Katha Ahura

ආශාවරී |පනස් හත්වැනි කොටස| නවකතාව | කතා අහුර රචක

4.7/5 - (20 votes)

පනස් හත්වැනි කොටස

” ඔයා බයවෙන්නෙපා නංගි…සදෙව්ට ඉක්මන්ටම ඔයාගෙ මතකෙ එයි…..එයාට ඔයාව මතක් වෙච්ච දවසට එයාම ඔයාව ඉක්මන්ටම හොයාගෙන ඒවි…..හැමදේම කාලයට බාර දෙමු නංගි….” ආකාශි ආශාවරීගෙ ඔලුව අතගාන ගමන් කිව්වා..

” අක්කෙ…මං සදෙව්ව හම්බවෙලා එයාට අපි ගැන අපේ ආදරේ ගැන ආයෙම මතක් කලානං…එතකොට එයාට මාව මතක් වෙයිනෙ….” ආශාවරී එකපාරටම එහෙම කිව්වා..

” මොකද්ද ….??” ආකාශි ආශාවරී කිව්ව දේ හරියටම තේරුම්ගන්න බැරි උන හින්දා ඇහුවෙ කුතුහලයෙන් .

” මං හිතන්නෙ අක්කෙ…මං සදෙව්ව හම්බ උනොත් ආයෙම, සමහරවිට එයාට මාව ඉක්මන්ටම මතක් වෙයි කියලා….මට පුලුවන් අක්කෙ එයාට මගේ අමතක වෙච්ච ආදරේ ආයෙම මතක් කරවන්න….ඒකට මට එයාව මුණගැහෙන්න ඕන….මට ආයෙ ඉස්කෝලෙ යන්න ඕන අක්කෙ….” ආශාවරී එහෙම කියද්දි ආකාශි ගැස්සිලා ගියා..මොකද මේ තකහනියෙම ආශාවරී කොහොමද ආයෙ ඉස්කෝලෙ යන්නෙ…දැන් අගෝස්තු මාසෙ ලැබුවා විතරයි…ඉස්කෝලෙ නිවාඩු විතරක් නෙවේ තව දෙදිනකින් විතර මේ අයට ඒ ලෙවල් විභාගෙත් පටන් ගන්නවා…මේ අස්සෙ ආශාවරී කොහොමද ආයෙ ඉස්කෝලෙ යන්නෙ…..ඒ හැමදෙයක්ම හිතට එකපෙලට ගොනු වෙන්න ගනිද්දි ආකාශි කතා කරන්න ගත්තා.

” ඒක…ඒක කරන්නෙ කෝමද ආශි….ඔයාට ආයෙම ඉස්කෝලෙ යන්න බැහැ….දැන් ඉක්මන්ටම A/L exam එකත් පටන් ගන්නවා .ඔයා කොහොමද දැන් ආයෙ ඉස්කෝලෙ යන්නෙ….??” ආකාශි එහෙම කියද්දි ඇගේ මුහුණ කලු වෙලා ගියා…ඒත් ඊලග නිමේශයෙදි ආශාවරීගෙ මුවේ දගකාර හිනාවක් ඇදුනෙ ආකාශි ඇස් හීන් කරලා ඇය දිහා බැලුවා.

” ආශී….”

” අක්කෙ..මට ඉස්කෝලෙ නං යන්න බෑ තමා…ඒත්….ඒත් මට සදෙව්ගෙ ගෙදර යන්න බැරිකමක් නෑනෙ…….. ” හිනාවෙලා ආශාවරී එහෙම කියද්දි ආකාශිගෙ ඇස් උඩ ගියා.

” මොකක්??”

” අයියෝ අක්කා…මට ඉස්කෝලෙ යන්න බැරි උනාට සදෙව්ගෙ ගෙදර යන්න බැරිකමක් නෑනෙ….සදෙව් ඉන්නෙත් අපේ ගෙවල් පාරෙමනෙ….අනේ අක්කෙ….අපි එයාගෙ ගේ හොයාගෙන යං එයාව බලන්න…මට එයාව නොදැක ඉන්න බෑ….මට එයාව ඉක්මන්ටම දකින්න ඕන…” ආශාවරී ආකාශිගෙ අත්දෙකෙන්ම අල්ලලා කතාකලේ ලොකු උද්‍යෝගයකින්..

” ඔ..ඔයාට පිස්සුද ආශි..ස්…සදෙව්ගෙ ගෙදර යන්න….ආ…ආන්ටි ඔයාට ගහලා පන්නයි…එයා ඉන්නෙ අපි එක්ක තරහින්නෙ කොහොමත්…එහෙව් එකේ ඔයා එහෙ ගියාම ආන්ටි ඔයාට මොනා නොකියයිද….බෑ..බෑ…ඒ වැඩේ හරියන්නෑ…” ආකාශි එහෙම කියද්දි ආශාවරී හිනා වෙවී බලාහිටියෙ අක්කා දිහා.

” ආන්ටි හිටියොත්නෙ මට ගහන්නෙ…ආන්ටි නැති වෙලාවක ගියොත් එහෙම වෙන්නෑනෙ…” දගකාර හිනාවක් දාලා ආශාවරී එහෙම කිව්වම ආකාශි තවත් බය උනා.

” ඔයාට පිස්සුද නංගි..මොනාද මේ කියවන්නෙ…ආන්ටි ගෙයි නැතිවෙලාවක සදෙව්ව හම්බෙන්න යන්න…..ඒක නං කොහෙත්ම කරන්න බැහැ ආශී…ප්ලීස් ඔය වැඩේ අත ඇරලා දාන්න…” ආකාශි එහෙම කිව්වා..

” බෑ…බෑ..බෑ…මං යනවමයි එයාව බලන්න…යන එක යනවා යනවා යනවාමයි…මට ඒ මූණ නොදැක ඉන්න බැහැ…මට පිස්සු වගේ අක්කෙ…මේ මාස ගාන මං කොච්චර විදෙව්වද…තවත් නං ඉවසන්න බෑ…ගිහින් මං එයාට ගහනවා…මට මෙච්චර ලොකු දුකක් දෙන්නෙපා කියලා…එයාට මගේ මතකෙ එනකන් මං එයා ලගින්ම ඉන්නවා..හෙල්ලෙන්නෙවත් නැතුව….මං ඇඩුවම යසට එයාට මතක් වෙයි මගේ අමතක වෙච්ච ආදරේ ….” ආශාවරී එකදිගට කියෝගෙන ගියේ ඇස්වල කදුලු පුරෝගෙන .ආකාශි ඇය දිහා බලා හිටියෙ පුදුමයෙන් .

” යසට තියෙයි…මතකෙ එනකන් කියලා එයා ගාව ඉන්න ගියාම….ඔයා ඇඩුවම එයාට ඔයාව මතක් වෙයි කියලා ඔයා කෝමද කියන්නෙ….??” කට කොණකින් හිනාවෙලා ආකාශි එහෙම ඇහුවම ආශාවරීගෙ දෑස් විසල් වෙලා ගියා…ඊලග මොහොතෙ දෑස් වල කදුලු පරයා ඒ ඇස් දිලිසෙන්න ගත්තෙ සතුටට..

” මං අඩනවා දකින්න එයා කැමතිම නෑ…මං අඩන කොට එයා මාව බදාගන්නවා…” ආශාවරී අන්තිම ටික කිව්වෙ රහසින් වගේ…ආකාශිට හයියෙන් හිනාගියා ඒක අහලා…

” බොරු ..??..දැන් ඔයා කියන්නෙ දැනුත් ඔයා එයා ලගට ගිහින් ඇඩුවම එයා ඔයාව බදාගනී..එතකොට එයාට ඔයාගෙ මතකෙ එයි කියලද….??” හිනාවෙවිම ආකාශි එහෙම අහද්දි ආශාවරීගෙ මූණ රතූ උනා.

” ඔව්…” ඇහෙන නෑහෙන ගානට ඇගේ මුවින් පිට උනා.ආකාශි හිනාව නවත්තලා ආශාවරී දිහා බලා හිටියෙ දුකෙන්.

” නංගි….ඒ වැඩේ දැන්ම හරියන්නෑ…දැන් සදෙව්ට හරියට විභාගෙ කරගන්න දෙන්න…මේ විභාගෙ අස්සෙ ඔයා එයාව හම්බෙලා එයාගෙ මනස තවත් අවුල් කරන්න එපා…එයාගෙ විභාගෙ ඉවර උනාට පස්සෙ අපි ඩැඩීටත් කියලා එයාව හම්බවෙන්න යං…” ආකාශි එහෙම කියද්දි ආශාවරීට ආවෙ ඇගේ තාත්තා ගැන කේන්තියක් .

” නෑහ්…ඕන්නෑ….මට ඩැඩීගෙ helps නං ඕනම නෑ…මගේ කිසි දේකට ආයෙ ඩැඩී නැහැ….එයා මගේ ජීවිතෙන් යන්නම ගිහින් ඉවරයි..එයා හින්දා තමා මං මෙච්චර ලොකු දුකක් විදින්නෙ..එයා සදෙව්ට කරපු අපරාධෙ තරම කොච්චරක්ද…මට එයාව පිලිකුල් අක්කෙ..ආයෙ ඩැඩී ගැන කතාකරන්නෙපා…..” ආශාවරී කේන්තියෙන් එහෙම කියද්දි ආකාශි ඇය දිහා බලා හිටියෙ දුකෙන්.

” එහෙම කියන්න එපා නංගි…ඔයා දන්නෑ….ඩැඩී ඒ කරපු වැඩෙන් එයා කොච්චර පස්සෙ පසුතැවුනද කියලා…එයා ගොඩාක් දුක් උනා එයා සදෙව්ට කරපු අපරාධයට.ඔයා මෙච්චරටම සදෙව්ට ආදරේ ඇති කියලා ඩැඩී හිතුවෙ නෑ…එහෙම හිතුවනං ඩැඩී කවදාවත් සදෙව්ට අරහෙම දෙයක් කරන්නෑ නංගි….ඔව්..ඔයාව සනීප කරගන්න වගේම ඩැඩී සදෙව්ව සනීප කරගන්නත් ගොඩක් මහන්සි උනා…ඔයා පිස්සුවෙන් හිටපු ටිකේ ඩැඩී ඔයාව සනීප කරගන්න නොකරපු දෙයක් නෑ නංගි…මං දන්න විදිහට ඩැඩී සදෙව්ගෙ අම්මට වැදලා කියලා තිබුනෙ සදෙව්ව ඔයාට මුණගස්සන්න එතකොට දෙන්නටම ඉක්මන්ටම සනීප වෙයි කියලා…ඒත් මොකද්දෝ මංදා හේතුවකට සදෙව්ගෙ අම්මා ඩැඩීට ඒකට ඉඩ දුන්නෑ….ආන්ටි ඉන්නෙ අපි එක්ක ලොකු තරහකින්…ඒකට හේතුව සදෙව්ට ඩැඩී ගැස්සුව එකද නැත්තං වෙන මොකක් හරිද කියලා මට හිතාගන්න බෑ….දැන් ඔයාට සදෙව්ව හම්බවෙන්න අමාරු සදෙව්ගෙ අම්මා හින්දා නංගි…අපේ ඩැඩී දැන් මුලු හදවතින්ම කැමතියි ඔයා සදෙව්ගෙ වෙනවනං….එයා එදා කිව්වා…ඔයාට සනීප උන හැටියෙ සදෙව්ටත් ඉක්මන්ටම මතකය ආවොත් ඔය දෙන්නව ඩැඩී ආයෙම එකතු කරනවා කියලා…ඩැඩී ඔයාට ගොඩාක් ආදරෙයි නංගි….ප්ලීස් …ඩැඩීට සමාව දෙන්න…ඔයා ඩැඩීට කිව්වොත් සදෙව්ව කෝමහරි ඔයා ලගට ගෙනැල්ලා දෙන්න කියලා..අනිවාර්යයෙන්ම ඩැඩී ඔයාට සදෙව්ව ගෙනත් දෙයි ආශි….ඔව්…අනිවාර්යයෙන්ම …” ආකාශි ආශාවරීට තේරුම් කරලා දුන්නා..ඇය කියන හැමදෙයක්ම ආශාවරී හොදට අහගෙන හිටියෙ.ඇයට අදහගන්න බැරි ඇගේ තාත්තාගෙ එකපාරටම ඇතිවෙච්ච අලුත් ක්‍රියාපිළිවෙත ගැන.මොකද ආකාශිගෙ ප්‍රශ්නෙ වෙලාවෙදිවත් ඔහු මෙලෙස තීරණ ගත්තෙ නැහැනෙ…ඒකෙන් කියවෙන්නෙ ඔහු ආකාශිට වඩා ආශාවරීට ආදරේ වගද…නැත්තං ඒකට හේතුව කුසුම්ද…

” පුදුමයි අක්කෙ…හරිම පුදුමයි…ඩැඩී සදෙව්ට කැමති වෙන්න ඇත්තෙ මගෙ අසනීපය හින්දා වෙන්නැති…මාව ඉක්මන්ටම සනීප කරගන්න එයාට ඕන වෙන්නැත්තෙ……ඒකටයි සදෙව්ට එයා කැමති වෙන්න ඇත්තෙ….ඒත් මට බයයි අක්කෙ…ඩැඩීට මේක කියන්න මට බෑ….මට ඩැඩීගෙන් උදව් මේකට ඕන නැහැ…හැබැයි මට ඔයාගෙ උදව් ඕන…මට ඔයා උදව් කරනවා නේද අක්කෙ.ආ…” ආශාවරී ඇහුවෙ ආකාශි මොහොතක් කල්පනා කලා..

” හරි…මං උදව් කරන්නං…හැබැයි මං කලින් කිව්වත් වගේ දැන්ම බැහැ ආශි…සදෙව්ගෙ exam ඉවර උනාම ඔයා එයාව හම්බවෙන්න යන්න…මේ මාසෙත් ඔයා ටිකක් ඉවසන්න…” ආකාශි එහෙම කිව්වා.

” අනේ අක්කෙ..මං කොහොමද මාසයක් ඉවසන්නෙ…මේ මාස ටිකත් මං ඉවසුවෙ පුදුම අමාරුවෙන්…අනේ අක්කෙ…අපි හෙට යං එයාව බලන්න….මට එයාව ඉක්මන්ටම දකින්න ආසයි අක්කි….අනේහ්…” ආශාවරී බැගෑපත් වෙන්න ගත්තා..ආකාශි පත් උනේ ලොකු අපහසුතාවයකට .

” අනේ නංගි…තේරුම් ගන්නකො…”

” අනේ අක්කෙ…”

ආකාශි මොහොතකට කල්පනාවකට වැටුනා..

” හරි එහෙනං..මෙහෙම කරමු….අපි හෙට යං සදෙව්ව බලන්න…හැබැයි …ඔයාට එයාව බලන්න විතරයි පුලුවන්…. කතා කරන්න යන්න බැහැ…ඈත ඉදන් බලලා දැනට හිත හදාගන්න…එයා ගාවට ගිහින් කතා කරන්න බෑ ඔයාට….පස්සෙ පුලුවන්නෙ ගිහින් කතා කරන්න…” ආකාශි කිව්වා.ආශාවරීගෙ දෑස් කදුලින් පිරිලා ගියේ ඒ ඇහුන කතාවට.

” අනේ අක්කෙ…මං කෝමද මගෙ ආදරේ දැක දැකත් කතා නොකර ඉන්නෙ….අනේහ්…” ආශාවරී ආයෙම අඩන්න ගනිද්දි ආකාශි ටිකක් බය උනා.

” ඔය ඉතින්…අඩන්නෙපා…හැබැයි නංගි ඒක ඔයාට කරන්න බැරි නං මේ වැඩේ අත ඇරලා දාමු…මේ මාසෙත් මෙහෙමම ඉදලා විභාග ඉවර උනාමම ඔයා එයාව මුණ ගැහිලා කතා කරන්න…දැන් මේක අත ඇරලා දාන්න…” ආකාශි එහෙම කියද්දි නං ආශාවරීගෙ ඇඩුම ගොඩක් වැඩි උනා…

” අනේ බෑ…බෑ බෑ ඒකනං බෑ…හරි කමක් නෑ…මං ඈත ඉදන් එයා දිහා බලා ඉන්නං…කතා කරන්න යන්නැතුව…මට හෙට එයාව බලන්න යන්නම ඕන…අක්කි…මට help කරන්න…කරනවා නේද…” අඩ අඩම ආශාවරී ආකාශිගෙ අත්දෙකේ එල්ලුනෙ හරියට පොඩි ලමයෙක් වගේ.

” ම්…හරි එහෙනං…හැබැයි පොරොන්දු වෙන්න සදෙව් එක්ක කතා කරන්න යන්නෑ කියලා..”

” promise අක්කි..මං සදෙව්ව ඈත ඉදන් බලලා සතුටු වෙන්නං…කතා කරන්න යන්නැතුව…අපි හෙට යං එයාව බලන්න…” ආශාවරී කදුලු පිහිද පිහිද සතුටින් කිව්වෙ ඇගේ සතුට දැකලා ආකාශිටත් සතුටුයි.

” හරි…දැන් තමා ලොකුම ප්‍රශ්න ටික ඉතුරු…හෙට ඔයාව කොහොමද ගෙදරින් පන්නන්නෙ….ඩැඩීගෙන් help එපා නං ඔයාව හොරෙන් තමා ගෙදරින් එලියට අරන් යන්න වෙන්නෙ…ඒත්..ඒක කරන්නෙ කොහොමද …අනික් කාරනේ අපි කොහොමද සදෙව්ගෙ ගේ හොයාගන්නෙ….??” ආකාශි කල්පනා කර කර කියෙව්වෙ ඒ හාම ආශාවරීත් කල්පනාවෙ ගිලුනා.

” සදෙව්ගෙ ගේ හොයාගන්න අමාරු නැති වෙයි අක්කි….අපිට පුලුවන්නෙ කාගෙන්හරි අහගන්න එයාගෙ ගේ කොහෙද තියෙන්නෙ කියලා….ඔන්න මාව ගෙදරින් සැකයක් ඇති නොවෙන්න පන්නගන්න ක්‍රමයක් නං ඔයාටම තමා හිතන්න වෙන්නෙ…මට නං කිසිම අයිඩියාවක් මොලේට එන්නෑ….මට ඉවසිල්ලක් නෑ හෙට වෙනකන්…” ආශාවරී සතුටින් එහෙම කිව්වා…

” අනේ මංදා ආශි…මට බය හෙට ඔයා කොහොම හැසිරෙයිද කියලා…දැන් ඔයා කොච්චර කොහොම මොනා කිව්වත් ඔයා සදෙව්ව දැක්කහම මට දුන්න පොරොන්දුත් අමතක වෙයිද කියලා මට සැකයි…මොනා උනත් ආශි…ඔයා ඔයාව පාලනය කරගෙන ඉන්න බලන්න…” ආකාශි ආශාවරීගෙ ඔලුව අතගාලා කිව්වෙ ඇයට බය හෙට දිනේ සදෙව්ව බලන්න ගිහින් ආශාවරී කොහොම හැසිරෙයිද කියලා බය හිතිලා… කුසුම් හදිස්සියෙවත් ගෙදර හිටියොත් ඇය ආශාවරීව දැක්කොත් ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා ආකාශිට හිතුනා.

” නෑ…අක්කෙ…මට බැහැ සදෙව්ගෙ ඉගෙනීම අවුල් කරන්න..එයා විභාගෙ හොදට කරගන්න ඕන…මං එයා ඉස්සරහට යන්නෑ අක්කෙ…මට ඕන එයාව ඈත ඉදලා දකින්න….ඒ මූණ ඒ හිනාව..මට ආයෙම දකින්න ඕන…දකින්න විතරයි…කතා කරන්න යන්නෑ අක්කි….මේ ඇත්තමයි…” ආශාවරී තිර හඩින් එහෙම කියද්දියි ආකාශිට සැනසීමක් දැනුනෙ.

” හරි එහෙනං….දැන් හිතන්න ඕන හෙට ඔයාව කොහොමද එලියට අරන් යන්නෙ කියලා..මොකද්ද කියන බොරුව…..මට ඔයාව තනියම එක්ක යන්න බැහැ…රුහාන්වවත් අඩගහගන්නවා…” ආකාශි තමන්ටම මුමුණ මුමුණ වැස්ස දිහා බලන් කල්පනා කලේ ආශාවරී හොරේන් බැලුවෙ ඇය දිහා හිනාවෙවී..

” ආව් ආව් අක්කා…රුහාන්….ඔයා දැන් මාර විදිහට රුහාන් අයියට ලව් කරනවා නේද….ශික්..මට ගොඩක් දේවල් මග හැරිලනෙ….” ආශාවරී හිනාවෙවී එහෙම කියද්දි ආකාශිගෙ මූණ ලැජ්ජාවෙන් රතු උනා.

” මේ..මං යනවා…මට ..මට වැඩ තියෙනවා…” ආකාශි ආශාවරීගෙන් බේරෙන්න එහෙම කියලා බැල්කනියෙන් කාමරේට ආවෙ ආශාවරීත් ඇය පිටිපස්සෙන් එන්න ආවා..

” ආ..ආ…කොහෙද යන්නෙ…අම්මෝ…මෙයාගෙ මූණ රතූ වෙලා තියෙන හැටි රුහාන් ගැන කියද්දි ….මේ…හ්…අක්කා……කියන්නකො ඉතින් මට මගහැරුන ඔයාගෙයි එයාගෙයි ලව් ස්ටෝරිය……….ම්….” ආශාවරී ලතාවකට කතා කරලා ඇහුවෙ…ආකාශිගෙ මූණ තවත් රතු උනේ ආශාවරී අසනීපෙන් ඉද්දි ඇයයි රුහානුයි අතර වෙච්ච හැමදෙයක්ම ආයෙම මතක් වෙද්දි .

” මේ..පිස්සුද..මට වැඩ තියෙනවා …ඕවා කියෝ කියෝ ඉන්න මට වෙලාව නෑ…” ආකාශි ගොතගගහා එහෙම කියාගෙනම කාමරෙන් එලියට යන්න ගියේ…ඒත් ඇයට ආශාවරීගෙන් නං බේරෙන්න බැරි උනා…ආශාවරී ආකාශිගෙ අතින් අල්ලන් බලෙන්ම ඇද උඩින් වාඩි උනේ ආකාශි ලොකු අපහසුතාවයකට පත් උනා..

” බෑ බෑ….ඔයා මට එයා ගැන කියනකන් මං ඔයාට යන්න දෙන්නෙ නෑ….කියන්නකො අනේ…මං ආසයි දැනගන්න…” ආශාවරී හරි උනන්දුවෙන් ආකාශි දිහා බලා හිටියෙ…ආකාශිට ඇගේ හිත රිද්දන්න හිතුන්නෑ…ඒ නිසාම කොච්චර තමන් අපහසුතාවයට පත් උනත් තමන් හා රුහාන් අතර ඇති උන ආදරේ ගැන ආශාවරීට කිව්වා…ඒ හැමදෙයක්ම ආශාවරී අහන් හිටියෙ විටින් විට ආකාශි කියන සමහර දේවල් වලට මහ හයියෙන් හිනා වෙවී…

” මට සතුටුයි අක්කි…ගොඩාක් සතුටුයි….මට සතුටු කාරණා දෙකක් හින්දා….පලවෙනි එක….ඔයා මැරිච්ච අභී අයියා ගැනම හිත හිත ඉන්නැතුව දැන් හරි ඔයාගෙ ජීවිතේ අලුතින් පටන් ගන්න ගත්තු එකට…..ඔයා කිව්ව දේවලින් මට හිතෙන්නෙ ඔයාට ගැලපෙනම ආදරේ ඔයාට දැන් රුහාන්ගෙන් හම්බවෙනවා කියලා…ඒක නැති කරගන්නෙපා අක්කි….අනික් කාරණේ……රුහාන් අයියා ඔයාව තෝරගත්ත එක ලොකු දෙයක්…නැත්තං එයා මාව බදින්නනෙ හිටියෙ….අම්මෝ…දෙවියො බැලුවා වගේ අක්කෙ එයා ඔයාට ආදරේ කරන්න ගත්තෙ…ඔයා හින්දා ඒ පරාලෙන් මං ගැලවුනා..දැන් මට නිදහසේ කිසිම බාධාවක් නැතුව මගේ සදෙව්ව ලබාගන්න පුලුවන් …..අනේ දෙවියනේ ඉක්මන්ටම හෙට දවස උදාවෙන්න…මට මගේ සදෙව්ව බලන්න යන්න.” ආශාවරී ලොකු සැහැල්ලුවකින් එහෙම කිව්වෙ ආකාශි ඇය දිහා ආදරෙන් බලා හිටියා..ඇයට හරිම සතුටුයි ආශාවරීගෙ දැන් තත්වෙ දැකලා….ඉස්සර හිටිය බාගෙට මැරිලා වගේ කිසිම හැගීමක් දැනීමක් නැති ආශාවරී නැතුව සතුටින් උද්‍යෝගයෙන් ඉන්න ආශාවරී දිහා බලාගෙන ආකාශි කල්පනා කලේ ඇගේ මේ සැහැල්ලුව සතුට ජීවිත කාලෙ පුරාම තියෙන්න කියලා….

කාලය ටික ටික ගෙවිලා ගියා…..ආකාශි රුහාන් එක්කත් කතා කරගෙන පහුවදාට ආශාවරීට සදෙව්ව මුණගස්සවන්න විදිහක් හදාගත්තා…..ඒ හෙට ආකාශි රුහාන් එක්ක ආශාවරීව leisure world එක්ක යන්න කියලා ගෙදරින් පැනගන්න…..

” අපි කට්ටියම යමු දූ…තනියම යන්න දෙන්න බෑ ඔයාලට….” ආකාශිගෙ අදහසට මහේශ්ගෙන් කැමත්ත ගන්න ටිකක් අමාරු උනා…

” අනේ ඩැඩී….මේක ආශිගෙ තීරණයක්….එයා මාර ආසාවෙන් කිව්වෙ මායි රුහානුයි එක්ක එයාට leisure world ගිහින් නිදහසේ විනෝද වෙන්න ආසයි කියලා…..අනික..තනියක් නෑනෙ ඩැඩී…මායි රුහානුයි ඉන්නවනෙ…..මං ආශිව බලාගන්නං…..ගෙදරදිත් ඉතින් මංනෙ ආශිව වැඩිපුරම බලා ගන්නෙ…..ඉතින් කොහෙ ගියත් ආශිව ආරක්ෂා කරන එක මට මහලොකු දෙයක් නෙවේ ඩැඩී……” ආකාශි කියෝගෙන කියෝගෙන ගියා…

” ඒත් ලොකූ…මේ දවස් දෙකේ හොදටම වැස්සත් එක්කනෙ…..මේ වැස්සෙ ඕවැයි ගිහින් තේරුමක් තියෙනවද….” මහේශ් එහෙම අහද්දි ආකාශි ගොලු උනේ ඇයට කියන්න දෙයක් හරියට කටට ආවෙ නෑ….මොහොතක් ඇය නිහඩ වෙද්දි මහේශ් ආයෙම කතා කලා..

” හරි…ආශිගෙ ආසාව නෙ….ඒත් මට බයයි ඔයාලාව තනියම අරින්න…එහෙනම් නදී එක්ක වත් යන්න ඔයාලා…” මහේශ් එහෙම කියද්දි ආකාශි කලබල උනා…කොහොමටවත් මොවුන්ට අම්මව නං අඩගහන් යන්න බැහැ…

” බෑ ඩැඩී…ආශි කිව්වෙ අපි තුන්දෙනා යං කියලා…එයා ඩැඩීවත් මමීවත් මේ ගමනට එනවට ආස නෑ…එයාට ඕන නිදහසේ ඉන්න…..අපි ඒ නිදහස එයාට දෙන්න ඕන ඩැඩී….ප්ලීස් …අපිට තනියක් නැහැ…..අපිට හෙට යන්න permission දෙන්නකො ඩැඩී…” ආකාශි බැගෑපත් උනා…මහේශ් අකමැත්තෙන් උනත් පස්සෙ ඇගේ තීරණේට කැමත්ත පල කලේ ඔහු යටි හිතින් හිතුවෙ මොවුන්ගෙ පස්සෙන් ඔහුගෙ ආරක්ශකයින්ව යවන්න…..

” ආශී….ඔන්න වැඩේ හරි….හෙට සදෙව්ව බලන්න යන්න පුලුවන්…..ඒ ගමන්ම ඔන්න අපිට හෙට leisure world යන්නත් පුලුවන් ඕන්නං….” ආකාශි රෑ ආශාවරීගෙ කාමරේට ඇවිත් සතුටින් කිව්වෙ එය ඇහුන ආශාවරීගෙ හිතත් සතුටින් ඉපිලෙන්න ගත්තා…

” වාව් අක්කා…නියමයි….මට නං මාරම සතුටුයි…” ආශාවරීත් සතුටින් කෑගැහුවෙ ඇයට නං මේ සතුට දරාගන්න අමාරුයි…..

කාලෙ ගෙවිලා ගියේ පුදුම ඉක්මනින්…ආශාවරීගෙ අහිංසක පැතුම උනෙත් ඉක්මන්ටම හෙට දවස උදාවෙන්න කියලා…ඒ ප්‍රාර්ථනාව ඒ අයුරින්ම ඉටු කරමින් පසුදා අරුණලු උදා උනා…වෙනදට වඩා වේලාසනින් අවදි උන ආශාවරීට හැමදාම දකිනවට වඩා අද සූර්‍යා හරිම ලස්සනට පෙනුනෙ….උදේ කිරි තේක බැල්කනියට වෙලා ඉදන් තොල ගාන ආශාවරී අහස දිහා බලන් කල්පනා කලේ සදෙව් ගැන….ඔහුව ඉක්මන්ටම දකින්න ඇගේ හිත ඇයට බල කරන තරම් කොච්චරද කියතොත් ඔරලෝසුවෙ තත්පර කට්ට කැරකෙන්න කැරකෙන්න ඇගේ හදවතේ ගැස්මත් එන්න එන්නම වැඩි උනේ ඒ හිතේ සදෙව්ගෙ නමට වෙන් උන ආදරේ පිරිලා ඉතිරිලා යද්දි …උදේම ඇගේ කාමරේට ආවෙ ආකාශි ….බැල්කනියට වෙලා උදේ කිරි එක බොන ආශාවරී ලගට ආකාශි කිට්ටු උනේ ඇගේ අත මත රදවන් හිටිය පාර්සලයක් එක්කමයි…

” ආශි….මොකෝ…..ඊයෙ තිබ්බ හදිස්සිය කෝ දැන්….” කට කොණකින් හිනාවෙලා ආකාශි එහෙම අහද්දි ආශාවරීගෙ මූණ ලැජ්ජාවෙන් රතූ උනා…

” අක්කා…” ආශාවරී පොඩි තරවටුවක් දාද්දි ආකාශි හිනාවෙවීම කතා කරන්න ගත්තා..

” යං යං…. ලෑස්ති වෙන්න ගෑනු ලමයා.ලෑස්ති වෙන්න….මං ඩැඩීට කිව්වෙ අපි leisure world යනවා කියලනෙ……ඉතින් උදෙන්ම යන්න එපයි…නැත්තං එයාට සැක හිතුනොත්….”

” ආනේ…මං හිතුවෙ දවල් වෙලා යයි කියලා…දැන්ම යනවනං මං පටාස් ගාලා රෙඩි වෙලා එන්නං….අනේ ශෝක්..මට ඉක්මන්ටම සදෙව් ඔන්න ඔයාව දකින්න පුලුවන්….” ආශාවරී හිනා වෙලා එහෙම කියලා ඉක්මන්ටම තේ එක බීලා ඉවර කලේ ලොකු සතුටකින්.

” ආ….ඔයා මේක අදින්න…..” ආකාශි ආශාවරී අත තිබ්බෙ ටිකක් ලොකු පාර්සලයක්..එය දිහා ආශාවරී කුතුහලයෙන් බැලුවෙ…බැලූ බැල්මට එය ඇදුම් පාර්සලයක් කියලා පෙනුනත් ඒ මොන ඇදුමක්ද කියලා හිතාගන්න ආශාවරීට අමාරු උනා….

” මේ මොකද්ද අක්කා…..??”

” ඕක රෝස පාට සල්වාර් එකක්…..හදිස්සියෙවත් සදෙව් ඔයාව දැක්කොත් ඔයාව අදුනගන්න බැරි වෙන්න තමා ඔය ඇදුම ඔයා අදින්නෙ ….ඕකෙ ශෝල් එකෙන් ඔයා මූණ වහන් යන්න…එතකොට ඔයා සදෙව්ව බලන අතරෙ අහම්බෙන් හරි එයා ඔයාව දැක්කොත් ඔයාව එයාට අදුනගන්න බෑනෙ…..” ආකාශි එහෙම කියද්දි ආශාවරීගෙ මූණ බෙරි උනා…

” අනේ අක්කෙ…..එයාට මාව අදුනගන්න පුලුවන් වෙන එක කොච්චර දෙයක්ද….මටත් ඕන කොහොමහරි එයාගෙ මතකෙ ගන්න උදව් කරන්නනෙ….මාව දැක්කහම එයාට මාව මතක් වෙයි නං මං එයාට පේන්නම යන එකනෙ හොද..” ආශාවරී එහෙම කියද්දි ආකාශි ඇය දිහා බලා හිටියෙ පුදුමයෙන් .ඊයෙ ඇය අක්කාට වෙච්ච පොරොන්දුව අමතක වෙච්ච ලස්සන.දැන්ම ඔහොම නං ඇය සදෙව්ව දැක්කහම කොහොම මොනා නං අමතක වෙයිද…

” ආශී…ඔයා මට ඊයෙ promise උනේ දැන්ම සදෙව් ලගට ගිහින් කතා කරන්නෑ කියලා…මේ ඩින්ගට ඒක අමතකයි……බෑ බෑ ආශි….විභාගෙට තව දවසයි තියෙන්නෙ..ඔයා හදන්නෙ සදෙව්ගෙ මොලේ අවුල් කරන්නද…..පිස්සු කරන්නැතුව ඈත ඉදන් බලලා හිත හදාගන්න…..” ආකාශි එහෙම කියද්දි ආශාවරීට ලොකු හුස්මක් පිට උනා…අන්තිමේදි ආකාශි කිව්ව දේ පිලිගත්ත ඇය bathroom එකට ගියේ ඉක්මන්ටම සදෙව්ව බලන්න යන්න ලෑස්ති වෙන්න…

කුසුමුත් වෙනදා වගේම උදෙන්ම නිවසින් පිට උනේ රැකියාවට යන්න කියලා….ගෙදර තනි උන සදෙව් ඔහුට පුරුදු පරිදි උදෙන්ම නාගත්තෙ කලු කොට කලිසමයි කහ පාට ටී ශර්ට් එකයි ඇදන් සදෙව් ලෑස්ති උනේ බයෝ පොත පෙරලගෙන පාඩම් කරපුවා ආයෙම මතක් කරගන්න….

මේ අතරෙම ආශාවරී ආකාශි දුන්න රෝස පාට සල්වාර් එක ඇදගෙන කණ්නාඩිය ඉස්සරහ කල් මැරුවෙ කොන්ඩෙ එක එක විදිහට පීරලා ලස්සනද කියලා බල බල….

” එකක්වත් හරියන්නෑනෙ….” තමන්ටම මුමුණගන්න ගමන් ආශාවරී කොන්ඩෙ එකතු කරලා ලස්සනට තනි කරලකට ගොතාගත්තෙ ඇය අද වෙනදටත් වඩා ලස්සනයි…ඇගේ කාමරේට ඇය ලෑස්තිද බලන්න ආව ආකාශිත් තමන්ගෙ නැගනියගෙ රූමත් කම දැකලා ඇස් ලොකු කරගෙන වශීවෙලා වගේ ආශාවරී දිහා බලා හිටියෙ.

” අම්මෝ…ඔයා අද මාරම ලස්සනයි නංගි….ඇස් වහක් කටවහක් නං වැදෙන්නෙපා…” ආකාශි කිව්වෙ හරි ලස්සනට හිනාවෙලා හද පත්ලෙන්මයි….ඇගේ හිතේ තියෙන්නෙ ආශාවරී ගැන හරි පිවිතුරු සහෝදර ප්‍රේමයක්…එහි ඊර්ෂ්‍යාව කුහක කම ආත්මාර්තකාමීත්වය ගෑවිලා වත් නැහැ…

” හැබැයි සුදූ…යන ගමන් ඔය ලස්සන මූණ මේ ශෝල් එකෙන් වහන් කරන් යන්න…..එතකොට හදිස්සියෙවත් එයා ඔයාව දැක්කට එකපාරටම අදුනගන්න බැහැනෙ…….මෑන්ගෙ ඉස්සරම මතකය අමතක උනාට ලගදි ඔයාව දැකලා ඔයාව හම්බෙලා තියෙන නිසා ඒ මතකය නං අමතක නැතුව ඇතිනෙ….ඒකයි මං වැඩියෙන්ම කිව්වෙ මූණ හංගන් ඉන්න කියලා…නැත්තං මෙන්න අංගොඩින් පිස්සියෙක් හොරෙන් පැනලා කියලා හිතලා ඔයාව අල්ලලා දුන්නොත් පොලීසියට…..අම්මෝ….” ආකාශි පොඩි විහිලුවක් කලේ …ඒ විහිලුවට ආශාවරීගෙත් මුවේ හිනාවක් ඇදෙද්දි අක්කා නගෝ දෙන්නම කාමරෙන් එලියට ආවෙ හා හා පුරා කියලා ගෙදරට හොරෙන් යන මේ ආදර ගමන යන්න කියලා…

*********************************

ආදර ගමන ගැන හෙට දාන්න…ඔන්න හෙට ලස්සනම ලස්සනම ලස්සනම දවසක්.මග අරින්නැතුව හෙටත් කතාව අනිවා කියවන්න.ගොඩක් අය බලන් හිටිය දවසක් ඔන්න හෙට උදාවෙන්න යන්නෙ……

M.Ashka Rashmi❤️

13 thoughts on “ආශාවරී |පනස් හත්වැනි කොටස| නවකතාව | කතා අහුර රචක”

  1. අනේ හෙට වෙනකන් දැන් ඉවසුමක්නෑ. අනේ ඒ දෙන්නව ඉක්මනට එකතු කරන්න. කතාව මරු. ???

  2. Anew… e kiyanne heta sadew ashiwa dakinawa athi…. sadewta mathake enawa athi ned…. hari shook… dannm heta wenkn iwasillak na…

    Shooi akkiyo kathawa… harima asawen kiyawanne….
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  3. Buddhika subhashini

    අනේ මරු කතාව ❤️❤️❤️ ආශාවරීගේ ආදරේ
    ඉතිරෙනවා සදෙව් ට.??? ලස්සනයි කතාව ..හෙට ලස්සනම ලස්සන දවසක් වෙයි ?? good luck ????

  4. Ane hari shok akkiyo mata heta wenakam iwasillak ne ane ikmanata re wela eli wenawanam hodai kiyala hithenawa.sadew heta ashiws dakinawa aniwaryenma.ita passe sadewta ashiwa mathak wei mokada sadew asawen inne ashiwa dakinnane e nisa.heta dennata denna ekathuwei neda akkiyo mashesta me akka nagoge hora wade ahu wei neda……….aiyo pissu wage……lassanai akki kathawa oyata suba pathum akkiyo ??????

  5. Ranmali subasinghe

    Ohhhh ??????? adanam hugaaaak lassanai kathawa.. heta wenakal iwasillak ne rashmiyooo… hetanam romantic storyak danna… thawath lassana story 1k hadala thiya ganna.. meka iwara una gaman danna apita kiyawanna… oyage hema wedakma success wenna mama wish karanawa… ALL THE BEST UR BIG FUTURE… ??????

  6. Ruvini Thakshila

    Ane a dennwa ikmntama ekthu krnnko.ethkota me kthwa thw godaaak lssna wenwa.heta sadeu ashavariwa daki neda.ane heta wenkn iwsumk ne matath.hriyta ashawari take wge????
    Gdk lssnai kthwa.all the best??

    1. Ruvini Thakshila

      Ane a dennwa ikmntama ekthu krnnko.ethkota me kthwa thw godaaak lssna wenwa.heta sadeu ashavariwa daki neda.ane heta wenkn iwsumk ne matath.hriyta ashawarita wge????
      Gdk lssnai kthwa.all the best??

  7. Thakshi Deepali Jayasuriya

    ම්ම් මොනවා වෙයිද….හිතාගන්න බෑ…කතාව හරිම ලස්සනයි අක්කි…අවසානය දැනගන්න ආසයි ඒත් ඉවර වෙනවට ආස නෑ….මොනවා කරන්නද ?

  8. Nirosha Lakmali

    සුපිරිම සුපිරියි පැටියෝ කතාව. මට හිතෙන විදිහට නම් හෙට ආශාවරිව සදෙව් දකී. සදෙව්ගේ මතකෙත් එයි. මට හිතුන දේ කිව්වේ. ඉක්මනට ඒ දෙන්නව එකතු කරන්න. ආයේ නම් ප්‍රශ්න දාන්න එපා එයාලට. ඉක්මනට ඉවර වෙන නිසා ගොඩක් දුකයි. ඉක්මනට තව කතාවක් දෙන්න. හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා. ?????????????????????????????????????????????????????????????????????????????????????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.