Katha Ahura

❤️නොපැතූ සෙනෙහෙ❤️ (දෙවන දිගහැරුම) | 41වන කොටස | ත්‍රාසජනක කතා | කතා අහුරරචක

කතාව කොහොමද?

❤️නොපැතූ සෙනෙහෙ❤️
(දෙවන දිගහැරුම)

-41 වන කොටස-

“නිල්මිණිව ගෙදර එක්කන් එන්න මාසෙකට විතර කලින් මගෙ අතින් එයාට ඒ දේ උනා.. ඒ.. ඒත් මං දැනන් හිටියෙ නෑ ඒ දේ නිසා එයා pregnant උනා කියලා.. මං මේ දේවල් දැනගද්දි ගොඩක් පරක්කු වැඩී… නිල්මිණි හොද අම්මා කෙනෙක්… එයා ඔයාව තනියමම හදාගෙන තිබ්බා…”

**********************************************

“එ.. එතකොට කෝ මගේ අම්මා… එයාට මොකද උනේ…”

“ඔයාට අවුරුද්දක් විතර වෙද්දි ඔයාගෙ අම්මට පිස්සු හැදිලා… එයා මට නොකියා ගියාට එයාට මං නැති අඩුවයි ඔයාව තනියම බලගන්න උන එක ගැනම හිතලා පිස්සු හැදුනා කියලා තමා කියන්නේ ඩොක්ටර්ස්ලා කියන්නේ.. ඒත් මං ඒ හැමදේම දැනගද්දි පරක්කු වැඩියි….

දවසක් මං ගමනක් යද්දි පාරෙ මැද මිනිස්සු වට වෙලා හිටියා… මං වාහනේ නවත්තලා බැලුවා මොකද්ද වෙලා තියෙන්නෙ කියලා… එතකොට මං දැක්කෙ ලේ විලක් මැද වැටිලා හිටිය ඔයාගේ අම්මව… මට ඒක දැක්ක පාර මුකිත් හිතාගන්න බැරිවුනා.. මට හිතුනෙ මං හීනයක් දකිනවා ඇති කියලා.. ඒත් එක ඇත්ත.. මං පිස්සුවෙන් වගේ එතන්ට වෙලා කෑ ගැහුවා… මට සිහියක් තිබ්බෙ නෑ hospital අරන් යන්නවත්…එතන ඉන්න මිනිස්සු කිවුවාම තමා මට නිල්මිණිව hospital අරන් යන්න මතක් උනේ..ඒත් මං පරක්කු වැඩී.. එයාව hospital අරන් යද්දිත් එයා අපිව දාලා ගිහින් පුතා..”

නොහිතපු වෙලාවක මගේ ඇත්ත තාත්තා මගෙ අතත් අල්ලගෙන අඩන්න පටන් ගත්තා.. මටත් ඉබේම ඇඩුනෙ ලොකු මතකයක් නැති උනත් ඒ මගේ අම්මා නිසා වෙන්නැති… මගේ හදවත නතර වෙන්න එනවා වගේ හැගීමක් මට දැනුනේ..

“මං එතකොටවත් දැනන් හිටියෙ නෑ මට පුතෙක් ඉන්නවා කියලා නිල්මිණිගෙයි මගෙයි… මං මගේ වියදමින් නිල්මිණිගෙ ආදහන කටයිතු කලා… පුලුවන් උපරිමෙන්.. දන්නවද පුතා… මළගෙදර ඔක්කොම වැඩ ටික ඉවර උනාට පස්සේ මං එදා ගෙදර යන්න ගියා… ඒත් මං හිටියෙ මැරිච්ච මිනිහෙක් ගානට… මොකද මං marry කරලා හිටියා උනත් මං නිල්මිණිට ආදරේ කලා… ඉතිං එයාගෙ මරණය මට දරාගන්න අමාරු උනා..

මං පිස්සෙක් වගේ නිල්මිණි හිටිය ගෙදරින් එලියට බැස්සේ ගෙදර යන්න හිතාගෙන… ගෙයින් එලියට බැහැලා ටිකක් දුර යද්දි මගෙ ඉස්සරහට ආවේ චූටි කොලු පැටියෙක්… ඒ වෙන කවුරුත් නෙවෙයි… ඔයා… මං දවස් 3ක් ඉදලත් මං මළගෙදරදි ඔයාව දැක්කේ නෑ… ඔයාව දැක්ක පලමු වෙලේම මට මහ මොකද්දෝ මන්දා දැනුනා… හරියට හුරුපුරුදු බවක් වගේ… ඒත් එක්කම එතන්ට ආවේ මැදිවියේ ගෑණු කෙනෙක්…

මගේ හිතේ තිබ්බ බර ඔයාගේ මුණ දැක්කහම මැජික් එකක් වගේ නැතිවෙලා ගිහිපු විදිහ මටත් පුදුමයි… හිතට ආපු සිතුවිල්ලෙන්ම මං ඔයාට අත දික් කලා වඩාගන්න හිතාගෙන… ඔයත් දෙවරක් නොහිතම මං ලගට ආවේ මූණේ ලොකු හීනාවකුත් එක්ක…

අපි දෙන්නා ළගට ආපු මැදිවියේ ගෑණු කෙනා අපි ළගට වෙලා බලන් හිටියේ ඇස් දෙකත් ලොකු
කරගෙන…. ඒ වගේම බයකින්…”

එතකොටම මගේ phone එක ring වෙන් ගත්තා… බැලූ බැල්මට හුරුපුරුදු no එකක් වගේ… ඒක නිසාම මං answer කලා…

“අ.. අනේ දේව්…. මාව බේරගන්නකෝ… අනෙ… ඉක්මනටම එන්න… මට බයයි… අනෙ දේව්…”

එහාපැත්තෙ ඇහුනේ තෙනූගේ කටහඩ… මට උන්හිටි තැන් අමතක උනා… මගේ ඇග සීතල වෙලා ගියා..

“තෙනූ මැණික… ඔයා කොහෙද ඉන්නේ… මො… මොකද්ද උනේ?”

“අහ් ඉලන්දාරියා.. කොහොමද ඉතිං… සැපෙන් සනීපෙන් ඉන්නවද?”

ඒ කටහඩ අදුනගන්න මට වැඩි වෙලාවක් ගියේ නෑ… ඒ කටහට ඇහුන ගමන් මගේ ඇගේ මාලු නටනවා වගේ… ඒ call කලේ වෙනකවුරුත් නෙවෙයි… ආනන්ද…

“තමුසේ මගෙ කෙල්ලට මොනාද කලේ අහ්… මං උඹව ඉතුරු කරන්නෙ නෑ… කොහෙද මගෙ කෙල්ලව ගිනිච්චේ.. කියපන්…”

“උඹ ප්‍රගීත්ව අරන් යන්න කලින් හිතන්න තිබ්බා… උඹ මේ දැන්ම ප්‍රගීත්වත් අරගෙන උගෙ ගෙදරට එනවා…. හරියටම තව පැයකින්… ඉට කලින් ඇවිත් මගෙ ප්ලෑන් අවුල් කරන්න හැදුවොත් උඹට කෙල්ලව සදහටම නැතිවෙයි..”

මගේ අත හොදටම වෙවුලනවා කේන්තියට… මට ඌව මරාගෙන මැරෙන්න තරම් කේන්තියි…

“ඇ… ඇයි පුතා… මොකද උනේ… මොකද්ද ප්‍රශ්නෙ…”

“අරූ මගේ කෙල්ලව අල්ලගෙන ඇවිල්ලා හිරකරගෙන ඉන්නවා… මං තාත්තව එතනින් අරන් ආපු නිසා ඌ එහෙම කරලා…”

“ඔය මනුස්සයා ඔහොම කලේ ඔයාට කියලා දේපල ටික ගන්න… මාව ළග තියාගත්තෙ ඌ ප්‍රයෝජනේකට… ඒත් ඔයා මාව බේරගෙන ආවාම ඌට ඔයාව ගෙන්න් ගන්න විදිහක් නැති නිසා තමා එහෙම කලේ…”

“මං ඌව ඉතුරු කරන්නේ නෑ… ඌ තෙනූට කරදරයක් කරයිද දන්නෙ නෑ… ඕනි මගුලක් කියලා දැන්ම යන්න හිතෙනවා…”

“එකක් මතක තියාගන්න පුතා… මොනම හේතුවකටත් ඔයා කොලේ Sign කරන්න නම් එපා… එහෙම උනොත් ඔයාලාගෙ මහන්සිය නිකන්ම අපතේ යනවා…”

“ඒත් ඌ මගෙ කෙල්ලට මොනාහරි කලොත්… මට වටින්නේ දේපළ වලට වඩා කෙල්ල තාත්තේ…”

“එහෙම කියන්න එපා දරුවෝ… ඒවා අයිති ඔයාට… දැන් ඔයා තමා මගෙ බිස්නස් ටික හැඩ්ල් කරන්න ඕනි… අපි ඒ කෙල්ලව බේරගමු… මට phone එක දෙන්නකෝ…”

මං තාත්තට phone එක දුන්නා… තාත්තා phone එකත් අරගෙන ගිහින් කාටදෝ call කලා…

මං එහෙම්මම පුටුවට බර වෙලා කල්පනා කලේ මොකද්ද කරන්නේ කියලා…

“අපි තෙනූව බේරගමු බං… උඹ ඔහොම අවුල් ගන්න එපා… උඹ ශක්තිමත්ව ඉන්න ඕනිනේ… අපි දැන්ම යන් බං…”

“ඔව් චනුක… ඒත් කොහොමද උන් එක්ක හැප්පෙන්නේ… ඌට මිනිස්සුන්ව මරනවා කියන්නේ මහා ලොකු දෙයක් නෙවෙයිනේ… මට බය මගෙ කෙල්ල ගැන… උන් මොනා කරයිද දන්නෙ නෑ…”

“අපි ඉන්නවනේ බං… මොනාහරි ගේමක් ගහමු…”

අපේ කතාව අතරතුර එතන්ට ආවේ තාත්තා… මට phone එකත් දීලාම එතන පුටුවේ ඉදගන්න ගමන් අනිත් අයටත් කිවුවේ ඉදගන්න කියලා..

“ඇයි තාත්තේ.. කාටද call කලේ… මොනාහරි ප්‍රශ්නයක්ද…”

“නෑ පුතා… මට උදව් කරන මිනිස්සු ටිකක් හිටියා… එයාලට call කරලා මං විස්තරේ කිවුවා… අපේ කට්ටිය පොඩ්ඩක්නේ… මෙහෙම ගිහින් උන් එක්ක හැප්පෙන්න බෑ…. ඒක නිසා අරුන් ටිකත් ආවාම ගේමට බහිමු…”

මං පොලිස්සියටයත් call කලා… මගේ යාලුවෙක්ට… මං ඔය phone එකේ number එක save කරලා ඇති… අපේ වැඩ ඉවර උන ගමන් miss call එකක් ගහන්න… හැබැයි මොනම දේකටවත් sign කරන්න එපා… තේරුනාද?”

“ඒත් අංකල් උන් අපි ඔක්කොමලව ඇතුලට ගන්න එකක් නෑ… එහෙම කලොත් උන්ට උන්ගෙ වැඩේ කරගන්න වෙන්නෙ නෑ කියලා දන්නවා…”

“නියමයි පුතා… ඔයාලා ගොඩක් දක්ෂයිනේ…. මං හිතුවටත් වඩා…”

සලිත එහෙම දෙයක් අහනකන් මට ඒ මුකුත්ම කල්පනා උනේ නෑ.. මගේ හිතේ තාම තියෙන්නේ තෙනූ ගැන බයක්… අරුන් කෙල්ලට කරදරයක් කලොත්.. මට නිකන් පිස්සු වගේ… මං පියවි සිහියට ආවේ තාත්තගෙ කටහඩින්…

“මෙහෙමයි වැඩේ වෙන්නේ… දැන් මං එන්න කිවුව අයත් ආවාම අපි එතන්ට යනවා… එව්ත් ඇතුලට යන්නෙ අපි කට්ටිය විතරයි… අනිත් අයට තාප්පෙන් පැනලා එන්න කියමු… එතකොට අපි කට්ටිය ගියහම උන් sure එකටම කියනවා මටයි,දේව්ටයි විතරක් ඇතුලට එන්න කියලා… අපි දෙන්නා ගියහම ඔයාලා වෙන විදිහකට ඇතුලට එන්න ඕනි… තේරුනාද… මෙන්න මේ යතුර පරිස්සම් කරලා තියාගන්න…”

තාත්තා ඩෙවෝන්ගෙ අතට යතුර දෙන ගමන් කිවුවා… ඉටපස්සෙ ආයිත් plane එකේ ඉතුරු ටික කියන්න පටන් ගත්තා…

“ඔයාලා ඔය යතුරත් අරගෙන ගේ පිටිපස්සට යන්න… එත පෝලිමට පොඩි ගස් පේලියක් වවලා ඇති… ඒ ගස් ටික අයින් කරලා හරි කමක් නෑ එතන තියෙන පොඩි ගේට් එක හොයාගන්න…

ඒක මේ යතුරෙන් ඇරලා ඔයාලා ඇතුලට යන්න.. ගේට් එක වහන්න මතක් කරලා… ඒත් lock කරන්න එපා… ඒකෙන් ඇතුලු උනාම ඔයාලා වැටෙන්නේ පොලව යට තියෙන room එකකට… එතනින් තවත් පඩිඔඑලක් ඇති… ඒක නැග්ගහම දෙරක් තියෙනවා… ඒ දොර මෙන්න මේ යතුරින් අරින්න… ඇරියමා ඔයාලට ලේසියෙන්ම ගේ ඇතුලට එන්න පුලුවන් ඒකෙන්…”

“හරි අංකල්… එහෙනම් ඔක්කොම redyනෙ…”

චනුක අනිත් යතුර ගන්න ගමන්ම ඇහුවා…

“මතක් කරලා අර මං දුන්න පොලිස්සියෙ number එක ඔයාලා හැමෝගෙම phone වල save කරගන්න… මොකද ඒක වැදගත්… මං අතින් සන් කලාම ඔයා කවුරුම හරි ඒ දේ කරන්න… හරිද… ඔයාල අපි ඉන්න හරියට හොයාගෙන එන්න… හැංගිලා… හරිනෙ එහෙනම්…”

එතකොටම වගේ ඇහුනේ මිදුලින් වාහනයක් නතර කරන සද්දයක්… අපි ඔක්කොමලත් එක්ක එලියට බැස්සහම ඒකෙන් මිනිස්සු 20ක් විතර එලියෙ…

අපි ඔක්කොමලා බයවෙලා වගේ බලන් හිටිටෙ ඒ කවුද කියලා… පෙනුමෙ හැටියට මැරයො ටිකක් වගේ..

කැති,පොලු,පිහි,තුවක්කු උස්සගෙන තමා උන් සෙට් එක හිටියේ…

ඩේවෝන් කටත් ඇරගෙන ඇස් දෙකත් ජිල් බෝල සයිස් කරගෙන බලාගෙන ඉන්නවා..

❤️❤️❤️

දැන් මොනා වෙයිද… මෙයාලගෙ plan එක හරියන එකක් නැද්ද… තව කොටස් තුනකින් විතර කතාව ඉවරයි…

ඔයාලට හිතෙන දේවල් කියාගෙන යන්න…

බුදු සරණයි…

මං,
✴️Nawa✴️

6 thoughts on “❤️නොපැතූ සෙනෙහෙ❤️ (දෙවන දිගහැරුම) | 41වන කොටස | ත්‍රාසජනක කතා | කතා අහුරරචක”

  1. Chathu indeewaree

    ගොඩාක් ලස්සනයි මැණික කතාව. දවස් කීපයක් කමෙන්ට් කරන්න බැරි වුණා. සමාවෙන්න ඉටිම් ඒකට. මේ දවස්වල මම exam එකකට ලෑස්ති වෙනවා. Teaching වැඩයි , exam එකේ වැඩයි එක්ක මට ටිකක් අමාරුයි මේ පැත්තේ එන්න. ඒත් පුළුවන් හැම වෙලාවෙම ඇවිත් කතාව කියෙව්වේ නැතත් රේට් කළා.

    මම හිතනවා මේ අයගේ ප්ලෑන් එක සක්සස් වෙයි කියලා. තව කොටස් තුනකින් වගේ කතාව ඉවරවෙනවානම් දේව් එහෙම සක්සස් වෙනවා කියලා ඒකෙන් ඔප්පු වෙනවා පණ. මේ කතාව ඉවර වුණාම තව ලස්සන කතාවක් අරන් එන්න එහෙනම් අපි බලන්න හොඳද? බුදු සරණයි! මැණිකෝ…

  2. Ranmali subasinghe

    ප්ලෑන් එක සක්සස් වෙයි කියලා මම හිතනවා… ???

    කතාව ඉවර වෙන එකටනම් හුගක්ම හුගාක් දුකයි පැට්ටෝ ???????

    ඉක්මනින්ම අලුත් කතාවක් අරන් ඔයා එන්න… අපි බලන් ඉන්නවා ????

    බුදුසරණයි මැනික!!! ????????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.