Katha Ahura

ඇම්ඩන්ගේ රස කතා | 16 වන කොටස | රසකතා || කතා අහුර ||

4/5 - (20 votes)

ඕං සීයේ මගේ වැඩ

ඔන්න දවසක් අළුතින් මවුන්ටන් බයිසිකලයක් තෑගි ලැබුන වයස අවුරුදු 10 ක විතර පිරිමි ලමයෙකුට තමන්ගේ හපන්කම් තම සීයාට පෙන්වන්න උවමනා වුණා. නිවසේ ඉදිරිපස කොටසේ හාන්සි පුටුවක විටක් හපමින් පොඩි කල්පනාවක් දමාගෙන හිටපු සීයාටත් දැන් මල කරදරේ මුගේ බයිසිකල් සංදර්ශනය බලන්නය කියලා.

මෙම නිවස මහා මාර්ගය අද්දරටම වන්නට පිහිටලා තිබුණ නිසාත්, ඉදිරියෙන් වූ මහා මාර්ගය පොඩි පල්ලමක් සහිත එකක් වුන නිසාත් කොළුවාට මේ වැඩේට බොහෝම පංකාදු ස්ථානයක් වුණා. මොකද කන්ද උඩට තරමක මහන්සියෙන් බයිසිකලය පැදගෙන යායුතු වුනත්, පහලට බොහොම පහසුවෙන් සහ වේගයෙන් එය පදවාගෙන යා හැකිවූ නිසයි.

දැන් ඔන්න කොළුවා තමන්ගේ හැකියාවන් පෙන්නනවා. පලමු වටයේදී කොළුවා ඉහල සිට පහලට වේගයෙන් පැදගෙන ගියේ සිය දෙපා, බයිසිකලයේ පැඩල වලින් ඉවත් කොට “සීයේ…. මේ… කකුල් නැහැ..” යනුවෙන් මොරදෙමිනි.

දෙවෙනි වටයේදී කොළුවා ඉහල සිට පහලට වේගයෙන් පැදගියේ සිය දෑත්, බයිසිකලයේ හැඩලයෙන් ඉවත් කොට “සීයේ.. සීයේ… මේ… අත් නැහැ..” ලෙසින් හඩදෙමින් සීයාගේ වැඩි අවධානයක් දිනාගනිමිනුයි.

ප්‍රේක්ෂක ප්‍රතිචාර හමුවෙහි උද්දාමයට පත්වෙච්ච අපේ කථානායකයා තුන්වෙනි වටය පැදගියේ සිය දෑත්, දෙපා සියල්ල හැඩල් සහ පැටල් වලින් ඉවත් කොට “සීයේ. සීයේ.. සීයේ… මේ… අත්, කකුල් එකක් වත් නැහැ..” යනුවෙන් හඩතලමිනි.

සංදර්ශණයෙන් විශ්මයට පත්වෙච්ච බවක් පෙන්නපු සීයා, මුණුබුරාගේ මීලඟ වටය නැරඹීමේ රිස්සේන් මාර්ගය දිහාවට ඇස් දල්වාගෙන බලාගෙන උන්නත් විනාඩි ගනනාවකට පස්සේ සීයාට දකින්නට ලැබුනේ බෙරිවූ මුහුණකින් යුක්තව බයිසිකලය තල්ලුකරන් තමන්වෙත එන මුණුබුරායි. විමතියට පත්වෙච්ච සීයා තම කටහඩ අවධිකලා.

“මොකො කොළුවෝ උනේ ? ”

“අය්යෝ සීයේ…..” හොටු පෙරමින් කොළුවා තතැනුවා.

“ඇයි…ඇයි මොකක්ද උනේ කියාපිය.?”

“දත් නැහැ” ඌ සිය ඉදිරි දත් පෙල පෙන්නා සිටියා.

නොසිතූ වාසියක්

පලමු හෘදයාභාදයට ලක්ව වෛද්‍ය ප්‍රතිකාර මත පසුවන සිය හැත්තෑහැවිරිදි පියා විසින් මිලදිගනු ලබූ ලොතරැයිපතකට එහි පලමු දිණුම ලෙස රුපියල් කෝටි 4කට අධික මුදලක් ඇදී තිබීමේ ප්‍රිතිදායක පුවත ඔහුට සැල කරසිටීමේ අවධානම පිලිබද සාකච්ඡා කළ දූදරු පිරිස, අවසානයේදී අදාල කටයුත්ත පල්ලියෙහි පූජකතුමන්ට පැවරීමට තීරණය කලා. ඒ අනුව පූජකතුමන් හමුවූ දූදරු පිරිස තත්වයෙහිබැරෑරුම්කම පැහැදිලි කරමින් මෙම කාරණය සිය පියාණන්තුළ දැඩි ආවේග ඇති නොවන අයුරින් ඉතා ප්‍රවේශම් සහගතව සිදුකිරීමේ වගකීම භාර කළා.

ඒ අනුව දිනක් රෝගී පියාව බැලීමට පැමිණි පූජකතුමා මඳ වේලාවක් ආගිය තොරතුරු විමසීමෙන් අනතුරුව වැඩේට මුලපුරන්න හිතාගෙන මෙන්න මෙහෙම ඇහැව්වා,

“ඈ මහත්තයා….., දැන් හිතමු හදිසියේවත් දෙවියන් වහන්සේගේ කරුණාවෙන් මහත්තයාට කෝටි 4 ක විතර ලොතරැයි දිණුමක් ඇදුනයි කියලා…. එහෙම උනොත් මහත්තයා මොකද කරන්නේ”

“අය්යො ෆාදර්, මම මගේ දරුවන්ට උපරිමයට යුතුකම් ඉෂ්ඨ කරලා තියෙන්නේ. දෙවියන් වහන්සේට කෘතගුණ දක්වනවා හැරෙන්නට මේ නහින දෙහින කාලේ, මට එහෙම මුදලකින් කරන්න ලොකුදෙයක් නැහැ. ඔන්න මම අද කිව්වයි කියලා හිතාගන්න, එහෙම මුදලක් ලැබුනොත්… මම ඒකෙන් හරියටම භාගයක් ඔබතුමන්ට පූජා කරනවා කැමති දෙයක් කරගන්න කියල‍ා”

යමක් බිම වැටෙන හඩ ඇසී මහත්වූ කලබලයෙන් සිය පියාණන්ගේ කාමරය‍ට දිව ආ දූදරුවන්ට දැකගත හැකිවූයේ හදිසි හෘදයාභාදයකට ලක්ව මියගොස් සිටි පූජකතුමන්ය.

වෙස් මාරුව

ඉන්දියාව ක්‍රිකට් මැච් එකක් පරාද උනාම මොකො වෙන්නෙ කියල කවුරුත් දන්නවනෙ. ඉතින් දවසක් පිටරට තිබ්බ සීරීස් එකක් මෙගොල්ලො පැරදිල දැන් ගෙදර එන්න බයේ ඉන්නවලු. ගුටි කන්න වෙයි කියල.

මේ අතරෙ ටීම් එකෙ ඉන්න අනිල් කුම්බ්ලෙ කල්පනා කලා ඉන්දියාවට ගිහින් ගුටි නොක ඉන්න විදිහක් ගැන. කුම්බ්ලෙ හිතුව ගෑණියෙක් විදිහට වෙස් මාරු කරගෙන ගියොත් ෂේප් වෙන්න පුලුවන් වෙයි කියල. ඉතින් මෙයා ඔන්න ගෑනියෙක් විදිහට වෙස් මාරු කරගෙන ඉන්දියාවට ආවා.

එයාර්පොර්ට් එකේ හිටපු කවුරුවත් මෙයාව අදුර ගත්තෙ නෑ. ඉතින් කුම්බ්ලෙට හරි සතුටුයි. “හූ……හූ… මම බේරුනා. අනිත් එවුන්ට හොද වැඩේ වෙන්නෙ..” කියල එයා තනියෙම හිතුවා. ඒත් ටිකක් දුර එද්දි එයා දැක්ක එක ගෑනු කෙනෙක් එය දිහා හොදට බලාගෙන ඉන්නවා කියල.

කුම්බ්ලෙට හිතුන ” යකො මාව අදුරගත්තවත්ද? වෙන්න බෑ.. නිකන් බලනව වෙන්න ඇති” කියල. ඒත් ඒ ගෑනි කුම්බ්ලෙ දිහාවම බලගෙන ඉන්නවා. ඒ මදිවට මෙන්න බොලේ දැන් පස්සෙන් එනවා. “මළ කෙලියයි.” කුම්බ්ලෙ මොකුත් නොදන්න ගානට යන්න ගත්තා.

“මේ … මේ…. පොඩ්ඩක් ඉන්න.” මෙන්න අර ගෑනි කතා කරනවා. කුම්බ්ලෙටත් කරගන්න දෙයක් නෑ. වෙන දෙයක් වෙද්දෙන් කියල නැවතුනා…. “මේ .. මේ… ඔයා කුම්බ්ලෙ නේද???…..” අර ගෑනි අහපි….

මල මගුලයි… යකො මෙකි කොහොමද ඒක දන්නෙ……කුම්බ්ලෙට ෆුල් අප්සෙට්….. ඒත් එයා මොකුත් නොදන්න ගානට… “නෑ… නෑ….. මම කුම්බ්ලෙ නෙමේ.මම ගෑනු කෙනෙක්නෙ.” කියල කිව්වලු..

“නෑ… නෑ….. ඔයා කුම්බ්ලෙ තමයි. ඔයා වෙස් මාරු කරගෙන ඉන්නෙ. මට අදුර ගන්න පුලුවන් ” කියලා ඒ ගෑනි කිව්වා. “නෑ… නෑ.. මම කුම්බ්ලෙ නෙමේ.” කුම්බ්ලෙ කියනව. ”

ඔයා කුම්බ්ලෙම තමයි.” අර ගෑනි කියනව.. ඉතින් බැරිම තැන කුම්බ්ලෙ අර ගෑනිගෙ කනට කරල හෙමින් සැරේ ඇහුවලු..

” නංගි… මම කුම්බ්ලෙ තමයි… ඒත් ඔය කොහොමද අදුර ගත්තෙ?? ” කියල.. එතකොට ඒ ගෑනි ගෑනු කට හඩින්ම කියාපි… “ඇයි මචන්. මම ටෙන්ඩුල්කාර්නෙ”

රු.100ක් එවන්න දෙයියෝ

මානසික රෝහලේ හෙවත් පිස්සන්කොටුවේ සේවය කල වෛද්‍යවරයෙකුට සෑම දිනකම එක්තර රෝගියෙක් තැපැල් කිරීම සඳහා ලිපියක් ලබාදෙනවා.

සෑම දිනකම රෝගින් පරික්‍ෂාකර වෛද්‍යවරයා පිටව යන විට රත්නසිරි නැමති මානසික රෝගියා වෛද්‍යවරයා ලගට දුවගෙන එනවා.

“අනේ සර් අදත් ලියුමක් තියනවා තැපෑලට දාන්න ඈ මම ඉතින් කවද හරි සර් කරන උදව්වට සර්ට සළකනවා හරිද අත පුරාම“ ඕම කියල මිනිහ ලියුම දෙනවා දොස්තරට දොස්තර මහත්තයත් ඉතින් ඔය දෙන එක අරං ගිහිං කුණුකූඩෙට දානවා.

ඒත් දවසක් දොස්තර මහත්තයට හිතෙනවා මොනවද මේකේ ලියල තියෙන්නේ බලන්න.

පිස්සුපොර දීපු ලියුම කඩල බැළුව ඒකේ ලියල තිබුනේ මෙහෙම. හිතවත් කතරගම දෙවියන් වෙත, කරැණාකර අදවත් මට රු.100ක් එවන මෙන් ඉල්ලා සිටිමි. මෙතෙක් එවු ලිපිවලට පිළිතුරක් නොලැබීම ගැන කණගාටු වෙමි. මීට. හිතවත්. රත්නේ.

මේක බලපු දොස්තර මහත්තයට ටිකක් දුක හිතුනා. එයා මෙහෙම දෙයක් කලා, පහුවදා වාට්ටුවට යනකොට අරං ගියා රු50ක් දාපු ලියුම් කවරයක්. ඉල්ලලා තිබුනේ රු100ක් වුනත් කවරයට දැම්මේ රු.50යි.

ලෙඩ්ඩු බලන්න කලින්ම රත්නසිරිට කතා කලා.“හා රත්නසිරි මෙන්න තමුන්ට ලියුමක් ඇවිල්ල තියනවා මම ඒක අරං ආවා“ කියල අර ලියුම පිස්සු මනුස්සයට දුන්නා.

මිනිහට මාර හැපි.. දොස්තරට ස්තුති කරල වැදල මිනිහ යන්න ගියා. එදා දොස්තර ආපහු යනකොට පිස්සුපොර ලියුමක් දුන්නේ නෑ තැපැල් කරන්න. දොස්තර හිතුවේ ඒ කරදරේ ඉවරයි. මිනිහ හිතාගෙන ඇති කතරගම දෙයියෝ මිනිහට සල්ලි එව්වා කියල.

ඒත ඊට පසුදා දොස්තර මහතා වාට්ටුවෙන් පිටවෙන විට සුපුරුදු පරිදිම පිස්සා ලිපියක් රැගෙන ආවා. “අනේ සර් තරහ නැතිව මේකත් තැපැල් කරන්න ඈ“ කියල ලිපිය දුන්නා.

කාර්යාලයට ගිය දොස්තර ලිපිය කඩල බැළුව අද මොනවද ඉල්ලලා තියෙන්නේ කියල දෙවියන්ගෙන්, එහි මෙහෙම සඳහන් උනා.

හිතවත් කතරගම දෙවියන් වෙත, මචං කතරේ මම ඉල්ලුවේ 100ක් තිබුනේ 50යි. මම හිතන්නේ “ඩොකටර් කැ***යා පනහකට ඇරියා. “ ආයේ උබ සල්ලි එවද්දි ඌ අතේ එවන්න එපා. වෙස්ටර්න් යුනියන් දාපං මතක්කරලම. මීට. හිතවත්. රත්නේ.

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.