Katha Ahura

❤️නොපැතූ සෙනෙහෙ❤️ (දෙවන දිගහැරුම)| 42 වන කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක

කතාව කොහොමද?

❤️නොපැතූ සෙනෙහෙ❤️
(දෙවන දිගහැරුම)

-42 වන කොටස-

අපි ඔක්කොමලා බයවෙලා වගේ බලන් හිටිටෙ ඒ කවුද කියලා… පෙනුමෙ හැටියට මැරයො ටිකක් වගේ..

කැති,පොලු,පිහි,තුවක්කු උස්සගෙන තමා උන් සෙට් එක හිටියේ…

ඩේවෝන් කටත් ඇරගෙන ඇස් දෙකත් ජිල් බෝල සයිස් කරගෙන බලාගෙන ඉන්නවා..

**********************************************

“කවුද බං ඒ?”

“දන්නෙ නෑ යකූ.. මාත් මේ බලන් ඉන්නේ කවුද කියලා තමා..”

“අහ් උඹලා ආවද… එහෙනම් ගේ ඇතුළට එන්නකෝ..”

තාත්තා එහෙම කියනවත් එක්කම කට්ටියම ඇතුලට ආවා… එච්චර කට්ටියකට ඉදගන්න පුටු නැති නිසා කට්ටිය බිමින් ඉදගත්තා..

කට්ටියටම අපේ plan එක කියලා අවශ්‍ය කරන බඩු ලෑස්ති කරගත්තේ ආනන්ද එන්න කිවුව තාත්තගෙ ගෙදරට යන්න…

කට්ටියටම වෑන් එකේ යන්න ඉඩ මදි නිසා තාත්තටත් වෑන් එකේම ඉන්න කියලා අපි set එක බයික් වල යන්න තීරණය කල…

අපේ ප්ලෑන් එකේ විදිහට අර වෑන් එකෙන් ආපු set එකට හොරෙන් ඇතුලට යන්න කියලා… තාත්තත් එක්ක අපි set එක ගේට් එක ළගට ගිහින් බේල් එක ගැහුවා…

වීශාල දොර පලුවක් ඇරෙනවත් එක්කම නෝන්ඩි හිනාවකුත් දාගෙන මතු උනේ ආනන්ද…

මං මාව පාලනය කරගෙන හිටියේ පුදුමා කාර ඉවසීමකින්… මොකද මට ඒ මනුස්සයව දකින කොටත් කේන්ති… මැරෙන්න ගහන්න හිතයි… මගේ අත් වෙව්ලනවා කේන්තියට…

ඩෙවෝන් මාව තේරුම් අරන්ද කොහෙද මගේ කරට අතක් දාගත්තෙ ඇස් දෙකෙන් සන්සුන් වෙන්න කියලා කියන ගමන්…

“අහ්… පුතා.. වෙලාවට වැඩ නේද…. නියමයි.. මාත් කැමති එහෙම අයට තමා… අහ්.. මේ මගෙ යාලුවත් ඉන්නේ…”

ඕනි මගුලක් කියෝගනී කියලා අපි සද්ද නැතුව හිටියේ ඒ මනුස්සයා එක්ක කතා කරන්නවත් උවමනාවක් නැති නිසයි…

“ඇයි තාම හිටගෙන… යමු ඇතුළට…”

යකූ මූ… ගෙදර අයිතිකාරයා මෙතන ඉද්දි උගේ ගෙදර වගේ කතා කරන හැටි…

“මිස්ටර් ආනන්ද… මං කොහොමට්ග් මට ඕනි වෙලාවට මගේ ගෙදරට එනවා… ඔය කියන්න ඕනි…”

තාත්තා ආනන්දට එහෙම කියලා හැරුනේ අපේ දිහාට…

“පුතාලා.. යමු ඇතුළට…”

තාත්තා එහෙන කියලා ආනන්දව ගනන් නොගෙනෙම ගේට් එකෙන් ඇතුලු වෙලා ඉස්සරහටම ගියා… අපිත් ඒ පස්සෙන් යන්න හදද්දිම ආනන්ද කාරයා අපිට යන්න නොදී අපි ඉස්සරහින් හිටගත්තා..

“උඹලා වැඩිය උඩ පනින්න හදන්න එපා… මතක තියාගනින්.. උඹලා උඩ පනින්න උඩ පනින්න අර කෙල්ලට තමා රිදෙන්නේ…”

මගේ අතමිටමෙලවුනේ ඉබේමයි.. මං එහෙම්මම අත ඉස්සුවේ ඌට ගහන්න ඒත් නොහිතපු විදිහට මගෙ අත කවුරුහරි අල්ල ගත්තා… මං බලද්දි දැක්කේ ඒ තාත්තා…

මා දිහා බලලා තාත්තා ඔලුව වැනුවේ එපා කියන්න.. මං එහෙම්මම සද්ද නැතුව අත පහලට දාගත්තේ ඒකට එකග වෙලා..

“උඹ මට ගහන්න හිතන්නවත් එපා… ඒකෙන් අර කෙල්ලට හුගක් රිදෙයි… ඒක මතක තියාගෙන හැසිරෙනවා…”

මගේ දිහාවර දගර ඇගිල්ලක් දික් කරලා ආනන්ද තර්ජනාත්මක ස්වරයෙන් මට එහෙම කිවුවා..

“ඒ වගේම.. උඹලා මේකට අත දාන්න එන්න එපා… මේක අපේ දෙයක්… අපෙ අපේ ප්‍රශ්න විසද ගන්නම්.. උඹලා පලයන්…”

ආනන්ද එහෙම කියලා එතනින් යන්න ගියා… ඒත් එක්කම අරුන් ටික මහ සද්දෙට හිනාවෙන්න ගත්තා… මං අදහගන්න බැරුව බලන් හිටියේ ඒ මොකද කියලා…

ඒ සද්දෙට එතන හිටපු හැමෝම බැලුවේ අපි දිහා… ඒත් එක්කම ආනන්දගේ ගිනි පිටවෙන ඇසුත් එල්ල වෙලා තිබ්බේ අපේ දිහාවට.. මට එවලෙ තමා තේරුනේ මුන් ටික එහෙම කලේ ආනන්දව අවුස්සන්න හිතාගෙන කියලා..

“යකෝ.. වැඩේ අවුල් නොකර යමන්ලා දැන්….”

මං එහෙම කිවුව පාර අරුන් ටික යන්න ගියා… මායි තාත්තයි ආනන්ද පස්සෙන් යන්න ගියා..

මට ඒ යන අතර පෙවුනේ තෙනූගේ සුදු මූණ… මගේ කෙල්ල හොදටම අඩනවා ඇති… මං නිසා මගෙ කෙල්ලටත් ඉන්න නෑ…

එතකොටම වගේ මට දැනුනේ phone එක vibrate වෙනවා… අරන් බලන්දි msg එකක්…

“කෙල්ල මෙහෙ නෑ බොස්… උන් අපිව රවට්ටනවද කොහෙද…”

ඒ msg එක දන්නැත්තේ අර ආපු අයගෙන් එකක් වෙන්නැති… මට කලින්ම හිතුනා මූ කරන්නේ බොරුවක් වෙන්නැති කියල්… හිටපන්කෝ…

“කෝ මගේ කෙල්ල… තෝ අපිට බොරු කිවුවා නේද.. කෙල්ල මෙහෙ නෙවෙයි ඉන්නේ… උඹට ඕනි අපිවනේ… අපි ආවා… මගේ කෙල්ලව අත ඇරපන්… මේ දැන්ම…”

මං ආනන්දගෙ ෂර්ට් එකෙන් අල්ලලා ඇදලා අරන් දබර ඇගිල්ල දික් කර කර එහෙම කියද්දි තාත්තා මා දිහා බලන් හිටියේ පුදුමෙන්..

“රයන් අල්ල ගනින් මුන්දෙන්නව… අල්ලගෙන ගැටගහපන්.. ඉක්මනට..”

ඒ පරක්කුවට මාවයි තාත්තවයි මිනිස්සු විස්සක් විතර ඇවිත් වටකරගත්තා… හිතන්නවත් කාලයක් නොතියා අපි දෙන්නවම ගැටගහලා ඇදගෙන ගියේ වෑන් එකක් ඇතුලට.. මාවයි තාත්තවටයි ඒක ඇතුලට දාලා මූණු දෙකත් වහලා අපිව අර යන්න ගත්තා..

මෙහෙම ගියොත් අපේ හැම ප්ලෑනක්ම අවුල් යනවා… ඔහ් ෂිට්.. දැන් මොකද්ද කරන්නේ…

කොච්චර කල්පනා කලත් idea එකල් එන්නෙම නෑ මට… මේ මූණක් වහලා නිසා පැනගන්න විදිහක්වත් නෑ…

ටික වෙලාවකට පස්සෙ වාහනය නතර කලා… මං බලාගෙන හිටියෙ ඉලගට මුන් මොනාද කරන්න හදන්නෙ කියලා..

එතකොටම වගේ අරුන්ගෙන් එකෙක්ද කොගෙද මාව වෑන් එක ඇතුලේ ඉදන් එලියට ඇදලා ගත්තා…

“මේ හු### රෙද්ද අයින් කරපන් යකෝ… මං තනියම එන්නම් ඉටපස්සේ…”

“උඹගේ කට වැඩී… කටවහගෙන වරෙන් යන්න…”

මගේ කම්මුලට තද පහරක් දෙනෙ ගමන් එකෙක් කිවුවා…. මං බොහොම අමාරුවෙන් මගේ කේන්‍තිට මැඩ ගෙන හිටියා… මගෙ කෙල්ල නිසා..

තාම ඇස් වහලා නිසා මෙලෝ සන්සාරයක් පේන්නෙ නෑ… එකපාරටම මාව අරු තල්ලු කරලා දැම්මා… මාව පුටුවක් උඩටද කොහෙද තල්ලු කලේ… ඉටපස්සෙ මාව ගැටගහලා මූණ වහලා තිබ්බ රෙද්ද ගලෝලා දැම්මා…

ඇස් දෙක ඇරගන්නත් නිකන් අමරුයි වගේ… ඔක්කොම පේන්නෙව් බොදවෙලා වගේ… මං බැලුවේ වට පිට තාත්තා කොහෙද කියලා දැනගන්නා… මට එහා පැත්තේ පුටුවක තාත්තවත් ගැටගලා…

මං එයා දිහා බලද්දි මට ඇස් වලින් කිවුවේ හරියට සන්සුන් වෙන්න කියලා වගේ දෙයක්… මගෙ හැටි දන්න නිසා වෙන්නැති එහෙම කියන්නැත්තේ…

එතකොටම අපි ඉස්සරහයින් ඇවිල්ලා හිටගත්තා ආනන්ද කියන මනුස්සයා… අපි ඉස්සරහයින්ම පුටුවලුත් තියලා ඒකේ ඉදගෙන කකුලත් අනිත් කකුල උඩින් තියාගෙන සමච්චල් සහගත හිනාවකුත් දාගෙන අපි දිහා බලාගෙන ඉන්නවා…

ඌව දැක්කහම කන පැලෙන්න ගහන්නමයි මට හිතෙන්නේ…

“උඹලගෙ වැඩ ඔක්කොම වැරදුනා නේද… මේ සැරේ දිනන්නේ මං.. ඒක උඹලා කාටවත් නවත්තන්න බෑ…
උඹලා එක්කන් ආපු කට්ටිය අර ගෙදරට වෙලා සැපට ඉන්නවා ඇති.. මං එයාලට සලකලා ආවේ…”

මූ කොහොමද අපේ ප්ලෑන් එක දැනගත්තේ… ෂිට්…

“කෝ මගෙ කෙල්ල.. කියපන් හු###”

ආපු කේන්තියට මං කෑගහලා ඇහුවා… අරූ ඒක ගනන් නොගෙන හිනාවෙවී ඉන්නවා… මට ආවේ අරූව මරන්න තරම් කේන්තියක්…

“කියපන් බල්ලො… කෝ මගෙ කෙල්ල… උඹ තෙනූට කරදරයක් කරලා තිබ්බොත් මං උඹව ඉතුරු කරන්නෙ නෑ…”

“වහපන් කට… මං කරන්නෙ මට ඕනි දේ… එහෙම නැතුව උඹට ඕනිදේ නෙවෙයි…”

එහෙම කියනගමන් ආනන්ද කාරයා පුටුව්ව්න් නැගිටලා මං ලගට ආවා.. ඇවිල්ලා අත මිට මොලවලා ගහපු පාරට නහය කැඩිලා ගියාද කොහෙදෝ.. නහයෙන් ලේත් එනවා…

ඒත් ඒකේ වේදනාවට වඩා මට මගේ හිතේ වේදනාව වැඩී… කෙල්ලට කරදරයක් කරලනම් එහෙම… මට මැවී මැවී පේන්නෙම කෙල්ලගෙ සුදු මූණ… කන් ඇතුලේ දෝංකාර දෙන්නේ කෙල්ල call එකෙන් කෑගහපු විදිහ…

මගේ ඇස් වලට කදුලු පිරුනේ ඉබේටමයි…

“කෙල්ලව ඕනි නම් කට පියාගෙන මේකට අත්සන් කරපන්…”

“ඊට කලුන් මට මගෙ කෙල්ලව බලන්න ඕනි… එහෙම නැතුව මං මේකට අත්සන් කරන්නෙ නෑ…”

“කලුවෝ.. උඹ ගිහින් කෙල්ලව එක්කන් වරෙන්…”

ආනන්ද කලු මනුස්සයෙක්ට එහෙම කියලා එතන තිබ්බ පුටුවකට බර උනා… එතකොට තමා මට වට පිට බලන්නත් මතක් උනේ..

ඒක සාමාන්‍ය ගානට අදුරු තැනක්… පේන විදිහට බාගෙට හදන bilding එකක්… බැලූ බැල්මට ඉන්නෙ උඩ තට්ටුවක කියලා වට පිට බැලුවාම තේරෙනවා..

ඉන්න තැනක්වත් නොදැන අරුන්ට msg එකක්වත් දෙන්නෙ කොහොමද… උන්ට මොනාහරි කරදරයක්ද දන්නෙ නෑ… අර මනුස්සයා උන්ට සැලකුවා කියලා කියපු එකනම් මට ඇල්ලුවෙම නෑ…

මං ඒ අතරේ ට්‍රයි කලේ මගෙ අත ගැටගහලා තියෙන ලණුව කපාගන්න… ඒත් පිහියක්වත් ලග නැතුව කපාගන්න විදිහක් නෑ.. ඒක මිසාමයි පුටුවට තියලා ලණුව කපාගන්න ට්‍රයි කලේ… ඒත් වැඩක් උනේ…

මං කල්පනා කලේ පැනලා යන්න විදිහක්… ඒත් කෙල්ල හොදින්ද කියලා දැනගන්නකන් මං කිසිම කලබලයක් ඇති නොකර ඉන්න තීරණය කලා..

එතකොටම වගේ අර කලුවා කියන මනුස්සයා එතනට ආවේ තෙනූවත් අරගෙන.. දෙවියනේ… කෙල්ලව දැක්කහම මගේ පපුවත් එක්ක රිදෙන්න ගත්තා…

❤️❤️❤️

තෙනූට මොකද්ද වෙලා තියෙන්නේ?? ඉස්සරහට මොනා වෙයිද… කට්ටිය කියන්නකො…

එහෙනම් ඉතුරු කොටස අරන් හෙට එන්නම්…

බුදු සරණයි…

මං,
✴️Nawa✴️

2 thoughts on “❤️නොපැතූ සෙනෙහෙ❤️ (දෙවන දිගහැරුම)| 42 වන කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක”

  1. Ranmali subasinghe

    කරදරයක් නෑ නේද තේනුට ???? හෙටත් දිගගගගගග කොටසක් දාන්න මැනික ?????

    බුදුසරණයි !!!

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.