Katha Ahura

? සැබෑ වූ සිහිය අයිති නෑ මට? 11කො⁣ටස|නවකතාව |කතා අහුර රචක

3/5 - (2 votes)

අදත් හැමෝම ක්‍රිකට් ගහවා .මට අද සෙල්ලම් කරන්න හිතක් නෑ.හිත ගෙදර අම්මා ලග.අනේ මගේ අම්මා .අම්මා මතක් වෙන හැම වෙලාවකම මගේ ඇස් වල කදුලු පෙරෙන⁣වා.අම්මා නැති ජීවිතයක් ගැන කොහොමද මම හිතන්නේ .

” සන්රැක්ෂ දැන් කොහොමද අම්මට හොදයිද.”

මම ඉක්මනට ඇස් වල කදුලු පිහදා ගත්තා.මෙයා කොයි වෙලාවෙද දන්නෑ මෙතනට ආවේ.

” නැගිටලා ඉන්නව දැන්.මම ස්කෝලෙ ආවට හිතකින් නෙවෙයි අද ආවේ නෑවිත් බැරි නිසා ”

“මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න පුලුවන්ද සන්රැක්ෂ ”

” පුලුවන් මෙනාරා කියන්න ”

” සන්රැක්ෂ මට සමාවෙන්න ඔයාට මගේ අතින් වුණ හැම වැරැද්දකටම.මට සමාව දෙනවද .”

” අනේ ඕක මොකක්ද මෙනාරා .මම ඒවා හිතේ තියන් ඉන්නෑ.මොකටද සමාව ගන්නේ මම දන්නවා ඔයාට හරි පාර පෙන්නන්න කවුරුත් නැති නිසා තමයි ඔයා ඒ විදිහට හැසිරැනේ කියලා .”

“ඔව් සන්රැක්ෂ මම පොඩි කාලේ ඉදන් හැදුනේ අම්මගේ ආදරේ එක්ක නෙවෙයි එයාලා එයාලගේ වැඩ. මාව බලා ගත්තේ ගෙදර වැඩට ඉන්න ගෑනු කෙනා.එයාලගේ ජිවිතේ සල්ලි.මට කීයක් හරි ගානක් අතට දීලා එයාලා යනවා උදේට.මාත් ඒවගෙන් මට ඕනි දේවල් කරනවා.මම ඉල්ලන ඕනි දෙයක් අරන් දෙන්න එයාලා දෙපාරක් හිතන්නේ නෑ.මාත් මෙච්චර කාලයක් හිතුවේ ඒක තමයි ආදරේ කියන්නේ කියලා .මටත් කිසිම දේක ගානක් නෑ මිනිස්සුන්ට කතා කරන්න ගරු කරන්න වත් මම දන්නෑ අඩුම තරමේ.ඔයා එදා මට උදව් කරපු වෙලාවේ ඉදලා මම කල්පනා කරලා බැලුවා .මට දැන් තේරෙනවා මම වැරදි පාරක ගියේ කියලා .ඔයාට ඔයාගේ අම්මා ගෙන් ලැබෙන ආදරේ මට කවදාවත් ලැබිල නෑ.ඔයාට ගොඩක් පින් සන්රැක්ෂ මට මගේ වැරදි තේරුම් ගන්න උදව් කරාට.”

“ඔයා එදා හැසිරැන විදිහෙන් මම ඔයා දැන් කිව්ව හැමදේම තේරුම් ගත්තා මෙනාරා .මට සතුටුයි මම නිසා ඔයා ⁣ඔයාගේ වැරදි හදා ගත්තට.දන්නවද මෙනාරා මගේ කතාව ඔයාගේ ක⁣තාවට හාත්පසින්ම වෙනස්.”

මම මගේ පුලේ හැම විස්තරයක්ම මෙනාරට කිව්වා.අන්තිමට අම්මා මාව හදා ගන්න විදපු දුක කියනකොට මට ඇඩුනා.මන් දැක්කා එයාගේ ඇස් වලත් කදුලු පිරැනා මගේ කතාව අහලා.

“ඇති සන්රැක්ෂ මට තේරෙනවා .අඩන්න එපා දැන් .ඔයාට ඕනිම වෙලා වක මම ඉන්නවා සන්රැක්ෂ .ඕනිම දෙයක් කියන්න මට.”

කෙල්ල ලේන්සුව අරන් මට දුන්නා කදුලු පිහිදා ගන්න.

“ඕක තියා ගන්න මට එපා.”

ලේන්සුව මගේ අතින් තියලා ලස්සනට හානා වුණා .මේ හිනාව දැක්කම මට මොකක්ද වෙනවා.බලාගෙනම ඉල්ලන හිතෙනවා.

“දැන් මොනාද සන්රැක්ෂ ඔයා කරන්න හිතන් ඉන්නේ .”

“ආ දෙන්නා බර කතාවක් වගේ නේ.”

එහෙම කියා ගෙන ක්ෂිතිජත් ආවා අපි ලගට.

” ඇත්තටම මොනාද සනු දැන් උබ කරන්න හිතන් ඉන්නේ ”

“මම ස්කෝලෙ වෙලාවෙන් පස්සේ කරන්න ජොබ් එකක් හොයා ගත්තා බන්.මම කොහොම හරි අම්මව බලා ගන්න එපැයි .”

” එතකොට අම්මා ගෙදර තනියම නේද ”

“ඔව් කරන්න දෙයක් නෑනේ වෙන ”

“ඒකත් ඇත්ත නේද කරන දෙයක් පරිස්සමින් කරන්න”

ගෙදර ආව ගමන් අම්මව බලන්න දිව්වේ.අම්මට කවලා පරිස්සමින් ඉන්න කියලා මම මගේ අලුත් ජොබ් එකට යන්න ආවා.

“ආ එන්න ළමයෝ.ලොකු වැඩක් කරන්න නෑ ඔය රාක්ක වල තියෙන බඩු ටික අස් කරලා දාලා එන අයට ඕනි බඩු ටික දාලා දෙන්න තියෙන්නේ ”

මුදලාලි කිව්ව විදිහටම මම කරා ඒවා එච්චර අමාරු වැඩ වුනේ නෑ.6.30 ට තමයි මට වැඩ ඉවර වෙලා එන්න තියෙන වෙලාව 6.45 වෙද්දි මම ගෙදර ආවා.
කාගෙද අර ⁣ගේ ලග නවත්තලා තියෙන කාර් එක දැකලත් පුරැදු යි වගේ….

❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?

කවුද එන්න ඇතතේ කියමු බලන්න ළමයිී …

හෙට බලමුකෝ මොකද වෙන්නේ කියලා .

ආදරෙයි දග පවුල ❤️?

8 thoughts on “? සැබෑ වූ සිහිය අයිති නෑ මට? 11කො⁣ටස|නවකතාව |කතා අහුර රචක”

    1. Madu - Nayomi -1993

      හරි සතුටුයි හරි පුදුමයි ඒත් ඇත්තයි. කතාව නැති නිසා බලලා යන්න ආවේ මං. එතකොට නන්ස්ටොප් කතා ගොඩක් තියනවා. මරු ඒකත්.

      ෂුවර් එකටම මෙනාරා ඇවිත් ඇති නේද?

    2. Nimesha perera

      ඔව් අක්කි ඔයා තමා 1st…
      සුබපැතුම් අක්කි ඔයාට…???????????????????????????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.