Katha Ahura

අවසන් විනාඩි අට | හත්වන පරිච්ඡේදය | විද්‍යා ප්‍රබන්ධ

2.5/5 - (4 votes)

Chapter 7 – 7

“ඔය කියන්නේ අර ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා ගැන නේද..?”

“ඔව්… ඒත් මම නං එයාව අදයි දැනගත්තේ.. සෞදි රජ කුමාරයෙක් කියලා ඇලන් කිව්වා..”

“පුදුමයක් නෑ ,ඔයා නොදැන ගන්න..
දැන් අවුරුදු අටක විතර ඉඳන් එයා ගැන කිසිම ආරංචියක් තිබුණේ නැහැ ..”

මම සිටියේ රාත්‍රී ආහාරය සඳහා පාන් පෙති වල බටර් හා මයෝනිස් තවරමිනි..

“ඇයි ඒ..?”

“ෆේසාල් හොඳ පුද්ගලයෙක් නෙමෙයි… ඇලන් මීට වඩා සැලකිලිමත් වෙන්න ඕන , ව්‍යාපෘති වලට සම්බන්ධ කරගන්න අය ගැන..”

“ඇලන්ට වැරැද්දක් කියන්නත් බැහැ, ඇත්තටම බැලුවොත් ඉතින් මේ ව්‍යාපෘතියෙන් වෙන්නෙ ගොඩක් යහපත් දෙයක් නේ..,වතුර නැති මිනිස්සුන්ට වතුර දෙන්න පුලුවන් නේ අපිට… අනිත් එක මේකට ලොකු පිරිවැයක් දරන්නත් වෙනවානෙ..”

“ඒක එහෙම වෙන්න ඇති.., ඒත් ඔයා ඊට සම්බන්ධ වෙන්න එපා..”

“මොකද්ද හේතුව…?”

සෙත් මොහොතක් මගේ දෙනෙත් දෙස එක එල්ලේ බලාගෙන සිටියේය..

“ෆේසාල් කියන්නෙ ස්ත්‍රී දූෂණවලට සම්බන්ධ කෙනෙක්… දැනට අවුරුදු 10 කට විතර කලින් මිනිහට ගායිකාවක් එක්ක සම්බන්ධයක් තිබුණා .. නමුත් ඒ ගායිකාව අතුරු දහන් උනා… මිනිස්සු කිවුවෙ ෆේසාල් ගෙ වැඩ ගැන ආරංචි වෙලා ඒ ගායිකාව සම්බන්ධය නවත්තන්න හැදුවම,ෆේසාල් ට ඒකට කේන්ති ගිහිල්ලා අර ගායිකාව මැරුවා කියලා …නමුත් ඒක ඔප්පු වුණේ නැහැ.. සල්ලිවලින් මිනීමැරුම යට කළා …..
ඒකයි මං කියන්නෙ ඔයාට.. එයා එක්ක වැඩ කරන්න එපා කියලා..
නැති වුණ නම හදාගන්න වෙන්න ඇති මේ වගේ වැඩකට සම්බන්ධ උනේ..”

“මට බලපෑමක් වෙන එකක් නැහැ සෙත්…”

“ඔයාට මං කියන දේ තේරෙන්නේ නැද්ද ජාන්යා.. ඔය දෙන්නට එකට වැඩ කරන්න තියෙන්නේ.. මං කැමති නෑ වෙන කෙනෙක් අනවශ්‍ය විදියට ඔයා දිහා බලනවට… මං දන්නවා එහෙම වෙනවා කියලා… ඒක නිසා ඔයා කරුණාකරලා ඔය ව්‍යාපෘතියෙන් අයින් වෙන්න.. එච්චරයි..මේ කතාව මෙතනින් නවත්වමු..”

මම මොහොතක් සෙත් දෙස බලා සිටි අතර මට සිනහව නවත්වා ගැනීමට නොහැකි විය…

ඇහි බැමි දෙක කෙටිවී ඇස් සිහින් වී තිබූ අතර මුහුණ රත් පැහැයක් ගෙන තිබුණි…
ඔහු කෝප වී ඇති තරමක්..!

“අම්මෝහ්…..හරි හරි… මම ඇලන්ට කියන්නම් මේ ව්‍යාපෘතිය මට කරන්න බැහැ කියලා …දැන් හරිනෙ… ලංකාවට ගිහින් ආවට පස්සේ මෙයා හරි නීති කාරයා වෙලා.”

මම කට ඇද කර සෙත් ට පැවසුවෙමි… මොහොතකින් ඔහුට මගේ මුහුණ දැක තරහව අමතක විය…
ඉන්පසු මා ළඟට පැමිණ මගේ ඉණවටා අත්දෙක යවමින් ඔහුගේ නිකට මගේ උරහිස මත තැබුවේය..

“ඇයි…අමතකද ..?ලංකාවට ගිය වෙලේ දෙයක් වුණා..”

මම මගේ වම් අතේ වෙදැඟිල්ලේ දමා තිබූ රන් මුදුව දෙස බැලුවෙමි..,

සෙත් ගේත් මගේත් ආදරයේ සංකේතය… අපගේ විවාහ මුදුව…

“අ..හ්… දැන්නේ දැක්කේ..”මම යටි තොල සපා සෙත් දෙස බැලුවෙමි..

“තව දවස් කීපයකින් නීතියෙන් ම මට ඔයාව අයිතියි..ඒක නිසා ආයෙ අමතක කරන්න එපා, මම කවුද කියලා…”
ඔහු එසේ පවසා තදින් මා වැළද, මාගේ ගෙල හා කන් පෙති සිහින් ව සිපගත්තේ මා සම්පූර්ණයෙන්ම හිරිවට්ටමිනි ..

මා කැමතිම ඔහුගේ මෙම දඟකාර බවටයි..

…………………………………………

?රන්තරු?

6 thoughts on “අවසන් විනාඩි අට | හත්වන පරිච්ඡේදය | විද්‍යා ප්‍රබන්ධ”

  1. Ashka Rashmi

    Dnui appa kathawa kiywnna labune..wada wada wada..oyage kathawa harima lassanai nangi..habai itin godak ketiiineee…digta dannako rantaru..❤️❤️❤️❤️

  2. ?K.Kanchana Damayanthi?

    ඒ කියන්නෙ සෙත් කෙල්ලව බදින්න ඉදලා දියෙන්නෙ… එත් කොහොමද දෙන්නා වෙන් වුනේ…අයියෝ මන් දන්නෑ…..

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.