Katha Ahura

ආශාවරී |පනස් නවවැනි කොටස| නවකතාව |කතා අහුර රචක

3.7/5 - (3 votes)

පනස් නවවැනි කොටස

සදෙව්ගෙ කටහඩට දෑස් හැර ඔහු දිහා බැලුව ආශාවරී දැක්කෙ ඇස්වල කදුලු පුරෝගෙන ඔහු ඈ දිහා බලා ඉන්නවා….ආශාවරීගෙ දෑස් විශ්මයෙන් විසල් වෙලා යද්දි සදෙව්ගෙ දෑස්වලින් කදුලු කඩන් පැන්නෙ ඒ උණු කදුලු කම්මුල් දිගේ ගලා ගියේ හරියට ගංගාවක් ගලායනවා වගේ…

” ස්….ස්…සදෙව් ….” සදෙව්ගෙ කදුලු ලග හිත ගැස්සිලා ගිය ආශාවරීට එහෙම කියවෙද්දි සදෙව් ඇයව එකපාරටම බදාගත්තෙ ආශාවරීට කිසිම දෙයක් හිතාගන්න බෑ…..

ආශාවරී bathroom එකට ගිය වෙලේ සදෙව් සැටිය අසල බිම වැටිලා තිබ්බ ආශාවරීගෙ රෝස පැහැ ලේන්සුව අරන් ආයෙම එය සැටිය උඩින් තිබ්බා ….ආශාවරී ගැන හිත කල්පනා කර කර හිටි සදෙව්ට දැනුනෙ හරි අපූරු සුවඳක්….ආශාවරී වැතිර හුන් තැන මෙන්ම ඇගේ ලේන්සුවත් පිච්ච මල් සුවදයි…ඒ සුවදට සදෙව්ගෙ හිත ඇදිලා ගියේ ඔහුගෙ දෑස් නිරායාසයෙන්ම ඇගේ ලේන්සුව දිහාට යොමු උනා..දෙවරක් නොහිතම සදෙව් ආශාවරීගෙ ලේන්සුව ආයෙම අතට අරන් ඔහු එය නහයට ලං කරගෙන දෑස් පියාගත්තෙ ඒ පිච්ච මල් සුවද සදෙව්ව අතීතයට අරන් යන්න සමත් උනා.

ආශාවරීව තමන්ට ඉස් ඉස්සෙල්ලාම හමු උන දවස,ඇය සමග එකම පේලියෙ පාඩම් වැඩ කරපු හැටි….ඇය වෙනුවෙන් නෙත්ම අයියගෙන් ගුටි කාපු හැටි….ඇයව ඉස් ඉස්සෙල්ලාම සිපගත්ත හැටි….ඇගේ උපන්දිනේ දවසෙ ඇය හා සුදු අරලිය ගහ ලග කාලෙ ගතකල ආකාරය…පිට්ටනියෙ පැවිලියන් එක ලග හමුවීම …ටියුෂන් පංතිවලදි ඇය හා එකට කාලෙ ගත කල හැටි…ඇයට තමන් ආදරෙයි කිව්ව හැටි වගේ ඇය හා සම්බන්ද සියලුම මතකයන් වගේම ඔහුට අමතක වෙලා තිබුන අනිත් හැම සිදුවීමක්ම සදෙව්ට එකපෙළට මතක් වෙන්න ගත්තෙ ඔහුගෙ දෑස් කදුලින් පිරිලා යන්න තත්පරයක් වත් ගියේ නැහැ….

” ආශාවරී ……මගෙ ආශාවරී ….” සදෙව් මුමුණ මුමුණ ඇගේ ගෙල මුල මුහුණ හොවාගෙන හිටියෙ ආශාවරීගෙ මුලු ගෙලම සදෙව්ගෙ කදුලු වලින් තෙමිලා ගියා…සදෙව්ගෙ කතාවටයි ඔහුගෙ හැසිරීමටයි ආශාවරීට දැනුනෙ ලොකු සතුටක්…මේ පහස …මේ කතාව…මේ බැල්ම නෙවේද ඇය මෙතෙක් කාලෙකට හෙව්වෙ…මේ උනුහුම නැතුව නේද ඇය උමතු උනේ….දැන් ඒ හැම දෙයක්ම නොඅඩුව ලැබෙද්දි සදෙව්ගෙ තුරුලෙ ආශාවරී දෑස් පියන් ඒ පහස වින්දා….

” ආශාවරී ….ඔ..ඔයාට…ඔයාට දැන් සනීපයි නේද….ආහ්….සනීපයි නේද…” ආශාවරීව මදක් අහකට කරලා ඇයව පිස්සුවෙන් වගේ අතපත ගාන ගමන් සදෙව් ඇහුවෙ අඩ අඩ…ආශාවරීටත් එකපාරටම ඇඩෙන්න ගත්තා …

” නෑ සදෙව් …මට දැන් සනීපයි….” ආශාවරීට එහෙම කියවෙද්දි සදෙව් ආයෙම ඇයව තද කරලා බදාගත්තෙ ආශාවරීත් ආපිට සදෙව්ව බදාගත්තෙ ඒ උනුහුමෙන් මොහොතකටවත් මිදෙන්න ඇය ආස කලේ නැහැ….

” මං බය උනා රත්තරං …ගොඩාක් බය උනා…මං බය උනෙ ඔයා මට නැතිවෙයි කියලා…ඔයාට එකපාරටම සිහි නැතිවෙද්දි ….අනේ මට ආයෙම ඔයාව බලන්න එන්න බැරි උනා මැණික…සොරි…සොරි….” සදෙව් ඔහේ කියවන්න ගත්තෙ ආශාවරීත් අඩ අඩම උනත් ඒ හැමදෙයක්ම අහන් හිටියා..

” ඒවා වෙලා කොච්චර කල්ද සදෙව් …දැන් මට හොදටම හොදයි…තිබ්බ හැම ලෙඩක්ම දැන් සනීපයි…මට සතුටුයි සදෙව් ..ඔයාට මගේ මතකෙ ආවනෙ කොහොමහරි…මාත් බයේ හිටියෙ සදෙව් …ඔයා වගේම මාත් බය උනා ඔයාව මට නැතිවෙයිද කියලා…මාව අමතක කරලා ඔයා මට ලොකු දුකක් දුන්නෙ සදෙව් …මං කොච්චර විදෙව්වද….අනේ මාව ආයෙ දාලා යන්නෙපා සදෙව් …මට බයයි…මේක හීනයක්ද කියලා මට බයයි සදෙව් …..අනේ මාව දාලා යන්නෙපා රත්තරං ….මං මැරිලා යයි….” ආශාවරීත් අඩ අඩම සදෙව්ගෙ පපුවෙ උනුහුම හෙව්වා…

” සොරි ආශාවරී ….සොරි..වෙච්ච හැමදේකටම සොරි….ආයෙ මං ඔයාට මගෙන් ඈතකට යන්න දෙන්නෑ රත්තරං …..කවදාවත්ම මං ඔයාව ආයෙ අතාරින්නෑ…මේ අත එදා මගෙන් අත ඇරුන නිසානෙ මේ හැමදෙයක්ම …ආයෙ මේ අත මගෙන් අත ඇරෙන්නෑ…කවදාවත්ම නෑ ආශාවරී …..පණ වගේ ඔයාව බලාගන්නවා මං…I Love You ආශාවරී …I Love You So Much..” ආශාවරීගෙන් මොහොතකට ඈත්වෙලා ඇගේ දෑත් ඔහුගෙ දෑත් අතර පටලගෙන ඒ සියුමැලි දෑත් වල හාදු තැවරුවෙ ආශාවරී ඒ ආදරෙන් මත් උනා..

” I love you too සදෙව් …ප්ලීස් මාව දාලා යන්නෙපා…” ආශාවරී එහෙම කියද්දි සදෙව් ඇයව ආයෙම තුරුල් කරගත්තෙ ලොකු ආදරේකින් .

මේ අතරෙ ප්‍රාඩො එකේ ඉදන් ආශාවරී එනකන් මග බලන් හිටිය ආකාශි හිටියෙ හරිම නොසන්සුන් ව…

” මෙයා නෑනෙ තාම…මෙච්චර වෙලා…address දාහක් අහගෙන එන්න වෙලා….ඇයි දන්නෑ තාම නැත්තෙ මෙයා…අනේ රුහාන්..මෙයා වැඩේ වර්චස් කරගෙනද දන්නෑ……” ආකාශි එහෙම කියද්දි රුහාන්ට එකපාරටම හිනා ගියා..හිනා වෙවීම ඔහු ඔහුගෙ වමත ඇගේ කරවටා දාගෙන ඇයට ලං උනා..

” අයියෝ ආකාශි …කූල් ඩවුන් බේබි…..මායි ආශිට කිව්වෙ ඇති තරම් වෙලා අරන් සදෙව් එක්ක කතා කරලා එන්න කියලා…” රුහාන් එහෙම කියද්දි ආකාශි ඔහු දිහා බැලුවෙ තරවටුවක් දාලා…

” ඇයි..?? …ඇයි ඇතිතරම් වෙලා කතා කරලා එන්න කිව්වෙ ….??”

” මෙහෙමනෙ….එතකොට වැඩ දෙකක් කරගන්න පුලුවන් ….එකක් තමා ආශිට සදෙව් ලග ගොඩක් වෙලා ඉන්න පුලුවන් …අනික අපි දෙන්නට ටිකක් වෙලා තනිවෙන්නත් පුලුවන්නෙ …..තේරුනාද සුදූ….” රුහාන් එහෙම කියද්දි ආකාශි රවලා බැලුවෙ ඔහු දිහා..

” අනේහ් මේහ්..රුහාන්….මං යනවා..මට බයයි ආශි මොනා කරගෙනද දන්නෑ….හදිස්සියෙවත් සදෙව් ආශිව අදුනගෙනනං…..ඇරත් මෙච්චර වෙලා ආශි මොනාද කරන්නෙ එහෙ.ආහ්..අනේ දෙවියනේ …ඒ වැරදි ගෙයක් නං….අයියෝ…ඒකෙ සදෙව් නෙවේ නං ඉන්නෙ..මෙයා තනියම ගිහින් කරදරයක් වත් වෙලාද..අනේ රුහාන් මට බයයි….මං පොඩ්ඩක් ගිහින් බලලා එන්නම්….” ආකාශි කලබලෙන් එහෙම කියන ගමන් ගියේ වාහනෙන් බහින්න .ඒත් රුහාන් ඇයට යන්න නොදී ඇයව අල්ලගත්තා.

” අයියෝ ආකාශි ….ඔහොම බය වෙන්නෙපා…ඒක වැරදි ගෙයක් වෙන්න බෑ….ඒ සදෙව්ගෙ ගේම තමා….මං කියන්නද වෙලා තියෙන දේ….ශුවර් එකටම ආශි මෑන්ට මූණ පෙන්නලා මෑන් ආශිව අදුනගෙන ඇති…සදෙව්ට අතීතෙ ආයෙම මතක් වෙන්නැති….” රුහාන් ආයෙම ආකාශිව සිරුරට ලං කරගන්න ගමන් කිව්වෙ ආකාශි ඒ කතාවට නං බය උනා..

” මොකක්…?? අනේ රුහාන්…එහෙනං …එහෙනං දැන් මොනා වෙලා ඇත්ද..අනේ අපි යං…” ආකාශි කලබලෙන් එහෙම කිව්වා.

” ඔයාට පිස්සුද සුදූ….මාස ගානකින් දකින දෙන්නෙක්ට කරන්න දේවල්ද නැත්තෙ….එයාලට නිදහසේ කතා කරන්න දෙන්න…ඇරත් මං කිව්වෙ අනුමානයක් විතරයි …ආශි මෝඩ කෙල්ලෙක් නෙවේ….අපි තව ටිකක් වෙලා ඉදලා එහෙනම් යං….මොන දේ උනත් ඒ දෙන්නා ඒ දෙන්නාගෙ….එයාලට නිදහස දෙන්න ආකාශි ….වයසින් තාම පොඩි උනාට ඒ හිත්වල තියෙන ආදරේ මහ විසාලයි…ආශිගෙ හිතේ සදෙව් ගැන තියෙන ආදරේ මං දැකලා තියෙනවනෙ…ඒ ආදරේම සදෙව්ට අතීතෙ ආයෙම මතක් කරවයි …ඔයා බයවෙන්නෙපා ආකාශි ……හැමදේම හොද විදිහට විසදෙයි……” රුහාන් එහෙම කියද්දි ආකාශි නිහඩ වෙලා ඒ හැමදෙයක්ම අහන් හිටියෙ රුහාන්ගෙ උරහිසේ හිස තියාගෙන.

මේ අතරෙ එකිනෙකාගෙ තුරුලෙ ඒ උනුහුමේ දෑස් පියන් ඉන්න සදෙව් වගේම ආශාවරීත් මේ මාස ටිකට වෙච්ච හැමදෙයක්ම වගේ කතා කලා.එදා ආශාවරීව hospital එකේ ඉදලා බලලා එද්දි තමන්ට නොදන්න මිනිස්සු කිහිප දෙනෙක් වටවෙලා හොදටම ගැහුව බව,සිහිය ආවට පස්සෙ ඔහුට දැනුන අමුතු හැගීම්….අතීතෙ අමතකව තිබෙද්දි ඔහු හැසිරුන ආකාරය ඒ හැමදෙයක්ම සදෙව් ආශාවරී එක්ක බෙදාගත්තා..

” මට පිස්සු නොහැදුන එක විතරයි ආශාවරී ….ඔයා ගැන හරියට මට මතකෙ තිබුන්නැති උනත් අනේ මංදා නිතරම මට ඔයාගෙයි මගෙයි මතකයන් මැවි මැවි පේන්න ගත්තා…නිතරම පේන ඔයාගෙ චායාව…ඔයා කවුද කියලා දැනගන්න මං කොච්චර දුක් වින්දද…ඒත් ..ඒත් කවුරුවත්ම මට ඔයා ගැන කිව්වෙ නෑ රත්තරං …මං අඩ අඩ ඉල්ලුවෙ ඔයා මගේ කවුද කියලා කියන්න කියලා…ඒත් …ඒත් කවුරුවත් මට ඔයා ගැන කිව්වෙ නැහැ….අඩුම ගානෙ අපි දෙන්නා ගැන හොදටම දන්න පැතුම් වත්….අම්මාගෙන් අහද්දි අම්මා කිව්වෙ විභාගෙ ඉවර උනාම කියන්නං කියලා…ඔයාව හරියටම කවුද මගේ කියලා දන්නැතුව උනත් ඒ පේන චායාවටත් මං ආදරේ කලා ආශාවරී ……හිත රිදෙද්දි ..ඔලුව පුපුරන්න තරං කැක්කුම් දෙද්දි උනත් මං ඔයා ගැනමයි කල්පනා කලේ……එදා…එදා ඔයාව මගදි හම්බුන වෙලේ…ඔයා මාව බදාගෙන ඇඩුවෙ…ඔයාට මතකද…ඔයාට මතකද ආශාවරී …එදා…එදා මට මැරෙන්න තරම් ලොකු වේදනාවක් ආවෙ….ආයෙ ආයෙම මේ පාරෙ මං ඔයාව ඉස්කෝලෙ ඇරිලා එද්දි හෙව්වත් මට ඔය ඇස් හම්බුන්නෑ….කොච්චර අතීතෙ අමතක උනත් ඔයාගෙ ආදරේ ලේසියෙන් අමතක කරන්න බෑ රත්තරං ..ඔයා මගේ මුලු ජීවිතේම…හුස්ම…පණ වගේම මගෙ මුලු ආත්මයත් ඔයා ආශාවරී ……අනේ මගෙන් ආයෙ ඈතකට යන්නෙපා….ඔයාට මං යන්න දෙන්නෙත් නෑ….” සදෙව් ඔහුගෙ බාහුවල ග්‍රහණය දැඩි කලේ ඔහුගෙ සුරතින් ඇගේ පිට පිරිමැදෙද්දි අඩ අඩම ඇගේ උරහිස මත නිකට තියාගෙන සදෙව් කතා කලේ..

” අනේ සදෙව් …සොරි සදෙව් …මං හින්දයි මේ ඔක්කොම දේවල් උනේ…මගේ ඩැඩී නිසයි ඔයා මෙච්චර ලොකු වේදනාවක් වින්දෙ…සොරි රත්තරං …සොරි…ආයෙ ඔයාට නියපොත්තක තරං දෙයක් වත් මං වෙන්න දෙන්නෑ….මගේ සදෙව්ට මං මුකුත්ම වෙන්න දෙන්නෑ…..” ආශාවරී එහෙම කියලා ඇයගෙ මෙතෙක් කතාව සදෙව් ඉදිරියේ දිග හැරියෙ මේ මාස කිහිපය ඇතුලෙ ආශාවරී තමන්ට වෙච්ච හැමදෙයක්ම කියද්දි සදෙව් ඒ කතා අහන් හිටියෙ හිත ඇතුලෙන් අසීමිත වේදනාවක් විදින ගමන්..

” මට හොද උනේ ඔයාගෙ ලේන්සුව නිසයි සදෙව් …ඔයාගෙ සුවද මගෙ උමතුව නැති කලා …” ආශාවරී එහෙම කියද්දි සදෙව් ගැස්සිලා ගියා..ඒ දේම නෙවේද ඔහුටත් උනේ…ඔහුටත් ඔහුගෙ අතීතෙ ආයෙම මතක් කලේ ආශාවරීගෙ ඔහු ආසම පිච්ච මල් සුවද නේද..

“මටත් එහෙමයි රත්තරං ….ඔයාගෙ සුවද තැවරුන ඔයාගෙ ලේන්සුව මට මාව…මං හරියටම කවුද කියලා මතක් කලා….ඒ කියන්නෙ එදා මං කිව්ව දේ හරි නේ…හදිස්සියෙවත් මට ඔයාව අමතක උනොත් ඔයාගෙ සුවද මට ඔයා කවුද කියලා ආයෙම මතක් කරවයි කිව්වෙ……ඒ දේ ඒ විදිහටම සිද්ද වෙලා…” සදෙව් කිව්වෙ ආශාවරීගෙ ගෙලෙහි ඔහුගෙ මුහුණ අතුල්ලන ගමන්…ඒ ස්පර්ශයෙන් ආශාවරී හිරිවැටිලා යද්දි ඇයත් කතාකරන්න ගත්තා..

” හ්ම්…ඒත් සදෙව් ….ආයෙම ඒ වගේ කතා කියන්නෙපා…ඔයා නිකමට එදා කිව්ව දේ ඇත්ත උනානෙ…..ආයෙ ඒවගේ දුක හිතෙන දේවල් කියන්නෙපා….මට බයයි ඒවත් ඇත්ත උනොත්…ඒ හින්දා සතුටු හිතෙන හොද දේවල් විතරක් ඔය කටින් ආයෙ කතා කරන්න…….අපි ඇතිතරම් දුක් වින්දා සදෙව් …ආයෙ …තවත් නං වේදනා එපා…මට තවත් දුක් විදින්න බෑ…..” ආශාවරී එහෙම කියද්දි සදෙව් ඇයගෙන් මිදුනෙ නමුත් ඔහු ඇයව අත හැරියෙ නැහැ….

” නෑ…අදින් පස්සෙ අපි ආයෙ දුක් විදින්නෑ…අපි අදින් පස්සෙ ඉන්නෙ සතුටින් …ම්…හරිද…කෝ…කදුලු පිහිදගන්න..” සදෙව් තමන්ගෙ දෑතින්ම ඇගේ කම්මුල් පුරා විසිරිලා තිබ්බ කදුලු වැල් පිහිදලා දැම්මා…

” ඔය මූණට ගැලපෙන්නෙ හිනාව විතරයි….හිනාවෙන්න ආශාවරී …” ඇහෙන නෑහෙන ගානට සදෙව් එහෙම කියද්දි ආශාවරී ඔහු එක්ක හිනා උනේ හද පත්ලෙන්ම එන ඒ සුන්දර හිනාවට සදෙව් වසග උනා…ඔහු ඇගේ නලලෙ උනුසුම් හාදුවක් තිබ්බෙ ඒ පහසට නතුව ආශාවරීගෙ දෑස් පියවිලා ගියේ ඇයට තමන් ආව අක්කාවවත් මස්සිනාවවත් මොහොතකටවත් මතක් උනේ නැහැ…

” සදෙව් ….ඔයා මට කොච්චර ආදරෙයිද…..??” ආශාවරී ඇහුවෙ සදෙව්ගෙ දිලිසෙන ඇස් දෙක දිහාම බලාගෙන…සදෙව් ඇස් හීන් කරලා ඇය දිහා බැලුවෙ මුවේ රැදුන මදහසත් එක්කමයි…ඇගේ බදවටා දෑත් යවලා සිරුරට තෙරපගත්ත ඔහු ඇගේ සවනට මුව තිබ්බෙ රහසක් කියන්න සැරසෙන්න වගේ….

” ඔයා හිතන්නෙ මං කොච්චර ඔයාට ආදරේ ඇත්ද…..??” සදෙව් එහෙම අහලා ඇගේ කන්පෙති මත දෙතොල් ඇතිල්ලුවෙ ආශාවරීට හිනා ගියා…

” කිචි….කිචි සදෙව් …අනේ…” ආශාවරී ඇඹරි ඇඹරි එහෙම කියද්දි සදෙව් ඔහුගෙ බාහුවල ග්‍රහණය දැඩි කලා.

” කියන්න…මං අහපු ප්‍රශ්නෙට උත්තරේ කියන්න…” ආයෙම ඇගේ සවනට ලං වෙලා සදෙව් එහෙම කියද්දි ආශාවරී දෑස් පියාගත්තා.

” දන්නෑ සදෙව් …..මට හිතාගන්න බෑ….ඔයාගෙ ආදරේ මට මෙතෙකයි කියලා කියන්න බෑ…මොකද ඒ තරමටම මට ඔයාගෙන් ගොඩාක් ආදරේ ලැබෙනවා…” ආශාවරී එහෙම කිව්වා…

” හ්ම්…ඔව්…ඔයාට මං සීමාවක් නැතුව ආදරේ කරනවා ආශාවරී ….මගේ ආදරේ අසීමාන්තිකයි……මං ඔයාට අසීමිතව ආදරේ කරනවා රත්තරං ……” සදෙව් එහෙම කියලා ඇගේ කන්පෙත්ත සියුම්ව සිපගත්තෙ ආශාවරී ඒ සිපගැන්මෙන් වෙව්ලලා ගියා…ඇගේ තිගැස්ම සදෙව්ට දැනුන හෙයින් ඔහු තවත් ඇයව තුරුල් කරගත්තෙ මාස ගානකින් දකින ඇගේ මේ රූමත් පෙම්වතියට ලේසියෙන් යන්න දෙන පාටක් නං නෑ…..ආශාවරීටත් මුලු ජීවිත කාලෙටම මෙහෙම ඉන්න පුලුවන් නං…..සත්තයි ඇය එහෙනං සදෙව් ලගින් හෙලවෙන්නෙවත් නැති වෙයි……

” සදෙව් ….අක්කා බලා ඇති…” ආශාවරී එහෙම කියද්දි සදෙව් කලබල උනේ දැන් ඇයට යන්න දෙන්න කාලය හරි.

” අනේ…” සදෙව් ඇයව තදින් බදාගත්තෙ ඒ ග්‍රහණය නං ආශාවරීට වේදනා දුන්නා උනත් ඇය මොකුත්ම කිව්වෙ නැහැ….

” සදෙව් ……හෙට විභාගෙ නේද…….හොදට විභාගෙ කරන්න පණ….මට සමාවෙන්න සදෙව් …මට ඔයාගෙ බලාපොරොත්තුව ඉෂ්ට කරන්න බැරිවෙන එකට….” ආශාවරී කිව්වෙ ඇය විභාගෙ කරලා හොද ප්‍රතිපලයක් අරන් medicine යනවා දකින්න සදෙව් ආසාවෙන් හිටිය හින්දා..සදෙව්ගෙ ආදරේ නැතුව ආශාවරී උමතු උන හින්දා එදා ඉදන් ඇය ඉස්කෝලෙ ගියේ නැහැනෙ…..ඉතින් ඇයට විභාගෙ ලියන්න බැහැ…

” කමක් නෑ….එන පාර try කරන්න…ඔයාට බැරි වෙන එකක් නැහැ…” ඔහු කිව්වෙ ඇගේ දෑස් දිහාම බලාගෙන…ඇය ලස්සනට හිනා උනා…

” ඔයා ඔහොම ඇන්දම හරිම ලස්සනයි….” සදෙව් හිනාවෙලා එහෙම කියද්දි ආශාවරීගෙ මූණ ලැජ්ජාවෙන් රතූ උනා…සදෙව්ගෙ දිලිසෙන දෑස් දිහා බලා හිටිය ආශාවරී ඔහුගෙ බැල්මෙන් හදවත වේගයෙන් ගැහෙන්න ගත්දි ඇය බිම බලාගත්තා…සදෙව්ට නං හිනා හොදටම…

” මොකෝ…මගෙ චණ්ඩි රැජිණ….ම්….” එහෙම කිය කිය ඔහු ඔහුගෙ සුරතින් ඇගේ නිකටින් අල්ලලා මුහුණ තමා දෙසට එසෙව්වෙ ආශාවරී ලැජ්ජාවෙන් ඔහු දිහා බැලුවා…සදෙව්ගෙ සුසුම් ඇගෙ මුලු මුහුණ පුරාම විසිරිලා යද්දි ඇගේ නිකටින් අල්ලන් හිටිය සදෙව්ගෙ අතේ මහපට ඇගිල්ලෙන් ආශාවරීගෙ දෙතොල් ස්පර්ශ කලේ ඇය ගැහෙන්න ගත්තෙ දියෙන් ගොඩ දාපු මාලුවෙක් වගේ …ඊලග නිමේශයෙදි සදෙව් ඇගෙ මුහුණට පාත් උනේ ඒ දෙතොලින් ආශාවරීගෙ දෙතොල් තෙත් කලා…ඒ පහසින් ආශාවරී මත්වෙලා යද්දි ඇගේ දෑත් ඔහුගෙ ගෙල වටා යවලා තව තවත් ඔහුට තුරුල් උනේ මුලු ලෝකෙන්ම වසන් වෙලා…

” රුහාන්….නංගි තාමත් නෑනෙ.විනාඩි පහෙන් කරගන්න තියෙන එක…දැන් පැයක්ම උනා..මට බයයි රුහාන්…….” මේ අතරෙ ප්‍රාඩෝ එකේ ආශාවරී එනකන් කල් මරන ආකාශි කිව්වෙ ඇගේ මුහුණෙන් දිස් වෙන්නෙ බයක් සහ කැළබිල්ලක්…

” ආකාශි …ඔයා overthink කරන්නෙපා ස්වීටි ….අර වැඩේ තමා වෙලා ඇත්තෙ…කොල්ලට ආශිගෙ මතකෙ එන්නැති….ඒ දෙන්නා දැන් පොඩ්ඩක් කතා කර කර ඇති…..” රුහාන් හිත යටින් හිනාවෙවී කිව්වා..

” මෙච්චර වෙලා…මොනා කතා කරන්නද….පිස්සු …..” ආකාශි එහෙම කියද්දි රුහාන්ගෙ හිනාව විසිරිලා ගියා.

” ඔව්..ඒක ඇත්ත…මෙච්චර වෙලා කතා කර කර නං ඉන්න විදිහක් නෑ…..කරන්න දේවල් නං නැතිවෙන්න විදිහක් නෑ හැබැයි…..නේද ආකාශි ….” රුහාන් එහෙම කියද්දි ආකාශිගෙ මූණ රතූවෙලා ගියා..

” අනේ මේ ඔයාට තරං අමාරුවක් සදෙව්ට නෑ…..”

” ආ…ඇත්තද කුමාරිහාමි….මට තරං අමාරුවක් මස්සිනාට නැද්ද ….ඔයා තාම මගේ අමාරුව දැකලා නෑ…ඉන්නවා..මං අද පෙන්නන්නං….” රුහාන් එහෙම කියලා ආකාශිව සිපගන්න ගත්තෙ මේ කවුරුවත් දැක්කෙ නැහැ ඔවුන් පස්සෙන් ආව මහේශ්ගෙ ඔත්තුකරුවව….බයිසිකලයක නැගලා සාමාන්‍ය මනුස්සයෙක් වගේ ආව ඔහු ආශාවරී සදෙව්ගෙ ගෙට ඇතුල් වෙනවා වගේම ආකාශියි රුහානුයි ප්‍රාඩෝ එකට වෙලා ඇය එනකන් ඉන්න හැටි ඒ.. හැමදෙයක්ම ඔවුන්ට මුවා වෙලා හොර රහසේම බලා හිටියා..

” ආකාශි ….අපි බදිමු…..” ආකාශිව තුරුල් කරන් ඉන්න රුහාන් ඇගේ සවනට කෙදිරුවෙ ආකාශිට මේ මොහොතෙ නං ආශාවරීව අමතක උනේ නෑ කිව්වොත් බොරු..

” බෑ…මං බදින්නෙ තව අවුරුදු 20ක් ගිහිල්ලා….” ආකාශි හිනාව තද කරගෙන එහෙම කියද්දි රුහාන් එකපාරටම ඇගෙන් මිදිලා ඇය දිහා බැලුවෙ දෑස් විසල් කරගෙන.තමන්ගෙ විහිලුව ඇත්තටම ගත්ත බව දැක්ක ආකාශිට එකපාරටම හිනා ගියේ රුහාන්ගෙ බැල්ම දැකලා….

” ආඃ…මට බෑ එච්චර කල් ඉවසන්න…..අපි අදම බදිමු…” රුහාන් එහෙම කියලා තමන්ගෙ කලිසම් සාක්කුවට අත දැම්මෙ ආකාශි පුදුමයෙන් ඔහු දිහා බැලුවා…

” රුහාන්…??” ආකාශි කුතුහලයෙන් කියද්දි රුහාන් සාක්කුවෙ තියලා එලියට ගත්තෙ ලස්සන ගොල්ඩ් පාට චූටි පෙට්ටියක්..ආකාශි ඒ දිහා බලා හිටියෙ කිසිම දෙයක් හිතාගන්න බැරුව…..

” ඇස් පියාගන්න…” රුහාන් එහෙම කියද්දි ආකාශිගෙ ඇස් ලොකු උනා..

” ඒයි ..මැට්ටි…ඇස් පියාගන්න කියලා කිව්වෙ …නැතුව ඇස් ලොකු කරගන්න කියලා නෙවේ…” රුහාන් හිනාවෙවී එහෙම කිව්වා…

” ඇයි…ඕකෙ මොකද්ද තියෙන්නෙ….??” ආකාශි ඇහුවෙ චූටි පෙට්ටිය දිහා බලාගෙන.

” පණ පිටින් ගෙම්බෙක් දාලා ඉන්නෙ…ඔයාට ඌව තෑගි කරන්න හදන්නෙ…..මේ .කටපියාගෙන මං කියන දේ කරනවද….” රුහාන් එහෙම කියද්දි ඔහුට ඔරවලා ඇය දෑස් පියාගත්තා…රුහාන් ඔහු අත තිබ්බ චූටි බොක්ස් එක ඇරලා ඇයගෙ නෙත් මානයෙන් අල්ලන් හිටියෙ හරිම සතුටින්.

” හරි ….දැන් ඇස් අරින්න….” රුහාන්ගෙ බහට අවනතව සීරුවෙන් දෑස් පියන් පත් හැර බැලුව ආකාශි ගැස්සිලා ගියේ ඇය දැක්ක දෙයින්…..ඇස් ලොකු කරගෙන ඒ දිහා බලා හිටිය ආකාශිගෙ මුවේ ඇදුනෙ ලස්සන හිනාවක්…

” රුහාන්!!” සතුට වැඩි කමට ආකාශිට හයියෙන් කෑගැස්සුනෙ ඇය ඔහුව බදාගත්තෙ අපමණ සතුටකින්…ඒ බොක්ස් එක ඇතුලෙ තිබ්බෙ ලස්සනම ලස්සන නිල් දියමන්තියක් අල්ලපු මුද්දක්….ලක්ශ ගානක් වටින ඒ මුද්ද ඔහු ගෙනාවෙ ආකාශි වෙනුවෙන්මයි…

” අපි ඉක්මන්ටම බදිමු ආකාශි …..මට ඕන ඔයාව අරන් ඈතකට යන්න….කාටවත්ම හොයාගන්න බැරි තරම් ඈතකට……අපි දෙන්නා විතරක් ඉන්න තැනක තනිවෙන්න ඕන මට….” රුහාන් කිව්වෙ ඇයව තව තවත් තුරුල් කරගන්න ගමන්.

” ඔයා මට එච්චරටම ආදරෙයිද…ම්….” ආකාශිගෙ මුවින් පිටවෙද්දි රුහාන් ඇගෙන් මිදිලා ඇගෙ දෑස් දිහා බැලුවෙ ලොකු ආදරයක් ඔහුගෙ ඇස් තුල හිරවෙලා තිබුනා.

” ඔව් …ගොඩාක් ආදරෙයි ඔයාට…” රුහාන් ඇගේ නලල මත හාදුවක් තැවරුවා….

” අපි අද බදිමු…කෝ ..අත දෙන්න…” රුහාන් ඇගේ වමත අල්ලගෙන වෙදැගිල්ල තෝරලා ඔහු ගෙනාව දියමන්තිය මුද්ද ඇගේ ඇගිල්ලෙ පැලැන්දුවා…ආකාශිගෙ දෑස් කදුලින් බොදවෙලා යද්දි රුහාන් ඇයව තුරුල් කරගත්තෙ ලියවිල්ලක සටහන් නොවුනත් දැන් ඇය ඔහුගෙම වී අවසානයි…

ආශාවරීගෙ දෙතොල් අතරෙ තනිවෙච්ච සදෙව් ටික වෙලාවකින් ඇගෙන් අහකට උනේ ආශාවරීගෙ මුහුණ ලැජ්ජාවෙන් රතුවෙලා තිබුනා…

” ආශාවරී ….” ඇහෙන නෑහෙන ගානට සදෙව් කතා කලේ.

” ම්…”

” ඔයා රතු වෙනකොට තවත් ලස්සනයි…” සදෙව් හිනාවෙවී රහසින් වගේ එහෙම කියද්දි ආශාවරී තරවටු බැල්මක් දැම්මෙ ඔහුට.

” සදෙව් ….” ඇය ඇදලා එහෙම කියලා ඔහුගෙ පපුවෙන් හිස තියාගත්තෙ සදෙව් ඇගේ හිස සිපගත්තා…

” සදෙව් ..මට ආසයි ඔයාගෙ කාමරේ බලන්න….ඔයා පාඩම් කරන්නෙ ඔයාගෙ කාමරේද…නැත්තං වෙනම study room එකක් තියෙනවද…” ආශාවරී එහෙම ඇහුවෙ ඇත්තටම ඇයට සදෙව්ගෙ කාමරේ දකින්න ලොකු ආසාවක් ආව හින්දා…

” වෙනමම study room එකක් නෑ ආශාවරී ….නිදාගන්න කාමරේමයි පොත් මේසෙ තියෙන්නෙත්…එන්න..මං පෙන්නන්නං මගේ දුප්පත් පොත් මේසෙ…..” සදෙව් ආශාවරීගෙ අතින් අල්ලන් එක්ක ගියේ ඔහුගෙ කාමරේට…

” මේ..මේක තමා මගේ පොත් මේසෙ….මේ ඇද…මේ මගෙ අල්මාරිය….” සදෙව් මුලු කාමරේම ඇයට පෙන්නුවෙ ඇය කටත් ඇරන් ඒ දිහා බලා හිටියෙ…ඇගේ කාමරේ හා සසඳන විට සදෙව්ගෙ කාමරේ එයින් තුනෙන් එකක් වත් නැති තරම්…හරිම පුංචියි කාමරේ….චූටි ඇදකුයි චූටි අල්මාරියකුයි එහි තියෙන්නෙ….ලී අල්මාරියක් වෙච්ච එය තැනින් තැන ලී දිරලා වගේ තිබුනෙ..ඇදත් ගොඩක් පරනයි වගේ පේන්නෙ…හැබැයි පොත් මේසෙ නං පිලිවෙලකට ලස්සනකට තිබ්බා..පොත් ගානට අසුරලා මේසෙ උඩ ප්ලාස්ටික් මල් වාස් එකකුත් තියලා තිබ්බා….

” ශෝක් සදෙව් ……කාමරේ පොඩි උනාට හරිම අමුතු ලස්සනක් තියෙනවා….හැමදේම අත ලගම වගේ තියෙද්දිත් ශෝක් අනේ…හරිම සිරියාවන්තයි ….” ආශාවරී සතුටින් වටපිට ඇහැ යවන ගමන් කිව්වෙ හදපත්ලෙන්මයි .ඇත්තටම කුඩා උනත් සදෙව්ගෙ නිවසෙ තිබ්බෙ අමුතු සිරියාවන්ත බවක්…ඒ සිරියාවන්ත බව ඔහුගෙ කාමරෙනුත් ඇය දැක්කා….

” ඇත්තටම ….හැබැයි මෙහෙම දේකුත් තියෙනවා ආශාවරී …ශ්‍රියා කාන්තාව වැඩියහම කොහොමත් කොතැනත් සිරියාවන්තයි තමා….” සදෙව් එහෙම කියද්දි ආශාවරී සතුටින් බැලුවෙ ඔහු දිහා ..එහෙම්මම ඔහු සමීපයට ගියපු ආශාවරී මදක් සදෙව් දිහා බලා හිටියෙ සදෙව්ගෙ නං හදවත අපමණ වේගෙකින් ගැහෙන්න අරන් තිබ්බෙ ඇගේ බැල්මට.

” ඇත්තට…….මං සිරියාවන්තයිද…මං ශ්‍රියා කාන්තාව වගේද….” ආශාවරී සදෙව්ගෙ ඇගට වාරුවෙන ගමන් තාලෙට එහෙම කිව්වෙ ඇය හැදුවෙ ඔහුගෙ ගෙල වටා දෑත් යවන්න….ඒත් සදෙව් ඒ දෑත් ඔහුගෙ දෑතින්ම අල්ලලා නැවැත්තුවා..

” ඔව්…ඔයා මගේ සී දේවි කෙල්ල…” සදෙව් හිනාවෙලා ඇගෙන් අහකට ගියේ අල්මාරිය ලගට…ආශාවරීත් ඔහු පසුපස ගියා…අල්මාරිය ඇරිය සදෙව් අල්මාරියෙ ඇතුලෙ ලාච්චුවෙන් එලියට ගත්තෙ චුටි රතුපාට බොක්ස් එකක්…එය කුසුම්ගෙ …ඇගේ රත්‍රන් වලලු දාලා තිබ්බ බොක්ස් එක දැන් සදෙව් ඔහුගෙ පාවිච්චියට අරන් .

” මොකද්ද සදෙව් …” ඔහුගෙ ඇගට හේත්තු වෙලා ආශාවරී ඇහුවෙ කුතුහලයෙන් ඒ දිහා බලන ගමන්.සදෙව් ඇය දෙසට හැරිලා ඒ චූටි පෙට්ටිය ඇරියා….

” හානේ….” ආශාවරීට එකපාරටම එහෙම කියවුනෙ මුවේ ඇදුනෙ හරි ලස්සන අව්‍යාජ හිනාවක්….එහි තිබ්බෙ වෙන මොකවත් නෙවේ…ඇගේ එදා සදෙව් ඇගෙන් ඉල්ලගත්ත ලේන්සුව ..හතරට නවලා ඔහු එදාම එය මේ රතුපාට බොක්ස් එකට දාලා අරන් තිබ්බෙ ඇයව නිතරම මතක් වෙන වෙලාවට ඔහු මේ ලේන්සුව බලනවා…

” මේ අර ලේන්සුව නේද….එදා හොරෙන් ගත්ත….” ආශාවරී යටැසින් බලලා එහෙම කියද්දි ඒ බැල්මට සදෙව් ගැස්සිලා ගියා…

” හොරෙන් ගත්තෙ නෑ….ඕක මගෙ ලේන්සුවනෙ….” හිත පාලනය කරගන්න ගමන් ඔහු කිව්වෙ අමාරුවෙන් .

” නෑ…මේ මගේ…”

” ඔයාගෙ මොකෝ මගේ මොකෝ…ඔයාගෙ හැමදෙයක්ම මගේ..මගේ හැමදෙයක්ම ඔයාගෙ….” හිනාවෙලා සදෙව් එහෙම කියන ගමන් බොක්ස් එකේ තිබ්බ ලේන්සුව සීරුවෙන් අතට ගත්තා….එය නහයට ලං කරපු සදෙව් එහි තවමත් ලාවට වගේ තියෙන සුවද වින්දා…

” දැන් එච්චරම සුවද නෑ……සුවද ගිහින්….” ඔහු එහෙම කියන ගමන් එය ආශාවරීටත් දුන්නෙ ඇයත් ලේන්සුව ඉම්ඹා..

” හ්ම්…ඔව්….සුවද නෑ දැන් ඒකෙ….”

” ඒ කියන්නෙ…මට තවත් ලේන්සුවක් ඕන ඔයාගෙන්…මේකෙ සුවද ගිහින්නෙ දැන්…” සදෙව් කටකොණකින් හිනාවෙලා එහෙම කියද්දි ආශාවරී ඔහු දිහා බැලුවෙ කටත් ඇරගෙන..

” ආපෝ…කපටියා…” එහෙම කියන ගමන් ඇය සල්වාරියෙ ගෙල වටා දාලා තිබ්බ ශෝල් එක අතට ගත්තෙ සදෙව් ඇය දිහා පුදුමයෙන් බලා හිටියා..

” මේ පාර ලේන්සුවක් නෙවේ දෙන්නෙ…..මෙන්න මේක….මේකත් සුවදයි..ඔයා මේක තියාගන්න…” එහෙම කියලා ආශාවරී ශෝල් එක සදෙව්ගෙ බෙල්ල වටෙන් දැම්මෙ ශෝල් එකේ නිදහස් දෙකෙලවරෙන් අල්ලන් හිටිය ආශාවරී එයින් සදෙව්ව තමන් දිහාට ඇදලා ගත්තා….ආශාවරී ලගට ඇදිලා ආපු සදෙව් ඇගේ සිරුරෙ ගෑව්ලා නතර උනේ ආශාවරී ඇගේ දෑත් ඔහුගෙ ගෙල වටා දාගත්තා…ඇගේ සුවදයි ස්පර්ශයයි සදෙව්ව පිස්සු වැට්ටුවෙ ඔහු බලා හිටියෙ ආශාවරීගෙ දිලිසෙන දෑස් දිහා….හදවත අසීමිත වේගෙකින් වගේ ගැහෙන්න ගනිද්දි ඔහුට ඔහුගෙ හැගීම් පාලනය කරගන්න අමාරු තත්වයක් ආවෙ.

” ආශාවරී …අපි යං…” සදෙව් කලබලෙන් එහෙම කියද්දිත් ආශාවරී නං ඔහු දිහාම බලා උන්නා මිස ඒ ඇස් අහකට ගන්න පාටක් නෑ…

” අපි යං….” තමන්ගෙ ගෙල වටා එතිලා තිබ්බ ඇගේ දෑත් අහකට කරන්න උත්සාහ කරන ගමන් සදෙව් කෙදිරුවෙ කාමරේ ඇතුලෙ ඇය හා තනිවම කාලෙ ගත කරන්න ඔහු ආස නැහැ…ඒත් ආශාවරීගෙ දගකාරකම් වැඩි උනේ ඇගේ දෑත්වල ග්‍රහණය දැඩි කලා…

” බෑ……මට කිස් එකක් දෙන්න…” රහසින් වගේ ආශාවරී එහෙම කියද්දි කොච්චර අපහසුතාවයකට පත්වෙලා හිටියත් සදෙව්ට හිනා ගියා…

” ඇයි හිනාවෙන්නෙ…දෙනකන් මං ඔයාව අතාරින්නෑ…..” මූණ බෙරි කරගෙන ඇය එහෙම කියලා තවත් ඔහුට තුරුල් උනේ මෙවර නං සදෙව්ට ඉන්න තැනත් අමතක උනා…ඔහුගෙ දෑත් ඇගේ බද වටා එතුනෙ ඔහු ඔහුගෙ දෙතොලින් ඇගේ කම්මුලක් මත හාදු තැවරුවෙ ආශාවරීගෙ දෑස් පියවිලා ගියා…දෙකම්මුල් වලින් එහාට නොගිය සදෙව් ආශාවරීගෙන් මිදුනෙ ඔහු ඇය දුන් රෝස පැහැ ශෝල් එක පරිස්සමට අල්මාරිය ඇතුලෙන් දාලා ඇයව අරන් ආයෙම සාලෙට ආවා…

” හානේ…අක්කා බලා ඇති…..මට කිව්වෙ ඉක්මන්ට එන්න කියලා….හි…හි…දැන් පැය ගානක් ගිහින්….අම්මෝ…මට බනී හොදටම….”ආශාවරී හිනාවෙවී එහෙම කියද්දි සදෙව්ට ලොකු හුස්මක් පිට උනා…

” ඔයා යනවද ඒ කියන්නෙ…..හ්ම්…දැන් ඉස්කෝලෙත් නැති හින්දා…මට ඔයාව නිතරම දකින්න වෙන එකක් නෑ….” සදෙව් කිව්වෙ ඇගේ අතකින් අල්ලගෙන….ආශාවරීගෙ දෑස් එකපාරටම කදුලු පුරෝගත්තෙ.. ඇත්තම තමයි…දැන් මොවුන්ට නිතර නිතරම හමුවෙන්න බැහැ….

” මං හැමදාම එන්නද සදෙව් ….ඔයාගෙ ගෙදර….මට ඔයාව දකින්නැතුව ඉන්න බෑ……” ආශාවරී අඩන්න ගද්දි සදෙව් නොසන්සුන් උනා…

” ඒයි..පිස්සි….අඩන්නෙ….?? අඩන්නෙපා….” සදෙව් ඇයව පපුවට තුරුල් කරගත්තෙ ඔහුට හරි අමාරුයි ඇගේ නෙතින් කදුලු ගලා යනවා දකින්න…..

” ඔයා ආයෙ මෙහෙ එන්න එපා ආශාවරී ….විභාගෙ ඉවර උනාම මං හිතන් ඉන්නෙ computer course එකක් කරන්න….එතකොට අපිට හම්බෙතෑකි…..අපි දෙන්නා එකම පංතියකට යං…..” සදෙව් කිව්වෙ ආශාවරීගෙ හිස පිරිමදින ගමන්.

” ඔයා විභාගෙ හොදට කරගන්න සදෙව් ….all the best…” ආශාවරී එහෙම කියද්දි සදෙව්ට ඇය ගැන දුක හිතුනා…මේ ප්‍රශ්න මොකුත්ම උන්නැත්තං හෙට ඔහුත් එක්ක ඇයත් විභාගෙ ලියනවනෙ…..

” ඔයාට දුකයිද…..ම්….ආශාවරී ….විභාගෙ ලියන්න බැරි වෙන එකට දුකයිද ඔයාට….” සදෙව් එහෙම අහද්දි ආශාවරී ඔහුගෙ දෑස් දිහා ඔලුව උස්සලා බැලුවා…

” නෑහ්…ඔයා ලියනවනෙ….මටත් එක්ක…නේද..” හිනාවෙලා ඇය එහෙම කියද්දි දෙන්නගෙම හිත්වල දුක ක්ශනිකව නැතිවෙලා ගියා….

” ඔව්…” සදෙව් එහෙම කියලා ආයෙම ඇයගෙ දෙතොල් අතර තනි උනා..

” රුහාන්….දැන්නං බැහැ තව ඉවසන්න….මෙයාලට මෙච්චර වෙලා දුන්නොත් මොනා මොනා වෙයිද දන්නෑ….” ආකාශි කිව්වෙ රුහාන්ගෙ තුරුලෙන් මිදෙන ගමන්….රුහාන්ට කටකොණකින් හීන් හිනාවක් ගියේ..

” ඇයි…මස්සිනාව ශුවර් නැද්ද ….??” රුහාන් එහෙම අහද්දි ආකාශි ඇස් හීන් කරලා ඔහු දිහා බැලුවා…

” අපෝ නෑ…එයාව මට හොදටම ශුවර්….අපේ එකාව තමා ශුවර් නැත්තෙ…..” ආකාශි එහෙම කියන ගමන් වාහනෙන් බැස්සෙ ඒ හාම රුහානුත් ප්‍රාඩො එකෙන් බැස්සා…

” ශිට්….නංගිගෙ ගති අක්කාටත් තිබ්බනං….” රුහාන් හිනාවෙවී එහෙම කියද්දි ආකාශි ඔහු දිහා රවලා බැලුවා….

” මේ රුහාන්….ඔයා දැන් මගෙන් ඔය අහගන්න යන්නෙ හරිද….අම්මෝ…..හොදවෙලාවට සදෙව් මල්ලි ඔයා වගේ නොවුනෙ…..නැත්තං එහෙනං මං වගේම මගේ නංගිත් ඉවරයි…..” ආකාශි කියෝ කියෝම ඉස්සරහට එන්න ආවෙ ඇයගෙ කේන්තිය රුහාන්ට අමුතු රසඳුනක් උනා…

” හහ්….ඔයා හිතනවද මගෙ මස්සිනා කාරයා හරි උපාසකයා කියලා..මෑන් මටත් වඩා හපන්…මං දැක්කනෙ එදා එයාගෙ තරම…..” රුහාන් එහෙම කියද්දි ආකාශි කුතුහලයෙන් බැලුවෙ ඔහු දිහා .

” එදා…මොකද්ද ..??”

” එදා ආශි accident වෙලා hospital ඉද්දි මං එයාගෙ කාමරේට තට්ටු කරන්නැතුවනෙ ගියේ….මෑන් ආශිව කිස් කර කර ඉන්නවා දැක්කා මං….” අන්තිම ටික ඔහු රහසින් වගේ කිව්වෙ ආකාශිගෙ මූණත් එක්ක රතු වෙලා ගියා ඒ කතාවට…ඇය මුකුත්ම නොකියා ගේට්ටුවෙන් ඇතුල්ට ගියේ රුහානුත් වටපිට බල බල ඇය පස්සෙන් වැටුනා…ගෙයි දොර අසලට යන්න ගිය ඇගේ ගමන රුහාන් ඇයව අල්ලලා නැවැත්තුවෙ ඇය කේන්තියෙන් බැලුවෙ ඔහු දිහා…

” ඉන්නවා…ඔහොම කඩාගෙන බිදගෙන යන්නෙ??…මැනර්ස් කියලා ජාතියක් දන්නැද්ද ….දොරට තට්ටු කරලා යන්න….එයාලා කොහොම ඉන්නවද කවුද දන්නෙ…..” හිනාව පාලනය කරගෙන රුහාන් හිමීට එහෙම කියද්දි ආකාශි දත්මිටි කෑවා…

” ඊව්…රුහාන්…ඔයාට තරං අමාරුවක් සදෙව්ට නැහැ. .මෙන්න මෙහෙ එන්න….අනික දොරට තට්ටු කරන්න ඕන දොර වහලා නංනෙ…ඔය ඇරලා තියෙන්නෙ යස අගේට….එනවා යන්න….” ආකාශි හිමින් එහෙම කියලා රුහාන්වත් ඇදගෙන ගේ ඇතුල්ට යන්න ගියා …
ගේ ඇතුල්ට ගිය ආකාශිගෙයි රුහාන්ගෙයි ගමන නතර උනේ මෙලෝ සිහියක් නැතුව එකිනෙකා වැලදගෙන සාලෙ මැද හිටගෙන ඉන්න සදෙව්වයි ආශාවරීවයි දැකලා….ඒ දසුනින් ආකාශිගෙ මූණ තවත් රතුවෙලා යද්දි ඇය ලැජ්ජාවෙන් රුහාන් දිහා බැලුවා..

‘මං කිව්වෙ…’ තොල් වලින් විතරක් සද්දෙ පිට නොවෙන්න රුහාන් එහෙම කිව්වෙ කටකොණකින් හිනාවෙලා ඇහැක් ඉගිමරන ගමන්…

*********************************

අම්මෝ අදට ඔය ඇති….අතත් රිදෙනවා මගෙ…ඔන්න දිග කොටසක් දැම්මෙ අනේ කියවන හැමෝම rate කරන් යන්න..plz..පොඩි ලමයිනුත් කතාව කියවනවද දන්නෑ….අනේ කවුරුහරි කතාව කියවල අපහසුතාවයට පත් උනානං extremely sorry .ඒත් ආදරේ කරන දෙන්නෙක් අතරෙ වෙන සාමාන්‍ය දේවල් මං දැම්මෙ….මහ ලොකු දේවල් නැහැ…හැබැයි එහෙමයි කියලා ඔය පොඩි එව්වො මේවා අත් හදා බලන්ඩ ඒමි යන්න එපා…මොකද හැමෝම සදෙව්ලා වගේ නෙවේ….(කිව්ව එකේ තේරුම දන්නෝ දනිති?)……කතාව කියවන හැමෝටම බුදු සරණයි…

M.Ashka Rashmi❤️

9 thoughts on “ආශාවරී |පනස් නවවැනි කොටස| නවකතාව |කතා අහුර රචක”

  1. හම්මෝ…. කොටු කොටූ…… අනී..ලස්සනයි අනේ කතාව…නියමයි…දැංම ඉවර කරන්න නං ලෑස්ති වෙන්න එපා..එහෙම කරොත් ගෙදර හොයං ඇවිත් දෙකක් ඇනලා යනවා හරිද… ඕං කලින්ම කිවෙ ඈහ්….

    1
  2. Hammeeeee itin.khma hri sadewtai,ashitai dn hdaine.ara body guard tmai kanne methana.khma hri mahesh kusumgen samawa aran aphu katha kaloth kusum atta lamaya ganath kyai.ikmnta iwra wei wge meka

  3. Ranmali subasinghe

    Adanam harima romantic ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ sooo happy ?????? hetath digaaaaaaaaaaaa kotasak denna ashkoooo… good luck!! ?????

  4. Thakshi Deepali Jayasuriya

    ඒ ආදරේ….මටත් ඕන එහෙම ආදරයක් අක්කි….හරිම ලස්සනයි කතාව…ඉවර කරන්න එපා අනේ ප්ලීස්

  5. kasuni chamalka

    අද නම් කතාව සුපිරි.. ගොඩ කාලෙකට පස්සෙනේ අශියි සදෙව් එකතු උනේ.. කතාව තව දිග වෙලා තිබුන නම් කියලා හිතෙනවා ඒ තරම් ලස්සනයි අද කොටස..

  6. Chathu indeewaree

    ලස්සන ලස්සන එපිසොඩ් එකක් දාලා නංගා ඔයා අද. මෙතරම් කාලෙකට කියෙව්ව ලස්සනම එපිසොඩ් එක මේකද මන්දා? මේ බට්ටිට මෙච්චර ලස්සනට ආදරණීය හැඟීම් ගළපන්න පුළුවන් කියලා දන්නේ අදනේ. නෑ ඉටිම් කලිනුත් දැනගෙන හිටියේ. ඒත් අද ගොඩාක් රොමෑන්ටික් විදියට ලියලා තියෙනවා. හැමෝගෙම ආදරකතා මේ වගේ පිවිතුරුව ගලාගෙන යනවනම් කොයිතරම් ලස්සන වෙයිද මේ ලෝකය???? මේ කතාව ලියන ඔයාට වගේම මේ ලෝකේ හැමෝටම මේ වගේ පිවිතුරු ආදරයක් හිමිවේවායි හදවතින්ම පතමි… බුදු සරණයි! නංගෝ…..

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.