Katha Ahura

හිතුවක්කාරයෝ |දෙවැනි දිගහැරුම |ත්‍රාසජනක කතා

3.9/5 - (15 votes)

දෙවැනි දිගහැරුම

අපි ඉස්සරහට ආවෙ guide ලා තුන් දෙනෙක්…කොල පාට ටී එකක් ඇදලා කොල පාට trouser එකයි දිග කලු බූට්ස් දෙහෙකුයි දාගෙන හැට් එකකුත් දාන් හිටියෙ….එයාලා අපිට කිව්වෙ කැලෑව ඇතුලෙ හරියට කූඩැල්ලො ඉන්න නිසා කකුල් වලට සබන් ගාන් යන්න කියලා…සබන් හරි සිද්දාලේප හරි කමක් නෑ කියලා…අපි කට්ටිය කකුල් වල සබන් ගාගත්තා..ඊක්කා..මට නං දැන්ටම හිරිකිතයි…කූඩැල්ලො නම ඇහුනත් ඇති මට වමනෙ යන්න…

එක පංතියකට එක guide ගානෙ හම්බුනා.යන්න කලින් අපිට කිව්වෙ phone ,camera ගෙනියන්න බැහැ කියලා…කැලේ සුන්දරත්වය ඇස් වලින් දකින එක විතරක් ඇති කියලයි එයාලා කිව්වෙ…ඉතින් අපිට සිද්ද උනේ අපේ phone ඒගොල්ලො ගාව තියලා යන්න..අනික යන්න කලින් අපිට අවවාද කලේ කැලේ ඇතුලෙදි කෑගගහා දගලන්න එපා කියලා..කොච්චර ලොකු උනත් ඉතින් අපේ ලමා මානසිකත්ව ඇරිලා නෑනෙ තාම…අනික කැලේ ඇතුලෙන් මොකුත්ම එලියට අරන් එන්නත් බෑ කිව්වා කැලේ ඇතුලෙ මුකුත් දාලා එන්නත් බෑ කිව්වා..ඔය වගේ නීතිරීති ගොඩාරියක් දාලා තමා අපිව කැලේ ඇතුල්ට එක්ක ගියේ…සිංහරාජෙ හරියෙ අදුරු වටපිටාවක් තිබ්බෙ…ටිකක් සීතලයිත් එක්ක….අව්වක් නං පායලා නෑ ඒ හැටි..ඒත් හැමෝම දාන් ඉන්නවා වගේ මාත් හැට් එක දාගත්තා..

ඉස්සරහින්ම ගියේ අපේ අනිත් බයෝ පංති දෙක..පිටිපස්සෙන්ම එන්න උනේ අපේ පංතියට තමයි…මං සැහැසියි නිම්සරායි දෙපැත්තෙ තියාගෙන ඉස්සරහට ගියේ…අපේ පංතියෙනුත් කෙල්ලොන්ගෙන් අපි තුන් දෙනා තමා අන්තිමටම යන්නෙ…අපේ පිටිපස්සෙන් රහලුයි එයාගෙ ගජ මිත්‍රයො සෙට් එකයි එනවා…ඊටත් පස්සෙන් තමයි අපේ මිස් එන්නෙ…අපේ පංතිය ඉස්සරහින්ම යන්නෙ guide ..එයා ඉතින් දෙපැත්තේ තියෙන ගස්කොලන් මොනාද කියලා විස්තර කර කර යනවා…මාත් කට ඇරන් වටපිට බල බල යන්නෙ..ඇත්තටම පුදුමාකාර ලස්සනයි මේ කැලේ…බලන බලන හැමතැනම කොලම කොල පාටයි…රූස්ස ගස් වල ඉදන් චූටි පැලෑටි දක්වාම තියෙනවා…සමහර තැන් වල චූටි චූටි දියසීරාවල් දකින්න ලැබුනා අපිට…මුල් හරියෙ සත්තු නං දකින්න හිටියෙ නෑ…හැබැයි සමනල්ලුයි කුරුල්ලොයි නං අනන්තවත් ඉන්නවා…

” අඩෝ…අර බලපන්…මාල ගිරවෙක්…”

” කෝ…”

” මේන්..”

” උබ හු@$&@..”

” ආ..ආ..ලමා…යි….” සදුනුයි නිර්වානුයි කියෝ කියෝ එද්දි ඇහුනෙ මට …නිර්වාන් මාල ගිරවෙක් කියද්දි මං ඒ දිහා බැලුවෙ…සදුන් වටපිට බලද්දි මාල ගිරවා කෝ බලන්න නිර්වාන් පෙන්නුවෙ උගෙ නහය…ඒකට කේන්ති ගිහින් සදුන් කුනුහරුපයක් කියද්දි පිටිපස්සෙන් ආපු මිස්ට මාට්ටු ඒක…

” ආම්..නෑ මිස්…මූ මගුලක් කතාකරනවනෙ..ඒකයි….” කට්ටිය කට වහගෙන හිනාවෙද්දි සදුන් කිව්වෙ…මිස්ටත් හිනා ඉතින්..අපේ ඈයො එක්ක කොහෙ ගියත් ඉතින් ඔහොම තමා…පලාතම විනාසයි…ටික ටික ඉස්සරහට එද්දි අපිට හම්බුනේ අපි නොදන්න ගස්කොලන් …ඒවා විස්තර කරද්දි අපි හරි උවමනාවෙන් අහන් හිටියෙ…අනිත් අය කෙසේවෙතත් මං නං හොදට අහන් හිටියෙ…මං දැක්කා අපේ පිටිපස්සෙන් ආපු මිසුත් ටික ටික ඉස්සරහට ගිහින් අන්තිමේදි නැවතුනේ guide ගෙ ලගමයි….අපිට ඉන්න guide තරුණ අයියා කෙනෙක්..කෞශල්‍යා මිසුත් තරුණයි ලස්සනයි හින්දා guide ගෙ ඇසුත් නිතරම නතර උනේ අපේ මිස් ලග..

” ඒකත් ජයසිරි මංගලම් කිව්වලු…” අපේ පිටිපස්සෙන් ආපු ශාක්‍ය කිව්වෙ මිස් දිහයි ගයිඩ් දිහයි බල බල…අන්තිමේදි ඒ වැඩෙන් උනේ අපේ ආරක්ශාවට පිටිපස්සෙන් ආපු ටීචර්ත් ඉස්සරහටම සේන්දු වෙච්ච එක…අපිත් මුකුත් නොකියම ඉස්සරහට ඉස්සරහට ගියා..පිටිපස්සෙන් කසු කුසුවක් ඇහෙනවා…කොල්ලො පස් දෙනා එක එක ඒවා කියෝ කියෝ වටපිට බල බල එනවා…මං පොඩ්ඩක් සැහැසියි නිම්සරායි එක්ක ටිකක් ඉස්සරහට ගියේ ගයිඩ් කියන දේවල් පිටිපස්සටම හරියට ඇහෙන්නැති හින්ද….

එක තැනක තිබ්බා හරිම ලස්සන පදුරක්…කොල අතු එලියට විහිදිලා ටිකක් මීවන පදුරකටත් හුරුයි….කට්ටිය ටික ටික ඉස්සරහට යද්දි මං යාලුවො දෙන්නත් එක්ක එතන නතර වෙලා පොඩ්ඩක් ඒ පදුර දිහා බලාගෙන හිටියෙ ඒ තරමට ඒක ලස්සන හින්දා..

” අඩෝ…ආදි….අර බලහං…” එකපාරටම නිම්සරා මට අතින් ඇනලා පෙන්නුවෙ අපි ආපු පැත්ත…ඔලුව උස්සලා බැලින්නං අපි පස්සෙන් ආපු කොල්ලො ටික ශේප් එකේ අපි මෙතෙක් ආපු පොඩි අඩි පාරින් මිදිලා පාර අයිනෙ තියෙන ගස් අතරින් කැලේට රිංගනවා…හුම් සද්දයක් කරන්නැතිව උන් ටික හිමින් හිමින් පොලොවටවත් දැනෙන්නැති වෙන්න වගේ අඩි තිය තිය යනවා…දෙවියනේ ..මුන් මේ මොන මගුලක් කරන්නද යන්නෙ…මිස් දැක්කනං එහෙම මෙතන….හයියො…ඊට හපන් ගයිඩ් දැක්කොත්….අපිව ගෙදෙට්ටම ගහලා පන්නයි හොරෙන් කැලෑ පයින්න ගිහිල්ලා…

” අරුන්ට පිස්සුද බං….අර කොහෙද යන්නෙ….” මං රහසින් වගේ ඇහුවෙ නිම්සරාගෙන්..

” මං හිතන්නෙ උන් හදන්නෙ වෙන පාරවල් වලින් ගිහින් කැලේ බලන්න…කට්ටිය එක්ක යන්නැතුව…” සැහැසි කිව්වෙ ඇස් ලොකූ කරගෙන..ඒක කරන්නෙ කොහොමද ..හදිස්සියෙවත් මුන්ට ගියපු පාර අමතක උනොත්….කැලේ අතරමං වෙයිනෙ…..මේ කැලේ ඇතුලෙ මොන මොන සත්තු ඇත්ද..අම්මෝ..

” අනේ බං…ගිහින් උන්ව නවත්තගමු…හදිස්සියෙවත් අතරමං උනොත් උන්ව…” මං කිව්වෙ මට රහල් ගැන බය හිතිලා..මං එහෙම කියද්දි නිම්සරා කින්ඩියට හිනා උනා..

” අම්මේ…ඇයි උබේ ප්‍රේම කුමාරයත් අතරමං වෙයි කියලා බයයිද……”

” ඔව් නිම්….මට බයයි…අපි ගිහින් කට්ටියව නවත්තගමු….” මං කිව්වා…

” අපි මිස්ට කියමු නැත්තං….” සැහැසි කිව්වා..

” එපා එපා…එතකොට එයාලට බනී…අපි ගිහින් එක්ක එමු එයාලව..වරෙන්කො…” එහෙම කියලා මං ඉස්සර උනා….කට්ටියම ඉස්සරහට යද්දි මං යාලුවො දෙන්නවත් අරගෙන හොරෙන් හොරෙන් ගියේ කොල්ලො ටික ගියපු ගස් අස්සෙන්…හාපෝ..අඩිපාර වගේ නෙවේ…ගස් කොලන් අස්සෙන් යද්දි ඒ ගස්වල පින්න මුලු ඇගේම ගෑවුනා..ටිකක් හිරිකිතයිත් එක්ක…ඒත් ගස්කොලන් අතරින් ටික ටික ඉස්සරහට එද්දි අපි තුන් දෙනාව වැටුනෙ තවත් චූටි අඩි පාරකට…ඒ අඩි පාරෙ රහලුයි එයාගෙ යාලුවො ටිකයි ඉස්සර වෙලා යනවා මං දැක්කා..අපි අපේ අනිත් කට්ටියගෙන් ඈත් වෙලා ටික දුරක් ඇවිත් කියලා හිතුනෙ දැන් දැන් අපිට කට්ටියගෙ පොඩිහරි සද්දයක්වත් ඇහෙන්නැති හින්දා…අනික මහ රූස්ස ගස් තියෙන්නෙ වටෙන්ම…වටේම ටිකක් අදුරුයි එහා පැත්තෙ අඩිපාරෙන් යන කට්ටියව කාවවත් පේන්නෙ නෑ….

” ඒයි…මෝඩයො ටික….” මං චූට්ටක් හයියෙන් කතා කලේ ඉස්සරහින් යන නඩයට..මගේ කටහඩ ඇහුන හැටියෙ කට්ටියම එකතැන නතරවෙලා පිටිපස්ස බැලුවෙ පුදුමයෙන්..හැමෝගෙම ඇස් උඩගියා අපි තුන්දෙනාව දැකලා…

” ඔයාලා…??” රහල් එහෙම කියද්දි මට ආවෙ ලොකු කේන්තියක් …මෙතන අපි කට්ටිය පරක්කු වෙන්න පරක්කු වෙන්න වෙන්නෙ අපිට අනිත් අයව මගහැරෙන එක…

” ඔව් අපි තමා…ඔයාලා මොනාද මේ කරන්නෙ….කට්ටිය එක්ක එන්නැතිව හොරෙන් පැන්නෙ…” මං ඇහුවෙ කේන්තියෙන් .ඒක රහල්ට තේරිලාද මන්දා මා එක්ක කතාකරන්න ගත්තෙ හරිම සන්සුන්ව.

” ආ..මේ…මේකයි…මේ හරියෙ ලස්සන තැන් තියෙනවා…කට්ටිය එක්ක යනවට වඩා මෙහෙම අවසර නැති පැත්තකට යන එක විනෝදයිනෙ…ඒකයි අපි ආවෙ…” රහල් කිව්වෙ ටිකක් ගොත ගගහා…

” ආ..ඇත්තද…ඒවයින් වැඩක් නෑ….දැන් කට්ටියම යමු ආයෙ…මේ කවුරුවත් guide කෙනෙක් නැතුව කැලයක් මැද්දෙන් යන්නෙ කොහොමද…පිස්සු නටන්නැතිව ආපිට යං….” මං කිව්වෙ ආයෙම හැරෙන ගමන්.

” මේ ආදි…පිස්සු නටන්නෙපා…අපි මේ පට්ට අමාරුවෙන් කාටවත් පේන්නැතිව පැනගත්තෙ…අපෝ ආයෙනං යන්නෑ…..අපි හොද ෆන් එකක් ගන්න ආවෙ…ඔයාලා ආපිට යන්න අපි නං එන්නෑ…” දෙනුවන් කිව්වෙ .

” හරි එහෙනම්…අපිට මොකෝ..තනියම ගිහිල්ලා කැලේ ඇතුලෙ අතරමං වෙන එකයි ඇත්තෙ…අපි යං බං….” මං එහෙම කියාගෙන ආයෙම එන්න ආවෙ යාලුවො දෙන්නත් එක්ක…ඒත් අඩිදෙක තුනක් යන්න හම්බුන්නෑ…මාව එකපාරටම කවුද අල්ලගත්තා…හැරිලා බැලින්නං රහල් මගේ අතකින් අල්ලගෙන..

” ආදි…plz…මාත් එක්ක යං…නෑ…අපිත් එක්ක යං….අපිට ගොඩක් විනෝද වෙතෑකිනෙ….guide එක්ක යන තැන් එච්චර ලස්සන නෑ….අනික පැය දෙක තුනකින් මොනා බලන්නද…ඊට වඩා බලන්න දේවල් කොච්චර මේ සිංහරාජෙ තියෙනවද……ඔයා ආස නැද්ද ලස්සන දියඇලි බලන්න…තව ලස්සන ලස්සන සත්තු බලන්න..ආ…ඒවා තියෙන්නෙ මේ වගේ කැලේ ඇතුල්ට වෙන්න විතරයි….අපි යමු…අපිත් එක්ක එන්න…ගොඩක් සතුටු වෙන්න පුලුවන් අපිට….” රහල් කිව්වෙ මගේ ඇස් දෙක දිහාම බලාගෙන..ඒ වචන හරියට මාව වශීකරගත්තා වගේ උනා…රහල් කියන දේත් පොඩි ඇත්තක් තියෙනවා…හැමදාම මේ chance අහුවෙන්නෙත් නෑනෙ….හැමෝම එක්ක කැලේ ඇවිදිනවට වඩා හොදම යාලුවො ටික දෙනෙක් එක්ක කැලේ ඇවිදින එක හරිම විනෝදයි…එක්කො ඔන්න ඔහෙ මේ අයත් එක්කම ගියානං හරි….එතකොට මට රහල් එක්කම ඉන්නත් පුලුවන්නෙ…

හිත එහෙම කියද්දි මං බැලුවෙ මගෙ යාලුවො දෙන්නා දිහා..උන් නං හිනාවෙවී මා දිහා බලන් ඉන්නෙ..

” යමු බං….adventure trip එකක් කියලා හිතලා යං….මාත් මාර ආසයි මෙහෙම කට්ටි පනින්න…” ඕන දේකට ඔට්ටු නිම්සරා කිව්වෙ උඩ පැන පැන.

” මාත් ආසයි…අපි යං ආදි…අපේ හොද බුලට් ටිකකුත් ඉන්නවනෙ අපේ තනියට…” සැහැසිත් එහෙම කිව්වා..

” ආන්න..ආන්න…දවසේ කතාව…එහෙනං යං කෙල්ලනේ….” විසිල් පාරකුත් ගහගෙන නිර්වාන් එහෙම කිව්වා..

” සද්දෙ නවත්තගනින් බල්ලො…දැනටමත් අපි කට්ටිය මිසින් කියලා දැනගෙන ඇති…යං කට්ටියම ඉක්මන්ට …..ඔයා එනවනෙ ආදි…” ආයෙම රහල් ඇහුවෙ මගෙන්..මං ඔලුව වනලා හා කිව්වා..

” ආපෝ..මේ හොටු කෙල්ලොත් එනවානේ…අපේ ආතල් සේරම වතුරෙ….” සදුන් කිව්වෙ අඩන්න වගේ…

” ඔව්…අපි තමුසෙලගෙ ආතල් ඔක්කොම වතුරෙ යවනවා…එක්කගෙන යනවා වගේ නෙවේ කොල්ලනේ…ඔන්න අපිව හොදට බලාගන්න ඕන….” මං කිව්වා .රහල් ලස්සනට හිනාවෙලා මට ඇහැක් ගැහුවා..

” කට්ටියවම නෙවේ..ඔයාවනං මං බලාගන්නං…” රහල් එහෙම කියාගෙන මගේ අතක් අල්ලන් ඉස්සර උනා..මගේ මූණ රතූ වෙන්නැති..ඇත්තටම මට හරිම ලැජ්ජායි…හැබැයි ලැජ්ජා විතරක්ද..මට හරිම සතුටුයි…

කට්ටියම ටික ටික කැලේ ඇතුල්ට එන්න ආවා…දැන් දැන්නං එක එක සත්තුන්ගෙ එක එක හඩවල් ඇහෙනවා…ටිකක් ලොකු බයකුත් නොදැනෙනවා කිව්වොත් බොරු…හිතුවක්කාර උනා වගේ නෙවේ…කැලේ ඇතුලෙ කොටි වලස්සු ඒම ඉන්නවනං…අම්මො….මං කට්ටිය අතරට ආවෙ බයෙන් බයෙන් වටපිට බල බල..මගේ යාලුවො දෙන්නනං කටත් ඇරගෙන උඩබලාගෙන යන්නෙ….හැමෝගෙම මූණුවල තිබ්බෙ ලොකු සතුටක්…දෙයියනේ ..ඒ කියන්නෙ මං විතරද මේ බය වෙලා ඉන්නෙ…

ටික ටික ඉස්සරහට අපි එන්න ආවෙ වටේපිටේ සුන්දරත්වය බල බල..පුංචි පුංචි දිය සීරාවල් කැලේ ඇතුල තවත් ලස්සන කරනවා….ගස්කොලන් අතරින් හමන්නෙ හරිම සීතල සෞම්‍ය හුලගක්…වටපිට බල බල එද්දි මං එකපාරටම දැක්කෙ…

*********************–

මොනාද ආරාධ්‍යා දැක්කෙ…මං නං හිතන්නෑ කවුරුවත් අනුමාන කරයි කියලා..

M.Ashka Rashmi❤️

5 thoughts on “හිතුවක්කාරයෝ |දෙවැනි දිගහැරුම |ත්‍රාසජනක කතා”

  1. ම්ම්ම්…. කොටියෙක් වතුර බොනවා… නැත්නම් අලියෙක්…??
    Anyway nice chapter…. good luck ?

  2. ?K.K.Damayanthi?

    ඔයා අලුතෙන් සතෙක්ව දැම්මද මේකට අක්කියෝ… මට හිතා ගන්න බෑ… එයා දැක්කෙ සතෙක්වද නැත්නම් වෙන් මොකක් හරිද කියලා…ඒ මොනවා උනත් කතාවනම් සුපිරියටම තියෙනවා…

    2
  3. Thakshi Deepali Jayasuriya

    අපොයි…සඳුන් කියලා නම තියෙන ඔක්කොම එකයිද මංදා ??? අතරමං වෙයිද මේ පණ්ඩිතයො ටික….කතාව නම් මාරම ලස්සනයි රශ්මි…අැත්ත අත්දැකීමක් එක්ක ලියනවා වගේ ඔයා…අපිත් එතන ඉන්නවා වගේ තේරෙනවා මේක කියවද්දි….හෙටම බලමුකො කාවද දැක්කේ කියලා…දිවියෙක්වත්ද දන්නෑ…

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.