Katha Ahura

?ඉන්නම් ඔබ ගාවින් මං? | දෙවැනි කොටස | කොටස් වශයෙන් පළවන කතා

5/5 - (1 vote)

“මං වගේ කෙනෙක් බේරගත්තාට ඔයාට…ප්..පින්..මහ…ත්ත..යෝ……”

“අයියෝ ඉතින් …මට පින් එපා ..ඔයා ගැන දැනගන්නයි ඕනි ….කියන්න මට ඔයා කවුද? කොහෙද ඉන්නෙ? ….”

“මහත්තයෝ මං කියන්නම්…ම්..මං ආශා…අවුරුදු විස්සයි.මේ නගරෙන් ගොඩක් ඈත ගමක තමයි ජීවත් වුනේ … මට හිටියේ මගේ අත්තා විතරයි. අනේ මං අර මනුස්සයාට රැවටිලා එයා එක්ක ආවේ නැත්නම් තාමත් අත්තාව බලාගෙන සතුටින් ඉන්නවනේ..”

“අර මනුස්සයා කීවේ ?”

“එයා රෝහිත .ගමේ පන්සලේ තියන දහම් පාසලට ආධාර කරන්න කියලා ආවේ.මං ඒකේ නංගිලා මල්ලිලාට ඉගැන්නුවා . එතකොට තමයි මුණගැහුනේ එයාව .එයා දහම් පාසල් ගොඩනැගිල්ල හදන්න දායක වුනු නිසා නිතරම පන්සලට ආවා ගියා . එයා ආවාම මාත් එක්ක ටිකක් වෙලා කතා කර කර ඉන්නවා . මාසෙකට විතර පස්සේ මගෙන් එයා ඇහුවා එයාව බදින්න කැමති ද කියලා ”

“තමුසේ මෝඩි වගේ එක පාරටම හා කීවා .”

“නෑ….එයා අපේ අත්තාගෙනුත් ඇහුවා .පේන්න වැරැද්දක් නැති නිසා අත්තා වුනත් ඒ දේට කැමති වුනා.අත්තාව දාලා එන්න බෑ කියද්දි අත්තා බලන්න ඉක්මනට යමු කියලා තමයි මාව අඬගහගෙන ආවේ..
එ…ඒත්…අ.ඒ…ම්..මිනිහා ……..”

ඈගේ දෙනෙතින් යලිත් කදුලු කඩා වැටුණේ සිදුවූ දේ පිළිබඳ ඉඟියක් කෞෂාල් වෙතද පෙන්වා දෙමිනි .

“ආශා…ඒ මිනිහා ඔයාට මොකක්ද කලේ ….ඌ ඔයාව
බැන්දේ නැද්ද ?”

“නෑ මහත්තයා …එයා මාව බදින්න කියලා තමයි කොළඹ එක්කර ගෙන ආවේ .ඒත් මෙහෙ ආව දා ඉඳන් මාව කාමරේක හිර කරලයි තිබ්බෙ . දවස් දෙක තුනකට සැරයක් ඇවිත් බලලා යනවා ..ඒත් පෙරේදා ආවේ තවත් මනුස්සයෙක් එක්ක .එතකොට තමයි මට ඒ මිනිහාගේ උවමනාව තේරුනේ…”

“ඒ තිරිසනා ඔයාව අර මිනිහාට විකිනුවා ද?”

දෑත් මත මුහුණ හොවාගෙන සිටි ඈ හිස සලමින් එය පිලිගත්තාය .

“ඕ…ෂිට්…”

කෞෂාල් තම කලවා මත වැරෙන් පහරක් එල්ල කරගත්තේ රෝහිත කෙරෙහි හට ගත් දැඩි කෝපය නිසාය. මොහොතකට පසු ඇගේ හිස එසවුන ද ඔහු ඒ දෙස නොබැලුවේ ඈ වෙත අසරණකමක් දැනේවි යැයි සිතමිනි .

“ම්..මහත්තයා ….මං යන්නම් …මහත්තයාට පිං මාව බේරා ගත්තාට…මං නිසා මහත්තයාට කරදරයක් වෙන්න දෙන්න බෑ මට .”

“කොහෙද යන්නෙ එතකොට …….”

“මං දන්නේ නෑ ….කොහෙ හරි යන්නම් ….හිස හැරුණු අතක…”

“මේ නංගි ….කරපු මෝඩකම් මදි ද…දැන් ආයේ ම අරුන් ට අහු උනොත් …”

“කලින් වගේ පැනලා එන්නම් ….”

“හොදයි හොදයි ….හැබැයි ආයේ බේරා ගන්න මං නම් මේ රටේ ඉන්නේ නෑ …මොකද මං හෙට ආපහු යනවා ”

“ඒත්…කමක් නෑ මහත්තයා .. මගේ ඉරණම එහෙම නම් ලියවිලා තියෙන්නේ මට ඒක වෙනස් කරන්න බෑනේ …”

“ආශා…මගේ යකා අවුස්සන්නේ නැතුව ඉන්නවා . මටත් පිස්සු මේ වගේ මෝඩ කෙල්ලෝ ගැන හිතනවට…”

“මට සමාවෙන්න මහත්තයා ….මං මෝඩයි තමයි . ඒවගේම ගොඩක් අවාසනාවන්තයි .මට බෑ මහත්තයාට බරක් වෙන්න ..”

ඇගේ දෙනෙත් යලි කදුලින් පිරුනෙන් ඔහුගේ සිත මදක් සැලුනේ ය.

“මේ අහනවා..වෙච්චි දේවල් වෙලා ඉවරයි .ඒ දේවල් ආයේ වෙනස් කරන්න බෑ.මං හෙට උදේම ඔයාව ඔයාගෙ ගමට ඇරලවන්නම්…”

“බෑ මහත්තයා …මට ආයෙ ගමට යන්න බෑ..ඔයා දන්නෙ නෑ ගමේ අය ගැන . මිනිස්සු මං ගැන මොනවා නොහිතයිද …”

“අනේ මන්දා ඔයා නම්…ම්ම්ම්ම්…..මොකද කරන්නේ …
හරි එහෙනම් ඔයා දැන් වෙච්චි දේවල් අමතක කරන්න ඕනි ..සදහටම … මේ ඉන්නේ අලුත් ආශා කෙනෙක් ..හරි නේද ..සේරටම කලින් කියන්න ඔයාට මාව විශ්වාස ද ?”

“ඔ..ඔව් මහත්තයා …ඒත් ඇයි??”

“එහෙනම් එච්චරයි ….මං ඔයාට රූම් එකක් ලෑස්ති කරලා දෙන්නම්…හැබැයි ඔයාට දෙන්න ඇදුම් නම් නැහැ මං ළඟ.හෙට උදේ වෙනකං ඔහොම ඉන්න ..යන්නකෝ.. දැන් ගිහින් රෙස්ට් කරන්න….”

ඇය යමක් විමසීමට තැත් කළ ද ඔහු ඇයව වළකා ඉහළ මාලයේ වූ කුටියක් වෙත ඈව කැඳවාගෙන ගොස් එය සූදානම් කර දුන්නේය .

*****************************************************

“නෝනා…. පුංචි නෝනා ….”

“ම්ම්ම්…..ඔයා ක්…කවුද ……”

“මං සීතා..මං තමයි මේ ගෙදර බලා ගන්නේ .පුංචි මහත්තයා කීවා නෝනාට ඉක්මනින් ලෑස්ති වෙලා පහලට එන්න කියලා .”

“ඒත්…මට අදින්න වෙන ඇදුමක් නෑනේ නැන්දේ ….”

“මේක ගන්න නෝනා …මගේ දුවගේ අලුත්ම ඇදුමක් . මහත්තයා මට කීවා ගෙනත් දෙන්න කියලා ..නෝනා ඕක ඇදගෙන පහලට එන්න .මං කෑම ලෑස්ති කරන්නම් .”

ආශා ඈ දුන් ඇදුම් හැදගෙන සූදානම් වූයේ ඔහු තමා කැටුව කොහි යන්නේ දැයි සිතමිනි .එහෙත් ඔහු කෙරෙහි වූ විශ්වාසය නිසාම කඩිනමින් හැද පැලදගත් ඇය පහත මාලයට පැමිණ සීතා පිලිගැන්වූ ආහාර භුක්ති වින්දාය.

“ආ කෙල්ල …ඇහැරලා නේද …ඉක්මනට කාලා එන්න..මං වාහනේ ඉන්නම්…සීතා අම්මේ මං යනෝ..”

කෞෂාල් ඈ දෙස නොබලාම සීතාට පවසමින් නිවසින් ඉවතට ගියෙන් ඈ ද ඒ සමඟම පැමිණියේ ඔහු තමා හා උරණ වේ යැයි බියෙනි.

ඔහු ඇයව කැඳවාගෙන ගියේ නගරයේ ප්‍රසිද්ධ කාන්තා ඇදුම් අලෙවිසැලකටය. ඈ හා කිසිවක් නොදෙඩූ හේ වෙළෙඳ සේවිකාවක කැදවා යමක් පවසා ඉවතට ගිය අතර එම කාන්තාව ඈ සදහා අවශ්‍ය සියළු ඇදුම් පැළදුම් තෝරා ඇය අතට පත් කලාය .

එකවරම පිටුපසින් පැමිණි යමෙකු ආශාගේ අතින් අල්වා ගත්තෙන් ඈ බිය වී හැරී බැලුවාය .එහි වූයේ පෙරදා කෞශාල්ගෙන් පහර කෑ එක් පුද්ගලයෙකි .

“ම්…මාව අතාරිනවා …මට යන්න දෙනවා …”

“යන්න දෙන්න …දැන් තමුසෙට යන්න තියෙන්නේ අපේ මහත්තයා ළඟට …නැත්නම් පරලොව තමයි ….මෙහෙ එනවා යන්න…”

ඔහු ඈව ඇද ගෙන යාමට සූදානම් වත්ම කෞෂාල් පැමිණ ඔහුව වළක්වන ලද්දේය.

“උඹට ඊයේ කාපු පාරවල් සැර මදි උනාද ? අතෑරපන් කෙල්ල ව..නැත්නම් මං උඹට …”

කෞෂාල් ඔහුට පහර දීමට සූදාන වත් ම පැමිණි අයෙකු ඔහුගේ කමිසයෙන් අල්වා ගත්තේය.

“උඹද ඊයේ මගේ එවුන්ට ගහපු චන්ඩියා …මගේ කෙල්ලව උස්සන් ගියේ උඹද…”

“ඕ.. හෝ…මේ මිස්ටර් රෝහිත වෙන්න ඕනි . ආශා ඔයාගේ චොයිස් එකනම් කියලා වැඩක් නෑ ….ඒක නෙවෙයි .දැන් තමුසෙ කීවේ මේ තමුසෙගේ කෙල්ල කියලා ද…”

“ඔව්…මං බදින්න ඉන්න කෙල්ල තමයි මේ.අපි දෙන්නා මැද්දට එන්න උඹ කවුද ….”

“මං කවුද කියලා උඹ ඕනි එකක් හිතා ගන්නවා…හැබැයි උඹ වගේ වනචරයෙක් කියලා ඇරෙන්න…අනික් එක ආශා තමුසෙගේ කවුරුවත් නෙවෙයි.කලින් කාගෙ කවුරු උනත් දැන් මේ ඉන්නේ මගේ නංගි .. ඉතින් මෙයා කවදාවත් තමුසෙ ළඟට එන්නෙත් නෑ….”

“උඹට හොදින් කියලා බෑ වගේ …”
රෝහිත ඔහුට පහර දීමට සූදානම් වූයේ ය.එවිටම එතැනට පැමිණි අලෙවි සැලේ කලමනාකරු ඔවුන්ගේ කතාබහට මැදිහත් විණ.

“එක්ස්කියුස් මී සර්…සර් ට මොකක් හරි ප්‍රශ්නයක් ද”

ඔහු විමසුවේ කෞෂාල්ගෙනි.

“ප්‍රශ්නයක් නැත්තෙම නෑ මිස්ටර් දේශාන් . මේ වගේ චීප් අය ශොප් එකට එන එක එච්චර හොද මදි නේද හරියට කතා කරන්නවත් දන්නේ නෑනේ ?”

“සොරි සර් …මං මේ මනුස්සයාට පැහැදිලි කරන්නම් …”

ඔහු එලෙස කෞෂාල් වෙත ගෞරව දැක්වීම රෝහිතට මෙන්ම ආශාට ද මහත් කුකුසක් ගෙන දුන්නේය .

“මොකක්ද මිනිහෝ මෙතන වෙන්නේ …මේකා වගේම මාත් මෙතන කස්ටමර් කෙනෙක් .ඇයි එහෙනම් මේ වැඩි සැලකිල්ල ….”

“වෙනසක් තියනවා මිස්ටර් ..මොකද මේ ඉන්නේ…….

108 thoughts on “?ඉන්නම් ඔබ ගාවින් මං? | දෙවැනි කොටස | කොටස් වශයෙන් පළවන කතා”

    1. Sandu (kandy girl)

      Imoo boolee… ??? සුබපැතුම් …..??????????????????????????️?️?️?️?️?️?️???️?️?️?????️??????????️?️???????????????????????????????????⛵⛵⛵⛵⛵?????????????????????????????????????????????????????????????️?️?️??????️?️

      ??????? වෙලා මදි බඩු තෝරන්න.. අතට අහු උන ටික අරන් ආවා නගෝ.. ???

      1. Avi 1999 (kandy)?

        Congratulations මගෙ ඉමා බෝලෙ ?? ?????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

  1. ?? Imasha Shehani

    නිශූ අක්කෝ කලින් කොටස කියවලත් නෑ මං ☺️
    දෙකම කියවලා සෑට comment එකක් දාන්නම්කො හරිය ?

  2. ?? Imasha Shehani

    නිශූ අක්කෝ ?

    ඔන්න සෑ වෙනකන් ඉන්න බෑ අලේ… ඒ නිසා දැන්මම කියවලා comment එකක් දැම්මා ?

    කෞෂාල් නේද ඒ ඇදුම් ශොප් එකේ owner ? ? ඒක නේද manager කියන්න හැදුවේ? ?

    කතාව හරිම ලස්සනයි අක්කියා ….
    පළවෙනි කොටස් දෙකෙන්ම හිත ඇදිලා ගියා ?

    ආශා ගැන මං මුකුත් නොකියා ඉන්නම්කො ?
    තාම ගමෙන් ආව කිව්වට මුකුත් දන්නෙත් නෑනේ… ?

    කෞෂාල් හෙට රට යන එකකුත් නැති වෙයි වගේ ? ඒක හෙටම බලාගන්න බැරියෑ… ?

    අක්කිට හදවතින්ම සුබ පතනවා මේ වගේ තවත් ලස්සන කතා ලියන්න ශක්තිය ,ධෛර්යය වැඩි වැඩියෙන් ලැබෙන්න කියලා.

    ඊළඟ කොටස කියවන්න ?️?️ දෑස් ? දල්වා බලාගෙන ඉන්නෝ ඔන්න ?
    ජය වේවා ✌

    1. ගොඩක් ස්තූති මගේ නංගා ….????

      බලමු කෙල්ල කියපු දේ හරියයි ද කියලා ….
      ආශා ගැන තවත් තේරෙයි ඉස්සරහට …

      ගොඩක් පින් මගේ නංගා ඔයාගෙ ප්‍රාර්ථනා වලට …????

      දළදා සමිදුන්ගේ පිහිටයි ????
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …

  3. Nishu nanga Harima lassana kathawak.superb?
    Kawda danna neda kawshal kiyanna.
    Heta wenakn inna wenawa neda.ikmanata ilaga epi eka denna nanga asawen balan inne.
    Good luck.tawa katha godaaak apita denna.

    1. ගොඩක් ස්තූති මගේ අක්කියෝ ….???
      කෞෂාල් කවුද කියලා දැනගන්න ලැබේවි අක්කිට ….

      ගොඩක් පින් මගේ අක්කී කතාව කියවලා කමෙන්ට් එකක් දුන්නට…

      දළදා සමිදුන්ගේ පිහිටයි අක්කිට ….
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

  4. Sandali nithya

    ඔන්න කොටස් දෙකම එක හුස්මට කියෙව්වා මගෙ අක්කී… අනේ හරිම ආස හිතුනා ඒ කතාවට… ?❤️
    ඒත් පව් නේද අක්කි ආශා… ඒත් කෞෂාල් රට යන්නෙ නැති වෙයි… ආශාව බලාගනියි කෞශාල්…
    ඊලඟ කොටස කියවන්න ඉවසිල්ලක් නැතුව ඉන්නෙ අක්කි… අක්කිගෙ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා… ??????❤️❤️❤️❤️❤️❤️

    1. ගොඩ ගොඩක් ස්තූති මගේ නංගා .. ???

      ආශා ගොඩක් පව් තමයි …
      බලමු නේද මොනා වෙයිද කියලා …

      ගොඩක් පින් නංගා ඔයාගෙ ප්‍රාර්ථනා වලට …
      දළදා සමිදුන්ගේ පිහිටයි ????
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

      1. Sandali nithya

        අක්කිත් පරිස්සමින් සතුටින් ඉන්න… බුදුසරණයි අක්කි ❤️

  5. Sandeepani Pramo

    Ane nishuuuu…. sry babo dn tma oyge ktwa kiyeuwe… iyei adai ine එන්න පුළුවන් මානසිකත්වයක් නෙවෙයි.. පුලුවන් වෙලාවට එන්නම් හාද. තරහ වෙන්න එපා මැණික… ඇත්තටම කතාවට ගොඩක් ආස හිතුනා…. ආශා අරයට සෙට් වෙයි නේද….. සතුටූයි මැණික… ඔයාගේ හැම වැඩක්ම සාර්ථකව කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. බුදුසරණයි ??????

    1. ගොඩක් ස්තූති මගේ අක්කී …???

      අනේ ඒකට කමක් නෑ අක්කියෝ ….
      අක්කිට පුළුවන් වෙලාවට ඇවිත් කියවලා යන්න අනේ …මං තරහ නෑ චුට්ටක් වත් …??

      අක්කී මොනවගේ ප්‍රශ්නයක ඉන්නවද කියලා නම් මං දන්නේ නෑ …
      ඒත් ඉක්මනට ඒක විසදිලා ආයෙම සතුටින් ඉන්න ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා අක්කියෝ ….

      අක්කී අමාරුවෙන් ඉදලත් කතාව කියවලා කමෙන්ට් එකක් දැම්මාට ගොඩක් පින් මගේ අක්කී …
      දළදා සමිදුන්ගේ පිහිටයි ????
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …..

    1. ගොඩක් ස්තූති ඔයාට …???

      සමාවෙන්න මං දන්නේ නෑ ඔයා අක්කියෙක් ද නංගියෙක් ද කියලා ….

      බලමුකෝ නේද ….

      ගොඩක් සතුටුයි කතාව කියවලා කමෙන්ට් එකක් දුන්නට ….
      දළදා සමිදුන්ගේ පිහිටයි ????
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

          1. හී… ශෝයි නේ….
            අපේ සඳී අක්කිට මචියෙක් නේද එහෙනම් ….❤️❤️❤️❤️

  6. .අඩේ ඔන්න බොරු කියන්න ඕනි නෑ කතාවනම් මරු හොදේ ඒ වගේම කොටස් දෙකක් ඇතුලත මගේ හිත නම් කතාවට ඇදගත්ත හොදේ. ඔන්න කතාවට ෆුල් රේට් දුන්න. සුබපැතුම් අක්කි කතාව ලස්සනයි අපි බලමුකෝ මොකෝ වෙන්නේ කියලා… කතාව ගැනනම් දැම්මම මුකුත් අනුමාන කරන්න බැ. පස්සේ කියන්නම් හොදේ ??❤️

    1. ගොඩ ගොඩක් ස්තූති මගේ මල්ලියෝ …???

      දැන් ම අනුමාන කරන්න වේවී හැබැයි … මොකද කතාව ගොඩක් දිග නෑනේ …???

      ගොඩක් සතුටුයි කතාව කියවලා කමෙන්ට් එකක් දුන්නට ….

      දළදා සමිදුන්ගේ පිහිටයි ????
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

  7. දිල් (නුවර)

    මගෙ nishu නංගා කොහොමද පැටියෝ.
    හොදින් ඉන්නවා ඇති කියලා හිතනවා ඔයා.
    ඊයේ කොටසත් එක්කම අද තමයි කියෙව්වේ. සමාවෙන්න බෝලේ පරක්කු උනාට. අම්මාගේ ඊයේ රෑ අත කැපිලා. එවෙලේම බෙහෙත් දාන්න එක්ක ගියා. පස්සේ මට මේ පැත්තේ එන්න බැරි උනා.

    ඔයාගේ පලවෙනි කතාව කීවා නේද බෝලේ.සුපිරියටම ලියලා තියෙනවා .පලවෙනි කතාව උනත් නියමයි නංගා.මං අඩුපාඩු කියන්න දන්නේ නෑ චූටි. ඒත් මට අඩුපාඩුවක් පේන්නේ නෑ.ඇත්තමයි.

    කෞශාල් කොහොම නමුත් හොද කෙනෙක් වගේ.එහෙම අය සමාජේ හොයාගන්න නෑ.නන්නාඳුනන කෙනෙක් තමන්ගේ නංගි කියන්න තරම්.අනේ මංදා කෞශාල් ගැන දැනගන්නකල් ඉවසිල්ලක් නෑ.

    ආශා. ලස්සන නමක් නේද. ආශාත් මහ මෝඩයි.හෙනම ගොන්.හැගීම් වලට වහල් උනාම දන්නේම නැතිව අසරණ වෙනවා. අනේ මංදා ටිකක් හරි හිතන්න ඕන කෙල්ලෝ උනාම.කතාවේ අතරමැදින් ජීවිතේට ගන්න ඕන දේවලුත් කියලා දෙනවා ලස්සනට.

    ඉතින් බෝලේ ගොඩාක් දේවල් කියන්න තිබුනත් මතක් වෙන පමාව අමතක වෙනවා මට. අදට ඇති. කතාවේ අවසානෙට කමෙන්ට් 1000ක් අනිවාරෙන් දෙනවා.ලස්සනයි මගෙ ⁣මගෙ නංගා. හදවතින්මයි කියන්නේ.

    තවත් ලස්සන කතා ලියන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්රාර්තනා කරනවා මං.සතුටින් ඉන්න.පරෙස්සමින් ඉන්න.
    බුදු සරණයි

    එපිසෝඩ් කීයක් තියෙනවද චූටි.

    1. ගොඩක් ස්තූති මගේ අක්කී ….???

      මං ගොඩක් හොදින් මගේ අක්කී … කතාව දැම්ම නිසා ගොඩක් සතුටින් …. අද ගෙදර පොඩි පොඩි වැඩ ටිකක් කරපු නිසා අම්මගේ ඇස් වලට මාවයි මගේ ෆෝන් එකයි අහුවුනේ නෑ … ඒ නිසා ඇප් එකට එන්න පුළුවන් වුනා ….

      කමක් නෑ මගේ අක්කී … පරක්කු වුනාට … කොහොම වුනත් අක්කී දිග කමෙන්ට් එකක් දාලා… මට ගොඩක් සතුටුයි ඒකට …

      අක්කිගේ අම්මට ඉක්මනට සනීප වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා අක්කියෝ ….???

      අක්කී හරි … කෞෂාල් වගේ කොල්ලෝ මේ සමාජයේ වැඩිය නෑ තමයි …. ඉවසන්න අක්කී .. ඉක්මනට දැනගනී එයා ගැනත් …

      ආශා නොදැනුවත්කමින් කරගත්ත විනාශයක්නේ ඒක …

      ගොඩක් පින් මගේ අක්කී …
      ඔයාගේ වචන වලට …???

      ඒවගේම ඔයාගෙ ප්‍රාර්ථනා වලට …???

      දළදා සමිදුන්ගේ පිහිටයි අඅක්කිටත් අක්කිගේ අම්මටත් ….???
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

  8. ශේනූ

    අම්මෝ මරු කතාව. කෞෂාල් නම් නියම කොල්ලෙක්නේ. ආශාට දැන් ඉතින් බය වෙන්න දෙයක් නෑ. කෞෂාල් බලාගනී. මේ ෂොප් එකටයි කෞෂාල්ටයි සම්බන්ධයක් තියෙනවා වගේ. ගෙදර අය එක්ක සම්බන්ධ කමකුත් කෞෂාල්ගේ නෑනේ. කෞෂාල්ගේ ජීවිතෙත් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා වගේ. මේ ෂොප් එක ගැන රෝහිතට නොකියා ඉන්න එක හොඳයි කියලා හිතෙනවා. ⁣නැත්තම් ඒකත් ප්‍රශ්නයක් වෙයි. කෞෂාල් රට යන්නේ නැති වෙයි නේද දැන්. දැන් ඉතින් ප්‍රශ්න ගොඩක් තියෙනවා ඉවසීමෙන් බලාගෙන ඉන්න වෙනවනේ. තවත් මේ වගේ ලස්සනම ලස්සන කතා ලියන්න.
    තෙරුවන් සරණයි..

    1. ගොඩක් ස්තූති මගේ අක්කී ….???

      අක්කිටත් ප්‍රශ්න ගොඩයි නේ… ඒවා ඉක්මනට විසදෙයි හොදද …

      කෞෂාල් හරි හොද කොල්ලෙක් තමයි …. බලමු මොනා වෙයිද කියලා එයාලගේ ජීවිත වල…

      ගොඩක් පින් මගේ අක්කී කතාව කියවලා කමෙන්ට් එකක් දුන්නට ….???

      දළදා සමිදුන්ගේ පිහිටයි ????
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

  9. Sleeping beauty

    ජීවිතේටම මෙමට හමුවුනු
    මිනිසුන්ගෙ ගති ගුන හැදින්නෙමි
    ඔවුන් අතරේ මහත් ගුන ඇති
    දෙවිකෙනෙක් මට දිනක හමුවුනි

    මෙතෙක් කලකට මුනගැසුනු සැම
    මාව බිලි ගෙන එය සැබෑවකි
    පිරිමියකු ගේ සැබෑ ඉරියව්
    මා නුබේ ලග හොදින් දුටුවෙමි

    පුරුශ ශක්තිය සිතට අරගෙන
    අහිංසකයින් ගොදුරු කරගෙන
    හැමදාම දුක් වින්දෙ මේ ලෙස
    අදුරු කුටියක සිර වෙලා මම

    වෙස් මුහුනු පැලදගන හිටියේ
    ඒ නිසා රැවටුනේ මෙලෙසේ
    පිටින් පෙනනා රූපයට නම්
    එපා රැවටෙනු ගැහැනු ලමුනේ

    ජීවිතේ කප්පරක් පැතුමන්
    මගේ සිතෙහිත් පෙරුම් පිරුවේ
    එහැම දේවල් එකම මොහොතින්
    මගේ පා මුල කඩන් වැටුනේ

    මුලා වූවත් ජීවිතේ මං
    නුබේ ගාවින් මෙලෙස රැදුනේ
    නුබේ කරුනා ගුන මහිමයට
    තුති පුදමි අයියන්ඩි මාගේ..

    ?ආශා?

    මගෙ නිෂූ මැණික ..කමෙන්ට් එක පරක්කු වුනාට සමා වෙන්න පැටියෝ ..?

    කතාව නම් මාරම ලස්සනයි බෝලේ..ඇත්තමයි..පලවෙනි කතාව කියලා කියන්නත් අමාරුයි ..පට්ටම ලස්සනට ඔයා වචන ගලපලා..සුපිරී මැණික ..???

    කෞෂාල් කියන්නෙ ඇත්තටම ගොඩාක් හොද ගතිගුන තියන කොල්ලෙක්..ආශා දාල එයා කොහෙවත් යන් නෑ..ඒක නම් හොදටම විශ්වාසයි??..අර මැරයෝ දෙන්නට දෙන්න කොල්ලො පයින්..??

    ආශා මෝඩ වෙලා නේද. .ඒත් පව් කෙල්ල..පංසලට ආදාර කරපු නිසා හොද කෙනෙක් කියලා හිතන්න ඇති…පිටින් බලලා මිනිස්සු අදුරා ගන්න බෑ..අපිත් එක්කම ඉන්න අය වෙලාවකට අපිටම වල කපනවා..කෑමක් නම් කාලා බලලා හරි හොද නරක කියන්න තිබුනා..ඒත් මිනිස්සු අදුනා ගන්න නම් ආශ්‍රේ කරන්නම වෙනවා..අතේ දුරින් ආශ්‍රේ කරලා තමයි මිනිස්සු අදුනා ගන්න ඕනි..නැත්තම් අපිට කෙල වෙනවා දන්නෙම නෑ..

    අර ශොප් එක කොල්ලගෙ කියලා හිතෙනවා..අපි බලමු නේද ඉස්සරහට මොනා වෙයිද කියලා..ඉවසිල්ලක් නැතුව බලාගෙන ඉන්නවා ඊලග කොටස දානකම්..තෙරුවන් සරනයි මගෙ බෝලේ…පරිස්සමට සතුටින් ඉන්න මැණික ..ඔයාගෙ සිතුම් පැතුම් සර්වප්‍රකාරයෙන්ම සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව ..????

    1. හැරලමු ය මතකයන්
      ඒ වින්ද කඳුළු දුක්
      අරඹනුය නව ලෙසින්
      අද පටන් සෙනෙහසින් …

      ඔබ කොතැන සිටියත්
      කෙලෙස පෙර ගෙව්වත්
      රැක ගනිමි මා නුඹත්
      මගේ සොයුරි විලසින් …

      ?කෞෂාල් ?

      ගොඩක් ස්තූති මගේ අක්කී …..

      අනේ කමක් නෑ මගේ අක්කී … අක්කි කමෙන්ට් එක නොදා ඉන්නේ නෑ කියලා මං දන්නවනේ…

      ලස්සන කවියකුත් එක්ක ….අනේ අක්කී ඒක හරි ලස්සනයි ….❤️❤️❤️

      මං ඔයාගෙ කතාවට කවියක් දාලා එද්දී ඔයා මට කමෙන්ට් එකක් දීලා ….

      කෞෂාල් ආශා ළඟ ඉදීවී ද යාවිද කියලා දැනගන්න නම් ඉතින් අන්තිම වෙනකම් ඉන්න වෙයි මගේ අක්කී ….

      ඇත්තටම අක්කී … කෙල්ලෙක් උනාම තමන්ට ළං වෙන්නේ කවුද , ළං කරගන්න ඕනි කවුද කියලා හොදින් හිතලා බලලා තීරණය කරන්න ඕනි … නැත්නම් වරදිනවා තමන්ට ම නොදැනිම….

      ගොඩක් සතුටුයි අක්කී කතාව කියවලා කමෙන්ට් එක දුන්නට …???

      අක්කිගේ ප්‍රාර්ථනා වලට ගොඩ ගොඩක් පින් මගේ අක්කී …???

      අක්කිටත් අක්කිගේ වැඩ කටයුතු සාර්ථක ව කරගෙන යන්න පුළුවන් වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා අක්කියෝ …

      දළදා සමිදුන්ගේ පිහිටයි අක්කිට …
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

  10. අවී අක්කියෝ ….??

    ඉන්නෝද …
    අද දවසම කතාවට අල්ලගන්න බැරි වුනා …. කෝ මේ හොර ගෙඩි අක්කී ….????

  11. Avi 1999 (kandy)?

    මගෙ නිෂු මැණික ?? .. දැන් තමා කතාව කියවැව්වෙ මැණික ?? අද කොටසත් සුපිරි .. ගොඩක් ලස්සන කතාවක් වගෙ ??

    ආශා ගොඩක් අසරණ කෙල්ලෙක් නේද…. ගම්වල අහිංසක දුප්පත් කෙල්ලො ඔය වගෙ බොරුකාරයින්ට කොච්චර රැවටෙනවා ඇත්ද නෙද … ඇත්තටම මිනිස්සු කියන ජාතියව අපිට කොච්චර කාලයක් ගියත් අදුන ගන්ට අමාරුයි… කෙල්ලෙක් වුනාම කව්රු හරි ආශ්‍රය කරනව නම් ඇත්තටම පරිස්සමින් ආශ්‍රය කරන්ට ඕනි නැත්නම් ආශාට වගෙ මුලු ජිවිතේම විනාස වෙලා යන්ට එක තත්පරයක් ඇති …. ආශා තව ටිකක් රෝහිත එක්ක එන්ට කලින් හිතුව නම් එයාගෙ ජීවිතේ ගැන .. අඩුම රෝහිත ගැන හොයලා බැලුව නම් සමහර විට එයාට එයාගෙ ජීවිතේ බේරගන්ට තිබ්බා නෙ ??… ඔය වගේ අහිංසක කෙල්ලො රවට්ටන රෝහිත වගෙ තිරිසන් ගති තියෙන මිනිස්සුන්ට නම් හොදක් වෙන්නැ ?? කවදා හරි ඕවා පරිසන් දෙනවා ?

    ඒ අතින් කෞෂාල් වගෙ පිරිමි අය කොච්චර හොදද .. එයා ආශා ව ගොඩක් පරිස්සම් කරනවා… නැත්නම් එයාටත් තිබ්බා ආශා ව පාවිච්චියට ගන්ට .. ඒ වුනාට කෞෂාල් එහෙම කරේ නැ නෙ .. ? මම් හිතන්නෙ
    කෞෂාල් කියන්නෙ ඇදුම් ශොප් එකෙ ලොක්කගෙ පුතා කියලා … එහෙම නෙව්ද දන්නැ නෙ ????

    කතාව සුපිරි මැණික ?? ගොඩක් ලස්සනයි ඇත්තමයි… තව කතා ගොඩක් ලියන්ට ඔයාට ශක්තිය ධෛර්යය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා මම් ?? පරිස්සමින් සතුටින් ඉන්න මැණික ?? තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

    1. ගොඩක් ස්තූති මගේ අක්කී ….?????

      අක්කී කියනවා හරි තමයි …
      කෙල්ලෙක් උනාම කෙනෙක් ව විශ්වාස කරද්දී එක පාරක් දෙපාරක් නෙවෙයි දහස් වතාවක් හිතලා ගන්නෝනී තීරණයක් ….ආශා වගේ හොයල බලන්නෙ නැතුව ගන්න තීරණවලින් ජීවිතේ වරදින්න යන්නේ පොඩිම පොඩි වෙලාවයි… ඒක අපි තේරුම් ගන්න ඕනි …

      කෞෂාල් ගොඩක් හොද කොල්ලෙක් තමයි …. එයා කෙල්ලව වැරදියට පාවිච්චි කලේ නැත්තේ ඒ නිසා නේද මගේ අක්කී ….

      බලමුකෝ අක්කී කියන දේ හරියාවි ද කියලා ….

      ගොඩක් පින් මගේ අක්කී කතාව කියවලා කමෙන්ට් එකක් දුන්නට ….???
      අක්කිට දළදා සමිදුන්ගේ පිහිටයි ????
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

  12. Avi 1999 (kandy)?

    Good night ලොකු අයියෙ ❤️❤️

    Good night දග පැංචො ??

    අසනීප වෙලා ඉන්න හැමොටම නිදුක් නිරෝගී සුවය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා මම් ??

    පරිස්සමින් සතුටින් ඉන්න හැමෝම ?

    බුදු සරණයි ඔයාලට ?

    ආදරෙයි ගොඩක් ???

    1. හරි මගේ අක්කී ….

      සුභ රාත්‍රියක් අක්කිටත් …
      දළදා සමිදුන්ගේ පිහිටයි ????
      පරිස්සමෙන් සතුටින් හොදද හැමදාම …

      මාත් ගොඩක් ආදරෙයි අක්කිට…❤️❤️❤️

  13. ❤️? රශී ?❤️

    මගෙ නිශූ බෝලේ කතාවක් දාලා නේද….කියෙව්වෙත් නෑ මැණික තවම මන්…ටික දවසක් දෙන්න බෝලේ….කමෙන්ට් පෙරේතිට ලොකූ කමෙන්ට් එකක් දාන්නම් මන් කතාව කියවලාම….හොඳද ..මේ දවස් වල එන්නවත් වෙලාවක් නෑ මැණික තරා නෑ නේද….මේක ටයිප් කලෙත් අමාරුවෙන් නන්ගා….ඉක්මනටම කමෙන්ට් එකක් දාන්නම් මන් ..සුභම සුභ උදෑසනක් …..සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි මැණික ….??????

    1. නිශු අක්කියෝ ❤️❤️❤️❤️❤️

      ඔන්න මන් දැන් තමයි කතාව කියෙව්වේ අක්කියෝ
      මට කතාව ගැන කිකියන්න කොහෙන් පටන් ගන්නද කියලා හිතා ගන්න බෑ අක්කියෝ
      ම්ම්ම්ම්….. මන් ආශා ගැන කියලා ම පටන් ගන්නම්කෝ
      ආශා නම් ඇත්ත්ටම මහ මෝඩ කෙල්ලෙක් හෙනම මෝඩයි
      කෙනෙක් කිව්ව පලියට වචනයක් දෙකක් ආදරෙන් කතා කල පලියට එයා තමන්ව හැමදාම සතුටින් බලා ගනියි කියලා ඕනෙම කෙල්ලෙක් හිතනවා ඒක කෙල්ලෙක් ගේ හැටි
      හැටි
      ඒත් තමන්ගෙ ජීවිතේ ගැන තීරණය ක් ගන්නකොට කෙල්ලෙක් දෙපාරක් නෙවෙයි දහස් පාරක් හිතන්න ඕනෙ මොකද ඒ තීරණය පුළුවන් තමන්ගෙ ජීවිතේ දිව්‍ය ලෝකයක් හරි අපායක් හරි කරන්න ඉතින් ඒ අතින් ආශා හරි මෝඩයි
      කෞශාල් ගැන නම් කියන්න වචන නෑ එයා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නියම කොල්ලෙක් අද කාලේ ඔය වගේ කොල්ලෝ හොයාගන්නවා කියන්නේ කරන්න අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරී වැඩක් කවදාවත් දැකලා නැති කෙල්ලෙක්ව තමන්ගෙ නන්ගි කෙනෙක් වගේ බලාගන්න හැම කොල්ලෙක්ටම බෑ ඒකට හොඳ හදවතක් වගේම අවන්ක පිරිසිදු සිතුවිලි තියන්න ඕනේ

      ඔයගේ පලවෙනි කතාව උනාට මේක හරිම ලස්සනයි අක්කියෝ අපිට මේකෙන් ගන්න ගොඩාක් දේවල් තියෙනවා ඉතින් අක්කියෝ ඔයාට තව මේ වගේ කතා ලියන්න ශක්තිය ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා මගේ අක්කියෝ ????

      ආආආ…… තව දෙයක් අක්කියෝ ඊයේ මන් කියපු දේවල් ගැන වැඩිය හිතන්න එපා හරිද මගේ අක්කියෝ මගේ හිත ඒ වෙලාවේ පොඩ්ඩක් රිදුන ඒකයි මන් එහෙම කිව්වෙ හොදද අක්කියෝ මාත් එක්ක තරහා වෙන්න එපා හරිද මගේ අක්කියෝ ???????❤️❤️❤️❤️❤️❤️❤️❤️
      හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න මගේ අක්කියෝ ආදරෙයි ඔයාට ❤️❤️❤️❤️❤️

    2. රශී අක්කියෝ ඔයාටත් සුභ උදැසන්ක් වේවා ❤️❤️❤️❤️???? අක්කියෝ ඔයා මොකක් හරි අසනීපෙකින්ද ඉන්නේ එහෙම නම් ඔයාට ඉක්මනටම හොඳ වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා මගේ අක්කියෝ ?????????

    3. සුභ උදෑසනක් මගේ අක්කී ….

      අනේ එහෙම දෙයක් නෑ අක්කියෝ …..මං කොහොම තරහ වෙන්න ද අක්කිලා එක්ක ..අක්කී පරිස්සමෙන් වැඩ ටික කරගන්න හොදද …

      අක්කිට වෙලාවක් ලැබුනම කතාව කියවන්න කෝ…. ඊට පස්සේ හෙමින් සීරුවේ කමෙන්ට් එකක් දාන්න … මං චුට්ටක් වත් තරහ වෙන්නේ නෑ … මගේ අක්කිලා නේ ඔයාලා …????

      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …
      දළදා සමිදුන්ගේ පිහිටයි අක්කිට …

  14. නිශු අක්කියෝ ❤️❤️❤️❤️❤️

    ඔන්න මන් දැන් තමයි කතාව කියෙව්වේ අක්කියෝ
    මට කතාව ගැන කිකියන්න කොහෙන් පටන් ගන්නද කියලා හිතා ගන්න බෑ අක්කියෝ
    ම්ම්ම්ම්….. මන් ආශා ගැන කියලා ම පටන් ගන්නම්කෝ
    ආශා නම් ඇත්ත්ටම මහ මෝඩ කෙල්ලෙක් හෙනම මෝඩයි
    කෙනෙක් කිව්ව පලියට වචනයක් දෙකක් ආදරෙන් කතා කල පලියට එයා තමන්ව හැමදාම සතුටින් බලා ගනියි කියලා ඕනෙම කෙල්ලෙක් හිතනවා ඒක කෙල්ලෙක් ගේ හැටි
    හැටි
    ඒත් තමන්ගෙ ජීවිතේ ගැන තීරණය ක් ගන්නකොට කෙල්ලෙක් දෙපාරක් නෙවෙයි දහස් පාරක් හිතන්න ඕනෙ මොකද ඒ තීරණය පුළුවන් තමන්ගෙ ජීවිතේ දිව්‍ය ලෝකයක් හරි අපායක් හරි කරන්න ඉතින් ඒ අතින් ආශා හරි මෝඩයි
    කෞශාල් ගැන නම් කියන්න වචන නෑ එයා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නියම කොල්ලෙක් අද කාලේ ඔය වගේ කොල්ලෝ හොයාගන්නවා කියන්නේ කරන්න අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරී වැඩක් කවදාවත් දැකලා නැති කෙල්ලෙක්ව තමන්ගෙ නන්ගි කෙනෙක් වගේ බලාගන්න හැම කොල්ලෙක්ටම බෑ ඒකට හොඳ හදවතක් වගේම අවන්ක පිරිසිදු සිතුවිලි තියන්න ඕනේ

    ඔයගේ පලවෙනි කතාව උනාට මේක හරිම ලස්සනයි අක්කියෝ අපිට මේකෙන් ගන්න ගොඩාක් දේවල් තියෙනවා ඉතින් අක්කියෝ ඔයාට තව මේ වගේ කතා ලියන්න ශක්තිය ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා මගේ අක්කියෝ ????

    ආආආ…… තව දෙයක් අක්කියෝ ඊයේ මන් කියපු දේවල් ගැන වැඩිය හිතන්න එපා හරිද මගේ අක්කියෝ මගේ හිත ඒ වෙලාවේ පොඩ්ඩක් රිදුන ඒකයි මන් එහෙම කිව්වෙ හොදද අක්කියෝ මාත් එක්ක තරහා වෙන්න එපා හරිද මගේ අක්කියෝ ???????❤️❤️❤️❤️❤️❤️❤️❤️
    හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න මගේ අක්කියෝ ආදරෙයි ඔයාට ❤️❤️❤️❤️❤️

    1. සුභ උදෑසනක් මගේ නංගා …

      මුමුලින්ම ගොඩ ගොඩක් ස්තූති නංගා ඔයාට …???

      අනේ බොලේ මට සමාවෙන්න … මං කිසිම විදියකින් ඔයා ගැන අහිතක් හිතලා නෙවෙයි ඒම කීවේ ..මං දන්නවා ඔයා වගේම මේකේ ඉන්න දඟයෝ ඔක්කොම ගොඩක් බුද්ධිමත් අය කියලා . නැත්නම් මේ වගේ එකට පෑහිලා ඉන්න බෑනේ ..

      මගේ නංගා ගොඩ ගොඩක් හොද කෙනෙක් කියලා මං දන්නවා … පන්තියේ මුල්ලට වෙලා පොත බදන් ඉන්න කෙල්ලෙක් ට වඩා ළමයි එක්ක හිනාවෙලා කතා බහ කරලා ඉන්න කෙල්ලෙක් ඉගැනීමෙන් විතරක් නෙවෙයි ජීවිතෙන් ඉස්සරහට යනවා .. සමාජයේ තමන්ට ම කියලා තැනක් හදා ගන්නවා … ඔයා ගොඩක් ඕපන් කෙනෙක් ..මං හිතුවෙ නෑ මං කියපු දේ කෙල්ලට දුකක් දේවී කියලා …මගේ මැණික මට සමාවෙන්න හොදද ….????

      ආශා ගොඩක් මෝඩ උනා තමයි … ගම ඇතුලේ හැදෙන හැමෝම නම් එහෙම නැතුවැති .. ඒත් සමහර අය ඉන්නවා වටපිටාවේ ඉන්න මිනිස්සු ගැන කිසිම අවබෝධයක් නැති …

      කෞෂාල් කියන්නේ ඒ සමාජය ගැන හොදට තේරුම් ගත්ත කෙනෙක් .. ඒක නේ කෙල්ල පරිස්සම් කරන්නේ …

      හැබැයි ඉතින් නංගි කෙනෙක් වෙලා ඉදීවී ද කියලා නම් මං දන්නේ නෑ හොදේ….????

      ගොඩක් පින් මගේ නංගා කතාව කියවලා දිග කමෙන්ට් එකක් දුන්නට … ??

      ඒ වගේම ඔයාගෙ ප්‍රාර්ථනා වලට …???

      දළදා සමිදුන්ගේ පිහිටයි ????
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

      1. සමාව ඉල්ලන්න එපා මගේ අක්කියෝ මාත් වැරදි ඒ ඔයා කිව්ව එක වැරදියට තේරුම් ගත්ත එකට
        අපි දැන් ඒක අමතක කරලා සතුටින් ඉමු මගේ අක්කියෝ ❤️❤️❤️❤️?????

    1. අනේ ඉතින් ….???????

      කමක් නෑ බෝලේ … හැබැයි ඕන් කමෙන්ට් දෙදෙකක් නම් දෙන්න වෙන්නේ නෑ හොදද කෙල්ල ….???

    1. ගුඩ් මෝනින් මගේ නිශු අක්කියෝ ?????
      කෝ ඔයාගේ ලොකු නන්ගි ඒයේ ඇවිත් හිටියේ නෑනේ අක්කියෝ ??????

      1. අක්කියෝ මන් බියූ අක්කිගේ කතාවට ccomment එකක් දාලා එන්නම් හොදද
        මට තව වැඩි වෙලාවක් ඉන්න වෙන්නේ නෑ නයිට් ටයිම් ඉවර වෙනකං විතරයි ඉන්න වෙන්නේ අම්මා තාම මට card එකක් ගෙනත් දුන්නේ නෑ අනේ card ගෙනත් දුන්නහම මන් 4n එකම ඔබ ඔබ ඉන්නවා කියලා ???????
        මන් අද නම් අඩලා හරි card එකක් ඉල්ලගන්නවා එතකන් මගේ පිහිට නයිට් ටයිම් තමයි අක්කියෝ ??????

        1. මටත් එහෙම තමයි බෝලේ …. ඊයේ පෙරේදා ඔන්ලයින් ක්ලාස් නිසා මට කාඩ් හම්බුනා … එක ක්ලාස් එකක් කැන්සල් වුනු නිසා මේ සතියේ මට වාසී…

      2. තේජා අක්කිගේ කතාවේ හිටියේ බෝලේ …
        එයා ඇහැරෙන්නේ දහයත් පහුවෙලා … වැඩ ටික කරගෙන ඉවර වෙද්දි ක්ලාස් එකක් තිබුනා …

        රෑ ඇප් එකට ඇවිත් …. සිරිකියුලා කියවව්වා කීවා ….

  15. Sandu (kandy girl)

    නිශූ නංගා..

    කමෙන්ට් එක නම් පරක්කු උනා ඉතින්.. ඒත් අතාරින්නේ නෑ කමෙන්ට් එක..මොකද මේ කෙල්ල කතා ලීව පලවෙනි වතාවනෙ..ඒක නිසා කතාව වෙනුවෙන් කමෙන්ට් කරන එක ඔයාට ගොඩක් වටිනවා කියලා ම්න්න් දන්නවා..

    වලාමේ මට කතා තුනේම නම් ටික හෙනට පැටලිලා තීන්නෙ ඒයි.. කියවන පමාවට නම් අමතකයි..???

    කව්ශාල් නම් එළ කොල්ලෙක් වගේ.. මට ශුවර් කොල්ලා ගෙදර අය එක්ක තරහා එයාට බලෙන් පොශ් කෙල්ලක් බන්දලා දෙන්න අම්මලා දඟලපු නිසා කියලා.. ම්.. ඒම නැතිව වෙන හේතුවක් මතක් වෙන්නෙම නෑ නේ මට..

    අශා පව්..අහිංසක කෙල්ලක්.. එයා විහින් රැවටුනේ නෑ… රැවට්ටුවා මිසක්.. කෙල්ල හිතන්න ඇති සීයා කැමති උනේ රොහාන් හොද කෙනෙක් නිසානේ කියලා..අපි උනත් ඒමනේ..අම්මා තාත්තා කියන දේ පිලිගත්තොත් පිළිගන්නේ ඒ අය විස්වාස කරලා නේ.

    සීයාගෙ වැරැද්ද ..ගොඩක් දුර පලාතකට කෙල්ලව දීග දෙනවා න ඒක ඒ පිළිවෙළට කරන්න ඕනි..බැදපන් කියලා යවන සිරිතක නෑ නේ කෙල්ලව ගෙදරින් එලියට.. බන්දලායි යවන්න ඕනි..අනික ආශා ඉන්න තැනක් ගැන එයා දන්න බවක් පේන්න නෑ.. කෝල් එකක් දෙන්නවත් විදියක් කියලා නෑ වගෙ.. ඉතින් එයා හරියටම ආශා ගැන හිතුවා නම් ඕම කරන් නෑ.. ගියාම කෙල්ල කතා කරේ නැත්තේ මොකද කියලා හරි හොයන්න තිබුනා..

    අශාගෙ වැරද්දක් තියේ..ඒ එක පාරක් වැරදුන ජීවිතේ ආයෙමත් වරද්ද ගන්න හදන එකට ..අපි කවුරුවත් රෑ වැටුන වලේ දවල් වැටුනොත් ඒකට කියන්නේ මෝඩ කම කියලා.. එයාට තිබුනා සීයා ලගට යන්න ..ගිහින් පොලිසියට වත් යන්න..අඩුම සීයා එක්ක දුරක පදිංචියට යන්න… එකම විකල්පේ තනියම කොහේ හරි යන්න හදන එක නෙවේ නේ.. ඒම උනාම තමයි නරක දේ වලට කෙල්ලො නිකන්ම යොමු වෙන්නේ.. වැරදුනා තමා..ඒත් මැරුනේ නෑ නේ.. වැටුන වලේ එරෙන් නැතිව ගොඩ එන්න උත්සහ ගන්න තිබ්බා..

    කව්ශාල් හොඳ කොල්ලෙක් නිසා හොඳයි..ඒ වගේ නැතිව අසරණ අය ගණිකා මඩම් වලට විකුණන කෙනෙක් උනා නම්..???

    නියමයි නංගා කතාව නම්.. හොඳ පණිවිඩයක් සමාජෙට දෙනවා මේකෙන්..

    මේ වගේ ලස්සන කතා තව ලියන්න ලැබෙන්න ඕනි නංගට..

    බුදු සරණයි …

    1. ගොඩ ගොඩක් ස්තූති මගේ අක්කී…???

      පරක්කු වුනාට කමක් නෑ මගේ අක්කී …අක්කි කියනවා හරි … කමෙන්ට් කියන්නේ කතා ලියන කෙනාගේ ශක්තිය … මං නම් කමෙන්ට් කියවන්නත්, අනික් කතා වලට මං දාන කමෙන්ට් වලට එඑයාලා දාන රිප්ලයි කියවන්නත් ගොඩක් ආසයි …

      කෞෂාල් ගොඩක් හොද කෙනෙක් තමයි …. එයාගේ කතාව අපිට ඊළඟ කොටසෙදි දැනගන්න පුළුවන් වේවී … ඉවසන්න මගෙ අක්කී …

      ආශා ගොඩක් පව් තමයි … සමාජය ගැන දැනුම් තේරුම් නැති වයසෙදි කෙල්ලෙක්ට ඒ ගැන කියලා දෙන්න කවුරුවත් නොහිටියොත් මේ වගේ ඒ ජීවිතේ ගොඩක් අසරණ වෙන්න පුළුවන් …

      අත්තා උනත් හිතන්න නැතුව ඇති රෝහිත එහෙම එකෙක් කියලා … අනික උපාසක බලලා වගේ පන්සලට ආවා ගියාම වරදක් හිතන්නේ නෑනේ …

      ඉතින් අක්කී … ඔයාට ගොඩක් පින් මගේ කතාව කියවලා දිග කමෙන්ට් එකක් දුන්නට …. ???
      මට හරි සතුටුයි …??

      අක්කිගෙ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා අක්කියෝ ….

      දළදා සමිදුන්ගේ පිහිටයි ????
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …..

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.