Katha Ahura

ආශාවරී |පනස් අටවෙනි කොටස|නවකතාව |කතා අහුර රචක

5/5 - (2 votes)

පනස් අටවෙනි කොටස

උඩ තට්ටුවෙ ඉදන් පහලට පඩිපෙල් බැහැලා එන ආශාවරීයි ආකාශියි දිහා නදීකායි මහේශුයි බලා හිටියෙ හරි ආසාවෙන් …ඉස්සර වගේ නෙවේ…දැන් අක්කා නංගිලා හරි එකතුයි..මුලු ගේම සතුටින් පිරිලා තියෙන්නෙ ලොකු එකමුතුකමක් ඒ දෙන්නා අතර තියෙන නිසා…ඒ හැමදේටම හේතුව සදෙව්ගෙ ආදරය කියලා දැන් හැමෝම දන්නවා..මොකද නපුරු ආශාවරී මේ තරමටම ආදරණීය කෙල්ලෙක් උනේ සදෙව් හින්දා….ඒත් මහේශ්ගෙ හිත නං තවම වේදනාවෙන් තියෙන්නෙ…මොකද තමන් වැඩිපුරම ආදරේ කරපු තමන්ගෙ චූටි දූ තවමත් ඔහු එක්ක කතා කරන්නැති එකට.මහේශ්ට බය මේ තරහ මුලු ජීවිත කාලෙටම තියෙයිදෝ කියලා…ආශාවරී නදීකාට විතරක් කියලා ගෙයින් එලියට බැස්සෙ ආකාශි නං මහේශ්ටයි නදීකාටයි දෙන්නා එක්කම කතා කරලා එලියට ආවා .නදීකා නං පොඩ්ඩක්වත් කැමති නෑ මේ යන ගමනට…ඒත් ආශාවරීගෙ හිත රිද්දන්න බැරි කමටම ඇය නිහඩ උනා…ඊටත් වඩා ඇයට තරමක සැනසිල්ලක් තියෙන්නෙ මහේශ්ගෙ ආරක්ශකයන් ඔවුන්ට නොදැනෙන්න ඔවුන් පසුපස හඹා යන්න ලෑස්ති වෙලා ඉන්න හින්දා…

මොවුන් යන්න තීරණය කලේ රුහාන්ගෙ වාහනේ…හරියටම උදේ 8 වෙද්දි රුහාන් මහේශ්ගෙ බංගලාවට ආවෙ ආකාශි වාහනේ ඉස්සරහට නගින අතරතුරේ ආශාවරී ඊට පිටිපස්සෙන් වාහනේට ගොඩ උනා….

” ඔන්න ඒනං…නමෝ විත්තියෙන් අපි යං මගේ මස්සිනා කාරයාව බලලා එන්න………” රුහාන් පිටිපස්ස හැරිලා එහෙම කිව්වෙ ආශාවරීව රතු කරමින්..වාහනය බංගලාවෙන් පිට උනා…තුන්වන පටුමගේ ඉදිරියට ඇදුන රථය ප්‍රධාන අතුරු පාරට දානවත් එක්කම ඉස්සරහට හමු උන ගම්වැසියෙක්ගෙන් සදෙව්ගෙ විස්තර කියලා ඔහුගෙ නිවස තියෙන තැන දළ වශයෙන් දැනගත්තා….අතුරු පාර දිගේ තවත් රථය ඇතුල්ට යන්න යන්න ඔවුන්ට හමු උන පස් වන පටුමගින් වාහනය හැරෙව්වා. එහි ඇති තුන්වැනි නිවස උනේ සදෙව්ගෙ නිවස…සදෙව්ගෙ ගෙදරට තිබ්බෙ පොඩි ගේට්ටු කෑල්ලක්..වාහනය ගේ ඉස්සරහින් හිමීට ඉස්සරහට යද්දි මොවුන් වත්ත දිහා හරි ඕනැකමින් බැලුවෙ සදෙව් පේන්න ඉන්නවද කියලා බලන්න..ඒත් සදෙව් තමන්ගෙ කාමරේ ඉදන් පොත් පාඩම් කර කර ඉන්න හින්දා ගෙයි ප්‍රධාන දොර වහලා තියෙන්නෙ…හිතේ ලොකුවට බලාපොරොත්තු පොදි බැදගෙන ආවත් සදෙව්ගෙ ගෙදර දොර වහලා තියෙනවා දැක්ක ආශාවරීගෙ දෑස් කදුලින් බොදවෙලා යන්න වැඩි වෙලා ගියේ නැහැ…ප්‍රාඩෝ රතය සදෙව්ගෙ ගෙදර ගේට්ටුවට ටිකක් එහායින් නතර කලා.

” අනේහ් අක්කා…එයා ගෙදර නැද්ද ..කෝ එයා පේන්න නෑනෙ….” ආශාවරී එකපාරටම අඩන්න ගත්තෙ ආකාශිටත් මහ මොකද්ද වගේ හිතුනා…

” අනේ අඩන්නෙපා ආශි…එයා ගෙයි නැතිවෙන්න විදිහක් නං නෑ හැබැයි ….හෙට විභාගෙ හින්දා මං හිතන්නෙ පාඩම් කරනවා ඇති…ඒකයි දොර වහලා ඇත්තෙ…ආන්ටි සමහරවිට වැඩකට යනවා ඇති…නැත්තං ඉතිං එයා ඉන්නවනං මොකටද දොර වහන් ඉන්නෙ….” ආකාශි ගේ දිහා බලාගෙන කිව්වෙ ආශාවරී එකපාරටම හැදුවෙ වාහනෙන් බහින්න…

” නංගි…මොකද්ද කරන්න හදන්නෙ…රුහාන්…lock the door…quickly …” ආකාශි කෑගැහුවත් රුහාන්ට කලින් ආශාවරී ඉස්සර උනේ ඇය ඉක්මන්ටම වාහනෙන් බැහැ ගත්තා..ඒ හාම ආකාශිත් වාහනෙන් බැස්සෙ ඇය සදෙව්ගෙ ගේ දිහාට යන්න හදපු ආශාවරීව ඉක්මන්ට අල්ලගත්තා..

” නංගි ඔයා මට පොරොන්දු උනා…මොකද්ද ඔයා මේ කරන්න යන්නෙ…….??” ආකාශි කේන්තියෙන් ඇහුවෙ ආශාවරීගෙ භාහුවක් මිරිකලා..

” මට එයාව එලියට ගන්න ඕන..ඔන්න..මූණ පෙන්නන්නනෙ එපා කිව්වෙ…මං මෙහෙම මූණ වහන් යන්නං..මට ඕන ඒ මූණ දකින්න එයාව කොහොමහරි එලියට ගන්න….ඊට පස්සෙ ඔයා කියන ඕනම දෙයක් මං අහන්නම් අක්කි…ප්ලීස් මාව නවත්තන්න හදන්නෙපා…” ආශාවරී කිව්වෙ ශෝල් එක ගෙල වටා හිස සහ මුහුණෙ දෑස් සහ නලල ඇරෙන්න අනික්වා ආවරණය වෙන විදිහට දාගන්න ගමන්.ආකාශි ඇය දිහා බලා හිටියෙ පුදුමය මුසු කේන්තියකින්.

” ආශී..ඔයාට මොන්ගල් ද….දැන් ගිහින් එයාව එලියට ගන්නෙ කොහොමද…” ආකාශි කේන්තියෙන් එහෙම අහද්දි කදුලු මැදින්ම ආශාවරීට හිනාවක් ගියා.

” ඔයා මහ මෝඩයිනෙ අප්පා..දොරට තට්ටු කලා ..එලියට ගත්තා…” ආශාවරී එහෙම කියද්දි රුහානුත් වාහනෙන් බැහැලා අක්කා නගෝ දෙන්නා ලගට ආවෙ මේ දෙන්නා දැන් මොකද්ද කරන්නෙ කියලා දැනගන්න.

” එලියට අරන්..??” ආකාශි ප්‍රශ්නයක් ඇහුවා….

” එලියට අරන් කරන්න දේවල්ද නැත්තෙ ආකාශි …නේද නංගී…” දෙන්නා කතා කරපු දේවල් අනුමාන කරපු රුහාන් කටකොණකින් හිනාවෙලා එහෙම කිව්වෙ ආකාශි ඔරෝලා බැලුවා ඔහු දිහා…ආශාවරීගෙ නං මූණ රතූ උනා.

” මං…මං එයාගෙන් address එකක් අහනවා…මෙහෙ නැති එකක්…එතකොට එයා මා එක්ක කතා කරයිනෙ…පොඩ්ඩක් හරි…මට ඒ කටහඩ පොඩ්ඩක් අහන්න තිබ්බොත් ඇති….” දෑස් පියාගෙන ආශාවරී එහෙම කියද්දි ඇගේ හිතේ සදෙව් ගැන තියෙන ආදරය දැනිලා ආකාශිට විතරක් නෙවේ රුහාන්ටත් ඇය ගැන දැනුනෙ ලොකු දුකක්.

” අනේ මංදා ආශි…ඔයාට නං පිස්සු…හරි එහෙනං..ඉක්මන්ටම එන්න ඕන ඔන්න…වැඩි වෙලා ගන්නෙපා…බැලුවා..address එක ඇහුවා..එයා ඒ ගැන දන්නෑ කිව්වම ආපහු ආවා..හරිද…හරි මං මෙතන ඉන්නං…දැන් ගිහින් බලන්න….” ආකාශි එහෙම කිව්වා..

” අනේ අක්කා…ඔයාලා ටිකක් එහායින් ඉන්න…මෙතන ඉන්නෙපා…මට ලැජ්ජයිනෙ එතකොට…” ආශාවරී ඇහෙන නෑහෙන ගානට කිව්වෙ වටපිට බල බල…වටපිටාවෙ ගෙවල් තවමත් නිශ්ශබ්දයි…කවුරුවත් එලියට බැහැලා නැහැ තාම….ආශාවරී කිව්ව දේ ඇහිලා ආකාශිට හිනා ගියා..

” අනේහ් මේහ්…ආශි…මං තමුසෙට කියන්නෑ…” හිනාවෙවීම ආකාශි ඇවිත් ප්‍රාඩෝ එකට නැග්ගා..

” වෙලා ගත්තට කමක් නෑ නංගි….මාස ගානකින්නෙ දකින්නෙ…අතාරින්නෙපා ලේසියෙන් ඕකව….අක්කා කිව්වට ඔයා එයාට ඔය මූණ පෙන්නන්න…මෑන්ට පටස් ගාලා මතකෙ එයි….ඔයා වෙලාව ගත්තට කමක් නෑ…මං මෙයාව settle කරගෙන ඉන්නං…all the best ,නංගි..” ඇහැක් ගහලා රුහාන් එහෙම කියලා ප්‍රාඩෝ එකට නැග්ගෙ ,වාහනය ටිකක් ඉස්සරහට ගිහින් සදෙව්ගෙ ගෙට ගෙවල් දෙකකට විතර එහායින් නතර කලා…ආශාවරී ඒ දිහා බලා ඉදලා හිමීට හිමීට සදෙව්ගෙ ගෙදර ගේට්ටුව ලගට අඩි තිබ්බා ….ගේට්ටුවට අගුල දාලා නොතිබුනු නිසා ආශාවරී ගේට්ටුව ඇරගෙන හිමීට හිමීට වත්ත ඇතුල්ට ගියා..

මගේ සදෙව් …ඔයාගෙ ආශාවරී ආවා රත්තරං …එලියට එන්න..ඔයාව මට දකින්න කතා කරන්න ආසයි සදෙව් ….

හිත හිතම ආශාවරී දොර දිහාට පියමන් කලේ ගැහෙන හදින්…වෙව්ල වෙව්ල දකුණු අතින් ගෙයි සීනුව නාද කලේ පාඩම් වැඩ කර කර උන්න සදෙව් ගැස්සිලා ගියා ඒ හඩට.

මේ වෙලාවෙ…කවුද බෙල් ගහන්නෙ….

හිත හිතම අදිමදි කර කර සදෙව් ආයෙම පාඩමට හිත යොමා ගත්තා..විනාඩි දෙකක් විතර ආශාවරී බලන් හිටියා..ඉවසන්නම බැරි තැන ඇය ආයෙම සීනුව නාද කලේ ඒ පාර නං සදෙව් කාමරෙන් එලියට ඇවිත් දොර දිහාට එන්න ගත්තෙ තරමක් කේන්තියෙන් .. හරියට පාඩම් වැඩක්වත් කරගන්න දෙන්නැති කරදරකාරයා කවුද කියලා බලාගන්න..එයාට හොද දෙකක් කියන්න ඕන කියලා හිත හිත සදෙව් දොර ඇරියෙ වේගයෙන්…ඒත් ඊලග නිමේෂයේදී තමන්ගෙ ගෙයි දොරකඩ ලග හිටගෙන හිටි කෙනා දැකලා සදෙව් ගල් ගැහිලා වගේ බලා ඉන්න ගත්තෙ ඒ වගේමයි ආශාවරීත්….කලු කොට කලිසමයි කහ ටී ශර්ට් එකෙනුයි ගත සැරසුන තමන්ගෙ කඩවසම් ප්‍රේමවන්තයා දිහා ආශාවරී බලා හිටියෙ ඇහිපිල්ලම් ගහන්නැතුව…..මාස ගානකින් පස්සෙ දකින මේ සොදුරු රුව දිහා ආශාවරී බලා හිටියෙ හද ගැහෙන වේගෙ සිය දහස් ගුණේකින් වැඩි වෙද්දි …සදෙව්ගෙ දෑස් දිහා බලා හිටිය ආශාවරීගෙ දෑස්වල කදුලු පිරෙන්න ගත්තෙ ඇගේ හිතේ සදෙව් නමින් තියෙන ආදරේ ඇයට පාලනය කරගන්න අමාරුයි දැන්…

සදෙව් …ඔයා දැන් ගොඩක් ලස්සන වෙලානෙ….මං මේ ඔයාව දකින්නෙ කොච්චර කාලෙකින්ද….අනේ…ඔයා ..ඔයා වෙන කෙල්ලෙක් ව යාලු කරගෙනද දන්නෑ…අනේ මට බයයි….මාව අමතක කරලා වෙන කෙල්ලො ලං කරගෙන නං….

ආශාවරී හිත හිත ඔහු දිහා බලා ඉද්දි නොදැනුවත්වම ඇගේ නෙත් කෙවෙනි අගින් කදුලු කම්මුල් දිගේ රූරා වැටුනා.

සදෙව්ත් ඔහු ඉදිරියේ ඉන්න මේ ඉටි රූපෙ දිහා බලා හිටියෙ විශ්මයෙන්…හිස සහ මුහුණෙ පහල කොටස් ආවරණය කරගෙන හිටි නිසා ඔහුට ආශාවරීව අදුනගන්න බැහැ….ඒත් ඒ දුඹුරු ඇස්…ඔව්..ඒ දුඹුරු ඇස් ඔහුට හුරුපුරුදුයි වගේ දැනෙන්න ගත්තෙ ඔහු කුතුහලයෙන් බලා ආශාවරී දිහා මොහොතක් බලා හිටියා…ඔහු ආව කාරනේ වගේම ඇය පැමිණි කාරනෙත් දෙන්නටම අමතක වෙලා ගිහින් තිබුනෙ.

මේ කෙල්ල…කවුද මේ..මොනාටද ආවෙ…මේ ඇස්….හරිම ලස්සනයි……ශෝල් එකෙන් වැහිලා තියෙන මූණ ගොඩක් ලස්සන ඇති….ඒත් ඇයි මේ ඇස් වල කදුලු …ඔයා..ඔයා ඇයි අඩන්නෙ….ඔහොම අඩන්නෙපා….ඔයා අඩන්නෙ ඔයාට මොකක් හරි කරදරයක් උනාද…

සදෙව් කල්පනා කරන්න ගත්තා…ආශාවරීගෙ කදුලු ලග සදෙව් නොසන්සුන් වෙන්න ගත්තෙ ඔහුගෙ හදත් අසීමිත වේගෙකින් වගේ ගැහෙන්න ගත්තා……ඒත් විනාඩි කිහිපයකින් සදෙව් පියැවි සිහියට එද්දි ඔහු ගොතගගහා කතා කරන්න ගත්තෙ කවදාවත් නැතුව.

” ආම්…ම්..මේ..මෙ..කවුද ඔයා…මොකද්ද ..උවමනාව…??” සදෙව් ගැහෙන හදින් එහෙම අහද්දියි ආශාවරීත් කල්පනා ලෝකෙන් පියැවි ලෝකෙට ආවෙ..සදෙව්ගෙ කතාවට ආශාවරීට කියන්න වචන කටට ආවෙත් නැහැ එකපාරටම .

” ආම්…මේ…මං…මං මේ address එකක් හොයාගෙන ආවෙ….” ආශාවරී ගොතගගහා කතා කරන්න ගත්තෙ වේගෙන් ඇහිපිල්ලම් ගහන ගමන්.සදෙව් නං බලා හිටියෙම ඇගේ දුඹුරු ඇස් දිහා.

” මොකද්ද address එක…” හිනාවෙලා සදෙව් එහෙම අහද්දි ආශාවරීගෙ හිත ගැස්සිලා ගියේ මාස ගානක් නොදැකපු ඒ සුන්දර හිනාවට මොහොතකට වශී වෙද්දි …

” ආම්…මේ….නො 50/බී ඉසිපතන මාවත පන්නිපිටිය ……ඒ ගේ ක්..කොයි හරියෙ වගේද තියෙන්නෙ……..” ආශාවරී වෙව්ල වෙව්ල අහද්දි සදෙව්ගෙ නලල රැලි වැටුනා…මොකද ඉතින් ආශාවරී කිව්ව ලිපිනය මේ පැත්තෙ තියෙන එකක් නං නෙවේ….ඒ ලිපිනය ඇය හදලා කිව්වෙ …මොහොතකට සදෙව් නිහඩ උනේ ලිපිනය ගැන කල්පනා කර කර…ඒ අතරෙ ආශාවරී වටපිට බැලුවෙ ගේට්ටුවෙන් එපිටට නෙත් යොමු කරපු ඇය දැක්කෙ වටපිටාවෙ කවුරුවත් නැති බව.

” මේ…හොදටම ශුවර් ද ඔය address එක හරි කියලා…මොකද මං දන්න තරමින් නං මෙහෙ ඔයවගේ address එකක් තියෙන ගෙයක් නැහැ…සමහරවිට වෙන පාරක වෙන්නැති…..” සදෙව් එහෙම කියද්දි ආශාවරී ඔහුට ඇගෙන්න ටිකක් කලබල ස්වරූපයක් පෙන්නුවා..

” ආහ්…ඇත්තද…..මං අද උදේ පාන්දර ඉදන් ඔය address එක තියෙන ගේ හොයන්නෙ….තාම හොයාගන්න බැරි උනනෙ…ඔලුවත් එක්ක රිදෙනවා…” ආශාවරී ලොකු බොරුවක් කිව්වා..ඒත් ඒ බොරුව ගැලපෙනවද….ඇය කිව්ව දේ ඇහිලා සදෙව් පුදුමයෙන් බැලුවෙ ඇය දිහා…ආශාවරීව දැක්කහම නං ඇය මහන්සි වෙච්ච, ලොකු දුරක් ඇවිදලා හෙම්බත් වෙච්ච පාටක් පේන්නෙ නැහැ….ඊටත් වඩා තවමත් වෙලාව උදේ 8 පහුවෙලා විතරයි….උදේ පාන්දර ඉදන් මේ වගේ ලිපිනයක් හොයන්න මහන්සි වෙන කෙල්ල කවුද ……ඉතින් සදෙව්ට මැය ගැන ආවෙ තරමක ලොකු සැකයක්…

” ඔ…ඔයා තනියමද මේ…ආවෙ….” සදෙව් ඇහුවෙ අහන්න සුදුසු ප්‍රශ්නයක් නෙවේ…ඒත් කටින් පිට උන වචන ආපහු අද්දන්න බෑනෙ….ඒ නිසාම ඔහු එය නිවැරදි කරන්න ආයෙම කතා කලා.

” මං ඇහුවෙ මේ…ඔයාවගේ කෙල්ලෙක් තනියම address එකක් හොයන්න එන එක…ඒක ඔයා .මේ…ඔයා තනියම හින්දා…මේ ක ..කරදරයක් උනත් දන්නෑනෙ…..” සදෙව් ගොත ගගහා කතා කලේ ආශාවරීගෙ බැල්ම ඔහුගෙ හද එන්න එන්නම නොසන්සුන් කරද්දි .

අම්මෝ…මෙයාගෙ සත්ව කරුණාව….හහ්..වෙන කෙල්ලොන්ටත් මෙහෙම කරුණාව දක්වනවද දන්නෑ….ඒව නං හරියන්නෑ සදෙව් …ඔයා මට විතරයි අයිති …ඔයා හොයන්න ඕන ඔන්න මං ගැන විතරයි….

ආශාවරී හිත හිතම කතා කරන්න ගත්තා .

” හ්ම්…මං තනියම ආවෙ..මේ පැත්ත ගැන මං දන්නෙත් නෑ හරියට..අදුනන කෙනෙකුත් නෑ මේ හරියෙ…මට බයයි…මගෙ ඔලුවත් රිදෙනවා…කැරකැවිල්ල වගේ….” ආශාවරී රඟපාන්න ගත්තෙ එක් අතකින් ඇය නලල මිරිකුවෙ හොරහින් සදෙව් දිහා බල බල…ආයාසයෙන් අසනිප බවක් මවාගත්ත ආශාවරී දිහා සදෙව් බලා හිටියෙ ටිකක් බයෙන්..ඇගේ දගකාරකම් සදෙව් කොහොම අදුනගන්නද..ඔහුට බය ඇයට මොන දේ උනත් තමන් කොහොමද ඇයට උදව් කරන්නෙ කියලා හිතලා….තනියම ආව කෙල්ලෙක්ට උදව් කරන්න ගිහින් තමන්ට මොන වගේ දෙයක් වෙයිද කියලා හිත හිත සදෙව් හිටියෙ….

දැන් කලන්තෙ දාන්න ආශී….කලන්තෙ දාලා සදෙව්ගෙ ඇග උඩට වැටෙන්න…එතකොට හරි …

දගකාර හිත එහෙම ඇවටිලි කරද්දි ආශාවරී රගපාන්න ගත්තෙ හරියට ඇයට කලන්තෙ දාන්න ඔන්න මෙන්න වගේ…

” ආහ්…මගෙ ඔලුව…මට..මට කලන්තෙ වගේ…ආහ්…” ආශාවරී ඔලුව අල්ලන් එහෙට මෙහෙට ඇඹරෙන්න ගනිද්දි ඇය දෑස් පියාගෙන හයියෙන් හුස්ම ගන්න ගත්තෙ සදෙව් ටිකක් කලබල උනා..

” මොකක්…ඔ..ඔයාට අමාරුද …ව්..වතුර ඕනද ඔයාට…” සදෙව්ට කතා කරලා ඉවර කරන්න බැරි උනා..ආශාවරී හිත යටින් හිනාවෙවීම සදෙව්ගෙ පපුව මතට ඇලවුනේ සදෙව් හිතුවෙ ඇයට කලන්තෙ දැම්මා කියලා…ඉක්මන්ටම ඔහු ඇගේ බදවටා සුරත යවලා ඇයව බිම වැටෙන්න නොදී අල්ලගත්තෙ ආශාවරී දෑස් පියාගෙන නිහඩ වෙලා හිටියෙ ඇගේ හිස ඔහුගෙ පපුව මත රැදුනා…එකපාරටම ආශාවරීගෙ හිස ඔහුගෙ පපුව මත ස්පර්ශ වෙනවත් එක්කම නුහුරු නුපුරුදු හැගීමකින් සදෙව් පෙලෙන්න ගත්තෙ ඒ උණුහුම ඔහුට හුරුපුරුදු බවක් ගෙනාවා.

” ආහ්…නංගි….අයියෝ…මෙයාට කලන්තෙ දැම්මා නේද…දැන් මොකද කරන්නෙ……ශිට්…..නංගි…නංගි….නැගිටින්න…නංගි….” සදෙව් සුරතින් ඇයව සිරුරට වත්තන් කරගෙනම වමතින් ඇගේ ශෝල් එකෙන් වැහුන කම්මුල් දෙකට තට්ටු කලේ ආශාවරී දෑස් පියාගෙනම හිටියා මිස කිසි ප්‍රතිචාරයක් දැක්කුවෙ නැහැ.

නංගි නංගි කියන්නෙ…අනේ මැට්ටො මං ඔයාගෙ ආශාවරී නෙහ්…ඉස්සර ඔයාගෙ හුස්ම වැදෙන මායිමේ ඉදන් මට ආදරේ කරපු ඔයාට මාව අදුනගන්න බැරි ඇයි සදෙව් …මට දුකයි…ගොඩාක් දුකයි….මෙච්චරටම ඔයාට මාව අමතක උනේ කොහොමද රත්තරං….

ආශාවරීගෙ දෑස් අගින් නොදැනුවත්වම කදුලු පැන්නෙ සදෙව්ට එකපාරටම බැලුනෙ ඇගේ වත දිහා…හදවත තත්පරේට එකසිය ගානක වේගෙන් ගැහෙන්න ගනිද්දි සදෙව්ගෙ වමත නිරායාසයෙන්ම යොමු උනේ ආශාවරීගෙ මුහුණ දිහාට..තමන්ගෙ හුස්ම වැදෙන මායිමේ පපුවට තුරුල් වෙලා ඉන්න ආශාවරීගෙ කම්මුලක් සීරුවෙන් ස්පර්ශ කරපු සදෙව් ඊලග නිමේශයෙදි ඇයව හරහට වඩා ගත්තෙ ඔහුගෙ ස්පර්ශයෙන් ආශාවරී ගැස්සිලා ගියා..ඒත් සදෙව්ගෙ පපුව මත හිස තියාගෙන දෑස් පියාගෙන ඒ උණුහුම විදින ආශාවරීට එලබෙන මොහොත ගැන කිසිම දැනිමක් නැහැ…තමන්ගෙ පපුවට හිස තියාගෙන නිහඩව ඉන්න මේ යුවතිය ගැන සදෙව්ට අමුතු අමුතු හැගීම් දැනෙන්න ගද්දි ඇගේ උනුහුමට ඔහු ලෝභ උනා .

සදෙව් ආශාවරීව වඩාගෙන ඇවිත් සාලෙ සැටිය මත්තෙන් සීරුවෙන් තිබ්බෙ ඔහු පැත්තකින් වාඩි වෙලා ඇය දිහා බලා ඉන්න ගත්තෙ කුතුහලය පිරි දුකකින්.

ඔයාට මොකද්ද උනේ…ඔයාට සනීප නැද්ද …මොකද්ද ඔයාට උනේ….ඔයා කවුද ..තනියම මෙහෙම ගෙවල් ගානෙ ගිහින් address හොයන්න…ඔයාට බය නැද්ද ….ඊට වඩා මට හිතෙනවා ඔය ශෝල් එකෙන් වැහිලා තියෙන ඔයාගෙ මූණ ගොඩක් ලස්සන ඇති කියලා …මට දකින්න ආසයි ඔයාගෙ මූණ..

සදෙව් හිත හිතම දගකාර හිනාවක් මුවගට අරන් ඇගේ ශෝල් එක ලගට ඇගිලිතුඩු ලං කලේ මුව වහන් තිබ්බ ශෝල් එක ඔහු අයින් කරන්න හැදුවෙ….ආශාවරීට ඉවෙන් වගේ තේරුනා සදෙව් කරන්න හදන වැඩේ…

දෙවියනේ …මෙයා… මෙයා..හදන්නෙ මගෙ ශොල් එක අයින් කරන්නද…එ…එතකොට .එතකොට මෙයා මාව අදුනගත්තොත්….බෑ.බැ…මට මෙයාගෙ මොලේ අවුල් කරන්න බෑ…විභාගෙ ඉවර වෙනකන් මෙයා මං ගැන නොදැන ඉන්න එක තමා හොද….

ආශාවරී එහෙම හිතමින් ටිකක් කෙදිරි ගාන්න ගත්තෙ සදෙව් ඒ හඩට ගැස්සිලා ගියා..ශෝල් එක ලග නතර උන සදෙව්ගෙ අත ඔහු ආයෙම අහකට ගත්තෙ ඔහු ඉන්න තැනින් නැගිට්ටා.

මටත් පිස්සුද මංදා..මේ කෙල්ලට සිහි නැති වෙලා ඉද්දි මෙහෙම බලන් ඉන්නවද ගොනෝ…ගිහින් ඉක්මන්ට වතුර ටිකක් අරන් වරෙන්…..කෙල්ලට ඉක්මන්ට සිහිය ගන්න….නැත්තං මුලු දවසෙම කෙල්ලව මෙහෙම තියන් ඉන්නද කල්පනාව…

හිත අරහෙම තරවටුවක් දාද්දි ඔහු දුවලා ගියේ කුස්සියට…තමන් ලගින් සදෙව් ඈතට ගිය වග දැනුන ආශාවරී ඇස් ඇරලා බැලුවෙ ඇය ඉන්නෙ හොදටම නොසන්සුන් වෙලා …

මෙයා කොහෙද ගියේ….ආහ්…මට සිහිය ගන්න මෙයා මට වතුර ගහන්න වතුර ගේන්නද දන්නෑ ගියේ….බෑ..බෑ….මෙයා මට වතුර ගහන්න ශෝල් එක අයින් කරන්න ගියොත්….ඒක වෙන්න දෙන්න බෑ..

ආශාවරී හිත හිතම වැතිර හුන් තැනින් කෙලින් උනේ කුස්සියට ගිය සදෙව් ලොකු ප්ලාස්ටික් කෝප්පයක් පිරෙන්න වතුර අරගෙන දුවලා එන්න ආවෙ ආශාවරී දිහාට…ඒ එද්දි ඇයට සිහිය ඇවිත් වග දැක්ක සදෙව් වතුර කෝප්පය ඇය දිහාට ඇල්ලුවෙ ආශාවරී දෙවරක් නොහිතම වතුර කෝප්පය අතට ගත්තා…

” ඔයාට…සිහිය ඇවිත් …දැන් කොහොමද…ඉස්සෙල්ලා ඔය වතුර එක බීලා ඉන්නකො…..” සදෙව් එහෙම කියද්දි ආශාවරී පත් උනේ ලොකු අපහසුතාවයකට .ශෝල් එකෙන් මුව වහන් ඉද්දි ඇය කොහොමද වතුර බොන්නෙ සදෙව් ඉස්සරහ….

අයියෝ..මං දැන් වතුර බොන්නෙ කොහොමද ….

හිත හිතම ඇය අනික් පැත්තට හැරිලා සදෙව්ට තමන්ගෙ මූණ නොපෙනෙන්න ශෝල් එක ටිකක් එහාට කරලා වතුර උගුරු දෙකක් බිව්වෙ සදෙව් ඇය දිහා බලා හිටියෙ හිත ඇතුලෙ ඇය වෙනුවෙන් ඉපදුන ආශාවකින්.

” ඔයා මුස්ලිම්ද…මූණ පෙන්නන්නැත්තෙ….??” සදෙව් හිනාවෙලා එහෙම අහද්දි ආශාවරී ආයෙම ශෝල් එක හරියට හදාගෙන සදෙව් දිහාට හැරුනෙ අත රැදි වතුර කෝප්පය ආයෙම සදෙව්ට දෙන ගමන්.

” ආම්…ඔ…ඔව්..ඔව් මං මුස්ලිම් ….අපිට පිරිමින්ට මූණ පෙන්නන්න තහනම්…” ආශාවරී ගොත ගගහා එහෙම කියද්දි සදෙව් හිනාවෙවී බලා හිටියෙ ඇය දිහා…

” ඇයි හිනා වෙන්නෙ…??” ආශාවරී එහෙම ඇහුවා.

” නෑ නිකන්…ශෝල් එකෙන් වැහිලා තියෙන මූණ ලස්සන ඇති නේද….ඒක නෙවේ…ඔයා කාලද ඉන්නෙ…..එකපාරටම කලන්තෙ දැම්මෙ…කාලා නැත්තං කෑම ටිකක් දෙන්නද කන්න…” සදෙව් එහෙම අහද්දි ආශාවරී හිත යටින් හිනා වෙවී හිටියෙ..

” ආම්…කාලා නං නෙවේ ඉන්නෙ…ඒත්..ඒත් මට දැන් කන්න බෑ….ඔලුව රිදෙනවා මගෙ…ම්.මං…මං දැන් යන්නං….ඒත්..මේ..මට..මට washroom එකට යන්න ඕන…” ආශාවරී හිමින් එහෙම කියද්දි සදෙව් හිනාව නවත්තගෙන ඇය දිහා බලා හිටියා.

” ආහ්…හරි…එන්නකො මෙහෙන්…” සදෙව් එහෙම කියද්දි ආශාවරී හිද හුන් තැනින් නැගිටලා ඔහු පස්සෙන් වැටුනෙ සදෙව් ඇයව bathroom එක ලගට එක්ක ගියා…

” මේක….” සදෙව් bathroom එක පෙන්නලා මෙහාට ආවෙ ආශාවරී ඊට ඇතුල් වෙලා දොර වහගත්තා…සදෙව් ආයෙම සාලෙ සැටිය ලගට ඇවිත් සැටියෙන් වාඩි උනේ ආශාවරී ගැනම හිත හිත ..

පුදුම කෙල්ලෙක්…බයක් සැකක් නැතුව මං විතරක් ගෙයි තනියම ඉද්දි මෙහෙම ඉන්න එක…හරිම පුදුමයි…..ඇයි මට හිතෙන්නෙ මං එයාව දන්නවා කියලා…ඒ ඇස්…මට ඒ ඇස් මතකයි මතකයි වගේ…ඒ කටහඩ…හරිම ලස්සනයි ඔයාගෙ කටහඩ……ඔය කටහඩත් මට හුරුපුරුදුයි වගේ….ඒත් කවුද ඔයා…

සදෙව් හිත හිතම ඇය වැතිරිලා හිටිය සැටියෙ කුශන් අතගෑවෙ ඔහුට දැනෙන්න ගත්තෙ හරි අමුතු හැගීමක්….ආශාවරීගෙ මතකය ටික ටික හිත උඩට එන්න එන්න ගනිද්දි නොදැනුවත්වම උනත් ඒ ආදරේ සදෙව්ගෙ හිතට දැනුනා .කුශන් අතගගා හිටි සදෙව්ගෙ දෑස් එකපාරටම යොමු උනේ සැටිය අසල බිම වැටිලා තිබ්බ ආශාවරීගෙ ලේන්සුව දිහාට…bathroom යන්න කියලා ආශාවරී සැටියෙන් නැගිටිද්දි ඇගේ උකුල මත තිබ්බ ලේන්සුව බිමට වැටිලා…සදෙව් ඒ රෝස පැහැ ලේන්සුව අතට ගත්තෙ කුතුහලයෙන් .

මේක…ආහ්….අර කෙල්ලගෙ වෙන්නැති….

සදෙව් හිත හිතම ලේන්සුව ආයෙම සැටිය උඩින් තිබ්බා….

Washroom එකට ගිය ආශාවරී සින්ක් එක ඇරගෙන හොදටම අඩන්න ගත්තෙ එක අතකින් කට වහගෙන ඉකිබිදුම පිටට ඇහෙන්න නොදී…

අනේහ් සදෙව් ….මගේ සදෙව් …මට බෑ මේ දුක තවත් විදින්න….මට ඔයාට ඇත්ත කියන්න ඕන රත්තරං ….මං ඔයාට ආදරේ කරපු ආශාවරී කියල මට ඔයාට කියන්න ඕන…..ඒත්…ඒත් මට බයයි ඔයාට මං ඇත්ත කිව්වත් ඔයා ඒක පිලිගත්තෙ ඇති උනොත් ….නැත්තං ..නැත්තං ඔයා මං කියන දේවල් අහලා මොලේ අවුල් කරගත්තොත්…..ඔයා විභාගෙත් අනා ගත්තොත්…..අනේ එහෙම වෙන්න දෙන්න බෑ…ඔයා හොදට විභාගෙ කරගන්න ඕන….මට කරගන්න බැරි උන දේ ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕන රත්තරං ….ඒත් ….ඒත් මේ ආදරේ මං තවත් හංගන් ඉන්නෙ කොහොමද….මගෙ පපුව පැලෙයිද දන්නෑ…..කමක් නෑ….ඔන්න සදෙව් ….ඔයාගෙ විභාගෙ ඉවර වෙච්ච හැටියෙ මං එනවා ඔයාව හොයාගෙන ආයෙම…එදාට නං මං ඔයාට මගේ මූණ පෙන්නන්නවා…එතකොට ඔයාට මාව මතක් වෙයිනෙ…

ආශාවරී හිත හිතම කදුලු තැවරුන මූණ වතුරෙන් හෝදගත්තා…ආයෙම ඇය bathroom එකේ ඉදන් එලියට ආවෙ ඇය සාලෙට එන්න ආවා…ආශාවරී සාලෙට එද්දි ඇය දැක්කෙ සැටියෙ වාඩිවෙලා සදෙව් ඇය දිහාම බලා ඉන්න බව..ඇය එනවත් එක්කම සදෙව් සැටියෙන් නැගිට්ටෙ ඒ ඇස් මොහොතකට වත් වෙනතකට යොමු උනේ නැහැ…

මේ බැල්ම…හරි වෙනස්…සදෙව් …..මොකෝ ඔයා ඕම බලන්නෙ මා දිහා…..අම්මෝ…මාව පිස්සු වැටිලා යයි මේ බැල්මට….මං දැන් ගියොත් හොදයි….තව මෙතන හිටියොත් මට මොනා වෙයිද දන්නෑ….

ආශාවරී හිත හිතම සදෙව් ලගට ආවෙ තරමක හිතේ තිගැස්මකින්…

” මේ…කරපු උදව් වලට තෑන්ක්ස්……ම්…මං…මං යන්නං…..” ආශාවරී එහෙම කියලා යන්න සැරසුනෙ ඇය තව වෙලා ඔහු අසල හිටියොත් ඇයට ඇයගෙ ආදරේ පාලනය කරගන්න බැරුව ඔහු ඉස්සරහ මොන මොන දේ කටින් පිටවෙයිද කියලා බය හිතිලා….ආපිට යන්න ගියපු ආශාවරීගෙ ගමන එකපාරටම නතර උනේ ඇගේ සුරත තදකරලා සදෙව් අල්ලගත්ත හින්දා…ඔහුගෙ ස්පර්ශයෙන් ආශාවරී ගැස්සිලා යද්දි ඇය ඔලුව හරවලා පිටිපස්ස බැලුවා …..

සදෙව් දිහා ඔලුව හරෝලා බලපු ආශාවරී දැක්කෙ ඇස් වල කදුලු පුරෝගෙන තමන් දිහා බලා ඉන්න සදෙව්ව .ඇගේ හදගැස්ම තවත් වැඩි කරමින් සදෙව් ඇය දිහාට ලං වෙන්න ගත්තෙ ඔහුගෙ අතින් ඇගේ සුරත නං ගිලිහුනේ නැහැ….ආශාවරී ඇස් ලොකු කරන් සදෙව් දිහා බලා ඉද්දි සදෙව් ඇගේ ගෑවී නොගෑවී වගේ ආශාවරී ලගින් නතර උනා .ආදරේ පිරුණු සදෙව්ගෙ ඒ තරු ඇස් අතරෙ ආශාවරීගෙ මුලු ආත්මෙම අතරමං වෙලා යන්න තත්පරයක් වත් ගියෙ නැහැ….සදෙව් නිදහස් අතින් ආශාවරීගෙ හිස ආවරණය කරන් හිටිය ශෝල් එක අහකට වෙද්දි ආශාවරී දෑස් පියාගත්තෙ සදෙව්ගෙ සුසුම් ඇගේ මුලු මුහුණ පුරාම විසිරිලා යද්දි ….ශෝල් එක සම්පූර්ණයෙන්ම අයින් කරපු සදෙව් ආශාවරීගෙ මුහුණට පාත් වෙලා ඒ දෙතොල් සමීපයෙ නතර උනේ ආශාවරී දෑස් පියාගෙනම හිටියා මිස ඇස් ඇරලා සදෙව් දිහා බැලුවෙ නැහැ….ඇය බයකින් සහ රසයකින් ගැහෙන්න ගනිද්දි සදෙව් කතාකරන්න ගත්තා.

” ආශාවරී …..” සදෙව්ගෙ මුවින් පිටවෙද්දි ආශාවරී එකපාරටම ඇස් ඇරලා ඔහු දිහා බැලුවෙ පුදුමයෙන් .

***********************************

ඉතුරු ටික හෙට දාන්නං….අනුමාන කරතෑකිද සදෙව්ට ආශාවරීගෙ මතකෙ ආවෙ කොහොම වෙන්නැත්ද කියලා…??

M.Ashka Rashmi❤️

11 thoughts on “ආශාවරී |පනස් අටවෙනි කොටස|නවකතාව |කතා අහුර රචක”

  1. Lakmini Sandarekha

    Lensuwe suwadin. Nthnm eka sadewge lensuwa. Ane ammo athi ynthnm mthke awa. Dn nm ht wenkm iwasillk ne mtnm. Niymai oya hrim lassnt kthwa lynw.

  2. Ruvini Thakshila

    Ashavarige lensuwe pichcha mal suwadinda sadeuta ashavarige mthke awe.ehemda.?ane sadeuge mthke awa neda Akki eththtma.anee kthwa nm maru.all the best Akki. Me wge thwth lssna romantic ktha apita issrhta the digtma oygen oni akki???

  3. Aiyo akki ai ane hodama hariyedi kathawa nawaththuwe oyanam hari narakai ane mn dan kochchara tencion ekeda inne heta wenakam iwasillak ne ane…..ai ane mehema karanne apita oyata duka nadda..e kiyanne dan sadewta ashiwa mathak wela kiyana ekada hari shok ane…..????????? heta wenakam inna be

  4. Ara lensuwen wennathi… eke ashawarige suwada ehem athi.. ewagen mthk wennathi…

    Ane hari shook… aiyo akkiyo…e satenm sadewta mthake genn… naththan apith paw,ashith paw…

    Kathawa godaaaaaaaaaaaaaaaaaaaaak lassansi…

  5. Ranmali subasinghe

    Narakai akshoo oya… ai ane neweththuwe… thawa tikak danna thibuna neda??? Den heta wenakal iwasillak ne…?????? heta nam digaaaaaaaaaaaa kotasak ona harida???? Udenma kathawa danna… plzzz ?????? good luck!!! ????

  6. Chathu indeewaree

    ඔයාට ගොඩාක් ස්තූතියි රෂ්මියෝ මෙතරම්කල් ඔයා ළඟ තියාගෙන හිටිය සදෙව්ගේ මතකය ආයෙත් එයාටම දුන්නට…?????????????????????????????

  7. Nirosha Lakmali

    අම්මෝ ඇති යන්තම් මං හිතුවා වගේ අද සදෙව්ට ආශාවරීව මතක් වුනා. ලේන්සුව දැකලා ආශාවරීට සනීප වුනා වගේම සදෙව්ටත් ලේන්සුව නිසාම මතකේ ආවා. ඔයා නම් නියමෙට කතාව ලියලා. කියන්න වචන නැ ඉතින්. Excellent…. කතාව කියවන්නේ හරිම සතුටින් ඒත් ඉක්මනට කතාව ඉවර⁣ වෙන නිසා ගොඩාක් දුකයි. ඉක්මනට මේ වගේම ලස්සනම ලස්සන කතාවක් අපිට දෙන්න. හදවතින්ම ඔයාගේ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා…… ?????????????????????????????????????????????????????????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.