Katha Ahura

කන්‍යාරාමය| 06 කොටස | හොල්මන් කතා |

4/5 - (2 votes)

කන්‍යාරාමය…..

හයවෙනි දිගහැරුම……

අනුරාධාගේ පිටට වැරෙන් පහරක් වැදුනෙන් අනුරාධා යලි පියවි සිහි ලැබුවාය….

කෝ කෝ කොහෙද ගියේ????

කවුද???

ලොකු සිස්ටර්ගේ දෑස් වලින් ගිනි පිටවිය.
අනුරාධා දවා හලුලන බැල්මක් හෙලූ ඇය ඇසුවාය…

නෑ සිස්ටර් මේ මට ඔලුවෙ කැක්කුමක්…..

තමුන්ට මම කියලා තියනවා නේද මම එකපාර කතා කරද්දී එන්න කියලා අද මම තුන්පාරක් කතා කරලත් තමුන් යකෙක් දැකලා වගෙ හිටියෙ ඇස් ලොකු කරන්….

තමුන්ට වෙන මොකක්හරි ලෙඩක් වගේ මට පේන්නෙ ඔලුවෙ කැක්කුම කෙසේ වෙතත්. එක වෙලාවකට යකෙක් දැකලා වගේ ඇස් නලලෙ තියන් ඉන්නවා…යන යන තැන වැටෙනව… නින්දෙන් ඇවිදිනවයි…කෑම භාජන බිදිනවයි…නැත්තන් කොහෙහරි සිහියක් නැතුව වැටිලා….කිසිම පිලිවෙලක් නෑනෙ තමුන්ගෙ….. මේක මඩමක්(කන්‍යාරාමයක්) මිසක් කෝලම් මඩුවක් නෙවෙයි….

ආ තව දෙයක් හෙට මෙහෙට ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක් එනවා පිරිමි ළමයෙක්. ඒ නිසා ඒ ළමයා යනකං තමුන් කාමරේට වෙලා ඉන්න ඕනෙ…මම ඇවිත් කතා කරන්නම්….හෙට උදේම දවල්ටත් එක්ක කෑම එකපාර හදන්න ඕනෙ….

අනුරාධාට කිසිවක් සිතාගැනීමට තරම් කාලයක් නොවීය… සියල්ල අසුරු සැනින් සිදුවිය. නමුත් කෞමදී පැමිණි බව සිහිනයක් නොවෙන වග අනුරාධා දැන් දනී..ඒත් කෞමදී ගොඩක් වෙනස්.. අනික කෞමදී ඒ වෙලාවෙ ඇත්තටම යකෙක් වගේ වෙනස් උනේ…කෞමදී ඒ කිවුව කතාව මොකක්ද?? අනික ඇයි එයා මෙච්චරටම මෙහෙන් මට යන්න කියන්නෙ???මෙතන නම් ඇත්තටම ලොකු හොරයක් තියනවා මං හොයන්න ඕනෙ…මට දැනගන්නම ඕනෙ ඒ මොකක්ද කියලා…. කෞමදී කොහෙටද අනික ලොකු සිස්ටර් එද්දී එකපාරට අතුරුදහන් උනේ මං එයා දිහාමනෙ බලන් හිටියෙත්….දැන්නම් මගෙ ඔලුව ඇත්තටම රිදෙනවා….

සිස්ටර් සංජුලා අවුරුදු 30ක් විතර ඇති… 12:15 වෙලත් සිස්ටර් සංජුලා ටිකක් සද්දෙන් කෝල් එකක. කෝල් එකේ හැටියට නම් ආදරබර වදන් ඇහෙන්නෙ. තව ටිකකින් පිටිපස්සෙ දොරෙන් එන්නලු.. එහෙනම් ඒ සංජුලා සිස්ටර්ගේ බෝයිෆ්‍රෙන්ඩ්.. අනුරාධාගේ හිතට මහත් අප්‍රසාදයක් දැණුනි..ඇය ඇගේ ආගමට බෙහෙවින් ගරු කල අතර දැන් ඇගේ සිතෙහි ඒ ගරුත්වය හීන වෙමින් පවතී.. ඒ අතර ඇයට ලොකු සිස්ටර් කී වදන්ද සිහිවිය “මේක කෝලම් මඩුවක් නෙවෙයි” එහෙනම් මේක මොකක්ද….අනුරාධා ඇයටම සිනාසී කියාගත්තාය…

අනුරාධා නින්දෙන් ඇහැරුනේ ඇගේ වම් අත දිගට හිරිවැටීමක් සිදුවූ නිසාය..ඇයට දැඩි වේදනාවක් දැනෙන්නට විය…කුමක් කලත් එහි වේදනාව අඩු නොවීය…ඇයට කෞමදී කිවු දෙයද සිහිවිය…ඇගේ වේදනාවට නොදෙවෙනි බියක් අනුරාධාට දැනෙන්නට විය…ඇය හඩමින් ඇදේ දිගාවූයේ ඇගේ වේදනාව එන්න එන්නම වැඩිවූ නිසාමය…. හඩමින් සිටි ඇය නින්දත් නොනින්දත් අතර සිටි අතර යටිගිරියෙන් කවුරුන් හෝ කෑ ගැසුවේ මුලු කන්‍යාරාමයම දෙවනත් වන්නටය.. ලොකු සිස්ටර් ඇදෙන් බිමට පැන විදුලි බුබුල දල්වා එදෙසට දිවගිය අතර අනුරාධාද ඇය පසුපසින් දිවගියේය…..

සිස්ටර් සංජුලාගේ කාමරයේ දොර විවරව තිබූ අතර එහි විදුලියද විසන්ධි වී තිබුණි… අනෙක් කන්‍යාසොහොයුරියන්ද ඒ වනවිටත් එතනට පැමිණ සිටි අතර ලොකු සිස්ටර් ගොස් ඉටි පහනක් දල්වා ඇතුළට ගියේය..දුටු දෙයින් ලොකු සිස්ටර්ද බියවී කෑගැසුවේ සියල්ලන්ම බියපත් කරමින්ය… සිස්ටර් සංජුලා සිහිසුන්ව සිටි අතර ඇගේ පෙම්වතා අගුරු කැබැල්ලක් වී බිම වැටී මියගොස් සිටියාය..

“බණ්ඩාර සර්ට තමා මේක කියන්න වෙන්නෙ පිටට ගියොත් ඔක්කොම ඉවරයි”

ලොකු සිස්ටර් බැරෑරුම් හඩින් පැවසීය…..

ස් ස් අනූ…හූ හූ..හි හී…

අනුරාධාට කවුරුන් හෝ සිනාසෙමින් ඇයට කතා කරන හඩ ඇසීය….

ඈ එදෙස බැලුවේ “මේ අල්ල පනල්ලේ හිනාවෙන්නෙ කවුද” කියා සිතමින්ය…..

කෞමදී ඔයා?????

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.