Chapter 9 – 9
ෆේසාල් මගේ අතින් ඇද මා නතර කළේය…
“ඉන්න ජාන්යා… ඔයා බොහොම කලබලයි නෙ ..”
මම ඔහුගේ මුහුණ දෙස බැලීමි..මා සිටියේ රැස්වීම් ශාලාවේ දොරට පිටුපාය..ෆේසාල් මගේ ඉදිරියේ සිටගෙන සිටියේය..
“ජාන්යා මං මේ ඇත්තමයි කියන්නේ..ඔයාව දැකපු දවසේ ඉඳන් ඔයාගේ හැඩරුව, හැසිරීම මගේ සිතට තදින් කාවැදුනා.. මට මීට කලින් මෙහෙම වෙලාම නැහැ.. මං හිතන්නේ මම ඔයාට ආදරෙයි ජාන්යා.. මං දන්නවා ඔයා ගිවිසගෙන ඉන්නේ කියලා.. ඒත් බය වෙන්න එපා.. සෙත් ට නොපෙනෙන්න අපි කොහේහරි ඈතකට යමු.. මේක හදිසියේ කියන්න වුනේ ඔයා මේ ව්‍යාපෘතිය ප්‍රතික්ෂේප කරපු නිසා.. සෙත්ට ගොඩක් කේන්ති යනවා..ඔයාට ගැළපෙන්නෙ නෑ”
චටා….ස්….!!
සැනෙකින් මගේ අත ෆේසාල් ගේ මුහුණ හරහා ඇදී ගියේ මහත් හඬකිනි..
“තව කිසිම දෙයක් සෙත් ට ගැන කියන්න එපා..!”මම වියරු හඬින් ෆේසාල්ට පැවසුවෙමි.
ඒත් එක්කම ෆේසාල් ගේ මුහුණ අමුතු විය.
ඊළඟට ඔහු පැවසු දේ මට අදහාගත නොහැකි විය.
“මොකක්ද ජාන්යා ඔයා කරේ…ඇයි ඔයා මාව බදාගත්තෙ.. ඔයා සෙත් ට ඔච්චර ටම අකමැති නම් ඒක එයාට කියන්න.. ඔයා මට කැමති උනාට වැඩක් නෑ මගෙ බිරිද මේවා දැනගත්තොත් ගොඩක් දුක් වෙයි.”
ඔහුගේ මෙම එකටෙක නොගැලපෙන කතාව නිසා මම තුෂ්නිම්භූත ව බලා සිටියේ ඔහුට කුමක් වී දැයි සිතමිනි..
ඊළඟ මොහොතේ ෆේසාල්ගේ මුහුණ නැවත යථාතත්වයට පත් විය.
තවදුරටත් එතන රැඳී සිටීමෙන් මට පලක් නොවන නිසා මම දොර දෙසට හැරුණෙමි..
කලබලයට, ඉදිරියෙන් තිබූ පුටුවේ කකුල වැදීම නිසා මගේ සමබරතාවය ගිලිහී ගියේය.. එකෙනෙහිම ෆේසාල්, ඔහුගේ දෙසය මා ඇදගත් නිසා මා වැටුනේ ඔහු ගේ ඇඟ මතටය..
මගේ මුහුණ,ෆේසාල් මුහුණේ ගැටීම වැළැක්වීමට මම අත්දෙක බිමට තබා තද කළ නමුත්,ෆේසාල් මගේ හිසින් අල්ලා ඔහුගේ මුව දෙසට පහත් කළේය..
මම වහාම ෆේසාල් දෙසින් මෑත් වූයේ බුර බුරා නැගුන කෝපයෙනි..
“මට දීපු කම්මුල් පාරට ඕක දුන්නේ.. මීට කලින් කෙනෙක් මට අතක් උස්සන් ආවා… හැබැයි වැඩක් වුණේ නැහැ..”
එසේනම් සෙත් පැවසුවේ සැබෑවකි.
“අනික මං කවුද කියලා අමතක කරන්න එපා.. මට නං ආයෙ තමුන් ගෙන් වැඩක් නැහැ.ඒ වගේම සෙත් ටත් වැඩක් වෙයිද දන්නේ නැහැ..”
ෆේසාල් ගේ මෙම හතරබීරි කතාව
මට වටහාගත නොහැකිය..
මොහු නම් කිසිම ලැජ්ජාවක් ඇති මිනිසෙකු නොවේ.
තවත් කිසිවක් කිරීමට තරම් ශක්තියක් නොතිබූ නිසා මම වෙව්ලන දෑතින්ම එතනින් පිටත් වුනෙමි..
මට ෆේසාල් කෙරේ පුදුම තරමේ අප්පිරියාවක් දැනුනි..මේ සිදුවීම සෙත් ට කිවහොත් ඔහු කුමක් කරාවිද..?
මම නාන කාමරය තුළට ගොස් වතුර දෝතක් ගෙන මගේ මුහුණ හා දෙතොල් තදින් සෝදා හැරියේ, එයින් ගින්දර පිටවෙන්නාක් මෙන් දැනුනි..
මේ දෙය මම සෙත් ට කියන්න ඕන..
එසේ සිතා මම දුරකථනය ගෙන සෙත් ගේ අංකය ඇමතුවත්, දිගින් දිගටම එය කාර්යබහුල බව කියැවිණි..
එකෙනෙහිම මගේ දුරකථනයට ඇමතුමක් ආවේ සෙනට් සභික නේදන් ගෙනි..
“හෙලො….”
“හෙලෝ…ජාන්යා..”
“ඔව් නේදන්.. කියන්න..”
“රැස්වීම පටන් ගන්න හදන්නේ..ඔයා කොහෙද ඉන්නේ.. ඉක්මනට එන්න..”
“හරි.. මං එනවා..”
වහා දුරකථන ඇමතුම විසන්ධි කර, මම ඉක්මනින් ප්‍රධාන රැස්වීම් ශාලාව වෙත ගමන් කළේ සෙත් දැකීමේ අරමුණෙනි..ඔහු ද මෙම රැස්වීමේ සාමාජිකයෙකි..
මා එහි යන විටත් ජනාධිපති තුමා කතාව පටන් ගෙන තිබුණි.. දොර ළඟින්ම හිස් වූ අසුනක් තිබූ අතර මම එහි අසුන් ගෙන ශාලාව සිසාරා බැල්මක් හෙළුවේය..
එහි කොතනක හෝ සෙත් ගේ ඡායාවක් වත් නොවූ නිසා මම පුදුමයට පත් වීමි..
දෙවියනේ… ඔහුට කුමක් හෝ කරදරයක් ද..
මට එක්වරම එසේ සිතුනේ ඇයි දැයි නොවැටහුණු නිසා මම නැවත වරක් සෙත් ගේ දුරකථනයට ඇමතුමක් ගත්තත්, පෙරසේම එය කාර්යබහුල බව කියැවිණි..
ඔහු කිසි දිනෙක මෙසේ වැදගත් කාර්යයන් මගහරින පුද්ගලයෙක් නොවේ….
ඊටත් මට නොදන්වා…?
එදින මා ප්‍රථම වරට කිසිම අවධානයක් නොදී රැස්වීමකට සහභාගී වුනෙමි.. විටින් විට දුරකථනයෙන් සෙත් ව සම්බන්ධ කරගැනීමට උත්සාහ කරත් එය ව්‍යාර්ථ විය..
රැස්වීම අවසානයේ මම සභාපති ඇලන් දෙස ට ඉක්මනින් ගියෙමි…
“ඇලන්…”
“ආ..ජාන්යා… මොකද අපේ ආයෝජකතුමා කියන්නෙ..?”
“ඒකෙන් වැඩක් නැහැ.. සෙත් ව දැක්කද…?”
“ආ… ඔව්.. ඔයාට එයාව හමුවුණේ නැද්ද..?”
” නැහැ..එයාව කොහේදිද දැක්කේ..?”
“ඉස්සෙල්ල, ඔයාට ෆේසාල් එක්ක කථා කරන්න දීල මම එළියට ආපු වෙලේ මට සෙත් ව හම්බවුණා… ඇහුව මගෙන් ඔයා කොහෙද කියලා, රැස්වීම පටන් ගන්න හදන නිසා… මං කිව්වා ඔයා ෆේසාල් එක්ක පොඩි සාකච්ඡාවක්..ඒ වුණාට කමක් නෑ රැස්වීම පටන් ගන්න නිසා ඔයාව එක්කං එන්න කියලා.. අන්තිමට ඔයා ආවා.. මිනිහා නෑ…”
ඇලන් පැවසූ දෙයින් මට සිදු වූ දෙය සිතාගත හැකි විය…
එසේනම් ෆේසාල් ගේ රඟපෑම සෙත්ට පෙනෙන්නට ය..
සෙත් මා කැඳවාගෙන යාමට පැමිණ ඇත්තේ ඒ මොහොතේදී ය…
එකෙනෙහිම ෆේසාල් පැවසූ දෙය මට පැහැදිලි විය.
“සෙත් ටත් වැඩක් වෙයිද දන්නේ නැහැ..”
*******************************
?රන්තරු?
අයියෝ දුක හිතෙනවනෙ අෆ්ෆා….?
?? ehm tma..
ඇයි ර්හ්ර්ම කලේ ජාන්යට .. පවු එයා…