Katha Ahura

අද්භූත මැ`දුරක සෘංගාරය පිරි රාත්‍රියක්‌ | ගන්දර කලපුව -අවසානය || නවකතාව||

කතාව කොහොමද?

මෙතෙක්‌ කථාව

ගන්දර කලපුව -9 || නවකතාව||

උපසේන ගන්දර කලපුවේ සුවිසල් මැඳුරේ නවාතැන් ගත් දා පටන් මුහුණදීමට සිදුවූයේ අද්භූත වූ සිදුවීම් රාශියකටය. එම මැඳුරෙන් පිටව යැමට කොතරම් උත්සාහ දැරුවද එය සාර්ථක වූයේ නැත. එහි සිටින පිරිස අතරින් ජයසේනට යම් තරමක හෝ සමීපව ඇසුරු කිරීමට හැකිවූයේ “පංචිමා” සමඟ පමණි. එහෙත් පංචිමා ද යම් ගුප්ත බවකින් කටයුතු කිරීම උපසේනගේ කුතුහලය වැඩි කළේය.

ඔහු නිරන්තරයෙන් කල්පනා කළේ එම මැඳුරෙන් පැනගන්නේ කෙසේද යන්නයි. එය පහසු කාරණයක්‌ නොවීය.

අද එතැන් සිට……..

උපසේන අවදිවෙන විට පංචිමා කාමරයේ නොවූවාය. දොර වසා දමා තිබිණි. විදුලි පංකාව යන්තමට ඉහළ සිවිලිමේ කැරකුණි. තමා නිරුවතින් බව උපසේනට පෙනුණි. පංචිමා තමාගේ සාරය උරාගෙන ගිය මකුළුවකු මෙනි. මාරාන්තික ‘කලු වැන්දඹුව’ නම් අරුත ඇති බ්ලැක්‌ විඩෝ ස්‌පයිඩර් මකුළුවෙක්‌ මෙනි පංචිමා·

ඈ ඇකියුපන්චර් කටු තමාගේ ඇඟේ තැන තැන අනිනු ඔහුට මතකය. එයින් පසු ඔහුට තමා තුළ අපමණ උත්තේජන ආවේගයක්‌ ඇති විය. ඔහු හැසිරුණේ ලෝකාන්තයේ අවසන් වතාවට රතියේ හැසිරෙන ආකාරයේ බලවේගයකිනි. ඇයව මරාගෙන මැරෙන්නට තරම් ඔහුට සිතුණි. එතැන වූයේ ආදරයක්‌ නොව දැඩි කාම රාගයකි. තමාගේ කැසිල්ල සුවපත් කළ හැකි වූයේ පංචිමාටම පමණි. ඈ හැසිරුණේ කොතරම් දක්‍ෂ ආකාරයෙන්ද ? ඈ මායම් හැටහතරම දන්නියකි.

මෝචනයෙන් පසු ඇයව මරා දමන්නට තරම් සිතක්‌ හෝ යවුල් තුඩක්‌ සහිත ගතක්‌ ඔහු සතු නොවීය. උපසේන නිකන්ම හුළං ගිය බැලුමක්‌ සේ නින්දට වැටුණේය. කාලිංග ගැන හෝ අර ඌරු ගාල ළඟ මඩුවල මිනිසුන් ගැන අසන්නට උපසේනට කාලවේලාවක්‌ නොවීය.

උඩුබැලියෙන් වැතිරී ඔහු අලසව, ඉහළින් කැරකෙන විදුලි පංකාව දෙස බලා සිටියේය. හැමදාමත් මෙහෙම ඉන්න තියෙනවා නම්.. ආපෝ මොන තරම් කාලකණ්‌ණි සිතුවිල්ලක්‌ද ඒක? කෑම, බීම, ආශා සපුරන ගැහැනිය සුවපහසු ඇති කාමරය, සුන්දරය පරිසරය, ජීවිතයට තවත් අවශ්‍ය මොනවාද? සුරක්‍ෂිත භාවය, කාලිංග තමාව බලා ගනීවි. තමාට තියෙන්නේ ඉඩ ඇති වෙලාවට විවේක පාඩුවේ මිනිහගේ පොත ලියන්න. කොහොමටත් දැන් තමාට පුවත්පතේ රැකියාව නෑ නොවැ. ඒ වුණත් එතකොට සුභා – බිමල්? නැහැ. තමාට ගෙදර ගිහින් එන්නට හැකිනම් මොනම ප්‍රශ්නයක්‌වත් නැහැ. මෙතැනට වෙලා දිගටම පොත් ලිය ලියා ඉන්න පුළුවන්. ලේඛකයකුට වෙන මොනවද ඕනෑ…? ඇයි? අර පංචිමා ඉන්නෙ· සියලු රස සම්පූර්ණ කරන ගැහැනිය.

උපසේන සිතුවිල්ලෙන් මිදුණේ දොර හැරගෙන ඌනෝ කාමරයට ඇතුළු වූ බැවිනි. ඌනෝ ඉදිරියේ නිරුවත වසාගන්නට තරම්වත් උපසේනට නොසිතුණි.

“සර්…”

“ම්?”

“අපේ බොස්‌ සර්ට ඇවිත් කන්න කිව්වා. ආයෙත් කෑම ලැබෙන කොට ගොඩක්‌ රෑ වේවි.”

“ම්. දැන් කීයද ඌනෝ වෙලාව?”

මං හිතන්නේ තුනට කිට්‌ටුයි.”

“ඇත්තට? මං එච්චරක්‌ වෙලා නිදියගත්තද?”

“නිදිය ගත්තද මං දන්නෙ නෑ” ඌනෝ කපටි ලෙස සිනාසුණේය. “එච්චර වෙලා කාමරේ හිටිය වගනම් අපි දන්නවා”.

“කෝ පංචිමා?”

“අද රෑ උත්සවේට ලැහැස්‌ති වෙනවා.”

“මොනවද ඔච්චර ලැහැස්‌ති වෙන්න තියෙන්නේa?”

“අනේ මන්දා ලැහැස්‌ති වෙනවා. හෙට ඉතිං එළිවෙනකල් පාටි·”

“මං අද රෑම යන්න ඕනෑ ඌනෝ”

“අද රෑ කවුරුවත් කොහේවත් යන්නෙ නෑඃ”

“ඇයි එන අමුත්තො?”

“එළිවෙන්න කිට්‌ටුව යාවි.”

“මාත් එතකොට යනවා”

“හාං” කී ඌනෝ ඇඳ වෙතට පැමිණ රෙදි කඩකින් උපසේනගේ නිරුවත වැසුවේය.

“ඌනෝ”

“ඔව්. සර්.”

“ඌනෝ මෙහේ ඇවිත් ටිකක්‌ කල්නෙ?”

“ඔව් සර්.”

“ඌනෝගෙ ගෙවල් කොහෙද?”

“මෙහෙම තමයි සර්..”

“නෑ මං ඇහුවෙ.. මෙහෙට එන්න කලිං උපන් ගම එහෙම?”

“ආං මං උන්නෙ මහනුවර – සර්”

“එතකොට මෙහාට ආවෙ…?”

“කතරගම ගියා සර්. බාරයක්‌ ඔප්පු කරන්න.”

“ඉතිං බාරෙ ඔප්පු කළාද?”

“ඔව් සර්. බාරෙ ඔප්පු කරල එනිං ගමන.. ” කී ඌනෝ මඳකට කතාව නවතා කවුළුවෙන් පිටත බලමින් ඒ දිසාවට පිය මැන්නේය.

“ඌනෝ·”

“ඔව්.. සර්.” කියමින් ඌනෝ යළි උපසේනගේ ඇඳ අතට හැරුණේය.

“මොකක්‌ද බාරේ?”

“මට රස්‌සාවක්‌ හරි යන්න කියලා සර්”

“ඉතිං රස්‌සාවක්‌ හම්බ වුණාද?

“ඒකනෙ බාරෙ ඔප්පු කරන්න ගියෙ සර්”

“කොහේද රස්‌සාව?”

“නුවරම – ලොකු වත්තක”

“ඉතිං?”

“මං බාරෙ ඔප්පු කරන්න ආවා. එනිං ගමන” කී ඌනෝ යළිත් කවුළුවෙන් පිටත බැලුවේය.

“මේ මිනිහගේ එංජිම දැන් දෙසැරයක්‌ම එනිං ගමන කියල නැවතුණා” උපසේනට සිතුණි.

“ඉතිං? එනිං ගමන. මොකද වුණේ…”

“මං හෝටලේක නැවතුනා. හවස තේ වතුරට”

“කොහේද?”

“ගඟසිරි හෝටලේ”

“කළුතර?”

“ඔව්. සර්”

අරුමයක්‌ නෙවෙයි. ඌනොත්. තමා මෙන්ම පංචිමා මෙන්ම අර පින්ටා හා ඇල්පි මෙන්ම ගඟසිරි හෝටලයට ගොඩවැදුණු අයයි. ඒක කාලිංග මිනිස්‌සුන්ව දැපනෙ දාගන්න “ස්‌පොට්‌” එක වෙන්නැති.

උපසේනට යළි සිහිපත් වූයේ තමා ගඟසිරි හෝටලයේ හිඳ සිටි ආකාරයයි. මෙතැන පැටන් එකක්‌ තියෙනවා. ඔහුට සිතුනි. මෑත අතීතයක කිමිදෙමින් උපසේන ඇඳෙන් නැඟිට තම කලිසම හැඳ ගත්තේය.

“ඌනෝ මගේ බෑග් එක කොහේද?”

“මං දන්නෙ කොහොමද?”

ඌනෝගේ කටහඬට නොරිස්‌සුම එක්‌විය. මේ මිනිහව තරහා කරගෙන බෑ. යාප්පුවෙන් ඉන්න ඕනෑ.

“ඌනෝ….”

“ම්?”

“ඌනෝට කාලිංග බොස්‌ව හම්බ වුණේa එතකොට ගඟසිරි හෝටලයේදී”

“ඔව් සර් මට තේ අරං දීලා මෙහෙ එන්න කිව්වා මේ ජොබ් එක දුන්නා”.

“ඉතිං ඌනෝට නුවර යන්න හිතෙන්නෙ නැද්ද?”

“කොහේද?”

“නුවර?”

“නුවර?” ආං නුවර ගිය කාලයක්‌ මතක නෑ සර්”

“නෑ මං ඇහුවෙ. යන්න හිතෙන්නෙ නැද්ද?”

“කොහෙද සර්? මේ වැඩ අස්‌සෙ? අනෙක එහේ දැන් මං අඳුරන කවුරුවත්ම නෑ.”

“ඇයි පවුලෙ උදවිය?”

“පවුලක්‌ නෑ”

“දෙමාපියො?”

“අම්ම ඉඳල මැරිල ගියා”

“එහෙම ද ?”

මේ මිනිහාගෙන් ලබාගත හැකි පිළිතුරක්‌ තොරතුරක්‌ නෑ. මේ මිනිහත් මා වගේම මේ මකුළු දැලේ පැටලුණ මිනිහෙක්‌. සාරය වැය වුණ මිනිහෙක්‌. උපසේන ඌනෝව අමතක කරමින් නාන කාමරයට වැදුණෝය. සුළු දිය මුදා හැරිය ඔහු වතුර මල යට සිටගත්තේ කලිසම උනා බෝල කූඩුවේ එල්ලමිනි. පව් සෝදා හරින්නට මෙන් ඔහු ඇති තරම් නෑවේය.

කාලිංගට ඕනෑ ඕනෑ වෙලාවට තමා ආහාර බුදින්නේ මොන එහෙකටද? පහළට එන්න කිව්වේ කන්න.. ඕනෑ තරම් වෙලා බලා හිටපුවාදෙන්. යෑයි සිතමින් උපසේන හිතේ හැටියට නෑවේය.

ඔහු නාන කාමරයෙන් පිටතට එනවිට, ඌනෝ කාමරයේ නොවීය. උපසේන යළි ඇඳුම් හැඳගෙන දොර විවර කරගෙන පහත මාලයට ආවේය.

කෑම ශාලාවේ කාලිංග නොවීය. ක්‌වාට්‌රෝ පමණක්‌ ලොකු මේසය අසළ සිටගෙන සිටියේය. උපසේනව දකිත්ම ක්‌වාට්‌රෝ මේසය මත මුනින් නවා තිබූ වේවැල් වට්‌ටිය ඉවත් කළේය. ඒ යට වූයේ බත්, මාළු පිණි සහිත කුඩා බඳුන්ය. උපසේන මෙයට පෙර වතාවන්හි හිඳගත් තැන හිස්‌ පිඟානක්‌ තබා තිබිණි. ක්‌වාට්‌රෝ උපසේනට හිඳගන්නට පුටුව මෑත් කර පෑවේය.

කෑම සුවඳත් සමඟ උපසේනගේ බඩගින්න අලුත් විය. ඔහු බත් බෙදා ගන්නා අතරේ ක්‌වාට්‌රෝ වෙන වතාවන්හි කාලිංග හිඳගත් පුටුව පිටුපස සිට ගත්තේය.

“ක්‌වාට්‌රෝ” වීදුරු පාත්‍රයෙන් අත සෝදා ගනිමින් උපසේන කතා කළේය.”

“ම්?”

“කෝ කාලිංග මහත්තයා”

“දන්නෑ සර්”

“අර ගහ කපන්න පුළුවන් වුණාද?”

“දන්නෑ සර්”

“අද පාටියක්‌ද?”

“ඔව් සර්..”

“ක්‌වාට්‌රො ඉතිං මොකද කරන්නෙ?”

“අපිට හොඳයි සර්”

කී ක්‌වාට්‌රො මේසය ළඟින් ඉවත්ව මුළුතැන් ගෙයට යන දොරෙන් අතුරුදන් විය.

“මුන් පුදුම සේවකයෝ ජාතියක්‌.” උපසේන කන අතරේ සිතුවේය. “හැබැයි ඉතිං කොහෙත් මෙහෙම තමයි. වැඩ කරන ඔවුන් දෙකට තුනට නැමිල වැඩ කරනවා. යටහත් පහත්ව කීකරුව. සේරම තුට්‌ටු දෙකකට ඒත් මේ යක්‌කුන්ට තුට්‌ටුවක්‌වත් ලැබෙනවද මන්දා· එතකොට අර මඩුවල ඉන්න තිරිසන්නු වගේ මිනිස්‌සු? මේකෙ පර්යේෂණ අංශයක්‌ තියෙනවද?

කාලිංග මේ බලය ලබා ගත්තේ කෙසේ වන්නට ඇත්දැයි උපසේන සිතුවේය. තමා ඔහු වෙත ඇදී ගියේ කිව නොහෙන ආකර්ෂණයකිනි. කාලිංග මන්තර ගුරුකම් දන්නවා වන්නට ඇතැයි උපසේනට අනතුරුව සිතුනි. මේ කෑමවල මොනවත් දාලා ඇතිද? අනතුරුව ඔහු තුළ අනුමානයක්‌ විය. කෑම නවතාලන්නට ඔහුට මොහොතකට සිතුණි. එහෙත් කුසගින්න අධිකය. කෑම ඉතා රසය… නෑ.. ට්‌රේසා මේවට මොනවා දාන්නද? ට්‌රේසා ගමේ ගොඩේ ගැණියෙක්‌. ඒකිත් මෙතැන්ට ඇවිත් වැටුණෙත් ගඟසිරි හෝටලයෙන් ද? වෙන්නත් ඇති.

උපසේන තවත් බත් කටක්‌ කෑවේය. මේ කෑම ජීවං කර තිබුණත් දැන් ඉතින් පමා වැඩිය. තමා දැන් වේල් කීයක්‌ කෑවාද තමා ආවේ කවදාද? ඊයේ හවස – එතැන් පටන් ඇත්තෙන්ම කාලය කල්පයක්‌ ගත වුණාක්‌ වැනිය.

සමාප්තයි..!

භද්‍රජි මහින්ද ජයතිලක

ඉරිදා දිවයින පුවත්පතේ පළවූ සතිපතා කතාවකී

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.