Katha Ahura

අන්ධකාරයේ යක්ෂයා| නම වන කොටස | හොල්මන් කතා

1/5 - (1 vote)

?️ අන්ධකාරයේ යක්ෂයා

නම වන කොටස

“රුවන් උබ හොදින්ද ”

“මං ජෙහාන්………..තේරුනාද……”

එහෙම කියලා රුවන් බෙල්ල කරකවලා කරගැට දෙකකුත් කැඩුවා කවදාවත් නැති විදියට

“මේ කුස්සිය අස් කරලා ඉවරයි…….මේ ෆ්‍රිජ් එකක් තියනවා හරි පරනයි ඒක………..හොදට සුද්ද කරලා ගමු……..දැන් යමු කාමර අස් කරන්න අපි හිටිය එකට යමුකෝ………..”

“හ්ම් යමන් සිතුම් අයියේ…….මේ රු………නැ…….ජෙහාන් උබ ඔතන ඉන්නවද අපි යනවා අස් කරන්න……….”

“නෑ…………මං යනවා එලියට ඇවිදින්න”

“හා එහෙනම්……….වරෙන් චමෝ,සිතුම්,කෙල්ලනේ වරෙල්ලා………එයා පාඩුවේ හිටපු දෙන්………”

සාලිය එහෙම කියලා ඇස් වලින් “ඉදපුවාවේ “කියලා කට්ටියම ගියා අනිත් ඒවා අස් කරන්න

“අ…………නේ…………..හ්……………..කෝ……..අප්පා ජගා……………”

“ඒ සිරාවට රවිය කියනකල් ඌව මතක් උනේ නැනේ…….කෝ බං ජගා…..”

“ඔය කොහෙ හරි ඇති සිතුමෝ……ඌ ගේ බලනවා ඇති…….අපි අස් කරමු……”

කට්ටියම එකතු වෙලා හිටිය කාමරේ අස් කලා……ඇද ආපහු පහලට දාලා…….ලස්සනට ඒ කාමරේ අස් කලා………..ඊට පස්සේ ටිවී කාමරේ අස් කලා….පරණ ටීවී එකක් තිබිලා ඒකත් කට්ටිය හ්දලා ගත්තා………..ඊට පස්සේ ඊලග කාමරේට ගියා……….ඒකත් සාමන්‍ය කාමරයක් ඒකෙ බාත් රූම් එකක් තිබුනා ඒකත් අස් කලා………ඒකෙ තිබුනේ ඩබල් ඇදක්……….ඔක්කොම අස් කලා……

ඊලගට ගියේ මැද කාමරේට………ඒක සුරංගනා ලෝකයක් වගේ ඒ තරම් ලස්සනයි……….

“වාව්…………….කවුද බං මේකේ ඉදලා තියෙන්නේ………………..”

“අනේ මංදා රිතූ……..”

රෝස පාටින් දිලිසුනු ඒ කාමරේට කාගේ උනත් හිත ඇදිලා යනවා………සුදු පාට ඇද ඇතිරිල්ලක් එලලා තිබුනු ඇදේ නෙට් එක,බෙට් ශීට් එක,කොට්ට ඔක්කොම රෝසම රෝස පාටයි.ජනේල් රෙදි,බිතියෙ පාට ඔක්කොම රෝස පාටයි…….ලස්සන ලස්සන බබාලගෙ පරණ පින්තූර දෙකක් තුනක් බිත්තියේ ගහලා තිබුනා…….හරි අමුතු චාම් ලස්සනක් තිබුනා ඒ කාමරේ…

“ස්…………හා…………..ර්…..රිහ්………..ත්…………..තූ…………..ත්…………ත…………..ම්……..ම…………යි………….හි……………ට්………ටි……………..යේ……..”

සදූගේ කනට කරලා හිමීන් කවුදෝ කොදුරනවා සදූට ඇහුනා…………

“රිතූ මාව බය කරන්නෙපා……….”

“හැ? බොට පිස්සුද ”

“අනේ මේ පිස්සු කෙලින්නෙපා………”

?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️

“මේ මේ මෙහෙ වරෙන්කෝ…………මේ බලහන්කෝ ලස්සන රෙදි වගයක් කෙල්ලෙක්ගේ බං……….”

“කෝ කෝ……………”

ලොකු සූට්කේස් එකක ලස්සන ලස්සන රෙදි වගයක් අහුරලා තියනවා……….සායවල්,ගවුම්,බ්ලවුස්………යට ඇදුම් පවා ඒකේ තිබුනා…….

“මේ කොහොම උනත් චාම් කෙල්ලෙක්ගෙ බං…………ඒ උනාට ඊයා මේ යට ඇදුම්……….”

“වාව්……..මේ මේක මට ඕනි………..හෝදලා අදින්න පුලුවන්…………..”

“මේ සුදු පාට ගවුම මට ඕනි………..”

“ඔහ්………..මේ මේවා ලස්සනට තිබ්බට හුගක් දිරලා බං……….”

“මේ ගෑනුනේ මෙහෙ වරෙන් මේවා අස් කරන්න…..මේකේ බඩු ගොඩයි…………..”

කට්ටිය රෙදි පෙට්ටිය අතෑරලා දිව්වෙ සාලිය කෑ ගහපු දිහාවට……..ලස්සන කන්නාඩි මේසේ බොද උනු කන්නාඩිය……..කන්නාඩි මේසේ උඩ චූටි ලස්සන ඩයරියක් තිබුනා………ඒක කරකව කරකව අතට ගත්ත රුවී ඒක අරින්න උත්සහ කලා………….

“ම්…………..හ්…………අරින්න බෑනේ……..පාස්වර්ඩ් ඕන………….”

“කෝකටත් ගනින්කෝ බං……..”

ඒ කන්නාඩි මේසේ නොතිබුනු දෙයක් නෑ……ඒත් ඒ කිසිම දෙයක් පාවිච්චි කරන්න බෑ………… Exp date:2002/06/24 ගොඩක් ඒවගේ මෙන්න මේ අවුරුද්දයි සදහන් උනේ…………….

“අවසානෙට ඉදලා තියෙන්නෙ මේ අවුරුද්දෙ තමයි…….”

“අර බලහන්…………සපත්තු……පිරිමි සපත්තු ජෝඩුවකුයි,ගෑනු සපත්ති ජෝඩුවකුයි………”

“ඒ කියන්නෙ ……..ඒ කියන්නේ ඉදලා තියෙන්නේ ජෝඩුවක්……..ඒත් ඒත් කෝ එයාලා……..එයාලද ඇක්සිඩන්ට් උනේ……..ඒත් මේ බඩු වල හැටියට ඉදලා තියෙන්නෙ අලුත බැදපු ජෝඩුවක්………”

“ඒත් ජගා කිව්ව විදියට එයාලගෙ නෑදෑයො වෙන අය බැදලා අවුරුදු 17ක් ගිහිල්ලත් එයලට ළමයි ඉදලා නෑ……….එතකොට එතකොට මේවා කාගෙද………”

“අනේ මන්දා සදූ මෙතන අපි නොදන්න මොනා හරි දෙයක් හැන්ගිලා තියනවා……”

“සමහර විට රුවී මෙහෙමත් වෙන්න පුලුවන් නේ……මේ උඩ තට්ටුවම එයාලා කුලියට දීලා තිබුනා වෙන්න ඇති………”

“ඒක වෙන්න පුලුවන් රිතූ…..ඒත් එයාලා ගියානම් මේ දේවල් මෙහෙම දාලා යයිද……”

“ඒකත් ඇත්ත රුවී……කමක් නෑ අපි තව ටිකක් හොයලා බලමු…….ඒත් මේ රුවන්ට වෙලා තියෙන්නේ මොකද්ද”

“අනේ මංදා මට නම් තේරෙන්නෙ නෑ සදූ……..කමක් නෑ අපි දැනට මේක අතාරිමු….පස්සෙ ඒ ගැන හොයමු……ඩයරියත් තියනවනේ අපි ලග”

“හ්ම්ම්ම්ම්ම්…….”

“මේ මේ……..ඕවා ඔක්කොම විසික්කන්න මේන් මේ පොහොර බෑග් එකට දාපල්ලා………”

“මේ කොල්ලෙගෙ ඇදුනුත් තියනවා…….”

“රිතූ ඕවා ඔක්කොම දාපල්ලා මේකට……”

ඇදේ තිබුනු බෙට්ශීට් අයින් කරලා,ඇදුම් ඔක්කොම අයින් කරලා,තිබුනු පොඩි පොඩි බඩු ඔක්කොම අයින් කලා………අයින් කරලා ඔක්කොම දැම්මා පොහොර බෑග් එකකට…….දාලා කාමරේම අස් කලා………

“මේ සදූ ලොකු හෝඩුවාවක් හම්බුනා………”

? Sachini kavindya

????????????????

හෝඩුවාව මොකද්ද ………….කල්පනා කරලා අනුමාන කරන්නකෝ………….. අන්ධකාරයේ යක්ෂයා හෙටත් එනවා……..?????

7 thoughts on “අන්ධකාරයේ යක්ෂයා| නම වන කොටස | හොල්මන් කතා”

  1. ?K.Kanchana Damayanthi?

    ඩයරිය ඇරගත්තොත් ලොකුම හෝඩුවාවක් හොයා ගන්න පුලුවන් වෙයි… එතකොට් තව මොක්ක්ද හම්බෙලා තියෙන්නෙ… ජගත් කොහෙ ගිහින්ද… මෙච්චර ගෙ අස්කරද්දිත් ජගත් නැත්තෙ.. එයාට කාව වැහිලද….රුවන් නම් ජෙහාන් වැහිලා… අලුත් බැදපු ජෝඩුව්ට මොකුත් කරදරක්වත් කරලා වෙන්න් ඇති කවුරු හරි…

    කතාව නියමයි අක්කියෝ….???

      1. ?K.Kanchana Damayanthi?

        ඒම තමා ඔයාගෙ කතාව ගැන හැම පැත්තකින්ම හිතලා බලනවා මන්… නවල් ලිව්වට මන් ආස හොල්මන් කතාවලට … බය උනත් කියෙව්වෙ නැත්නම් පිස්සු හැදෙයි මට ……

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.