Katha Ahura

හිතුවක්කාරයෝ |සිව්වැනි දිගහැරුම |ත්‍රාසජනක කතා

4.3/5 - (33 votes)

හතරවැනි දිගහැරුම

ඇත්තමයි..අපි ඉස්සරහ තිබ්බෙ මනස්කාන්ත දිය ඇල්ලක්…ගල් තලා වලින් හැඩ උනු පොඩි කලු ගල් පර්වත අතරින් එහෙට මෙහෙට හැරි හැරි ගමන් කරන සුදු පෙණ වගේ වතුර..තරමක උසක ඉදන් පහලට කඩාහැලෙන කිරිපාට වතුර…අපේ නෙත් සිත් ඇදබැද ගත්තා….

හෝ හෝ හෝ හෝ ගාලා සද්දෙන් උඩ ඉදන් වතුර කඩාහැලෙද්දි ඒ අවට ටිකක් මීදුම වලින් වැහිලා තිබ්බෙ..කට්ටියම කටවල් ඇරන් දිය ඇල්ල දිහා බලා හිටියෙ..

” අනේ..හරිම ලස්සනයි…” කට්ටියම කෑගහගෙන දුවගෙන ගියේ ගල්තලා උඩට…මාත් කෙල්ලො දෙන්නත් එක්ක සතුටින් හිනාවෙවී දුවලා ගියා ඇල්ල ලගට…එක ගලක් උඩට පැනලා වාඩි වෙලා අත් දෙකටම ගලාගෙන යන වතුර ටිකක් අරන් මූණ හෝදගත්තෙ ගමන් මහන්සිය යන්න කියලා..

” හා හා කෙල්ලනේ පරිස්සමින් …පය බුරුලෙන් තියලා පලයල්ලා…තොපිව වැටුනොත් බේරගන්න කවුරුවත් නෑ….” නිර්වාන් මහ හයියෙන් එහෙම කියද්දි මං දැක්කා සැහැසි ඌට රවනවා..මූණත් හෝදගෙන ගල උඩ හිටගෙන මං වටපිටාව බැලුවා..පුදුමාකාර ලස්සනක් තියෙන්නෙ මේ කැලේ….දිය ඇල්ලට එහායින් තියෙන්නෙ අපි ආපු පැත්තට වඩා ඝනව වැවුනු ගහකොල….ඒ පැත්ත නං හද්දා කැලේ…අඩිය තියලා යන්නවත් පුලුවන්ද මංදා…මං දැක්කෙ කොල්ලො කට්ටිය දිය ඇල්ල පහලට කඩාහැලෙන තැන ගල් තලා උඩට ගිහින් එක එක විදිහට හිටගෙන photos ගහනවා..අපි තුන්දෙනා ඒ දිහා බල බල හිනා වෙවී හිටියෙ…ඒත් එක්කම මට ආසා හිතුනා සපත්තු දෙක ගලවලා කකුල් වතුරෙ ටිකක් ඔබාගෙන ඉන්න..මොකද මේ වතුර හරිම සීතලයි…හරිම නැවුම්…කකුල් වල දැවිල්ල යනවා වතුරෙ ටිකක් කකුල් ඔබාගෙන ඉදියම.එහෙම හිතලා මං සපත්තු දෙක ගලවලා ගල උඩින් තියලා වාඩි උනා…කලිසම ටිකක් උඩට උස්සගත්තු මං දැක්ක දෙයින් මට යටිගිරියෙන් කෑගැස්සුනා…

” ඈ……”

” මොකෝ මොකෝ…”

කට්ටියම මං ලගට ගල් උඩින් පැන පැන දුවලා ආවෙ වෙඩිල්ල වගේ….

” මොකෝ ආදි…” නිම්සරා බයවෙලා වගේ මගෙන් අහද්දි මං පෙන්නුවෙ මගේ කකුල් දෙක..දණහිස්සට පහලින් කකුල් දෙකේම කූඩැල්ලො දෙන්නා දෙන්නා ගානෙ එල්ලිලා ලේ බොනවා…කලුම කලු පාට තඩි කූඩැල්ලො ….ඊක්කා…මගේ සුදු කකුල් වල ඒ කලු ජරා කූඩැල්ලො කැපිලා පෙනුනා..අනේ මට බෑ…ඊයා..අයියෝ….

” අනේහ්…මට බෑ….අයින් කරන්නකො කවුරුහරි මේ ජරා සත්තුන්ව….අයියෝ…හෑ…මට හිරිකිතයි….” මං අඩ අඩ කෑගහන්න ගත්තෙ ඇත්තටම මට හිරිකිතයි ඒ සත්තුන්ව..මගේ ඇගේ හිරිගඩුත් පිපිලා….මුන් ලේ බොන හින්දා තමයි එහෙනම් මට කකුල් වලින් වේදනාවක් දැනුනෙ…ශික්…කොහොම එල්ලුනද මංදා…එන්න කලින් සබන් ගාගෙනනෙ ආවෙත්..හයියෝ…

” මුන්ව ගැලෙව්වොත් ඔයාගෙ කකුල් වලින් ලේ යයි…ඔහොම්ම ඉන්න අරින්න..ලේ බීලා ලේ බීලා ඕකුන් එහෙම්මම ගැලවිලා වැටෙනවා…” රහල් එහෙම කිව්වා..

” මොකක්…මෙහෙම්මම ඉන්න…ඊයා..අනේ මට බැහැ…ලේ ගියත් කමක් නෑ..අනේ කවුරුහරි මුන්ව අයින් කරන්නකෝ…අනේ සැහැසි..නිම්…අනේහ්…” මං අඩන්න ගත්තෙ මහ හයියෙන් ..ඇත්තටම මං ඔයවගේ දේවල් වලට පුදුම බයක් තියෙන්නෙ…

” කෝ අයින් වෙයල්ලා අයින් වෙයල්ලා…” එහෙම කියාගෙන මං දැක්කෙ මං ලගට ආවෙ දෙනුවන්…මොකද්ද මංදා ඉටි කවරයක් අතේ තියෙනවා…ගල උඩ මගේ ලගින් වාඩි වෙච්ච දෙනුවන් ඒ ඉටිකවරෙ තියලා ගත්තෙ සුදුපාට කුඩක්..හැමෝම කටවල් ඇරන් බලන් ඉද්දි මාත් ඌ දිහා පුදුමයෙන් බලන් හිටියෙ මොකද්ද මෙයා කරන්නෙ බලන්න..

” කූඩැල්ලො වැටෙනවා ලුණු ටිකක් දැම්මම….” දෙනුවන් එහෙම කිව්වා..ඒ කියන්නෙ ඒ සුදු කුඩු වෙන මොනාවත් නෙවේ…ලුනු..දෙනුවන් හිමින් සිරුවෙ මගේ කකුලෙ කාගෙන හිටිය කූඩැල්ලො ටික ලගට ලුනු ටික ටික දැම්මා…තත්පර දෙක තුනක් යනකොට මෙන්න බොලේ කූඩැල්ලො සේරම ටික වැටුනා.කකුලෙන් ලේ චුට්ටයි ඇවිත් තිබුනෙත්…

” දැන් හරි….simple case and simple method ” දෙනුවන් හිනාවෙලා නැගිටලා මට අත දුන්නෙ නැගිටින්න…මාත් ගල් තලාවෙන් නැගිට්ටෙ දෙනුවන්ට පින් දිදී…

” අඩෝ..ඔය හතර දෙනාව දාගනින්කො බං බෑග් එහෙකකට….” සදුන් කිව්වෙ කූඩැල්ලො ටික පෙන්නලා..

” ඇ..ඇයි..” සැහැසි ඇහුවෙ..ඇත්තටම ඒ ඇයි..

” නෑ ඉතින්…ලුනුත් තියෙන එකේ අපිට පුලුවන්නෙ ඕකුන්ව පොඩ්ඩක් බැදගෙන කන්න…ඒකයි…” සදුන් එහෙම කියාගෙනම එහාට දිව්වෙ රහලුයි ශාක්‍යයි ඌට ගහන්න එලවද්දි…හැමෝම හිනාවෙවී ඒ දිහා බලා හිටියෙ හරිම සතුටින්..අපි කට්ටිය දිය ඇල්ල ලගින් පොඩ්ඩක් අපි ආපු පැත්තට ඇවිල්ලා දිග ගල්තලාවක් උඩින් කට්ටියම එකපෙලට වාඩි උනා…

” බඩගිනී බං..කමුකො….” නිර්වාන් එහෙම කිව්වම කට්ටියම ලෑස්ති උනේ කෑම කන්න…මොකද දැන් දවල් එකටත් කිට්ටුයි…අපේ අනිත් ඈයො මොනා කරනවද දන්නෑ…හිත හිතම මං කෑම මුල දිගෑරගෙන කන්න ගත්තෙ මගේ යාලුවො දෙන්නා එක්ක…අපි තුන් දෙනා එකට කද්දි කොල්ලො පස්දෙනා ටිකක් එහායින් ඉදගෙන කෑම කනවා..

” අඩෝ..මට මස් සුවදක් එනවා…ඒයි කෙල්ලනෙ…උබලා කවුරුහරි මස් ගෙනාවද…??” සදුන් ඇහුවෙ අපි දිහා බලාගෙන..සැහැසිගෙ බත් එකේ තමයි චිකන් හදලා තිබ්බෙ..

” ඔව් ඇයි…” සැහැසි ඇහුවා..

” උබලට මෝල්ද යකෝ කැලේ අස්සෙ trip ඇවිල්ලා මස් කන්න ගේන්න…ආ….දන්නැද්ද කැලවල් ඇතුලෙ යක්කු පෙරේතයො කුම්බාන්ඩයො ඉන්නවා…ඔය මස් වල සුවදට උන් ඇදිලා එනවා..ඕවා වීසි කරපල්ලා…නිකන් කාපිය බත් ටික..ගොන් හැත්ත….” එහෙම කියලා සදුන් ආයෙම අහක බලාගත්තා…කොල්ලො ටික නං හිමින් හිමින් හිනා වුනත් ඒ කතාවට මටයි මගේ යාලුවොන්ටයි නං හිනා ගියේ නෑ…අපි තුන් දෙනා මූණින් මූණ බලාගත්තෙ බයෙන් බයෙන්…

” ඇ…ඇ..ඇත්තද බං ඒ කතාව…” සැහැසි ඇහුවෙ බයෙන් වෙව්ල වෙව්ල…දැන් දැන් නං මට එක එක කටහඩවල් ඇහෙනවා වගේ..බුදු අම්මෝ..

” දන්නෑ බං…කො…කොයි එකටත් ඕවා විසික් කරලා කමු…” මං කිව්වා…සැහැසි බත් එකේ තිබ්බ මස් කෑලි දෙක තුන අහකට වීසිකරලා දැම්මා…මං දැක්කා කොල්ලො ටික අපිදිහා බලන් කින්ඩියට හිනාවෙවී ඉන්නවා..මේක මේ මුන් කියන බොරුද කොහෙද…ශික්..අපරාදෙ නිකන් බය උනා අපි…හිත හිතම මං බත් කටක් කටේ ඔබාගෙන ඉස්සරහ බැලුවා…මගේ යාලුවො දෙන්නා තමයි මට ඉස්සරහින් වාඩිවෙලා ඉන්නෙ…ඒ දෙන්නා අතරින් මට කෙලින්ම පේන්නෙ දිය ඇල්ලට එහායින් තියෙන ඝන මූකලාන..කෙලින්ම ඉස්සරහ නිකමට වගේ බලපු මං දැක්කෙ ගස්කොලන් අතරින් දිය ඇල්ල ලග ඉදලා කැලේ ඇතුල්ට ඇදෙන මනුස්ස රුවක්….නිකන් කොල්ලෙකුත් වගේ…හැබැයි කලු ඇදගෙන හිටියෙ…ඒත් ඒ කවුද …මේ කැලේ අපිට අමතරව තව කවුරුහරි හොරෙන් බලන්න ඇවිත්ද..හිත හිතම මං හොදටම ඒ දිහා බලා හිටියත් ඒ රුව ගස් අතරින් නොපෙනී ගියා…

” මොනාද බං උබ බෙල්ල දික්කර කර බලන්නෙ…” නිම්සරා ඇහුවෙ පිටිපස්ස බලන ගමන්.

” නෑ..මේ…මං දැක්කා කවුද කොල්ලෙක් වගේ එකෙක් අර එහාපැත්තෙ කැලේ ඇතුල්ට යනවා ඇල්ල ලග ඉදලා…” මං එහෙම කිව්වම කට්ටියම ආපස්සට හැරිලා බැලුවෙ…දැන් ඉතින් බැලුවට වැඩක් නෑ…එයා නොපෙනී ගිහින් ඉවරයි…

” කෝ බං…” ශාක්‍යත් එහෙම ඇහුවා..

” දැන් නෑ…මං දැක්කෙ ගස් අතරින් කැලේ ඇතුල්ට යනවා….”

” උබට පිස්සුද ආදි…මේ කැලේ අපිට අමතරව මනුස්ස පරාණියෙක් නෑ…මේ පැත්තට කවුරුවත් බලන්න එන්නෑ…හැබැයි හොරෙන් පැන්නොත් ඇරෙන්න…මේ අපි වගේ….හහ් හහ් හා..” සදුන් හිනාවෙන්න ගත්තා…කොල්ලො ඔක්කොම වගේ හිනා උනත් දෙනුවන් මා දිහා බලා හිටියෙ ටිකක් අමුතු විදිහකට …හරියට මං කියපු දේ පිලිගන්නවා වගේ බැල්මක් තිබ්බෙ…

” නෑ සදුන්….මං දැක්කා..මේ ඇත්තමයි කියන්නෙ…ඔයාලා හිතන්නෙ බොරු කියලද…” මං ඇහුවෙ ඇඩෙන්න වගේ..මෙයාලා හිතන්නෙ මං බොරු කියනවා කියලාද කොහෙද…මෝඩ කොල්ලො..

” නෑ…හැබැයි ඔයා දැක්කෙ මනුස්සයෙක් නං වෙන්න බෑ…ඒ භූතයෙක්….බුවාහ්..හහ්..හහ්..හා…” සදුන් අත් දෙකත් වකුටු කරගෙන ඇස් දෙකත් වපර කරගෙන හොල්මනක් වගේ කෑගහන්න ගද්දි ඇත්තටම මගේ හිත ගැස්සිලා ගියා..ඇත්තටම මං ඒ දැක්කෙ කලු ඇදගෙන ගියේ හොල්මනක්ද…බුදු අම්මෝ…

” අනේහ් සදුන්..” ඇත්තටම මට ඇඩුනා..

” අයියෝ..නවත්තපන් සදුන්…මොනාද උබ මේ කරන්නෙ…කෙල්ලො බය කරන්නැතිව ඉදපන්…ආදි…අඩන්නෙපා…ඌ විහිලුවක් කලේ….ඌ කලින් කිව්ව එකට ඔයා ටිකක් බයවෙන්නැති…ඒකයි ඔයා ඒ වගේ දෙයක් දකින්නැත්තෙ….” රහල් එහෙම කිව්වා..ඒත් මං නං ඒක පිලිගන්නෑ…මගේ හිතේ මහලොකු බයක් තිබුන්නෑ විකාර දකින්න තරං..ඒක මං දැක්ක මනෝ විකාරයක් නං කොහෙත්ම වෙන්න බෑ…

” නෑ රහල්…ආරාධ්‍යා දැක්ක එක මාත් දැක්කා….මාත් දැක්කා කලු ඇදගෙන කැලේ ඇතුල්ට නොපෙනී යන කොල්ලෙක් වගේ එකෙක්ව…” දෙනුවන් කිව්වෙ මං දිහත් බලලා..දෙනුවන් හිටියෙත් ඒ ඝන මූකලානට මුහුණලා …ඉතින් මට වගේම එයාටත් ඒ පැත්තෙ වෙන දේවල් පේනවා..දෙනුවන් කිව්ව දේ ඇහිලා හිනා වෙවී හිටිය කොල්ලො ටිකගෙ හිනාවල් නැතිවෙලා ගියා..

” උබත් ඒ ගමන ආදිගෙ පැත්ත අරන් අපංබ්‍රස කියවනවද….” ශාක්‍ය ඇහුවෙ තරමක කේන්තියෙන් .

” මං ආදිගෙ පැත්තක් ගත්තෙ නෑ හු@$@ මං කිව්වෙ මාත් දැක්ක දේ..අපි කාලා ආපිට යං බං…ඔය ඇවිද්දා ඇති…හවස් වෙන්න කලින් අපි යන්….” දෙනුවන් එහෙම කියලා බත් කටවල් දෙක තුනක් කාලා නැගිට්ටා…මාත් එයාගෙ කතාවටනං එකගයි..දැන් කැලේ ඇතුලෙ සිරි නැරඹුවා හොදටෝම ඇති….දැන් ආපිට ගියානං තමයි හරි….අපේ අනිත් ඈයො නං දැන් අපිව පණ කඩාගෙන හොයනවා ඇති…අම්මෝ…අපිට හොද punishment එකක් කතෑකි වගේ මිස්ගෙනුයි ගාඩ්ලාගෙනුයි….හිතනකොටත් ඇග හිරි වැටෙනවා….මාත් තව බත් කටවල් දෙක තුනක් කාලා කෑම උරේ බෑග් එකට දාගත්තා..දිය ඇල්ලෙන් අතත් හෝදගෙන වතුර බීලා ආයෙම සැරයක් දිය ඇල්ල දිහා ටික වෙලාවක් බලා හිටියා..

” අපි තව ටිකක් ඉස්සරහට යං බං…අපරාදෙනෙ නැත්තං…තව ලස්සන ලස්සන තැන් ඇති මේ කැලේ….” නිර්වාන් කිව්වා..

” බෑ බං…අපි යං…තව ඉස්සරහට යන්න යන්න අපිට ආපිට එන්න පාරවල් හොයාගන්න බැරි උනොත්….අනික මේ කෙල්ලොත් එක්ක බෑ බං…අපි වගේ නෙවේනෙ කෙල්ලො…ගොඩක් දුර ඇවිදන් යන්න බෑ…දැන් අපි කිලෝමීටර් තුන හතරක්ම වගේ ආවානෙ…දැන් යං..” දෙනුවන් තේරුම් කරලා දුන්නා කට්ටියට..

” අම්මට හුඩු…යකෝ..මට දැනුයි මතක් උනේ…අර කොල කෑලි ටික මගේ අතින් හැලිලනෙ….” සදුන් කිව්වෙ ඔලුවෙ අත් දෙක ගහන්.මොකක්…

” මොකක්..??” කට්ටියටම කියවුනා..

” හෑ…..ඔව් බං…අර කුණ කටුවද මොකාද එකා දැකලා කට්ටිය දුවද්දි කොල කෑලි ටික මගෙ අතින් බිමට වැටිලා…”සදුන් කිව්වෙ මූණ බෙරි කරගෙන..දෙවියනේ දැන් අපි කොහොමද පාර හොයන් යන්නෙ…මටත් ඒක මතකයක් තිබ්බෙ නෑ…කමක් නෑ..අපි මහලොකු දුරක් ආවෙ නෑනෙ..අපිට පාර හොයාගන්න අමාරු නෑ…මාත් හොදට වටපිට බල බල ආපු හින්දා පාර මතකයි…

” අයියො..කමක් නෑ…දැන් මොනා කරන්නද…එහෙනං දැන් කට්ටියම ආපිට යන එකයි ඇත්තෙ…” රහල් එහෙම කියලා කට්ටියවම ඇල්ලෙන් එහාට අරන් ගියා.

කුරුල්ලො රෑන් රෑන් අහසෙ පියාඹලා යනවා..හරිම ලස්සනයි…ඒ දිහාත් ටිකක් වෙලා බලා ඉදලා කට්ටියම ආයෙ ආපිට යන්න ගියේ අපේ චාරිකාව ඉවර කරන්න..

**************************

කට්ටියට චාරිකාව ඉවර කරන්න පුලුවන් වෙයිද…නැත්තං දැන්ද චාරිකාව පටං ගන්නෙ…??අර ආරාධ්‍යා දැක්ක ජායාව ඇත්තටම මනුස්සයෙක්ද…නැත්තං සදුන් කිව්වත් වගේ ඒ අවතාරයක්ද… හෙට බලමු ඒක..හෙට තමා ලස්සනම දවස…

M.Ashka Rashmi❤️

3 thoughts on “හිතුවක්කාරයෝ |සිව්වැනි දිගහැරුම |ත්‍රාසජනක කතා”

  1. ?K.Kanchana Damayanthi?

    මොන ඉවරයක්ද දැන් තමා නියම චාරිකාව පටන් ගන්නෙ… ඔය කිව්වට එකෙක්ටාත් ආපහු යන්න් පාරන්ම් මතක නෑ.. අර දැක්කෙ කවුද ඉන්නවා… ඒකව හම්බෙනකන්ම යයි….??? අපි වගේ ඔක්කොම මැට්ටොනේ…

    කතාව ලස්සනයි අක්කියො

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.