Katha Ahura

ආශාවරී |පනස් තුන්වෙනි කොටස|නවකතාව |කතා අහුර රචක

5/5 - (1 vote)

පනස් තුන්වෙනි කොටස

පංති කාමරේට ගිය සදෙව් කලින් දවසෙ පැතුම්ට කිව්ව විදිහටම ඔහු වාඩි උනේ ආශාවරීගෙ පුටුවට එහායින් තිබ්බ පුටුවෙ…පුටුවෙ වාඩිවෙලා පොතක් දිග ඇරගත්ත සදෙව් හැදුවෙ පොත කියවන්න….ඒත් ඔහුගෙ මනසට එය හරියාකාරව කරන්න පුලුවන් කමක් තිබුන්නෑ…මොකද එක දිගට එක දිගට සදෙව්ට ආශාවරීගෙ මතකයන් ගලාගෙන එන්න ගත්තෙ ඔහුගෙ මුලු මනසම අවුල් වෙද්දි ….ආශාවරී එක්ක දවස් දෙක තුනක් එකම පෝලිමෙ සදෙව් ඉන්දැද්දි මේ දෙන්නගෙ සුන්දර මතකයන් ආයෙ ආයෙම සදෙව්ට පේන්න ගත්තෙ ඔහුට දැන් නං පිස්සු වගේ…ඒත් පුලුවන් තරම් හිත පාලනය කරගෙන ඔහු හිටියෙ…ටික ටික වෙලාව ගතවෙද්දි පංතියට ලමයි එකා දෙන්නා ගානෙ එන්න ගත්තා…නිරාශා පංතියට ඇවිත් කෙලින්ම ආවෙ සදෙව් ලගට…

” ගුඩ් මෝනිං සදෙව් …” නිරාශා හිනාවෙවී එහෙම කියලා ආශාවරීගෙ පුටුවෙන් වාඩි උනේ සදෙව් පුදුමයෙන් බලා හිටියෙ ඇය දිහා..

” ආ…මොකෝ මේ…මොකද ඔහොම බලන්නෙ….?? ” නිරාශා ඇස් හීන් කරලා ඔහු දිහා බලලා එහෙම අහද්දි සදෙව්ට හීන් හිනාවක් ගියේ…ඒත් ඒ හිනාව වැඩි වෙලා ඔහුගෙ මුවේ තිබ්බෙ නෑ….එකපාරටම මුවේ ඇදුන මදහස මැකිලා යද්දි නිරාශා දුකෙන් බලා හිටියෙ සදෙව් දිහා..

” සදෙව් …ඔයා මොකක් හරි ප්‍රශ්නෙකින්ද ඉන්නෙ…..” නිරාශා ඇහුවෙ ඩෙස් එක උඩ තිබ්බ සදෙව්ගෙ එක අතක් අල්ලන ගමන්..සදෙව් ඒ ස්පර්ශයෙන් ගැස්සිලා යද්දි ඔහු ඔහුගෙ අත ඇගෙන් අහකට ගත්තෙ ඔහු කැමති උන්නෑ නිරාශා තමන්ව අල්ලනවට…නිරාශා කොච්චර ලස්සන කෙල්ලෙක් උනත් සදෙව්ගෙ ඒ හිත ඇය කෙරෙහි යන්නැත්තෙ නොදැනුවත්වම උනත් තවමත් ඒ හිතේ ඉන්නෙ ආශාවරීම නිසයි.

” ආම්….නෑ…මුකුත් නෑ නිරාශා …..මුකුත් නෑ….” සදෙව් ගොත ගගහා එහෙම කිව්වෙ මොනා උනත් ඔහුට බැහැ ඔහුට මේ දැනෙන අමුතු හැගීම් ඇය එක්ක බෙදාගන්න …..ඉතින් මුකුත් නොකියම ඔහු එලෙස නිහඩ වෙද්දි නිරාශා එතනින් අහකට ගියේ තවත් ඔහු ලග රැදෙන එකෙන් වෙන්නෙ ඇයට ආයෙම සදෙව් ගැන ලෝභකමක් හිතෙන්න ගන්න එක…නිරාශා සදෙව් එක්ක කතා කර කර ඉදලා යනවා පංතියට ආපු පැතුම් දැක්කා….ඔහු බය උනා නිරාශා මොනා මොනා සදෙව්ට කියලා ඇත්දෝ කියලා…. පංතියට ආව හැටියෙ පැතුම් ඔහුගෙ බෑග් එක තමන්ගෙ පුටුවෙන් දාලා සදෙව් කිට්ටුවට ආවෙ ඔහු ආශාවරීගෙ පුටුවෙන් වාඩි උනේ සදෙව් දිහා බලාගෙන.

” ගුඩ් මෝනිං පැතුම්…”

” මෝනිං මෝනිං….ඉතිං ඉතිං…කොහොමද ඊයෙ…” පැතුම් ඇහුවෙ හිනාවෙලා….accident එකෙන් පස්සෙ මේ සදෙව් ඉස්කෝලෙ එන දෙවෙනි දවස…..පැතුම් එහෙම අහද්දි සදෙව්ට ලොකු හුස්මක් පිට උනා.

” පැතුම්…මං දෙයක් අහන්න…මට ඇත්තම කියනවද…..” සදෙව් ඇහුවෙ තියුණු බැල්මක් හෙලලා…පැතුම් ටිකක් බය උනා…ඔහු බය උනේ සදෙව් ආශාවරී ගැන අහයි කියලා…එහෙම ඇහුවොත් ඔහුට දෙන්න උත්තරයක් පැතුම් ලග නැහැ….දෙගිඩියාවෙන් පැතුම් ඔලුව වනලා හා කියලා කිව්වෙ කමක් නෑ එන දේකට මුහුණ දෙනවා කියලා හිත හිත.

” මට දැනගන්න ඕන ආශාවරී ගැන….” සදෙව් එහෙම අහද්දි පැතුම් ගැස්සිලා ගියා..නලලට දාඩිය බිදු දාන්න ගද්දි සදෙව්ට තේරුනා පැතුම් ඉන්නෙ බය වෙලා කියලා.

” ම්..මොන …..ආශාවරී ද…කවුද …” පැතුම් ගොත ගගහා එහෙම කියද්දි සදෙව්ට සමච්චල් සහගත හිනාවක් ගියා.

” ඔයා ඇයි මේ බයවෙලා….මං ඇහුවෙ කවුද ආශාවරී කියන්නෙ කියලා විතරනෙ….මට දැනගන්න ඕන පැතුම් ඒ කෙල්ල ගැන….ප්ලීස් ..මට බොරු කරන්නැතුව මට ඇත්ත කියන්න…මං දන්නවා ඔයා දන්නවා කියලා එයා ගැන…මට දැනගන්න ඕන නිතරම මට ඇහෙන ඒ නම…… ඒ හුරුපුරුදු නම…ඒ කවුද ..මාත් එක්ක ඒ කෙල්ලගෙ තිබ්බ සම්බන්දෙ මොකද්ද කියලා දැනගන්න….පැතුම්…මට කියන්න…ඒ කවුද …මට අමතක අතීතෙ හිටිය කෙනෙක්ද…ඔයාලා කවුරු ගැනවත් මතක් වෙන්නැතුව නිතර නිතර මට ඒ කෙල්ලවම මතක් වෙන්න ගන්නෙ ඒ කවුද මගේ….ඒ….ඒ…ඒ ම්..මං..මං…මං ආදරේ කරපු කෙල්ලෙක්වත්ද…” සදෙව්ගෙ මුවින් අන්තිමට එලෙස පිටවුනේ පැතුම් ඇස් වල කදුලු පුරෝගෙන බලා හිටියෙ සදෙව් දිහා.

” සොරි සදෙව් ….ආශාවරී ගැන ඔයාට කියන්න මට අවසර නැහැ….සොරි…..මේක මගේ තීරණයක් නෙවේ….” පැතුම් කිව්වෙ සදෙව්ගෙ පිටට තට්ටු කරන ගමන්.

” කාගෙ තීරණයක්ද ඒක…ආ…කාගෙද ඒ තීරණේ….ඇයි ඔයාලා මං ආශාවරී ගැන දැනගන්න එක නවත්තන්නෙ…ඇයි මට ඔයාලා කවුරුවත් එයා ගැන හරි විස්තරයක් කියන්නැත්තෙ….ඇයි….ඇයි ඔච්චරටම මගෙන් එයා ගැන විස්තර හංගන්නෙ…මොකද්ද හේතුව…” සදෙව් කේන්තියෙන් ඇහුවෙ ඔහුට හිතට ලොකු දුකක් ආවෙ එකපාරටම .

” උබේම හොදට මචං…උබේම හොදටයි මේ හැමදෙයක්ම …උබට අමතක අතීතෙ අමතක වෙච්ච සමහර දේවල් ඒ විදිහටම අමතක වෙලා තිබුනදෙන්…ඒවා අදුරු අතීතයක් සදෙව් …ඒවා මතක් කරගන්න උත්සාහ කරන්නෙපා…” පැතුම් කිව්වෙ ඇස් වල කදුලු පිහිදගන්න ගමන්.

” අඩුම ගානෙ මට මේක වත් කියහන්…ඒ මගේ ආදරේද…..??” සදෙව් ඇහුවෙ ඇස් වල කදුලු පුරෝගෙන .නිතර නිතර ඔහුට පේන අතීත මතක චායාවන්ගෙන් සදෙව්ට තේරුනේ ඇය හා ඔහු අතර යාලුකමකට එහාගිය බැදීමක් තියෙන්න ඇතියි කියලා….ඒ හින්දයි අමාරුවෙන් අමාරුවෙන් හරි පැතුම්ගෙන් ඔහු එහෙම ඇහුවෙ…මොකද කොච්චර ලස්සන කඩවසම් කොල්ලෙක් උනත් සදෙව් කවදාවත් කිසිම කෙල්ලෙක්ට ආදරය කරලා තිබුන්නෑ…..ඒත් එකපාරටම ආශාවරී ගැන සදෙව්ගෙ හිතේ ඇති වෙච්ච මහ විශාල ආදරය ඔහුගෙ නැතිවෙලා ගිය ආශාවරීගෙ මතකය ආයෙම ඔහුට ලබා දෙන්න උත්සාහ කරනවා…ඒත් ඒ උත්සාහය විතරක් ඇතිවෙයිද සදෙව්ට අතීතෙ ආයෙම මතක් කරගන්න…

” මං දන්නෑ සදෙව් …මං දන්නෑ…ප්ලීස් …ආයෙම මගෙන් ඒ ගැන අහන්නෙපා….” පැතුම් එහෙම කියාගෙනම ඔහු ඉන්න පුටුව ලගට ගියේ සදෙව්ගෙ හිත කඩා වැටුනා…ඔහු බලාපොරොත්තු උනේ කොහොමහරි පැතුම්ගෙන් ආශාවරී ගැන දැනගන්න උනත් ඒක සාර්ථක උනේ නැහැනෙ…දැන් ඔහු කාගෙන් කියලා අහන්නද ඇය ගැන…පණ නැති අර සුදු අරලිය ගහෙන් අහන්නද ආශාවරී ගැන….හැබැයි ඒ අරලිය ගහට කතා කරන්න පුලුවන්නම් ගහ කියාවි සදෙව්ගෙයි ආශාවරීගෙයි සුන්දර වගේම අසම්පූර්ණ ආදර කතාව…

කාලය ටික ටික ගෙවිලා ගියා…සදෙව්ගෙ ස්ථාන මාරුව පුශ්පා මිස්ගෙ හිත ඇතුල්ට කා වැදුනා…..

ඔයා තාමත් ආසද දරුවො ඔය පුටුවෙ ඉන්න….ආ…මට මතකයි එදා…එදා මං ඔයාව ආශි ලගට දාද්දි ඔයා එතනට ගියේ ඇස් වල කදුලු පුරෝගෙන …ඔයා හරිම අකමැත්තෙන් ආශි ලගට ගියේ….ඒත්….ඒත් මමම ඔයාව ආයෙම ආශි ලගින් පැතුම් ලගට වාඩිවෙන්න යන්න කියද්දි ඔයා එදත් ඇස් වල කදුලු පුරෝගන්නවා මං දැක්කා පුතේ….ඒ කදුලු ඔයාගෙ හිතේ ආශි ගැන තිබ්බ ආදරය කියලා මට දැනුයි තේරෙන්නෙ…..මේ ඉස්කෝලෙ කොච්චර නං මේ වගේ ආදර සම්බන්දතා තිබ්බද…ඒත්…ඒත් මෙච්චර ලොකු ආදරයක් මං දැකලා නෑ කවදාවත් …ඔයාට කොච්චර අතීතෙ අමතක උනත් සමහර පුරුදු නං අමතක නෑ සදෙව් ……තාමත් ඔයාගෙ හිත හොයන්නෙ ඔයා ආසම කරපු ආශාවරී ලග ඉන්න…මොන කරුමෙකටද දෙවියනේ මේ දෙන්නව මෙහෙම ඈත් කලේ…එහෙන් ආශි විදවනවා පිස්සු හැදිලා..මෙහෙන් මෙයා විදවනවා මතකෙ නැති වෙලා…අනේ මටත් මේවා දකින්න උනානෙ දෙවියනේ …

පුශ්පා මිස් කල්පනා කරන්න ගත්තා.ඇගේ දෑස් කදුලු වලින් බොදවෙලා ගියේ ඇය දැක්කා නිතරම සදෙව් ආශාවරීගෙ පුටුව දිහා බලාගෙන ඉන්නවා….නිතරම සදෙව්ට මැවිලා පේන්න ගන්නවා ආශාවරීගෙ චායාව…ඒත් එය හරියාකාරව අදුනගන්න ඔහුට බැහැ…ඇය එක්ක ගතකල කාලෙ ඔවුන් කතා බහ කරපු දේවල් නැවත නැවතත් හිත ඇතුලෙ දෝංකාර දෙද්දි සදෙව් නොසන්සුන් වෙලා හිටියෙ ඒ දැනෙන හැගීම් වලින්…

පීරියඩ් එක දෙක තුන ගෙවිලා ගියා….නිතරම වගේ නිරාශා ඇවිත් සදෙව්ට උදව් කලා පාඩම් වැඩ වලට…විශේෂයෙන්ම අලුතින් උගන්නන පාඩම් වලට පරණ සිද්දාන්ත යොදද්දි සදෙව්ට අමතක වෙච්ච හැම දෙයක්ම වගේ නිරාශා තමයි කියලා දුන්නෙ…නිරාශා සදෙව් එක්ක නිතරම ගැවසෙනවා දැක්ක පැතුම්ට ආවෙ නිරාශා ගැන තරමක ලොකු කේන්තියක් …ඔහුට හිතුනෙ ලද අවස්තාවෙන් නිරාශා උපරිම ප්‍රයෝජනය ගන්න හදනවා කියලා….කොහොමත් සදෙව්ට ආශාවරීව අමතක එකේ නිරාශාට ලේසියෙන් පුලුවන් ඔහුට ලං වෙන්න…පැතුම්ට එහෙම හිතුවා..ඒත් ඔහුට වැරදිලා…සදෙව්ගෙ ආදරණීය හිත සදාකාලෙටම ආශාවරීට දීලා ඉවරයි….ඒ හිතින් තව කෙනෙක්ට ආදරේ කරන්න ගන්න සදෙව්ට බැහැ….කොහොමත් නිරාශා දකින වාරයක් වාරයක් ගානෙ ඔහුට ආශාවරීගෙ බොද වෙච්ච රූපෙ මැවෙන්න ගන්නෙ ඒ අපහැදිලි රුව නිරාශාගෙන් සදෙව්ව ඈත් කරනවා.

ඉස්කෝලෙ අවසන් වෙලා හැමෝම බිල්ඩින් එකෙන් එලියට එද්දි සදෙව් පැතුම්ට කියලා ඉස්කෝලෙන් එලියට ආවෙ ඔහුට ඕන කලේ තමන්ගෙ හද ගැහෙන වේගෙ වැඩි කරන මේ මිශ්‍ර පාසලෙන් ඉක්මන්ටම ගෙදර යන්න…නිරාශාත් බිල්ඩින් එකෙන් එලියට යන්න හෙමි හෙමින් පඩිපෙල් බහිද්දි ඇයව පැතුම් අල්ලගත්තෙ නිරාශා පුදුමයෙන් බැලුවෙ පැතුම් දිහා.

” මොකෝ..??” නිරාශා කුතුහලයෙන් එහෙම ඇහුවා..

” මට ඔයා එක්ක කතා කරන්න ඕන…..ටිකක් ඉන්න…” පැතුම් එහෙම කියලා බිල්ඩින් එකෙන් කට්ටිය හැමෝම යනකන් නිරාශාව රදවගත්තෙ නිරාශාගෙ මුලු හිතම කුතුහලයෙන් පිරිලා තිබුනෙ පැතුම්ගෙ මේ ක්ශනික හැසිරීමට .ලමයි හැමෝම පඩිපෙළ මැද බිත්තියට හේත්තුවෙලා නතර වෙලා හිටිය මේ දෙන්නා දිහා බල බල බිල්ඩින් එකෙන් එලියට යද්දි පැතුම් කතා කරන්න ගත්තා.

” මොකද්ද හලෝ තමුසෙ කරන්න හදන කැත වැඩේ….” අතක් දික්කරලා පැතුම් කේන්තියෙන් කිව්වෙ නිරාශාගෙ ඇස් ලොකු උනා එකපාරටම .

” මොකද්ද ??” කිසිත් හිතාගන්න බැරිව ඇය පැතුම් දිහා බලා හිටියෙ…

” මොකද්ද අහන්නෙ….තමුසෙ හොදටම දන්නවා සදෙව් ආශිට පණ යන්න ආදරේ කලා කියලා..එහෙම දැන දැනත් දැන් සදෙව්ට ආශිව අමතක වෙලා ඉන්දැද්දි ඌට ලං වෙන්න හදන්නෙ….තමුසෙට ලැජ්ජා නැද්ද ඕයි….ඔය වගේ කැත වැඩ කරන්න…ආ..තමුසෙත් කෙල්ලෙක් නේද..??.” පැතුම් එහෙම කියද්දි ඇගේ දෑස් කදුලින් පිරිලා ගියේ ඒ ඇහුන වචන ඇගේ හදවත පසාරු කරගෙන ගියා…පැතුම් හිතුව විදිහට ඔහු කිව්ව විදිහට කවදාවත් නිරාශා හිතුවෙ නැහැ…ඇය සදෙව්ට උදව් කලේ යාලු කමකට මිස ඔහුව ආශාවරීගෙන් ඈත් කරලා ඔහුට ලං වෙන්න නෙවේ…මොකද නිරාශා හොදටම දන්නවා සදෙව් මොන වගේ ආදරයක්ද ආශාවරීට දුන්නෙ ඒ ආදරේ කවම කවදාවත් ඇයට නං ලබාගන්න බැරි බව …අතීතෙ කොච්චර සදෙව්ට අමතක උනත් ඔහුට තවමත් පොඩි හරි හුරුපුරුදු බවක් තියෙනවා ආශාවරී ගැන…ඒ ගැන නිරාශාට හොදටම තේරුනෙ ඔහු නිතරම ආශාවරීගෙ පුටුව දිහා බලාගෙන කල්පනා කරනවා දැකලා…පැතුම් මොකුත්ම හොයන්නෙ බලන්නෙ නැතුව කියලා දැම්ම වචන වලින් නිරාශාගෙ හිත හොදටම රිදුනා.ඇස් වල එකතුවෙලා තිබ්බ උනු කදුලු කම්මුල් දිගේ ගලා යද්දි ඒ කදුලු දැක්ක පැතුම්ගෙ හිතත් උණු වෙලා යන්න තත්පරයක් වත් ගියේ නෑ..

” මං ඒම කලේ නෑ පැතුම්…මං ඒම කලේ නෑ…ඉහි…හහ්…ඉහ්..” නිරාශා අඩන්න ගත්තෙ ඉකි ගගහා…පැතුම් ටිකක් කලබල උනා..

” ඒයි ..මෝඩි..අඩන්නෙපා ඉතින්….මං…මං හිතුවෙ..මං…මං හිතුවෙ ඔයා කොහොමත් සදෙව්ට ආදරේ කරපු හින්දා දැන් ඔයා හදන්නෙ ආයෙම සදෙව්ට ලං වෙන්න කියලා…ඒකයි මං එහෙම කිව්වෙ….” පැතුම් කිව්වෙ අසරණව ඇය දිහා බලලා…දැන් දැන් ඔහු පසුතැවිලි වෙනවා එකපාරටම තමන්ගෙ කටින් පිටවෙච්ච ඒ වචන වලට.

” මං ආදරේ කලා තමා පැතුම් …ඒත්…ඒත් මගේ හිතේ දැන් එයා ගැන ආදරයක් නෑ….මගේ ආදරේ මැරිලා ගියේ එයා ආශිට ආදරේ කරන්න ගත්තු දවස් වලමයි…එයා නිතරම ආශි එක්කම ගැවසෙනවා දැකලා මගේ හිතින් මං සදහටම සදෙව්ව අයින් කරලා දැම්මා පැතුම්…මගේ හිතේ සදෙව් ගැන තියෙන්නෙ අනුකම්පාවක් විතරයි…මට දුකයි සදෙව් ගැන…එයා කොච්චර කොහොම ආශිට ආදරේ කලාද..ඒත් ඒ ආදරේ දැන් එයාට අමතකයි කියන්නෙ…නොදැනුවත්වම උනත් කොච්චර ලොකු දුකක් ඒ හිතේ හිරවෙලා ඇත්ද පැතුම්…මට දුක ඒ ගැන…මට ඕන උනේ සදෙව්ට උදව් කරන්න විතරයි…එයාට ලං වෙන්න ඕන්නෑ මට…මොකද ආශි කියන්නෙත් මං වගේම කෙල්ලෙක්…ආශි ඉන්න තැන මං හිටියනං මං කීයටවත් කැමති වෙන්නෑනේද මගේ ආදරේ කවුරුවත් උදුරගන්න වට…ඒ වගේ ආශි කැමතිත් නෑ මං සදෙව්ව ලබා ගන්නවට…මොනා උනත් මං ආස නෑ බලෙන් මුකුත් ලබා ගන්න….බලෙන් ගන්න දේවල් අපි ලග රැදෙන්නෙ ටික කාලයයි….මං සදෙව්ට ලං උනත් වෙන්නෙ එයාට ආශිගෙ මතකෙ ආව දවසට එයා මාව අත අරිනවා අනිවාර්යයෙන්ම …ඊට වඩා හොදයි පුරුදු විදිහටම මං එයාලගෙන් එයාලගෙ ආදරෙන් ඈත් වෙලාම ඉන්න එක….” කදුලු පිහිද පිහිද නිරාශා කිව්වෙ ඒ හැමදෙයක්ම පැතුම් අහන් හිටියෙ දුකෙන්…

” සොරි නිරාශා …මං ඔයා ගැන හිතන් හිටියෙ වැරදියට…සොරි…ඔයා හොද කෙල්ලෙක්….හැමදාම ඔය හොද ගති තියාගන්න….ඔයාට හොද කොල්ලෙක් හම්බෙයි…සදෙව්ට වඩා…සදෙව් කවුද …මූදෙ ඉන්නෙ එක මාලුවද…නේද….හොද තෝරෙක් අල්ලගනින්..එතකොට වැඩේ ගොඩ….” පැතුම් හිනාවෙලා නිරාශාගෙ කරට අතක් දාගත්තෙ නිරාශාට එකපාරටම හිනා ගියා.

” ආ…ආ..ඔය තියෙන්නෙ…උබටත් කොල්ලෙක් ගැන කිව්වොත් ඉතින් දාන්නෙම පැණි හිනාව…” පැතුම් ඇද කර කර එහෙම කියද්දි නිරාශා හිමින් පහරක් ඒ පපුවට ගැහුවෙ ඇය හිස ඔහුගෙ පපුවෙන් තියාගත්තෙ ඇය පැතුම්ව බදාගත්තා…මෙවැනි දෙයක් නිරාශාගෙන් බලාපොරොත්තු නොවුන පැතුම් ඒ ස්පර්ශයෙන් ගැස්සිලා යද්දි ඔහුගෙ හදවත අසාමාන්‍ය අන්දමින් ගැහෙන්න ගත්තෙ කවදාවත් නැතුව.

” පැතුම්…මට තෝරු මෝරු ඕන්නෑ….මට දැන් කොල්ලෙක් ඉන්නවා….” නිරාශා එහෙම කියද්දි පැතුම්ට ආවෙ සියුම් දුකක්…මොකද නොදැනුවත්වම උනත් පැතුම් මෙච්චර කල් නිරාශාට හිත යටින් කැමැත්තෙන් හිටියෙ…

” ක්..ක..කවුද ඒ….” පැතුම් කවදාවත් නැතුව කෙල්ලෙක් ඉස්සරහා අසරණ වෙද්දි ඔහු ගොත ගගහා කතා කලේ….නිරාශා පැතුම්ගෙ පපුවෙන් මුහුණ අහකට අරන් ඔලුව උස්සලා පැතුම් දිහා බැලුවෙ ඇගේ දිලිසෙන ඇස් දිහා බලා හිටිය පැතුම් මොහොතකට ඒ ඇස් වලට වශී උනා.

” ඔයා…” නිරාශා හිනාවෙවී එහෙම කියද්දි පැතුම්ට කෙලත් ගිලුනා..පැතුම් කියන්නෙ සදෙව් තරමටම ලස්සන නැති උනත් තලෙලු උස මහත ගානට තියෙන කඩවසම් කොල්ලෙක්….දගකාර දඩබ්බර පැතුම්ගෙ හිත නොදැනුවත්වම නිරාශා ලග නතර වෙද්දි ඒ ඇහුන වචනෙන් පැතුම් පුදුම උනා.

” මොකක්…” පැතුම්ට කියවෙද්දී නිරාශා බලා හිටියෙම ඔහුගෙ දෑස් දිහා.

” ඇයි…ඔයා මට කැමති නැද්ද …මං නං ඔයාට ගොඩාක් කැමතියි…..ඔයා හරිම හොද කොල්ලෙක් පැතුම්..මට ඕන ඔයා වගේ කොල්ලෙක්ව….” නිරාශා එහෙම කියලා පැතුම්ට ආයෙම තුරුල් උනේ පැතුම් ට කිසිත් හිතාගන්න බැරි උනා.

” නිරාශා …මොනාද ඔයා මේ කියවන්නෙ…තමුසෙගෙ ඔලුව කොහෙ හරි හැප්පුනද…” ඇයව ඔහුගෙන් අහකට කරලා දෑතින්ම ඇගේ ඔලුව අල්ලන ගමන් පැතුම් කිව්වෙ ඔහුගෙ සුපුරුදු දගකාරකම් එලියට එන්න ගත්තා…නිරාශා කේන්තියෙන් බැලුවෙ ඔහු දිහා…නිරාශා කියන හැමදෙයක්ම පැතුම්ට තේරුනත් ඔහු නොතේරුනා වගේ හිටියෙ ඔහු ආස හරිම සැහැල්ලුවෙන් විනෝදෙන් ඉන්න නිසා.

” තමුසෙ නං මහ මොකෙද්ද මංදා ඕයි….මී හරකා..ඔච්චරටම තේරෙන්නැද්ද මං කියන දේ….” නිරාශා කේන්තියෙන් රතුවෙලා හිටියෙ..ඇගේ රතු වෙච්ච මූණ බලන් හිටිය පැතුම්ට නං හිත යටින් හොදටම හිනා.

” මේ…එන්නෙපා මී හරකා මී හරකා ගාගෙන හරිද….වැදිරි….” පැතුම් එහෙම කියද්දි අතමිට මොලවල පැතුම්ගෙ පපුවට පහර පිට පහර ගහපු නිරාශා කේන්තියෙන් ම පඩිපෙල් බැහැලා පල්ලෙහාට එන්න ආවෙ පැතුම් හිනාවෙවී බලා හිටියෙ ඇය දිහා..

” මට ගහලා ඔයා සතුටින් ඉන්නකො සුදු මැණිකෙ ඒනං….” පැතුම් ආයාසයෙන් හිනාව නවත්තගෙන එහෙම කියද්දි ඒක ඇහුන නිරාශා බැහැපු පඩි දෙක තුන ආයෙම ආපස්සට නැගලා ආවෙ පැතුම් දිහාට කේන්තියෙන් මූණ රතූ කරගෙන.

” තමුසෙට මං….” ආයෙම ඇගේ අතමිට මෙලවූ අතක් පැතුම්ගෙ පපුව ලගට යද්දි පැතුම් ඉක්මන්ට ඒ අත අල්ලගත්තෙ රතුවෙලා තිබ්බ නිරාශාගෙ මූණ තවත් රතු කරමින් ඔහු ඇගේ කම්මුලක් සිපගත්තෙ නිරාශා ලැජ්ජාවෙන් බැලුවා පැතුම් දිහා..

” ඇත්ද…තව ඕනද….” පැතුම් හිනාවෙවී එහෙම අහද්දි නිරාශා ලැජ්ජාවෙන් හිනාවෙලා ආපිට දුවලා බිල්ඩින් එකෙන් එලියට යන්න ගියේ පැතුම් හරිම ආසාවෙන් ඇය දිහා බලාගෙන හිනා වුනා .

“පිස්සු කෙල්ලෙක්… ඒකත් හැබැයි නරකම නෑ…….” පැතුම් තමන්ටම මුමුණ ගන්න ගමන් බිල්ඩින් එකෙන් එලියට ආවෙ හිනාවෙන් මුව සරසගෙනමයි.

මේ අතරෙ බෝ ගහ ගාවින් බැහැපු සදෙව් අතුරු පාර දිගේ ඉස්සරහට එන්න ගත්තෙ කල්පනා කර කර….ඔහුට මතක් වෙන්න ගන්නෙම ඉස්කෝලෙදි ඔහුට නිතරම මතක් වෙන ඔහුගෙ මනස අපහසුතාවයට පත් කරන කෙල්ලව…හිත හිතම ඉස්සරහට ඇදුන සදෙව්ගෙ ඉස්සරහට හම්බුනේ කලු ප්‍රාඩෝ රථයක්…..තමන්ව පාස් කරන් යන ප්‍රාඩෝ එක දිහා වරක් බලලා අහක බලා ගත්ත සදෙව් ඔහුගෙ ගමන ඉස්සරහට ඇදෙද්දි ප්‍රාඩෝ එක එකපාරටම මගක් දුර ගිහින් බ්‍රේක් පාගලා නතර කලා….ඒ දිහාට අවදානය නොදී කල්පනා ලෝකෙ සැරි සර සර ගෙදර යන්න ගිය සදෙව්ගෙ කල්පනාව එකපාරටම බිදිලා ගියේ ඔහුගෙ පිටිපස්සෙන් ඇහුන කටහඩට….ඒ කටහඩට නතුව සදෙව් එකතැන නතර වෙද්දි හදවත ගැහෙන රිද්මය සිය දහස් ගුණයකින් වැඩි වෙන්න ගත්තෙ මෙච්චර දවසක් ඒ හිත හෙව්ව ඒ හිතට මගහැරුන ඒ හිතට ඕන කරපු කටහඩ ඔහු අදුනගත්තා.

” සදෙව් …..” ඒ ඇහුන කටහඩට සදෙව් එකපාරටම පිටිපස්ස හැරිලා බලද්දි ඔහු දැක්කෙ කලු කොට ගවුමක් ඇදන් කොන්ඩ කරල් දෙකක් ගොතාගෙන තමන් දිහා බලා ඉන්න හරිම ලස්සන කෙල්ලෙක්ව..ඔව්…ඒ වෙන කවුරුවත් නෙවේ ආශාවරී …

Dr.ප්‍රදීපිකා ගෙ අණ පරිදි හැම සතියකට වතාවක්ම ආශාවරීව වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරන්න ඕන…මේ සතියෙත් සුපුරුදු විදිහට මහේශ් නදීකා එක්ක ආශාවරීව doctor ලගට අරන් යන්න කියලා හැදුවෙ…ඒත් ප්‍රාඩො එක මගක් දුර එද්දි කල්පනා කර කර කලු වීදුරුවෙන් එපිට බල බල යන ආශාවරී එකපාරටම දැක්කෙ ඇගේ නෙත් මෙච්චර දවසක් හෙව්ව සදෙව්ව…සදෙව් ඉස්කෝලෙ ඇරිලා ගෙදර එද්දි අහම්බෙන් වගේ ආශාවරී ඔහුව දැක්කා…සදෙව්ව දැක්ක ඇය එකපාරටම කෑ ගහගෙන නොසන්සුන් වෙන්න ගත්තෙ ඇය shutter එකට අත්දෙකෙන්ම ගගහා අඩන්න ගත්තෙ සදෙව්ගෙ රුව පාස් වෙලා යද්දි …..ඒත් එක්කම ඇය අඩ අඩ කෑගහන්න ගත්තෙ ඔහු ලගට යන්න ඕන කියලා….වාහනයෙ රියදුරාට පහර පිට පහර ගහපු ආශාවරීව නදීකායි මහේශුයි කොච්චර සන්සුන් කරන්න හැදුවත් එය අසාර්ථක උනේ ආශාවරී එන්න එන්නම දරුණු වෙන්න ගත්තැයින්…ඉතින් අන්තිමේදි රියදුරාට සිද්ද උනේ මහේශ්ගෙ අණ පරිදි වාහනය නතර කරන්න …තමන්ගෙ චූටි දූගෙ කෑගැහිල්ලට මහේශ්ගෙ වාහනේ එකපාරටම නතර වෙද්දි ආශාවරී දොරත් ඇරගෙන ප්‍රාඩෝ එකෙන් බැස්සෙ සදෙව් ලගට දුවලා යන්න..

********************************

දැන් හරි නේද ඒ වැඩෙත්….දැන්වත් සදෙව්ට ආශාවරීගෙ මතකය ඒවිද ??

M.Ashka Rashmi❤️

15 thoughts on “ආශාවරී |පනස් තුන්වෙනි කොටස|නවකතාව |කතා අහුර රචක”

  1. ..ආශි සදෙව්නං ජීවිත කාලෙම මැරෙනකල්ම එකටම ඉන්න ඕනෙ…කතාවක් උනත් ඇක්තටම ඔය වගේම ආදර කතා ඕනෙ තරම් තියෙයි…. ඔයාට හදවතින්ම සුභ පතනවා බබෝ.තව ලස්සනම ලස්සන කතා ලියන්න ශක්තිය,ධෛර්යය,වාසනාව ලැබෙන්න ඕනෙ ඔයාට…කතාවක් කියවලා ඇස් වලට කඳුළු එනවනං එතන තමයි ඔයාගෙ සාර්ථකත්වය…ඒ කතාව පපුවටම දැනෙනවනං….ආදරෙයි ඔයාටයි කතාවටයි ගොඩක්….මේක ඉවර කරන්න එපා දැන්ම…ඒ දෙන්නා එකතු කරලා ආදරෙන් ඉන්න ටිකකුත් කතාවට එකතු කරන්න…

  2. Priyadarshani

    දැන් ආදර කතා දෙකක්ම තියෙනව මේ කතාව ඇතුලෙම ඒකත් නියමයි…සදෙව්ට දැන්වත් හැමදේම මතක් උනොත් හොදයි…අනිවාර්යෙන් එහ්ම වෙයි නේද අක්කි සදෙව් ආශිට ආදරේ කරපු තරමට ආශිව එකපාරක් දැක්කම ඇති හැමදේම ආපහු මතක් වෙන්න…
    ? මට දැනුන දේ කිව්වෙ අක්කි බනින්න නම් එපා…??…
    කතාව ගැන කියන්න වචන නෑ…ඇත්ත්ටම සුපර්ර්ර්ර්……????
    ගුඩ් ලක් …???

  3. Dilthara wijesuriya

    අනේ කතාව නම් superb,,, ඔයා ලියපු හැම කතාවම ගොඩාරියක් ලස්සනයි??
    ඉදිරියටත් මේ වගේ ලස්සනම ලස්සන කතා ගොඩක් ලියන්න සුබ පතනවා….❤❤❤

  4. ඒ දෙන්නා විදෙවුවා හොදටම ඇති අක්කියෝ… පව් එයාලා… අනේ ඉක්මනටම් ඒ දෙන්නව ආයිත් එකතු කරන්න.. ආශාවරීව දැක්ක නිසා සදෙව්ට හැමදේම මතක් වෙයි දැන්.. ඒ වගේම ආශිටත් හොද වෙයි… අනෙ එහෙම් උනොත් හොදයි…

    කතාව ගොඩාක් ලස්සනයි… හැමදාමත් වගේ… සුභ පතනවා තව කතා ලියන්න වගේම අනිත් දේවලුත් සාර්ථක වෙන්න කියලා..

  5. onna vade hariii????????
    Dannam sadeutamathakayath evi.e vagema ashavaritath hodavevi.aneee dannam mata mara happy????
    Venada vage oyage hama dekatama subapathanava???????

  6. Nirosha Lakmali

    ගොඩාක් ගොඩාක් ගොඩාක් ලස්සනයි කතාව. අම්මෝ ඇති යන්තම් දෙන්නව මුණ ගැස්සුවා. අනේ ආශාවරී පව්. සදෙව්ත් පව්. ආශාවරීට දැන් හොද වෙයි. සදෙව්ටත් හැමදේම මතක් වෙයි. අනේ ෂෝයි ඔයා… හදවතින්ම සුබ පතනවා…..

  7. දැන් නම් මගෙ හදවත අසාමාන්‍ය අන්දමින් ගැහෙනවා අක්කි……….අනේ ඉක්මනින් මේ දෙන්නව එකතු කරන්න……………අනේ සදෙව්ට අදුරගන්න බැරි කරන්න එපා අක්කි

  8. දැන් නම් මගෙ හදවත අසාමාන්‍ය අන්දමින් ගැහෙනවා අක්කි…අනේ ඉක්මනින් මේ දෙන්නව එකතු කරන්න……..අනේ සදෙව්ට අදුරගන්න බැරි කරන්න එපා අක්කි

  9. Ranmali subasinghe

    Ohhhh…. thanks ashka ??????????? sooo happy….. mama hithanawa heta dennatama hoda wei kiyala…???????????? heta digaaaaaaaaaaaa kotasak danna… GOOD LUCK!!! ??????

  10. Buddhika subhashini

    හෙට වෙනකන් ඉවසිල්ලක් නෑ අනේ ?? කතාව පට්ටයි ….මොනවා වෙයිද හිතාගන්න බෑ අනේ ?? good luck ඔයාට ??????❤️❤️❤️

  11. kasuni chamalka

    දැන් නම් කතාව සුපිරි.. කියන්න වචන නැ.. අනේ සදෙව්ට ඉක්මනට මතකය එන්න.. අශිව ඉක්මනට සනීප කරන්න..

  12. Hemanthi ruwan kumari

    ආශිට සදෙව් කතා කරයිද? සදෙව් ගෙ අම්මා වත් එයිද?ආශාවරි දැක්ක නිසා මතකයනම් ඒවි.ආශාවරිටත් හොද වෙයි.?

    නමුත් තවත් දුෂ්ඨයෙක් ඉන්න නිසා චුටි බයක් දැනෙනවා.ආකෙෂ් මොන ගිනි ගෙඩියක් දෙයි ද කියලා.?

    මොනා වුනත් ඇත්ත ආදරය ඔය කාටවත් නැති කරන්න බෑ.එන කරදර එක්ක ආදරය තවත් ශක්තිමත් වෙනවා මිස අඩු වෙන්නෑ.ආදරයත් විරහවත්,ලැබිමත් නොලැබිමත්,සමග ජිවත් වන හැටි,දුක සතුට, මිත්‍රත්වය මෙ හැමදෙයක්ම විද දරා ගන්නා ආකාරය හරිම සරලව සුන්දරව අකුරු අමුණන ඔයාටත් හරි ලස්සන සුන්දර ආදරය ක් හිමි වෙන්න කියලා හද පත්ලෙන්ම සුභ පතනවා.?

    ඉතින් නංගියේ ඔයාගෙ කතාව ගොඩක් ආදරණීය යි.ලස්සනයි, විශිෂ්ඨ යි.best of luck?✍️

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.