Chapter 6 – 6
එදින එම සාකච්ඡාව අවසන මා නිවසට පැමිණියේ හිස් වූ මනසිනි…
මෙවැනිම පාළුවක්, සෙත් මගේ ජීවිතයෙන් ඈත් වූ දිනයේ දී ද දැනුනි.
එයින් පසු මට දැනුනේ මගේ ශරීරයෙන් අඩක් නොමැති බව කි.
මීට අවුරුදු එකහමාරකට පමණ කලින් සිදුවුන එම සිදුවීමේ ආරම්භය, හා අවසානය මට තවමත් සිහිනයක් මෙනි.
තෙරක් නොපෙනෙන සිහිනයක්..
හරියට කවුරුන් හෝ මා කළු කුහරයක
අතරමං කර ඇති සෙයකි.. ඉදින් තවදුරටත් ජීවත් වෙනවා ද..? මියදෙනවා ද..? තීරණය තවමත් මා සතු ය..
පෘථිවිය හැර දමා ගොස් ජීවත්වීමට තරම් ආත්මාර්ථකාමී විය නොහැක..
නමුත්එසේ නොකළ හොත් අදින් පසු කිසිම දිනක මට සෙත් ගේ මුහුණ බැලීමට හැකි නොවේ.එක අතකට එය සැනසීම කි.. කොහොමත් මාස තුනක සිට මම ඔහුව දැක නැත…
ඒත් මං කොහොමද සෙත් ගෙ ඡායාවක් වත් දකින්නෙ නැතිව මියදීමටද ශක්තිය ක් නොවේ..
අනේ..කිසිවෙකු හෝ මේ නපුරු ස්වප්නයෙන් මා ඇහැරවන්නේ නම්…,
****************
“ජාන්යා…සඳට ගොඩ බැසීමේ සංවත්සරය වෙනුවෙන් අපි අලුතෙන් මෙහෙයුමක් දියත් කරන්න හිතුවා.. ඒකත් සඳට ගොඩ බැසීමක් තමයි.. හැබැයි අපේ අරමුණ වෙනස්..”
“ඒ මොකක් ද සභාපති තුමා…?”
“අපි, සඳ මත මිදුනු අයිස් තට්ටු තියෙනවා කියලා දන්නවා නෙ..
ඒවා පෘථිවියේ තියෙන ජලයට බොහෝ සමානකමක් තිබෙනවා.. හැබැයි ඒවායේ මොන මොන සංඝටක අන්තර් ගතද කියලා හරියටම දන්නේ නෑ මොකද ඒ ගැන තාම නිශ්චිත වම හොයල නැති නිසා .. මේ මෙහෙයුමෙන් ස්ථිර කරගන්න ඕන හඳේ තියෙන ජලය පෘථිවියේ ජලයට සමානයි කියල..”
සභාපති ඇලන් සහ මා කතා කරමින් පැමිණියේ කුඩා රැස්වීම් ශාලාවටයි..
ශාලාව තුළ,එහි මේසයේ එක් කොනක හිඳ ගෙන සිටි තරුණයෙක් අප පැමිණෙනවාත් සමගම අසුනෙන් නැගිට ඇලන් ට දකුණත දිගු කොට ආචාර කළේය ..
අඩි 6ක පමණ උසකින් ද කහ පැහැති සමක්ද, කළු කොණ්ඩය කින් ද හෙබි වූ ඔහු දුටු වනම මට සිහිවුනේ අරාබි නිසොල්ලාසයේ රජතුමා ය..
තරුණ යෙක් ලෙස ඈතට දුටුවද ඔහුගේ සැබෑ වයස අවුරුදු 40ක් පමණ ඇති බව මට සිතුනි..
“ජාන්යා…, අඳුනගන්න..මේ ඉන්නේ ෆේසාල්..”
“ෆේසාල්…මේ ඉන්නේ ජාන්යා..මෙයා අපේ දක්ෂතම ගගනගාමින් අතරින් කෙනෙක්.. ඇත්තම කිව්වොත් අපේ කවුන්සිලයේ ඉන්න ලාබාලම සාමාජික වරිය..ජාන්යා ගේ දක්ෂතාවය නිසා මයි මේ ව්‍යාපෘතිය ඔයා එක්ක කරන්න මං තෝරා ගත්තේ..”
සැනෙකින් ඔහු මට දකුණත දිගු කලේ, මම ද ඔහු ට ආචාර කළෙමි..
“ජාන්යා…ෆේසාල් තමයි මං ඔයාට දැන් එන ගමන් කිය කිය ආපු ව්‍යාපෘතියට ආයෝජනය කරන්නේ… ඇත්තම කිව්වොත් අපිට ඕන හඳේ ජලය තියෙනවා නම්, ඒවා පෘථිවියට ගේන්න බෝතල් කළ පානීය ජලය විදියට…”
“ආ..හ්.. මට දැනුයි තේරුණේ…”
මම මද සිනහවක් නගමින් පැවසුවේ මෙහි යටි අරමුණ වැටහීම නිසාවෙනි.
“නැහැ ජාන්යා.. වැරදියට හිතන්න එපා…මට ඕන කරන්නේ වතුර නැති පළාත් වලට මේවා බෙදන්න.. ඔයා හොදට ම දන්නවා නෙ පෘථිවිය ටිකෙන් ටික කාන්තාරීකරණය වෙනව කියල… ඉතින් හඳේ නිකං තියෙන වතුර ටික අපි ප්‍රයෝජනයට ගත්තම ඒකෙ වැරැද්දක් නැහැ නෙ..”
ෆේසාල් සිනා සෙමින් මාදෙස බැලුවේ ය..
“එහෙනම් කමක් නෑ.. ඇත්තටම බොන්න වතුර බින්දුවක් වත් නැති මිනිස්සු කොච්චර ඉන්නවද..”
“ජාන්යා…ෆේසාල් කියන්නෙ එසේ මෙසේ පුද්ගලයෙක් නෙමෙයි..මෙයා සෞදි අරාබියේ රජ කුමාරයෙක්..”
එය ඇසූ සැණින් මට කලින් සිතුන දේ සිහි වී සිනහ ගියද අමාරුවෙන් නවතා ගතිමි..
ඇලන් ට නම් ඔහු ව බොහෝ සේ සිතට අල්ලා ඇති සැටියකි..
පුදුමයක් නොවේ.. ඔහු ගේ රූපය , ඇත්තෙන්ම එය සිත් ගන්නා සුළු ය.බොහෝ සැප සම්පත් විඳින මුහුණ ක් ෆේසාල් සතු විය.
“දැන් එතකොට මගෙන් මොකක්ද වෙන්න ඕන ඇලන්..?”
“මෙහෙමයි…ෆේසාල් ටත් ඕනලු ඔයාලගේ යානයෙන් චන්ද්‍රයා මතුපිට ගොඩබසින්න.. මොකද එයා මේකට ආයෝජනය කරන්න නිසා. එයාට අපි මාසෙක අභ්‍යවකාශ පුහුණුවීමක් ලබා දෙනවා.. ඔයාට තියෙන්නේ ෆේසාල් ගෙ පුහුණුවීම් කටයුතු බලාගන්න.. ඔයාගේ කණ්ඩායමට අරුන්දතී, එඩ්වඩ්, මයිකල් සහ ටකේෂි එකතු වෙනවා..”
එදින මා නිවසට පැමිණ අප කිරීමට යන අලුත් ව්‍යාපෘතිය පිළිබදව සෙත් ට පැවසුවෙමි..
ෆේසාල් පිළිබඳ ඇසූ සැනින් සෙත් ගේ මුහුණ අඳුරු විය..
…………………………………………
?රන්තරු?
ඊයේ කතාව දැම්මෙ නෑ නේද ???
කතාව නියමායි ….
ෆේසාල් ජාන්‍යාට කැමති වෙයිවත්ද?????
දිගටම ලියන්න ….
All the best !??????
Sry..ktwa nm okkoma dala tiyenne..?
Blmuko mkd wenne kyla..
Thnkuuu?
ඇයි අනේ ඊයෙ කතාව දැම්මෙ නැත්තෙ… මන් ගොඩක් වෙලා බලන් හිටියා …..
කතාව නියමයි… සෙත්වනම් ට්ගේරුම් ගන්නම බෑ…
Ane sry dr..mkdd une kyla math dnne ne.?
Seth ai ehm kyl issrhta dnagnna plwn..??
???