Katha Ahura

අන්ධකාරයේ යක්ෂයා| තුන්වන කොටස|හොල්මන් කතාව| කතා අහුර රචක

කතාව කොහොමද?

? අන්ධකාරයේ යක්ෂයා

තුන්වන කොටස

ඒ පරිසරයේ වෙනසත් එක්කම ඔක්කොටම දැනුනේ නපුරක් වෙන්න යනවා කියලයි……….ඒත් එක්කම රුවන්ටයි,ජගත්‍ටයි මතක් උනේ චමෝද් වාහනේ යට දැක්කෙ මොකද්ද බලන්න………

” ඒ ඒ වාහනේ යට මොකද්ද තියෙන්නෙ බලහන් චමෝ උබ මෙහෙට වරෙන්”

“මොනාද තියෙන්නේ කියහන්කෝ චමෝ උබ ඔහොම හිටියම අපිටත් බයයි බං”

“අනේ මේ පලයන් සාලිය අයියේ මගෙන් මොකුත් අහන්නැතුව උබලා බලහන් බන්……..”

“මේ වරෙන් සාලිය,වරෙන් සමිත්,ජග්ගා වරෙන්කෝ අපි ඔක්කොමලා බලමු එතකොට හරිනේ”

“අනේ සාලිය පරිස්සමින් …”

“හරි පන ඔයාලා ඈතට යන්නකෝ මු මොනා දැකලද දන්නේ නෑනේ මේ පන බයේ ඉන්නේ……..කෝකටත් ඔයාලා එහාට යන්න”

එක එකා හිමින් හිමින් වාහනෙන් ටිකක් ඈතට ගියා කෝකටත් හොද නිසා….

අදහන්න බෑ……..ලේ විලක් වාහනේ යට ……..බෙල්ල කදෙන් වෙන් වෙලා මනුස්සයෙක් වාහනේ යට …….. එක තත්පරයක් ගියෙ නෑ බෙල්ල නැතුවම කද බඩ ගගා වාහනෙන් එලියට එන්න දගලනවා ………… බෙල්ල පැත්තක තිබුනා…..ඒකේ ඇස් බෝල එලියට පැනලා අපි දිහාම බලන් ඉන්නවා තාමත් හුස්ම අදින ඔලුව කොටස කුඩු වෙලා………

ඊ…………………………….ආ…………………………ආ………………… මහ හයියෙන් කෑ ගහගන කොල්ලෝ ටික පස්සටම පැන්නා

“මො………..මො……..ක…………..ද්………….ද………….සාලිය ඒ……………..මොනාද…………..තිබුනේ”

“ස………..ස………….ස………..සදූ…….ඔයා…..නෑ…………නෑ………….ඔයා මං ලගට එන්න……..උබලත් වරෙල්ලා මෙහෙට”

සාලිය බය වෙලා කෙල්ලො ටිකට කෑ ගහනවා………

“දෙ…………….වි……………ය………….නේ………..මේක අපි අතින්ද සිද්ද උනේ”

ජග්ගා ඔලුවෙ අත ගහගන එහෙමම ඉදගත්තා……..අපිටත් හිතා ගන්න බෑ මේ මොකද්ද උනේ කියලා…….අපි ආතල් එකේ ආවා මිසක් පාර දැක්කේ නෑනේ

“මේක වෙන්න බෑ බං……මං වාහානේ අරන් එද්දි කවුරුත් පාරේ අයිනකවත් යනවා දැක්කේ නෑ බං මේක කොහොමටවත් වෙන්න බෑ බං……….දෙවියනේ මොකද්ද දැන් කරන්නේ මට කූඩු ගානේ ඉන්න වෙයිද බං”

ජග්ගා ඔලුවෙ අත ගහගන ඇඩිලා වගේ කියවනවා අපිටත් හිතා ගන්න බෑ සිද්ද උනු දේවල් ……..

“මොකද්ද බං මේ වෙන්නේ අපි ආවෙ ට්‍රිප් එකක් මිසක් මිනී මරන්න නෙමෙයිනේ උබ බය වෙන්න එපා අපි උබට හිරේ යන්න දෙන්නෙ නෑ”

“ඒත් මට………..මං කොහොම නිර්දෝශි වෙන්නද බං ”

ජග්ගා ගොත ගගහා කියවනවා……….

“මචන් මට අයිඩියා එකක් ආවා”

“මොකද්ද සමිත්”

“රුවනෝ අපි මේ බොඩි එක මේ පල්ලමට ඇදලා දාමු”

සමිත් එක කිව්වේ වට පිට හොදට බලලා………අපි හිටියේ ලොකු ප්‍රපාතයක් උඩ චුට්ටක් මිස් උනොත් ඉවරයි අනිත් අයත් ඉන්න තැන දැක්කේ සමිත් කිව්වට පස්සේ…………වට පිටාව උදේ වරුවක වගේනම් හරි ලස්සනට තියෙයි ඒත් මේ වෙලාවෙ නම් හරිම මූසල පෙනුමක් ගත්තා ඒ පරිසරය

“මොකක්………….පිස්සුද හු$%& උබට……මේ මනුස්සයා තව මැරිලත් නෑ පන අදිනවා”

“ඉතින් ප$%& බෙල්ලයි කදයි වෙන් උනු එකෙකුට ආපහු පන එයිද”

ඒකත් ඇත්ත තමයි බෙල්ල කදෙන් වෙන් වෙලා තියෙද්දී දෙවියන්ටවත් බෑනේ ආපහු පන දෙන්න

“එතකොට පන අදිදිද මෙතනින් අයින් කරන්නේ”

“ඒකත් ඇත්ත පන අදිදි දාන්න බෑනේ මොකද කරන්නේ සාලිය අයියේ”

“අනේ මන්දා රුවන් මැරෙන කල් ඉමු වෙන කරන්න දෙයක් නෑනේ”

“මොකද්ද අනේ අපි කරන්නේ නොමරා මරනවා නේද මේ…….අනේ මට නම් බයයි”

“අනේ රුවී උබ මගෙන් හරුප නාහා මෙහාට වරෙන්”

“ඇත්තනේ කිව්වේ සිතුම් ”

?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️

“මොකක් හරි අයිඩියා එකක් දීපන්කෝ සිතුමෝ”

“මොනා කරන්නද ජග්ගෝ ටිකක් වෙලා බලමුකෝ”

ඔක්කොමලා තැන් තැන් වල වාඩි වෙලා බයෙන් බයෙන් ඉන්නවා…….මේ සිද්දිය වෙලා දැන් පැයක් විතර ඒත් පාරෙ වත් කවුරුත් නෑ……එකම වාහනයක් වත් ගියෙත් නෑ……..එක අතකින් ඒක හොදයි කියල හිතුනු අවස්ථා තියනවා………දැන් පැය දෙකක් විතර ගියා එක එකා තැන් තැන් වල මනෝ ගහගන ඉදන් ඉන්නවා

“මේ බං දැන් මැරිලා ඇති බං ”

“හ්ම්…………..ඔව් සිතුමෝ දැන් නම් මැරිලා ඇති තමා……”

“මේ රවියෝ ඇතුලේ ඇති ලොකු වතුර කෑන් එකක් ඒක එලියට ගනින්”

“මොකටද සමිතො වතුර ”

“ඇයි යකෝ වාහනේ යට ලේ විලක් දැක්කෙ නැද්ද තොපි………අපි කිසිම සාක්ශියක් තියන්න හොද නෑ ඔක්කොම විනාස කරමු…….ලේ හෝදලා දාමු…….”

“හ්ම්…………ඔව් ඒක ඇත්ත…….නැත්තන් මහ විනාසයයි”

“මේ රවියො එබිලා බලහන් ෂුවර් එකටම මැරිලද කියලා කෝකටත්”

“දැන් මැරිලා ඇති රුවනෝ”

ඔහේ වැටිලා හිටපු ජගත්ගෙ කට හඩ ඇහුනේ සෑහෙන වෙලාවකට පස්සෙයි………..

“කෝකටත් බලමු ජග්ගෝ”

“අනේහ්………………….රුවන් අයියේයි……..තාම ගැහෙනවනේ………..”

රවියා පද්ද පද්ද තාලෙට කිව්වම වෙනදට ඌ දිහා බලලා හිනා වෙන අපි…………අද ඇඩිලා වගේ ඌ දිහා බලන් හිටියා

“මොන හු$%& බං මේ”

“අනේ මන්ද බං”

“ඕන ප@#$% වෙන්නැතැයි මං වාහානේ ආපහු ඒ උඩින් ගන්නවා හු$%* එතකොටවත් මැරෙයිනේ……………”

ජගත් හයියෙන් ඒක කියද්දී කද වේගෙන් වේගෙන් ඔලුව තියන පැත්තට ඇදි ඇදි යනවා…………….එහෙම ඇදි ඇදි යනකොටයි හැමෝම දැක්කේ ඔලුව විතරක් නෙමෙයි මුලු ඇගම පෙති පෙති වලට කැපිලා ඒත් වෙන් වෙලා නෑ කියලා…………තත්පරයක් යන්නැතී ඒ කද ක්ෂණිකව ඔලුව අතට ගත්තා ඒක බලන් ඉන්න පුලුවන් දසුනක් නම් නෙමෙයි…….

“ඒ ගෑනියෙක් බං………….අනේ බන් අපි මෙතනින් යමු බං……..”

“මො මොක…………ද්ද හු#$% මේ වෙන්නෙ ”

එහෙම හිටගත්ත කද කොන්ඩෙන් අල්ලන් ඔලුව එල්ලගන අපි දිහාට එනවා……..ඔලුව වෙනම කද වෙනම…………..ඔලුව වෙන් උනු තැනින් ලේ උල්පතක් වගේ ගලනවා……….ඒත් ඒ ලේ කුනු වෙලා කියලා අපිට හොදටම තේරුනේ ආපු කුනු ගදින් …………………

ආ………………..ආ…………………හා……………..ආ……………………..ආ…………………….ආ…………………ආ…………….ආ…………..ආ…………………..ආ…………..හ්………………හි…………….හී…………. තාලෙට හොල්මන් ශෝ එකක මියුසික් එකක් වගේ හරියට කදෙන් වෙන් උනු ඔලුව කෑ ගහනවා………එවෙලෙ නම් හැමෝටම තේරුනා මේක අපි අතින් උනු සිද්දියක් නෙමෙයි කියලා…….අනික මේ අමනුස්ස ආත්මයක් කියලත් අපිට හොදටම තේරුම් ගියා………………

ඒ වියරු හඩ වට පිටාවම දෝන්කාර දුන්නා……..

“හි……………හි……………..හ්………………………… තොපි තොපි මාව හැප්පුවා…………………ඔව් තොපි හැප්පුවා……..හ් හ් ම්…………………..හ්…………………….හ්…………………ආ……………”

අමනුෂ්‍ය ආත්මය පලාතම දෙවනක් වෙන්න කෑ ගහනවා…………

දැන් අපි ලගට ලන් වෙයි දැන් ලන් වෙයි කියලා…………..ඩග්…………….ඩග්…………ඩග්………………ඩග්…………………….ඩග්…………හැමෝගෙම පපුවේ සද්දේ එලියට පනින්න තරම් හයියෙන් ගැහෙනවා …………..ජීවිතේ ගැන අන්තිම ආසාව තියාගන හැමෝම පටන් ගත්තේ බුදු ගුණ සිහි කරන්න…………….සිහි කෙසේවෙතත් බයටද මන්දා හයියෙන්ම ගාතා කියන්න පටන් ගත්තා කට්ටියම

ඉතිපිසෝ අරහං සම්මා ……..

? Sachini kavindya

????????????????

ඊලග කොටසට

3 thoughts on “අන්ධකාරයේ යක්ෂයා| තුන්වන කොටස|හොල්මන් කතාව| කතා අහුර රචක”

  1. Chathu indeewaree

    ලස්සනයි සචියෝ කතාව. ඇත්තටම කියවද්දී බය හිතුණා ගොඩාක්. හැමදාම දිග කොටස් අප්ලෝඩ් කරලා ඉක්මණින් ඉවර කරන්නකෝ කතාව. කොටස් 10-15අතර තිබුණම ඇති මැණික. සුභ පතනවා ඔයාගේ ලේඛන දිවියට. කතා අහුර පාඨකයින් වෙනුවෙන් තව ලස්සන කතා ලියන්න හැකිවේවා කියලා පතනවා….

  2. Priyadarshani

    අම්මෝ හොල්මන් කතා නම් කියවල තියෙනව ගොඩාක් එත් ජිවිතේට මෙච්චර භය වෙලා නෑ…?????
    කතාව නම් සුපර් ….?????
    තව කතා ලියන්න ….
    Wish you all the best ????
    ?????????????

  3. ඇයි යකෝ හොල්මන් කියලා ඔහොම බය කරන්නෙ…. මං තනියෙන් නිදන් ඉදලා ආයිත් දිව්වා කට්ටිය ඉන්න තැනට …ඔහොම කරන්න එපා යකෝ…….???

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.