Katha Ahura

❤️ ක්‍රොස් මයි හාර්ට් ❤️|තෙවැනි කොටස| නවකතාව | කතා අහුර රචක

5/5 - (1 vote)

තෙවැනි කොටස

” හම්මෝ..හහ්…හහ්.ඇති යාන්තම්…” අහස් ලොකු හුස්මක් පිටකරන ගමන් කිව්වෙ ප්‍රපාතෙන් උඩට එන ගමන්.ඇය කොච්චර සැහැල්ලු යුවතියක් උනත් දැන් නම් අහස්ට ඇයගෙ බර යහමින් දැනුනා.

” යේ….හුරේ…හොද කොල්ලා…උම්……මා……..” උඩට ආව හැටියෙ අමන්දා සතුටින් කෑගැහුවෙ ඇය දෑතින්ම අහස්ගෙ ගෙල බදාගෙන ඒ කොපුලක් තදින් සිපගත්තා.ඇයටත් නොදැනිම ඇය කරපු ඒ දගකාර වැඩේට අහස්ගෙ හිත නොසන්සුන් වෙලා ගියා.ඒත් එය පිටට නොපෙන්නා ඉන්න අහස් උත්සාහ කලා.එහෙම්මම ඇයව බිමට තිබ්බ ඔහු ඉස්සරහටයි පස්සටයි නැවිලා කොන්දෙ හිරි ඇරියා…අමන්දා ඇයගෙ වාහනේට හේත්තු උනේ තවමත් ඇයගෙ කකුල වේදනා දෙනවා..ඇයට තවමත් කෙලින් හිටගන්න ශක්තිය නෑ…

” මේන් වැන්දා…දැන්වත් මට වද නොදී යනවද යන්න…” අහස් දෑතම එකතු කරලා අමන්දා දිහාට මදක් නැවිලා ඇයට වදින ගමන් කිව්වෙ ඇයගෙ දගකාර හිනාව විසිරිලා ගියා.

” බෑ….මං අද ඔයාට යන්න දෙන්නෑ…අද මුලු රෑම ඔයා මා එක්ක තමා ඉන්න ඕන…” අමන්දා හිනාවෙවී කිව්වෙ අහස් ටෝච් එක නිවලා ඇය දිහා බැලුවා.අදුර නිසාම ඇයගෙ මූණෙ හැගීම් සේම ඔහුගෙ මූණෙ හැගීමුත් දෙදෙනාටම පෙනුන්නෑ…

” හහ්…හිතේ ඇති…මං යනවා යන්න…” අහස් යන්න හදද්දි අමන්දා ආයෙම ඔහුගෙ අතේ එල්ලුනා.

” අනේහ්….අනේ මිස්ටර්….මගේ කාර් එකට මොකද්ද වෙලා….ඒක චුට්ටක් බලන්නකො අනේ…මං කාර්ස් ගැන වැඩිය දන්නෑ…මොකක් හරි පොඩි දෙයක් නං වෙලා තියෙන්නෙ ඒක හදලා දීලා යන්ඩ කරුනාකරලා ….හොද මහත්තයා වගේ…අනේ…” අමන්දා තාලෙට කිව්වෙ අහස්ට ඇයගෙ ඇරයුම පිලිනොගෙන බැරි උනා..හිතාගන්න බැරි විදිහට මේ රෑ ඔහුගෙ මුලු හිතම අමන්දා ඇය සතු කරගෙන තිබුනෙ ඒ හිත දැන් අහස්ටවත් අයිති නෑ වගේ…ඒ හින්දම අහස් දෙපාරක් නොහිතා ඇයගෙ ඇරලා තිබ්බ කාර් එකේ බොනට් එක ඇතුල්ට ඔලුව දැම්මෙ මොකද්ද කාර් එකට වෙලා තියෙන්නෙ කියලා බලන්න…තමන්ගෙ phone එකේ ටෝච් එලියෙන් ඒ දිහා බලා හිටිය අහස්ගෙ ඇහිබැමි රැලි වෙලා ගියේ ඔහු යටිතොල හපාගත්තා…

මොකද්ද වෙලා තියෙන්නෙ…කිසි අවුලක් නෑනෙ…හැමදේම හොදින් තියෙනවනෙ…

අහස් කල්පනා කරන්න ගත්තා..කල්පනා කර කර යටි තොල හපන් නොසන්සුන් ඇස් වලින් කාර් එක දිහා බලා හිටිය අහස් දිහා අමන්දා බලන් හිටියෙ වශීවෙලා වගේ.පැත්තට පීරලා තිබ්බ සිනිදු කෙහෙරැලි සීතල හුලගක් ඇවිත් අවුල් කරලා දාද්දි ඒ නොහික්මුණ කොන්ඩෙ නලල වහගත්තා..ලා එලිය මැද දැක්ක ඔහුගෙ කලුවන් දෑස් සේම ඝන ඇහිබැමිත් ගානට කපලා ඔපමට්ටම් කරලා තිබ්බ මුහුණ පුරා වැවුනු රැවුලත් ඔහුගෙ කඩවසම් මුහුණ තවත් ලස්සන කරලා තියෙනවා ඇය දැක්කා….ඒ හැමදෙයක්ම අමන්දාගෙ හිතේ අහස් ගැන අමුතු කැමැත්තක් ඇති කරන්න සමත් උනා.හිතේ ඒ ඇතිවුන කැමැත්ත පිටම ඇය අහස් දිහා ඇහිපිය නොහෙලා බලා ඉන්න ගත්තෙ මුවේ සිහින් මදහසක් සිතුවම් වෙද්දි …

” ම්…කිසි අවුල…ක් න්…නෑ…” එක්වරම අමන්දා දිහා බැලුව අහසුත් එකපාරටම ගොලුවෙලා ගියේ අමන්දාගෙ දෑස් වල බැල්මෙන් හදවත ගැස්සෙද්දි.ඔහුගෙ දෑසුත් ඇයගෙ බෝල ඇස් මත පැටලුනෙ වලාකුළු වලින් එලියට ඇවිත් තිබුන සඳෙන් ලාවට වැටෙන එලියෙන් දිලිසෙන ඒ ඇස් වල ලියැවිලා තිබුනෙ අමුතුම කතාවක්.

” ආහ්..එහෙමද…මොකුත් ප්‍රශ්නයක් නැද්ද .?” පියැවි සිහියට ආ හැටියෙ අමන්දා ඇහුවෙ ඔහුගෙ ඇස් වලින් තමන්ගෙ ඇස් මුදවගන්න ගමන්.ඇයගෙ කටහඩින් අහස්ගෙ දැහැනත් බිදිලා ගියා..ඔහුට එකපාරටම හිනා යන්න ගත්තෙ සනායා දිහා ඇරෙන්න වෙන කිසි කෙල්ලෙක් දිහා අහස් මේ විදිහට බලන් ඉදලා තිබුන්නෑ.ඒ උනත් අහම්බෙන් හමු උන මේ කටකාර හුරතල් කෙල්ල දිහා තමන් බලන් හිටපු හැටි මතක් වෙද්දි අහස්ට ඔහු ගැන ආවෙ තරමක පුදුමයක්.නොදැනුවත්වම උනත් සනායාට විතරක්ම වෙන් කරලා තියෙන ඒ හිත අමන්දා දිහාට එක රැයකින්ම ඇදිලා ගිහින් තිබුනා .

” නෑ…ඉන්න බලන්න ස්ටාට් කරන්න පුලුවන්ද කියලා…” අහස් තමන්ගෙ හිතේ කැලබිල්ල මග හරවගෙන බොනට් එක වහලා කාර් එකේ ඉස්සරහින් නැග්ගා.ආයෙම වතාවක් කාර් එක ස්ටාට් කරන්න හැදුව අහස්ට එකපාරින්ම එය ස්ටාට් කරගන්න පුලුවන් උනා..ඒක දකිද්දි නං අමන්දාගෙ ඇස් උඩ ගියා..කිසිම ප්‍රශ්නයක් නැතුව එකපාරම වාහනේ නතර වුනේ කොහොමද කියන ගැටලුව ඇයගෙ හිතේ එකතු උනා..අහස් වාහනෙන් බැස්සෙ අමන්දා දිහා බලලා කින්ඩි හිනාවක් දාන ගමන්.

” ඔය තියෙන්නෙ බබා වගේ…මොකුත් වෙලා නෑ…ශෝක් එකට ස්ටාට් උනේ?….” අහස් කටකොණකින් හිනාවෙලා එහෙම කියන ගමන්ම වටෙන් අමන්දා අසලට ආවා.ඇය නං කටත් ඇරගෙන කාර් එක දිහා බලන් හිටියෙ.

” හානේ….බ්ලඩී කාර්…ශිට්…මහ හොරෙක් ..කපටියෙක් මේ කාර් එකත්…එකපාරටම ස්ටොප් වෙලා මං කලින් දෙපාරක් තුන්පාරක්ම ස්ටාට් කරන්න බැලුවා…ඒත් ස්ටාට් උන්නෑ…ඒකයි මං එලියට බැහැලත් බැලුවෙ…බලන් ගියාම හොර ලෙඩක් අරන් නතර වෙලා තියෙන්නෙ…බලන්න අනේ…” ඇයගෙ හුරතල් තරවටුව මෙවර අජීවී වාහනය වෙත යොමු උනේ අහස් හිනාවෙවී ඇය දිහා බලන් හිටියා ..මේ රෑ ඇයට දැන් සමුදෙන්න වෙන වග තේරෙද්දි අහස්ගෙ ඒ හිතට සියුම් දුකක් දැනිලා තිබුනා..ඒත් හමුවීමක් තියෙනවානං වෙන්වීමකුත් තියෙනවමනෙ…

” එහෙනං මිස් අමන්දා…දැන්වත් ගෙදර යන්න..පාරවල්වල රස්තියාදු වෙන්නැතුව…දැන් දොලහටත් කිට්ටු ඇති….අම්මලා තාත්තලා බය වෙලා ඇති දූ තාමත් ගෙදර ඇවිත් නෑ කියලා දැක්කම…” අහස් කිව්වෙ ඇයගෙ දෑස් දිහාම බලාගෙන.අහස්ගෙ කියමනට ඇය කලේ හයියෙන් හිනාවෙන එක..ඒ හිනාව ඔහුගෙ හදවතේ ගැඹුරුම තැන තැන්පත් උනා.ඔහු හරි ආසාවෙන් ඒ රුව රසවින්දෙ..

” මොකෝ හිනාවෙන්නෙ..?”

” නෑ මිස්ටර්…මට අම්මලා තාත්තලා ගොඩක් නෑ…ඉන්නෙ එක අම්මායි එක තාත්තායි..එයාලත් දැන් නිදි ඇති..අනික මං කිව්වා අද කොහොමත් එන්න ටිකක් පරක්කු වෙයි කියලා…” අමන්දා දගකාරව කිව්වෙ අහස්ට ලොකු හුස්මක් පිට උනා.

” මං යනවා…ඔයාගෙ අම්මාටයි තාත්තාටයි ඔයාව වැදගත් නැති උනාට මගේ කිරි අම්මට නං මාව වටිනවා..මං එනකන් එයා බලන් ඇති…මං දැන් යන්න ඕනි….සී යූ …” අහස් එහෙම කියන ගමන් එන්න ආවෙ අමන්දා ටිකක් කලබල උනා.

” ඒයි…මිස්ටර්..අනේ…පොඩ්ඩක් ඉන්න…මේහ්…” අමන්දා කලබලෙන් අහස්ට කතා කලේ ඔහු ගමන නතර කරලා ආපිට බැලුවා.

” ඒ පාර මොකෝ….” තරවටුවක් නොවන තරවටුවක් අහස් දැම්මෙ ඇය කට පුරෝලා හිනා උනා.ඇයගෙ හිනාව දැක්කම නං අහස්ට ඇයට බනින්න තියා ඒ ගන හිතන්නවත් හිත් දුන්නෑ..

” මට පොඩ්ඩක් හෙල්ප් කරනවද….කාර් එකට නගින්න..” ඇය හිස පැත්තකට ඇල කරලා ඇහුවෙ අහස්ගෙ හදවත නං මෙවර විදිලි කෙටුවා හා සමාන උනා.සනායා ලග නැති අතිශය රූමත් කමත් හුරතල් කමත් මැය සතුව තියෙන බව අහස්ට එවෙලෙ හිතුනා..කවදාවත් නැතුව ඒ මොහොතෙ සනායා එක්ක මැයව සංසන්දනය කලේ හැමදාමත් ඒ පිරිමි හිත ආස කරපු හුරතලේ අමන්දා ලග අඩුවක් නැතුවම තිබ්බා…

” අද උදේම එලියට බහිද්දි මොකාවද දන්නෑ දැක්කෙ…මට වෙන්නෙම කරදරමනෙ…” අහස් බොරු තරහක් මවාගෙන ආයෙම අමන්දා අසලට ආවා..ඇවිත් සුරත් භාහුව ඇය දිහාට දික්කලේ අමන්දා ඒ අත අල්ලගත්තා..අහස් වටෙන් ඇයව කාරයේ අනික්පසින් තිබ්බ ඉදිරිපස දොර ලගට එක්කන් ආවා.

” ඔයාගෙ නම කියන්නකො අනේ….” අහස් කාර් එකේ දොර අරිද්දි අමන්දා ඇහුවෙ අහස්ට එකපාරටම හිනා ගියා.

” මං කිව්වෙ මගේ නම…ඒක තමා මගෙ නම…හරි දැන් නගින්නකො….චූටි බබා…” අහස් කිව්වෙ සම්පූර්ණයෙන්ම දොර විවර කරලා.අමන්දා කිසිත් නොකියා අහස් දිහා බලා හිටියෙ.

” මං චූටි බබෙක් නෙවේ හරිද…?.. මට ඔයාගෙ නම කියනකන් මං ඔයාට යන්න දෙන්නෑ…තේරුනාද..ඒ හින්දා මට කියන්න මොකද්ද ඔයාගෙ නම…” අමන්දා දෑතින්ම අහස්ගෙ සුරත අල්ලගෙන කිව්වෙ අහස්ට දැන් නං ඇයගෙ මේ වැඩ වලට කේන්තිත් යනවා.

” මේ…පිස්සු කරන්නැතුව මගේ අත අතාරින්න…මගේ නම ඔයා දැනගන්නම ඕන කියලා නීතියක් නෑනෙ…” අහස් ටිකක් සැරෙන් කිව්වෙ ඇයගෙ අත් වලින් තමන්ගෙ සුරත මුදවගන්න උත්සාහ කරන ගමන්.

” නෑ..නීතියක් තියෙනවා…ඒකට කියන්නෙ අමන්දා ලෝ කියලා…කරුනාකරලා මිස්ටර්…මට කියන්න ඔයාගෙ නම…අනේ…”

” බෑ බෑ බෑ..මං කියන්නෙ නෑ…” අහස් එහෙම කියද්දි අමන්දාගෙ මුවේ හිනාව විසිරිලා ගියා.

” ඔයා එලුවෙක්ද අනේ…බෑ බෑ කියන්න….අනේ ප්ලීස් මට ඔයාගෙ නම කියන්න…ඔයා නම නොකිව්වොත් අද රෑට මට නින්ද යන එහෙකුත් නෑ….” ඇය ඇත්තම කිව්වා..අමන්දාට දැන්නං මේ කඩවසම් තරුණයාගෙ වතගොත දැනගන්න තිබ්බෙ හරි උවමනාවක්.. ආසාවක්…වතගොත කෙසේවෙතත් මේ ආඩම්බරකාරයාගෙන් ඔහුගෙ නමවත් අඩුමගානෙ දැනගන්නයි ඇය මේ දගලන්නෙ..අමන්දා කිව්වා සේම මේ රෑ තමන්ටත් මැය නිසා නින්දක් ලබන්න බැරි වෙයි කියලා අහස්ට හිතුනා..මොකද ඒ තරමටම ඒ මුලු හිතේම අමන්දාගෙ රුව සිතුවම් වෙලා හමාරයි..

” ඔයා නං මහ වාතයක් අනේ…”

” අනේ…කියන්නකො…”

” අහස්….මගේ නම අහස්…අහස් සදෙව්සර තෙන්නකෝන්..දැන් ලමයට සතුටුද..ම්..” අහස් කිව්වෙ අමන්දාගෙ දෑස් දිලිසෙන්න ගත්තා සතුටට.

” ඔව්…මට සතුටුයි…..ඔයත් අර ස්ටුපිඩ් අහස වගේම තමයි එහෙනං….මහ ආඩම්බරකාරයෙක්…” අමන්දා කිව්වෙ අහස් ඇයගෙ කනකින් අල්ලගත්තා.

” ඌයි…අහස්…අනේහ්….රිදෙනවා …අතාරින්න…ඌයි..” අමන්දා දෑතින්ම තමන්ගෙ කන අල්ලන් ඉන්න අහස්ගෙ අත අල්ලගත්තෙ ඇඹරි ඇඹරි..

” රිදෙන්න තමා අල්ලන්නෙ…ආ..මොකද්ද ඒ කිව්වෙ..ස්ටුපිඩ් අහස??..එහෙමද කතා කරන්නෙ…?” අහස් හිත යටින් හිනා වෙවීම ඇයගෙ කන මිරිකුවෙ ඇයට සියුම් රිදිල්ලක් දැනුනා ..

” ඕහ්…සොරි බොස්..ආයෙ ඒම කතා කරන්නෑ..අයි ප්‍රොමිස් යූ….ඒ ස්ටුපිඩ් අහසක් නෙවේ…ඒක ගුඩ් වොන්ඩෆුල් බුයුටිෆුල් ස්කයි එකක්..අනේ දැන් මගෙ කන අතාරින්න…රිදෙනවා අනේ….” අමන්දා කිව්වෙ අහස්ට ඒ ගමන නං හිනාව පිට පැන්නා..ඇයගෙ කනෙන් අත ගත්ත අහස් බලා හිටියෙ ඒ කටකාර හුරතල් රුව දිහා.

” අහසට..ඉරට හදට තරුවලට එහෙම කතා කරන්නෙපා අමන්දා ….ඒක පව්…”අහස් කිව්වෙ ලොකු හුස්මක් පිටකරන ගමන්.අහස් අමන්දාගෙ නම කිව්වෙ කිසිම අපහසුවකින් තොරව….එක් වරක් පමණක් ඇසුනු ඇයගෙ නම මතකයේ තිබීම ගැන අහස්ට ආවෙ ලොකු පුදුමයක්..ඊටත් වඩා ඒ නම ඔහු කිව්ව සැහැල්ලු ආකාරය මතක් වෙද්දි අහස්ට තමන් ගැනම ආවෙ හිතාගන්න බැරි මහ අමුතු හැගීමක්.හරියට කාලෙක ඉදන් දන්න අදුනන කෙනෙක් වගෙයි අහස්ට දැනුනෙ.ඒත් ඒ හැගීම ඔහු පිටට ඇගෙව්වෙ නෑ.

” සොරි…සොරි සොරි සොරි…ආයෙ ඒම කතා කරන්නෑ…” අමන්දා අත් දෙකින්ම කන් දෙක අල්ලන් තරමක් දුකෙන් කිව්වා.

” දැන් ගෙදර යන්න…ඔය තුවාලවලට බෙහෙත් දාගන්න ගිහින්…බලන්න..හොදටම ලේ එනවා…ඉක්මන්ට ගිහින් බෙහෙත් දාගන්න…නැත්තං ඔය ලස්සන ඇගේ කැලැල් හිටී.” අහස් කටකොණකින් හිනාවෙලා එහෙම කිව්වෙ අමන්දා ඔහුට රැව්වා..ඇත්තටම දැනුයි ඇය හරියටම දැක්කෙ ඇයගෙ අත් සම්පූර්ණයෙන්ම හීරිලා ලේ ගලන බව..කකුල් වලත් දණහිස් සම්පූර්ණයෙන්ම වගේ හීරිලා ලේ ගලනවා..ඇයට තුවාලවල වේදනාව පවා දැනුන්නෑ..සමහරවිට ඒකට හේතුව අහස් වෙන්නැති..ඇය අහස් හා ගැවසෙද්දි ඇයට ඒ කිසිම දෙයක් ගැන හිතුන්නෑ….ඇයට පෙනුනෙ අහස්ව විතරයි .ඇහුනෙ අහස්ගෙ හඩ විතරයි..දැනුනෙ අහස්ගෙ ස්පර්ශය විතරමයි…කොටින්ම කිව්වොත් මේ රෑ අහස්ට වගේම අමන්දාටත් ඇයගෙ මුලු හිතේම ලැගුම් ගෙන ඉන්නෙ අහස්ම විතරයි..

” ඒක මං බලාගන්නං අහස්….තෑන්ක්ස් ..කරපු හැම උදව්වකටම…” අමන්දා හිනාවෙලා එහෙම කියන ගමන්ම තනි කකුලෙන් ඉස්සිලා අහස්ගෙ කම්මුලකට හාදුවක් දුන්නෙ අහස් රත් වෙලා ගියා ඒ මෘදු ස්පර්ශයට .ඒ දෙතොල් ස්පර්ශ වෙද්දි ඔහුට දැනුනෙ මලක පෙති කම්මුලේ තැවරෙනවා වගේ කියලා.ඒ තරමට මෘදු සිනිදු දෙතොලක් ඇය සතු උනේ.

” ඒ…..ක…මට ඔයා කරපු හැම උදව්වකටම..බායි අහස්..” අමන්දා හුරතල්ව එහෙම කියන ගමන්ම අමාරුවෙන් කාර් එකට නැග්ගෙ අහස්ගෙ මූණ රතූ වෙලා ගිහින් තිබුනා…ඒත් මුහුණෙ හැගීම් හංගගෙන ඔහු පැති වීදුරුවෙන් කාර් එකට එබුනා.

” පරිස්සමින් යන්න අමන්දා ….” තමන්ටවත් හිතාගන්න බැරි අමුතු හැගීමක් අහස්ට මේ වෙද්දි දැනෙමින් තිබුනා.. .ඒ නිසාමදෝ මන්දා එක රැයකින් මුණ ගැසුන මේ රුවැත්තිය දිහා අහස් මද වෙලාවක් බලා හිටියෙ ඇයගෙත් මුලු දෑසෙම තිබුනෙ අහස්ගෙ රුව.

” ඔයත් පරිස්සමින් අහස්…ගුඩ් නයිට්…” අමන්දා හිනාවෙලා කිව්වෙ කාර් එක ස්ටාට් කරන ගමන්.

” ගුඩ් නයිට්…” අහස්ගෙ මුවෙනුත් එලෙස පිට උනා..ඒ ඇය හා ඔහු කතා කල අවසාන වදන උනා..කාරය ඉදිරියට ඇදිලා ගියේ එය මාවතේ පෙනී නොපෙනී යනතෙක්ම අහස්ගෙ ඒ දෑස් එදෙසටම යොමු වෙලා තිබුනා.ආයෙම වතාවක් මුලු ලෝකෙම පාලු උනා වගේ හැගීමක් අහස්ට දැනුනෙ.

හ්ම්..පිස්සු කෙල්ලෙක්..

තමන්ටම මුමුණගන්න ගමන් තනියම හිනාවෙවී අහස් ආපිට තමන්ගෙ වාහනේ ලගට එන්න ආවා.කවදාවත් නැතුව ඔහුගෙ මුලු හිතම සතුටින් පිරිලා තිබ්බෙ..ඔහුගෙ කන් ඇතුලෙ ඇයගෙ කටහඩ…ඒ හුරතල් කතාව දෝංකාර දෙන්න ගත්තා…බලන බලන හැම තැනම ඒ දගකාර රුවම මැවෙන්න ගත්තෙ අහස්ට දැන්නං පිස්සු වගේ..

මොකද්ද මට මේ වෙන්නෙ..ඇයි මට ඒ පිස්සු හෝන්තුවම මතක් වෙන්නෙ…පපුවත් රිදෙනවා දැන්නං….ලෙඩක් හැදීගෙන එනවද දන්නෑ මේ රෑ පිණි බාලා…

අහස් හිත හිතම වාහනේට නැගලා ඒ පාලු මාවතෙන් එන්න ආවා.හැබැයි ඔහුට නොදැනුනත් ඔහුගෙ යටි හිත නැවත වතාවක් ඇයව දකින්න ආසාවෙන් ඉන්නෙ.ඒ හිතේ ඒ අහිංසක ආසාව කවදාහෝ ඉශ්ට වෙයිද…එය දෙවියන්ටම බාරයි.

ගෙදරට ගියපු අහස් දොරත් ඇරන් ගෙට ඇතුල් උනේ ඔහු එනකන් නිවසේ සේවිකාව නන්දා බලාගෙන හිටියෙ.අවුරුදු 50ක් වයසැති ඇයත් ශ්‍රී ලාංකිකයෙක්.අහස්ගෙ දෙමව්පියො ඉන්නෙ ලංකාවෙ නිසාම මේ රටේදි අහස්ගෙ හැම වැඩක්ම කරලා දෙන්න ඔහුව ආදරෙන් බලාගන්න අහස්ගෙ අම්මායි තාත්තායි නන්දාව ඔහු සමගින් ඕස්ට්‍රේලියාවේ පදිංචියට එව්වා..ලංකාවෙ ඉන්දැද්දිත් අහස්ව පුංචි කාලෙ ඉදන් බලා කියා ගත්තෙ නන්දා…ඇය අහස්ට ආයා කෙනෙක්ම නොවී තවත් මවක්ම උනේ අහස් ඇයට කතා කලේ කිරි අම්මා කියලා.

” අනේ අනේ බේබි…මේ එන වෙලාවද අප්පේ…බලන්න අද ගොඩක් රෑ වෙලා..දොලහටත් කිට්ටුයි නෙව…” නිකකටත් අත තියාගෙන නන්දා දෙඩෙව්වෙ අහස් හෙන අහිංසක හිනාවක් දැම්මා ඇයව නම්මගන්න.

” අනේ සොරි කිරි අම්මෙ….අරූ මට එන්න දුන්නෙම නෑ….බලෙන්ම මාව තියාගෙන හිටියා ඌට කම්මැලියි කියලා…වල්පල් කියෝ කියෝ ඉන්නකොට දැන්නැතුවම කාලෙ ගිහින්…කිරි අම්මා කාලාද ඉන්නෙ…කාලා නැත්තං කමු..මට පට්ට බඩගිනියි…” අහස් කිව්වෙ ජැකට් එක ගලවලා සෝෆා එක උඩින් තියන ගමන්.අහේතුකව උනත් ඒ හිත මේ රෑ ඔහුට සුරංගනාවියක් හමු උන විත්තිය ඇයගෙන් වසන් කලා.

” මං කෑවෙ නෑ බේබි…බේබි දන්නවනෙ ඉතින් ඉස්සර ඉදන්ම බේබි නැතුව මං කෑම කන්නෑ කියලා….මං කෑම ලෑස්ති කරලා තියෙන්නෙ…කෑම කාලාම සෝදගන්න යන්න…” නන්දා එහෙම කියන ගමන් කෑම කාමරේට ගියේ සපත්තු ගලවලා දාලා අහසුත් ඇය පිටිපස්සෙන් කෑම කාමරේට ඇදුනා.

නන්දා හදලා තිබ්බ කෑම කාලා අහස් තමන්ගෙ කාමරේට ගියා.උණු වතුරෙන් ඇග සෝදගෙන ඇදට වැටුනා විතරයි අහස්ට නින්ද ගියා ..හැබැයි වෙනදට ඔහුගෙ හීන වල අයිතිකාරිය සනායා උනාට අද එහෙම උන්නෑ…ඇස් පිය වෙද්දිම ඔහුගෙ හීන අතරට ආවෙ අමන්දා.රතු කොට ගවුම…කලුපාට බෝල ඇස්…රතුම රතුපාට දෙතොල්…රතු කම්මුල්….කඩාහැලෙන සිනිදු වරලස…පැත්තට පීරලා නලල තරමක් වැහෙන්න දාගෙන හිටිය සිනිදු කොන්ඩ කෑල්ල…ඇයගෙ ලගන්නා සිනහව…හුරතල් කතාව…ඒ හැමදෙයක්ම අහස්ගෙ මනසෙ සැරිසරන්න උනා..ඇදේ එහෙට මෙහෙට පෙරලි පෙරලි කොට්ටෙකුත් බදාගෙන අහස් නිදන්න ගත්තෙ ඒ සිතුවම් වලින් මුලු මනසම සැරසෙද්දී ..ඇයගෙ දගකාරම් ආයෙ ආයෙම මනස මතක් කරද්දි අහස්ගෙ මුවෙත් හිනා රැල්ලක් ඇදිලා ගියා..

පිස්සු කෙල්ලෙක්..

තමන්ටම මුමුණගන්න ගමන් ඔහු නිදි විකාරෙන් කියවන්න ගත්තා.තමන්ගෙ බෙල්ල බදාගෙන පොඩි එකෙක් වගේ පිට උඩ නැගලා හිටිය හැටි …ඇයගෙ හිනාවත් මුලු කන් ඇතුලෙම ආයෙ ආයෙම රැව් පිලිරැව් දෙන්න ගනිද්දි අමන්දාගෙ ඒ සුන්දර මතකය තුරුල් කරගෙන අහස් හිතේ සතුටින් සැහැල්ලුවෙන් නිදන්න ගත්තා..

අහස්ට විතරක්ද…ඒ රෑ අමන්දාටත් නිතරම මතක් උනේම අහස්ව.

මහ පුදුම කොල්ලෙක්..ආඩම්බරකාර නපුරු කොල්ලෙක් ඔයා…

ඇදේ ඒ පැත්තට මේ පැත්තට පෙරලි පෙරලි අමන්දා හිතන්න ගත්තෙ අහස් ගැනමයි…ඒ කඩවසම් රූපෙ අහංකාර කතාව..තරවටු බැල්ම…මතක් වෙද්දි ඇයට තනිවම හිනා..ඇයගෙ නිරුවත් කකුල් දිහා බලලා අහස් කිව්ව කතාව මතක් වෙද්දි නං අමන්දා ලැජ්ජාවෙන් රතුවෙන්න ගත්තා.

කියන්න තියෙන දේ කෙලින්ම කියන ලස්සන…ඇත්තටම මාව දැක්කහම කිසි හැගීමක් එන්නැද්ද …මං කැතද…???

අමන්දා ආයෙම ඇදෙන් නැගිටලා කොර ගගහා ගියේ කණ්නාඩි මේසෙ ලගට.ඒ කැඩපතෙන් පේන තමන්ගෙම රුව දිහා අමන්දා බලා හිටියෙ කල්පනා කර කර.ඉන ගාවටත් වඩා දිගු වරලස ඔහේ කඩලා දාලා තිබ්බෙ…නලල ඉස්සරහින් වැටුනු කොට කොණ්ඩ කෑලි ඇය පැත්තකට කලේ ඇයගෙ රූමත් මුහුණ පැහැදිලිවම ඇයට දැකගන්න.ලස්සන සිහින් ඇහිබැමි යටින් තියෙන තද කලු පැහැ බෝල ඇස් ….දිගු ඇහි පිහාටු ..ආලේපනයන්ගෙන් තොර රෝස පැහැ දෙතොල්…රෝස කම්මුල්…සුදු මුහුණට ගෙනාවෙ පුදුමාකාර චමත්කාරයක්…ඒත් ඒ රුව දැන් අමන්දාට නං ගානක් උන්නැත්තෙ වෙනදා වගේ නෙවේ අද…වෙනදට මේ රුවට කොල්ලො කීයක් නං පිස්සු වැටිලා ඇයගෙ පස්සෙන් එනවද…ඒත් අද..අද ඇයට අහම්බෙන් හමු උන කඩවසම් ආඩම්බරකාරයා ඇය දිහා බලා හිටියෙ කිසිම හැගීමක් නැතුව කියලා අමන්දා හිතුවා..ඒත් අමන්දාට වැරදිලා..මොකද අහස් හරිම දක්ශ විදිහට ඔහුගෙ හැගීම් ඇයගෙන් වසන් කලා….කොතරම් ඇයගෙ රුව ඇයගෙ හැසිරීම ඇයගෙ කතාව ඔහුගෙ හිත සසල කලා උනත් ඒ හැගිම් අහස් ආයාසයෙන් පාලනය කරගත්තා…මොකද මොන දේ උනත් ඒ හිත තවමත් සනායාටම විතරයි වෙන් කරලා තියෙන්නෙ කියලයි අහස් හිතන්නෙ..සනායාගෙ තැනට එන්න වෙන කෙල්ලෙක්ට ඉඩ දෙන්නවත් අහස් කැමති නෑ…ඒ හින්දමයි ඔහු අමන්දා ලග කිසිම හැගීමක් නැති කොල්ලෙක් වගේ හැසිරුනෙ…ඇරත් අහස් කියන්නෙ යුවතියකගෙ රූපෙට වසග වෙලා තීරණ ගන්න කොල්ලෙක් නෙවේ….ඔහු ඔහුගෙ ජීවිත කාලෙ පුරාවටම නොයෙකුත් විදිහෙ රූමතියන් දැකලා තියෙනවා…ආශ්‍රය කරලත් තියෙනවා…ඒ උනත් එක්‍ රැයකින් අහම්බෙන් හමුවෙච්ච අමන්දා අහස්ගෙ හිතේ එතෙක් මෙතෙක් තිබ්බ පාලුව මොහොතකට ඉවත් කරන්න සමත් උනා…. ඒ හින්දම සනායාටම වෙන් වෙලා තිබ්බ ඒ පිරිමි හිතේ අහස් නොදැනුවත්වම උනත් අමන්දාටත් ඉඩක් වෙන් වුනා…

” අනේ මට එයාව ආයෙම මුණ ගැහෙන්න ඕන…අනේ ගෝඩ්….මට හෙල්ප් කරන්න…මට ආයෙම ඒ නපුරාව දකින්න ඕන…මට ආයෙම එයාව මුණගස්වන්න …හරියට අද ඔයා මට එයාව මුණගැස්සුවා වගේ…” ඇය උඩ බලාගෙන මිමිණුවා.කොහොමත් ඇයගෙ කාර් එක එක්වරම ඒ පාලු මාවතේ හේතුවක් නැතුව නැවතුන්නැත්තන් ඇයට අද අහස්ව මුණගැහෙන්නෙ නෑ…අහස්ටත් එසේමයි…සනායාගෙන් පෑරුණ ඒ හීතල හිත උනුසුම් කරන්න අහස් ඒ පාලු මාවතෙ නතර නොවුනනං අද ඔහුට අමන්දාව මුණ ගැහෙන්නෑ….මේ වෙච්ච හැමදෙයක්ම උනේ හොදට…හැමදෙයක්ම උනේ දෙවියන්ගෙ කැමැත්තට….ඉස්සරහටත් යම් සිදුවීම් වෙන්නෙ ඒ දෙවියන්ගෙ කැමැත්තටම විතරයි…

********************************************

දෙවියන්ගෙ කැමැත්තට ඉස්සරහට මොනා වෙයිද…ආයෙම මේ දෙන්නා මුණ ගැහෙයිද…එහෙමත් නැත්තං හෙට ඉර පායද්දි පෙරදින රෑ මතකයක්ම වෙලා ඒ හිත්වලින් මැකිලා යාවිද….

M.Ashka rashmi❤️

9 thoughts on “❤️ ක්‍රොස් මයි හාර්ට් ❤️|තෙවැනි කොටස| නවකතාව | කතා අහුර රචක”

  1. ආයෙ මුණ ගැහෙයි නේද දෙන්නව… ගොඩක් ලස්සනයි කතාව අදත්.. හෙටත් දිග කොටසක් දෙන්න… good luck…????❤️

  2. දෙන්නා අනිවා ආයි මුණ ගැහෙයි… හරිම ලස්සනයි අක්කියෝ කතාව…

  3. Nirosha Lakmali

    මුණ ගැහෙන්න ඕනේ නැත්තම් කොහොමද මේ දෙන්නා ආදරේ කරන්නේ. දෙවින්ගේ කැමැත්තත් මේ දෙන්න එකතු වෙන එකනේ. ඒ නිසානේ අහස් ගේ හිත අමන්දා ගැන හිතන්නේ. අමන්දාත් අහස් ගැන හිතන්නේ. හරිම ලස්සනයි කතාව. හදවතින්ම සුබ පතනවා…
    All the best….

  4. ඔන්න අද ෆ්‍රී එකක් ලැබුණු නිසා. කමෙන්ට් එකක්ම නොදා ඉන්නම බැරිවුනා.. ඇත්තටම ලස්සනයි ආදරණීය කතාවක් අපි වගේ කතා ලියන්න පුරුදු වෙන අයට ගොඩක් දේවල් ගන්න පුළුවන් කතාවක්.. ඇත්තටම පට්ට ජයවේවා ඔයාට තෙරුවන් සරණයි

  5. Ruwanthi Lakshani

    Kathawa niyamai dr. Me sada aithi ahasa kathawe 2 kotasa neda. Harima lassana kathawak. Thawa kotasak genakan balan innawa. Heta digama diga kotasak ona… oyata subapathanawa dr…. ?????

  6. Hashini Navanjana.

    අදත් හරිම ලස්සනයි අක්කියෝ කතාව. ❤❤❤ ආයෙත් ඉක්මනින්ම ඒ දෙන්නා මීට් වෙයි නේද ???

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.