Katha Ahura

??අප්සරාවී??|නවකතාව

කතාව කොහොමද?

??අප්සරාවී??

නැවත හැදින්වීමකි..

“කතා අහුර” ඇප් එක තුල කොටස් පනස් අටක් නිමාවනතෙක් publish කිරීමක් සිදු කෙරූ ?අප්සරාවී? නවකතාව නැවත වරක් ආරම්භ කිරීමට හොදම කාලය දැන් ඇවිත් කියලා මට හිතෙනවා ….

?අප්සරාවි? නවකතාව අතරමග නතර වුනාත් එක්කම මාත් එක්ක තරහා වුන මට බැනපු මාව හැමතැනම හොයපු මගේ ආදරණීය යාලුවෝ ගොඩාක් හිටියා … ඇත්තටම මන් මගේ යාලුවන්ට හදවතින්ම තුති පුද කරනවා මොන දේ වුනත් මට දෛර්‍යයක් වෙලා මා එක්කම හිටිය එක ගැන …

ඔයාලගෙන් දුරස් වෙලා හිටිය පුංචි කාලයට මන් වැටුන තැන් ගොඩක් තිබ්බා .. මන් වැටි වැටී නැගිට්ට තැන් ගොඩාක් තිබුණා .. අඩ අඩා පසුතැවුනු තැන් තිබ්බා .. ජීවිතයෙන්ම සමුගන්න තරමටම කලකිරුණු අවස්තා ගොඩාක් තිබුණ ..

ඒත් ඒ හැම අවස්තාවකම මගෙ මේ පුංචි හිතට ලොකු දෛර්‍යයක් දුන්නෙ මගෙ රත්තරන් මහත්තයා …. මන් වැටුන හැම තැනදිම අත දුන්නෙ මගෙ රත්තරන් අයියා ..

ඒ වගේම මගෙ රත්තරන් යාලුවො .. හැම වෙලාවෙම බැන බැන හරි මන් ගැන හොයලා බැලුවා … කවදාවත් ඇස් දෙකට් නොදැකපු මගෙ යාලුවෝ මන් ගැන හොයලා බැලුවේ ගොඩාක් ආදරෙන් , වුවමනාවෙන් .. මන් රත්තරන් යලුවෝ හැමෝටම ගොඩක් පින් …

………………………………………………………………

Admin Chandima ayya– ??
මෙය ගැනනම් කියන්නම ඕනි .. ම්න් ආයිමත් ඇප් එකට ඇවිත් කතාව දාන්න ඕනි කියලා තීරණය කරන්න ලොකුම හේතුව උනේ චන්දිම අයියා … මගෙ යාලුවෝ වගේම මන් ගැන ගොඩාක් වෙලාවට හොයලා බැලුව උතුම් මනුස්සයෙක් තමයි කතා අහුර ඇඩ්මින් චන්දිම අයියා…

මන් කතාව දාන්නෑ කියද්දි මගේ පැත්තගැනත් බලලා එයාකිව්වෙ සනීප වෙලාඉක්මනට එන්න කියලා … එයා මන් වෙනුවෙන් ඒ වගේ ලොකු අවදානමක් ගත්ත එක ගැන මන් ඇත්තටම ගරු කරනව …

ඒ වගේ චන්දිම අයියා ඇප් එක වෙනුවෙන් ඇප් එකේ කතා කියවන ,කතා ලියන ඔයලා වෙනුවෙන් කරන කැපවීම අපි වචනෙකින් හරි අගය කලේ නැත්නම් ඒක ලොකු පාපයක් .. මොකද එයාගෙ රැකියාවත් එක්ක මේ හැමදේම ගානට තියාගෙන ඉදිරොයට යනවා කියන්නෙ ලේසි වැඩක් නෙවෙයි .. ඒත් මොන තරම් බාදක මැද්දෙ උනත් චන්දිම අයියා එයාගෙ ගමන ඉදිරියටම ඇවිත් කියලා මන් විශ්වාසයෙන් කියනවා..

ඒක හැම කතාවක්ම අවසානෙ තියෙන අපෙ යාලුවන් සෙට් එකේ කමෙන්ට් වලින්ම දැක ගන්න පුලුවන් ..???

ඉතින් යාලුවනේ …

අප්සරාවි ගැන කියනවනම් මගින් නතර වුන අසාර්ථක කතාවක් විදියටයි මන් දකින්නෙ .. හැබැයි මන් ගොඩාක්ම ඉක්මන්ටම සාර්තක වෙලා ඔයාලා ඉදිරියට එන්න ලොකු උත්සාහයක් ගන්නවා .. ඒ වෙනුවෙන් මගෙ යාලුවෝ හැමෝගේන්ම මන් සහය පතනවා .. කතාව නැවතිලා ගොඩක් දවස් ගත වෙලා නිසා දැන් ඔයලට කතාව අමතක වෙලත් ඇති …මන් කතාවෙ ඊලග කොටසත් එක්ක පොඩි මතක් කිරීමකුත් දෙන්නම් මගෙ යාලුවන්ට ..

ඉක්මනින්ම කතාව රැගෙන ඒමේ පොරොන්දුවත් සමග මන් ඔයාලගෙන් සමු ගන්නවා …

මන් ඔයාලගෙ ….
??සිහින සිත්තරාවී ??

28 thoughts on “??අප්සරාවී??|නවකතාව”

    1. චතූර්යයා ඉන්දීවරී

      නංගා… මිනිස්සුන්ගේ ජීවිත වලට ප්‍රශ්න එනවා.. ඒවා සරල ඒවා වෙන්නත් පුළුවන්. සංකීර්ණ ඒවා වෙන්නත් පුළුවන්.. අපි ඒ ප්‍රශ්න දිහා බලන විදියත් එක්ක තමා ඒක තීරණය වෙන්නේ.. ප්‍රශ්න ජීවිතේට ආව තරමට වැටෙන්න එපා.. ජීවිතේ නැතිකරගන්න හිතන්න එපා. ප්‍රශ්න වලින් මිරිකිලා හෙම්බත් වුණ මිනිස්සු පවා හෙට දිනක් ගැන හිතද්දී අපිට එන ප්‍රශ්න වලට ඇයි ඒ තරමට මානසිකව වැටෙන්නේ.. ??? ඒ තරමට දුර්වල වෙන්න එපා. දරගැනීමේ ශක්තිය පිරිමින්ට වඩා ගෑනු අපිට උපතින්ම පිහිටලා තියෙනවා කෙල්ල ඕනෑවටත් වඩා..ඔයාගේ ඒ ශක්තිය ඔයාව හොඳ තැනක් කරා මෙහෙයවයි කෙල්ලේ..

      ඔයා උගත් බුද්ධිමත් කෙල්ලක්. ඒ නිසා කලබල වෙලා අඩියක් ඉස්සරහට තියන්න කලින් හිතන්න ඒකෙ ප්‍රථිපල ගැන. ඔයාට ජීවිතේ ජයගන්න එක අමාරු නෑ නංගි…. ඔයාට ඒ දේ කරන්න පුළුවන්.. ඒක මම දන්නවා.. ඒ නිසා ඔයාගේ අනාගතයට හදවතින්ම සුබ පතනවා මම නංගා..

      හොඳ ස්වාමියෙක් ලබන්න ගොඩාක් පින් කරන්න ඕන නංගා. ඒ අතින් ඔයා ගොඩාක් පිංවන්තයි හොඳ ස්වාමියෙක් ලබන්න. සැපේදී වගේම දුකේදිත් ඔයා ළඟින් හිටිය , ඉන්න එයා හැමදාමත් ඔයාව ආරක්ෂා කරයි නංගි ස්වාමියෙක්ට එහාගිය පියෙක්, සහෝදරයෙක් වගේම යහළුවෙක් වෙලා.. ඔයලා දෙන්නට ලස්සන පවුල් ජීවිතයක් ලැබෙන්න කියලත් හදවතින්ම පතනවා මම.

      දැන් මම කතාව ගැන කියන්නම්.. ඇත්තම කීවොත් කතාව අසාර්ථක නෑ නංගා.. කතාවට ඇප් එකේ හැමෝම පිස්සුවෙන් වගේ ආදරේ කළේ. පුදුම ලස්සන ආදර කතාවක් වුණා ඒක. ඒත් කතාව අතරමඟ නතර වුණාම හිතාගන්න බැරි වුණා. හැමදාම 6 වෙද්දී ඇප් එකට ආවා කතාව දාලද බලන්න. ඒත් කතාව නතර වුණාම හිතුවේ ඔයා ප්‍රයිවට් ඒ ලෙවල් කරන නිසා පාඩම් කරන නිසා, ක්ලාස් යන නිසා කතා ලියන්න ටයිම් නැතුව ඇති කියලයි.. ඒත් කමෙන්ට් දැම්මා ඔයාව හොයලා . රිප්ලයි කළේ නෑ සුද්දී ඔයා.. ඒ නිසයි කවදා හරි ඔයා ෆ්‍රී වෙලා ඇවිත් කතාව දානකල් හිටියේ..ඉතින් ඒ ලස්සන කතාව ආයෙමත් අපිට දෙනවට ඔයාට ගොඩාක් ස්තූතියි පැට්ටෝ.. කතාව අපිට දෙන අතර ඉගෙන ගන්න වැඩත් සාර්ථක කරගෙන මේ සමාජයේ ඉහළ තැනකට යන්න ලැබෙන්න කියලා හදවතින්ම පතනවා මම නංගා..

      කතාව අරන් එන්නකිඔ. අපි හැමෝම ලස්සනම ලස්සන දිගගගගගගගගගගගගහග කමෙන්ට් දාලා ඔයාට ශක්තියක් වෙන්නම් නංගා. බයවෙන්න එපා. අපි ඔයාව තනිකරන්නෑ.. සතුටින් පරිස්සමින් ඉන්න නංගා. බුදු සරණයි!

      3
      1. ඔයාගෙ කතාව ඇත්ත අක්කි … ජීවිතේ පටන් ගනිද්දිම මන් ගත්තෙ නිවැරදි තීරණයක් නෙවෙයි වෙන්න ඇති .. ඒත් මන් අද ජීවත් වෙන්නෙත් මන් එදා වැරදියි කියලා දැන දැනත් ගත්ත තීරණය හින්දා … මොන දේ උනත් මන් ආයු වැටෙන්නෑ …
        අප්සරාවී පටන් ගත්ත විදියටම මන් ආයිමත් පටන් ගන්නවා . මන් කොහොම හරි මගේ ටාගට් එක සම්පූර්ණ කරනවා කියන තැනයි මන් අද ඉන්නෙ ….

        හැබැයි චතූ අක්කියෝ ඔයාව මට කරදරයක් වුනේ නම් නෑ … මොකද මන් ඔයාට, නයෝමි අක්කිට ,තක්ශි අක්කිට ,රශ්මි අක්කිට ,සචිනි අක්කිට,ප්‍රියදර්ශනී අක්කිට ගොඩාක් ආදරය කලා .. මගේම අක්කලාට වගේ .. මොකද නංගිලා දෙන්නෙක් හිටියට මට අක්කලා නෑ .. ඔයාලගෙ හෙල්ප් එක මට ගොඩාක් උදවු වුනා …. ගොඩාක් පින් අක්කිලා ඔයාලා හැමෝටම .. ඉක්මනටම එන්නම් මන් අප්සරාවිත් අරගෙන ….

  1. කරදර කියන දේවල් ජීවිතේට නැති වෙන්නේ නෑනේ. ඒ හින්දා ඒ කරදරවලට මුහුණ දෙන්න ඕනේ. ගොඩක් සතුටුයි කතාව ආයේ දාන්නම් කිව්වම. බලන් ඉන්නවා ඉක්මනට කතාව දානකල්.

  2. වැටි වැටි නැගිටින අය තමයි අක්කියො ලොකෙ දිනනෙ ආරම්භයට සුබ පැතුම් අපි හැමඩාම අක්කිත් එකක්

    1. ඔයාලා හැමදාම මාත් එක්ක ඉන්නවා කියන වචනෙම මට ලොකු හයියක් රත්තරන් …. ආදරෙයි ඔයාලා හැමෝටම ..?????

  3. අනේ අක්කියෝ කතාව ඉක්මනට අරන් එන්න. මන් ගොඩාක් ආසාවෙන් කියවපු කතාවක් මේක. කරදර නැතිවෙන්නෑ අක්කියෝ. හැමෝටම කරදර තියනව කරදර එන තරමට අපි ශක්තිමත්වෙලා ඒවට මූනදෙන්න ඕනි එතකොටයි අපි සාර්ථකවෙන්නෙ. අක්කිගෙ හැම වැඩක්ම සාර්ථකවෙන්න කියල මන් ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි අක්කියෝ ????

    1. තැන්ක් යූසුදූ… මන් කතාව අරගෙන ඉක්මනටම එන්නම්කෝ ඒනම් … ???

  4. Ruvini Thakshila

    Ammoooo Akki gdk kalekin.dennm eththtma kthwa mthkath ne ane.kthwa mthk krla dilma aya ptn gnna hodada Akki pana.a dws wla hemadma app ekta ewith blnwa kthwa dlda kiyla.??eth ne kiyla dengththta gdk dukai??den mn deta on krddima apsaravi kiyla screen wetenwa dekka.a gmnma app ekta log una mrma sthutakin.tnq Akki. ??onna kthwa den digtma oni hlida.all the best and good luck akki pana ????

  5. කතාව අරන් ආයිමත් එන්න සිත්තරාවි.එන ප්‍රශ්න වලට ජීවිතය නැති කරගන්න හිතෙන වෙලා අන්නන්තයි.එවා පාලනය කරගත්තොත් අපි දිනුම්.මං ප්‍රශ්න වලට මූන දෙන්න බැරුව මැරෙන්න ගියා.එත් ඒ හැම වෙලාවෙ මගෙ චූටි දූ මතක් වෙලා ආයිමත් ආවා

  6. අම්මෝ මටනං හරි හැපි අද.. ගොඩක් ආසාවෙන් කියෙව්ව කතාවක්..ඔයාගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා… දෙවි පිහිටයි ඔයාට..????

  7. මම හිතන කෙනා නම් මේ.. මට ලොකු සතුටක් මේකට කොමෙන්ට් කරන්න ලැබුණු එක ගැන.. මට MeWe එකෙන් ලැබුණු පොඩි නංගි නේද මේ…මාත් එක්ක චැට් කරන ගමන් එක පාරටම අතුරුදහන් වුනු නංගි නේද… කතා අහුර ඇප් එක ගැන කියලා මට මේකට join වෙන්න ආරාධනා කරේ ඔයා නේද.. මට මේ වගේ දඟ සෙට් එකක් සෙට් කරන්න එකම මාර්ගය පෑදූ ඒ නංගි නේද ඔයා.. මං ඔයාගේ කතාවට කොමෙන්ට් කරලා ඔයාව එව්වා ඒත් මට හොයාගන්න බැරි උනා.. මම MeWe එකෙක් චැට් කරා ඒත් රිප්ලයි තිබ්බේ නැහැ.. මම නම් දැන් ඒක වැඩිය use කරන්නේ නැහැ close කරල තියෙන්නෙ.. මං ඉතන නංගි නේද මේ.. අනේ ඒ නංගි උනානම් කොච්චර ශෝක්ද ඔයා නිසයි මට මේ හැම දෙයක්ම ලැබුණේ.. දළදා සමිඳුගේ පිහිටයි

    1. Ashka Rashmi

      ඔව් ඔව්..මේ ඒ චූටි නංගියා තමා…??? කාංචනා නංගි.සිහින සිත්තරාවි…

  8. Ashka Rashmi

    ඇත්තටම සතුටුයි නංගියා ඔයා ආයෙම කතාව දාන්න හිතපු එක…ජීවිතේට කොච්චර කරදර බාධක ආවත් ඒ හැමදේකට ඉවසීමෙන් දෛර්‍යයෙන් මුහුණ දෙන එක තමයි ගොඩක් වටින්නෙ…මං පෞද්ගලිකව දන්නෑ ඇත්තටම ඔයා කතාව නවත්තන්න හේතුව..ඒත් මට මතක විදිහට ඒ දවස් වල ඔයා අසනීපෙන් හිටියද කොහෙද…චතූ අක්කි කිව්වෙ ඔයා ඒ ලෙවෙල් කරන්න ගත්තා කියලා…එහෙම තමයි නංගි ඉතින්…අපි හැමදේටම මුහුණ දෙන්න ඕන..අපි අපිට එන හැම අභියෝගයකටම දක්ශ විදිහට අපේ උපරිමයෙන් මුහුණ දෙන්න ඕන..ඒවා ජය ගන්න ඕන…ඔයාට ඉස්සරහට එන තව එක අභියෝගයක් තමයි අප්සරාවි..කතා ලියන කෙනෙක් විදිහට මං දන්නවා මැදින් බාගෙට නතර කරපු කතාවක් මාස ගානකින් පස්සෙ ආයෙම ලියන්න ගනිද්දි ඒ දැනෙන හැගීම්…ඇත්තටම ගොඩක් වෙලාවට කතාව ආයෙ කොහොමද පටන් ගන්නෙ…කොහොමද ඒවා ලියන්න ගන්නෙ…හිතාගන්න අමාරුයි එකපාරටම …අනික ඒ කතාව ආසාවෙන් කියවපු අයට දැන් ඒක අමතක ඇති…ඒවා මතක් කරන්නෙ කොහොමද..ආයෙම වචන ගලපලා ලියන්නෙ කොහොමද..ඔයාට ඒ හැමදෙයක්ම ලොකු අභියෝග ..ඒත් මං දන්නවා ඔයාට ඒ හැම අභියෝගයක්ම හොදින් ජය ගන්න පුලුවන් කියලා…මට ඔයාගෙ අප්සරාවි කතාව තාමත් හොදටම මතකයි…ඔයා නවත්තපු තැනත් මට මතකයි තාම..මං වගේම කතාව ආසාවෙන් කියවපු හැමෝටම කතාව තාමත් මතක ඇති නංගි…මොකද ඒ කතාව හරිම ඉන්ටරෙස්ටින්…ඒ වගේ ස්ටෝරීස් කවදාවත් අමතක වෙන්නෑ…අපිට කතාව අමතක නෑ පොඩ්ඩි…ඔයා ආයෙම පටන් ගන්න ගත්තු එකට ඇත්තටම මට ඔයා ගැන ආඩම්බරයි…පටන් ගත්තු දෙයක් අවසාන කරලම පස්ස බලන්න…මගින් නතර කරන එක..මට කරන්න බැහැ කියන එක නෙවේ හරි…ඒ අතින් ඔයා හරිම ශක්තිමත් කෙල්ලෙක්..මං ඔයාට සුභ පතනවා නංගි…ඔයාට ආයෙම කතාව කලින් වගේම දාන්න පුලුවන් වෙන්න කියලා..මං දන්නවා මේ පාර ඒ කතාව කලින්ටත් වඩා ලස්සනට ඔයා ලියයි කියලා…ඒක මට 100% ක් විශ්වාසයි…සෝ…පටන් ගන්න…ඔයාට පුලුවන් ඒ දේ…

    ආයෙම කතා අහුරට ආව එකට මං ඔයාට ස්තූතියි වන්ත වෙනවා සිත්තරාවි…??? මොකද මේ ඇප් එකේ කතා ලියන්න හැමෝටම අවස්තාවක් දෙනවා කිව්ව අලුත ඔයා තමයි මං දන්න තරමින් මුලින්ම කතාවක් ඇප් එකට දැම්මෙ….මට මතක විදිහට ….ඒ ඔයාගෙ කතාව…එතනින් පස්සෙ ඔයා දිගටම ඇප් එකේ හිටියා..ඔයා ඇප් එකට ලොකු සපෝට් එකක් දුන්නෙ ..එහෙම දුන්න චූටි නංගියා එකපාරටම මිස් වෙද්දි ඇත්තටම මට හිතාගන්න බැරි උනා ඇයි කියලා..ඔයාගෙ නම්බර් එක මං ගාව තිබ්බත් මුලින් මුලින් ඔයා ගැන ඇහුවත්..පස්සෙ මං ඒක නතර කලා…ඒක ඔයාට අපහසුවක්..කරදරයක් වෙන්නැත් කියලා හිතලා…මේ ලගදිත් මං ඔයාට මැසේජ් එකක් දාන්නත් හදලා..ආයෙම ඔයාට ඒක කරදරයක් උනොත් කියලා නතර කරලා දැම්මා…ඇත්තටම මාරම සතුටුයි නංගි ඔයා මෙහෙම ආව එක..මට දැනුනා ඔයා ආවම අපේ ඇප් එක සම්පූර්ණයි වගේ…ඒක අංග සම්පූර්ණ වෙනවා තක්ශියි නයෝමි අක්කියි සචිනි නංගියි රශ්මික මල්ලියිත් ආවම..ඒත් මං හිතන්නෙ ඒ අය ගොඩක් බිසී…ඔයා ආව එක ගොඩක් හොදයි නංගි…සුභ පතනවා..ඔයාගෙ හැම වැඩක්ම හොදින් කරගෙන යන්න පුලුවන් වෙන්න කියලා…එහෙනං ඉක්මන්ටම අප්සරාවි ඊලග කොටසින් හමුවෙමු..බුදු සරණයි❤️❤️ සතුටින් පරිස්සමින් සනීපෙන් ඉන්න ❤❤

  9. අනේ සිත්තරාවියෝ ඔයා ආවද?????
    ගොඩාක් සතුටුයි…..දැන් ඉතිම්ම්…….බේබිගේ දග වැඩ ආයෙ බලාගන්න පුලුවන් අෆ්ෆා …..romance එක්කම නේද ?????

  10. අනේ නංගා… ඔය් ආයි ආපු එකටනම් ගොඩක් සතුටුයි…

    ඇත්තටම මං දන්නෙ නෑ නංගි නංගිගෙ ප්‍රශ්නෙනම්… මටත් මතකෛ අප්සරාවී කතාව ලියද්දි ඔයා ලෙඩ වෙලා හිටියා කියලා.. ඒ වගේ exam නිසත් ඔයාට එන්න බැරි උනානේ…

    ප්‍රශ්න නැත්තෙ කාටද.. ප්‍රශ්නෙ එන්නෙ ඉතිං අපිටම තමා… ඒත් ඒ දේවල් නිසා තවත් වැටෙන්නෙ නැතුව් ඉදිරියට එනවනම් ඒකයි වටින්නෙ…

    ඔයා ආයිමත් ආපු එකට ගොඩක් සතුටුයි නංගියෝ… අයිමත් කතාව අරගෙන එන්න.. ඒ කතාව ගොඩක් ලස්සනයි… අපි හැමෝම ඒ කතාව කියෙවුවෙ ගොඩක් ආසාවෙන්… ඉක්මනින් එන්න නංගෝ කතාව අරන්…

    බුදු සරණයි…

  11. Ranmali subasinghe

    අපි හැමෝටම ජීවත් වෙන්න ප්‍රශ්න ඕනා සිත්තරාවීයෝ… නැත්නම් ජීවිතෙන් වැඩක් නෑ… ප්‍රශ්න එක්ක තමයි අපි හැමෝම හැමදාම ඉස්සරහට යන්නේ… ඒක නිසා හැමදේම ගැන ඕනවට වඩා හිතන්න එපා… උත්තර නැති ප්‍රශ්න මේ ලෝකේ කොහේවත් නෑ ඒක නිසා මොන දේ උනත් වැටෙන්න එපා… හැමදේටම උත්තරයක් තියනවා… කාලය හැමදේම විසදයි…. ???

    හුගක්ම පාලුවෙන් හිටියේ අප්සරාවී නැතුව ?? ඇත්තමයි… වෙනදා වගේම කතාව දිගටම දාන්න අපි හැමදාම කියවනවා ආසවෙන්.. අපි ඔයත් එක්ක හැමදාම ඉන්නවා… ???????

    සතුටින් ඉන්න පැට්ටෝ ???

  12. මායා black..

    අනේ මන් අක්කිගේ අප්සරාවී කතාව කියෙව්වා..
    ඒකේ ඉතුරු කොටස මන් හැමතැනම හෙව්වා.. පස්සෙයි මන් දැනගත්තේ ඔයා ඒක බාගෙට නතර කරලා කියලා..
    මට හරිම සතුටුයි අක්කි ආයෙත් ආපු එකට..❤️❤️
    එහෙනම් අපිට ඉක්මනටම කතාව කියවන්න පුලුවන් වෙයි නේද??? අක්කිට මන් සුබ පතනවා..
    All the best akki ??

  13. Jeewitheta krdr kiyan ewa ennm one minissu kaud kyl aduragnn. Anith 1k thamai ehm prashn awe nathi unoth jeewithe issrh shakthimath wenne na. Mnw unth oyage hamadetam kenek inn eka gana sathutu wenna.

    Hamadam sathutin inn. Budu saranai. ???????

  14. ..Sandashen..

    අක්කියො කෝ අනෙ ඔයගෙ කතව ඉක්මනටම කතව අරන් එන්නකෝ. ඔය හොඳින් ඉන්නවද ?ඉක්මනට ඉක්මනටම ඔයගෙ කතව අරන් එනවා නෙද….plz akkiyooooo????

  15. Nawoda Sadamini

    Ane nngiyo mn me app eke okkoma ktha kiyewwwa… eth oyage eka kiywnna patn gnna byai 58n nawatila nisa… mokada kathawe awasanaya gna mn hithalama mata pissu hadei kiyla bayai..oya snipen ennawanm ekmNata liynna nngi…

    1

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.