Katha Ahura

හිතුවක්කාරයෝ |හත්වැනි දිගහැරුම |ත්‍රාසජනක කතා

3.5/5 - (10 votes)

හත්වැනි දිගහැරුම

ගහේ දිරලා ගිහින් වගේ තිබ්බ කදේ දියසෙවෙල් අතරින් මං දැක්කෙ කදේ කොටලා වගේ තිබ්බ ඉංග්‍රීසි අකුරු දෙකක්…හාට් එකක් ඇදලා ඒ මැද කොටලා තිබ්බෙ S+S කියලා…ඕනම කෙනෙක්ට එකපාරක් බැලුවම හොදට පේනවා ඒ අකුරු දෙක…ඒ තරං ලොකුවට පැහැදිලිව ලස්සන්ට කොටලා තියෙන්නෙ…දියසෙවෙල් අතරින් පේන ඒ අකුරු ටික මං අතගෑවෙ දියසෙවෙල් ටික යවන්න….

” මේ බලන්න…ගයිස්…මේහ්….” මං කට්ටියගෙම අවදානය ගත්තා…

” ආහ්..මේ…මේ බලහල්ලකෝ….පුදුමයි …” කොල්ලො ටික කට ඇරගෙන බලන් හිටියෙ ඒ දිහා…පුදුම වෙන්න දෙයක් නං තමයි මේක…මොකද සිංහරාජෙ ඇතුලෙ ගහක කදකට මේ වගේ දෙයක් කරන්න පුලුවන් කාටද…අනික..මේ පැත්තෙ…මේ පැත්තට කාටවත් එන්නත් බැරි එකේ මේ අකුරු ටික කෙටුවෙ කවුද …හැබැයි මොනා උනත් මේ අකුරු අද ඊයෙක කොටපුවා නං නෙවේ….ටිකක් පරණ ඒවා…

” මචං….අපි විතරක් නෙවේ…අපිට කලින් තව අය මෙහෙට ඇවිත් තියෙනවා….මේ බලන්න….හැබැයි..අකුරු වල හැටියට අද ඊයෙක ආපු කට්ටියක් නෙවේ…කාලෙකට කලින් ආපු කට්ටියක් වෙන්නැති…..” ශාක්‍ය එහෙම කියද්දි අපි තුන්දෙනා මූනින් මූණ බලාගත්තා..

” ඒ කියන්නෙ අපි වගේ තවත් අය මේ විදිහට කැලෑ පැනලා තියෙනවා ඉස්සර..නේද….” නිම්සරා කිව්වෙ හිනා වෙවී…

” ඔව්…මේ පේන්නැද්ද…sure එකටම තරුණ එකෙක් වෙන්නැති…නැත්තං මේ වගේ මගුල් කොටයි යෑ ගස් වල…” නිර්වාන් කිව්වෙත් හිනාවෙවී .

” හරි හරි..යමල්ලා…යමල්ලා…” රහල් ඉස්සර උනා…සදුන් ඒ කදේ එතන photos දෙක තුනක් ගහගෙන අපිත් එක්කම ආයෙ එන්න ආවා..ආපු පාරම නෙවේ…ගස්කොලන් අතරින් අපි වෙන පාරක් හදාගත්තා ඉස්සරහට යන්න…

” ම්…S,S…කොල්ලාත් S අකුරෙන් කෙල්ලාත් S අකුරෙන්…මරු නේ බං….” සැහැසි හිනාවෙවී යනවා…

” මෙහෙට ආපු එවුන්ට පාර හොයාගෙන යන්න පුලුවන් උනාද දන්නෑ….” දෙනුවන් ඇහුවෙ යන ගමන්.

” සමහරවිට ඒ වනජීවි අයගෙ වැඩක්ද දන්නෑ..නැත්තං ඉතින් මේ හරියට එහෙමත් කෙනෙක්ට එන්න පුලුවන්ද…” මං කිව්වෙ..

” ඔන්න කිව්වා ගොන් කතාවක් ඉදලා ඉදලා…ඇත්තටම ආදි..තමුසෙ ඇයි ඕයි ඔච්චර ගොන්…වනජීවි එකේ අය ගස්වල කදන් වලට ඔහොම කරයි යෑ බං…අනික..මේ අපි කැලේ පැන්නා වගේ තවත් කවුරුහරි කොල්ලො ටිකක් කැලේ පනින්නැති ඉස්සර…” සදුන් එහෙම කිව්වා…ඇත්ත තමා..ඒ ගැන කල්පනා කරන එක අතෑරලා අපි ටික ටික ඉස්සරහට ආවා…හැබැයි ඒ එන අතරෙ අවට සුන්දරත්වය බලන්නත් අමතක කරේ නෑ….එක එක ජාතියෙ කුරුල්ලො සමනල්ලු හැමතැනම ..හරිම ලස්සනයි…කැලෑ හාවොත් හිටියා අපි ආව හරියෙ…කට්ටියම photos ගගහා හිනා වෙවී කතාකර කර තමයි ඉස්සරහට ඇවිදන් ගියේ …දිය ඇල්ල ලග ඉදලා මට මතක හැටියට මහලොකු දුරක් අපි කැලේ ඇතුල්ට ආවෙ නෑ…ඒත් දැන් කැලේ ඇතුලෙ ඉදලා ඇල්ල ගාවට කියලා ආපස්සට එන්න එන්න අපි ලොකු දුරක් පයින් ආවා…ඒත් දිය ඇල්ලක සද්දයක් නං අපිට තවමත් ආවෙ නං නෑ…

” අනේ බං..දැන් යනවා යනවා යනවා ඉවරයක් නෑනෙ …තාම වතුර සද්දයක් ඇහුන්නෑනෙ අපිට..අපි මේ වැරදි පාරකද බං යන්නෙ…” නිම්සරා ඇහුවෙ හති ඇර ඇර දැන් ගොඩක් හවස් වෙලා තියෙන්නෙ…අවට අදුරුයි සීතලයි…මට නං හරිම මහන්සියි…

” ඔව් බං..මටත් හිතෙන්නෙ අපිට පාර වැරදිලා…” සදුන් එහෙම කිව්වහම මට ඇති උනේ ලොකු බයක්..ඒකෙ තේරුම අපිට අද රෑ මේ කැලේ ඉන්න වෙනවා කියන එකද…අයියෝ…අම්මා බයවෙලා ඇති මං කෝල් එකක්වත් දුන්නෑනෙ…

” අඩෝ…අර…” එකපාරටම කෑගැහුවෙ ශාක්‍ය …අපි කට්ටියම මොකද්ද බලන්න ඌ දිහා බලද්දි මං දැක්කෙ එයා අත දික්කරලා ඉස්සරහ පෙන්නගෙන ඉන්නවා..අපේ සෙට් එකේ ඉස්සරහින්ම ගියේ ශාක්‍ය ..අපි කට්ටිය ශාක්‍ය ලගට කිට්ටු වෙද්දි මං දැක්කෙ අපිට අඩි දෙකතුනක් ඉස්සරහින් තියෙන ගහක අත්තක එල්ලලා තියෙන ටිකක් දිරල වගේ ගියපු බෑග් එකක්..

” බෑග් එකක් නේද ඒ…” රහල් එහෙම කියාගෙන ගහ ලගට ගියේ අඩියට දෙකට..අපිත් එයාගෙ පස්සෙන් ගියේ ගහ ලගට…ගහ එච්චර උස ලොකු ගහක් නෙවේ…අපේ උසට වගේ තියෙන ඒ ගහ වල් ගහක්…ඒකෙ කරුවක එල්ලලා තිබුනෙ රතු නිල් පාට ඉස්කූල් බෑග් එකක්…ටිකක් දිරලා ගිහිල්ලත් වගේ…අපි කට්ටිය පුදුමයෙන් බලා හිටියෙ ඒ දිහා…මේ කැලයක් මැද්දෙන් මේ වගේ දෙයක්..හිතාගන්න පුලුවන්ද ..මේ බෑග් එකේ තේරුම අපිට කලින් මේ කැලේට අපි වගේම තවත් ලමයි ටිකක් ඇවිත් තියෙනවා කියන එකද..හිතේ ප්‍රශ්න ගොඩාක් එකතු උනා..

” බෑග් එකක් කොහෙන්ද බං මේ මූකලානක් මැද්දට …” නිර්වාන් එහෙම කියාගෙනම බෑග් එක එල්ලලා තිබ්බ තැනින් අතට ගත්තා…

” ටිකක් බරයි…බලමු ඇරලා..” එහෙම කියාගෙන නිර්වාන් බෑග් එක ඇරියා…කට්ටියම එයා වටේ එකතුවෙන්න ගත්තා…මාත් ඔලුව දාලා බැලුවෙ බෑග් එකේ මොනාද තියෙන්නෙ බලන්න…

” වතුර බෝතලයකුයි පොත් ටිකකුයි…” නිර්වාන් එහෙම කියාගෙන වතුර බෝතලයකුයි පොත් දෙකකුයි අතට ගත්තා…රහල් පොත් දෙක අතට අරන් පෙරලලා බැලුවා..ඒ පොත් දිරන්නත් ගිහිල්ලා…ගොඩ කාලෙකට කලින් ඒවා වගේ පෙනුම..පිටු පෙරලලා බැලුවත් වැස්සට අහුවෙලා වගේ අකුරු සේරම බොදවෙලා තිබුනෙ…පොතට පිටකවරයක් දාලා තිබ්බත් නමක් වත් හරියට පැහැදිලි නෑ…

” ම්…එස් අකුරින් පටන් ගන්න නමක් තියෙන්නෙ…ඔව්…..එස් අකුරින්….” රහල් කිව්වෙ පිට කවරෙ දිහා හොදට බලාගෙන.එස් අකුරින් පටන් ගන්න නමක්…පොත් එක්ක බෑග් එකක් ..මට නං හිතාගන්නවත් බෑ..මේවා කාගෙද…ඇයි කවුරුවත් තමන්ගෙ බෑග් එකක් කැලේ ඇතුලෙ දාලා යන්නෙ.දෙවියනේ ..ඒකෙ තේරුම කැලේට ආව කවුරු උනත් එයා කැලේ ඇතුලෙ අතරමං වෙලා එයාට කැලෙන් එලියට යන්න බැරිවෙලා කියන එකද..ඒක හිතුනහම මට හීන් දාඩිය දැම්මා…දෙවියනේ ..මේ පැත්තෙන් ගියොත් අපිට බේරිලා යන්න බැරිද ඒ කියන්නෙ… එතකොට ඒ අතරමං වෙච්ච කෙනාට මොනාද වෙන්න ඇත්තෙ…තාම එයා කැලෑවෙ ඉන්නවද…හරියට ටාසන් වගේ..එක එක දේවල් මට හිතෙන්න ගත්තෙ..

” ආආආආආආආආආ …” මුලු කැලේම දෙවනත් කරගෙන කෑගැහුවෙ සැහැසි…නිර්වාන් අල්ලන් ඉන්න බෑග් එක දිහා බලාගෙන එයා කෑගැහුවෙ යටිගිරියෙන් ..හැමෝම ගැස්සිලා ගිහින් එයා දිහා බැලුවෙ පුදුමයෙන් වගේම හොදටම බයවෙලා වගේ.

” මොකෝ බං…මොකෝ කෑගහන්නෙ….” මං ඒකි ලගට ගිහින් ඇහුවෙ උරහිසින් අල්ලලා හොලවලා..එයා කෑගහන එක නතර කරලා මං දිහා බැලුවෙ පුදුමයෙන් ..

” ඒ…ඒ..ඒ සුපුන්ගෙ බෑග් එක…..” සැහැසි කිව්වෙ බයෙන් බයෙන්…මොකක්…සුපුන් ..කවුද ඒ..

” කවුද බං සුපුන් කියන්නෙ….??” දෙනුවන් ඇහුවෙ සැහැසි ලගට එනගමන් පුදුමයෙන් .

” ඒ එදා මේ සිංහරාජෙ කැලේ අතරමං වෙච්ච කොල්ලො තුන් දෙනාගෙන් එක්කෙනෙක්….”

” මොකක්…??” කට්ටියටම එකපාරටම කියවුනා..මොනාද මෙයා මේ කියවන්නෙ…

” අයියෝ ඔයාලා ඒක දන්නැද්ද අනේ…මීට අවුරුද්දකට කලින් වෙච්ච සිද්දිය ….” සැහැසි ඇහුවා…අපි හැමෝම අන්දමන්ද වෙලා වගේ ඔලුවවල් දෙපැත්තට වනලා නෑ කිව්වා..

” අයියෝ…මීට අවුරුද්දකට කලින් සිංහරාජෙ trip එකක් ඇවිල්ලා තියෙනවා ටියුෂන් පංතියක ලමයි ටිකක්….ඒ ලමයි ටිකෙන් කොල්ලො තුන් දෙනෙක් මිසින් වෙලා තියෙනවා…හැමෝම කිව්වෙ ඒ තුන්දෙනා අපි වගේම හොරාට කැලේ පයින්නැති කියලා….ආමි එකෙන් වන ජීවී එකෙන් ඇවිත් කැලේ ඇතුලෙ ඒ අයව හෙව්වත් හම්බෙලා නෑ…ඒ අය කිව්වෙ කැලේ සත්තුන්ට අහුවෙලා මැරිලා යන්නැති කියලා…සතියක් තිස්සෙ හෙව්වත් මුකුත්ම හම්බෙලා නෑ ඒ අයගෙ…කිසිම සාක්ශියක්..ඉතින් අන්තිමේදි ඒ කොල්ලො තුන් දෙනාව හොයන එක අතෑරලා දැම්මා….ඒ තුන් දෙනාගෙන් එක්කෙනෙක්ගෙ නම තමා සුපුන් කියන්නෙ…මට ඒ නම හොදටම මතක තිබ්බෙ මගේ අයියගෙ නමත් සුපුන් නිසා….ඒ දවස් වල ඒ සිද්දිය ටීවී වලයි පත්තර වලයි හරියට ගියා…හිතුවක්කාරයෝ සිංහරාජෙට බිලි වෙති කියලා හෙඩ්ලයින් ගියේ ….” සැහැසි කිව්වෙ ඇස් දෙකත් ලොකු කරගෙන..දෙවියනේ …ඒක ඇත්තක්ද…

” ඉතින් බං…කිසිම සාක්ශියක් හම්බුන්නෑ කියලා උන් කියන්නෙ කොහොමද ..මේ අපිට හම්බුනේ උන්ගෙ එකෙක්ගෙ බෑග් එකක්….” සදුන් එහෙම කිව්වා…

” උබලට තේරෙන්නැද්ද ඒ කතාවෙ තේරුම…ආ…ඒකෙ තේරුම එයාලව හොයන්න කියලා කවුරුවත් මේ පැත්තට ඇවිල්ලා නෑ….මුලු කැලේම පීරලා හෙව්වා කිව්වත් එයාලා ඇල්ලෙන් මේ පැත්තට ඇවිල්ලා නෑ….” රහල් එහෙම කිව්වා..

” ඒ කියන්නෙ…ආමි එකේ අයවත් දිය ඇල්ලෙන් මේ පැත්තට ආවෙ නෑ කියන්නෙ මේ පැත්ත නිකරුණේ ගැවසෙන්න සුදුසු පැත්තක් නෙවේ කියන එක…..එයාලා හිතන්නැතුව ඇති කවුරුවත් මේ මූකලානට එන්නැති කියලා…මේක ඒ තරමටම භයානක එකක් වෙන්නැති….” දෙනුවන් කිව්වෙ හොදට හිතලා බලලා වගේ..

” එ..එ…ඒ කියන්නෙ..අපිටත් හරි පාර හොයාගන්න බැරි උනොත් අපිව උනත් ඒ අය හොයාගෙන මේ පැත්තට එන්නැති වෙයිද…අපි කැලේ සදහටම අතරමං වෙයිද…” නිම්සරා ඇහුවෙ බයෙන් බයෙන්..

” ඒ කොල්ලො තුන් දෙනාට මොනා වෙලාද දන්නෑ….කැලෙන් එලියට ගියානං ඉතින් ආරංචි වෙන්න එපැයි…ඒකියන්නෙ…උන් කට්ටියට කැලෙන් එලියට යාගන්න බැරි වෙලා කැලේ ඇතුලෙම මැරිලා කියන එකද….” ශාක්‍ය ඇහුවෙ පුදුමයෙන් .හැමෝම මූනින් මූණ බලාගත්තා මිස මුකුත් කිව්වෙ නෑ….

” අපි යමු කොහොමහරි ඉක්මන්ට මෙහෙන්…මේ පැත්තෙන් ගියොත් හම්බවෙන එකක් නෑ වගේ…ආපිටට හැරිලා යංද වෙන පාරකින්…” රහල් ඇහුවෙ කලබලෙන් වටපිට බල බල..දැන් හවස පහත් වෙලා..වටේම දැන් ටිකක් කලුවරයි…එක එක සත්තුන්ගෙ එක එක සද්ද ඇහෙනවා…හරිම අමුතු බයක් දැනෙන්නෙ දැන්නං….කලුවර වැටෙන්න වැටෙන්න අදුරට එක එක සත්තු ගුහාවලින් එලියට එනවා…රෑට මේ කැලේ ඉන්න එක අනතුරුදායකයි ..දෙවියනේ ..අපි දැන් මොනාද කරන්නෙ..අපි පාර හොයාගන්නෙ කොහොමද …

” ඔව් බං…මටත් හිතෙන්නෙ එහෙම තමා…අපි ආපස්සට හැරිලා වෙන පාරකින් යං….” දෙනුවන් එහෙම කියද්දි කට්ටියම ආපිට හැරුනා…මගේ කකුල් පුපුරු ගහනවා වේදනාවෙන්…ඒත් මොනා කරන්නද..පණ බේරගන්නත් එපැයි…නිර්වාන් බෑග් එක පැත්තකට දාලා කට්ටිය එක්කම ආයෙ ආපස්සට යන්න ආවා…ටික දුරක් ආපස්සට එද්දි අපිට තව පාරක් හම්බුනා…ඒක දකුනට යන්න තිබ්බෙ…හැමෝම දකුනට යොමුවෙලා තිබ්බ පටු මාවත දිගේ ඉස්සරහට ගියේ කොහොමහරි කැලෙන් එලියට යන්න පුලුවන් වෙන්න කියලා හිතින් හිතාගෙන….

************************

මොනාද වෙන්නෙ බලමු ඉස්සරහට .ඇත්තටම අර කොල්ලො තුන්දෙනාට මොනාද උනේ..විටින් විට ආදිට ඇහෙන අඩි සද්ද මොනාද…ඒ ඔක්කොම දැනගන්න නං දිගටම මා එක්ක ඉන්න.

M.Ashka Rashmi❤️

5 thoughts on “හිතුවක්කාරයෝ |හත්වැනි දිගහැරුම |ත්‍රාසජනක කතා”

  1. Lakmali lakmali

    නියමයි කතාව අනේ මෙයාලටනම් මුකුත් කරදරයක් කරන්න එපා ????

  2. Priyadarshani

    අපොයි දෙවියනේ දැන් මොනා වෙයිද ??? මට දැනෙන්නේ මං අතරමං උනා වගේ…
    ???????????

  3. ඉක්මනට ඕනි ඉතුරු ටික …
    අද නම් නින්ද යන එක්කුත් නෑ වගේ….

  4. ?K.Kanchana Damayanthi?

    මට හිතෙන්නෙ සුපුන් එහෙමත් ඉන්නවා ඇති කැලේ අතරමං වෙලා තාමත්… ඔය අඩි සද්ද ඇහෙන්නෙ කැලේ ඉන්න වෙනත් ගෝත්‍ර්‍යක මිනිස්සුන්ගෙ හරි සුපුන්ලගෙ හරි වෙන්න ඇති…

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.