Katha Ahura

නොපැතූ සෙනෙහෙ | හතලිස්එක්වන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක

2/5 - (1 vote)

❤️නොපැතූ සෙනෙහෙ❤️

~හතලිස්එක්වන දිගහැරුම~

අපේ ආදරේ එන්න එන්න වැඩි උනා මිසක් අඩු උනේ නම් නෑ පොඩ්ඩක්වත්..

School යනකොට හැමදාම උදේට මාව බලන්න ආවා.. ඒත් කතා කරන්නම් වෙන්නෙ නෑ.. මං ගියේ අපේ school එකටම ගිහිපු බස් එකක.. ඒකේ ගියේ අපේ school එකේ ලමයි විතරයි.. ඒක නිසා එයාට මං යන බස් එකේ එන්න බෑනේ.. ඒක නිසා හැමදාම උදේට මං ගිහිපු බස් එක එනකන් ඉදලා තමා එයා school යන්නේ..

අපිට meet වෙන්න පුලුවන් උනේ සති අන්තෙ විතරයි.. ඒකත් පංති නිසා..

අපි අතරෙ ආදරෙ වගේම රන්ඩුත් තිබ්බා.. කොච්චර රන්ඩු උනත් අපි දෙන්නට අපි දෙන්නා නැතුව බෑ.. විනාඩි 5ක් රන්ඩු උනොත් ඉතුරු ටිකේම ආදරෙන් තමා ඉන්නේ.. එක දවසක්වත් කතා නොකර තරහාවෙලානම් ඉදලා නෑ..

ඇත්තම කිවුවොත් අපි දෙන්නාගේ ආදරේ නොදන්නා කෙනෙක් නැති තරම්.. ඒක මට ප්‍රශ්නයක් උනේ නෑ.. කොච්චර හැංගි හැංගි ආදරේ කරත් දවසක ඒ හැමදේම එලිවෙනවනේ.. ඒක නිසා මං හැංගි හැංගි ආදරේ කලේ නෑ..

ඒක නිසාමද කොහෙද අපේ ආදරේ ගෙදරට මාට්ටු උනේ නොහිතපු විදිහක..

School එකේ තිබ්බ උත්සවේක මං හිටපි item එකට අදින්න තිබ්බේ කලු අත් දිග ටී ෂර්ට් එකක්.. දේව් ලග එහෙම එකක් තිබ්බ නිසා මං ඒක එයාගෙන ඉල්ලුවා.. ඒවගේ එයව meet වෙන්නත් සති අන්තනේ.. ඒත් ඒ වෙනකන ඉන්න බැරි උනේ උත්සවේ තියන්න සූදානම් කරලා තිබ්බේ සිකුරාදා නිසා..

ඒක නිසා මට දේව් ඒක ගෙනත් දෙන්න පොරොන්දු උනා.. එදා school ඇරිලා ඉද්දි මං කහවත්ත town එකෙන් බැස්සෙ දේව්ගෙන් අර ඇදුම ගන්න ඕනි උන නිසා.. මං ඔනායත් එක්ක බස් එකෙන් බහිද්දි දේව් ඇවිල්ලා හිටියා..

එයාගෙන shirt එකත් අරගෙන මං ඔනායත් එක්කම අපේ ගෙවල් පැත්තට යන බස් එකට නැග්ගෙ ගෙදර යන්න.. බස් එකත් යන්න ගත්තා.. ඒත් ඔනායා පෙන්නපු දේ නිසා මං එතනම ගල් ගැහුනා..

මං දැක්කේ තාත්තා දේව් එක්ක කතා කර කර ඉන්නවා.. දේව් අපෙ තාත්තව දන්නෙ නෑ කියලා මං දනන නිසා හිතට දැනුනෙ බයක්.. මොනා කියයිද දන්නෙ නෑනේ..

මං ගෙදර ගිහිපු ගමන් කලේ දේව්ට call කරපු එක.. තාත්තා එයාගෙන විස්තර අහල තිබ්බෙනම් සැක නොහිතෙන විදිහට.. එයා තාත්තට කියලා තිබ්බේ මං එයාගෙ යාලුවෙක් කියලා..

ඒවගේ මගේ ටිකිරි මොලේ නිසා මං තාත්තා අපු ගමන්ම විස්තරේ කිවුවා.. දේව්ගෙන් shirt එක ඉල්ල ගත්තා කියලා hilight කරලම කිවුවා.. හැබයි තාත්තා දේව් එක්ක කතා කරපු වගක්නම් මට කිවුවේ නෑ..

මං එදා හිතන් හිටියේ නෑ අම්මා එහෙම මං ගැන සැක කරයි කියලා.. ඒත් එදා ඉදන් මං ගැන වැඩි අවදානයක් යොමු කරලා තිබිලා..

පස්සේ මගේ phone එක අම්මා චෙක් කලේ මං නොහිතපු වෙලාවක.. massage,දේව්ගේ photos ඔක්කොම මාට්ටු ඉතිං.. කරුමෙ කියන්නේ එවලෙම දේව්ත් call කලානේ.. අම්මා answer කරලා දේව් එක්ක කතා කලා.. බැන්නෙනම් නෑ..

පුදුමෙ කියන්නේ මට බැන්නෙත් නෑ.. හැබැයි ඉතිං phone එකත් ගෙදරින් ගත්තා..

දේව් එක්ක massage නොකර ඉන්නෙ කොහොමද.. ඒක නිසා ගෙදරට හොරෙන් phone එකක් use කරන්න මං තීරණය කලා..

ඒ phone එකත් ගෙදරට මාට්ටු උනේ මගේ ආදරණීය නංගි නිසා.. පුදුමෙ කියන්නේ ඒ phone එක ගෙදරින් ගත්තෙ නෑ.. ඉටපස්සෙනම් අපිට නිදහසේ ආදරේ කරන්න පුලුවන් උනා..

දැන් අපේ ආදරේට අවුරුදු දෙකක් වෙන්න කිට්ටුයි.. ඒ වගේම A/L අතලග..

ඔය අතරෙ තමා මට අම්මගෙයි,තාත්තගෙයි කතාවක් ඇහුනේ..

“අපි මොකද මේකට කරන්නේ?”

“ඒදරුවා හොදයි.. මන් හොයලා බැලුවනේ.. අනික ඔය වසට කොහොමත් ඔය වගේ දේවල් නොවුනොත් තමා පුදුමේ..”

“තාම ලොකූට අපි මේක දන්නවා කියලා දැනගන්න තියන්න එපා..”

ඒක ඇහුනාම මං හිතුවෙ හීන්නයක්වත් දැක්කද කියලා.. අම්මලා දේව්ට කැමතී කියන්නේ කොච්චර සතුටු හිතෙන කාරනයක්ද..

“හෙලෝ දේව්.. ඔයා දන්නවද දෙයක්..”

“මොකද්ද මැණික..”

“අම්මයි,තාත්තයි අපේ affair එක ගැන දන්නවා..”

“ඒ කොහොමද සුදූ.. ඔයාට බැන්නද මැණික..”

“නෑ පැටියෝ.. අම්මයි තාත්තයි කතාවෙද්දි මට ඇහුනේ.. මං එහෙම් එකක් දන්නවා කියලා අම්මලා දන්නෙ නෑ..”

“එහෙනම් කමක් නෑ.. ඒ කියන්නේ මට අම්මලා කැමතී නේද..”

“ම්ම්ම්ම්..”

“මං වගේ ලස්සන කොල්ලෙක්ට කවුද අකමැතිවෙන්නේ..”

“හපොයි.. ඔව් ඔව්.. කාට කියනවද ඉතිං මගෙ මැට්ටා ගැන..”

“ඇයි..”

“නෑ නෑ බබෝ.. ඔයට අකමැතිවෙච්ච කෙනෙක් ඉන්නවනේ..”

“ඒ කවුද බොලේ.. මේ මං නොදන්න කෙනා..”

“ඔයගේ කලින් girl friend..”

“මගේ 1st ඇන්ඩ් ලාස්ට් ඔයා කියලා දන්නවනේ..”

ඔයාල බලනවා ඇති නේද් ඒ හරුපෙ මොකද්ද කියලා..

ඔව් මගේ 1st and last දේව් තමා.. ඒ වගේම දේව්ගෙත් 1st and last මං.. යලුවෙන්න කලින් දේව් මට කිවුවනේ එයාට කලින් girl friend කෙනෙක් හිටියා කියලා.. ඒත් ඒක බොරුවක්..

එයා එහෙම කියන්නත් හේතුවක් තිබ්බා..

දේව් කියන්නේ handsome කොල්ලෙක්.. ඒ වගේ කොල්ලෙක්ට කෙල්ලෙක් නෑ කියලා හිතන්නත් අමාරුයි.. specialy දේව්ට.. එයාට තියෙන්නේ කෙල්ලන්ව පිස්සුවට්ටන්න පුලුවන් ස්වරූපයක්.. එහෙම කොල්ලෙක්ට කෙල්ලෙක් නෑ කිවුවාම හිතෙන්නෙම ඉතිං ටොම් පචයක් කියලා තමා..

❤️❤️❤️

ඉගියක් දෙන්නම්.. මගේ කතාව දැන් ඉවර වෙන්න ලගයි ඔන්න..

ඊළග කොටසින් හමුවෙමු…

6 thoughts on “නොපැතූ සෙනෙහෙ | හතලිස්එක්වන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.