. ඇයි ඉතිං මට රෑ හරියට නින්ද ගියේ නෑනේ…

“අඩෝ.. නැගිටපන් හු###”

කවුදෝ මන්දා එහෙම කියන ගමන් මං පෙරෝගෙන හිටපු sheet එකෙන් ඇද්දා.. නිදිමර ගාතේ නිසා කවුද කියලවත් මට කටහඩින් අදුන ගන්න බැරි උනා.. අදුනගන්න උවමනාවක් තිබ්බෙත් නෑ… මං එහෙම්මම නිදාගත්තා…

ආයි ටිකකින් එක පාරට කවුදෝ මන්දා ඇගට පැන්නා… අම්මෝ… එතකොට නම් පැන්නේ මොකා උනත් මට උගේ අම්මා,අප්පා මතක් උනේ…

“තොට මෝ## ද යකූ.. අම්මෝ මගෙ කොන්ද… ෂිට්.. නිදගන්නවත් නෑ…”

මං බැන බැන නැගිටලා බැලුවා… හපොයි… වස ලැජ්ජාව… අරුන් ටික ඔක්කොමලා ඇද වටේ හිටගෙන මහ පල් හිනාවලුත් දාගෙන මගෙ දිහා බලාගෙන ඉන්නවා…

“යකූ.. වෙලාව බලහන්.. 11ට කිට්ටුයි…”

අම්මට සිරි… මම ඇදෙන් බැස්සා නෙවෙයි පැන්නා.. අපිට කොයින්ද මෙහෙම නාස්තිකරන්න කාලයක්.. මං ඉක්මනට wash එකකුත් දාගෙන අරුන් ඉන්න තැනට ගියා… යද්දි උන් කෑමත් ගෙනත්.. මං එනකන් කන්න බලන් ඉන්නවා…

කට්ටියත් එක්කම කාලා අංකල් වටේට වට උනේ කතාවේ ඉතුරු ටික අහගන්න..

“අංකල් ඊයේ මගේ පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ දුන්නා.. මට තව ප්‍රශ්න දෙකක් තියෙනවා… ඒ දෙකෙන් එකක් ඇහුවා.. ඒත් ඉතිං උත්තරයක් ලැබුනෙ නෑනේ… මං ඒ ප්‍රශ්න දෙකම කියන්නම්… අංකල් ඒ දෙකෙන් කැමති එකකට මුලින්ම උත්තර දෙන්න…”

“පුතා අහන්න හදන්නේ මගේ පුතා කවුද කියලයි,පුතා මේ කට සම්බන්ධ කොහිමද කියලයිනෙ…”

අංකල් පුතා කියද්දි මට දැනුනේ හරි අමුත්තක්.. හුරුපුරුදු බවක්.. ඒත් ජීවිතේ පළවෙනි වතාවට හම්බුන කෙනෙක්ව කොහොමද හුරුපුරුදු වෙන්නේ… මටත් පිස්සු… මෙච්චර ප්‍රශ්න තියෙද්දි ඕනැති මගුල් හිතනවා.. මං මගේ හිතට තරවටුවක් දානගමන් ඒ සිතුවිලි වලට තිත තියලා කතා කරන්න ගත්තා..

“ඔව් අංකල්.. මට තියෙන්නෙ ඒ ප්‍රශ්න දෙක තමා..”

“හරි… මං දෙවනි එකට උත්තර දෙන්නම්.. එතකොට පුතාට තුන්වෙනි එකට නිකන්ම උත්තරයක් හම්බවෙයි..”

“මගේ පුතා තමයි ඔයා…”

“මොකක්..”

මං ඉදගෙන හිටපු පුටුවෙන් මාව ඉබේම නැගිට්ටුනා.. මේ මොන හරුපයක්ද අංකල් කියවන්නේ… අංකල්ට පිස්සුවත් හැදිලද දන්නෙ නෑ…

අපෙ අනිත් එවුවෝ ටිකත් ඒක ඇහුන පාර කටවලුත් ඇරගෙන බලාගෙන ඉන්නවා.. පුදුම නැතුවෑ… මට තාත්තා කෙනෙක් ඉද්දි වෙන මනුස්සයෙක් ඇවිත් මං එයාගේ පුතා කියද්දි…

“අ..අංකල්ට වැරදිලා අංකල්… මං ඔයාගෙ පුතා නෙවෙයි…”

“පුතා හිතනවා ඇති මට පිස්සු කියලා… ඒත් ඒක තමා ඇත්ත… මං මේ කතා කරන්නේ හොද සිහියෙන්..”

“එ.. එහෙම කොහොමද අංකල් වෙන්නේ…”

මට මුකුත් හිතාගන්න බෑ.. මං තුෂ්නිම්භූත වෙලා බලාගෙන හිටියෙ මේ මොනාද වෙන්නෙ කියලා… මට මුකුත් අහන්න තරම්වත් සිහියක් නෑ..මගේ ප්‍රශ්නෙම අනිත් අයටත් තියෙන්නැති… ඒක නිසා චනුක අංකල්ගෙන් ඇහුවා…

“ඇත්තටම ඔයා මගේ පුතා දරුවෝ… දැන් ඉන්න අම්මා,තාත්තා ඔයාගේ ඇත්ත අම්මයි තාත්තයි නෙවෙයි… මගෙයි,නිල්මිණීගෙයි දරුවා..”

“නිල්මිණි කියන්නේ ඔයා marry කරපු කෙනාද අංකල්?”

“නෑ දරුවෝ.. නිල්මිණි කියන්නේ මං යාලුවෙලා හිටපු කෙල්ල.. මට එයාව හම්බුනේ scl ගිහිපු කාලේ… දැන් මෙහෙම හිටියට ඒ කාලේ මාත් එන හැන්ඩියා… මොකද කෙල්ලො මගෙ පස්සෙනුත් ආවා.. ඒත් මගේ හිත ගියේ නිල්මිණිට…”

අංකල් කියන ඒවා මං අහගෙන හිටියේ හීනෙන් වගේ… අරදෙන්නා මගේ අම්මයි තාත්තයි නෙවෙයි කිවුවාම මට ඒක දරාගන්න බැරිවුනා… මොකද එයාල මට පොඩි වෙනසක්වත් කලේ නෑ.. මට හොදට සැලකුවා.. මාත් ඒ දෙන්නට ගොඩක් ආදරෙයි… මට නිකන් පිස්සු වගේ….

“අපි දෙන්නා ආදරේ කලා… අවුරුදු 5ක්… ඒත් මං scl ගිහින් ඉවර උනහම නොහිතපු විදිහට මගෙ තාත්තා මට marry කරන්න කියලා කෙල්ලෙක්ව proposal කලා… මං එදා කිවුවා මට එයාව marry කරන්න බෑ කියලා… ඒ වගේම නිල්මිණි ගැනත් කිවුවා… ඒත් තාත්තා එදා මුකුත් කිවුවේ නෑ… මගේ අම්මා නැති වුනේ මං පොඩි කාලෙමයි… තාත්තා තමා මාව උස්මහත් කලේ… තාත්තා කිවුවොත් දෙයක් ඒක අනිවාර්යයෙන් කරන්න ඕනි… නැත්තන් මොනවයින් මොනවා කරයිද දන්නෙ නෑ.. ”

අංකල්ගෙ අස් දෙකේ කදුලු පිරෙනවා මං බලාගෙන.. ඒත් ඒ කවුරු වෙනුවෙන්ද කියලා මටනම් හිතාගන්න බැරි උනා..

“නිල්මිණි ගැන කිවුවාම තාත්තා සද්ද නැතුව හිටිය නිසා මං හිතුවේ තාත්තා ඒකට කැමති වෙලා කියලා… මං දවසක් නිල්මිණිව අපේ ගෙදර එක්කන් ආවා… තාත්තට අදුන්වලා දෙන්න… එදා තාත්තා නොහිතපු විදිහට නිල්මිණිට හොදටම බැන්නා.. මටත් බැන්නා නිල්මිණිව අතාරින්න කියලා.. නිල්මිණිට සල්ලි නැති නිසා තාත්තා එයාට විරුද්ද උනා.. මං එයාව marry කලොත් මට කිසිම දේපලක් දෙන්නෙ නෑ කිවුවා… ඒත් මට ඕනි උනේ දේපල නෙවෙයි.. නිල්මිණිව.. මං එයට කිවුවා… එයාව ඉක්මනටම මගෙ ලගට ගන්නවා කියලා..”

නොහිතපු විදිහට අංකල්ගෙ ඇස් වලින් කදුලු ගලනවා…

අපි සද්ද නැතුව හිටියෙ අංකල්ගෙ හිතේ තියෙන දුක කදුලුත් එක්ක හරි ටිකක් අඩුවෙලා යයි කියලා හිතුව නිසා…

“මං හිතුවේ එදා තමයි අපි මුණ ගැහුන අන්තිම දවස කියලා… එදයින් පස්සෙ නිල්මිණිව මට හම්බුනේ නෑ.. එයා මට ලියුමක් වෙන මනුස්සයෙක් අතේ එවලා තිබ්බා… ඒකේ තිබ්බ විදිහට එයා මගෙන් ඈත් වෙනවා කියලා තිබ්බා… එයා නිසා මට හැමදේම නැති කරගන්න එපා කියලා තිබ්බ… තාත්තා කියන කෙනාව marry කරලා සතුටින් ඉන්න් කියලා තිබ්බා.. එයාව ආයි හොයලා කටදර වෙන්න එපා කියලා තිබ්බා… ඒත් මං හෙවුවා එයාව හැමතැනම.. ඒත් හොයාගන්න බැරි උනා..”

“කෝ එතකොට මගේ අම්මා.. මේ කතාවේ හැටියට නිල්මිණි මගේ අම්මා නෙවෙයිනේ…”

“එයා තමා අම්මා ඔයාගේ…”

“ඒ කොහොමද..”

“නිල්මිණිව ගෙදර එක්කන් එන්න මාසෙකට විතර කලින් මගෙ අතින් එයාට ඒ දේ උනා.. ඒ.. ඒත් මං දැනන් හිටියෙ නෑ ඒ දේ නිසා එයා pregnant උනා කියලා.. මං මේ දේවල් දැනගද්දි ගොඩක් පරක්කු වැඩී… නිල්මිණි හොද අම්මා කෙනෙක්… එයා ඔයාව තනියමම හදාගෙන තිබ්බා..”

❤️❤️❤️

ඔයාලගෙ ගොඩක් ප්‍රශ්න විසදෙන්නැති නේද දැන්.. දැන් ඉතිං කතාව ඉවරවෙන්න ළගයි ළමායි…

හෙට එන්නම් එහෙබම් තව ප්‍රශ්න තියෙන ඒවට උත්තර අරගෙන..

බුදු සරණයි…

මං,
✴️Nawa✴️

2 thoughts on “❤️නොපැතූ සෙනෙහෙ❤️ (දෙවන දිගහැරුම) | 40 වන කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක”

  1. Ranmali subasinghe

    මම කිව්ව දේ හරිනේ නේද ??? ???

    ඉක්මනින්ම කතාව ඉවර කරනවද??? ? ?????

    මේක ඉවර උනාම ඉක්මනින්ම තව කතාවක් අරන් ඉක්මනටම එන්න කෙල්ලේ ?

    සුභ පතනවා ලස්සන කතා ලියන්න ශක්තිය දෛර්යය ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා පැට්ටෝ !!! ??❤️??❤️??❤️??❤️??❤️??❤️??❤️??❤️

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.