Katha Ahura

අන්ධකාරයේ යක්ෂයා|හත්වැනි කොටස| හොල්මන් කතාව

1.5/5 - (2 votes)

?️ අන්ධකාරයේ යක්ෂයා

හත්වන කොටස

“සදූ……………මොක්ද්ද යකෝ කෑ ගහන්නේ ඇගත් සීතල වෙලා ගියා………”

“අර බ………….බ……….ල………..න්…………න”

“ඔ……………..හ්……………”

කට්ටියට වමනෙට ආවේ එතන තිබුනු බලල් කුන දැකලා………….ඒක හරි අප්පිරියයි කුනු වෙලා පනුවො සිලි සිලි ගාලා හැම තැනම……… කටත් ඇරිලා ඒකෙනුත් පනුවො එනවා………….ඒත් ඒකේ පැත්තක්ම නෑ………..

“ඈ…………කෝ බන් උගේ කෑලි නෑනේ……….”

“ඔ………..ඔව් බං මොකෙක් හරි සතෙක් වත් කන්න ඇති………..”

“ඊයා ඉක්මන්‍ට මේක අස් කරපල්ලා බං ”

“අනේ මේ සිතුම් ඔයාලට ඕන නම් මේ මල ජරාව අස් කරන්න අපිට නම් බෑ…….”

“අප්පේ මේ මේවා හෙට අස් කරමු සදු……..අපි උඩට යමු ……… උඩ කාමරයක් අස් කරමු අස් කරලා අද ඒකේ ඉමු…….හෙට මුලු ගේම අස් කරමු….”

එහෙම කෑ ගහපු ගමන් කට්ටියම අතේ තිබුනු පෝන් අරන් ටෝච් පත්තු කරගන හෙව්වේ මුලින්ම බල්බ් තියනවද කියලා…….

“සිතුමා අතන එකක් තියනවා……”

“හරි සාලිය මෙතනත් එකක් තියනවා”

“අවුලක් නෑ බං තව දෙකක් තියනවා……ඩැන් ස්විච් තියන තැන හොයා ගනිල්ලා…..”

“ජග්ගෝ මං මේන් එකම හොයා ගත්තෝ………ඩින්ක ඩිකා……..ඩින්ක ඩිකා……අහ අහා….”

“අඩේ හු#$%& චමෝදයෝ ඩින්කා ජු$%* නෙමේ ඕක හොයා ගත්ත නම් දාපන් මගෙන් හරුප නාහා”

“හරි හරි හු#$&* දාන්නම්……..”

චමෝ ලිවර් එක උස්සනවත් එක්කම පහල තට්ටුවටම ලොකු ආලොකයක් ආවා………එතකොටයි හැමෝම දැක්කේ ඒ නිවසෙ විශාලත්වය

තට්ටු දෙකකට බෙදිල තිබුනු ඒ නිවසෙ පහල තට්ටුවෙ සාලෙ තමා කට්ටියම හිටියේ ……….එහා මෙහා වෙච්ච ලී පුටු වගයක් මේසයක්……වගේ බඩු ගොඩක් ඒ ගේ ඇතුලේ තිබුනා…..වම් අත පැත්තේ නිදන කාමර කියලා හිතන්න පුලුවන් කාමර දෙකකුයි,කෑම කාමරයකුයි,සාමන්‍ය කුස්සියකුයි තිබුනා එලියට වෙන්න බාත් රූම් එකකුත් තිබුනා………..කිසිම හැල හොල්මනක් නොතිබුනු ඒ නිවස කට්ටියගෙම හිතට ඇල්ලුවා……..මේක ජගත්ලගෙ නෑදෑ කෙනෙක්ගෙ ගෙදරක්ලු ඒත් අවුරුදු 9කට විතර කලින් එයලා ඇක්සිඩන්ට් එකකින් නැති වෙලා තියනවා කියලයි ජගත්ලගෙ අම්මලා ජගත්ට කියලා තිබුනේ……,මේ කට්ටියම මේ ගෙදරට එන්නේ කාටවත් නොකියා හොරෙන්………,මොකද මේ ගෙදරට ජගත්ට වත් කාටවත් එන්න නොදී හිටියේ නීතියෙන් මේ ගෙදර තාම කාටවත් අයිති වෙලා නැති නිසයි………… ඒ නිසා බදුල්ලේ හොටෙල් එකක නවතිනවා කියලයි කට්ටියම ගෙවල් වලට කිව්වේ………….

????????????????

“ඔබලා ඩැන ගඅනිල්ලා අපි බේ බෙහෙට ඇවිඩ් ඉන්නේ ලොකු රිස්ක් එකක් අරන් හරිඩ,ඒ නිසා කල්බනාවෙන් හැබ ඩේම කරබන්”

රුවනා එහෙම කියද්දි කට්ටියටම හිනා…….මොකද රුවනට හෙම්බිරිස්සාවක් හැදිලා සීතලනේ……..

කට්ටියම හිනා වෙවී උඩ තට්ටුවට යන්න තරප්පු පේලිය දිගේ ඇදුනා……..ගොඩක් පරන තාලේට හදලා තිබුනු ඒ ගෙදර කලාත්මක ගතියෙන් නම් කිසිම අඩුවක් උනේ නෑ………….

හරියට ගේ මැදින් ඇදුනු තරප්පු පේලිය ටිකක් දුරට යද්දි දෙකට බෙදිලා කාමාර වල හරි මැද්දටම වැටෙන විදියටයි ඒක හදල තිබුනේ…………ඒත් ඒ හැම තැනම මකුලු දැල් වලින් නම් අඩුවක් තිබුනේ නෑ…….

“ඒ අතෑරපන් බං ”

“මොකද හු$&*@”

“මොනාද බං අල්ලන්නේ”

“තොට පිස්සුද සිතුම්”

“අනේ කැ@$#වැඩ නොකර වරෙල්ලකෝ බං ඉක්මන්ට…….බඩගිනිත් එක්ක”

“හා හා යමව්………….ඔන්න කස්ටියනේ උඩට නම් ලයිට් නෑ වගේ”

උඩට නැගපු කොල්ලෝ කෙල්ලො ටික හෙව්වේ බල්බ් එකක් දාන්න ස්විච් එකක් ……….ඒකෙත් පහල වගේම ලීවරයක් තමයි තිබුනේ ලීවරේ ඉස්සුවම උඩ තට්ටුවම ආලෝකමත් උනා …….

උඩ කාමර තුනයි සාමාන්‍ය ටීවීකාමරයකුයි කුස්සියයි බාත් රූම් එකයි………වැඩේ කියන්නේ මේ ගෙදර කිසිම බඩුවක් අඩු නැතුව තියනවා…………ඒකත් හොදට ගියා කට්ටියටම

ඒව ඔක්කොම බලලා ඇතුලට හොම්බ නොදා එක කාමරයක් තෝර ගත්තා කොහොමින් කොහොම හරි…….

කෙලවරේම කාමරේ තෝර ගත්තු කට්ටිය ඒක ඉක්මනිම අස් පස් කලා………..ඒ කාමරේ එක ඇදකුයි,කන්නාඩි මේසෙකුයි,විතරයි තිබුනේ කොල්ලෝ ටික ඇද උස්සලා අයින් කරලා ගෙනාපු බෑග් වලින් ලොකු කැම්බල් 3ක් අරන් මුලු කාමරේම එලුවා හැමෝටම නිදාගන්න…..

ඊට පස්සේ කෑමක් උයන්න නම් කාටවත් වෙලාවක් තිබුනෙ නැති නිසා ,ගෙනාපු පෙති පාන් වලට බටර් ගාලා සීනී දාලා කෑවා……….

“අනේ මං රුවනයි සිතුමයි මැද්දේ………..”

“හා හා……..වරෙන් වරෙන්…………චමෝ ආවට කමක් නෑ අනම් මනම් බෑ.”

“හා හා…….”

ඔන්න ඉතිං කෙලවරේම රවියා,ඊට පස්සෙ ජග්ගා,පස්සෙ රුවන්,ඊට පස්සේ චමෝ,එහා පැත්තෙ සිතුම්,රුවී,රිතූ,සදූ,සාලිය ඔන්න ඔහොමයි කට්ටියම නිදාන්නේ……….

කට්ටියම හොද විඩා බර නින්දක……….

“ආහ්……………….ඌ…………….රිදෙනවා ………….ආහ්………….”

“පොඩ්ඩක් හිටපන් අ…………හ්…………..අ……….ම්……….”

“අ………..හ්…………….ඌ………………හ්………ම්………….ඉන්න……….මට ඕන………..”

හරිම සරාගී විදියට ගැනූ කෙනෙකුයි පිරිමි කෙනෙකුයි කෙදිරි ගාන සද්දේ රුවන්ගෙයි ජගත්ගෙයි කනට වැටුනා………..

“ඒ මොකද්ද බං……කවුද ඒ මුං ද?”

“නෑ බං පහල තට්ටුවෙන් ඇහෙන්නේ”

? Sachini kavindya

????????????????

මොකෝ හිතන්නේ ජග්ගයි,රුවනුයි බලන්න යයිද තනියෙන්.කරදරයක් වෙයිද………..ඒ කවුරු වෙන්න ඇද්ද…………..අනුමාන කරන්නකෝ……..මේකේ හොල්මන් ඉදීද

3 thoughts on “අන්ධකාරයේ යක්ෂයා|හත්වැනි කොටස| හොල්මන් කතාව”

  1. ?K.K.Damayanthi?

    අනිවාරෙන් ඔය ගෙදර ඉන්න හොල්මන් තමා… අර ඇගවල් ඒම අතගානෙ ඇවිත්… කටාඅව පට්ට…

    ??????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.