Katha Ahura

අවසන් විනාඩි අට | අටවන පරිච්ඡේදය | විද්‍යා ප්‍රබන්ධ

කතාව කොහොමද?

Chapter 8 – 8

“ඔයා කොහොමද මේකට බෑ කියන්නේ..? අපි ඊයේ හැම දෙයක්ම කතා කරගත්ත නෙ.. ෆේසාල් මේක කොහොම බාර ගනීද.. අනික ඔය රජ කුමාරවරු එහෙම තරහකරගෙන බැහැ..අපිට වටිනා ආයෝජකයින් එයාලා..”

මම සිටියේ ඇලන් සමග අපගේ කුඩා රැස්වීම් ශාලාවේ ය..

“ඇලන්…, ඒක මගේ පෞද්ගලික හේතුවක්.. මේ ව්‍යාපෘතිය ට සම්බන්ධ වෙන්න මට බැහැ.. වෙනත් කෙනෙක් මේකට තෝරා ගන්න..”

මම බොහොම මැදිහත් ව ව්‍යාපෘතියෙන් ඉවත් වීමට අවශ්‍ය බව ඇලන් ට පැවසුවෙමි..

අප දෙදෙනා කතා කරමින් සිටි තැනට ෆේසාල් පැමිණියේ ය.. ඔහුගේ මුහුණේ මහත් උද්යෝගීමත් බවක් දිස්වුනි.

“මම ටිකක් වේලාසනින් ආවා… මේ මාසයේ මගේ ව්‍යාපාර කටයුතු දෙවැනියාට බාර දීල තියෙන්නේ..ජාන්යා.. මං කැමතියි පුහුණු වීම් දැන් ම පටන් ගන්න…”

“අ..හ්..මට සමාවෙන්න ෆේසාල්..මට තව ටික වෙලාවකින් රැස්වීමක් තියෙනවා..
අනික….,
මම ව්‍යාපෘතියෙන් ඉවත් වුණා.. ඔයාට වෙන පුහුණුකරුවෙක් සභාපතිතුමා හඳුන්වලා දෙයි…”

ඇත්තෙන්ම ඊයේ සෙත් පැවසූ දේවල් නිසා මට ඔහු සමඟ තව දුරටත් කටයුතු කිරීමට අපහසු විය..
හොඳම දෙය මා මෙයින් නිශ්ශබ්දව ඉවත් වීමයි..

“ඇත්තද ඇලන් මේ ජාන්යා කියන්නෙ..?”
ෆේසාල් නළල රැළි ගන්වා ඇලන් දෙස බැලීය.

“ඒකනේ ෆේසාල්.., කමක් නෑ.. අපි මේකට වෙන කෙනෙක් යොදා ගමු..”

“ඔව් අපිට බල කරන්න බැහැ නෙ.. නමුත් මට ජාන්යා සමග විනාඩියක් කතා කරන්න ඕන.. මොකද ඇත්තෙන්ම මේක මට කරපු මදි පුංචි කමක් වගේ.., මෙතරම් වැදගත් ව්‍යාපෘතියක් මාත් සමග කිරීමට අකමැති වීම.අනික කිසි කෙනෙක් මං කරපු ඉල්ලීමකට බැහැ කියලා නෑ.”

සෙත් පැවසූ දෙය නිවැරදි ය..මොහු නම් ලෙහෙසියෙන් මගහැරිය හැකි පුද්ගලයෙකු නොවේ..
නමුත් කෙසේ හෝ ෆේසාල් ගෙ සිත නොරිදෙන පරිදි ඔහු සමඟ කතා කිරීමට මම සිතා ගතිමි.. නැතහොත් මට ඇලන් ගෙන් විසුමක් නොවේ..

මම නිරායාසයෙන් ම ඇලන් ගේ මුහුණ දෙස බැලුවෙමි.. ඔහු මට රවමින් එතනින් ඉවත් වූයේ මෙම ව්‍යාපෘතිය සඳහා ආයෝජකයෙක් නැති වේදෝයි බියෙන් මෙනි…

මොහොතකින් කුඩා රැස්වීම් ශාලාවේ අප දෙදෙනා පමණක් විය..

ෆේසාල් කට කොණකින් සිනහ වෙමින් මා දෙස බලා සිටියේ ය..

“කියන්න ෆේසාල්…”ඔහුගේ බැල්ම මට එතරම් ඇල්ලුවේ නැත..

මට අවශ්‍ය වුයේ හැකි ඉක්මනින් මෙතනින් ඉවත් වීමටයි.. කිසියම් බිය ජනක හැඟීමක් මසිත වෙලා ගනිමින් පැවතුණි..

මගේ ඇමතුමෙන් ඔහු පියවි ලෝකයට ආවා මෙනි..

“අ..අඅ..ම්..ම්.. ඔයා ගොඩක් ලස්සනයි නෙහ්..”

“මං හිතනවා ඔයාට,මට කියන්න ඕන වුණේ ඒක නෙමෙයි කියලා..”
ෆේසාල් ගේ වචන වලින් මට යම්කිසි අපහසුතාවය ක් ඇති වූ නිසා මම ඒසේ පැවසුවෙමි..

“ආආ … ඔව්..ජාන්යා..ඔයා මැදපෙරදිග රටකට ගිහින් තියෙනවා ද..?”

“මම වරක් අබුඩාබි නගරයේ සංචාරය කරල තියෙනවා..”

“එහෙම නං ඔයාට මේක තේරුම් ගන්න පුළුවන් වෙයි.. කොච්චර උෂ්ණත්වයක් ද ඒ රටවල තියෙන්නේ.. මම කුඩා කාලේ හිටියේ සෞදි අරාබියේ..ඈත පළාත්වල සංචාරය කරන කොට මම හොඳින්ම දැක්කා මිනිසුන් වතුර නැතිව කොච්..”

“ෆේසාල්…! මං කිව්වේ මේ ව්‍යාපෘතිය නතර කරන්න කියල නෙමෙයි නෙ.අනික මෙතන ඉන්න එකම අජටාකාශගාමියත් මම නෙමෙයි නෙ..මට මේකට සම්බන්ධ වෙන්න බැහැ.. ඒක මගේ තීරණයක්..මම හුඟක් අගය කරනවා ඔයාගේ මේ පරිත්‍යාග ශීලී බවට.. ඒක ඇත්තටම හොඳ ව්‍යාපෘතියක්..
මට දැන් සෙනෙට් සභාව සමග රැස්වීමක් තියෙනවා.. මට සමාවෙන්න.. මම යනවා…”

මට ක්ෂණික කෝපයක් ඇති වූයේ , ඔහුගේ මෙම අනවශ්‍ය වැල් වටාරම් වලට සවන්දීම ට මට වෙලාවක් නොමැති බැවිනි..
මම තීරණාත්මක හඩින් එසේ පවසා ෆේසාල් දෙසින් මෑත් වී ශාලාවෙන් එළියට ඒමට සැරසුනෙමි..

සිදු වූයේ මා කිසිදා අපේක්ෂා නොකල සිදුවීමකි..

*******************************

?රන්තරු?

9 thoughts on “අවසන් විනාඩි අට | අටවන පරිච්ඡේදය | විද්‍යා ප්‍රබන්ධ”

  1. ?K.Kanchana Damayanthi?

    ඈ….. ජාන්යට කරදරයක්ද….??
    සෙත් කිව්වා වගේම ෆේසාල් නරක කෙනෙක්ද අනේ….. සෙත්ගෙයි ජාන්යාගෙයි වෙන් වීමට හේතුව එතකොට ෆේසාල්ද…?? එහෙම වෙන්න ඇතිකියලා මට හිතෙනවා… කතාව ලස්සනයි රන්තරූ…..

    ගුඩ් ලක්… තව ලස්සන කතා ලියන්න…????

  2. උන දේ කිවුවෙ නෑ නෙ ඉතිම්… ?
    අතින් අල්ලගන්න ඇති යන්න නොදී මට හිතෙන්නෙ…?

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.