Katha Ahura

අමුතු කිරිල්ලී| කොටස් වශයෙන් පළවන කතා|කතා අහුර රචක|පළමු දිගහැරුම

කතාව කොහොමද?

ඇරඹුමට පෙර වදන

ඇය නදූෂා.සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක දෙවෙනි උපත.මේ ඇගේ මතක පොත. දන්න විදිහට ඇගේ කතාවෙ අකුරු අමුණන මම ඇගේ හොදම යෙහෙළිය.පුංචි කාලෙ ඉදන්ම නදූෂගේ චරිතයෙ හැම අස්සක් මුල්ලක් නෑරම දැනගෙන හිටපු මට මේ කතාව ඔයාලට ඉදිරිපත් කරන්න හිතුනෙ සමාජයේ තවත් හඩක් නැති චරිතයක් වෙනුවෙන්.ම්ම්ම්….. මම හිතන්නෙ නෑ කවදාවත් නදූෂා එයාගෙ කතාව මේ ලෝකෙට කියයි කියලා.මේක ඛේදාන්තයක් නෙවෙයි.අමුතු කතාවක්.මේක සුඛාන්තයක් වෙයිද කියල මම දන්නෙ නෑ.දෙවියනේ මම පතනව එහෙම වෙන්න කියලා.මොකද තාමත් මේ කතාව ඉවර නෑ.ලැජ්ජාව, ආත්ම ශක්තියක් නැතිකම,දුර්වල පෞර්ෂය ගැන ඔයාලා මොනවද දන්නෙ,මොනවද හිතන්නෙ.හැමදාම දෙවෙනි තැන ලැබෙන එක ගැන.තව…..හීනමානය,දිවිනසා ගැනීම. මිනිහෙක් ඒ තත්ත්වෙට පත් වෙන්නෙ ඇයි?.හිතින් හිතා ගනිපු වීර චරිත එක්ක කතා කරන එක. ඒ දේවල් හරි අමුතුයි වගේ නේද? මේක මනෝ සමාජීය විවරණයක් නෙවෙයි.අමුතු කතාවක්.අමුතු කිරිල්ලියෙක් ගැන අමුතු කතාවක් .
මගේ ආදරණීය යාලුවනේ කියවල බලල මගේ මේ පලවෙනි කතාව ගැන ඔයාලගෙ අදහස් මට කියන්න.

“අනේ කොහොමද ඉතින්.මං බයේ හිටියෙ මට තනියම ඉන්න වෙයි කියලා”.

කන ලගින්ම ඇහුන හඩින් මම ගැස්සිලා හැරිල බැලුවා.ආ ශාරදී. මට පුදුම හිතුනා.ඒ වගේම ලොකු සැනසීමකුත්.ශාරදි හිනා කටක් පුරෝගෙන මගෙ අත අල්ල ගත්තා.

“මොකද නදූ බය වෙලා වගේ.ඇයි ලමයෝ මට නම් එපා වෙලා හිටියෙ අර කෙල්ලො ගොඩක් මැද්දෙ ඉදල.දැන් ඉතින් බැරියැ අපි දෙන්නටත් කොක්කක් දාගන්න.”

මගෙ වෙනස් වුණ මූණ දැකල එයා කිචි බිචි ගාලා හිනා වුණා.මට නම් හිනා වෙන්න හිතක් තිබ්බෙ නෑ.

” මං විහිලුවක් කලේ ලමයෝ.මට පුදුම හිතුනා ඔයා දැකල නදූ.මට නම් හරි පුදුමයි ඔයා A/L කරන්න mix එකකට ආව එක ගැන.ඔයාට ඉතින් දවසම බිම බලාගෙන තමයි ඉන්න වෙන්නෙ”.

ආයෙමත් එයාගෙ කිචි බිචිය පටන් ගත්තා.

ඔව් මටත් සැකයි මට ඔලුව උස්සන් ඉන්න පුලුවන් වෙයිද කියල.
මං නදූෂා ජයමාන්න.වාසගම කැතයි නේ..මාත් කැත නිසා නම කැත වුනාම මොකෝ.මං මේ ඉන්නෙ මගේ අලුත් පාසල ඉස්සරහ.ලමයි ගොඩකට තෙරපිලා පිස්සු හැදෙන්න ආසන්න වෙලා.අද තමයි අපොස උසස් පෙල නව අධ්‍යන වර්ෂයට අලුතෙන් ලමයි බාර ගන්නෙ.මීට කලින් සම්මුඛ පරීක්ෂනයට ආපු නිසා මං මගෙ අලුත් පන්‍තිය තියෙන තැන දන්නවා. අනිත් එක මං internet එකෙනුත් ඉස්කෝලෙ ගැන search එකක් දාලයි ආවෙ. පෙර සූදානම කෝකටත් හොදයිනෙ. මට ශාරදීව හම්බ වුනේ නෑ මීට කලින් මෙහෙදි.සමහරවිට එයා වෙන අංශයකද දන්නෙ නෑ.ශාරදී මගෙ පුංචි කාලෙ ඉදන් හිටපු යාලුවෙක් නෙවෙයි.අපි වැඩියෙන්ම ආශ්‍රය කලේ අමතර පන්ති වලදි.අපි O/L කලේ එක ඉස්කෝලෙ.පන්ති දෙකක.

මට ඒ බාලිකා පාසලේ යාලුවෙකුට කියල හිටියේ ශාරදී විතරයි.මං දැනන් හිටියෙ නෑ එයාවත් මේ ඉස්කෝලෙට තේරිලා කියල.

“ඔයා නම් science section එකේ වෙන්න ඇති නේද නදූ.ඔයාට ඉතින් හොද result එකක් තිබ්බනෙ.අපරාදෙ අපිට වෙන් වෙන්න වෙනව”.

ශාරදී එහෙම කිව්වම මට හිනා ගියා.
“නෑ ලමයො මම art.ඔයා මොනවද?”
“මමත් art.ඕ girl we are more lucky!මොන පුදුමයක්ද ඔයා කලා තෝරගත්ත කිව්වම.ඔයාට කලාව පේන්න බෑනෙ.මට තාම මතකයි හය වසරෙදි නැටුම් මිස් ඔයාට කෑ ගහනව ඇග හොල්ලන් නෑ කියල.trip එකකදි උනත් ඔයා කට හොල්ලන් නෑනෙ සිංදුවක් කියන්න වත්.අනික ලමයො art කරන්න කලාව ඇගේ තියෙන්න ඕන.ඔයා bucket subjects තෝර ගද්දිත් කිව්වෙ clz එක ඇතුලෙ black board එකෙන් උගන්නන විෂයන් මිසක් වෙන මුකුත් තෝරන්නෙ නෑ කියල”.

ශාරදී එහෙම කිව්වම මට දුක හිතුනා.මෙන්න මේක තමයි ප්‍රශ්නෙ.හැමෝම හිතන් ඉන්නෙ මට කලාව පේන්න බෑ,music,dance මට අරහං කියල.මං හෙන බයගුල්ලියක් කියලා තමයි එයාල හිතන් ඉන්නෙ.ඒ හිතිල්ලෙ වරදකුත් නෑ ඉතින් මං කොන්වර්ට් එකේදි හැසිරුනේ එහෙම තමයි.හරියට රොබෝ කෙනෙක් වගේ.වැඩිය කතා නෑ දැගලිලි නෑ.තව යාලුවොත් නෑ.

මං මොනවත් කියන්න කලින් අපි හිටපු තැනට ආපු ශිෂ්‍ය නායකයෙක් බෙරිහන් දෙන්න ගත්තා.

“Science maths section එකට ආපු අය මාත් එක්ක එන්න දෙන්නා දෙන්නා අත් අල්ලගෙන”.

එයා එහෙම කිව්වම පොඩි හිකි හිකියක් ගියේ එක පිරිමි ලමයෙක් ගෑණු ලමයින්ගෙ අත් අල්ලන් ආවට කමක් නැද්ද කියලා අහපු නිසා.ඒ ශිෂ්‍ය නායකයා තමන්ට අපහාසයක් වුනා වගේ රවාගෙන යන්න ගියා.ඒ පස්සෙන් අනාගත වෛද්‍යවරුන් ටිකයි ඉංජිනේරුවන් ටිකයි ගියේ අපි දිහා බලල නිකන් නෝන්ඩි හිනාවක් දාලා.හරියට නිකන් ගොන් රැලක් හිටියා වගේ…

මං හොද result එකක් අරගෙනත් art තෝරපු එක ගැන මගෙ පරණ ඉස්කෝලෙ ගුරුවරු ගොඩක් දොස් කිව්වා.ඒත් මට ඕන වුනේ ගණන් නැති subjects ටිකක් කරන්න.මං ගණන් වලට බයයි. අනික ඉස්කෝලෙ අතෑරල යන්න ඉන්න නිසා මට හිතුනා මට මොකක් හරි ගාණක් හදාගන්න බැරි වුනොත් ලමයි හිනා වෙයි කියලා.විශේෂයෙන් පිරිමි ලමයි.මට පිරිමි ලමයි ආශ්‍රය කරල පුරුද්දක් නෑ.මං හිතන්නෙ ප්‍රාථමික පාසලෙන් පස්සෙ පිරිමි ලමයෙක් එක්ක ජීවිතේට කතා කරල නැතුව ඇති.දැන් ඔයාලට හිතා ගන්න පුලුවන්ද මං කොහොම කෙනෙක්ද කියලා.ලේ නහර වලට වඩා ලැජ්ජා නහර ඇතිව ඉපදුන කෙල්ලෙක්.

මට කා එක්කවත් මූණ දීලා කතා කරන්න අමාරුයි.එතකොට මට හිතෙනව මගෙ මූණෙ මොනා හරි ඇති ,මගෙ නහය උඩ මොනා හරි තියෙනව වගේ,නැත්නම් මගෙ දත්වල මිරිස් කෑලි හිර වෙලා ඇති වගේ මල විකාර.මට කටින් කතා කරනවට වැඩිය හිතින් කතා කරන්න පුලුවන්.ඒත් ඒවා කාටවත් ඇහෙන්නෙ නෑනෙ.

හැබැයි ඇහෙන කට්ටියකුත් ඉන්නව.ඒත් එයාලව පේන්නෙ නෑ.ඒ තමයි මගෙ යාලුවො.දැනට මට ඉන්න හොදම යාලුව පිරිමි ලමයෙක්.එයාගෙ නම කයිල්.ටිකක් අමුතුයි නේ…මං කියවපු පරිවර්තන පොතකින් අහුලගත්ත නමක්.මගෙ ඕනම ගැටලුවකදි මං එයාට හිතින් කතා කරනව.

“මොකද නදූෂා එන්නකෝ ගල් පිලිමෙ වගේ හිටගෙන ඉන්නෙ”.

අනේ art section එකට කතා කලාද මට ඇහුනෙ නෑනෙ.කයිල් එක්ක කතා කරද්දි මට අනන්තවත් ඔය වැඩේ වෙනව.

“අයියෝ සොරි මට ඇහුනෙ නෑ”

“ඒකනෙ මං හිතුව ඔයා ඇස් දෙකත් ඇරගෙන හිටගෙනම මැරිල කියල”.
ශාරදී හයියෙන් හිනා වුනේ අපි පෝලිම පිටිපස්සෙන් ප්‍රධාන ශාලාවට ඇවිදගෙන යද්දි.මාත් එයා එක්ක මටම හිනා වුනා.

“හලෝ නංගිලා වැඩිය සද්ද බෑ හරී.මේක පූජනීය ස්ථානයක්”.

ශාරදීයි මායි ගැස්සුනා.මං නම් හිටි තැනම ගල් ගැහුනා කිව්වොත් හරි.මට කොහොමත් බය හිතුනම ඔක්කොම ලොක් වෙනව.

හලෝ කට්ටියටම.මගේ පලවෙනි කතාව ලස්සනද කියල කියන්න ඕන ඔන්න.වැරැද්දක් තියෙනවනම් පෙන්නල දෙන්න කියල ආදරයෙන් ඉල්ලනව.

27 thoughts on “අමුතු කිරිල්ලී| කොටස් වශයෙන් පළවන කතා|කතා අහුර රචක|පළමු දිගහැරුම”

  1. ලස්සනයි අනෙ ගොඩක්…. අවසානය සුකාන්තයක්ම වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා… ????good luck…

    1. හායි අනූෂි??
      මමත් පතනව අමුතු කිරිල්ලීගෙ ජීවිතේ සුඛාන්තයක්ම වෙන්න කියලා.ඔයාගෙ ආදරණීය අදහසට ගොඩක් ස්තූතියි .☺️☺️

  2. හරිම අමුතු කතාවක් වගේ… කතාව ලස්සනයි… තව ටිකක් දිගට දාන්නකො…

    1. හායි නවංජනා ???
      කතාව දිගට නම් දෙන්න විදිහක් නෑ friend මගෙ ඉස්කොලේ වැඩත් එක්ක .
      ඔයාගෙ comment එකට ගොඩක් ස්තූතියි ☺️☺️☺️☺️.අමුතු කතාවක් වගේම ඇත්ත කතාවක්.කියවලා බලලා මගෙ අඩුපාඩු හදා ගන්න උදව් කරන්න ඕනෙ ඔන්න ??

  3. Atthatama godak lassanai…mage school eketh me wagema yaluwek hitiya…mata eyawa mathak una kathawa kiyawaddi..eth eya nam campus giyata passe godak wenas una..yaluwo godak hoyagattha..hamadetama idiripath una.eyage baya nathi karagattha…good luck nangiya..digatama liyanna kathawa..???

    1. හායි අක්කේ???
      එහෙම වෙනස් වෙන්න කොච්චර ආත්ම ශක්තියක් ඕනෙද මේ වගේ කෙනෙකුට.මං හිතනව අපේ අමුතු කිරිල්ලීත් කවදහරි ඒ අක්කා වගේ වෙයි කියලා.
      අක්කට ගොඩක් ස්තූතියි මට comment කලාට.

    1. හායි නයෝමදූ ???
      අනිවාර්යෙන්ම ඔයා කතාව කියවල comment එකක් දෙනකම් මාත් බලන් ඉන්නව ඔන්න ☺️☺️

    1. හලෝ නෙත්මි.??
      අනේ දිගට ආන්න බැරි එක ගැන නම් sorry හොදේ ?? .
      මම ලබන අවුරුද්දෙ A/L ලියන නිසා වැඩ ගොඩයි.ඔන්න මගෙ කතාව කියවලා ඔයාගෙ අදහස දෙනකම් මං බලන් ඉන්නවා.☺️☺️

    1. හායි නිරෝෂා ??
      ඇත්තටම ඔයා හරි.මේ වගේ අමුතු කිරිල්ලියෝ ඕනතරම් මේ සමාජෙ ඉන්නවා.මට ඕන වුනේ ඒ හඩක් නැති කිරිල්ලියන්ව ඔයාලට අදුන්වලා දෙන්න.
      ඉතින් ඔයාගෙ ආදරණීය comment එකට ගොඩක් ස්තූතියි .???

  4. Ruwanthi Lakshani

    Lassana kathawak wage. Heta diga… kotasak denna hode… ☺☺☺☺ ane awasanaya dukak nam wenna apa.. oyata hadawathinma suba pathanawa dr

    1. හායි රුවන්ති????
      මමත් පතන්නෙ අමුතු කිරිල්ලීට ජීවිතේ දිනන්න ලැබෙන්න කියලයි.තාමත් මේ කතාව ඉවර නැති නිසා මේ කතාවට ලස්සන අවසානයක් ලැබෙයිද නැත්නම් දුකක් වෙයිද කියලා දන්නෙ එයාම තමයි.
      මට ඕන වුනේ මේ වගේ දහසක් අය හිතන විදිය ඔයාලට පෙන්නල දෙන්න.
      ඔයාගෙ ආදරණීය comment එකට ගොඩක් ස්තූතියි .???හැමදාම කතාවත් එක්ක ඉන්න ඕනේ??

  5. හායි යාලුවනේ .???
    මුලින්ම මං ස්තූතිවන්ත වෙනවා ඇඩ්මින් චන්දිමට මගෙ කතාව පල කලාට.
    තව මගෙ යාලුවා ශාරන්‍යටත් .මගෙ phone එක කැඩිලා තිබුන දවස් කීපයෙ මට කතාව type කරන්න,log වෙන්න ලෝබ නැතුව එයාගෙ phone එක දුන්නට.

    කතාවෙ පෙරවදනයි පලවෙනි කොටසයි දෙකම එකට ඇවිත් නිසා කියවද්දි නොපැහැදිලි ගතියක් දැනුනද දන්නෑ.
    පෙරවදන අවසන් වෙලා පලවෙනි කොටස පටන් ගන්නෙ මෙන්න මේ දෙබසින්
    “අනේ කොහොමද ඉතින්.මං බයේ…..”

    හරිනෙ.මට comment කරපු rate කරපු හැමෝටම ගොඩක් ස්තූතියි .????

  6. Hashini Navanjana.

    අනේ ශනෙල්කා ඔයා කතාවක් දාලා හරිම ලස්සනයි නංගෝ… ??? වෙනස්ම විදියක කතාවක් වගේ… ඒ උනාට ලස්සනට ලියනවා. අඩු පාඩුවක් නම් දැක්කේ නෑ පැට්ටි. දිගටම ලියන්න හොඳද ???? ඒ වගේම ස්කූල් එකේ වැඩත් අතපසු කර ගන්නේ නැතිව පුලුවන් විදියට ලියන්න… මටත් ගනන් නම් පේන්නම බෑ අනේ… ලොජික් කරලා ඒකත් අත ඇරලා දැම්මා ගනන් නිසා. අන්තිමට ඩ්‍රාමා තමයි කලේ… ??? හොඳට පාඩම් කරලා එක්සෑම් බෙස්ට් රිසල්ට් එකක් දාන්න ඕනි හොදේ ☺️☺️☺️☺️☺️ ඒ අතරේ පුලුවන් වෙලාවට ලියන්න. ???
    බුදු සරණයි ????
    ❤❤❤❤

    1. හායි අක්කියෝ ???
      ඔයාගෙ අදහස දැන ගන්න ගොඩක් ආසාවෙන් හිටියෙ.මොකද අක්කගෙ නූරි කතාව නිසා මටත් කතාවක් දාන්න ආසා හිතුනෙ.
      මටත් නම් ගනන් වලට ඒ හැටි කැමැත්තක් නෑ.ඒත් කරන්න වෙලානෙ.
      අක්කගෙ ආදරණීය comment එකට ගොඩක් ස්තූතියි ???
      අනිවාර්යෙන්ම best result එකක් දාන්න උපරිමයෙන්ම try කරනවා.
      එච්චරම සාර්ථකව කතාව ලියන්න බැරි වුනා. ඔන්න කතාව කියවලා අක්කගෙ අදහස කියනකම් බලන් ඉන්නව හොදේ.???

      1. Hashini Navanjana.

        අනිවාර්යයෙන්ම පැට්ටි… වෙලාවක් ලැබුන ගමන්ම කතාව කියවලා කමෙන්ට් කරන්නම්කෝ….. ? ???
        ❤❤❤❤

  7. Mmm eka tikak wenas neda habai eka kiyawanna asa hithenawa…. ganan walata bayada mmm mm nm ganan walata thama asama…. hodata ganan haduwama ganan apita baya wenawa e nisa ganan walata baya wenna epa …. mmm oyage kathawa nm godak lassanai nangiyo

    1. හායි හෂී.????
      ඇත්ත.ගණන් කියන්නෙ අපි බය වුනොත් අපිව බය කරන දෙයක්.
      මගෙ කතාවට comment කලාට ඔයාට ගොඩක් ස්තූතියි අක්කේ??? .

  8. hello shanelka.කතාව නම් නියමයි?????. මමත් 8Aඅරන් art තෝරාගත්ත කෙනෙක් .ඒ වගේම ටිකක් silent චරිතයක් ??.හැබැයි එකම වෙනස මම math වලට කැමතියි . ???. ඉතින් ඔයාගේ කතාව මට ගොඩක් සමීපයි. නිහඬ සමාජයේ කැපිලා පේන්නෙ නැති චරිත ගැන මිනිස්සු කතා කරන්නේ හරිම අඩුවෙන් . හුගාක් අය ඒ අයව හරියට තේරුම් ගන්නේ නැහැ. ඒත් ඒ අය තුලත් ලස්සන ආත්මයක් තියෙනවා ?️?️:ලස්සන අදහස් තියෙනවා???? . නිහඬ කෙනෙකුට මේ සමාජයේ හුගාක් අභියෝග තියෙනවා . මම හිතනවා “අනූශාගේ “චරිතය මට හොදට තේරුම් ගන්න පුලුවන් .☺️☺️එයාගේ සිහින යාලුවො ගැනත් මට තේරුම් ගන්න පුලුවන් .☺️☺️????????????????????????(ඒ වගේ අය ගැන කතා කරන්න ඉඩක් වෙන් කරාට ස්තූතියි .මොකද අද හුගාක් අය කැමති දගකාර කටකාර චරිත වලටනේ. ඒත් අපි අතර මෙහෙම චරිතත් ඉන්න බව අපි තේරුම් ගන්න ඕන .)

    All the best.!!!!???????????

  9. හලෝ ඩිනාලි ??????
    මට ගොඩක් දැනුන comment එකක්. ඒ ලස්සන අදහසට ගොඩක් ස්තූතියි යාලූ??????
    ඇත්තටම මේ චරිත ගැන කතා වෙනව ගොඩක් අඩුයි.ඒ නිසාම තමයි මං පුංචි උත්සාහයක් ගන්නෙ ඒ අයගෙ අදහස් ,හැගීම් අපේ ආදරණීය කතා අහුර පාඨකයන්ට ඉදිරිපත් කරන්න.
    ඒ තරම් සාර්ථකව මේ කතාව ලියන්න බැරි උනා.
    O/L best result එකක් අරන් art කරන අය හරි අඩුයි නේද? ඔයාට A/L විභාගයටත් විශිෂ්ඨ ප්‍රතිඵල ලැබේවා කියලා පතනවා .????
    ඔන්න කතාව කියවලා ඔයාගෙ අදහස එවනකම් මම බලන් ඉන්නවා හොදේ.☺️☺️☺️☺️

  10. Kathawa nam patta hithata danenawa ekenma … Busy asse comments danne Hama kotasatama nathi unata comments thara wenna epa hode Eth reting dala aniwa katanwa balanwa pluwan hamawealwakama comments ekak dannam aththatama lassnyi budusaranyi

  11. හලෝ සුමිත් බෝයි.??
    මගෙ කතාවට comment කලාට ගොඩක් ස්තූතියි .☺️☺️☺️☺️.
    අනේ comment දාන්න බැරි වුනාට කමක් නෑ.කතාව හිතට දැනුනනම් ඒක මට ලොකු සතුටක්.☺️☺️

Leave a Comment