Katha Ahura

ආශාවරී |පනස් හයවැනි කොටස|නවකතාව |කතා අහුර රචක

2.8/5 - (11 votes)

පනස් හයවැනි කොටස

ආකේශ් එක්ක මහේශ් ඉක්මන්ටම ආශාවරීව අරන් පන්නිපිටියේ nursing home එකට ගියා. වාසනාවකට ආශාවරී අත කපාගනිද්දි ඇගේ අතේ බල නහරෙ කැපිලා තිබුන්නෑ….ඒ නිසාම ඇයගෙ ජීවිතේට කිසිම කරදරයක් නොවී ඇයව බේරගන්න වෛද්‍යවරුන්ට හැකි උනා….ආශාවරීගෙ අතින් ගොඩාක් ලේ ගිහින් තිබුන නිසා ඇයට ඉක්මන්ටම ලේ දෙන්න ඉදිරිපත් උනේ ආකේශ්.ඒ හින්දා ආශාවරීට ලොකු අමාරුවක් උනේ නැහැ….ඇගේ අතේ තුවාලෙට බෙහෙත් දාලා ටික වෙලාවකින් ඇයට සිහිය ආවා….ඒ වෙද්දි ආකාශියි රුහානුයිත් නදීකා එක්ක රෝහලට ඇවිත් හිටියා.

” ඇයි දූ මේ වගේ දෙයක් කරන්න හිතුවෙ….ආ…ඇයි දරුවො මේ….ඇයි මේම හැසිරෙන්නෙ…මෙච්චර ලොකු දුකක් අම්මටයි තාත්තටයි දෙන්නෙපා ආශි….ආහ්….හදිස්සියෙවත් ඔයාට මොනාහරි උනානං….” නදීකා අඩ අඩම ආශාවරීගෙ හිස අතගගා කිව්වෙ ආශාවරී නං කිසිම හැගීමක් නැතුව ඉස්සරහ බලාගෙන හිටියා මිස කතාවක් නැහැ ඇය…ආශාවරී දිහාම බලාගෙන ආකේශ් හිටියෙ කල්පනා ලෝකෙ.

තව ටිකක් පරක්කු උනානං එහෙම….අම්මෝ…එහෙනං ඔයාව අපිට නැතිවෙන්නත් තිබ්බා ආශි….ඔයා මෙච්චරටම පිස්සු වැටුනෙ සදෙව් ඔයාට කොහොම ආදරයක්ද කෙල්ලෙ දුන්නෙ…මටනං හිතාගන්නවත් බැහැ…ඉස්කෝලෙ යන කාලෙ මෙච්චර ලොකු ආදරයක් ඔයාලා අතරෙ ඇති උනේ කොහොමද ….එහෙම වෙන්න පුලුවන්ද …ඔයා මෙච්චරටම සදෙව් ගැන හිතන්නෙ ඔයා එයාට ගොඩාක් ආදරේ ඇති නේද…මට හරි ආසයි සදෙව්ව බලන්න..එයා මොන වගේද දන්නෑ..

ආකේශ් හිත හිතම ආශාවරී දිහා බලා ඉද්දි ආකාශිගෙ දෑස් නතර වෙලා තිබ්බෙත් ඔහු දිහාට….ඔහුගෙ සමහර හැසිරීම් වල ආකාශිට හුරුපුරුදු ගතියක් දැනෙන්න ගත්තා.

මෙයාව මට කවදමහරි මීට කලින් දැකලා තියෙනවා වගේ දැනෙන්නෙ ඇයි….?? මේ හැඩරුව…මට මතකයි..කාගෙද මේ හැඩරුව..මේ හැඩරුවම තිබ්බ තව කෙනෙක් හිටියා…

ආකාශි හිත හිතම ආකේශ් දිහා බලා ඉද්දි වටපිට බල බල හිටිය රුහාන්ගෙ දෑස් එය දැක්කා..හිත ඇතුලෙ ලොකු ඊර්ෂ්‍යාවක් තෙරපෙද්දි ඔහු ආකාශි සමීපයට ආවෙ ඇගේ එක් අතකින් ඔහු අල්ලගත්තා..කල්පනා ලෝකෙ සැරිසරපු ආකාශි ඒ සීතල ස්පර්ශයෙන් පියැවි ලෝකෙට ආවා…

” ආයෙම ඌ දිහා බලා හිටියොත් මං ඔයාව අදම මේ දැන්ම මැරි කරලා දුර ඈතකට අරං යනවා…කාටවත්ම හොයාගන්න බැරි තැනකට.අපි දෙන්නාට විතරක් ඉන්න පුලුවන් තැනකට .” රුහාන් දත්මිටි කමින් කේන්තියෙන් කිව්වෙ ඇගේ කනට කොදුරලා.රුහාන්ට ලොකු දුකක් වේදනාවක් බයක් දැනුනා ඔහු ආදරය කරන ආකාශි ආකේශ් දිහා ඇහිපිල්ලම් නොගහා බලා ඉන්නවා දැකලා..ඔහුගෙ කටහඩ කැඩි කැඩි වගේ ඇහුනෙ රුහාන්ගෙ දෑස් කදුලු පටලෙකින් බොදවෙලා ගිහින්…ඔහුගෙ කතාවට ආකාශිට එකපාරටම හිනා යද්දි ඇය බැලුවෙ රුහාන් දිහා..

” ඇත්තටම….ඒත් මං මේ බැලුවෙ රුහා…න් ඔයාට වඩා ආකේශ් සෝ……… හැන්ඩ්සම්…ඉතින් මට හිතෙන්නෙම ඔයාව අත ඇරලා එයාව බදින්නමයි…” ආකාශි රුහාන්ව තවත් අවුස්සන්න හිතාගෙන තාලෙට එහෙම කියද්දි රුහාන්ගෙ ඇස් වලින් එකපාරටම කදුලු කඩන් පැන්නා..ඒ කදුලු දැකලා ආකාශි ගැස්සිලා ගියා.ආකාශිට ගොඩක් දුක හිතුනා ඇයට ලොකු පසුතැවිල්ලක් ආවෙ ඇගේ මුවින් හිතන්නෙ මතන්නෙ නැතිව කියවුන වචන වලට.

” මං ඌව මරනවා එහෙනං….තමුසෙ මගෙ විතරයි …මගෙ විතරමයි..” රුහාන් කිව්වෙ කේන්තියෙන් දත්මිටි කකා..ඔහුගෙ අතින් ආකාශිගෙ අත තදින් මිරිකිලා ගියේ ආකාශිට දැඩි වේදනාවක් දැනුනා.

” අම්මෝ…රිදෙනවා රුහාන්…ආව්…” ආකාශි රුහාන්ගෙ අතෙන් තමන්ගෙ අත මුදවගන්න ගමන් කෙදිරුවෙ රුහාන් ඇගේ කරවටා අතක් යවලා ආකාශිව සිරුරට ලං කරගත්තා.

” වෙන කෙනෙක්ගෙ වෙන්න හිතන්නවත් එපා ආකාශි …මං මැරෙයි…පේනවනෙ…එක්කෙනෙක් ආදරයක් හින්දා පිස්සු වැටිලා ඉන්නවා…මාවත් ඒ ගොඩටම දාන්න එපා ආකාශි ….” රුහාන් කිව්වෙ ඇගේ සවනට රහසින් කොදුරලා.ආකාශිගෙ දෑස් කදුලින් පිරිලා යන්න තත්පරයක් වත් ගියේ නැහැ…ආදරයක් අහිමි වෙන එකේ වේදනාව ආකාශි හොදටම දන්නවා…

” නෑ රුහාන්…සොරි…මං විහිලුවක් කලේ…මං..මං…” ආකාශි කතාකරන්න හදදිම රුහාන් ඇයව සිපගත්තෙ වෙලාවට මහේශුයි නදීකායි හිටියෙ ඔවුන්ට පිටුපාලා…ඒත් රුහාන් ආකාශිව සිපගන්නවා එකපාරටම පිටිපස්ස හැරුන ආකේශ් නං දැක්කා…

” විහිලුවටවත් එහෙම කියන්නෙපා…ආයෙ එහෙම විහිලුවක් කලොත් මං කට තලනවා…” ආකාශිගෙ දෙතොලින් මිදුන රුහාන් කිව්වෙ ඒත් එක්කම මේ දෙන්නා ලගට ආකේශ් ලං උනේ හිනාවෙවී..

” අඩෝ…මේ hospital එක…නැතුව උබ හිතුවද මේක විහාරමහා දේවි පාක් එක කියලා…ආ…” ආකේශ් රුහාන්ට රහසින් වගේ කිව්වෙ මොනා නැතත් නිශ්ශබ්ද කාමරේ ඔවුනොවුන්ගේ කටහඩවල් හයියෙන් ඇහෙන්න තියෙන චාන්ස් එක වැඩි හින්දා.

” අපෝ නෑ..මං හිතුවෙ මේ අපේ බෙඩ් රූම් එක කියලා..” රුහාන් හිනාවෙලා එහෙම කියද්දි ආකේශ්ටත් හිනා ගියේ ඔහු ආකාශි දිහා බලලා ඇහැක් ගැහුවෙ ඇහිබැමි දෙක උස්සලා.ඒ හැසිරීම ආකාශිට ආකේශ්ගෙ හුරුපුරුදු බව මොකද්ද කියලා මතක් කරන්න සමත් උනා.

ආනේ..මට දැනුයි මීටර් උනේ..මෙයා මගේ ඩැඩී වගේ…ඔව්මයි…එදා මං අපේ photos බලද්දි මට මතකයි ඩැඩීගෙ තරුණ කාලෙ photos වලත් මේ වගේමයි ඩැඩී….අනික ඩැඩී සතුටින් ඉන්නකොට එයා හිනාවෙද්දිත් ඔය විදිහටම ඇහැක් ගහලා ඇහිබැමි උස්සනවා….ඒත් ආකේශ් කෝමද අපේ ඩැඩී වගේම උනේ…..සමහරවිට මෙයා දුරින් අපේ නෑ කෙනෙක්වත් වෙනවද දන්නෑ.

ආකාශි හිනාවෙවීම කල්පනා කරන්න ගියා..ඇය සිතු දේ සත්‍යයි .ආකේශ් ගෙ රුව මහේශ්ගෙ තරුණ කාලෙ රුවට බොහෝදුරට සමානයි…මහේශ්ගෙ සේම ආකේශ්ගෙත් දෑස් දුඹුරු පාටයි…හමේ පැහැය ,හිසකෙස් ,කතා විලාශය ,ඇවිදින විලාශය ,ඔහුගෙ සමහර පුරුදු මහේශ්ගෙ හැසිරීම්වලට දක්වන්නෙ ලොකු සමානකමක්.ආකාශිට ඒ හැමදෙයක්ම හිතෙන්න ගත්තත් ආකේශ් ගැන වැඩි විස්තර හොයන්න ඇය පෙලබෙන්න ගියෙ නැත්තෙ රුහාන් ඇය ගැන වැරදියට හිතයි කියලා බය වෙලා.

පැය දෙකකින් වගේ ආශාවරීව ආයෙම නිවසට එක්කන් ආවෙ වෛද්‍යවරයා අණ කලේ ඇයව හොදට බලාගන්න කියලා….නදීකා තීරණය කලා මොහොතකට වත් ආශාවරීගෙන් ඉවතට නොයා ඇයව ඇහිපිල්ලම් යටම තියාගෙන පරිස්සමින් බලාගන්න…මොකද මොන දේ නැති උනත් ඇයට ආශාවරීව අහිමි කරගන්න බැහැ….ඒ ඇගේ ලේ වලින් ජාතක උන ඇගේ තවත් එක් ජීවිතයක්…ඒ ජීවිතය පරිස්සම් කරගත යුතුමයි.

පහුවදා මහේශ්,නදීකා ආකේශ් එක්ක ආශාවරීව එක්ක ගියේ ආකේශ් හොදින්ම අදුනන dr.
රොශාන් වීරසිංහ ගාවට.doctor ආශාවරීව හොදට පරීක්ෂා කලා…ඇය කලින් ගත්ත බෙහෙත් ,ඇගේ එදිනෙදා හැසිරීම් රටාව,කෑම ගන්න පිලිවෙල…ඒ හැමදෙයක්ම ඔහු මහේශ්ගෙනුයි නදීකාගෙනුයි දැනගත්තා…ඒ වගේම ආශාවරී මේ තත්වෙට වැටෙන්න සිද්ද උන හැම සිද්දියක්ම මහේශ් අකුරක් නෑරම වෛද්‍යවරයාට කිව්වෙ ඔහු ඒ සියල්ලක්ම හොදින් අහන් හිටියා.

” මේක බරපතළ ප්‍රශ්නයක් නෙවේ මිස්ටර් මහේශ් …ඔයාලා බයවෙන්න එපා…මං දූව සනීප කරලා දෙන්නං මාසෙන්…හැබැයි මං කියන දේ කරන්න ඕන….” doctor එහෙම කිව්වහම ආශාවරීගෙ අම්මටයි තාත්තටයි දැනුනෙ ලොකු සතුටක් සැහැල්ලුවක් .

” මොකද්ද doctor …doctor කියන්න ..කියන හැමදෙයක්ම කරන්නං doctor ..අපිට ඕන අපේ චූටි princess ඉක්මන්ටම හොද වෙනවා දකින්න විතරයි….” මහේශ් කිව්වෙ ඇස් දෙකේ කදුලු පුරෝගෙන .

” මං දෙන බෙහෙත් නියම වෙලාවට patient ගෙ ඇගට යන්න ඕන…පරක්කු කරන්නත් එපා කලින් දෙන්නත් එපා…මාසයක්ම හරියට මේ බෙහෙත් ඇගට වැටුනොත් ලෙඩා ඉක්මන්ටම සනීප වෙයි….dont worry …හැබැයි ඒ අතරෙ මෙයාට ගොඩාක් ආදරේ දෙන්න ඔයාලා..තනියම මෙයාව තියන්න හදන්න එපා..මෙයා තනියම හුදකලාවේ ඉන්න ඉන්න වෙන්නෙ මෙයාට අතීතෙ වෙච්ච දේවල් නිතර නිතර මතක් වෙන්න ගන්න එක..එතකොට කොහොමත් patient ව සනීප කරගන්න අමාරු වෙනවා..මොකද මෙයා නිතරම මෙයාගෙ නැතිවෙච්ච ආදරේ ගැන හිතනකොට හිත රිදෙනවා… එතකොට මෙයා ආයෙම නොසන්සුන් වෙන්න ගන්න හින්දා ඔයාලට තියෙන්නෙ නිතරම patient එක්කම ඉන්න..මොහොතකට වත් මෙයාට තනිවෙන්න ඉඩ දෙන්න එපා..වෙන්න ඕන එකම දේ මෙයාගෙ මනසට මෙයාගෙ යටගියාව මතක්වෙන එක වලක්වන්න…තේරුනාද….ඔයාලාට ගොඩාක් මේ දරුවව පරිස්සම් කරන්න වෙනවා..මෙයා ඇන්ද හැම චිත්‍රයක්ම, ඒ කොල්ලා ගැන මෙයාට තියෙන හැම මතකයක්ම විනාස කරලා දාන්න මේ දරුවට සනීප වෙනකන්…මොකද ඒ කොල්ලා ගැන මේ දරුවා නිතර නිතර හිතන්න හිතන්න මෙයාගෙ මොලේ ඒ වෙනුවෙන් වෙහෙසෙනවා වැඩියි..අපිට ඕන මෙයාගෙ මොලේට දීර්ඝ නිදහසක් දෙන්න..මනස සැහැල්ලු කරන්න ඕන..ඒකට බරපතළ දේවල් හිතෙන එක නවත්තන්න ඕන..හැමතිස්සෙම විහිලුවෙන් විනෝදෙන් සතුටින් තියන්න patient ව…මුලදි මුලදි මෙයා අකමැති වෙයි ඔයාලා එයා එක්කම ගැවසෙන්න ගත්තහම.ඒත් පස්සෙ පස්සෙ ඒක හරියාවි….කොහොමහරි බලෙන්ම උනත් කමක් නෑ ආශාවරී ලගින් ඉදගෙන එයාට ඔයාලා ගොඩාක් ආදරේ දෙන්න…මෙච්චර දෙයක් වෙන්න ලොකුම හේතුව තමා ගෙදරින් ලැබෙන ආදරේට වඩා ලොකු ආදරයක් මෙයාට ඒ කොල්ලාගෙන් ලැබිලා තියෙනවා..ඒ ආදරේ දැන් දරුවට අමතක කරන්න අමාරුයි…ඒ ආදරේ අමතක වෙලා යන්න නං ඔයාලට සිද්ද වෙනවා ඒ කොල්ලා මෙයාට ආදරේ කලාට වඩා වැඩි ආදරයක් දරුවට මේ මාසෙ ඇතුලතදි දැනෙන්න අරින්න…එතකොට ඔයාගෙ දූ සනීප වෙයි ඉක්මන්ටම .” වෛද්‍යවරයා පැහැදිලි කලා.ඔහු කියන හැමදෙයක්ම මහේශ් වගේම නදීකාත් හොදට අහං හිටියෙ.ඒත් වෛද්‍යවරයා කියනවා වගේ මොවුන්ට හැකිවෙයිද ආශාවරීට සදෙව් ආදරේ කලාටත් වැඩි ආදරයක් ඇයට දෙන්න..ඇගේ මතකෙන් සදෙව්ගෙ ආදරේ අමතක කරවන්න මොවුන්ට පුලුවන් වෙයිද…

කාලය ගෙවිලා ගියේ පුදුම වේගෙකින්.dr රොශාන් කිව්ව විදිහටම ආශාවරීගෙ පවුලෙ උදවිය ඇයව ඉක්මන්ටම සනීප කරගන්න කටයුතු සිද්ද කලා…නියමිත වෙලාවට බෙහෙත් වේල ආශාවරීට දුන්න ඔවුන් නිතරම ආශාවරී ලගම ඉදගෙන ඇයව සතුටට පත් කරන්න නොයෙකුත් දේවල් කලා…මුලදි මුලදි වෛද්‍යවරයා කිව්වත් වගේ ආශාවරී අකමැත්තක් පල කලත් ඒ දේවල් වලට, පස්සෙ පස්සෙ ඇය මුකුත්ම කිව්වෙ නැහැ….ආකාශි ආශාවරී අසලින්ම නිතරම රැදුනෙ ඇය නිතරම ආශාවරීව ලගින් තියාගෙන ඇය බලන්න වැඩිපුරම ආස හොල්මන් චිත්‍රපට බැලුවෙ ඒ වෙලාවටනං ආශාවරී ටිකක් විතර ඕනැකමින් ඒ දිහා බලා හිටියා ….ගොඩක් දවස් වලට හවසට නදීකා ආකාශි එක්ක එකතු වෙලා ආශාවරීවත් මිදුලට අරගෙන සෙල්ලම් කරන්න ගන්නෙ මුලු වත්තම දෙවනත් කරගෙන කෑගගහා හිනාවෙවී කාලෙ ගතකරන ආශාවරී එන්න එන්නම ප්‍රකෘති තත්වෙට හැරෙන්න ගත්තා.සදෙව් ගැන තිබ්බ දුක වේදනාව බය ඒ හැමදෙයක්ම ආශාවරීට ටික ටික අමතක වෙලා යන්න ගත්තෙ ඔහු ගැන හිතන්න තරම් කාලයක් ඇයට තිබුනෙ නැති නිසා.මුලු දවසෙම සතුටින් ඉන්න ඇයට සදෙව්ගෙ ආදරය ටික ටික අමතකවෙලා යන්න ගත්තෙ ඇයට ඇගේ පවුලෙ අයගෙන් අසීමිත ආදරයක් දැනෙන්න ගත්තැයින්.සැහැල්ලුවෙන් සතුටින් කාලය ගතකරන ආශාවරීව ඒ තැනට පත් කරන්න ගොඩක්ම මූලික උනේ වෙන කවුරුවත් නෙවේ…ආකේශ්…

ආකේශ් නිතර නිතරම ආශාවරීගෙ ගෙදර ආවා..හැබැයි ඒ රුහාන් පිට දාලා උනත් ඔහුට වැඩිපුරම ඕනකලේ ආශාවරීව ඉක්මන්ටම සනීප කරගන්න….ප්‍රියමනාප විනෝදශීලී තරුණයෙක් වෙච්ච ආකේශ් නිතරම විහිලු තහලු කරමින් ආශාවරීව හිනස්සන්න ගත්තෙ ඔහුගෙ ආගමනය ඇයගෙ මනසට ගෙනාවෙ ලොකු සැහැල්ලුවක් සතුටක්…වෙන අයට වඩා ආශාවරී හරි ඉක්මන්ට ආකේශ් එක්ක එකතු උනේ ඇයට දැනෙන්න ගත්තෙ ආකේශ් කියන්නෙ හරියට තමන්ගෙම සහෝදරයෙක් වගේ කියලා..කවදාවත් නැතුව තමන්ගෙ නපුරු දුව ආගන්තුකයෙක් එක්ක මිතුරු වෙලා ඉන්නවා දැක්ක මහේශ් නං හදවතින්ම ආකේශ්ට ස්තූතිවන්ත උනේ ඔහුගෙ චූටි දූව ඉක්මන්ටම සනිප කරගන්න ආකේශ් උදව් කරන නිසා…ඒත් නිතරම ආශාවරී අසලින් රැදුන ආකේශ්ට නං ඇය ගැන දැනුනෙ ලොකු ආදරයක්…තමන් එක්ක එකතුවෙලා හරි හරියට විනෝද වෙන ආශාවරී ගැන අමුතු අමුතු හැගීම් මතුවෙන්න ගනිද්දි ඇයව කාටවත්ම නොදී ඔහු සතු කරගන්න ආකේශ් හිතින් හිතාගත්තෙ ඒ තරමටම ඔහු දැන් ඇයට ඇබ්බැහි වෙලා..ආකේශ්ට ඕන කරන්නෙ කවදාවත්ම ඇයට සදෙව්ගෙ ආදරය හිත උඩට මතුවෙන්න නොදී සදහටම ඒ ආදරය ඇගේ හිතින්, ඇගේ මතකෙන් නැති කරලා දාන්න..එතකොට ඔහුට ලේසියෙන්ම පුලුවන් වෙනවනෙ ආශාවරීව විතරක් නෙවේ ඇගේ ආදරයත් ඔහු සතු කරගන්න…….

ඒත් මොන දේ උනත් ඇගේ නෙතු මානෙට මහේශ් නං ආවෙ නැහැ.මොකද ඔහුට බය හිතුනා ආශාවරී තමන්ව දැක්කොත් ගොඩාක් කලබල වෙයි කියලා….ආකාශි එක්ක තිබ්බ හිත නොහොද මගහැරිලා ගියත් මහේශ් එක්ක නං ආශාවරී කොහොමටවත් ආයෙ යාලුවෙන එකක් නෑ….

ආශාවරී එන්න එන්නම හොද තත්වෙට හැරෙන අතරෙ සදෙව් නං හිටියෙ මුලු හිතින්ම අසීමිත වේදනාවක් විදින ගමන්.ඉස්කෝලෙ ගියත් ඔහු දැන් හරි හැටි පාඩමක් අහන් ඉන්නෙ නැහැ…පාඩම් වැඩ ගොඩ ගැහිලා තියෙන සදෙව් ඕනවට එපාවට වගේ ජීවත් වෙන්නෙ…නිතරම ආශාවරීගෙ අතීත මතකයන් මතක්වෙන්න ගත්ත සදෙව්ට ඒ ඔස්සෙම මොලේ වෙහෙසවනවා ඇරෙන්න පාඩම් වැඩක් කරන්න හිත් දෙන්නෑ…..අමතර පංති වලට ගියත් ඒ තැන් වලදිත් ඔහුගෙයි ආශාවරීගෙයි ආදර මතකයන් අපහැදිලි රූප රාමු විදිහට මනසෙ සිතුවම් වෙන්න ගන්න නිසා සදෙව් ඉන්නෙ ගොඩක් නොසන්සුන් වෙලා…හිතට එකපිට එකපිට දැනෙන අමුතු හැගීම් වලට හේතුව ආශාවරී බව දන්නවා උනත් ඇය කවුද කියලා දැනගන්න සදෙව්ට තවමත් කාලය නැහැ….කුසුම් පොරොන්දු උන විදිහට නං සදෙව්ට විභාගෙ ලියලා ඉවර වෙනකන්ම ඉන්න ඕන ආශාවරී ගැන දැනගන්න…වෙන කාගෙන්වත් ඇය ගැන දැනගන්න නොහැකි වෙච්ච හින්දම සදෙව් ඇගිලි ගනන් කලේ ඉක්මන්ටම අගෝස්තුවෙ විභාගෙ ඉවර වෙන්න කියලා.

මාසයක්ම මේ විදිහට ගෙවිලා යද්දි වෛද්‍ය රොශාන්ගෙ ප්‍රතිකාර වලට පිං සිද්ද වෙන්න ආශාවරී සම්පූර්ණයෙන්ම සනීප උනා….ඇගේ උමතුව හොද උනා උනත් ඇයට සදෙව් ගැන ආයෙම මතක් වෙන්න ගත්ත එක නං නතර උනේ නැහැ….කොච්චර කොහොම ආදරයක් ඇයට ඇගේ පවුලෙන් ලැබුනත් ඒ ආදරය අබිබවා සදෙව්ගෙ තනි ආදරය ඉස්සර උනා .මානසික ලෙඩේ සම්පූර්ණයෙන්ම හොද උනත් හිතේ ලෙඩේ නං ඉක්මන්ටම හොද වෙන පාටක් නෑ……මාසයක්ම සදෙව්ගෙ ආදරය හිත ඇතුලෙ යටපත් වෙලා තිබ්බත් එක් නිමේශයකදි ඇයගෙ හදවත සදෙව්ගෙ ඒ අසීමාන්තික ආදරය තෝරගත්තෙ ඇයට කවදාවත් …කවදාවත්ම බැහැ ඔහුගෙ ආදරය අමතක කරලා ජීවත් වෙන්න.

” ආශී….එන්න….අලුතින්ම horror movie එකක් ඇවිත්…අපි බලමු…” සදලු තලයට වෙලා එකපෙලට වැටෙන වැහි බිදු දිහා බලන් කල්පනා ලෝකෙ සැරිසර සර හිටි ආශාවරී ඒ හඩට එකපාරටම ගැස්සිලා ගියා.පිටිපස්ස හැරිලා බලද්දි ඇය දැක්කෙ හිනාමුසු මූනින් ඇය දිහා බලා ඉන්න ආකාශිව.මහ වැස්සක් නැති උනත් තරමක හයියෙන් මේ වහින වැස්ස ගතට සුවදායක උනත් ආශාවරීගෙ හිතට නං මේ වැස්ස එක්කලේ ලොකු වේදනාවක්….ඇගේ වේදනාව ඇගේ දෑස්වලින් කදුලු විදිහට පිට උනේ ආකාශි පුදුමයෙන් ඇස් ලොකු කරගෙන ආශාවරී දිහා බලාගෙනම ඇය අසලට ආවා.

” නංගි…ඇයි මේ….ඇයි ඔයා අඩන්නෙ…??” ආකාශි කලබලෙන් එහෙම අහද්දි ආශාවරී ඇස් වලින් මුකුත් නැහැ යන්න ඇගෙව්වා.

” ආශී….” ආකාශි ඇවිත් ආශාවරීගෙ උරහිසින් අතක් තියලා කෙදිරුවෙ ආශාවරී ආයෙම වැස්ස දිහා බලා ඉන්න ගත්තා.

” අපි love story එකක් බලමුද අක්කා අද….??” ආශාවරී එකපාරටම එහෙම අහද්දි ආකාශි පුදුමයෙන් බැලුවෙ ඇය දිහා.මොකද ඇත්තම කියනවනං ආශාවරී ආසම නැහැ ආදර කතා බලන්න…ආදර කතා කියවන්න….එකපාරටම නංගිගෙ වෙච්ච වෙනස ආකාශිට ගෙනාවෙ ලොකු කුතුහලයක්.

” නංගි….මේ ඔයාමද කතා කරන්නෙ….” ආකාශි ආයාසයෙන් හිනාවෙලා එහෙම අහද්දි ආශාවරීට හයියෙන් ඉකිබිදුනා..

” අනේ ඇයි ආශි මේ…කියන්නකො…” ආකාශි බයෙන් එහෙම අහද්දි ආශාවරී ඇගේ අක්කාට තුරුල් උනේ අඩ අඩ.

” අක්කෙ….මට කවදාවත් ආයෙ සදෙව්ගෙ ආදරේ ලැබෙන එකක් නැද්ද…..ආ….මට බෑ අක්කෙ මේ වේදනාව දරාගන්න…මං මැරිලා යයි…..මෙච්චර දවස් මං හිත ඇතුලෙ හංගන් තියන් හිටියෙ ඒ මතකය..ඒත් …ඒත් තවත් මට ඒ ආදරේ අමතකයි වගේ හිත රවට්ටගන්න බෑ අක්කෙ….මට එයාව අමතක කරන්න බෑ….එයාට මාව ඉක්මන්ටම මතක් වෙන එකක් නැද්ද ආහ්….හහ්…අනේ අක්කෙ….මට ඕන එයාව ඉක්මන්ටම දකින්න….එයා එක්ක කතාකරන්න……මට මගේ සදෙව්ව ඕන අක්කෙ…මට එයාව ඕන…” ආශාවරී අඩන්න ගත්තෙ ආකාශි ඇගේ හිස පිරිමදින්න ගත්තා…ඇගේ දෑසුත් කදුලින් පිරිලා ගියේ නංගිගෙ වේදනාව දැකලා.

” ආශී…..අඩන්නෙපා නංගි…..ඔයා ආයෙම නැත්තං අසනීප වෙයි…..”

” අසනීප නෙවේ අක්කා…මැරිලා ගියදෙන් මාව…මට මෙහෙම ජීවත් වෙන්න බෑ….මට දැන් හිතෙනව..මොකට මට සදෙව්ව හම්බුනාද කියල….අනේ මට එයාව හම්බුන්නැත්තං….ඒ ආදරේ මට කවදාවත් ලැබෙන්නෑනෙ….එහෙනං මං මෙච්චර ලොකු වේදනාවක් විදින්නැහැ..” ආශාවරී ආකාශිගෙ තුරුලෙන් මිදිලා කිව්වෙ ඇස් වල කදුලු අත්දෙකෙන්ම පිහිදගන්න ගමන්.

” අක්කෙ….මට බයයි අක්කෙ….මගෙ සදෙව්ට දැන් මාව අමතක හින්දා…එයා…එයා වෙන කෙල්ලෙක් එක්ක යාලු උනොත්…අනේ අක්කෙ…එහෙම වෙයිද…මට බයයි….” ආශාවරී කිව්වෙ ඇයට නිරාශාව මතක් වෙලා .ආශාවරීට ලොකු බයක් දැනුනෙ ඇය ඉස්කෝලෙ යන්නැති අතරෙ ඇගේ ආදරය සදෙව් වෙන කෙල්ලෙක් ඩැහැගනී කියලා…

” නෑ…ආශී….ඒම මුකුත්ම වෙන එකක් නෑ…..සදෙව්ට ඔයාව අමතකයි තමා….ඒත්….ඒත් එයාගෙ හිතේ ඔයා ගැන තියෙන ආදරය තවමත් ඒ විදිහටම ඒ හිතේ හැංගිලා තියෙනවා නංගි….ඒක මං හිතුවෙ එදා මමී ඩැඩී කිව්ව කතාවෙන්…..” ආකාශි කිව්වෙ ඈත අහස දිහා බලන ගමන්.ආශාවරී හරි ඕනැකමින් අක්කා දිහා බැලුවා…

” මොකද්ද අක්කි….මොකද්ද ඒ කතාව….??” කුතුහලයෙන් ඇය ඇහුවෙ ආකාශිගෙන්…

” එදා ඔයාව doctor ට පෙන්නන්න කියලා එක්ක යන්න ගිය වෙලාවෙ අහම්බෙන් ඔයා දැක්කලු ඉස්කෝලෙ ඇරිලා ගෙදර එන සදෙව්ව….ඔයා කෑගහලා දගලලා කොහොමහරි වාහනෙන් බැහැලා සදෙව් දිහාට දුවලා ගිහින්….මමී කිව්වෙ සදෙව් ඔයා දිහා පුදුමෙන් බලන් හිටියෙ කියලා…ඔයා ගිහින් එයාව බදාගෙන පිස්සුවෙන් වගේ එයාව කිස් කරා කිව්වා….ඒත් සදෙව් ඔයාට මුකුත්ම කිව්වෙ නැහැලු…ඒ වෙනුවට එයත් ඇස් වල කදුලු පුරෝගෙන ඔයා දිහා බලා ඉදලා තිබුනා…කොල්ලාට මුකුත් හිතාගන්න බැරි වෙලා…ඒත් සදෙව්ට කේන්ති ගියේ නැහැලු….මමී නං කිව්වෙ ඒ වෙලාවෙ ඔයා විතරක් නෙවේ එයත් ඔයාව බදාගත්තලු….මමී කිව්වෙ සදෙව්ට නං ඔයාගෙ ආදරේ අමතක කරන එක ලේසි නැහැ කියලා….මොකද ඔයාව අමතක උනත් ඔයාගෙ ආදරේ හුරුපුරුදු හින්දනෙ එදා සදෙව් මුකුත්ම නොකියා ඔයාට ඕනම දෙයක් කරන්න ඉඩ දීලා බලන් ඉදලා තිබුනෙ….ඒත් ඩැඩී කිව්වෙ තව වෙලා ඔයා එතන එයා ලග හිටියනං ඔයාව ආයෙ ගෙදර ගෙන්න ගන්නත් බැරි වෙන්න ඉඩතිබ්බා කියලා.ඔයා සදෙව් එක්කම යන්න දැගලුවොත් ඔයාව පාලනය කරගන්න බැරි වෙයි කියලා එදා කොහොමහරි මමියි ඩැඩියි ඔයාව ඉක්මන්ටම සදෙව්ගෙන් ඈත් කරලා අරන් ගියා කිව්වා..” ආකාශි එදා සදෙව්ට ආශාවරීව මුණ ගැහුන ඒ අරුමපුදුම දවස ගැන කෙටියෙන් කියලා දැම්මෙ ඇය කියන හැමදෙයක්ම ආශාවරී අහන් හිටියෙ හරියට කතන්දරයක් අහන පොඩි ලමයෙක් වගේ…

” අනේ අක්කා…..ඇත්තද ඒක….ඒක….ඒක…ඒ කියන්නෙ….ඒ කියන්නෙ මට එයාව හම්බවෙලා..ඒත්…ඒත් මට ඒ ගැන මතකයක් නෑනෙ…අයියෝ…..මොන පවක්ද අනේ මේ……මට ඒ ගැන මතක නැත්තෙ…..” ආශාවරී දුකෙන් එහෙම කිව්වා….ඇය උමතුවෙන් හිටි දවස් වල කියපු කරපුවා ආශාවරීට දැන් මතක නැහැ….මාස ගානක් නොදැකපු සදෙව්ගෙ මූණ ලගදි ආශාවරී දැක්කා උනත් ඒ උනුහුම මොහොතකට හරි වින්දා උනත් ඒ දෙතොල් අතරෙ මොහොතක් හරි ගතකලා උනත් ඇයට දැන් ඒ කිසිවක් මතක නැහැ..ඇගේ මානසික ලෙඩේ හැටි එහෙමයි….

********************************

M.Ashka Rashmi❤️

13 thoughts on “ආශාවරී |පනස් හයවැනි කොටස|නවකතාව |කතා අහුර රචක”

  1. ලස්සනයි ගොඩක් කතාව.අනේ හැබැයි ආකෙෂ්ව මේ දෙන්නා මැද්දට ගේන්න නම් එපා.අනික එයා ආශිගෙ අයියානේ…. සදෙවිට ඉක්මනට ආශිව මතක් කරලා දෙන්නකෝ අනේ….

  2. Akashi kynne athkota mahesh n kusumge lamaya.ayth anatha niwasedi hmbenna atte ruhanta.akai 2nna hda yaluwo.xm iwra una gaman kusum sadewta ashi gana kyai.akesh maheshge nsai ashita le denna puluwn une.sadew nishshankage nsa aulk na,ruhanta kisima le sambandyk nne akashi ekka

  3. Hari ehenm. Akash thama ned kusumgei,maheshgei lamaya.. ane.. sadewta ikmnt hodawenne nadd affa… paw eya.. kusum aththa qwanm iwarane.. ???

    Kathawa godaaaaaaaaaaaaaaaaaaaaak lassanai akkiyo..

  4. Dannam mata 100% shuwer akkiyo akesh thma maheshgei kusumgei daruwa ethakota ashige aiya.ane oyath apita mara patalawillak karala karala kathawa therum ganna damme.ane akesh ashitanam adare karanna epa e eyage nangine e nisa e denna maddata oya adarenam epa akkiyo.ruhanta akesh hoda yaluwek une anatha niwasedi wenna oni sadew kiyanne nishshankage daruwa .ane athi akkiyo me denna dan duk vinda dan dennama ekathu karannako sadewta ashiwa mathak karannako.??????
    Kohomath kusumge tharahath nathuwa yai passe me okkoma ekathu wei kiyala hithenawa matanam oya apiwa pissu wttala thiyenne akkiyo…?????? good luck akkiyo ??????

  5. Thakshi Deepali Jayasuriya

    කතාව නම් හරිම ලස්සනයි අක්කියෝ..හැමසේම හොඳ විදිහට විසඳෙයි නේද…. මං විශ්වාස කරන දෙයක් තියනවා…හැමදේම වෙන්නේ හොඳට….අපි බලමු එ්ක ඇත්තක් වෙයිද කියලා නේද

  6. Nirosha Lakmali

    අනේ ආකේශ් ඇයි මෙහෙම හිතන්නේ ආශාවරි කියන්නෙ එයාගේ නංගිනේ. අනේ ඇයි මේ ආදරේට තුන්වැනියෙක් ගෙනාවේ. ඇයි අප්පා මේ ආදරේට දුක්ම ලැබෙන්නේ. කතාව ගොඩක් ලස්සනයි පැටියෝ. ඒ වගේම ගොඩක් දුකයි. අනේ තවත් දුක් දෙන්න එපා මෙයාලට. හදවතින්ම සුබ පතනවා……??????????????????????????????????????

  7. ඔයාගේ කතාව ශෝක් අනේ. ඔයා කතාව දානකම් මං බලන් ඉන්නෙ. අනේ සදෙව්වයි,අශිවයි ඉක්මනට එකතු කරන්න. ♥️♥️♥️♥️♥️ Good luck

  8. Ane me akesh mokata avada manda.eya neda kusumgei maheshgei daruva.?
    Kathava adath godak lassanai?
    Me dennava ayema ikmanta munagassannako?
    ALL THE BEST ?

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.