Katha Ahura

අවසන් විනාඩි අට – දොළොස් වන පරිච්ඡේදය

කතාව කොහොමද?

Chapter 12 – 12

නාසා හි අවසාන මාස තුන මම ගතකළේ ඉතාම කණස්සල්ලෙනි..
ජීවිතයේ ප්‍රාර්ථනා කළ කිසිවක් අද මා ළඟ නැත..

සතුට වෙනුවට පාළු දොම්නස් බවක් මා වෙලා ගෙන ඇත…

සෙත් එම කාලය තුළදී උපරිම ලෙස මා රිදවූයේ ය…

මම අයින් වෙන්න ට සතියකට
පමණ ඉහතදී සෙත් ප්‍රථම වරට එදින මාත් ෆේසාලුත් අතර සිදූ වූ දෙය පිළිබඳ අදහසක් දැක්වු නමුත් ඒ මා සමඟ නොවේ….

*****************

“ජාන්යා…අපේ කොලනිය ඉදිකිරීමේ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන්…මේ අදහස ගෙනාවෙ ඔයා… ඒක නිසා හවස තියෙන භෝජන සංග්‍රහය ට ඔයා අනිවාර්යෙන් සහභාගී වෙන්න ඕන…”

“මං එනවා, සභාපතිතුමා… මම නෑවිත් කොහොමද…”
හහ් හහ් හා……

“ඒකනේ.. අනික මේ ඔයා සහභාගී වන අන්තිම සංග්‍රහය… ඔයා යනවා කියලා අනිත් අයට කියන්නත් ඕනනේ…”
ඇලන් එය මතක් කළ විට නිතැතින්ම මාගේ දෑසට කඳුලක් නැගුණි…

“ජාන්යා…මේ දවස් කීපයේදී මං තේරුම්ගත්තා ඔයා අයින් වෙන්න හේතුව….”

මම විසල් දෑසින් යුතුව ඇලන් දෙස බලා සිටියෙමි…

“ඔව් ජාන්යා… සෙත් නේද හේතුව..?”

ඇලන් ට බොරුකීමේ අවශ්‍යතාවක් නොවූ බැවින් මම හිස වැනුවෙමි..

“මම සෙත් ව කුඩා කාලයේ ඉඳන්ම අඳුරනවා.. එයාගේ තාත්තාත් මමත් හොඳ යහළුවෝ….ඔය දෙන්නා අතර මොකක්හරි වුණා ද…? මගේ මට්ටමින් කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් සෙත් ගෙ පියා වෙනුවෙන් මං ඒක කරන්න ඕන.. හැබැයි මං බලකරන්නේ නෑ… ආදරය කරද්දි සුළු අමනාප කම් ඇතිවෙන්න පුළුවන්…”

ඇලන් බොහෝ කාරුණිකව මගෙන් විමසුවේ මට තවත් එය සඟවා ගෙන සිටීමට නොහැකි විය…
දෑසින් කඳුළු කඩා හැලෙද්දී මම සිදු වූ සියල්ල ඇලන් ට පැවසුවෙමි..

“ඕ…මේ දෙයට වැරදි කාරය මමයි.. ඔයාගෙන් අහන්නේ නැතුව ෆේසාල් එක්ක මේ ව්‍යාපෘතියට සම්බන්ධ කරපු නිසා තමයි හැම දෙයක්ම..”

“එහෙම හිතන්න එපා ඇලන්..මෙතන ප්‍රශ්නය සෙත් මාව විශ්වාස නොකරන එක..”

“ම්ම්ම්… සෙත් කවදාහරි කියලා තියෙන
වද එයාගේ දෙමව්පියන් ගැන..?”

“එහෙම ලොකු දෙයක් කියලා නැහැ ඇලන්.. එයා ඒගොල්ලො ගැන කතාකරන්න වැඩිය කැමති නැහැ.. මාත් ඒ ගැන අහන්න ගියේ නෑ..”ද එයාගේ දෙමව්පියන් ගැන..?”

“එහෙම ලොකු දෙයක් කියලා නැහැ ඇලන්.. එයා ඒගොල්ලො ගැන කතාකරන්න වැඩිය කැමති නැහැ.. මාත් ඒ ගැන අහන්න ගියේ නෑ..”

“පුදුමයක් නෑ… සෙත් ගේ දෙමාපියන් දික්කසාද වුණේ එයාට අවුරුදු 15දී.. හේතුව වුණේ එයාගේ අම්මා වෙනත් කෙනෙක් එක්ක සම්බන්ධයක් පටන් ගැනීම… සෙත් එදා ඉඳන් ගත කළේ සෙල්ලක්කාර ජීවිතයක්…අම්මා එයා ගැන බැලුවේ නැහැ ඊට පස්සේ… ඒකයි සෙත්ට කාන්තාවන් ගැන විශ්වාසයක් නැත්තේ… සෙත් ගේ තාත්තා දවසක් මාව හම්බවෙලා කිව්වා සෙත් නාස්ති වෙන්න කලින් එයාගෙ හීනය සැබෑ කරල දෙන්න කියලා.. එහෙමයි සෙත් මෙතනට සම්බන්ධ උනේ.. ඊට පස්සේ සෙත් ගේ තාත්තා වෙනත් විවාහයක් කර ගත්තා…මට කනස්සල්ලක් ඇති වුණේ නෑ, මොකද සෙත් වගකීමෙන් යුතුව තමන්ගේ කාර්යය ඉටු කළ නිසා..”

මට සෙත් කෙරෙහි ඇති වූයේ විශාල ආදරයකි… එමෙන්ම මා කෙරේ තරහකි.. ඔහුට කුඩා කාලයේ අහිමි වූ විශ්වාසනීය බැඳීම,මට ඔහුගේ තරුණ වියේ දී දීමට නොහැකි විය..

සෙත් කෙතරම් නම් මා විශ්වාස කරන්න ඇත්ද… ඒකයි ඔහුට මා විවාහ කරගැනීමට අවශ්‍ය වූයේ.. නමුත් එදා මගේ අතින් සිදුවුණු අත්වැරදීම නිසා සියල්ල කණපිට පෙරලුනි..

“මට සමාවෙන්න ජාන්යා…මේ සිද්ධිය සිදුවෙලා අවුරුද්දකට පස්සේයි මම දැනගත්තේ… ඒත් දැන් හරි කමක් නෑ මෙය නිවැරදි කර ගන්නවා නම් මම කැමතියි…
මොකද සෙත් ට ආදරය කරන්න පුලුවන් ඔයාට විතරයි …
අභ්‍යවකාශය කොලනියේදී ඔය දෙදෙනාට හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් …”

“ඒත් ඇලන්.. සෙත් මා එක්ක කතා කරන්න කැමති නැහැ..මේ කාලය තුළ මං කීපවරක් ම උත්සාහ කරත් සෙත් මාව මගහැරිය..”

“හොඳයි.. ඔයා බය වෙන්න එපා ජාන්යා.. මම සෙත් සමග කතා කරන්නම්.. එයා මට ඇහුම්කන් දේවි.. සෙත් මට මගේම දරුවෙක් වගේ.. මට තේරුණා එයත් ඉන්නෙ සතුටකින් නෙමෙයි.. මම හෙට මේ ගැන එයත් එක්ක කතා කරන්නම්.. අපි උත්සාහ කරල බලමුකෝ..”

ඇලන් ගේ එම කතාවෙන් මා තුළ විශ්වාසයක් ගොඩ නැඟුණි…

“ඇලන්.. ඔයා හිතන විදියට සෙත් ඇයි මෙහෙම හැසිරෙන්නේ..?”

“මේකනෙ ජාන්යා…එයාගෙ හිත කුඩා කාලයේ ඉඳන්ම පෑරිලා තියෙන්නේ .. මතුපිටින් සෙත් නපුරු, සෙල්ලක්කාර කෙනෙක් උනත්, ඇත්තටම එයා ගොඩක් සංවේදී යි.. ඔයත් එක්ක හිටිය කාලයේදී එයාගේ හිතේ තිබුණු තුවාලය සුව වෙලා වගේ පෙනුනත් ඇත්තටම එහෙම වෙලා නැහැ.. ඒකයි මේ වගේ සිද්ධියකින් එයා ආයෙ පරන තත්වය ටම වැටුනේ..”

*******************************

?රන්තරු?

4 thoughts on “අවසන් විනාඩි අට – දොළොස් වන පරිච්ඡේදය”

  1. Priyadarshani

    වැඩේ හරියයි නේද සෙත් ඇත්ත තේරුම් ගනියි නේද ….
    කතාව නියමායි ??????
    Good luck !???

    1

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.