Katha Ahura

❤️නොපැතූ සෙනෙහෙ❤️ (දෙවන දිගහැරුම) | 44 වන කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක

කතාව කොහොමද?

❤️නොපැතූ සෙනෙහෙ❤️
(දෙවන දිගහැරුම)

-44 වන කොටස-

මං එහෙම කියලා ප්‍රිස්ටල් එකේ උන්ඩ ටික ඉවර වෙනකන්ම ඌට වෙඩි තිබ්බා…

එතකොටම එතන්ට ආවෙ පොලිස්සියෙන්… එයාලාට එතන කරන්න තියෙන දේවල් කරන්න දීලා මං තෙනූ එක්ක පහලට ආවා..

*********************************************

තාත්‍තගෙ මිනියෙ වැඩ කටයුතු අපි ඒ ගෙදරම කරන්න තීරණය කලා… මගෙ යාලුවෝ,පවුලෙ අය එහෙම ගොඩක් මහන්සිවෙලා උදව් කලා…

මාව තමන්ගෙන් කුසෙන් මේ ලෝකෙට බිහි නොකලත් එයාලා මාව ගොඩක් හොදට බලාගත්තා… පුංචි වෙනස් කමක්වත් කලේ නෑ… මින් ඉදිරියටත් මගෙ අම්මයි තාත්තයි ඒ දෙන්නම තමා…

එදා මගේ ඇත්ත තාත්තාට කතාවේ ඉතුරු ටික කියන්න බැරි උනානේ… ඒත් මං මේ හැමදේම හැමෝම ඉස්සරහා කියද්දි ඉතුරුටික මාව හදාගත්ත තාත්තගෙන් දැනගන්න පුලුවන් උනා…

එදා මං ඇත්ත තාත්තා ළගට ගිහින් එද්දිඇස් දෙකේ කදුලු පුරෝගෙන බලන් ඉදලා තියෙන්නෙ මාව හදාගත්තු අම්මා… එයාලා ඉදලා තියෙන්නේ මායි,අම්මායි ජීවත් උන ගෙදරට එහාපැත්තෙ ගෙදර… අම්මා ලෙඩ උනාට පස්සේ එයාලා තමා මාව බලාගෙන තිබිලා තියෙන්නේ… එයාලා marry කලාට ළමයි ඉදලා නෑ… ඒක නිසා මව එයාලගෙම ළමෙක්වගේ හදාගෙන… පස්සෙ තමා ඉතිං මල්ලි හම්බවෙලා තියෙන්නේ…

එදා මං ජීවිතේට දැකලා නැති තාත්තාගෙ තුරුලට දෙවරක් නොහිතම යන්නැත්තේ ඒ ලේ බැදීම නිසා වෙන්නැති…

කොහොම හරි තාත්තා මාව මේ අම්මටයි,තාත්තටයි මාව හදාගන්න දීලා… ඒ වගේම මගේ හැම වියදමකටම සල්ලිත් දීලා…

පොලිස්සියෙන් හොයාගෙන තිබ්බා සිංගා කියන්නෙත් ආනන්දටමයි කියලා… ඒක දැනගෙන ඉදලා තියෙන්නේ එක මනුස්සයයි… ඌට ගහද්දි ඌ ඔක්කොම වමාරලා…. දැන් හැම ප්‍රශ්නයක්ම විසදුනා..

**********************************************

“මැණික… අද ඔයා ගොඩක් ලස්සනයි… මගේ කෙල්ල සුරංගනාවියක් වගේ…”

“ඔගෙ පිස්සගෙත් පිස්සු ගතිය ගිහින් හැන්ඩ්සම් ලුක් එකක් ඇවිල්ලා අද…”

“අහ්… ඇත්තද.. ඉන්නවකෝ මං අල්ල ගන්නම් අද..”

“මේ ඉන්නෙ මං… දැන් අල්ල ගන්නකෝ ඉතිං..”

“ඔයත් ඒ මොහොත එනකන් ඉවසුමක් නෑ වගේ නේද.. ඒකනේ දැන්ම අල්ල ගන්න කිවුවේ… කෝ එන්නකෝ එහෙනම්… පොඩි තැන ඉදන්ම පටන් ගමු…”

මං එහෙම කියලා කෙල්ලගෙ දෙතොල් වලට බර වෙන්න හැදුවේ… තෙනූ ඇස් දෙකත් ලොකු කරගෙන මං දිහා බලාගෙන ඉන්නවා… මූණත් රතු වෙලා…

“ම්… මේ මොකද්ද කරන්නෙ… මෙතන ගොඩක් අය ඉන්නවානේ… අහකට වෙන්න…”

“මට මොකෝ… මං කිස් කරන්න හැදුවෙ මගේ ගෑනිවනේ…”

“මගෙන් ගුටි නොකා ඉන්න අනේ..”

අද තමා අපේ wedding එක… අද අපි දෙන්නටම ගොඩක් සතුටු දවසක්… අපි දෙන්නගෙ හීන මැවුව එක් දෙයක් අද හැබෑම වෙලා… හැමෝම සහකාරයෙක් / සහකාරියක් හොයා ගන්නේ බදින්න බලාගෙන.. මං සමහර අය එහෙමයි…. ඒත් අද සමාජෙත් එක්ක බලද්දි ගොඩක් අයට ඒක සෙල්ලමක්.. ඒ මොනා උනත් ආදරේ කරලා marry කරන්න හම්බවෙන්නේ කීයෙන් කීදෙනටද… එහෙම දවසක සතුටක් නැත්තේ කටද…

අපි මදුසමය ගත කරන්න තෝරගත්තේ නුවරඑළියේ hotel එකක්.. මොකද තෙනූ කැමති උනේ ඒකට…. එයාගෙ සතුට මගෙ සතුට කියලා හිතලා මාත් කැමති උනා…

“හපොයි… කලින්නම් ලස්සනට හිටියා.. බලන්නකෝ අප්පා දැන් මෙයාගෙ හැටි… හැම තැනම හිටුත් ගාගෙන… මේකප් එකත් දියවෙලා කැතේ බෑ… ඉන්නවකෝ හිනාවෙලා…”

අපි මේ කාර් එකට නැගලා නුවරඑළියට පිටත් වෙන ගමන්… තෙනූ ඉතිං අම්මා,තාත්තා,නංගිව බදාගෙන හොදටෝම ඇඩුවා… පුදුම අමාරුවෙන් කාර් එකට නග්ග ගත්තේ… තව පොඩ්ඩෙන් හනිමුන් ගිහිනුත් හමාරයි…

කෙල්ල ඉතිං මට රව රව තව අඩනවා..

“කෝ.. මේ බලන්නකො බබා… ඇයි මේ… මං ළග ඉද්දිත් ඔයාට සතුටක් නද්ද මැණික… ඔහොම අඩන්න එපා කෙල්ලේ.. මටත් දුකයි.. අපි ඉක්මනටම අම්මලව බලන්න යන්… කෝ දැන් මගෙ හොද කෙල්ල වගේ අඩන්නෙ නැතුව හිනා වෙන්න…”

මං තෙනූගේ කර වටේ අතක් දාගෙන තුරුලු කරගන්න ගමන් කිවුවා.. කෙල්ල හා පැටියෙක් වගේ මගෙ තුරුලේ නිදි… අඩ අඩ ඉදලම නින්දගිහින්… මාත් හෙල්ලෙන්නෙවත් නැතුව හිටියෙ කෙල්ල ඇහැරෙයි කියලා…

මං නුවරඑළියට යනකම්ම කලේ ඒ මූණ දිහා බලාගෙබ ඉඹ ඉඹ ආපු එක තමා…

මේ රාත්‍රිය සුන්දරව ගෙවිලා ගියා තෙනුෂිව නීතියෙන් වගේම ගතින්ද මගේම කරමින්…

********************************************

“තා…ත්තී.. චොකෝ ගෙනාවද..”

“කෝ දෙන්නකෝ තාත්ති…”

“අනේ අනේ… තාත්ති ආවම මාවත් ඕනි නෑ නේද..”

“මෙන්න දෙන්නටම ලොකූ චොකෝ දෙකක් ගෙනාවා… තාත්ති wash එකක් දාගෙන ඇවිත් මගේ පැංචියො දෙන්නව වඩාගන්නම් හරිද.. කෝ.. එතකන් අම්මි එක්ක ඉන්නකො…”

හැමදාම මං ගෙදර එද්දි ඔය යුද්දෙ අඩුවක් නැතුව තියෙනවා…

මායි තෙනුයි marry කරලා දැනට අවුරුදු දෙකක් වෙනවා.. ප්‍රතිඵල විදිගට ඔන්න මට චූටි පැංචියෝ දෙන්නෙක්ම හම්බුනා… දෙන්නම twins ලා…

මගේ ඇත්ත තාත්තගෙ අන්තිම කැමැත්තට අනුව එයාගේ බිස්නස් වගේම ගේත් අයිතිවුනේ මට.. මං ඉතිං ඒ බිස්නස් ටික බලාගෙන සතුටින් ඉන්නවා.. ඒ වගේම තාත්තගෙ ගේ මගේ වගේම අනිත් අයගෙ කැමැත්තෙන්ම ළමා නිවාසෙකට දුන්නා….

මගේ යාලුවෝ set එක මග අරින්න බෑනේ… එයාලා මගේ බිස්නස් වල දැන් කොටස්කරුවෝ… චනුක කොක්ක ගහන් හිටියෙ මිනුටනෙ… ඒදෙන්නත් දැන් marry කරලා.. සලිත ඉතිං මටත් කලින්ම කොක්ක ගහලා හිටිටනේ.. ඌත් ලගදි marry කරන්න ඉන්නේ… බුවනෙක & මිනුරනම් තාම ගෙවන්නෙ තනිකඩ ජීවත… ඒත් පොඩි පොඩි ආරංචි ටිකක් ආවා මිනුරනම් කෙල්ලෙක්ට තාම line දාන ගමන් ඉන්නේ කියලා…

ඩෙවෝන් අපේ wedding එකටත් ඉදලම රට ගියා… මායි,තෙනුයි,අපෙ පැංචියෝ දෙන්නයි ඊළග මාසෙ Australia යනවා…

•••නිමි•••

❤️❤️❤️

ඔන්න ළමයි… අදින් මගෙ කතාව ඉවරායි… දවස් 44 පුරාවට මාත් එක්ක හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූති… ඔයාලගේ වටිනා කාලයෙන් මගෙ කතාව කියවන්න පොඩි වෙලවක් හරි වෙන කරගත්තට ගොඩක් තෑන්ක්ස්… කතාවෙ මුල ටිකේනම් ගොඩක් rate කරලා තිබ්බේ නෑ.. bad rate එහෙමත් හැමදාම වගෙ තිබ්බා… ඒකට නම් හිතේ පොඩි දුකක් තියෙනවා.. ඒත් හිතට එකගවනම් bad rate කලේ මගේ කතාව හරි නැති නිසානේ… ඒක මගේ වැරද්ද… ආයි කතාවක් ලිවුවොත් මං ඒක පුලුවන් උපරිමෙන්ම ලියන්න try කරනවා..

මෙච්චර දවසක් මාත් එක්ක හිටපු ඔයාලා හැමොටම ගොඩක් ගොඩක් ගොඩක් තෑන්ක්ස්…

පුලුවන්නම් විතරක් හැමෝම අන්තිම පාරට comment එකක් දාගෙන යන්න… ඇත්තටම කතාව හැරි නැත්තන්.. අඩු පාඩු තිබ්බනම් අනිවා ඒවත් කියන්න… එහෙනම් මං ගියා…

හැමෝටම බුදු සරණයි…

මං,
✴Nawa️✴️

13 thoughts on “❤️නොපැතූ සෙනෙහෙ❤️ (දෙවන දිගහැරුම) | 44 වන කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක”

  1. Ranmali subasinghe

    හැම දේම හරිම විදිහට විසදුනා නේද නන්ගා ???? මම ගෙස් කලා වගේ දේව්ගෙ ඇත්තම තාත්තා ප්‍රගීත් අන්කල් උනා නේද ???

    කතාව ඉවර උන එකට හුගක්ම දුකයි ???????

    නවකතාවක් ලියන කල් කෙටි කතාවක්වත් දාන්න මගෙ පැට්ටෝ ???

    ඉක්මනින්ම එන්න අලුත් කතාවක් අරන් අපි වෙනුවෙන් ?? අපි බලන් ඉන්නවා ?

    ඔයාගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා මැනික ????

    බුදුසරණයි !!!! පරිස්සමින් ඉන්න… ??????????????????????????????

  2. Chathu indeewaree

    ස්වීටි මැණික ඔන්න මම අද මම කලින්ම ආවා. ගොඩාක් ලස්සනයි වස්තුවේ කතාව. කතාව අදින් ඉවර වුණත් අවසානය ලස්සන නිසා දුකක්නෑ. ආයෙත් එන්න පැට්ටෝ ලස්සන කතාවක් අරන්. කතාවේ අඩුපාඩුවක් නම් නෑ මට කියන්න තරම්.. අනාගතයේදී හොඳ writer කෙනෙක් වෙන්න ලැබෙන්න කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා පැටියෝ. බුදු සරණයි ! මගෙ නංගෝ.. උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා…

  3. කතාව ගොඩාක් ලස්සනයි.
    හැමදාම ආසාවෙන් කියෙව්වා.
    ඉවර වුන එකට නම් ගොඩාක් දුකයි.
    සුභ පතනවා ඔයාගෙ වැඩකටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියලා.
    ?????????

  4. අනේ ඇයි අප්පා ඉවර කරේ…දුකයි නේ….ආයෙ ඉක්කමට කතාවක් හොදේ……ගොඩක්ම ලස්සනයි කතාව..සුබ පතනවා ඔයාගෙ ඉදිරි කටයුතු සාර්ථකම වෙන්න කියලා…තෙරුවන් සරණයි ඔයාට….

  5. Vibushani madu

    Ane me kathawa iwara unata apita aluth kathawak one hodee. Matanm ithin kathawe adupadu na lassanam lassanai kathawa. Me wage thawa lassana katha liynna dairya shakthiya labewa kiyla prarthna karnawa dear bs hode. Lagadima aya hamba wemu hode

  6. hamotama godaaaaaaaaaaaaaaaaaaaaak thankuuuu…. aniwaren.. magen katha kiyona hamoma wenuwen mn ikmnt kathawak aragen ennm… adarei hamotama…

  7. ❤️චූටි මැට්ටා❤️

    ආයි කතාවක් ලිවුවොත් නෙමෙයි, අනිවා අපිට කතාවක් ඕනේ…….. ඔයාගේ කතා වලට ගොඩාක් ආදරෙයි, සුබ අනාගතයක්, good luck!!!!❤️❤️❤️

  8. Ane kellee lassanaaaa awasanayak…godaaaak lasssanai kathawa nango.kauda affaa bad rate kare??????a hena hithannepa aiyooo top rates godaaaaaak tyenawani oyata.ikmanatama aluth kathawak onii..good luck nangoo,bye,budusaranai!””””””

  9. Hashini Navanjana.

    අනේ… හරීම ලස්සනයී නංගෝ. ????
    සතුටු හිතෙන ලස්සනම ලස්සන අවසානයක් දීලා තියනවා ඔයා.. ??
    තවත් මේ වගෙ ලස්සන කතාවක් අරන් ඉක්මනින් ම අපිව බලන්න එන්න හොඳද… ?????
    Best of luck.. ❤❤❤❤

  10. අම්මෝ කියවල කියවල ඔන්න ආව අන්තිම කොටසටම.. ඔයාගේ වැඩ දැක්කෙ මං අද නෙ.. කියලා වැඩක් නෑ පට්ට අයියා එක්ක කතා ලියන්නේ නැත්තේ අපි වෙනුවෙන් තව එකක් ලියන්න කෝ මේ වගේ ලස්සන. ජයවේවා ඇත්තටම සුපිරි.. තෙරුවන් සරණයි

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.