Katha Ahura

? නත්තල් තෑග්ග ?| කෙටි කතා | කතා අහුර රචක

3.8/5 - (5 votes)

? නත්තල් තෑග්ග ?

 

“” පලයන් යන්න මගේ දෑහැට නොපෙනී. උදේ පාන්දර දැක්කත් මූසලයි. දවසම වගතුවක් නෑ.””

සුමනා, ඒ කියන්නේ දුනුකේබණ්ඩාර වලව්වේ හාමිනේ ඔය බනින්නේ එයාගේ ලේලිට. තමන්ගේ එකම පුතාගේ බිරිඳ වෙන දිලූෂී ගැන දැන් දැන් ඇයට තියෙන්නේ නොරිස්සුමක්.
මොකද කේසර ත් දිලූෂිත් දැනට විවාහ වෙලා වසර පහක් ගත වුණත් තවමත් ඔවුන්ට දෙමව්පියන් වෙන්න වාසනාවක් ලැබුණේ නෑ.

හැමදාම මේ කතා ඇහිලා දිලූෂිට දැන් පුරුදුයි. පොඩ්ඩ ඇත්නම් සුමනා ඔය විදිහේ දේවල් කියලා දිලූෂිට කෑ ගහන එක තමා කරන්නේ. දිලූෂිට පොඩි හරි සහනයකට තිබ්බේ කේසරගේ ආදරය විතරයි…

සුමනා දිලූෂිට කොච්චර වෙනස්කම් කරත් කේසර කවදාවත් එක වචනෙකින්වත් දිලූෂිගේ හිත රිද්දලා නෑ. ඒ වගේමයි දිලූෂිත්. සුමනා කොච්චර දේවල් කිව්වත් එයා කවදාවත් ඒ දේවල් කේසර එක්ක කියලා රණ්ඩු ඇති කෙරෙව්වේ නෑ. හැමදේම තනියම දරා ගත්තා.

හැබැයි අද උදෙන්ම සුමනා මේ දිලූෂිට කෑ ගහපු එක නම් කේසරට ඇහුණා.

“” මොකද අම්මා මේ? ඇයි දිලූෂිට කෑ ගහන්නේ?””

“” කෑගහන්නේ? හහ් කෑ ගහන්න නෙමේ වටින්නේ.. බැඳලා අවුරුදු පහක් වෙනවා.. කෝ තාම දරුවෙක් ලැබුණද? ආහ්? වඳ ගෑණි “”

සුමනා කේසර ඉස්සරහම දිලූෂිට බනින්න ගත්තේ හරිම නරක විදිහට. ඒ කිව්ව කතා වලට දිලූෂිගේ ඇස් වලින් කඳුලු කැට වැටෙන්න මහ වෙලාවක් ගියේ නෑ.

කේසරත් දැක්කා දිලූෂිගේ ඇස් වලින් කඳුලු ගලන හැටි. කේසර කවදත් අකමැති දෙයක් තමයි දිලූෂිගේ ඇස් වල කඳුලු දකින එක. මේ වෙලාවෙ නම් කේසරටත් ඉවසුම් නැතුව ගියා.

“” මොකක්ද අම්මේ ඔයාට මේ වෙලා තියෙන්නේ. ඔය පොඩි දෙයක් අල්ලගෙන ඇයි මේ අහිංසකීට බනින්නේ? ආහ්?””

“” පොඩි දෙයක්? ඒක කොහොමද පුතේ පොඩි දෙයක් වෙන්නේ? උඹ මේ කාලකණ්ණි ගෑණිව දික්කසාද කරලා දාලා අර මම උඹට කලින් යෝජනා කරලා තිබ්බ චාපා කෙල්ලව බඳින්න ලෑස්ති වෙයන් “”

චාපා කියන්නේ සුමනා කේසරට යෝජනා කරලා තිබ්බ කෙල්ල. ඒත් ඒ කෙල්ලගේ චරිතේ නම් හොඳ එකක් නෙමේ. සුමනා කේසරගේ සතුට ගැන හිතපු නිසයි දිලූෂිව බඳින්න අවසර දුන්නේ. ඒත් දැන් සුමනාට හිතෙන්නේ එයා කරගත්තේ ලොකු මෝඩකමක් කියලා…

“” මොකක්? අම්මට පිස්සුද? අම්මා හොඳටම දන්නවා මම දිලූෂිට කොච්චර ආදරේද කියලා.. එහෙම එකේ අම්මා කොහොමද ඔහොම කතා කරන්නේ? අනික අම්මත් හොඳටම දන්නවා චාපාගේ චරිතය හොඳ නෑ කියන්න. එහෙව් එකේ අම්මා කියන්නේ මට මේ දේවදූතියක් වගේ ඉන්න අහිංසක කෙල්ලව අත හැරලා අර සක්කරවට්ටම බැඳ ගන්න කියලද? අම්මත් ගෑණු කෙනෙක් නේද? පොඩ්ඩක් දිලූෂිගේ පැත්තෙනුත් හිතලා බලන්න..””

“” අනේ මේ පුතේ. උඹ එන්න එපා මට කියලා දෙන්න. උඹ ලෑස්ති වෙයන් චාපාව කසාද බඳින්න. “”

“” ඇති අම්මේ ඇති. ඔය හොඳටම ඇති. මම කවදාවත් දිලූෂිව ඩිවෝස් කරන්නේ නෑ. මෙතන එයාගේ කිසිම වැරැද්දක් නෑ. අම්මා ඇත්ත දැනගත්ත දවසට ගොඩක් පසු තැවෙයි. “”

එහෙම කියපු කේසර කතාව නවත්තලා දිලූෂිවත් ඇදගෙන කාමරේට ගියා. ඔහුට ඔහු ගැනම කේන්තියි. තමන්ගේ හිස කෙස් අදින ගමන් ඔහු කේන්තියෙන් කාමරේ තුල එහෙ මෙහෙ ඇවිද්දා. ඒ අතරේ තමයි කේසර දකින්නේ දිලූෂි තාමත් අඬන බව. ඒ දසුන නිසා ඔහුගේ කේන්තිය නිවිලා ගිහින් දිලූෂි ගැන ලොකු අනුකම්පාවක් ඇති වුණා.

“” අනේ මැණික. දැන් ඇඬුවා ඇති. මට සමාවෙන්න මැණික. මං නිසයි මේ සේරම. මම නිසා ඔයා හැමදාම බොරුවට බැනුම් අහනවා. අනේ මට සමා වෙන්න රත්තරනේ””

“” සමාව ඉල්ලන්න එපා කේසර. ඔයා වැරැද්දක් කලේ නෑනේ. හ්ම්. අපි තව ටික කාලයක් බලමු. හරිද? “”

දිලූෂි කඳුලු පිහදගෙන හිනා වෙලා කිව්වේ කේසරව සනසවන්න. ඒත් කේසර දන්නවා දිලූෂි මෙහෙම පිටින් හිනා වෙලා හිටියට ඇතුලෙන් කොච්චර නම් ගින්දරකද ඉන්නේ කියලා. කේසරත් එහෙමයි.

“” මැණික එක්කෝ අපි මෙහෙන් යමුද? හැමදාම ඔයාට මේ දේවල් අහගෙන ඉන්න බෑ. අපි වෙන ගෙදරකට යමු. “”

“” අනේ කේසර එතකොට අම්මා තනි වෙනවනේ. අපිට අම්මව තනි කරන්න බෑනේ මහත්තයෝ. අපි මෙහෙ ඉමූ. මට පුලුවන් මේ දේවල් ඉවසගෙන ඉන්න.””

“” ඔයා හරි හොඳයි මැණික. මම හැමදාමත් ආදරේ කලේ ඔයාගේ ඔය ගතිගුණ වලට “”

කේසර කිව්වේ දිලූෂිගේ හිස් මුදුන සිප ගන්න ගමන්.

‘ මම මේ හැම දෙයක්ම විසඳනවා මැණික. මම ඉක්මනටම අම්මට හැම දේම කියනවා. අපිට බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන් වෙයි. ‘ කේසර හිතුවේ දිලූෂි දිහා බලාගෙන.

දින සති මාස ගෙවිලා කාලය ගත වුණා. දිලූෂි ඒ ගෙවුණු කාලය පුරාම හැම ඉරිදාවකම පල්ලියේ පූජාවට ගියා. ඇය දෙවියන්ගෙන් ඉල්ලුවේ මේ ප්‍රශ්න නිරාකරණය වෙලා ඇයටත් කේසරටත් දෙමාපියන් වෙන්න අවස්ථාව ලබා දෙන්න කියලා. දිලූෂි හැමදාමත් දෙවියන් ගැන විශ්වාස කළා.

මැයි මාසයේ එක් ඉරිදාවක දිලූෂි කේසරත් එක්කම දිව්‍ය පූජාවට සහභාගි වුණා. දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ වඩම්මවන වෙලාවේ දිලූෂිට දැනුණේ ඇඟට අපහසුවක්. උදේ නැගිට්ට වෙලාවේ ඉඳන් මේ අපහසුව දැනුණත් දිලූෂි ඒක වැඩිය ගණන් ගත්තේ නෑ. ඒත් දැන් ටිකක් හිතුවට වඩා අපහසුවක් දැනෙද්දි දිලූෂිගේ ඇස් දෙක නිලංකාර වෙලා පියවිලා වැටෙන්න ගියේ කේසර පැනපු ගමන් දිලූෂිව අල්ල ගනිද්දි.

ටික වෙලාවකට පස්සේ දිලූෂිට සිහිය එනකොට එයා හිටියේ හොස්පිට්ල් එකේ ඇඳක් උඩ. එයා වටපිට බලද්දි දැක්කේ ඇස් දෙකේ කඳුලු පුරවගෙන ඩොක්ටර් දිහා බලන් ඉන්න කේසරවයි, කිසිම හැඟීමක් නැති ඇස් දෙකකින් පැත්තක් බලාගෙන ඉන්න දිලූෂිගේ නැන්දම්මා වුණ සුමනාවයි.

“” කේසර..””

වෙන සිහියකින් හිටපු කේසර ගැස්සුනේ දිලූෂිගේ කටහඩ ට.

“” අනේ මැණික. ඔයාට සිහිය ආවද? මම ගොඩක් බය වුණා..””

“” මට මොකද වුණේ කේසර?””

“” පල්ලියේ ඉද්දි ඔයා ෆේන්ට් වුණා මැණික..””

කේසරගේ ඇස් තාමත් කලබලයි. දිලූෂිට මොකක් හරි කරදරයක් වෙයි කියලා කේසර බය වෙලා ඉන්නේ.

“” අනේ ඩොක්ටර් මගේ වයිෆ්ට කොහොමද?””

“” කන්ග්‍රැජුලේෂන්ස් මිස්ටර් දුනුකේබණ්ඩාර. ඔයා තාත්තා කෙනෙක් වෙන්න යන්නේ. මිසිස් දුනුකේබණ්ඩාර ප්‍රෙග්නන්ට්. දැන් මාසයක් විතර වෙනවා.””

“” මො..මො.. මොකක්? ඔය ඇත්තමද ඩොක්ටර්? ඇත්තටම මම තාත්තා කෙනෙක් වෙන්නද යන්නේ? “”

“” යස් මිස්ටර් දුනුකේබණ්ඩාර. යූ ආ(ර්) රයිට්. යූ ටූ ආ(ර්) ගොයින් ටු බී පේරන්ට්ස් “”

මේක දිලූෂිටයි කේසරටයි නම් හීනයක් වගේ. කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් හිටපු දේ ඉෂ්ට වෙලා.

දිලූෂිගේත් කේසරගෙත් ඇස් වල කඳුලු. කේසර දිලූෂිව වැළඳගෙන හිස් මුදුනට දෙතොල් තද කරා.

ඒත් මේ දේවල් සුමනාට නම් විශ්වාස කරන්න බෑ. එයා හිතන් හිටියේ දිලූෂි කියන්නේ දරුවෝ හදන්න බැරි වඳ කෙල්ලෙක් කියලනේ.

“” පුතා.. මො..මොකක්ද මේ වෙන්නේ? ම..මම හිතන් උන්නේ මේ..මේ….””

සුමනා කතා කරගන්නත් බෑ ගොත ගැහෙනවා.

“” අම්මා හිතන් හිටියේ දිලූෂි කියන්නේ වඳ කෙල්ලෙක් කියලා නේද? ඒත් එහෙම නෑ අම්මා. ඇත්තම කිව්වොත් දරුවෝ හදන්න බැරි ප්‍රශ්නය තිබුණේ මට. කාලෙකට කලින් අපි දෙන්නා කරපු චෙකප් එකකින් තමා දැනගත්තේ ඒ අවුල තියෙන්නේ මගේ කියලා. ඒකයි අම්මා මං එදා කිව්වේ ඇත්ත දැනගත්ත දවසට අම්මා ගොඩක් පසු තැවෙයි කියලා “”

“” අනේ දරුවෝ… මොනවද මේ කියන්නේ? ඇයි මට මේ දේවල් නොකිව්වේ?””

“” ඩොක්ටර් කිව්වා අම්මේ මේක බෙහෙත් වලින් හොඳ කරගන්න පුලුවන් කියලා. ඒකයි අම්මට නොකියා හිටියේ. අම්මා නිකන් දුක් වෙන නිසා. “”

සුමනාට මේ දේවල් අදහාගන්න බෑ.. මෙච්චර කාලයක් දිලූෂිට කොච්චර වෙනස්කම් කලාද කියලා සුමනට මතක් වුණා. තමන්ගේ පුතාගේ ප්‍රශ්නයක් නිසා දිලූෂි කොච්චර නම් බැනුම් ඇහුවද කියලා මතක් වෙද්දි සුමනගේ ඇස් වලිනුත් කඳුලු ගලන්න පටන් ගත්තා.
සුමනා එහෙම්මම ගියේ දිලූෂි ළඟට.

“” අනේ මට සමා වෙන්න දුවේ. මම දූට ගොඩක් වෙනස්කම් කරා. ප්‍රශ්නේ තියෙන්නේ මගේ පුතාගේ වෙලත් ඔයා කවදාවත් මට වචනයක්වත් කියලා නෑ. මට සමාවෙන්න දුවේ.””

සුමනා අත් දෙකත් එකතු කරලා දිලූෂි ඉස්සරහ වැඳගෙන වගේ සමාව ඉල්ලනවා.
දිලූෂි සුමනාගේ අත් දෙකෙන් අල්ලගෙන කතා කරන්න ගත්තා.

“” අම්මේ.. අම්මා සමාව ඉල්ලන්න ඕනි නෑ මගේ අම්මේ. අම්මා ඒ වෙලාවේ හිටපු තත්වේ මට තේරුම් ගන්න පුලුවන්. ඕනම අම්මා කෙනෙක් පතන්නේ තමන්ගේ දරුවට හොඳක් වෙන්න කියලා. ඉතින් අම්මා වැරැද්දක් කරේ නෑ අම්මේ. සමාව ඉල්ලන්න එපා. මටත් පවු පිරෙයි.””

දිලූෂි එහෙම කිව්වම සුමනා දිලූෂිව ආදරයෙන් වැළඳගත්තා.

කේසර පැත්තකට වෙලා මේ දේවල් දිහා බලන් හිටියේ සතුටින්.

කේසරගේත් සුමනාගේත් ආදරය රැකවරණය මැද්දේ දිලූෂි ගොඩක් සතුටින් කල් ගෙව්වා..

කාලය ගෙවිලා දිලූෂිගේ කුසට මාස නවයකුත් වූණේ හරි ඉක්මනට.

මේ දෙසැම්බර් මාසේ අන්තිම දවස් වල තමයි දිලූෂිට හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්න දින දීලා තිබ්බේ. ඉතින් කොයිකටත් කියලා අවශ්‍ය කරන දේවල් කේසර කලින්ම ලෑස්ති කරලා තියාගත්තේ හදිස්සියක් වුණොත් කියලා.

මේ අතරේ දිලූෂිට ඕන වුණා දෙසැම්බර් විසි හතර වෙනිදා නත්තල් මධ්‍යම රාත්‍රී පූජාවට සහභාගී වෙන්න. දිලූෂි ඉන්න තත්වේ අනුව ඒකට කේසර අකමැති වුණත් දිලූෂිගේ සතුට ගැන හිතලා කේසර එයත් එක්කම එදා පූජාවට සහභාගී වුණා.

පල්ලියට ගිහින් ඔවුන් දෙදෙනාම ප්‍රාර්තනා කලේ කිසි කරදරයකින් තොරව තමන්ගේ පැටියව මේ ලෝකෙට බිහි කරන්න දේව ආශිර්වාදය ලබා දෙන්න කියලයි.

පූජාව ඉවර වෙලා පාන්දර ගෙදර ආපු දිලූෂි නින්දට වැටුණේ ඇඟට යන්තම් අපහසුවක් දැනෙද්දි.

ටික වෙලාවකට පස්සේ කුසත් එක්කම කොන්ද තදබල විදිහට වේදනා දෙන්න ගත්ත නිසා දිලූෂි දාඩියත් දාගෙනම නැගිටලා ඇඳෙන් වාඩි වුණා.

“” කේ..කේසර…. අනේ මහත්තයෝ…””

දෙතුන් පාරක් කතා කරාම කේසර ගැස්සිලා ඇහැරුණා…

“” ඇ.. ඇයි මැණික? ඔයාට අමාරුද? අපි ඉක්මනට හොස්පිට්ල් එකට යමු””

කේසර එයාගේ අම්මවත් නැගිට්ටවලා බඩු ටිකත් අරගෙන දිලූෂිවත් වාහනේට දාගෙන වේගෙන් රෝහල වෙතට ගියා.

දිලූෂි වෙදනාවෙන් කෑ ගහන සද්දේ ඇහෙද්දි කේසරට ඉවසන් ඉන්න බෑ. හැමෝටම වඩා කේසර බය වෙලා. එයාගේ ඇස් දෙකෙන් කඳුලු ගලනවා.

දිලූෂිව ශල්‍යාගාරයට ගන්නකොට කේසරත් ඒ එක්කම ඇතුලට ගියා.

“” බය වෙන්න එපා මැණික. මම ළඟම ඉන්නවා. ඉවසන්න රත්තරන්. අපේ දරුවා වෙනුවෙන්..””

කේසර කියන්නේ වේදනාවෙන් කෑ ගහන දිලූෂිගේ අතක් තදින් අල්ලගෙන.

ඩොක්ටර්ස්ලා ඇවිත් සැත්කම කරන්න පටන් ගත්තා.. ඒ වෙලාවේ කේසරට තේරුණා අම්මා කෙනෙක් දරුවෙක් වදන්න කොච්චර නම් වේදනාවක් විඳිනවද කියලා. කේසරට තමන්ගේ අම්මා ගැන ඇති වුණේ පුදුමාකාර ආදරයක්.

කල්පනා ලෝකේ හිටපු කේසර පියවි සිහියට ආවේ පොඩි දරුවෙකුගේ ඇඬුම් හඬින්. කේසර ගැස්සිලා වගේ ඒ දිහා බැලුවා. ඩොක්ටර් කෙනෙක් දරුවව කේසරගේ අතට දෙද්දි කේසරගේ ඇස් බොඳ වුණේ සතුටට…

“” මැණික.. මේ බලන්න මැණික අපේ පැටියා.. මම දැන් තාත්තෙක් මැණික.. මම තාත්තෙක් “”

කේසර දරුවගේ නළල මත සියුම් හාදුවක් තවරන ගමන් දිලූෂිට කිව්වා… දිලූෂිත් හරි ආසාවෙන් බලන් ඉන්නේ මේ කිරිකැටියා දිහා. දිලූෂිට ටිකකට කලින් දැනුණු වේදනාව මේ පැටියා දැක්ක ගමන් නැති වෙලා ගියා.

ටිකකින් නර්ස් කෙනෙක් ඇවිත් පැටියව දිලූෂිගේ පපුව උඩින් තියලා දරුවට කිරි දෙන විදිහ කියලා දුන්නා.

ඒ වෙලාවේ තමයි සුමනාත් ඒ කාමරේට ආවේ. ඒ ආපු ගමන් කේසර සුමනාව බදා ගෙන අඬන්න පටන් ගත්තා.

“” අයියෝ පුතා… මොකෝ මේ අඬන්නේ… අර පොඩි දරුවටත් හපන් මෙයා..”” සුමනා කඳුලු අතරින්ම හිනා වෙවී කිව්වා.

“” කෝ එහාට වෙන්න මට මගේ මුණුබුරාව බලන්න..”” එහෙම කියලා සුමනා දිලූෂි ගාවට ළං වුණා.

පුරුදුකාරයෙක් වගේ කිරි බොන චූටි පැටියා දිහා සුමනාත්, කේසරත් බලන් ඉන්නේ ආදරය ඉතිරෙන ඇස් වලින්.

“” මැණික… අද තමයි මගේ ජීවිතේ සතුටුම දවස. ගොඩක් ස්තූතියි රත්තරන් මට මේ සතුට දුන්නට. හැමදාමත් ආදරෙයි මං.””

කේසර දිලූෂිගේ නළල සිප ගන්න ගමන් කිව්වා.

“” මගේ දුවේ… ඔයා තමයි අපේ ගෙදරට සතුට ගෙනාවේ. මගේ පුතාගේ ජීවිතේට ආවට ගොඩක් පින් මගේ දුවේ. මගෙන් වුණු හැම දේකටම මට සමා වෙන්න. මගේ දුවට පින් අපිට මේ සතුට දුන්නට “”

සුමනා කියන්නේ දිලූෂිගේ ඔලුව අතගාන ගමන්.

“” අකේෂ් දෙව්තිළිණ දුනුකේබණ්ඩාර “” කේසර චූටි පැටියා දිහා බලාගෙනම කිව්වා.

“” මෙයා නම් දේව තිළිණයක්ම තමයි දරුවෝ… අපිට නත්තල් දවසෙම හම්බුණු”” සුමනා කියන්නේ හිනා වෙවී..

“” ඔව් අම්මේ…. මේ පැටියා තමයි අපේ නත්තල් තෑග්ග..”” දිලූෂි කේසර දිහාත් සුමනා දිහාත් සතුටු කඳුලු පිරුණු ඇස් වලින් බලන් හිනා වෙවී කිව්වේ දෙවියන් වහන්සේට ස්තූති කරන ගමන්…

~නිමි ~

_____________________________________________________________

හලෝ ලමයි ? කොහොමද ඉතින්?

ඔන්න මම ආයේ ආවා කතාවක් අරන්.? හදිසියේ හිතට ආපු සිතුවිල්ලක් නිසා මේක ලිව්වේ.

මේ කතාවේ අඩුපාඩු චෙක් කරේ නෑ.. හැමදාම නංගිට වද දෙන්න බෑනේ? ඒ නිසා මම හිතනවා ඔයාලා මේ කතාවේ දකින අඩුපාඩු හැම එකක්ම මට පෙන්නලා දෙයි කියලා..

අඩූ පාඩු ගොඩක් ඇති. හදිස්සියට ලිව්වේ. ඉතින් සමා වෙන්න… ?

ඉතින් කතාව ගැන ඔයාලට හිතෙන දේ, දකින අඩු පාඩු, මම හදා ගන්න ඕනි තැන් ඒ හැම දෙයක්ම කමෙන්ට් කරලා මට කියන්න.

ඔයාලගේ එක පුංචි කමෙන්ට් එකක් පවා මට ගොඩාක් වටිනවා.. ❤

ඉතින් මම ඔයාලගෙන් ඉල්ලනවා කතාව කියවලා පිට පාරෙන් යන්නේ නැතුව කතාව රේට් කරලා, කමෙන්ට් කරන්න කියලා ?

එහෙනම් මම ආයේ තව කතාවක් අරන් ඉක්මනටම එන්න උත්සහ කරන්නම්….?

දඟ පවුලේ හැමෝටම ආදරෙයි ?

පරිස්සමින් ඉන්න

බුදු සරණයි!!! ජේසු පිහිටයි !!!

 

මම රිතූ ?

37 thoughts on “? නත්තල් තෑග්ග ?| කෙටි කතා | කතා අහුර රචක”

  1. තාම කලින් කතාව කියෙව්වෙත් නෑ…. මං ඒකටත් කමෙන්ට් එකක් දාලම මේකට කමෙන්ට් කරන්නම් රිතූ අක්කි… Same to you කියලම මගෙ අතයි කටයි දෙකම රිදෙනවා…. පස්සෙ වෙලාවක එන්නම්…..

  2. ??රිතූ අක්කි නත්තල් තෑග්ග නියමයි ඈ………………කතාව ගොඩාරියක් ලස්සනයි…………….දිලුෂි ගොඩාක් අහිංසක හොද කෙනෙක් ………..එතකොට කේෂර කොලුවා මොනා උනත් දිනුෂුව අතනොහැරපු එක නම් ලිකු දෙයක් කියලාකතාව කියවන් යද්දි මුල හලියේ හිතුනා…….බලද්දි වෙනම කතාවක් නේ………….සුමනා දුෂ්ටි හ්‍අරි හරි ඉතින් පස්සෙ හොද උනා තමයි හැබැයි දුෂ්ටි…දෙයක් නොදැන ඔහොම කෙනෙක්ට වැරදි කියන එක නම් ලොකු වැරැද්දක් එහෙම උනාම බැනුම් අහන කෙනාගේ හිත ගොඩාරියක් රිදෙනවා….විදවලා තියෙන අය නම් දන්නෝ ඉතින්……………….දීගට කමෙන්ට් එකක් දෙන්න නම් බැරි වෙයි අක්කි මැණික සොරි ඈ………ගොඩාරියක් ලස්සනයි අක්කි………….තවත් කතාවක් ඉක්මනට දීයෝ………………………………………: M͟A͟R͟R͟Y͟ C͟H͟R͟I͟S͟T͟M͟A͟S͟ a͜͡l͜͡l͜͡?♥️¥£©¥£¥_~£+¥±\£__±¥®±_±•¥±¢£+[©¿¢£¥£බුදු සරණයි ජේසු පිහිටයි………..

    1. රිතූ ?

      ගොඩක් ස්තූතියි පිනෝ ??

      දිහ කමෙන්ට් එකක් ඕනි නෑ…. ඔය දීපු කමෙන්ට් එක මට ගොඩක් වටිනවා ?
      තව එකක් ලියන ගමන්… ඉක්මනට දෙන්න බලන්නම් ?

      1
  3. රිතූ අක්කියෝ…කතාවනම් හරිම ලස්සනයි❤️❤️

    හේෂි අක්කි කිව්වා වගේ දිලූශි ගොඩක් අහිoසක…ඉවසලිවන්ත කෙනෙක් නැත්‍තන් තමන්ගේ වැරැද්දක් නෙවේ කියලා දැන දැන ඔහොම බැනුම් අහයිද..ඒවගේම කේසරත් එයත් ගොඩක් ඉවසිලිවන්ත කෙනෙක්……ඇත්තටම අර සුමන ඇත්ත දැන ගත්තට පස්සෙත් හොද වුන එකනම් හොදයි..ඒත් මටත් තරහයි අප්පා…

    කතාව ලස්සනයි ගොඩක්…❤️❤️
    තව කතා ඕනි හොදේ..

    පරිස්සමින් ඉන්න අක්කියෝ
    බුදු සරණයි ..

    1. රිතූ ?

      ගොඩක් ස්තූතියි සිඩ් ??

      තව එකක් ලියන ගමන් සිඩ් ? ඉක්මනට දෙන්න ට්‍රයි කරන්නම්…

      ඔයත් පරිස්සමින් ඉන්න…
      බුදු සරණයි…. ජේසු පිහිටයි ❤

  4. රිතූ ?

    මම කලින් කියලා තිබ්බා වගේ මේ කතාවේ අඩුපාඩු බලන්න බැරි වුණා…. ඒ නිසා ඔයාලා දකින අඩුපාඩු තියේ නම් කියන්න ?

  5. රිතු අක්කි….. සුමනා දිනුෂිට බනිද්දි නම් ඇත්තටම හිතුණෙ දිනූෂිගෙ ප්‍රශ්නයක් වෙන්න ඇති කියලා…. ඒවගේම සුමනා ගැන ගොඩක් තරහත් හිතුණා…. එයත් ගෑණියෙක් විදිහට දිනූෂාගෙ පැත්තෙන් හිතන්න ඕනා නේද කියලා මට හිතුණා…. කේෂර ඒ දේවල් ගණන් ගන්නෙ නැතුව දිනුෂිට ආදරේ කරන එකට එයාට ගොඩක් ගෞරව කලා වගේම සුමනා බනින ඒවා කේෂරට කිව්වෙ නැති නිසා දිනූෂීට හොඳ කිව්වා…. ඒත් ඇත්ත දැන ගත්තම පසු තැවෙන්න වෙයි කියලා කේෂර කිව්වම නම් පොඩි කුතුහලයක් හිතට ආවා ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නේ කියලා…. දිනූෂි කොච්චර හොඳ කෙනෙක්ද?? සුමනා එයාට කොච්චර බැන්නත් එයා සුමනා ගැනත් හිතුවා…. ඒවගේ ලේලිලා හුඟක් අඩුයි… එයාගෙ යහපත්කම නිසා වගේම විශ්වාසෙ නිසා දෙවියන් වහන්සේ එයාලගෙ බලාපොරොත්තු ඉෂ්ඨ කරන්න ඇති…. නත්තල් දවසෙ ඉපදුණු ඒ පුංචි බබා එයාලට එයාලගෙ ජීවිත කාලෙදි හම්බවුණු හොඳම වටිනම නත්තල් තෑග්ග වෙන්න ඇති…. කතාවෙ අඩුපාඩු නම් දැක්කෙ නෑ අක්කියෝ…. කතාව හුඟාක් ලස්සනයි අක්කියෝ….. ඔයාගෙ හැකියාව තව තවත් දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කේ….. ඔයාගෙ තවත් ලස්සන කතාවක් කියවන්න බලාගෙන ඉන්නවා…. පරිස්සමින් ඉන්න අක්කියෝ…. ජේසු පිහිටයි….

    1. ඊයෙ හවස ඉදලා මේක ටික ටික ටයිප් කලේ….. වෙලාවක් නෑ අක්කියෝ…. සොරි පොඩි කමෙන්ට් එකක් දුන්නට….

    2. රිතූ ?

      ගොඩක් ස්තූතියි කවී ??

      කමෙන්ට් එක පොඩි වුණත් ලොකු වුණත් ඔයාලගේ කාලය කැප කරලා මං වෙනුවෙන් ඔයාලගේ සිතුවිලි අකුරු කරන එකම මට ඇති ?

      තව එකක් ලියන ගමන්… ඉක්මනට දෙන්න බලන්නම් ?
      ජේසු පිහිටයි

      1
  6. Sandu (kandy girl)

    රිතූ නංගා..ඔන්න මැණික තරහා වෙන්න එපා..අද තමා කතාව කියවන්න ලැබුනේ..මං ගමේ ආවනේ රව්මක් දාලා මූනත් තහඩුව පෙන්නලා යන්න ගමටම..???

    කතාව කියවද්දී මුල් ටිකේ ගොඩක් දුක හිතුනා … දිනූශි පව්.. ඒ වගේ ලේලිලා කී දෙනෙක් දවසකට කොයි තරම් විඳවනවා ඇතිද.. ඒ නැන්දම්මා ගැන නම් කලකිරීමක් දැනුනේ.. අනුන්ගේ වේදනාව තමන්ගේ කරගන්න මිනිස්සු අද කාලෙ කොහොමත් නෑ.

    මං දන්න කීප දෙනෙක් ම ඉන්නවා දරුවො නැති ව දුකින් ඉන්න … රට හැම තැනම ඩොක්ටර්ලා, දේවාල හොයන් යනවා .. ඒ අතර දෙමව්පියන් අහිමි උන දරුවො කී දෙනෙක් අඬනවද දවසකට ඒ දුකින්…

    නැන්දම්මලා වචනයක් කියද්දී එකට එක කියන් යන ලේලිලා අතරේ දිනූශි කියන්නෙ ඇත්තටම මැණිකක්. නිහඬ බව, ප්‍රතික්ශේපය තරම් දඬුවමක් තවත් නම් නෑ ..

    අඩුපාඩු නම් වැටහුණේ නෑ රිතුවෝ… හරි ලස්සනට ලියලා තියේ … දිගටම ලියන්න අදහස් ගලන් එන්න කියලා ප්‍රාර්ථනා කරනවා …තෙරුවන් සරණයි …????

    1. රිතූ ?

      ගොඩක් ස්තූතියි දියමන්තිය ??

      තරහ වෙන්නේ මොකටද අනේ… ඔයා මට කමෙන්ට් එකක් දුන්නා නේ ? ඒ ඇති

      බුදු සරණයි
      ජේසු පිහිටයි සඳූ අක්කේ ❤

    2. අක්කියෝ සොරි කතාවට කමෙන්ට් එකක් දාන්න බැරි උනාට.??ඔන්න අද තමා කතාව කියවන්න හම්බුනේ.❤️

      ඇත්තටම ගොඩක් ලස්සනයි අක්කි කතාව.❣️❣️❣️

      අම්ම කෙනෙක් පුදුමාකාර දුකක් විදිනව,දරුවෙක් මේ ලෝකෙට බිහි කරන්න වගේම එතන ඉදල දරුවට ලස්සන ලෝකයක් ගොඩ නගල දෙන්න.දුවෙක් නම් මලක් වගේ හදලා ලෝකෙට දායාද කරන්න, හොද පෞරුෂයකින් ඉදිරියට යන්න හැමදාම හෙවනැල්ල වගේ පිටිපස්සෙන් ඉන්නෙ අපෙ අම්මයි තාත්තයි.ඇගේ තියෙන රක්ත වර්ණ ලේ ශ්වේත වර්ණ කිරි බිංදු බිංදු වෙන එක ඇත්තටම ආශ්චර්‍ය්මත්.ඒ කියන්න නම් ඇත්තටම අකුරු මදි.❤️❤️❤️❤️❤️❤️
      “ඔබෙ ගුණ කීමට හෝඩියෙ අකුරු මට
      මදී….”

      ජීවිතේ තියෙන්නෙ විදවන්න නෙවෙයි විදින්න කියල කතාවක් තියෙනවනි.දරුවො එපා කියල මහ මග කුනු ගොඩවල්වල අමනුෂ්‍ය විදිහට යන අම්මලා අතරේ ඔය දරුවො නැතිව දේවලවල බාරවෙන පල්ලියට ගිහිල්ල යාඣා කරන අය කොච්චර ඇද්ද.හැමෝම එකවගේ නෑනි.

      එහෙම උනානම් අද සමාජයේ මහලු නිවාස ලමා නිවාස බිහි වෙන්නෑනි.දෙමව්පියොත් ආස ඇති තමන්ගෙ දරුවන්ගෙන් බත් කටක් කන්න. “මගේ පුතේ නුබේ ඉදුල් රජ බොජුනකි මට…”

      ගැහැනු කෙනෙක්ගෙ දුකක් දැනැන්නෙ තවත් ගැහැනු කෙනෙකුටලු.ඒත් ඉතින් එහෙම හිතක් පපුවක් නැති අයත් අපි අතරෙ ඉන්නව.හැබැයි පස්සෙ පසුතැවෙනව.වැඩක් නෑ පෙරහැර ගිහින් ඉවරයි.

      කතාව ගැන කියනව නම් අක්කියෝ ???????????? සුපර්බ්.අඩුපාඩු නම් නෑ ඉතිම්.දුක සතුට ආදරය විරහව පසුතැවීම මේ හැමදේම එකට කැටි කරල කතාව ගොතල තියනව.සූටි කතාවක් නි ඉතිම්.

      සතුටුයි අක්කි ගැන.හැකියාව මගින් නතර කර ගන්නැතුව තවත් දියුණු කරගන්න එකට.අක්කිගෙ සියලු කටයුතු සර්වප්ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.

      ඒ වගේම අක්කිට මේ වැඩත් එක්කම ,A/LLවලට හොද රිසල්ට් එකක් දාලා සරසවි සිහිනය සැබෑ කරගන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනව.
      ❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️??????????????
      අක්කි අපිට දුන්න නත්තල් තෑග්ගට ගොඩාක් ස්තූතියි.ඔන්න අනිත් අය වගේම මාත් දිගගගග දිග කමෙන්ට් එකක් දුන්නා.ඔය තමා මගෙන් අක්කිට ලැබෙන නත්තල් තෑග්ග.කැමතිනේ.වල් පල් තිබුනොත් ඒවට සොරි ඉතිම්.තවත් කතාවක් ලියන්න ඉතිම් ???
      බුදුසරණයි
      ජේසු පිහිටයි
      පරිස්සමෙන් ඉන්න
      අක්කි සතුටින් ඉන්න ?????????????

      1. රිතූ ?

        ගොඩක් ස්තූතියි කටුවෝ ??

        දිග කමෙන්ට් එකක් ?

        කතා ලියන එක නැවැත්තුවේ නැත්තේ ඉතින් ඔයාලගේ තර්ජන නිසයි, ඒ වගේම මම වෙච්ච පොරොන්දුවක් නිසයි ?

        ඔයාගේ ප්‍රාර්ථනාවට ගොඩක් ස්තූතියි ?

        ඔයත් සතුටින් පරිස්සමින් ඉන්න…
        බුදු සරණයි
        ජේසු පිහිටයි ?

  7. මචියෝ ?,

    ඉස්සල්ලම සොරි කතාවට කමෙන්ට් කරන්න පරක්කු උනාට…. කතාව ගැනනම් කියන්න වචන නෑ… හරිම ලස්සනයි මචී… ඔයා ලියන කතා ඉතින් කොහොමත් මං ආසයිනේ කියවන්න..

    කතාව කියවද්දී ඉස්සල්ලම ටිකේ නම් ගොඩක් දුක හිතුනා… දිලුෂි ගොඩක් පව්… කේසරගේ අම්මා කොච්චර මොනවා කිව්වත් දිලූෂි එයාට එක වචනයක්වත් කිව්වෙ නෑ… කෙල්ලගේ හිත කොච්චර රිදුනත් කේසර වෙනුවෙන් එයා හැමදේම ඉවසුවා…

    ඇත්තටම දැන් සමාජේ ඉන්නේ කෙල්ලොත් එක්ක බැලුවම දිලූෂි කියන්නේ කොච්චර හොඳ කෙල්ලෙක්ද?

    මටනම් මාර සතුටුයි අන්තිමේදී එයාලට දරුවෙක් ලැබුනානේ… කේසර දිලූෂි වගේම කේසරගෙ අම්මටත් ගොඩක් සතුටුයි නේද? කොහොමහරි අම්මත් එයා අතින් උන වැරැද්ද තේරුම් ගත්ත එක ලොකු දෙයක්….

    ඇත්තටම හරිම ලස්සනයි රිතූ… හැමදාම මේ වගේ කතා අපි වෙනුවෙන් ලියන්න ඕන හොඳද… පරිස්සමින් සතුටින් ඉන්න… බුදුසරණයි!

    1. රිතූ ?

      ගොඩක් ස්තූතියි මචී ??

      ආයේ සොරි ලු ඉතින් ? කී පාරක් කිව්වද සොරි කියන්න එපා කියලා… ආයේ කිව්වොත් නේ…? මං බලාගන්නම් ආයේ කිව්වොත්

      ඔයාට ඉතින් මගේ කතා කියවන්න තියෙන ආසාව ගැන මම නොදන්නවායැ ????

      තව එකක් ලියන ගමන් කියලා අනිත් අයට කිව්වට ඔයාට කියන්න ඕනි නෑනේ ?

      ඔයත් සතුටින් පරිස්සමින් ඉන්න…
      බුදු සරණයි
      ජේසු පිහිටයි

      ජවුසමෝ ??

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.