Katha Ahura

අවසන් විනාඩි අට | දහතුන් වන පරිච්ඡේදය|විද්‍යාප්‍රබන්ධ

4.1/5 - (8 votes)

Chapter 13 – 13

මම සිටියේ ඇලන් කොයි වෙලේ සෙත් සමග කතා කරාවි දැයි සිතමිනි..
ඊට ප්‍රථම ඇලන් , සංග්‍රහයට පැමිණ සිටියවුන් ඇමතීය..

“සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම.. සියලු දෙනාම දන්නවා ඇයි අපි අද මෙතන රැස් වුනේ කියලා… ඇත්තෙන්ම අභ්‍යවකාශ කොලනිය හදල නිම කිරිම අපගේ ජයග්‍රහණයක් උනත් අපිට ඒක සමරන්න බැහැ …මොකද අපි මේ ගත කරන්නේ පෘථිවියේ අවසාන මාස කිහිපය නිසා …මම සලකන්නේ මෙය මෙය එක්තරා කඩඉමක් විදියටයි… කොළණිය සාදා නිම නොකරන්න, විශ්වයෙහි තවදුරටත් මිනිසුන් ජීවත් නොවන්නට ඉඩ තිබුණා….”

සියලු දෙනාගේ මුහුණෙහි කනස්සලු ස්වභාවයක් සටහන් වී තිබුණි…ඒ පෘථිවිය විනාශ වීම නිසාද, නැතහොත් සියලුම පෘථිවි වාසීන් බේරාගැනීමට නොහැකි වීම නිසාද, යන්න මට තේරුම් ගැනීමට නොහැකි විය…

“කොලනිය ගැන පර්යේෂණ මට්ටමේ තිබුණත්, මේ අවස්ථාවේදී එය යොදාගත හැකි බවට අපට මතක් කළේ ජාන්යා… ඒ නිසා මම මේක අවස්ථාවක් කර ගන්නවා ජාන්යාට ස්තුති කරන්න..”

ඇලන් මද සිනහවක් පා, මා දෙස බැලුවේ…,මම ඔහුට අතින් සන් කළෙමි..

“ඇත්තෙන්ම මේ භෝජන සංග්‍රහය පවත්වන්නෙ අපගේ සම්ප්‍රදාය නිසා.. නැතිනම් මෙය අපට සතුටු විය හැකි මොහොතක් නෙමෙයි… ඒ වගේම තවත් කණගාටුදායක දෙයක් ඔයාලට කියන්න තියෙනවා…”

දැන් මේ ඇලන් කියන්නට යන්නේ මා ගැන බව ඉවෙන් මෙන් වැටහුනු නිසා මම සෙත්ගේ මුහුණ දෙස බලා සිටියේ , මෙය සවනත වැකුණු වහාම ඔහුගේ ඉරියව් කෙසේ වේ දැයි බලා ගැනීමටය…

“අපේ ලාබාලතම, ඒ වගේම දක්ෂ ගගනගාමීවරිය, ජාන්යා.. අද අපිත් එක්ක ඉන්න අන්තිම දවස…”

සෙත් ගේ මුහුණේ මස්පිඩු වෙව්ලනු මට හොඳින් පෙනුණි… එලෙසම ඔහුගේ දෑස් කුඩාවී,ඇහිබැමි එකට යා වි තිබුනේ ඉතාමත් රෞද්‍ර ලෙස ය… මගේ නික්මයාම සෙත් කිසිදාක බලාපොරොත්තු නොවූ සිදුවීමක් බඳුවිය…
එකෙනෙහිම සෙත් සභාවෙන් නැගිට ගියේය..

ඉන්පසු සිදුවූ කිසිම දේකට සෙත් සහභාගි වූයේ නැත … හරි නම් ඔහු මාගේ ඉවත්වීමට සතුටු විය යුතුය. මක්නිසාද, පහුගිය කාලයේ සෙත් හැසිරුනේ මා පිළිකුල් කරමිනි… එසේනම් දැන් ඔහුට කුමක් සිදුවී ද..?

ඇලන් ගේ කතාව අවසානයේ
සියලූදෙනාම පැමිණ මාගේ අස්වීම පිළිබඳ විවිධ හේතු කාරණා විමසන්නට විය … මම ඒ සියලුදෙනාටම කෙටියෙන් පිළිතුරු දී පැත්තකට වුණෙමි..

වෙනදා මෙන්ම විවිධ ආහාර වර්ග තිබුණ ද කවුරුන් හෝ ඒවා රස විඳින බවක් පෙනුණේ නැත…. සියල්ලන්ම සිටියේ විශාල පීඩනයක් හිස මත දරා ගෙන බව පැහැදිලි ව පෙනුණි …

මේ අතර මා ඇලන් සොයා ගියේ සෙත් පිළිබඳ විමසීමටය…

“මට සමාවෙන්න ජාන්යා… මිනිහ මටත් බැනලා , අන්න ගෙදර ගියා… එයා හොඳටම තරහින් ඉන්නේ ඔයා කියන්නේ නැතුව අයින් වුණා කියලා… අපි තව ටික දවසක් බලමු ජාන්යා.. සෙත් ගේ තරහ නැති උනහම මං අනිවාර්යෙන්ම මේගැන කතා කරනවා… මං ඔයාට පොරොන්දු වෙනවා..”

නමුත් ඇලන් ගේ මුහුණේ තිබුණේ අවිනිශ්චිතභාවයකි …
සැණෙකින් මට සිතුනේ ඔහු පවසනවාට වැඩි යමක්, සිදු වී ඇති බවයි…

“ඇලන්…මට ඇත්ත කියන්න… සෙත් මොනවද මං ගැන කිව්වෙ…?”
මම ප්‍රශ්නාර්ථ ස්වරූපයෙන් ඇලන් දෙස බලා සිටියේ ඔහු පිළිතුරක් දෙන තෙක් ය..

“ආ..ම්..මේ…මේ….නෑ…”

“මොකක්ද කියන්න ඇලන්… මට දැන් ඕන ම දෙයක් දරාගන්න පුළුවන්.මට ඇත්ත කියන්න..”

මගේ කටහඬ බැරැන්ඩි වී තිබිණි..

“හ්ම්…. සෙත් කිව්වා වෙන මිනිහෙක් එක්ක හිටපු ගෑනියක් එයාට ඕන නෑ කියලා…”

එය ඇසුණු සැණින් ම මාගේ දෑස් නිලංකාර වී ගිය නිසා මම අසළ තිබූ බිත්තියට හේත්තු උනෙමි…

ඔහු කිසිදාක මට සමාව නොදෙනු ඇත… නමුත් මා කළ වරද කුමක්ද…? ඔහු සිතා සිටින්නේ මා ෆේසාල්ව කැමැත්තෙන් සිපගත් බවයි…

………………………………………….

? රන්තරු?

6 thoughts on “අවසන් විනාඩි අට | දහතුන් වන පරිච්ඡේදය|විද්‍යාප්‍රබන්ධ”

  1. Priyadarshani

    අනේ සෙත් ගෙ පුදුම ලොකු කමක්නෙ තියෙන්නේ වෙලා තියෙන්නේ මොකක්ද කියල තේරුම්ගන්නෙත් නෑ.???
    මෙහෙම ගිහින් ඔයා කතාවට දුක්බර අවසානයක් දෙයිද කියල මට බයත් හිතෙනව රන්තරු ..???
    කතාව නියමායි ….???
    තව කතා ගොඩාරියක් ලියන්න ..??
    All the best ???????
    ??????????????

    1
    1. කතාව හෙටින් ඉවරයි.. දුක්බර අවසානයක් ද සතුටුදායක එකක් ද කියලා තීරණය කරන්න වෙන්නේ ඔයාලටම තමයී…??

      And thank you dr ??

      1
  2. ?සිහින සිත්තරාවී°°KKD?

    අනේ දෙයියනේ අවසානයවත් පුංචිම හරි සතුටක් හම්බුනානම් කියලා හිතෙනවා.. ඒත් අවසානයෙන්නෙ කතාව පටන් ගත්තෙ නේද….??

    මොනවා උනත් ඔයා කතාව නියමෙටම ලියලා තියෙනවා… තව කතා ගොඩාරියක් ඕනි…

    1
    1. බලමු බලමු…?සතුටුද දුකද කියලා..
      අවසානය ට පොඩ්ඩක් මෙහායින් පටන් ගත්තේ..?

      Thank you Kanchana?

  3. Ashka Rashmi

    Ayyo..hetin iwara wenoda..kmk na..mata hithena de mn kiynnada..mta nm hithenne janya nathara wena nisa seth nathara wei…kohomahari denna anthima mohothe hari ekathu wei..habai itin ethkota wenna thiyena dewal wela iwara wei…❤️❤️oyge kathawa mn ida abena welawata aniwaryenma kiywnwa dr…hamadama comments dnna bari unt…oyage story eka harima lassanai❤️all the best rantaru????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.