Katha Ahura

අවසන් විනාඩි අට | තෙවන පරිච්ඡේදය|විද්‍යාප්‍රබන්ධ

5/5 - (1 vote)

Chapter 3 – 3

ෆයින් ගස යට සිට මම මගේ කුඩා නිවස දෙස බැලුවෙමි…
මේ මොහොතේ සමහරුන් ජීවිතාරක්ෂාව පතා අභ්‍යවකාශ කොලනි වලටත්, සමහරුන් තමන්ගේ අවසානය ළඟා වී ඇති බව නොදැන පෙරදා මෙන් ම ජීවත්වන බවත් පමණක් මම දනිමි…

මේ දෙපිරිස අතරින් මා…?

ජීවිතේ ඉතුරු කාලය අභ්‍යවකාශ කොලනියක ගෙවා දමනවා ද…?
නැතහොත් මෙහිම මියදෙනවාද..?

මට මාගේ මව්බිම,ලංකාව සිහිවිය.. මීට වසර හතර හමාරකට පෙර ඇමරිකාවේ පදිංචියට ආවේ මාගේ කුඩා කල සිටම වූ සිහිනය සැබෑ කර ගැනීමට යි.

මාගේ දෙමව්පියන් විශාල වත්කමක් මට උරුම කරමින් මෙලොවින් සමුගත්තේ මීට වසර 10කට පෙර දරුණු රිය අනතුරකිනි.එවිට මට වයස යන්තම් 18කි..
ඉන් පසු ගත වූ අවුරුදු හයක් මුළුල්ලේ මගේ උපරිම උත්සාහය යෙදවූයේ නාසා ආයතනයට සම්බන්ධ වීමටයි…

කාත් කවුරුවත් නොසිටි මට මුළු ලෝකයම වූයේ සෙත් ය.. සිතේ ඇඳී තිබූ ආදරණීය පිරිමි රූපය ඔහුට තිබුණි…

එදා ..,සෙත් මට ආදරෙයි කී පසු කෙතරම් දේවල් සිදු වුණාද…

********************

“ජාන්යා…වස්තුව…,”

මම ඇඳේ දිගා වී සඟරාවක් කියවන විට සෙත් ද පැමිණ මගේ අනෙක් පසින් ඇල වුණේය..

“ම්ම්ම්ම්…?”
මා ඔලුව නොඋස්සාම පිලිතුරු බැන්දේ.., සෙත් එක්වරම ඔහුගේ පපුව මතට මා ඇද ගත්තේය..

“මං කතා කරනකොට මගේ දිහා බලන්න ඕන..තේරුණාද..?”
ඔහු මගේ නාසය තදින් මිරිකුවේය..

“ආආ…ව්ව්.., ඔයා තාමත් ඉස්සර වගේම දරදඬුයි….කියන්නකො ඉතින්..”

“අපි දවසක ඔයාගේ ලංකාවේ ගෙදරට යමු… මං කවදාවත් ලංකාවට ගිහින් නැහැ.. අම්මයි තාත්තයි ලංකාවේ වුණාට මං ඉපදුනේ ඇමරිකාවේනෙ..”

“හා… ලංකාවට ගිහින් ,අපේ ගිවිසගැනීම කරමු..”

“ඔයා කැම…ති විදිහකට …”

“සෙත්…. ඇයි ඔයාට මාව බඳින්න හිතුනේ..?”

“ම්ම්ම්…මටත් පුදුමයි.. මට ඕන වුණේ විනෝදෙන් යාළුවොත් එක්ක ඉන්න… ගගනගාමියෙක් වෙන්න ආසා කළෙත් ඒකයි… ඒත්… ඔයා ඒ දේවල් වෙනස් කළා…”

“ඔව් මට මතකයි.. ඉස්සර පුහුණු පාසලේ දී ඔයා ගෑනු ළමයි ගොඩක් ආශ්‍රය කළා…”

“හහ් හහ් හා… වැඩියත්ම එහෙම කළේ ඔයා ට ඉරිසියා හිතෙන්න…”

“ඔයා මාව ඒ කාලේ ගොඩක් රිද්දුවා… මං හිතන් හිටියෙ වින්ඩි එක්ක ඔයා යාළුයි කියලා..”අමනාප ස්වරූපයක් මවා මම පැවසුවෙමි..

“වෙන්න ඇති… ඒ ඔයාව මට ඕන හින්දා…හැබැයි මාව නං රිද්දන්න තියා හිතන්න වත් එපා.. හරි ද.. වස්තුව..”

එසේ පවසා සෙත් මගේ තොල් පෙති මෘදුවට සිපගත්තේ ය.. ඒ උණුහුමට මහත් ලෝබ කමින් මම තව තවත් ඔහුට තුරුළු උනා විනා, ඒ පැවසූ වදන් වල අරුත පහදාගැනීමට උත්සුක නොවූයෙමි ..

…………………………………………

?රන්තරු?

8 thoughts on “අවසන් විනාඩි අට | තෙවන පරිච්ඡේදය|විද්‍යාප්‍රබන්ධ”

  1. ?K.K.Damayanthi?

    කතාව ටිකක් දිගට දාන්න බැරිද…. ??
    ????????????

    හුස්මට කියවගෙන කියවගෙන ගිහින් එකපාරටම හුස්ම ටික හිරවෙනවා වගේ… හුස්ම් පහලට දාන්න කතාව දිග මදී….???

    කතාව ලස්සනයි dr… මන් හරිම ආසාවෙන් කියවන්නෙ ..

    ගුඩ් ලක්….. තවත් කතා ගොඩාක් ලියන්න…???

    1
  2. අම්මෝ… ඉක්මනට දාන්න පහළට…?.. කතාව නං ලියල ඉවරයි..මම try කරන්නම්… ඔයාගේ comments වලට thanks…ඒ වගේම කතාවෙ අඩුපාඩුවක් තියෙනවා නම් කියන්න…?

    1. ?K.Kanchana Damayanthi?

      කමක් නෑ… ඊලග කතාව ලියද්දි ඒනම් දිග…………………………………………….. කොටස් දාන්න හොදේ…..??

      හුස්ම් පහලට දාගත්තා හිත හදාගෙන ??

  3. Priyadarshani

    අනේ තව ටිකක් දිගට කතාව දාන්නකෝ….
    කතාව නම් හොදම හොදයි…
    මටත් ඕන කතාව එක හුස්මට කියවගන යන්න ..ඒ නිසා හෙටත් දිගම දිග කොටසක් දාන්න …???
    All the best ????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.