Katha Ahura

අන්ධකාරයේ යක්ෂයා|දොලොස් වන කොටස|හොල්මන් කතා

2/5 - (3 votes)

 

?️අන්ධකාරයේ යක්ෂයා

දොලොස් වෙනි කොටස

“පාස්වර්ඩ් ඉල්ලනවා නේ”

“ම්ම්ම් ඉන්න මේක ලියන කෙනා කොයි වෙලෙත් රුවන් නෑ ජෙහාන් කියවන රිතූ නම් ෂුවර් එකටම පාස්වර්ඩ් එක ජෙහාන් වෙන්න ඕන……..බලන්න.”

“වාව් මරු සදූ ආ කියවන්න”

පලවෙනි පිටුව)

මේක මගෙයි ඔයාගෙයි ආදරේ පණ…………මගෙ ජෙහාන් i love you මං ඔයාගේ රිතූ………..

“ඊලග පිටු……”

2002/04/17

2001/04/21 මේ දවසෙ තමයි මං ඔයාව දැක්කේ……….මං ස්කෝලේ ඇරිලා එද්දී ඔයා මං ලගින් යාලුවෙක් එක්ක ගිහින් දැකපු දවසෙ ඉදන් අද මේ වෙනකල් අපි දෙන්නා ගොඩක් ආදරේ කලා………..

2002/04/18

අද තමයි මං ඔයාගෙ උනු දවස………..මාව ස්කෝලේ ඇදුම් පිටින්ම ඔයා මාව මේ ගෙදරට එක්ක ආවා……….අපිට අද ඉදන් ඉන්න වෙන්නේ මේ ගෙදර කුලියට අපේ කාටවත් ඔයාගේ කාටවත් අපිව හොයාගන්න ලැබෙන එකක් නෑ…..

මට ගොඩක් සතුටුයි පන මාව ඉක්මන්ට ඔයා ලගට ගත්තට.

2002/04/19

මේ ගෙදර තට්ටු දෙකේ ගෙදරක් අපිට උඩ තට්ටුව දුන්නා කුලියට.මේ ගෙදර නැන්දයි මාමයි හරි අමුතුයි ඒ නැන්දා සුමනා මාමා සමරේ.මම නම් කැමතිම නෑ.කමක් නෑ ඉතින් ජෙහාන්ට ජොබ් එකක් හරි ගියපු ගමන් අපි වෙන ගෙදරකට යනවා.ජෙහාන්ගේ ගිය මාසේ වැඩ කරපු පඩිය අරන් ආපු නිසා එයා මට ඇදුම් ටිකකුයි,කුස්සියට බඩු ටිකකුයි මට කාමරේ ලස්සනට තියා ගන්න බඩු ටිකකුයි ගෙනාවා.මං කාමරේ ලස්සනට හැදුවා….

2002/04/20

මේ ගෙදර හරි අමුතුයි.ඊයේ රෑ මමයි ජෙහානුයි නිදාගන්න ලෑස්ති වෙද්දි කෙදිරි ගාන සද්දයක් ඇහුනා.අපි හිමින් පහලට යන්න පඩි පෙල ලගට ගියා.ඊයා,මෙච්චර වයස වෙලත් මේ ගෙදර ගෑනිගෙයි මිනිහගෙයි විසේ නම් අඩු වෙලා නෑ,දෙන්නගෙම ඇගේ එක නූල් පොටක් නෑ,ඒකත් කාමරේ ඇතුලේ සිද්ද වෙන්න ඕන දේවල් ගේ මැද්දේ සිද්ද වෙනවා.චික් ලැජ්ජ නැද්ද දන්නේ නෑ.ඒක බලගන ඉන්න බැරිම තැන අපි ආවා එන්න එතනින්.

2002/04/21

දැනට ජෙහාන් එක්ක ඇවිත් මං දවස් හතරක් වෙනවා ඒත් තවම ජෙහාන්ටයි මටයි එකතු වෙන්න ලැබුනේ නෑ ඒ කියන්නේ තවම මං කන්‍යාවියක්.අද තමය අපි දෙන්නා එකතු වෙන්නේ.ස් මට කියාගන්න වචන නෑ ඒ තරම් මං ආදරෙයි අපි දෙන්නා යලු වෙලා අදට අවුරුද්දක් අද තමයි මං ඔයාගෙම වෙන්නේ…

අහ් ඒක නෙමෙයි මං අද කඩේට ගියා ඒ වෙලාවෙ තමයි මට මේ දේ ආරංචි උනේ මේ එහා පැත්තෙ ගෙදර නැන්දා තමයි මට මේ දේ කිව්වේ මෙ ගෙදර ගෑනියි,මිනිහයි හරි වනචරයිලු ගෙදර වැඩට කියල පොඩි පිරිමි ලමයෙක් තියන් ඉදලා ඒ ලමයව ගෑනියි මිනිහයි දූශනය කරලම මරලා දැම්මලු ඒත් ඒ ලමයා මැරුවා කියලා කිසිම සාක්ශියක් පොලිසියට හොයාගන්න බැරි උනාලු.

මටත් ගොඩක් පරිස්සමින් ඉන්න කිව්වා ඒ වෙලාවෙ ඉදන් මට ගොඩක් බයයි.ජෙහාන් ඉන්න නිසා ටිකක් බය අඩුයි…එයා මාව තනියම දාලා යන්නේ නෑනේ…ජෙහාන් දැන් නානවා එයා ආව ගමන් මං එයාටමේ දේවල් කියන්න ඕන. දැන් වෙලාවත් රෑ හතයි….. මට නිදහසක් ලැබුනු හැම වෙලේම මං මේ පොතේ හැම දේම ලියන්නේ මට තනි රකින්නේ මේ පොත නිසාම විතරයි…………………..

“අයියෝ ශිට් මෙතනින් එහට නෑනේ මොකුත්”

“අයියෝ සදූ කමක් නෑ දැන් අපි දන්නවා ජෙහාන් කියන්නෙ රිතූ කියන්නේ කවුද කියලා ඒත් කොහොමද මෙයාලා මැරුනේ ”

“මේ රුවී අර පෝන් එක අරන් එන්න ගිහින්”

“මොන”

“ඇයි බං අර කාමරේ තිබුනු පෝන් එක”

“එත් ඒකට බැට්ට්‍රියක්”

“ආහ් මේ බැට්ට්‍රියක් තියනවා රවීගෙ පෝන් එකේ ඒක ඇත්තෙත් කාමරේ උගෙ බෑග් එකේ ”

“මේ සදූ උබම පලයන්”

“හ්ම්ම්ම්ම්”

සදූ පිම්මේ දිව්වේ තරප්පු පේලිය දිගේ පෝන් එක ගේන්න ඒ අතරේ කට්ටිය ආපහු ජනේලේ ලගට ගිහින් මොනාද සිද්ද වෙන්නේ බැලුවා,

ජෙහාන්ගෙ ආත්මය රුවන්ගෙන් කැපිලා පේනවා.ජෙහාන් ජගත්ව අල්ලන් බෙල්ල හිර කරන් මොනවදෝ ලන් වෙලා කියන්වා ඒත් ඒ කිසි දෙයක් අපිට ඇහෙන්නේ නැ ක්ශනිකයෙන් ඒ ආත්ම දෙක උඩ ඉස්සිලා පාවෙන්න ගත්තා.එතනින් එහට අපිට කිසි දෙයක් පෙනුනේ නෑ………..

සදූ දුවගන එනවා අපි ඔක්කොමලා දැක්කා ඒත් ඒ පිටිපස්සෙන් අර එදා අපිට පාරෙ හම්බුනු හොල්මන

“සදූ පිටිපස්ස බලන්න්නැතුව දුවගන එන්න”

සිතුම් එහෙම කිව්වා විතරයි සදූ ඉක්මනින් පිටිපස්ස හැරිලා බැලුවා……….. ච…..ර……….ස්…….. හිතන්නවත් මොහොතක් නොදී ඒ හොල්මන සදූගේ බෙල්ල අල්ලගන ඔලුව අනික් පැත්තට කැරකෙව්වා……සදූගෙ බෙල්ලටමැද්දෙන් ඒ ලේ පිරුනු අත යව්වා යවලා කොන්ඩෙන් ඇදලා බෙල්ල අතට ගත්තා……….

“ස………………………දූ……………………”

සාලිය යටි ගිරියෙන් කෑ ගහගන ඒ පැත්තට දිව්වා….

සදූව මරලා ඔලුව අතට ගත්ත හොල්මන අපි දිහාට එනවා….සදූගේ ඔලුව කොටසෙ කට ඇරිලා සදූගේ කද කොටස තාමත් පන ගැහෙනවා……..ඉස්සරහට දුවන් යන සාලියවත් අල්ලගත්ත හොල්මන සාලියගෙ කට ඇතුලට ලේ පිරුනු අත් දෙක දැම්මා ඒ වෙලාවෙ සදූගේ ඔලුව හොල්මන අතින් අතෑරුනා සදූගේ ඔලුව පඩි පෙල දිගේ රෝල් වෙවී ආවේ ලේ පෙරීගෙන ඇවිත් නැවතුනේ චමෝගේ කකුල් දෙක ලග…………

“බුදු අම්…………………………….මෝ……………….ආ……………………”

චමෝ යටි ගිරියෙන් කෑ ගහගන අපේ අස්සට පැන්නා…..

සාලියගෙන් අල්ල ගත්ත හොල්මන කට දෙපැත්තට වෙන්න ඉරුවා……….හොල්මගෙ ඔලුව එද වගේ වෙන් වෙලා තිබුනේ නෑ පැත්ත්ට කඩන් වැටිලයි තිබුනේ සාලිය වේදනාවේන් කෑ ගහද්දී අපිට සිද්ද උනේ කදුලු පුරවන් ඒ දිහා බලන් ඉන්න විතරයි……….එක මොහොතකින් හොල්මන සාලියගෙ කට ඔලුවත් දෙබෑ වෙන්න දෙකටම ඉරුවා…..ඇස් බෝල ගැලවිලා මොලේත් පේන්නම සාලියව ඉරලා මරලා දැම්ම…………

“හ්…………………….හ…………….හ්……………………හා…………………….හ්………………….හ්……………උ…………………හූ………………හූඌඌඌඌඌඌඌඋ ……………………. සමරේ වරෙන් වරෙන් උබගෙ සුමනා ආවා වරෙන් වරේ…………….න්………….වරෙන් වි…….නෝ………..ද……….වෙමු……….ඉස්සර වගේම…………වරෙන්………….”

හොල්මන වියරුවෙන් කෑ ගහනවා කටදෝ අඩගහනවා…………………චමෝ,රුවී,රිතූ,සිතුම් හතර දෙනා එක පොදියට ගුලි වෙලා ඉන්නවා …………..

“අ…………හ්………හ්……….ඉ………හ්………..ඉ………හි………….අනේ දෙවියනේ අපිව බේරගන්න…….,මුලින්ම සමිත් මරලා දාලා අපි දන්නෙත් නැතුව,ඊලගට රවීව මැරුවා……,දැන් දැන් සදූ සාලිය ඒ දෙන්නවත් මැරුවා අනේහ් අපිවත් මරයිද දෙවියනේ අපිව බේරගන්න………..”

රුවී අඩ අඩ එහෙම කියද්දී සාලේ ලයිට් නිමි නිමී පත්තු වෙන්න ගත්තා……………එක පාරම ලයිට් නැතුවම ගියා පට්ට කරුවලයි………..,

“ච……..චමෝ…………ඔයා……….ඔයා ලග ටෝච් එකක් නැද්ද”

“නැහැනේ හ්………..අ………හ්………සිතුම්…………සදූ අරන් ආපු පෝන් එක වැටුනා ඔතනට අත ගාලා බලපන්”

හැමෝම හිමින් හිමින් අත ගගා පෝන් එක හොයන්න ගත්තා………එක පාරම………එක පරටම රුවීගේ අත ගියේ සදූගෙ වැටුනු ඔලුවෙ කට ඇතුලට……………………………………………………………………………………..

“අ……………………………..හ්……………….ඊ……………………….”

..ඒත් එක්ක්ම ලයිට් ආවා……..ඒත් එක්කම රුවී සදූගේ කටින් අත ඇදලා ගත්තේ කෑ ගහගන…

ලයිට් එද්දි හොල්මන හිටියේ අපි හේත්තු වෙලා හිටිය බිත්තියේ ජනේලේ උඩ

“ආ……………………..ආ…………………..හ්………………”

චමෝද් හයියෙන් කෑ ගැහුවේ හොල්මන දැකල ………ඒ කෑ ගැහිල්ලට ඔක්කොමලා උඩ බැලුවා ඒ ක්ශනිකයෙන් හොල්මන අපි දිහාට පාවෙලා එන්න ගත්තා……….එවෙලෙ නම් බුදු ගුණ කෙසේ වෙතත් වැදි බනවත් මතක් උනේ නැති තරම්………………..

? Sachini kavindya

????????????????

හැමෝම මරලා දාමු නේද??️?️?️ යාලුවෝ මොකද කියන්නේ ??? අනේ ගෙස්ට් එකක් දෙන්නකෝ ……………..???

ඔන්න යාලුවනේ බොහොම අමාරුවෙන් කතාව ඉවරයක් කරන්නයි හදන්නේ………ප්ලෑන් කලාට වඩා ටිකක් වෙනස් කලා අවසානේ මොකද නැත්තන් කතාව තවත් දික් වෙනවා……..ගොඩක් දුරට හෙට කොටසින් කතාව ඉවරයක් කරනවා…………….

9 thoughts on “අන්ධකාරයේ යක්ෂයා|දොලොස් වන කොටස|හොල්මන් කතා”

  1. Priyadarshani

    එපෝ??? ඔය ඉන්න ටික දෙනාවත් බේරගන්න අනේ ඇති දැන් ඔය මැරුව..???
    දැන් කව්ද මෙයාලව බේරගන්නේ අර දෙන්න මැරුනෙ මොනාවෙලාද…
    Good luck ????????

  2. හපෝයි මට න බෑ මිනීමැරුමකට හවුල් වෙන්න….??

    බට් එක්සලන්ට් ස්ටෝරි…..???

    1. ඒ ඔක්කොම දැන ගන්න ලැබෙයි ඉක්මන්ට ම……………………..හැමෝගෙම ලයික් කමෙන්ට් රේට් වලට ගොඩාක් ස්තූතියි ? ????

  3. ?K.Kanchana Damayanthi?

    මේ මන්කිව්ව නේද අලුත් අවුරුද්දෙ මිනිස්සු මරලා පවු පුරා ගන්න එපා කියලා මැට්ටිට….. දැන් මරන එක ස්ටයිල් එක වෙලාබෙ අප්පා….. මරන්න එපා මැණික… ආඅවත් මැරෙයි… කතාව ලස්සනයි…

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.