Katha Ahura

හිතුවක්කාරයෝ |තෙවැනි දිගහැරුම |ත්‍රාසජනක කතා

3.3/5 - (7 votes)

තෙවැනි දිගහැරුම

මං දැක්කෙ සදුන්ගෙ අතේ තියෙන සුදුපාට චූටි චූටි කොල කෑලි ටික…මූ අපි යන පාර දිගට තැන් තැන් වල හල හල යනවා..

” මොකද්ද සදුන් ඔයා ඔය කරන්නෙ …ආ…ඔයා පරිසරය දූශනය කරනවනෙ…කවුරුවත් දැක්කොත් ඔයාට දඩත් ගහයි…” මං කිව්වෙ ඇත්තටම මේ සුන්දර පරිසරය ඔය අනන් මනන් දාලා අපවිත්‍ර කරන එක නරක වැඩක් හින්දා….ඒ පාර මං එහෙම කිව්ව හැටියෙ කොල්ලො ටික බක බක ගගා හිනාවෙන්න ගත්තා..මුන්ට මහ දවල් මහසෝනාවත් ගහලාද…

” අනේ වැස්සියෙ…මේවා දිරාපත් වෙන කාබනික ද්‍රව්‍ය ….පරිසර දූෂණයක් වෙන්නෑ…අනික..මෙහෙම හරි නොදැම්මොත් අපි කොහොමද බං යද්දි පාර හොයාගන්නෙ…..අනික බං….කවුරු දකින්නද…අපි විතරනෙ මේ හරියෙ ඉන්නෙ…අනේ ගොන් නෑම්බි..හූ….” ඌ හූ තිය තිය හිනාවෙනවා..මට නං කේන්තියි…හැබැයි සදුන් කියන කතාවත් ඇත්ත තමා…

අපි යන හරියෙ තිබ්බා ලස්සනම ලස්සන ලොකූ ගහක්..ඒකෙ බඳ කලුම කලු පාටයි…කදේ හරියට දියසෙවෙල් බැදිලා…ඒකෙ අතු හැමපැත්තටම විහිදිලා වියනක් වගේ හැදිලා තිබුනෙ….කට්ටියම කටවල් ඇරන් ගහ දිහා බලා හිටියෙ..

” අප්පට…ගමු යකෝ සෙල්ෆියක්…” සදුන් එහෙම කිව්වා…මොකක්..සෙල්ෆි ගන්න…සෙල්ෆි ගන්නෙ කොහොමද අපි කැලේට phone අරන් ආවෙ නෑනෙ…හිත හිතම මං කොල්ලො සෙට් එක දිහා බලද්දි මං දැක්කෙ මොකද්ද …හයියෝ…ශිට්…සදුන් කලිසම අස්සෙ තියලා එලියට ගත්තෙ උගෙ touch phone එක…ඒ වගේ කට්ටියම තම තමන්ගෙ යට කලිසම් අස්සෙන් phone ටික ශේප් එකේ එලියට ගනිද්දි අපි තුන් දෙනා ඒ දිහා බලාහිටියෙ පුදුමයෙන් වගේම හරිම අප්පිරියාවෙන්..

” ඊ……යා…..” අපි තුන්දෙනාටම එහෙම කියවුනා…ඇත්තටම ඒක මහ අප්‍රසන්න දෙයක්..අපිත් මොකට මේ මෝඩ රැල එක්ක ආවද මංදා…

” ඊයා කියන්නෙ යකෝ….ලෝකෙ ආරක්ශිතම තැන…මේ පේන්නැද්ද…නැත්තං අරුන්ට හොරෙන් කොහොමද photo එකක් වත් ගහන්න phone එක ගේන්නෙ….” සදුන් කිව්වා..

” ඒකනෙ කිව්වෙ බං මේ කෙල්ලො හරියන්නෑ අපි එක්ක යන්න…” ශාක්‍ය කිව්වෙ නහයෙන් අඩලා..

” හරි හරි දැන් නවත්තගනින්….” රහල් එහෙම කියලා ඒක ශේප් කරා..කට්ටියම ගහ වටේ ඉදගෙන සෙල්ෆි ගහනවා..මායි මගේ යාලුවො දෙන්නයි ඒ දිහා බලන් කෙල හල හල හිටියෙ…ඇයි ඉතින් අපිට phone නෑනෙ….

” උබලත් ඉතින් වරෙන්….” නිර්වාන් අඩගැහුවෙ අපිට..කියනකන්මයි හිටියෙ අපිත්…කිව්ව සැනින්ම අපි තුන් දෙනත් ඒ සෙට් එකට එකතු උනා…. එහෙට මෙහෙට කුනු මාලු කෑල්ල වගේ ඇදිලා යද්දි එක එකා ලග ඉදලා photo වලට පෙනී හිටියා..රහලුත් මගේ කරට අත දාලා සෙල්ෆි දෙකතුනක් ගත්තා..

” ඒයි සදුනා…අපි දෙන්නාගෙ photo එකක් ගනින්කො…ආ…” එහෙම කියලා රහල් එයාගෙ අතේ තිබ්බ ෆෝන් එක සදුන්ගෙ අතට විසි කලා..කට්ටියම ගහ ගාවින් යද්දි රහල් මාව තියාගත්තෙ photo එකක් ගන්න..මට නං ලැජ්ජාවේ බෑ…ඒත් මොනා කරන්නද…මෙයා ලග ඉන්න හිතේ සියුම් ආසාවක් තියෙන හින්දම මුකුත් නොකියා හිටියා මං….රහල් එක්ක ගහේ කදට හේත්තුවක් දාලා හිටියෙ මං..රහල් මගේ කර වටේ අතක් දාගත්තෙ මං ගැස්සිලා ගියත් මගේ හිතේ තිගැස්ම පිටට පෙන්නුවෙ නෑ….කට්ටියම අපි ඉස්සරහට වෙලා අපිව photo ගහනවා…ශික්..ලැජ්ජාවේ බෑ…

” ඉක්මන්ට ගනින් බං…මේ දියසෙවෙල් ගෑවෙනවා ඇගේ….” රහල් එහෙම කියද්දිම මෙච්චර වෙලා හිකි හිකි ගගා හිනා උන කට්ටිය එකපාරටම නිශ්ශබ්ද උනා..සැහැසියි නිම්සරායි ඇස් ලොකු කරලා බයෙන් බයෙන් අපි දිහා බැලුවෙ…මුන් මොකෝ මේ අපි දිහා බයෙන් බයෙන් බලා ඉන්නෙ..හිත හිතම මං බැලුවෙ රහල් දිහා..එයත් මං දිහා පුදුමයෙන් වගේ බැලුවෙ හිතාගන්න බැරුව..

” සදුන්….හු@$%…මොකෝ බං…ගහපන් අපේ photo එකක්….” රහල් කේන්තියෙන් එහෙම කිව්වත් උන් සේරම ගල් වෙලා වගේ අපි දිහා බලා හිටියෙ..

” ම…ම..මචං…” දෙනුවන් ගොතගහන්න ගත්තා..

” අඩෝ…හෙලවෙන්න එපා…ගහ දිගේ පහලට සර්පයෙක් බඩගානවා…” ශාක්‍ය කිව්වෙ හෙලවෙන්නෙවත් නැතුව බයෙන් බයෙන්..මොකක්…මොන ගහ දිගේද…දෙයියනේ ..අපි හේත්තු වෙලා ඉන්න ගහ දිගේද..මං වෙව්ලන්න ගත්තෙ බයෙන් බයෙන්…

” මොකද්ද යකෝ කියවන්නෙ…” රහල් එහෙම අහද්දි මං හිමින් හිමින් ඔලුව උස්සලා බැලුවෙ ගහ දිහා…

” හෙලවෙන්නෙපා යකෝ…ඌ..කුණ කටුවෙක්…” සදුන්ද කොහෙද කියනවා ඇහුනා..ඇත්තම තමා..ඔලුව උස්සලා ගහ දිහා බලපු මං දැක්කෙ…කොලම කොල පාට තරමක මහත සර්පයෙක් අපි කෙලින්ම උඩ ගහ දිගේ අපි දිහාට බඩගානවා ….

” හෑ…..” ඒක දැක්ක හැටියෙ මට එකපාරටම කෑගැස්සුනා…රහල්වත් අල්ලගෙන ගහෙන් එහාට පැන්නෙ හරියට වදුරෙක් වගේ…ගහෙන් අඩි දෙක තුනක් එහාට දුවලා ගිහින් මං බැලුවෙ ආයෙම ගහ දිහා….ඒත් මං බලද්දි ගහ දිගේ බඩගාපු ඒ සර්පයා ගහේ හිටියෙ නෑ..මේ තත්පරේට ඌ කොහෙ ගිහින්ද…

” ඔන්න යකෝ දුවපා…….න්….ඌ අපිව එලවනවා…” ගහ ලගම හිටපු සදුන් කෑගහගෙන අපිව පාස් කරලා දිව්වා…එතකොට තමා මාත් දැක්කෙ…මායි රහලුයි ගහ ලගින් මෙහාට එනවත් එක්කම සර්පයත් ගහෙන් බිමට බඩගාලා ඒ ඩිංගට…බිම විසිරිලා තිබ්බ තෙත කොලරොඩු අතරින් අපි දැක්කෙ ඒ ටිකක් මහත දිග කොලපාට සර්පයා අපි ඉන්න දිහාට ඇදෙනවා.

” ආ….” කට්ටියම කෑගහගෙනම දුවන්න ගත්තෙ සදුන් පස්සෙන්…රහල් මාවත් අල්ලගෙන ඉස්සරහට දිව්වෙ…අනිත් කට්ටියම අපි ඉස්සරහින් දුවනවා ..මාත් පස්ස බල බල දිව්වෙ ඒ සර්පයත් තරමක වේගයෙන් බිම දිගේ බඩගාගෙන අපිව පන්නනවා..ටික දුරක් ගිහින් නැවතිලා බැලින්නං සර්පයා පේන්නවත් නෑ…හැබැයි දැන්නං වටේ ටික ටික කලුවර වෙලා තියෙන්නෙ….මහ විසාල රූස්ස ගස් වල කොල වලින් අහසින් වැටෙන හිරු එලිය නවත්තලා තියෙනවා…අපි නැවතිලා කට්ටියම හති ඇරියෙ හිනා වෙවී..

” අයියෝ බං…මොකද්ද බං උනේ..මාර ජොලි වැඩේ බං..හහ් හහ් හා….” සදුන් හයියෙන් හිනාවෙවී කියෝනවා..හිනා තමා..හදිස්සියෙවත් ඌ ගහ ලගදි අපේ ඇගට පැන්නනං එහෙමි…අම්මෝ…

” ජොලි තමා…හු…උබ ගෑනි වගේ කෑගගහා දුවපු හැටි…..ඊයා ..” නිර්වාන් සදුන්ට එහෙම කිය කිය හිනා උනා…කට්ටියම අපිට වෙච්ච ඇබැද්දිය ගැන හිත හිතම හිනා උනා…

” යමං යමං…දැන් 12ටත් කිට්ටුයි….” ශාක්‍ය එහෙම කියද්දියි මටත් වෙලාව බැලුනෙ…ඔව්මයි..දැන් 11.30යි වෙලාව…ඉක්මන්ට වෙලාව ගිහින්නෙ…කට්ටියම ආයෙම ටික ටික ඉස්සරහට ගියේ වටපිට බල බල….

” ආහ්..මොකද්ද ඒ සද්දෙ…..” එකපාරටම මට ඇහුනෙ මහ අමුතු සද්දයක්..බයටම මං ලගින් යමින් හිටිය දෙනුවන්ව මං බදාගත්තෙ වටපිට බල බල..

” යකෝ…ඒ වදුරෙක් නෙ…” දෙනුවන් කිව්වෙ හිනාවෙවී..අම්මෝ…ඔව් මයි නෙහ්..ඒ වදුරෙක්ගෙ සද්දෙ තමා…වටපිට බලද්දි මං දැක්කෙ ගස් උඩ ඉන්න වදුරො දෙතුන් දෙනෙක්…අලු පාටයි උන්…අපි සාමාන්‍යයෙන් දකින වදුරො වගේ නෙවේ..හරි අමුතුයි උන්…උන් අපි දිහා බලාගෙන කෑගහනවා…මං බයෙන් බයෙන් දෙනුවන්ගෙ ඇගේ එල්ලිලා ඉස්සරහට ඇවිදන් ගියේ ගස් උඩ බල බල..කොයි වෙලේ මුන් මගෙ ඇග උඩට පනීදෝ කියලා හිත හිත ගියේ…මගේ අතිජාත මිතුරියො දෙන්නානං ආයෙ මං උන්නාද මළාද දන්නෑ…සදුනුයි ශාක්‍යයි එක්ක කයියක් ගගහා යනවා ඉස්සරහින්ම..

” ද්…දෙ..දෙයියා..උබ ..උබ පලයං ඉස්සරහින්…” එකපාරටම මං ඉස්සරහින් යමින් හිටිය රහල් කිව්වෙ දෙනුවන්ට…මං වදුරන්ට බයේ දෙනුවන්ගෙ අතේ එල්ලිලා යනවා රහල් දකින්නැති.කොල්ලාගෙ මූණ ඊර්ෂ්‍යාවෙන් පිරිලා…ආව් ආව්..

” තියාගනින් උබේ කුමාරිකාව..මට එපා…” එහෙම කියාගෙන දෙනුවන් ඉස්සර වෙද්දි රහල් මාත් එක්කම වගේ යන්න මගේ එහාපැත්තට ආවා..

” ඒ අලු වදුරා…සිංහරාජෙට ආවේනික ක්ෂීරපායි සතෙක්…” රහල් යනගමන් කියවනවා..මාත් අහගෙන යනවා…ඒත් මගේ ඇස් තිබ්බෙම ගහකොල ලග….ටික දුරක් ඉස්සරහට යද්දි එකපාරටම මගේ පිටට මොකෙද්දෝ මංදා පනිනවා තේරුනා…

” හෑ…අනේහ්…මාව බේරගන්න….” මං කෑගහගෙන ඉස්සරහට ගියේ බයෙන් බයෙන්..මං හිතුවත් වගේ තඩි වදුරෙක් පැනපි මගේ පිටට…බෑග් එක එල්ලන් නිසා ඌ එල්ලුනේ බෑග් එකේ උනත් ඒ අත්වලින් මගේ පිට සම්පූර්ණයෙන්ම අල්ලන් හිටියෙ මං කොච්චර එහෙට මෙහෙට හෙලවුනත් ඌ නෙවේ අහකට ගියේ…මං දැක්කෙ මගේ යාලුවො ටිකත් බයවෙලා වගේ බලා ඉන්නවා මා දිහා..

” හෑ….අයියෝ ….” මං කෑගහගෙනම එහෙ මෙහෙ හැරෙද්දි එකපාරටම උනේ මගේ ඉස්සරහට ආපු දෙනුවන්ව පෙරලගෙන මං බිම වැටුන එක….

” අයියෝ…මට බෑ…අනේහ්..මාව බේරගන්න…අයියෝ….මෙන්න මාව කනවෝ….අයියෝ…..” මං මහ හයියෙන් බෙරිහන් දුන්නෙ ඇස් දෙකත් වහගෙන..

” ඒයි….ඇස් අරිනවා…ඌ ගියා…” මට ඇහුනෙ දෙනුවන්ගෙ කටහඩ…ඇත්තම තමයි…දැන් මගේ පිටට බරක් දැනෙන්නෑ….ඒත් මට දැනෙනවා හොද සුවපහසු බවක්..ඒ ඇයි…මං හිමින් සීරුවෙ ඇස් ඇරලා බැලින්නං…දෙයියනේ ..මං ඉන්නෙ දෙනුවන්ගෙ ඇග උඩ වැටිලා…දෙනුවන් මා දිහා බලා ඉන්නවා…පලවෙනි වතාවට ඒ ඇස් මං හරිම ලස්සනට දැක්කෙ..එයා මා දිහා බලා හිටියෙ පුදුමයෙන් ..

” එහාට පලයං බං…උබ බරයි….” දෙනුවන් කෙදිරි ගගා කියවන්න ගත්තා…ඒත් එක්කම මගේ ඇස් වලට ලයිට් එලියක් වැටුනා..ඔලුව හරෝලා බැලින්නං සදුන් අපිව photos ගහනවා හිනාවෙවී..

” ආදි…නැගිටිනවා….” රහල් මාව නැගිට්ටෙව්වා…දෙනුවනුත් කුටු කුටු ගගා නැගිටලා ඇදුම් ගසලා දැම්මා…මට ලැජ්ජාවේ බෑ…වටපිට බලද්දි මං දැක්කෙ එක වදුරෙක්වත් නෑ දැන් වටේ…ජරා සතා…ඌ යන්නැති…ශික්…මාව නිකන් ලැජ්ජාවට පත් උනා…

” ක්..ක්..කෝ..කෝ ඌ…” මං ඇහුවෙ සැහැසිගෙන්..උන් නං හිනාවෙවී බලන් ඉන්නෙ මං දිහා…

” ඔයා වැටෙනවත් එක්කම ඌ පැනලා දිව්වා..අපේ බෑග් වල කෑම සුවදට එන්නැත්තෙ…කොච්චර එපා කිව්වත් මේවට බලන්න එන කට්ටිය හොරෙන් හොරෙන් සත්තුන්ට කෑම දීලා සත්තු ඒ කෑම වලටත් පුරුදු වෙලා තියෙන්නෙ…ඒකයි ඔයාගෙ ඇගට ඌ පනින්නැත්තෙ….ඔයාට තුවාල මුකුත් නෑනෙ…” රහල් ඇහුවෙ මගේ බෑග් එකයි පිටයි දිහා බලලා..

” නැහැ..අම්මෝ…මං බය උන තරං..” මං එහෙම කියලා ආයෙම කට්ටිය එක්ක ඉස්සරහට යන්න ගියා..කවුරුවත් කතා කරන්නෙ නෑ…දෙනුවන් නං හුම් සද්දයක් නෑ.. ටික දුරක් ඔහොම කට්ටියම ඉස්සරහට ගියේ වටපිටාව photos ගගහා…මං නං හොදට වටපිට බල බල ගියේ මට ඉතින් phone එකක් නෑනෙ photos ගහන්න…අපි යන මග දෙපස ලස්සනම ලස්සන මල් පිපිලා තිබුනා…ගොඩක්ම තිබුනෙ රතු පාටයි තැඹිලි පාටයි මල්…මට නං ආසාවේ බෑ…

දැන් නං වෙලාව 12යි..බඩත් ගිනී අප්පා..කකුලුත් රිදෙනවා…ඒ මදිවට කකුල් අමුතු දැවිල්ලයි..මං හති ඇර ඇර එනවා දැකලා රහල් ටිකක් නතර උනා..

” ඔයාගෙ බෑග් එක දෙන්න…මං අරන් යන්නං….” රහල් එහෙම කියාගෙන බලෙන්ම මගේ කරේ තියෙන බෑග් එක අරගත්තා…මට දැනුනෙ එයා ගැන ලොකූ සෙනෙහසක්…

” සද්දයක් එනවා බං….වතුර සද්දයක්…” එකතැන නතර වෙලා සදුන් කිව්වෙ හොදට ඇහුම්කන් දීගෙන..ඔව්මයි..මටත් ඇහෙනවා පොඩි සද්දයක්..

” ඒ දිය ඇල්ලක සද්දයක්…” නිම්සරා කිව්වෙ සතුටින්..ඔව්..ඒක දිය ඇල්ලක සද්දයක් තමයි..කට්ටියම සද්දෙ ඇහෙන දිහාට දුවලා ගියේ හරි සතුටින්..දිය ඇල්ලක් කියන්නෙ ඉතින් මට නං මාරම ආසයි ඒක බලන්න…කට්ටිය එක්කට ගස්කොලන් අතරින් දුවලා ගියේ දිය ඇල්ල හොයාගෙන…

ගස් අතරින් පදුරු අතරින් අන්තිම අපි තැනකට ආවා…කට්ටියම කටත් ඇරන් ඇස් ලොකූ කරන් බලන් හිටියෙ අපි ඉස්සරහ මේ තියෙන එක දිහා…

*****************************

මොකද්ද තියෙන්නෙ…දිය ඇල්ලක්මද…අනේ කතාව කම්මැලිද දන්නෑ…පුලුවන් උපරිම උත්සාහ කරනවා ඉස්සරහට ත්‍රාසජනක අත්දැකීමක් දෙන්න ඔයාලාට..?

M.Ashka Rashmi❤️

3 thoughts on “හිතුවක්කාරයෝ |තෙවැනි දිගහැරුම |ත්‍රාසජනක කතා”

  1. ?K.Kanchana Damayanthi?

    කතාව ලස්සනයි අක්කියෝ .. මාත් පිස්සුවෙන් වගේ කියවන්නෙ.. කම්මැලි නම් නෑ..

  2. ලස්සනම කතාවක්…

    දැන් මට හිත හිතාගන්න බෑ ආදි කැමති දෙනුවන්ට ද රහල් ට ද කියලා…?

    Good luck ?

    2

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.