Katha Ahura

අවසන් විනාඩි අට |පස්වන පරිච්ඡේදය|විද්‍යාප්‍රබන්ධ

5/5 - (1 vote)

Chapter 5 – 5

මා එසේ පැවසීමත් සමග සියලු දෙනාම මගේ දෙස බැලීය… සෙත් පවා පුදුම වූ දෑසකින් මා දෙස බලා සිටීම මගේ සිතට සතුට ගෙනදෙන්නක් විය. එනිසාම මම මහත් උද්‍යොගයෙන් මගේ සිතට ආ අදහස සභාව හමුවේ තැබීය…

“අපේ තවත් පරීක්ෂණයක් තියෙනවා අභ්‍යවකාශ ජනාවාස පිහිටුවීම ගැන.. අපිට පුළුවන් අභ්‍යවකාශ යානාවක් හදලා ඒක ඇතුලේ පුංචි ජනාවාසයක් පිහිටුවන්න… හරියට මී වදයක් වගේ…ඊට පස්සේ එකේ ඉඳගෙන ඉතුරු පරීක්ෂණ ටික කරලා අපිට පුළුවන් එක ග්‍රහලෝකයක ස්ථාපිත වෙන්න”

“ජාන්යා හරි… මටත් හිතෙනවා අපිට මේ වෙලාවේ කරන්න තියන සුදුසුම දේ ඒක තමයි…”
සභාපතිතුමා කතාව අනුමත කළේය..

“එතකොට අපි කොහොමද මේ යානාවට මිනිස්සු රැස් කරන්නේ…?”

“ඇත්තටම වින්ඩි, මේක යානාවකට වඩා අභ්‍යවකාශ කොලනියක් කියලා හැඳින්නුවොත් තමයි වඩාත් සුදුසු.. මොකද මේක හරියට කුඩා නගරයක් වගේ…”

“හරි ජාන්යා.., කොහොමද මේ කොලනියේ අපි මිනිස්සු පදිංචි කරන්නේ..? පෘථිවියේ ඉන්න හැම කෙනෙක්ම ඕකට දාන්න බෑනේ…”

“ඉතින් අපිට කොලනි කිහිපයක් නිර්මාණය කරන්න පුළුවන්නෙ..”

“ඒක කරන්න බෑ…ජාන්යා ..”

“ඇයි බැරි කබීර් … ?”

“මේකයි.. අභ්‍යවකාශ කොලනියක් හදනවා කියන එක විශාල කර්තව්‍යයක්..ඒකට පෘථිවිය දරාගෙන ඉන්න ස්කන්ධයම දරාගන්න බැහැ.. ඒ කියන්නේ මේ මුලු පෘතුවියේම, රටවල තුන් සිය ගණනක ඉන්න හැම මනුස්සයෙක්ම, හැම සතෙක්ම, අපිට ඕකට දාන්න බැහැ ..කොටින්ම කිව්වොත් අපි කොලනියක් කියන්නේ තවත් එක පෘථිවියකට නෙමෙයිනේ ..ඒක නිසා මේකට අනිවාර්යෙන්ම තෝරාගැනීමක් කරන්න සිද්ධ වෙනවා…”

“ඒත් කබීර්.., මිනිස්සු හැමෝම ජිවත් වෙන්න ආසයි.. කොහොමද මේ මිනිස්සු තමන් මැරෙනවා කියලා දැන දැන ජීවත් වෙන්නේ…?”

“මොන මනුස්සයද දන්නේ ජාන්යා..එයාළට තව ජීවත් වෙන්න තියෙන්නේ අවුරුද්දයි කියලා ..තාම මේ කාරණය දන්නෙ අපි ටික දෙනා විතරයි… ඒක නිසා මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනෙ ගන්න ඕන.. මම ගැන වැරදියට හිතන්න එපා.. අපිට දැන් කරන්න තියෙන්නෙ නිශ්ශබ්දව අපේ පර්යේෂණ කටයුතු ඉදිරියට කරගෙන යාම පමණයි. අනිත් එක මේක මිනිස්සුන්ට දැනුවත් කරලා කියලා අනිත් අයට කරන්න දෙයක් නැහැ.. චීනය හෝ රුසියාව වගේ රටවල් සමහරවිට මෙය දැනගෙන අභ්‍යවකාශ යානාවක් හදන්න ඉඩ තියෙනවා …නමුත් එහෙම කරා කියලා මුළු ලෝකෙම ඉන්න මිනිස්සු බේර ගන්න බැහැනේ.. ඒක නිසා හොඳම දේ තමයි ඔවුන්ට මරණය තමා කරා ළඟා වන බව නොදැනීම ජීවත්වීමට ඉඩ දීම..”

“කබීර් කියන්නෙ ඇත්ත ..ජාන්යා, ලොකේ ඉන්න බිලියන අට ම බේර ගන්න අපිට බැහැ… කොලනියක ට එතරම් විශාල ස්කන්ධයක් දරාගන්න බැහැ…අනිත් එක කොලනියක් හදන්නත් විශාල පරිශ්‍රමයක් සහ වියදමක් දරන්න වෙනවා අපිට…ඒක නිසා කොලනියේ පදිංචි කරන මිනිසුන් ගණන සීමා කරන්න ඕන …අපි දැන් මෙතන සලකා බලන්න ඕනේ කොහොමද මේකට මිනිසුන් තෝරා ගන්නෙ කියලා..”

“ඒක ඇත්ත…මට හිතෙන්නේ ,දැන් අපිට ඕන කරන්නේ අපේ පර්යේෂණ කටයුතු ඉක්මන් කරන්න.. කොලනියේ පදිංචි උනාට පස්සේත් මේ කටයුත්ත දිගටම කරගෙන යන්න ඕන… ටිකක් හිතන්න, අපි මේ කොලනියේ බුද්ධිමත් මිනිස්සු පදිංචි කළොත් ඉදිරි පරීක්ෂණ වලට ඒක හොඳ පිටුවහලක් වෙයි..ඒක නිසා අපි රහසිගතව හැම රටකින්ම බුද්ධි මට්ටම වැඩි මිනිසුන් එකතු කර ගමු..මේ අතරට කෝටිපති ව්‍යාපාරිකයන් එහෙමත් ඉන්න ඕන.. කොලනිය හදන්න ආයෝජකයනුත් ඕන නෙ..”

“හරියට හරි වින්ඩි….ඔයාට ඔය තේරුන ටික මේ ජාන්යා ටත් වෙලාවක කියලා දෙන්න…”
සභාපති ඇලන් එසේ පවසා සාකච්ඡාව තව දුරටත් කරගෙන ගියේය..
එනයින් මගේ කොලනිය සෑදීමේ අදහස ස්ථිර වුවද එය මා සිතූ ආකාරය ටම සිදු නොවීම මාගේ සිතට වද දෙන්නක් විය..

ඇයි මොවුන්ට නොහැකි මෙය සියළු රටවල් දැනුවත් කර සිදු කරන්න..?

එසේ කළහොත් රටවල් අතර තරගය ක් ඇති වනු නොඅනුමානය… ඉදින් මොවුන් අකමැති වීම පුදුමයක් නොවේ..

තවත් පැහැදිලි කිරීමට දෙයක් නොතිබූ බැවින් මම නිහඬ වීමි…
විද්‍යාත්මකව සහ අනෙකුත් තර්කනයන් සලකා බැලීමේදී ඔවුන් නිවැරදියි …,

එහෙත් මානුෂීයව බැලුවොත්….?

…………………………………………

?රන්තරු?

2 thoughts on “අවසන් විනාඩි අට |පස්වන පරිච්ඡේදය|විද්‍යාප්‍රබන්ධ”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.