Katha Ahura

අලුත් අවුරුද්දේ අලුතින් හිතමු

කතාව කොහොමද?

සමහරු අවුරුදු 22 වෙද්දි එයාලගෙ උපාධිය ගත්තා,ඒත් තව අවුරුදු පහක් රස්සා හෙව්වා.

සමහරු අවුරුදු 25 වෙද්දි CEO කෙනෙක් වුනා,ඒත් අවුරුදු 50 වෙද්දි මියගියා.ඒ අතරෙ තව සමහරු 50 වෙද්දි CEO කෙනෙක් වෙලා,අවුරුදු 90 වෙනකල් ජීවත්වුනා.

සමහරු තාම තනිකඩයි, ඒත් එයා එක්ක එකට පාසල් ගියපු සමහරු දැන් දරුවො ඉන්න අම්මලා තාත්තලා.

ඔබාමා අවුරුදු වයස 55 වෙද්දි විශ්‍රාම යනවා, ඒත් ට්‍රම්ප් පටන්ගන්නෙ වයස අවුරුදු 70 දි.

මේ ලෝකෙ හැමෝම වැඩකරන්නෙ තම තමන්ට අදාල කාල පරාසවල.

ඔයා වටේ ඉන්න සමහරු ඔයාට වඩා ඉස්සරහින් කියලා ඔයාට හිතෙන්න පුලුවන්…තවත් සමහරු ඔයාට වඩා පස්සෙන් කියලත් ඔයාටම හිතෙන්න පුලුවන්.

ඒත් ඇත්තනම් අපි හැමෝම දුවන්නෙ තමන්ගෙම තරඟයක්,තමන්ට පුලුවන් වේගෙන්.

ඒ කාටවත් ඉරිසියා කරන්න එපා,එයාලා ඉන්නෙ එයාලගෙ කාල පරාසෙ,ඔයා ඉන්නෙ ඔයාගෙ කාල පරාසෙ.

ඉතින්,සන්සුන්වෙන්න.

ඔයා ගොඩක් පරක්කුත් නෑ,
ඔයා ගොඩක් ඉස්සරහිනුත් නෑ,
ඔයා හරියටම ඉන්නෙ ඔයාගෙ කාල පරාසෙ ඇතුලෙ

5 thoughts on “අලුත් අවුරුද්දේ අලුතින් හිතමු”

  1. Sandu (kandy girl)

    ගොඩක් අය තරඟ කරන්නෙ දිනන්නම බලාගෙන ..එක නැත්තන් දෙක තුන හරි කමක් නෑ ගන්න බලන්..ඒක වැරදි නෑ තරඟකරුවගෙ පැත්තෙන්…ඒත් අනික් කෙනා දිනනවා බලන්න ඉවසන්න පුලුවන් නම් ඒ කෙනා නියම තරඟකරුවෙක් වෙනවා..

    ඇත්තටම තරඟ තියෙන්නේ දිනන්නම නෙවේ.. විනෝදය , දැනුම , උද්‍යෝගය, උත්සහය, ධර්‍යය කැපවීම, වර්ධනය කරගන්නත්; ඉවසීම ප්‍රගුණ කරන්නත්; සුදුස්සාට සුදුසු තැන ලබා දීමත්; හැකියාවට වටිනාකමක් පොඩි තල්ලු කිරීමක් දීමත්; තරඟයක අරමුණු වෙනවා කියලා මං හිතනවා.වැදගත් ම දේ තමා සහභාගී වීම..ඒකම ලොකු ජයග්‍රහණයක් ..

    දක්ශ බව තියේ නම් දිනාවි..හැබැයි දිනුවෙ නෑ කියන්නෙ අදක්ශයි කියන එකත් නෙවෙ..

    2

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.