Katha Ahura

අවසන් විනාඩි අට | සිව්වන පරිච්ඡේදය | විද්‍යා ප්‍රබන්ධ

4.6/5 - (30 votes)

Chapter 4 – 4

දෑසට නිතැතින්ම කඳුලක් නැංගේ, සෙත් ගේ උණුසුම සිහිවීමෙනි…
ඔහු අද මා අසල සිටියා නම්…

සෙත් ගෙන් තොර ලොවක් මට තිබුණේ නැත..

පාසල් කාලයේ දී පවා පිරිමි ළමුන්ගෙන් කොතෙකුත් යෝජනා ආවද මම ඒවා ගනන් නොගෙන සිටියෙමි..ඒ වෙනුවට මා කළේ ඉඩක් ලැබෙන සෑම විටම ඉර,හඳ, තාරකා ගැන ලියවී ඇති පොත් පත් කියවීමයි..
එසේ සිටි මාගේ සිතට කා වැදුණු එකම ආදරය ඔහුය..අද මා මියදුණත් සෙත් වෙනුවෙන් ඉපදුනු මේ ආදරය ජීවමාන ය..
තවමත් මම ෆයින් ගස යටට වී ඔහේ බලා සිටිමි..
එදා ජේඩ්න් ගේ පැහැදිලි කිරීමත් සමග උද්ගත වූ තත්වය,මට මැවි පෙනෙන්නට විය..

***************

“දැන් අපි මොකක්ද කරන්නේ..?”
කබීර් විමසුවේ අප සියල්ලන්ගේ ම සිතෙහි දැවෙමින් තිබූ ප්‍රශ්නයයි..

“මොනවා කරන්නත් තව අවුරුද්දයි තියෙන්නේ…. අපි සියලුදෙනා ම දැවැන්ත විනාශයක් අතළඟ…” සෙනට් සභික නේදන් ගේ මුහුණෙහි ඔහු පැවසූ වදන් වල අර්ථය හොඳින් සටහන් වී තිබුණි..

“ඒක ඇත්ත… සභාපතිතුමා, අපි කැමතියි මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස් දැනගන්න..”
හන් මහාචාර්යවරයා, සභාපති ඇලන් දෙසට හැරුණේය.

“ඔව්… මේ ගැන සාකච්ඡා කරන්න අපේ හැම කෙනෙක්ම රහස් කුටියට රැස් කරන්න, දැන්ම…”

සැනෙකින් අඳුරු රහස් කුටිය ඒ විශේෂිත පුද්ගලයන්ගෙන් පිරී ගියේ ය.. භූගත කුටියක් වූ එය නාසා හි,ඉතාමත් රහසිගත සාකච්ඡාවන් සඳහා යොදා ගත් අතර එයට ඇතුළු වීමට හැක්කේ අවසර ලද පුද්ගලයන් ට පමණි..

වාසනාවකට හෝ අවාසනාවකට මාද එම විශේෂිත කණ්ඩායමේ සාමාජිකාවක් වීමි..මට තිබූ එකම සැනසීම වූයේ සෙත් එහි සිටීමයි..

කුටිය ලා කහ පැහැයකින් ආලෝකමත් විය..
මම සෙත්ගේ අසුනට, අසුන් දෙකක් පමණ පිටුපසට වන්නට වාඩි වුණෙමි…දැන් මට ඔහුව කෙලින්ම දර්ශනය වේ…

“විද්‍යාඥවරුනි, මහාචාර්යවරුනි, නාසා හි නියෝජිතවරුනි…,
උද්ගත වී තිබෙන තත්ත්වය පිළිබඳව ඔබ සියලුදෙනාටම මනා වැටහීමක් ඇතැයි සිතමි..”

ඇලන්, රැල් බුරුල් හැර බැරෑරූම් කතාවකට මුලපිරුවේය..

“විද්‍යාඥ ජේඩ්න් පැවසූ විදියට ඉදිරියේදී අපට මුහුණ දීමට සිදුවී තිබෙන්නේ ඉතාමත් භයානක අවස්ථාවකට.. අවුරුදු ගණනාවක් තිස්සේ අපි ඉඳල තියෙන්නෙ වැරදි මතයක..දශම සංඛ්‍යා කොයිතරම් වැදගත්ද කියලා දැන් ඔබට වැටහෙනවා ඇති.. කොටින්ම කිව්වොත් තව අවුරුද්දකින් අපගේ විනාශය සනිටුහන් වෙනවා.. නමුත් අපට එය එ් ආකාරයෙන්ම සිදුවීමට දෙන්න බැහැ .. ඉක්මනින් ම මේ වැරැද්ද නිවැරදි කර ගත යුතුයි..මේ සම්බන්ධයෙන් ඔබට කුමක් හෝ යෝජනාවක් තියෙනවා නම් කරුණාකර එය ඉදිරිපත් කරන්න.. ඉන්පසු අපිට සාකච්ඡා කරන්න පුළුවන් එය කොතෙක් දුරට ප්‍රායෝගික ද නැද්ද කියලා..”

ඇලන් මදකට තම කතාව නවත්වා කුටිය සිසාරා බැල්මක් හෙළුවේය..

“ඇලන්…,”

“ඔව් සෙත්… කියන්න..”

“පෘථිවිය විතරක් විනාශ වෙනවා නම් අපි ට කිසිම ගැටළුවක් නැතිව අඟහරු වල ජනාවාස පිහිටුවන්න තිබුණා.. නමුත් අපේ සූර්යයා මිය යන නිසා සෞරග්‍රහ මණ්ඩලයම විනාශ වෙනවා…. ඒක නිසා අපිට වෙනත් සෞරග්‍රහ මණ්ඩලයක ජීවින් ට සුදුසු ග්‍රහලෝකයක් හොයා ගෙන යන්න වෙනවා…”

“ඔව්.. සෙත් ගෙ කතාව මමත් අනුමත කරනවා…ජීවින් ට සුදුසු යැයි සිතන ,තවමත් පරීක්ෂණ මට්ටමේ පවතින ග්‍රහලෝක දෙකක් තිබෙන බව ඔබ සියලු දෙනා දන්නා කරුණක්…මේ අවස්ථාවේ අපිට ඉන් එකක් යොදාගන්න පුළුවන්…”

“ඒත් මහාචාර්ය කබීර්,ඒවා තියෙන්නේ පෘථිවියේ ඉඳල ආලෝක වර්ෂ 3ක් වත් දුරින්..අමතක කරන්න එපා ඒවා තාම තියෙන්නේ පර්යේෂණ මට්ටමේ.. හරියටම ජීවින් ට සුදුසු ද කියලා බලන්න යානාවක් යැව්වොත් ආලෝකයේ වේගයෙන් ගියත් අපි ට අවුරුදු 3ක් ගත වෙනවා.. මොකද අපි පෘථිවියේ ඉඳන් ඒ ග්‍රහලෝක වල තත්ත්වය පරීක්ෂා කරොත් ලොකු අමාරුවක වැටෙනවා..මේවැයි අපි නොදන්න දහසකුත් දේවල් තියෙනවා..”අරුන්දතී සුපුරුදු ආවේගයන් ම තම අදහස පැවසුවා ය..

“ඒකට මං ළඟ විසදුමක් තියෙනවා..”
මම ඇලන් දෙස බලා පැවසුවෙමි..

…………………………………………

?රන්තරු?

7 thoughts on “අවසන් විනාඩි අට | සිව්වන පරිච්ඡේදය | විද්‍යා ප්‍රබන්ධ”

  1. ?K.Kanchana Damayanthi?

    මොකක්ද ඒ විසදුම… මට හිතා ගන්න බෑනෙ… කතාව නියමයි….??

      1. ?K.Kanchana Damayanthi?

        Mmm… ehemama kiyalath ne….. thawa tikak withara digata thibbanam hodai … eeth oyaa kotas okkoma submit karalaa iwaraine neda…. dan ohomama thiyanna… iilaga kathaawe idan digata liyana…??

  2. Priyadarshani

    අනේ මට නම් හිතාගන්න බෑ මොකක් ද ඒ විසදුම ..???
    කතාව නියමායි …????
    ඔයා තව කතා ගොඩාරියක් ලියන්න රන්තරු …????
    Good luck !????
    ??????????????

    1. හෙට වෙනකං ඉන්නකෝ…? ….
      Try කරන්නම්කො දිග එකක් ලියන්න…

      Thanks priyadarshani

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.