Katha Ahura

අවසන් විනාඩි අට | දහවන පරිච්ඡේදය |විද්‍යා ප්‍රබන්ධ

කතාව කොහොමද?

Chapter 10 – 10

ෆයින් ගස ළඟින් මෑත් වී මම නැවතත් නිවස තුළ ට ගියේ වෙලාව බැලීමටය..

එහි පෙරවරු දහය පසුවී විනාඩි තිහක් ලෙස සටහන් වී තිබුණි..

තීරණයක් ගැනීමට මට ඉතුරු වී ඇත්තේ තව පැයක පමණ කාලයකි..
පෙරවරු 11.36 ට අභ්‍යවකාශ කොලනිය බලා පෘථිවියෙන් යන අවසාන යානාව පිටත් වේ…
මටද එහි ආසනයක් වෙන් වී තිබුණි..
එම යානාවේ ගමන් ගන්නේ නාසාහි සේවය කරන පුද්ගලයන් ය.. මක්නිසාද යත් ඔවුන්ට මෙම විනාශය සියැසින් ම දැකගැනීමට අවශ්‍ය නිසා යානය පිටවන්නේ ඒ මහා විනාශය සිදු වීමට මිනිත්තු කිහිපයකට පෙර ය..

එම විනාශය ජේඩ්න් ගේ ගණනය කිරීම් වලට අනුව පෙ.ව.11.42 ට සිදු වීමට නියමිත ය.එයින් විනාඩි 8 යි තත්පර 20 කට පසු එනම් පෙ.ව.11.50 ට පෘථිවිය විනාශ වේ..

ඔවුන් පෘථිවි වා තලයේ සිට තම මව් ග්‍රහලෝකය විනාශ වන ආකාරය නරඹාවී…

මා කුමක් ද කළයුත්තේ…?

හිස් බවක් මා වටා පැතිර ගියේ මා මේ ලෝකයේ තනිවී ඇති බව පසක් කරමිනි..

සාලයේ තබූ කුශන් පුටුවක වැතිරුණු මගේ නෙත ගැටුණේ, ඊට ඔබ්බෙන් වූ සෙත් ගේත් මගේත් විශාල කළ ඡායාරූපයයි…

එදින රැස්වීම අවසානයේ ඇලන් පැවසූ දේ නිසා මට උන් හිටි තැන් පවා අමතක විය…මම ඉක්මනින් රිය පණගන්වා පාරට දැම්මේ නිශ්චිතවම සෙත් ගෙදර ගොස් ඇති බව සිතීම නිසාවෙනි…

************

සෙත් ඔහොමය… ඉවසීමක් නැත… කිසිවක් සොයා නොබලා මා සමඟ උරණ වී එකත් එකටම දුරකථන ක්‍රියා විරහිත කොට ඇති….

ඉක්මනින්ම ගෙදර ගොස් සිදු වූයේ කුමක්දැයි ඔහුට පහදා දිය යුතුය..
සෙත් මා විශ්වාස කරාවි…

එසේ සිතීමෙන් සිතට යම්කිසි අස්වැසිල්ලක් දැනුන නිසා මම රථයේ වේගය තවත් වැඩි කළෙමි…

නිවස ඉදිරිපිට රථය නවතා සීනුව නාද කළ නමුත් සෙත් නොපැමිණියේය…. ඔහු ගේ වාහනය වුව ගරාජයේ තිබුණේ නැත..

“සෙත් වෙන කොහේ හෝ ගිහින් ද..?”
සිතට නැගුණු සැකය තහවුරු කර ගැනීමට මම , මා ළඟ තිබූ යතුරෙන් අගුල හැර නිවසට ඇතුළු වූ මට දක්නට හැකි වූයේ මාගේත් සෙත් ගේත්, බිත්තියේ රඳවා තිබූ ඡායාරූප සියල්ලම කැබලි වලට කැඩී බිම පතිත වී ඇති බවයි. …

මම වියරුවෙන් මෙන් අපගේ නිදන කාමරයට දිව ගියේ සෙත් ව දැකීමේ අරමුණෙනි…

නමුත්…..

මට දැකගත හැකි වූයේ සම්පූර්ණයෙන්ම අවුල් වී ඇති නිදනකාමරයයි…එහි සෙත් ට අයත් කිසිම දෙයක් තිබුනේ නැත..

ඔහු තමන්ගේ රෙදි පිළි ද ගෙන මා මෙහි තනිකර දමා ගොස් ය…

මෙතරම් අනවබෝධයක්…?

සෙත්…….!!!!!
ඇයි… ඔයා …මාව දාලා ගියේ…?
මං… වැරැද්දක් කළේ නැහැ….

මම මහ හඬින් හඬා වැළපුණෙමි… නමුත් ඔහු එය ඇසෙන මානයක වත් සිටියේ නැත…මා වටා ඇති සියලු දේම භ්‍රමණය වෙන්නාක් මෙන් දැනුණි..මම අප්‍රාණිකව ඇඳ මතට වැටුණේ සිදු කළ යුත්තේ කුමක් දැයි සිතා ගත නොහැකි වය.

සෙත් ඇඳුම් පවා රැගෙන කොහේ නං යන්න ඇත්ද…?

අපගේ විවාහයට තිබුනේ තව දවස් 2කි….
ඒ හැම සිහිනයක් ම බිඳ දමා ඔහු මගෙන් ඈතට යන්න ගොසිනි… එයට හේතුව මා කිසිදාක නොකළ වරදකට නිසා බව සිහිවීමෙන් මට දැනුනේ කිව නොහැකි තරමේ වේදනාවකි…

සෙත්….!!
ඔයා කොහොමද එහෙම දේකට හිත හදාගත්තේ…?

ඒත් එක්කම මීට කලින් දවසක ඔහු මට පැවසූ දෙයක් මගේ සවනේ රැව් පිළිරැව් දුනි..

“හැබැයි මාව රිද්දන්න තියා හිතන්න වත් එපා…”

ඔහු එදා පැවසුවේ මගෙන් යම්කිසි වැරැද්දක් සිදුවුවහොත් කිසිම සමාවක් නොමැත බවද..?

ඔහු මගෙන් ඈත් වීද..?

නැහැ.. එසේ වන්නේ නැහැ.. ඔහු කෙදීනක හෝ යථාර්ථය අවබෝධ කරගෙන මා කරා පැමිණේ වි.

එතකං මම සිටිනවා.. සෙත් ගෙ තරහ නිවුනාම මාත් සමග කතා කරාවි.

මම දෑසේ නැගුණ කඳුලැලි ඔහේ වියළීමට ඉඩ දුනිමි.

*******************************

?රන්තරු?

2 thoughts on “අවසන් විනාඩි අට | දහවන පරිච්ඡේදය |විද්‍යා ප්‍රබන්ධ”

  1. ?K.Kanchana Damayanthi?

    ඇයි සෙත් එහෙම… ෆේසාල් නම් මහ ජරා මිනිහෙක්….. චික්…. ජාන්යට තිබ්බෙ සෙත් එක්ක ඒ මිනිහා ගාවට යන්න….

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.