Katha Ahura

ආශාවරී |පනස් හතරවැනි කොටස| නවකතාව |කතා අහුර රචක

5/5 - (2 votes)

පනස් හතරවැනි කොටස

ආශාවරී දිහා සදෙව් බලා හිටියෙ වශීවෙලා වගේ….හද ගැහෙන වේගෙ එන්න එන්නම වැඩිවෙද්දි ඒ සමගාමීවම සදෙව්ගෙ පපුව රිදෙන්න ගත්තෙ එකපිට එකපිට ඔහුට දැනෙන්න ගන්න මේ අමුතු හැගීම්වල බර වැඩි කමට….ඇස් ලොකු කරගෙන සදෙව් ආශාවරී දිහා බලා හිටියෙ ඔහුගෙ මනසෙ ඇදුනෙ අපහැදිලි රූප රාමු කිහිපයක් …සදෙව් දිහා බලා හිටිය ආශාවරී එකපාරටම අඩාගෙන සදෙව් දිහාට දුවලා එන්න ගත්තෙ මහේශ් නදීකා එක්ක වාහනෙන් බැහැලා ඒ දිහාට දුවන්න ගත්තෙ තමන්ගෙ පිස්සු හැදුන දුව මොනා කරයිද කියලා හිතාගන්න බැරිව…තමන් දිහාට දුවගෙන එන ඒ සොදුරු රුව දිහා සදෙව් බලා හිටිය පුදුමයෙන් …ඊලග නිමේශයෙදි ආශාවරී සදෙව්ගෙ ගෙල වටා දෑත් යවලා තදින් බදාගත්තා . ඇය පැමිණි වේගෙට දෙන්නම අඩි දෙක තුනක් එහාට ගියේ සදෙව්ගෙ අතුත් නිරායාසයෙන්ම ඇගේ බදවටා එතුනා…මහේශ්ගෙයි නදීකාගෙයි ගමන් එකතැන නතර වෙද්දි ඔවුන් බලා ඉන්න ගත්තෙ සදෙව් දිහයි ආශාවරී දිහයි පුදුමය මුසු දුකකින්…..

” සදෙව් …මගෙ සදෙව් …..” ආශාවරී මුමුණ මුමුණ සදෙව්ව බදාගෙන හිටියෙ හරිම තදින්…හරියට ඔහු ඇයව දාලා යයි කියලා වගේ…සදෙව්ගෙ දෑස් ඇගේ ස්පර්ශයෙන් පියවිලා යද්දි ඔහුත් නොදැනුවත්වම උනත් ඇයව තදකරලා බදාගත්තෙ ඒ පපුවට ඇයගෙ උනුහුම තදින්ම ඕන කරන නිසා….

” සදෙව් ….මගේ සදෙව් …..ඔයා ඉන්නවා…ඔයාට මුකුත්ම වෙලා නෑ…සදෙව් …” අඩ අඩම ඇය කියවන්න ගත්තෙ සදෙව්ගෙ උරහිසේ නිකට තියාගෙන.ආශාවරීගෙ දෑස් අගින් වැටෙන උණු කදුලු සදෙව්ගෙ සුදු කමිසෙ උරහිස තෙමද්දි ඒ උනුහුමට සදෙව් ඔහුගෙ දෑත්වල ග්‍රහණය දැඩි කලා…..සදෙව්ගෙ මුහුණ ආශාවරීගෙ ගෙල මුල රැදෙද්දි ඇගේ සුවද සදෙව්ගෙ නාස්පුඩු හරහා හදවතේ විසිරිලා ගියේ ඔහු හොයපු ඒ මිහිරි සුවදට වසග වෙලා ඔහු ආශාවරීව තව තවත් තුරුල් කරගත්තා.

” සදෙව් ….සදෙව් …ඔයාට මුකුත්ම වෙලා නෑනෙ…කෝ බලන්න….කෝ බලන්න….” ආශාවරී ඔහුගෙන් අහකට ඇවිත් ඔහුව අතපත ගෑවෙ පිස්සුවෙන් වගේ….සදෙව්ගෙ දෑස් කදුලින් පිරිලා යද්දි බොදවෙච්ච දෑසින් ඔහු ආශාවරී දිහා බලා හිටියෙ කිසිම දෙයක් හිතාගන්න බැරිව….ආශාවරී සදෙව්ගෙ අත්දෙකම අල්ලගෙන ඒ අත්ල වල් සිපගත්තෙ උමතුවෙන් වගේ…සදෙව් ඒ කිසිම දෙයක් වලක්වන්න ගියේ නැහැ…ආශාවරී ගැන මතකයක් ඔහුට තවමත් නැති උනත් ඔහුට අහේතුකවම හිත දුන්නෑ ආශාවරීව ඇය කරන කිසිම දේකින් ඇයව වලක්වන්න.අත්ල සිපගත්ත ආශාවරී සදෙව්ගෙ මුහුණ දෝතින්ම අරන් ඒ මුලු මූණම සිපගත්තෙ පිස්සුවෙන් වගේ….සදෙව් ඒ තොල් හාදු වලින් උනුසුම් වෙලා යද්දි මෙතෙක් මේ දෙන්නා දිහා බල බල හිටිය නදීකායි මහේශුයි දුවලා ගියේ ඒ දෙන්නා ලගට….

” ආශි…..”

” දූ…ඕක නවත්තන්න….”

නදීකායි මහේශුයි ආශාවරීව බලෙන්ම සදෙව්ගෙන් අහකට කලා…ආශාවරී කෑගහන්න ගත්තෙ ඔහුගෙන් අහකට වෙන්න බෑ කියලා….ඇය දගලන්න ගත්තෙ මහේශ්ගෙයි නදීකාගෙයි ග්‍රහණයෙන් තමන්ගෙ අත් මුදවගෙන ආයෙම සදෙව්ගෙ පපුවට තුරුල් වෙන්න….ඒත් මහේශ් ඇයව හයියෙන් අල්ලගෙන නදීකාගෙ උදව්වෙන් සදෙව්ගෙන් එහාට ටික ටික අරන් ආවෙ ආශාවරීගෙ විලාප සද්දෙ මැදින්…

” සදෙව් ….මගේ සදෙව් …අතෑරපන් මාව…මට සදෙව් ලගට යන්න දීපන්….අතෑරපන්….සදෙව් …සදෙව් …අනේ මගේ සදෙව් …මාව බේරගන්න සදෙව් …..ආ…..අත ඇරපන්…” ආශාවරී යටිගිරියෙන් කෑගහන්න ගද්දි සදෙව් ඇය දිහා බලා හිටියෙ ඇස් වලින් හෝ ගාලා කදුලු කම්මුල් දිගේ ගලා යද්දි .. ඔහුට පිස්සු වගේ අඩ අඩ කෑගහන ආශාවරීව දැකලා…සදෙව් එන්න එන්නම නොසන්සුන් වෙද්දි ඔහු වටපිට බල බල ආශාවරී දිහා බැලුවෙ හදවත අසාමාන්‍ය අන්දමින් ගැහෙන්න ගනිද්දි .

” ඉන්න…යන්නෙපා…” සදෙව් කලබලෙන් එහෙම කිව්වත් මහේශ් කොහොමහරි ආශාවරීව එක්කන් ආවෙ වාහනේ ලගට..බලෙන්ම ඇයව වාහනේට දාගත්ත ඔහු සදෙව් බලා ඉද්දිම වාහනේ ඇද්දුවෙ අමාරුවෙන් ආශාවරීව පාලනය කරගන්න උත්සාහ කරන ගමන්…නදීකා දගල දගල ඉන්න ආශාවරීට ඉන්ජෙක්ෂන් එක ගැහුවෙ ඇගේ දැගලිල්ල එන්න එන්නම අඩුවෙලා නැතිවෙලා ගියා . ආශාවරීගෙ හිස නදීකාගෙ උරහිසට කඩාගෙන වැටුනා…

” අනේ දූ….” අඩාගෙනම නදීකා ආශාවරීව බදාගත්තෙ ඇය විදින මේ වේදනාව දැකලා…වාහනේ ඉස්සරහට ඇදිලා යද්දි වාහනේ නොපෙනී යනකන්ම සදෙව් ඒ දිහා බලා හිටියෙ බොදවෙච්ච දෑසින්.සදෙව්ගෙ පපුව වේගෙන් උස්පහත් වෙන්න ගත්තෙ ඔහු ඉන්නෙ ගොඩක් නොසන්සුන් වෙලා..දෑතින්ම ඔලුව බදාගෙන එහෙට මෙහෙට කැරකැවුන සදෙව්ගෙ මුවින් කෙදිරියක් පිට උනේ ඔලුව පුපුරන්න තරම් කැක්කුම් දෙන්න ගත්ත හින්දා.

” ආහ්….ආ….”

ඇස්වලින් කදුලු පිටාර ගලද්දි සදෙව් උඩ බිම බැලුවෙ මොහොතකට කලින් වෙච්ච දේ හිතාගන්න බැරුව..හයියෙන් හුස්ම ගන්න ගමන් වටපිට බල බල සන්සුන් වෙන්න උත්සාහ කරපු සදෙව් ආපිට හැරිලා ගෙදර යන්න ගත්තෙ හිත ඇතුලෙ දුක හිරකරගෙන…ගෙදර ආපු ගමන් සදෙව් බෑග් එක පුටුවක් උඩට වීසි කරලා කෑම මේසෙන් වාඩි උනේ නොසන්සුන් හිතින්…අත්දෙකෙන්ම ඔලුව අල්ලන් ඇස් දෙකත් පියාගෙන සදෙව් සන්සුන් වෙන්න ගත්තත් ඔහුට මතක් වෙන්න ගත්තෙ මොහොතකට කලින් වෙච්ච දේවල්.

කවුද ඒ…කවුද ඒ කෙල්ල….මට එයාව ඕන….මට…මට ඕන එයාව…මට මොකද්ද මේ වෙන්නෙ…පපුවත් එක්ක රිදෙනවා ….ඒ කවුද …එයා මගෙ නම දන්නෙ එයා කවුද ….ඇයි…ඇයි එයා අඩාගෙනම මාව බදාගත්තෙ….ඇයි…එයා මාව දන්න කෙනෙක්ද….එතකොට ඇයි මං එයාව නොදන්නෙ…එයාද මට අමතක වෙලා ගිය මං තවමත් නොදන්න මගේ අතීතෙ…මට මුකුත්ම හිතාගන්න බෑනෙ….අයියෝ මට පිස්සු වගේ…..එයා…එයාව මට හුරුපුරුදුයි වගේ දැනෙන්නෙ ඇයි…ඒ ස්පර්ශය …ඒ උනුහුම….මට ඒක ඕන….මට ඕන හැමතිස්සෙම ඔයා ලගින් ඉන්න….ඒත්…ඇයි මට එහෙම හිතෙන්නෙ….මට මොකද්ද මේ වෙන්නෙ….එයාගෙ සුවද…මට හුරුපුරුදුයි …ඒ පිච්ච මල් සුවද…මං කවදහරි විදලා තියෙනවා…එයා කවුද …..ඇයි මං එයාව නැවැත්තුවෙ නැත්තෙ එයා මාව කිස් කරද්දි …ම්..මට…මං ඇයි එයාව නැවැත්තුවෙ නැත්තෙ…ඇයි මං එයාව බදාගත්තෙ…අනේ ඒ උනුහුම…ඒ උනුහුම නෙවේද මං මෙච්චර දවසකට හෙව්වෙ…අනේ….අනේ මට ඔයාව ඕන…ඔයා කවුද …මොකද්ද ඔයාගෙයි මගෙයි සම්බන්දය …මට දැනගන්න ඕන….

සදෙව් හිත හිතම දෑතින්ම තමන්ගෙ හිසකේ අදින්න ගත්තෙ ඔහුට දැන්නම් පිස්සු වගේ …..එක එක බොදවෙච්ච රූප රාමු මනසෙ සිතුවම් වෙද්දි ඔහුගෙ මුලු ඔලුවම අසීමිතව වේදනා දෙන්න ගත්තෙ ඒ කැක්කුම දරාගන්න සදෙව්ට අමාරුයි…

” ආහ්…..” කෑගහගෙනම පුටුවෙන් නැගිට්ට සදෙව් බිත්තියට කකුලෙන් පහර පිට පහර ගැහුවෙ තමන්ගෙ හිතේ වේදනාව නැති කරගන්න….

” කවුද …කවුද ඔයා…කවුද ….” අඩ අඩම සාලෙ පුටු පෙරලන්න ගත්තෙ ඔහු හරිම නොසන්සුන්…හිතට මෙච්චරටම වද දෙන ඒ සුරංගනාවිය කවුද කියලා දැන් සදෙව්ට දැනගන්න ඕන…..

” මගෙ ඔලුව…ආහ්….” අත්දෙකෙන්ම ඔලුව අල්ලන් බිම වාඩිවෙච්ච සදෙව් මහ හයියෙන් කෑගගහා අඩන්න ගත්තෙ හිතේ ඇතිවෙච්ච අහේතුක දුක කදුලු වල දියකරලා හරින්න…

මේ අතරෙ නින්දකට වැටුන ආශාවරීව ඇගේ අම්මයි තාත්තායි එක්ක ගියේ වෛද්‍යවරයාට පෙන්නන්න ..doctor ආශාවරීව හොදට පරීක්ෂා කලා…ආශාවරීගෙ තත්වෙ ගැන ඇගේ හැසිරීම මහේශ් doctor ට පැහැදිලි කරලා දුන්නා…

” කිසිම ප්‍රගතියක් නෑ ඒ කියන්නෙ….ආ..මෙන්න මේ බෙහෙත් දිලා බලන්න…මේවා සැරයි හැබැයි…කෑමත් එක්කම දෙන්න බලන්න….මේ බෙහෙත් වලටත් හොද උන්නැති උනොත් ඉතින් මෙයාව mental hospital තමා දාන්න වෙන්නෙ..පුලුවන් තරං මෙයාව පරිස්සම් කරන්න මිස්ටර් මහේශ් …..මෙයාට දුක හිතෙන කේන්ති යන කිසිම දෙයක් කරන්න එපා…පුලුවන් නං ලොකු දෙයක් මෙයාට මෙයාගෙ boyfriend ව ගෙනත් දෙන්න…බොහෝ විට එයාට පුලුවන් වෙයි මෙයාව සනීප කරගන්න…” වෛද්‍යවරයා එහෙම කියද්දි මහේශ්ගෙ මූණ අදුරු වෙලා ගියා.

” ඒත් doctor මං එදා කිව්වෙ…මෙයාගෙ යාලුවෙලා හිටිය කොල්ලාට දැන් මතකෙ නැහැ…” මහේශ් එහෙම කියද්දියි වෛද්‍යවරයාට සිද්දිය මතක් උනේ…

” හ්ම්…ඔව්නෙහ්..මට මතකයි….අනේ මන්දා මිස්ටර්…මං උපරිම උත්සාහ කරන්නං patient ව සනීප කරගන්න….ඔයාලත් ඔයාලාට කරන්න පුලුවන් හැමදෙයක්ම patient වෙනුවෙන් කරන්න…කාලය හැමදේම විසදාවි….” වෛද්‍යවරයාගෙ අවසන් නිර්දේශය උනේ එයයි…මහේශ් ආශාවරීව රැගෙන ආයෙම ගෙදර එන්න ආවෙ කවදාවත් නැතුව ආශාවරී ගැන ලොකු බයක් හිතේ තියාගෙන…මොකද doctor කිව්වත් වගේ මේ බෙහෙත් වලිනුත් ආශාවරී සනීප නොවුනොත් ඇයට සිද්ද වෙන්නෙ මානසික රෝහලට යන්න….මානසික රෝහලකට ආශාවරීව ඇතුලත් කරන්න මහේශ් පොඩ්ඩක්වත් කැමති නැහැ.. හුරතලේට හැදුන තමන්ගෙ චූටි දූ එච්චර ලොකු වේදනාවක් විදිනවා ඇගේ දෙමව්පියන්ට බලන් ඉන්න බැහැ…

” මහේශ් …අපිට තිබ්බෙ දූව සදෙව්ගෙන් ඈත් නොකර ඉන්න……” ගෙදර ආව හැටියෙ නදීකා මහේශ්ට එහෙම කිව්වෙ දවල් සිද්දිය මතක් වෙලා.

” ඇයි නදී ඔයා එහෙම කියන්නෙ…??” මහේශ් කුතුහලයෙන් ඇහුවා.

” සමහරවිට තව ටිකක් වෙලා හිටියනං දූට මේ ලෙඩ ඔක්කොම නැතිවෙන්නත් තිබ්බා….සදෙව්ට උනත් කෙල්ලගෙ මතකය ආයෙම එන්න තිබ්බා……මං දැක්කනෙ…සදෙව් ආශි දිහා බලා හිටියෙ අදහගන්න බැරිව ….ආශි මොන දේ කලත් එයා ඒ කිසිම දෙයක් වැළැක්කුවෙ නැත්තෙ එයාගෙ හිතේ කොනක හරි තාමත් ආශි ඉන්න හින්දනෙ……සදෙව්ට ආශිගෙ මතකෙ ආයෙම ගේන එක අමාරු නෑ මහේශ් …..අපි කුසුම් ගෙනුත් අහලා මේ ලමයි දෙන්නවම බේරගමු…මහේශ් …..ඔයා මොකද කියන්නෙ…..??” නදීකා දුකෙන් එහෙම අහද්දි මහේශ්ට ලොකු හුස්මක් පිට උනා.

” මට හිතාගන්න බෑ නදී….කුසුම්ගෙ හිත හරිම තදයි……එයා කීයටවත් මං හිතන්නෑ සදෙව් පුතාව අශිට මුණගස්වයි කියලා….දූව වැඩිවෙලා සදෙව් ගාව මං නොතිබ්බෙත් අපි දන්නවනෙ දූ දැන් ඉන්නෙ හොද මානසික තත්වෙකින් නෙවේ කියලා…එහෙව් එකේ තව වෙලා මෙයාව සදෙව් ගාව තිබ්බනං ආශි මොන විදිහට හැසිරෙයිද කියලා මට බය හිතුනා…..තව වෙලා හිටියනං කෙල්ල සදෙව් එක්කම යන්න දගලන්නත් තිබ්බා…ඒකයි මං ඉක්මන්ටම ආශිව සදෙව්ගෙන් අයින් කලේ…..ඇරත් සදෙව් හිටියෙ කිසිම දෙයක් හිතාගන්න බැරුව….එකපාරටම කෙල්ලෙක් ඇවිත් පිස්සුවෙන් වගේ හැසිරෙන්න ගනිද්දි කවුද ඉතින් බය නොවෙන්නෙ…..මං බය උනේ ආශිගෙ හැසිරීමට සදෙව්ට හදිස්සියෙවත් කේන්ති ගිහින් ආශිට මොනාහරි කිව්වොත් කියලා…එහෙම උනොත් ආශි තවත් අප්සට් ගන්න හින්දයි මං ඉක්මන්ටම දූවත් අරන් යමුයි කිව්වෙ……..නැතුව වෙන දේකට නෙවේ……අපි බලමුකො නදී……ඉස්සරහට මොන දේ උනත් ඒ හැමදෙයක්ම අපි සතුටින් බාර ගමු….” මහේශ් එහෙම කිව්වා…නදීකා ආයෙම මුකුත් කියන්න ගියේ නැත්තෙ මහේශ්ගෙ කතාවෙත් ඇත්තක් තියෙන නිසා.

කාලය ටික ටික ගෙවිලා යද්දි හවස වැඩ ඇරිලා ගෙදර ආපු කුසුම්ට සදෙව්ගෙ ලොකු වෙනසක් දැනුනෙ….ඒ වෙනස ගැන රෑ කෑම මේසෙදි ඇය සදෙව්ගෙන් ඇහුවා.

” පුතේ..ඔයා මොකක් හරි ප්‍රශ්නෙකින්ද ඉන්නෙ…ආ…” කුසුම් කරුණාවෙන් එහෙම අහද්දි සදෙව්ගෙ නෙත් බොදවෙලා ගියා..

” ඔව් අම්මා….මං ඉන්නෙ ලොකු ප්‍රශ්නෙකින්….” සදෙව්ට එහෙම කියවෙද්දී කුසුම් කුතුහලයෙන් බැලුවෙ ඔහු දිහා.

” මොකද්ද ප්‍රශ්නෙ …මට කියන්න දරුවො…සමහරවිට ඔයාගෙ ප්‍රශ්නෙට උත්තර මං ලග ඇති…” කුසුම් දුකෙන් එහෙම කිව්වා.

” අම්මවත් දන්නවද අම්මෙ කවුද ආශාවරී කියන්නෙ කියලා….” සදෙව් එකපාරටම එහෙම අහද්දි කුසුම් ගැස්සිලා ගියේ ඇයට හොදටම දාඩිය දාන්නත් ගත්තා.

” ප්…පුතා…ක්…කවුද …කවුද ඔයාට කිව්වෙ ඒ නම…” කුසුම් කලබලෙන් එහෙම අහද්දි සදෙව් හරි උනන්දුවෙන් ඇය දිහා බලා හිටියෙ.

” කවුරුවත් කිව්වෙ නෑ අම්මෙ…මට නිතරම ඒ නම මතක් වෙනවා…නම විතරක් නෙවේ අම්මෙ…මට මා එක්ක තව කෙල්ලෙක් ඉන්නවා නිතරම මැවිලා පේන්නෙ…මං හිතන්නෙ එයා තමා ආශාවරී ….ඒත්…ඒත් ඒ මූණ මට පැහැදිලි නැහැ අම්මෙ…පැහැදිලි කරගන්න කොච්චර උත්සාහ කරත් මට බැහැ ඒ මූණ හරියට මතක් කරගන්න…..ඒ චායාව දකින දකින වාරයක් ගානෙ මගෙ හිත හොදටම රිදෙනවා අම්මෙ..පපුව පැලෙන්න වගේ ලොකු වේදනාවක් දැනෙන්නෙ…මට දැනගන්න ඕන කවුද ඒ කෙල්ල මොකද්ද මා එක්ක තිබ්බ සම්බන්දෙ කියලා..මට…මට හිතෙන්නෙම එයා මට ගොඩාක් ලග කෙනෙක් කියලා….හරි අමුතු හැගීමක් ඒක…අම්මවත් දන්නවද අම්මෙ ආශාවරී ගැන….ආ… ” සදෙව් ඇහුවෙ කැඩිච්ච කටහඩින්.ඔහුට දැනෙන්නෙ ඔහු නිතරම දකිම අපහැදිලි සිතුවම් වල අයිතිකාරිය ආශාවරී කියලා…ඒ වගේම තමන් හා ආශාවරී අතර යාලුකමට එහා ගිය බැදීමක් තිබුනෙ කියලා තේරුම් ගන්න සදෙව්ට අපහසු උනේ නැහැ…අද දවල් හමු උන යුවතිය ආශාවරී දෝ කියලත් සදෙව්ට හිතුනෙ මොනා නැතත් ඔහුගෙ ආදරය ඔහුට අදුනගන්න අමාරු නැහැ…සදෙව්ගෙ කතාව ඇහිලා කුසුම් හරිම අමාරුවෙන් හැඩුම් පාලනය කරගෙන හිටියා.

” හ්ම්…..මං දන්නෑ ….” කුසුම් අහක බලාගන්න ගමන් කිව්වෙ ඇයට බැහැ ආශාවරී ගැන සදෙව්ට කියන්න…සදෙව් ආයෙම ඉගෙනගන්න පටන් ගත්තා විතරයි .අලුතින් ජීවිතේ පටන් ගන්න ගත්ත ඔහුට ආයෙම ආශාවරීගෙ ආදරේ පටලවන්න කුසුම්ට හිතුන්නෑ.ඒත් කුසුම් අහක බලාගෙන එහෙම කියද්දි සදෙව්ට ඇය ගැන තරමක් ලොකු සැකයක් ආවෙ.

” අම්මෙ…ඔයා බොරු කියන්නෙ…මට ඇත්ත කියන්නකො…ඔයා දන්නවා ආශාවරී ගැන…මට කියන්න අම්මෙ ආශාවරී ගැන…මගේ ඇස් දිහා බලාගෙන කියන්න පුලුවන් නං ඔයා එයා ගැන දන්නෑ කියලා…” සදෙව් කිව්වෙ ඇස්වල කදුලු පුරෝගෙන .කුසුම්ට ටිකක් කේන්ති ගියා.ඇය කේන්තියෙන් බැලුවෙ සදෙව් දිහා.

” ඔව්..මං දන්නවා…මං දන්නවා ඒ කෙල්ල ගැන…හැබැයි මං එයා ගැන ඔයාට එක වචනයක්වත් කියන්නෑ….” කුසුම් එහෙම කියාගෙන කෑම කන එකත් නවත්තලා මේසෙන් නැගිටලා ගියේ සදෙව්ට එකපාරටම ඇඩුනා .

” මෙච්චර ලොකු දුකක් දෙන්නෙපා අම්මෙ….මට දැනගන්න ඕන මගේ මේ අමතක වෙච්ච අතීතෙ මට මගහැරුන එකම මතකය ගැන…අනිත් හැමදෙයක්ම ඔයාලා මට මතක් කරන්න උත්සාහ කරද්දි මගෙ මනස විහින්ම මට මතක් කරන්න හදන මගෙ මතකෙන් ඔයාලා උවමනාවෙන්ම අයින් කරන්න හදන ඒ කෙල්ල කවුද …කියන්නකො අම්මෙ…” සදෙව් අඩ අඩම අම්මා පස්සෙන් වැටුනෙ සදෙව් කියන දේවල් වලට කුසුම්ගෙ ඇස් වලින් කදුලු කඩා හැලුනෙ ඇය අඩ අඩම සදෙව්ගෙ අතින් අල්ලගත්තා.

” කියන්නං….කියන්නං ඔයාට එයා ගැන මං….හැබැයි අද නෙවේ….ඔයා ..ඔය විභාගෙ ලියලා ගෙදර ආව දවසට මං කියන්නං….ඉවසන්න මේ මාස තුනත්….මං හැමදෙයක්ම එයා ගැන ඔයාට එදාට කියන්නං….” කුසුම් කිව්වෙ සදෙව්ව සනසවන්න..ඒත් සදෙව්ගෙ ඇස් වලින් එකපෙලට කදුලු වැල් ගලන් යන්න ගත්තෙ ඔහුගෙ අම්මා කිව්ව දේ ඇහිලා..ඔහු කොහොමද එච්චර ලොකු කාලයක් ඉවසන්නෙ.

” අනෙ අම්මෙ….මං කෝමද එච්චර කල් ඉවසන්නෙ….අනේ අම්මෙ….” සදෙව් ඇගෙන් කොච්චර ඇයදුවත් කුසුම්ගෙ තීරණේ නං වෙනස් උනේ නැහැ.

” බෑ පුතේ…බෑ….මං කිව්වනෙ…සමහර දේවල් තියෙනවා..ඒවා දැනගන්න ඕන ඒ නියමිත කාලෙදි විතරයි…ඊට කලින් දැනගත්තොත් මුලු ජීවිතේම අවුල් වෙලා යනවා…ඒ හින්දා ඔයා විභාගෙ ඉවර කරලා ඉන්න…මං ඔයාට විභාගෙ ඉවර උනාට පස්සෙ ආශාවරී ගැන කියන්නං…කොහොමත් ඔයාට මගෙන් මිස එයා ගැන දැනගන්න වෙන කාගෙන්වත් බෑ….කරුනාකරලා සදෙව් ආශාවරී ගැන හොය හොය ඉන්නැතිව ඉස්කෝලෙ පාඩම් වැඩ හරියට කරගෙන විභාගෙ ගොඩ දාගන්න බලන්න….විකාර හිත හිත කාලෙ නාස්ති කරන්නෙපා දරුවො…ඔයා ඔයාගෙ අරමුණට යන්න මනස්ගාත හිතන්නැතුව…..” කුසුම් එහෙම කියද්දි සදෙව් කදුලු පිහිද පිහිද ඔහුගෙ කාමරේට ගියේ කුසුම් සදෙව් දිහා හරිම දුකෙන් බල හිටියෙ.

කාමරේට ආව සදෙව් ජනේලෙ ලගට ඇවිත් රෑ අහස දිහා බලාගෙන හොදටම ඇඩුවෙ හිත ඇතුලෙ හිරවෙච්ච දුක කොහොමහරි පිටකරලා හරින්න…..ඔහුගෙ ඇඩිල්ලත් එක්කම අහසත් එකපාරටම අඩන්න ගත්තෙ මෙච්චර වෙලා අහස රදවන් හිටිය කලු වලාවන්ගෙන් එකපෙලට මහ වැස්සක් කඩන් වැටුනා.

” ඒයි….ආශාවරී …..මොකෝ මේ….” මහ වැස්සෙ බාගෙට වගේ තෙමීගෙන ආව ආශාවරී දිහා සදෙව් බැලුවෙ පුදුමයෙන් .

” උදෙන්ම දුන්නනෙ අනේ වැඩේ…බලන්නකො හොදටම තෙමුනා….ශිට්….ඊව්….” ආශාවරී කුඩේ ඉහලල පංතියෙ කෙරවලෙන් තිබ්බෙ වේලෙන්න කියල…ආශාවරීගෙ කොන්ඩෙ ගොඩක් තෙමිලා…ඇදුමෙ ඉනෙන් පහල කොටසත් හොදටම තෙමිලා තිබුනෙ මහ වැස්සෙ තරම කියන්නෙ කුඩයක් යටින්වත් එන්න බෑ තෙමෙනවා…

” ආ…මේකෙන් පිහිදගන්න….” සදෙව් තමන්ගෙ බෑග් එකෙන් එලියට අරන් ටිකක් ලොකු සර්වියට් එකක් ආශාවරීට දුන්නෙ ඇය එය අරන් අත් දෙක වගේම මූණත් පිහිදගත්තෙ ඇගේ ඩෙස් එක ලගට ඇවිත්…

” කෝ….එන්න කොන්ඩෙ පිහිදාන්න…” සදෙව් ආශාවරීව ඔහු ලගට ඇදලා ගත්තෙ සර්වියට් එකෙන් ඔහු ආශාවරීගෙ කොන්ඩෙ සීරුවෙන් පිහිදලා දාන්න ගත්තෙ අවුල් වෙන්න ඉඩ නොදී..වැස්සට තෙමිලා සීතලේ හිටිය ආශාවරී සදෙව්ගෙ පපුවට පිට තියාගෙන හේත්තුවෙන්න ගත්තෙ සදෙව් ඒ ස්පර්ශයෙන් ගැස්සිලා යද්දි .

” මොකෝ…” සදෙව් කොන්ඩෙ පිහිදන ගමන්ම එහෙම අහද්දි ආශාවරී දෑත් එකට පිරිමදින ගමන් කතා කරන්න ගත්තෙ වෙව්ල වෙව්ල..

” අම්මෝ….ස්…සීතලයි…සීතලයි සදෙව් …” ආශාවරී එහෙම කියලා අත්දෙකට හුස්ම පිබගත්තෙ උනුසුම් වෙන්න හිතලා..කොන්ඩෙ පිහිදල ඉවර වෙච්ච සදෙව් සර්වියට් එක ඩෙස් එක උඩට දාලා ඇය වට දෑත් යවලා ආශාවරීගෙ අත්දෙක අල්ලගත්තෙ ඇයව සිරුරට ලං කරගන්න ගමන්…සදෙව්ගෙ උනුසුමෙන් ආශාවරී ගැස්සිලා ගියේ ඇය ඔලුව හරවලා සදෙව් දිහා බැලුවෙ ඔහු මොකද්ද කරන්නෙ හදන්න අහන්න…

” සදෙව් …” ආශාවරීට කියවෙද්දී සදෙව් ඇගේ දෙඅත්ල ඔහුගෙ දෑත් වලින් පිරිමදින්න ගත්තෙ ඇයව උනුසුම් කරන්න කියලා…

” ඒයි…සදෙව් …” ආශාවරී ඔහුගෙන් අහකට යන්න හදදි සදෙව් ආයෙම ඇයව ඔහු ලගටම ඇදලා ගත්තෙ මෙවර ඔහු ඇගේ උරහිසින් නිකට තියාගෙන හිටියෙ ඔහුගෙ කම්මුලක් ඇගේ කම්මුලක ස්පර්ශ කරගෙන.

” ඇයි….??”

” ඇයි අහන්නෙ…ලමයි එයි දැන්…කවුරුහරි දැක්කොත්….” ආශාවරී කිව්වෙ වෙව්ල වෙව්ල..මෙවර ඇය වෙව්ලන්නෙ හුදෙක් සීතලට නෙවේ…බයට…ඇයට බය මොවුන්ගෙ මේ ජවනිකාව කාගෙහරි ඇහැකට මාට්ටු වෙයි කියලා.

” දැන්ම යාලුවො එන්නෑ…තාම හතටවත් නෑනෙ…අනික වැස්ස හින්දා අද ලමයි එන්න පරක්කු වෙයි….” දගකාර හිනාවක් දාලා සදෙව් කිව්වෙ ආශාවරීගෙ දෙඅත්ලවල් පිරිමදිනගමන්..ඔහුගෙ උනුහුමට ආශාවරීගෙ සීතල මදක් අඩුවෙලා යද්දි ඇය ආයෙම ඔලුව හරෝලා සදෙව් දිහා බැලුවා..සදෙව්ටත් ආශාවරීගෙ දෑස් දිහා බැලෙද්දි ඊලග නිමේශයේදි ඒ තරු දෑස් එකට පැටලිලා දගකරන්න ගත්තෙ සදෙව්ගෙ සුසුම් ආශාවරීගෙ මුලු මුහුණම උනුසුම් කරද්දි .

” ඒ පාර මොකෝ….” සදෙව් ආශාවරීගෙ දෑස් වලින් තමන්ගෙ දෑස් අමාරුවෙන් අහකට ගන්න ගමන් කිව්වෙ හද ගැහෙන වේගෙ එන්න එන්නම වැඩි වෙලා නොසන්සුන් වෙන්න හදද්දි.ඒත් දගකාර ආශාවරී නං ඔහුගෙ ඒ ආදරණීය දෑස් දිහාම බලා හිටියෙ සදෙව්ව අපහසුතාවයට පත් කරන්න….

” ඇයි…..??” හයියෙන් හුස්ම ගන්න ගමන් නොසන්සුන් වෙලා ඉන්න සදෙව් ආයෙම පාරක් ඇහුවෙ ආශාවරීගෙන් …..ඒත් ආශාවරී හිනාවෙවී ඔහු දිහා බලා හිටියා මිස මුකුත් කතා කලේ නෑ….

” දැන් හරි නේද….” සදෙව් ආශාවරීව අත අරින ගමන් කිව්වෙ ඇයව අහකට කරන ගමන්…ආශාවරී මුවේ රදවන් හිටිය හීන් මදහස එක්කම සදෙව් දිහාට හැරිලා ඔහු ලගටම ආවෙ තමන්ගෙ ඇගේ ගෑවී නොගෑවී වගේ නතර වෙච්ච ආශාවරී දිහා සදෙව් බලා හිටියෙ නොසන්සුන් හිතින්..ආශාවරී ඇගේ දුඹුරු ඇස් වලින් සදෙව්ගෙ ඇස් අල්ලන් හිටියෙ ඔහුට ඒ ඇස් වලින් තමන්ගෙ ඇස් අහකට ගන්න අමාරුයි…

” මාව පිස්සෙක් කරන්නද හදන්නෙ ඒ ගමන….” සදෙව් ඇහුවෙ කලබල හිත හරි අමාරුවෙන් සන්සුන් කරන්න හදන ගමන්.

” නෑහ්…ඔයා දැනටමත් පිස්සෙක්…..” ආශාවරීගෙ මුවින් එහෙම පිටවෙද්දි සදෙව් තිගැස්සුනා…ආශාවරීගෙ මුවේ හිනාව තවත් විසිරිලා ගියේ ඇය කකුල් දෙකේ ඇගිලි තුඩු වලින් ඉස්සිලා සදෙව්ගෙ කොපුලක් සිපගත්තෙ සදෙව්ගෙ මූණ රතූවෙලා ගියේ බලන් ඉද්දිමයි.

” ඔයා ” ” මගේ” ” සදෙව් ” හැමදාටම” “ආදරෙයි” “මං” ආශාවරී එහෙම කිව්වෙ වචනෙන් වචනෙට ඇගේ දකුණතේ දබරැගිල්ල සදෙව්ගෙ නලල,දෙ ඇහි පියන් පත්,දෙකම්මුල් සහ දෙතොල් ස්පර්ශ කරන ගමන්.සදෙව් ඒ ස්පර්ශයෙන් සීතල වෙලා යද්දි ආශාවරී ඔහුව වැලදගත්තෙ අසීමිත සෙනෙහසකින්.

ජනෙල් කවුලුවෙන් එලියෙ මහ වැස්ස දිහා බලාගෙන කදුලු හෙලන සදෙව්ට අතීත මතකයක් ආයෙම හිත ඇතුලෙ අපහැදිලි රූප රාමු විදිහට පේන්න ගනිද්දි ඒ හිත එන්න එන්නම නොසන්සුන් වෙන්න ගත්තා.

මොනාද මට මේ මතක් වෙන්නෙ…අයියෝ…ශිට්…මට පිස්සු වගේ…..ආහ්….කවුද ඒ…කවුද ඒ කෙල්ල….මොන කරුමයක්ද මට මේ වෙන්නෙ..ඇයි මට එයාව මතක නැත්තෙ…..මට බෑ මෙහෙම ඉන්න……ඒ කියන්නෙ….මෙච්චර කාලෙකට කිසිම කෙල්ලෙක් ලග නතර වෙච්ච නැති මගෙ හිත කාගාවද නතර වෙලා තියෙන්නෙ…මොන පවක්ද මං මේ ගෙවන්නෙ….ඇයි මට මං ආදරය කරපු කෙල්ලගෙ මූණ මතක නැත්තෙ….ඇයි….ඒ ආශාවරී නේද….ඔව්…ඒ ආශාවරී ….ඇයි කවුරුවත් මට ආශාවරී ගැන නොකියන්නෙ…ඇයි…දැන් එයා කොහෙද ඉන්නෙ…ඇයි ඉස්කෝලෙ එන්නැත්තෙ…ඇයි එයාව මගෙන් ඈත් කරන්න හදන්නෙ…..මං කොහොමද ඔයාව හොයාගන්නෙ…..මට හිතාගන්න බෑ කිසිම දෙයක්…..ඒ උනුහුම….හ්ම්…අද දවල් හම්බුන කෙල්ල…එයා කවුද ….එයාගෙ සුවද එයාගෙ උනුහුම මං මීට කලින් විදලා තියෙනවා වගේ දැනෙන්නෙ…එයාද ආශාවරී ….එයාද මං ආදරේ කරපු කෙල්ල…..ඔයාද මගේ ආශාවරී ….මට මගහැරුණ අතීතෙ මේ මතකවල අයිතිකාරිය ඔයාද ආශාවරී ….

සදෙව් කල්පනා කරන්න ගත්තා..නිතර නිතර පේන්න ගන්න ඇහෙන්න ගන්න ඔහුගෙ අතීත මතකයන්වල සිදුවීම් වලින් සදෙව්ට තේරිලා තිබුනෙ ඔහු ඔහුට අමතක අතීතෙ කෙල්ලෙක්ට ආදරය කරලා තියෙනවා කියලා…ඒ ඔහු වටේ ඉන්න හැමෝම ඔහුට හංගන ආශාවරී කියලා තේරුම් ගන්න සදෙව්ට පුලුවන් …හැබැයි සදෙව්ට තවමත් තේරෙන්නෑ ඒ ආදරේ තරම….ආශාවරීගෙ මතකය අහිමි සදෙව්ට ආශාවරී ගැන හිත ඇතුලෙ ආදරයක් තිබ්බත් ඔහුගෙ උඩු සිතේ ඇය ගැන තියෙන්නෙ ඇය කවුද කොහෙද ඉන්නෙ මොකද්ද ඇයට උනේ කියන ඇය ගැන කුතුහලයක් විතරයි.ආයෙම සැරයක් ඒ හිත ආදරයකට පෙරලෙන්න නං ආශාවරීව ඔහුට මුණ ගැහෙන්නම ඕන..අවාසනාවට අද ඔහුට ආශාවරීව මුණ ගැහුනත් ඒ උනුහුම මොහොතකට හරි වින්දත් ඒ රුව ඔහුගෙ මතකෙන් මැකිලා ගිහින් තිබ්බ නිසා ආශාවරීව අදුනගන්න සදෙව්ට පුලුවන් උනේ නැහැ…ඒත් ඇගේ සුවද,ඇගේ ස්පර්ශය ,ඇගේ උනුහුම සදෙව්ව අතීතෙට එක්ක යන්න සමත් උනේ දැන් දැන් ඔහුට දැනෙන්න ගන්නවා ඇය තමා මෙච්චර දවසක් ඔහුට හීනෙන් වගේම හැබැහිනුත් වද දුන්න ආශාවරී කියලා…ඒත් දැන් සදෙව් පරක්කු වැඩියි…දැන් කොහෙන් කියලා ඇයව හොයන්නද….ඇරත් ඔහු අනුමානයක් විතරයි මේ කරන්නෙ ඇය ආශාවරී වෙන්න ඇති කියලා….සදෙව්ට බලන් ඉන්න වෙනවා දැන්නං මාස තුනක් ආශාවරී ගැන හරි තොරතුරක් දැනගන්න…මොකද ඒ කුසුම් අණ….කොච්චර මනසට තමන්ගෙ අතීතෙ කරදරයක් උනත් සදෙව්ට ඉවසන්න වෙනවා…බලමු සදෙව්ට කොච්චර දුරට ඉවසන්න පුලුවන් වෙයිද කියලා…

*************************

තව කොටස් 5-6කින් කතාව නිම වේවි…..කියවන අදහස් පලකරන හැමෝටම හද පිරි ආදරය❤

12 thoughts on “ආශාවරී |පනස් හතරවැනි කොටස| නවකතාව |කතා අහුර රචක”

  1. ආදරෙත් එක්ක දුක් විඳින තරමට ඒ ආදරේ තවත් වැඩි වෙනවා…. සදෙව් ආශාවරී ආදරෙත් ඒ වගේ…සදෙව්ට මතකෙ එද්දි එයාගෙ ආදරේ මහ හුගක් වෙයි….. all the best ashka… ඔයා දැන්මම කතාව ඉවර කරනවනං අලුත් කතාවක් ගැනත් දැන්මම හිතන්න හොඳද…ඔයාගෙ කතා ලස්සනයි ගොඩක්….ආශාවරී ඉවර උනාම නැත්නං අපිට පිස්සු හැදෙයි….

  2. Hemanthi ruwan kumari

    හැමදාම කිව්වා වගේ අදත් කියන්නේ ඔයා ගෙ කතාව ගොඩක් ගොඩක් ලස්සනයි.හරිම ආදරණීය යි.සුපිරියි.නියමයි.?????

    Thank you, thank you very much.very nice story.you are the best and no:one.??????????????????

    කතාව ට වගේ ම ඔයාටත් ආදරෙයි ආදරෙයි ගොඩක් ගොඩාරියක්???????????????????????

    Love you so much.????

  3. Dilthara wijesuriya

    ඉක්මනටම ඵ් දෙන්නව ඵකතු කරන්නකෝ…..
    අදත් කතාව ගොඩක් ලස්සනයි ???

  4. අනා… ගොඩක් ලස්සනයි කතාව… ඉක්මනට ඉවරවෙන එකටනම් දුකයි…

    අපි වෙනුවෙන් තව කතාවක් අරගෙන එන්න අක්කියෝ… සුභ පතනවා හැමදෙම සාර්ථක වෙන්න කියලා…

  5. Buddhika subhashini

    කතාව ගොඩක් ලස්සනයි ???…අනේ ඉක්මනින් ඉවර කරන්න එපා dr ..??? good luck ❤️

  6. කතාව වෙනද වගේම ලස්සනයි .
    ඔයාගෙ වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .
    ???????

  7. Thakshi Deepali Jayasuriya

    අනේ මේ ටිකේ කමෙන්ට් කරන්න බැරි උනා අක්කියො එ්කට සොරි..මං ලොකු ප්‍රශ්න වගේක ඉන්නේ….ඉවර උන ගමන් වෙනදා වගේම කමෙන්ට් කරන්නම්….කතාව හැමදාමත් වගේ හරිම ලස්සනයි..ඉක්සනට ඉවර කරන්න එපා අයියෝ ???

  8. Nirosha Lakmali

    අනේ පැටියෝ මට නම් පිස්සු වගේ. ඇයි මේ තරම් දුක් දෙන්නෙ මෙයාලට. මේ දුක මටම දරාගන්න. බැ. අනේ ආදරේ කරපු ඒ දෙන්න කොහොම දරාගන්නද. කතාව ගොඩක් ලස්සනයි. ඒ වගේම ගොඩක් දුකයි. මට ඇඩුණා. ඉක්මනට මේ හැමදේම විසදලා මේ ආදරේ එකතු කරලා දෙන්න. තවත් නම් මේ ආදරේට දුක් දෙන්න එපා. ප්ලීස්… අනේ ඉක්මනට කතාව ඉවර කරාට කමක් නැ තවත් ආදර කතාවක් ඕනේ ඔයාගෙන්. හදවතින්ම සුබ පතනවා පැටියෝ ඔයාට….

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.