Katha Ahura

අන්ධකාරයේ යක්ෂයා|අටවෙනි කොටස| හොල්මන් කතා

කතාව කොහොමද?

?️ අන්ධකාරයේ යක්ෂයා
අටවන කොටස

“යමුද බලන්න…………”

“වරෙන් වරෙන් ”

ජගතුයි රුවනුයි කාටවත් ඇහැරවන්නේ නැතුවම පහලට බලන්න යන්නයි කල්පනාව………ඒත් මේ දෙන්නටම මතක නෑ ඉන්නෙ කොහෙද මොනාද කරන්නෙ කියලා……හිමින් හිමින් දොර ලගට ගිහින් දොරත් ඇරියා……………….

“යන්නෙපා……………….”

රුවන්ගෙ කන ලගින් හිමීට කොදුරනවා රුවන්ට යන්තමට වගේ ඇහුනා………..

“ජග්ගෝ නැවතියන්………..”

“කවුද කවුද බං මට යන්නෙපා කිව්වා……..”

“මොකක් උබට පිස්සුද වරෙන් මෙහෙ ………”

“අ………..හ්……….ඔයා යනවද………ආ………..හ්”

ආයෙමත් ඒ කෙදිරිලි හඩ රුවන්ගෙ කන් ලගින්ම ඇසුනා…….ඒක හරිම සරාගි හඩක් රුවන් මත් වෙලා වගෙ හිටගන එතනම ඉන්නවා………….

“ඔයා……….ඔයා ඔහොම්මම………නිදා ගන්න………….මට ඔයා ලගට එන්න ඕන……….කෝ නිදාගන්න…….”

රුවන්ගෙ කන ලගින් ඇහුනු ඒ සරාගී කාන්තා කටහඩට රුවන් වශී වෙලා වගේ එහෙම්ම ආපහු කැම්බල් එක උඩට වැටුනා……..

“තොට බැයිනම් හිටපන් මං යනවා………..”

ජගත් හිමින් හිමින් අනිත් කාමර පහු කරන් තරප්පු පේලිය දිගේ පහලට බහිනවා………..

“ආ……….හ්……………ආ……………..හ්හ්……………හි…………හි………..හී………………උ…………ඌ……………හූ…………..ඌ…………..”

තරප්පු පේලිය බැහැලා ඒ සද්දේ එන කාමරය පැත්තට යද්දියි ඇහුනේ ඒ සරාගී කට හට මහ විලාප හඩක් නගනවා………

කවුරු හරි හොරෙන් බංගලාවෙ ඉන්නවවත්ද ඒත් මෙච්චර යටි ගිරියෙන් කෑ ගගහා……………

?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️

“හා…………හ්………………”

“ඊ………………….යාආ……………………………………………………………………………………”

රිතූගෙ කෑ ගැහැල්ලිට ඔක්කොමල්ලා උඩ ගිහින් ඇහැරුනා…………..

“මොකද හු#$& උදේ පාන්දර බෙරිහන් දෙන්නේ……………”

“අර බලන්නකෝ රුවන්ගෙ ඇගේ ඇදුම් නෑ………….”

“අඩේ චමෝ ඔය බෙට් ශීට් එක වහපන්”

චමෝ බෙට් ශීට් එක වහනවත් එක්කම රුවන් චමෝව බදාගත්තේ හරියට උදේම…., බැදලා ඉන්න ජෝඩුවක් වගේ

“මොකද හු#$% කරන්නේ අයින් වෙයන්……..ඔය ෂෝටෙ ඇදගනින්……..”

“හ්ම්………….හා…..”

කට්ටියම නැගිටලා උදේට කන්නෙත් නැතුවම උඩ තට්ටුව අස් කරන්නයි ලෑස්තිය……..

“මේ කට්ටියම යමු කුස්සියට………රවියා ඔය සිලින්ඩරේ ගනින්…….රුවන් උබ ගෑස් ලිප ගනින්……..චමෝ වරෙන් අපි දෙන්නා මේ බඩු ටික ගමු………”

“හා සිතුමෝ මේ මොකුත් නැද්ද සප්පායම් වෙන්න………”

“අහා බෙබෝ ඒවා පස්සේ…………මෙහෙ වරෙන් දැන්……….කෙල්ලනේ වරෙල්ලා……..”

කට්ටියම බඩුත් අරන් කාමරෙන් ආවෙ කුස්සියට……මුලින්ම කුස්සිය අස් කරන්න හිතුනේ නැත්තන් කෑමක් වත් හදා ගන්න බැරි වෙන නිසයි………

“මචං මේකේ බඩු ඔක්කොම තියනවනේ……….”

ලොකු පෝරනයකුයි,මේසේයක්,පැන්ට්‍රි කබඩ් වල බඩු,පිගන් කෝප්ප කුස්සියකට ඕන කරන හැම දේම මෙතන තිබුනා……..

“සමහර විට උඩ එක කොටසක් කුලියට දෙන්න ඇති බං….ඒකේ තිබුනු බඩු වෙන්නැති……..”

“මගෙ රිතූගේ පිගාන,මගෙ පිගාන”

එහෙම කිවුව රුවන් පිගන් රාක්කේ ලගට ගිහින් ලස්සන වීදුරු පිගන් දෙකක් අතට ගත්ත

“හැ උබේ රිතූ…………උබට පිස්සු හැදිලද රුවන්…………”

රුවන් පිගන් දෙකත් පැත්තකින් තියල ගියෙ සාලිය ලගට රතු වෙන ඇස් වලින් බල බල රුවන් කෙලින්ම අල්ලගත්තේ සාලියගෙ ශර්ට් එක……

“මොකද යකෝ මගෙ නැත්තන් උබේද ඈ උබේද කියපන්”

රුවන් කවදාවත් මෙහෙම හැසිරෙනවා කවුරුත්ම දැකල නෑ…..කොටින්ම කිවුවොත් ලගම ඉන්න චමෝද් වත් කිසිම දවසක රුවන් මේ විදියට ඉන්නවා දැකලා නෑ………..

“මේ මේ අයින් වෙයන් රුවන් අයින් වෙයන්…….හරි හරි මේවා උබෙයි රිතූගෙයි අපිට මේවා එපා……….දැන් වරෙව් මේක අස් කරන්න……..”

හරියට පොඩි එකෙක් රවටන්න වගේ සිතුම් රුවන්ව රවට්ටලා පැත්තකට කලා……

“මේවා ඔක්කොම මගේ……..වලන් තියනවා අර අර අතන……..ගෑස් එපා මං දර ලිපේ කන්න ආස ඔයා දන්නවනේ රිතූ………මට දර ලිපේ උයපු ඔයාගේ කෑම කන්න ඕන……..ගොඩක් ගොඩක් කාලෙකින් කෑවෙ නෑ…….ආසයි ඔයාලා ඔයාලා මගෙ බඩු ඔක්කොම පාවිච්චි කරන්න කමක් නෑ……..අපේ කාමරේට යන්නෙපා……….ගියොත් ගියොත් මං මං කැමති නෑ……..යන්නෙපා…….හරිද…..”

රුවන් උමතුවෙන් වගේ කියවනවා……….රිතූ කියලා කතා කලාට රිතූ දිහා බලන් නෙමෙයි කතා කරන්නෙත් ……කට්ටියටම තේරුනා රුවන් ඉන්නෙ හොදින් නෙමෙයි කියලා…….

? sachini kavindya

????????????????

මොකද හිතන්නේ රුවන්ට මොනා වෙලා ඇද්ද රිතූ කිය්ලා කතා කලේ රිතූට නෙමෙයි නම් කාටද…………..මේ බඩු රුවන්ගෙ වෙන්නෙ කොහොමද……………???

එක්කෙනෙක් අඩුයි මෙයාලගෙන් එ කවුද එයාට මොකද උනේ,මේවා දැන ගන්නනම් දිගටම මාත් එක්ක ඉන්න වෙවි ඔන්න……?

6 thoughts on “අන්ධකාරයේ යක්ෂයා|අටවෙනි කොටස| හොල්මන් කතා”

  1. ?K.Kanchana Damayanthi?

    අඩේ රුවන්ගෙ ඇගේ හොල්මනක් නේද… ??

    සිතුම්ද අඩු…. කතාව එල…

    1. හෙට බලන්නකෝ……..ලමයිනේ හිතුවට වඩා කතාව දික් උනා ඒකට සොරි දිග කොටස් ටිකක් දාලා ඉක්මනින් කතාව කතව ඉවර කරන්නම් හොදේ………….???

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.